Saturday, 23 November 2024

Normal People - Sally Rooney

 
This novel was nowhere in my reading plans. But one day I found myself in a 'tuk', heading towards office with about 40 minutes to kill - and this somehow was loaded in my kindle library - clearly, because I have added it at some point - the Booker long list tag, along with the fact that it was a novel familiar in sight to  someone who frequents book shops, and online book sales. Maybe my book worms discussed it at some point - they discuss books at times which I take no part in, paying just a cursory glance over, if that genre is not my cup of tea. Anyway, I got to reading it as a time pass, and here I am writing my customary note on what I gleaned from the book.


To state the obvious, it was clearly very readable, and at first it had me interested. However, I soon found the details of the main two characters, their lives as young adults, and their struggles to come to terms with their lot, who they were, and the challenges in understanding their various partners, a little out of sync with my reading preferences. I guess it bored me to some degree, and I was complaining to the fore-mentioned book worms, some of whom hissed back at me with fury. But that's another day in the life of.

However I found the book more enjoyable towards the last third or so, as it becomes apparent the extent of mental trauma that Marianne has endured. I certainly felt that her sicko brother's excess actually helped a good thing from falling apart, right in the nick of time. A little dramatic a rescue, but hey, the fans of the book aren't complaining.

To speak more objectively, and holistically, the book begs the question, as to whether there are any normal people in this world. There could be boring people, who have decided to accept their lot, unquestionably at some point, due to circumstances that brought them there - and they may appear as normal to an outsider. Whether anyone can be termed as normal, when one gets to know another beyond  the everyday facade is a moor point.

I can understand why there are many readers who like this book immensely. For me personally, the last one third salvaged what was heading to be a three star read.

Rating: ***1/2

Sunday, 17 November 2024

මඳහසක මැදියම - අනුරාධා නිල්මිණි


 කිවිඳියගේ 'රිදුම් පිරි පිරිමැදුම්' කාව්‍ය සංග්‍රහය කියවා එය  රස විඳි හේතුවෙන්,  සහ 2016 වසරේ පිරිනැමුණු හොඳම කාව්‍ය සංග්‍රහය උදෙසා වූ රජත සම්මාන, සහ ගොඩගේ සම්මාන යන සම්මාන ද්විත්වයටම නිර්දේශ වූ හෙයින් ද, උක්ත කාව්‍ය සංග්‍රහය කියවීමට වීමි.

මෙය රිදුම් පිරි පිරිමැදුම් (2019) වලට පෙර ප්‍රකාශ වූවක් හෙයින්, සහ එය රජත සම්මානයෙන් පිදුම් ලත් හෙයින් ද, එය වඩාත් සර්ථක කාව්‍ය සංග්‍රහයක් ලෙස සැලකුවහොත්, එවන් අනාගත කාව්‍ය සංග්‍රහයක් ගැන බලාපොරොත්තු තබා ගත හැකි ආරේ නිර්මාණ රැසක් මෙම සංග්‍රහයේ හමු වේ. තවද, 2021 හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත් නාරි සූත්‍රය වූ කලි, ස්ත්‍රීවාදී දෘෂ්ඨිකෝණයෙන් ලියූවක් යැයි සැලකුවහොත් (මෙම සංග්‍රහය මම තවම කියවා නැත - නුමුදු එය 'කාලයේ විනිසුරු හමුවේ කතුන් දහසයදෙනෙකුගේ හෘද සාක්ෂි කැඳවීමක්' ලෙස පුළුල්ව සැලකිය හැකි ලෙස දැනට සිතමි), එහි බීජ අවස්ථා ද මෙහි දැකිය හැකි බව සිතේ.

 අප මෙහි එන 'ගැටපිච්ච' නම් කවි පංතිය රසවිඳින අතරම,  ඉහත කී කරුණු ද මෙනෙහි විය.


"හීනි නූලක් වාගේ දහ අතේ             පැටලිච්ච
 ජීවිත ම මහ ගොඩකි, ජීවිතේ         තනිවෙච්ච
 බවානිගෙ, මනෝහාරිගෙ සුවඳ      සැඟවෙච්ච
 ඒ බිමේ තියෙනවා පිච්ච තව            පරවෙච්ච"

මෙම කවි පංතියෙන්, තිස් අවුරුදු යුද්ධය හේතුවෙන්, විවිධාකාරයෙන් 'පරවුණු' යුවතියන්ගේ ජීවිත සෙනෙහබර මතකයනට ලක් කරයි. එහි දේශපාලනයත්, බවානිලා-මනෝහාරිලා ස්ත්‍රීන් නිසා ම විඳි අමතර තර්ජනයේ  ස්වභාවය ගැන ද ඉඟි කරයි.

කිවිඳිය, වෘත්තියෙන් මාධ්‍යවේදිනියකි. ඒ නිසා ම දෝ, ඇය සමාජ දේශපාලන කාරණා අලලා ලියනා කවි වල කවි සිතුවිලි වඩා බලවත් ලෙස ට ඇයට ඉදිරිපත් කර හැකිය. 'ආපදා සජීවීකරණය',  මීට හොඳ නිදසුනකි. මෙවන් කවි වලදී, කිවිඳිය වඩා මුඛරිව ද, සෝපාහාසය මතු වන ආකාරයකින්ද නිර්මාණකරණයේ යෙදෙනු පෙනේ.

