කාල නදී ගලා බසී - නෝබට් අයගමගේ
==========================
****
මේ වන විට මෙම කෘතිය මහත් ජනාදරයට පත් වැ ඇත. මේ පොත ගැන බොහෝ දේ කියැවී ඇත. ඊට මට එතරම් දෙයක් එකතු කිරීමට නැති තරම්ය.
කතාන්දරය, නවකතාව සහ අප - අපි ප්‍රධාන වශයෙන් කථා වලට සවන් දීම ට කැමති ජාතියකි. රැයක් පුරා ජාතක පොතේ කථාවක් අසා සිටිමට අප කැමතිය. උදයසිරි වික්‍රමරත්න අපේ මේ ලක්ෂණය දැන හැඳින, එය ඔහුගේ "සුද්දෙක් ඔබ අමතයි" නාට්‍ය කෘතිය ට පාදක කර ගත් බව කියයි. ගිය වසරේ හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගැනීමට සමත් "කාල නදී ගලා බසී" කෘතිය, ප්‍රවීණ විචාරක සමන් වික්‍රමාරච්චි අතින් නිර්දය විවේචනයට ලක් වුයේ මෙය ගෘහණියන් කැමතියාකාර කථා රසින් පිරි පොතක් වුව, නවකථාවක් නම් නොවන බව කියමිනි. සමන් වික්‍රමාරච්චි කියන දේ තුල ඇත්තක් නැත්තේ නොවේ. පාරු මංකොල්ලකරුවන් පරාජය කිරීමට මුල් වෙන්නේ, ඇටෙන් පොත්තෙන් පීදෙන කොලු ගැටයෙකු වන සාදිරිස් ය. අන් තැනෙක, සාදිරිස් සිසිලියානාලා ගේ උදව්වට ගොස් නැවත එනතුරුත් පැණිගල අසාද්‍ය ලෙස අසනීප වී පාරුව තුල නිදි කරවා තබා ගන්නේ, සාදිරිස් ම ඉස්පිරිතාලේට ගෙන යාමට ඉඩ පාදමිනි - මෙතරම් දැනුම් තේරුම් තිබෙන තණ්ඩලේ ඉන්දැද්දී ය. මෙවන් අස්වාභාවික තැන් ඇත. සාදිරිස් ව වීරයකු කිරීමට කතුවරයා යෙදූ තැත වැඩි බැව් අවිවාදිතය. ගලා බසින්නේ කාල නදියයි - සාදිරිස් ප්‍රධාන චරිතය මිස, කතාවට මාතෘකාව නොවේ - හෝ, නොවිය යුතුව තිබිණි. කලු ගඟ ආශ්‍රිත ජන සංස්කෘතිය ගැන හෝ, දහනව සියවස අවසන් කාර්තුවේ හා විසිවන් සියවස මුල් කාර්තුවේ සමාජ ඉතිහාසය ගැන හෝ මනරම් වූත්, පාඨකයා ඇඳ බැඳ ගනීමට සමත් වන්නා වූත් විස්තර ආදියෙන් නවකතාව මැනවින් පෝෂණය ලැබ ඇත. එහෙත් මට හැඟෙනා පරිද්දෙන් මේ සියළු සාධනීය ලක්ෂණ වලට අමතරව, හේ සාදිරිස් වැණීම ගැන වෙසෙස් පරිශ්‍රමයක් දරා ඇති සේය. ප්‍රවේශයෙදි ලේඛකයා පවසන්නේ සාදිරිස් නම් ඔහුගේ සීයා බවයි. නවකතාවේ සාදිරිස් ඔහුගේ සීයා නොවිය හැක. එහෙත් ඒ සියා නොවන්නේ මත් නොවේ ද ? එම නිසා ලේඛකයා කුඩා කල සිට දුටු වීරත්වයක් නවකතාව තුලට ආදේශ කොට ඇත්තේද ? අප මිනිසුන්ගේ වීරත්වයට ඇති කැමැත්ත, තම සීයා තුලින් දුටු වීරත්වය කරළියට ගෙන ඒමට ලේඛකයාව පෙළඹවී ද ? මාගේ තර්කය, සාදිරිස් ගේ වීර ක්‍රියා මීට වඩා ටිකක් අඩුවට පමණක් සිමා කල ද, නව කථාවේ රසයට කිසිදු හානියක් නොවනා බවයි. එසේනම්, ලේඛකයා එසේ කලේ ඇයි ? ඉතිහාසයක් ඇති මිනිසුනට, ඔවුනගේ ඉතිහාසය මකා දමා සිටීම අපහසු කාර්‍යයකි. රටේ ඉතිහාසය නොවේ, තම පරම්පරාවේ ඉතිහාසය ද ඉතිහාසයකි. අපි මේ කථාව කීම "දූපත් මානසිකත්වයක්" පිළිඹිබු වීමක් නම්, මාර්කේස් ලා කෙතරම් තම ඉතිහාසය භාවිත කොට ඇත්දැයි මතක් කිරීම වටී. වික්‍රමාරච්චි ගුරු කොට සළකන මිලාන් කුන්දේරා ඔහුගේ "The Art of the Novel " කෘතියේ නවකථාව ගැන මෙසේ කියයි:
කුන්දේරා එසේ කියද්දි, කුන්දේරා කී දේ කියන වික්‍රමාරච්චි නවකථාව නම් මෙයයි කියා සීමා පැණවීම් කල යුතු ද ? ශාස්ත්‍රීය පක්ෂය අගය කරන ලේඛකයින් එහි ශාස්ත්‍රීය රීතින් අනුගමනය කරමින් නවකථා ලියූවා වේ. අපි ඒවා ද කියවමු. එහෙත් සම්මානය නිරපේක්ෂ දෙයක් නොවේ - එය සම්මාන කමිටුව මත තීරණය වේ. අපේ මේ කොදෙව්වේ නොව, නොබෙල් ත්‍යාගය ගැන ද වාද අවිවාද පවති.
කුතුහලය අත්‍යවශ්‍ය සාධකයක් ලෙස - ගිය වසර දහය තුල පළ වු නව කතා අතරින් කුතුහලය ප්‍රධාන ලක්ෂණයක් ලෙස සලකමින් නිර්මාණය වූ නව කතා හතරක් මගේ සිතට නැඟේ (තව එවන් කෘති තිබෙන්නට පුළුවන - මේ නම් මගේ මනසට නිරායාසයෙන් එන ඒවාය ). අමරකීර්තිගේ අටවක පුත්තු හා කුරුලු හදවත, ජයසේකරගේ මරියා සිලොනිකා වස්තුව හා රාජකරුණානායකගේ පොදු පුරුෂයා ඒවා ය. චරිත පිළිබඳ ඇති විමර්ශණය, දිග හැරෙන සමාජ පසුබිම ආදියෙන් මේ කෘති එකම මට්ටමක නොවූව ද, කුතුහලය යම් පමණකට මේ කෘති වල ඇත. කාල නදි ගලා බසි හි, මෙම කුතුහලයට ත්‍රාසය මැණවින් සංයෝජනය වී ඇත. මේ ගුණාංග අනිවාර්යයෙන්ම නවකථාව පාඨකයා ඇඳ බැඳ තබා ගැනීමට සමත් ඒවාය. ඊට පාරු කරුවන්ගේ ජීවන රටාව, යටත් විජිත යුගයේ සමාජ පසුබිම, පාරු - කරත්ත යුගයෙන්, මෝටොරිය ට මාරු වීම ආදි යුග ගැන දිග හැරෙද්දි, ඒ හරහා තමතමන්ගේ මුත්තලා කියු කථා ආවර්ජනය වෙද්දි , ඒවා පාඨකයාට සංවේදි වීම අරුමයක් නොවේ. පාඨකයාගේ රසාඥ්ඥතාව ගැන සියුම් විවේචන ඉදිරිපත් කිරීම පමණක් නොසෑහේ. "ඕවා නොවේ, නවකථා, මේවා " යැයි කීමට නම්, ඔවුන් කියන "මේවා" පාඨයකායගේ සිත ග්‍රහණය කරනා අයුරින් ලිවීම ඒ නව රීතින් අනුගමනය කරන ලේඛකයින්ගේ වගකීමයි.

The World of theories is not my world. These are simply the reflections of a practitioner. every novelist's work contains an explicit vision of the history of the novel, an idea of what the novel is. It is the idea of the novel inherent in my novels that I give voice to here.