"ඒ සෙප්පඩ මී පැටවු වාගෙ ද
 අපේ විලිරුදාවේ තරම!
 දැනුත් ලොක්කා
 වීඩියෝ කොන්ෆරන්ස් එකක
 අහසත් එක්ක
 පුළුවන් ද බලන්න
 තවත් සතියකට විතර
 දිග් කරගන්න
 මේ අනෝරා වැස්ස!
 කඳු නාය යන තරමට
 මුදුනට නැගගන්නෙ
 කවුද කියල
 බලාගත්තැහැකි එතකොට...."

පිළිකාවක් වැනි දරුණු රෝගයක් වැළඳුණු අයෙකු ට, තම අසරණබව, ක්ෂුද්‍ර බව, පිළිබඳ අදහස කවියට නගා ඇති "මං කවුරු ද?" මා තරමක් කම්පනයකට පත් කල කවි පංතියකි.

"සත්තකේ ම උකස් තියල
 සැපත, සතුට
 වියදම් කර
 අමාරුවෙන් ගොඩදාන්න
 මං කවුරු ද?"

 මීට අමතරව, "ආරි, සත්තයි - මං කැතයි", "මතක ද", "ඇගේ නම මල්ලිකා", "ඔවුහු පුරුෂයෝ වම්හ", "ලොකු එකාගේ ලියමන" ආදි කවි පංතිත්, නම් සඳහන් නොකල කවි පංති කිහිපයකුත් මා සාපේක්ෂව වඩාත් රස වින්දෙමි. එනමුදු, "අනුලා බිසවගේ සිරියහන් ගැබට රහසින් පිවිසි ආගන්තුකයා", "යන්නේ අපි දැන් දිවිය ලෝකෙ ද", "පෙෂාවෝර් කඳුළු", ආදියේ කවීත්වයේ යම් අඩුවක් දැනිනි. එහි විෂය නොව, විෂයය එසේම තිබිය දී, කවිය තව ඔපමට්ටම් වන්නට ඉඩ තිබුණු බවකි, අපගේ සාමාන්‍ය පාඨක රසාඥ්ඥතාවට දැනුනේ. ඇරත් "මොනිකා", "පිල් මොනරියේ" කවියේ පද ගැලපීම සහ, ශබ්ද රසය රකිනු පිණිස ම වදන් භාවිත කොට ඇති බවත්, සමහර කවියක පේළියක් පමණම, රසාස්වාදයට යමක් එක්කාසු නොකරන බවකුත් අපට හැඟෙන්නට වුණි.

කවියක්, එය ට ජීවය ලබා සිටිය හැකි උපරිම සූක්ෂම තත්වයට ඔපමට්ටම් වීද යන්න ගැන සිතන්නට වන විට, කවි නිර්මාණය කෙතෙරම් අපහසු දෙයක් ද යන්න, එහි කිසිදු නිපුණත්වයක් නැති අපට පවා වැටහෙති. මේ සටහන වූ කලි, කාලය වියදම් කොට කියවාපු කාව්‍ය සංග්‍රහයෙන් අප යමක් ලබා ගත්තේ ද යන්නට අප අපට ම දෙන පිලිතුරක් පමණක් නුමුදු, මෙය බෙදාගන්නේ  කියවන්නට සිතුනු කෙනෙකුන් ගේ පරිශීලනය සඳහා ම පමණකි. ඒ අර්ථයෙන්, සමහර කාව්‍ය සංග්‍රහයන් කියවීමට ගත කරන තරම් කාලයක්, මෙම සංග්‍රහය උදෙසා වියදම් නොකලෙමි. ඊට හේතු දෙකකි - කිවිඳිය ගේ සමාජ- දේශපාලන කාව්‍ය සහ, නිසදැස් ආරේ කවි බොහෝමයක් සරල බසකින් ලියැවී, තේරුම් ගැනීමට පහසු ආරකින් තිබීමයි. ඒවා බොහෝමයක අර්ථ රසය අපට ගෝචරය. ශබ්ද රසය රැකීමට තැත් කල සිව් පද ආරේ බොහෝ කවි වල, ශබ්ද රසය උදෙසා ම මිස, කවියේ සමස්තයට යෝග්‍යතම පද භාවිත වී නැති බවකි අපගේ සාමාන්‍ය වැටහීම.

එසේ වුවද, අපි මේ සංග්‍රහය කියවා අවසන් ව, 'රිදුම් පිරි පිරි මැදුම්' ගැන අපගේ සටහන කියවුවෙමු. අප ට වැටහුනේ මේ කාව්‍ය සංග්‍රහට වඩා බොහෝ ඉදිරියෙන් එම සංග්‍රහය තිබෙන බවකි. ඒ අනුව නිතර තම කවීත්වය ඔපමට්ටම් කරමින්, විෂය පරාසයන් හි දි විශේෂයෙන් වඩාත් නූතන කවියක් වෙනුවෙන් වෙහෙසෙනා කිවිඳියක් අපි ඇය තුලින් දකින්නෙමු. ඒ අනුව, 'නාරි සූත්‍රය' පමණක් නොව,  ඉන් පසුව ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් පවා, අපට කාලය ලැබෙන අයුරින් කියවීමට සිතා ඉන්නෙමු.


ශ්‍රේණිය: ***1/2




Thursday, 14 November 2024

Socio-political Aspects of Modern Sinhala Poetry


This essay attempts to reflect on the socio-political aspects which  serve as subject matter for modern Sinhala poetry, focusing on contemporary poets - Mahinda Mas-imbula, Lakshantha Athukorala, Ruwan Bandujeewa and Saumya Sandaruwan Liyanage. It selects, but four of the poems which portray the sentiments of the populace, it's regrets, it's shock and even paralysis, and finally its' hope, as seen by the poets, analysed by a lover of poetry, albeit a layman.


For Mas-imbula (2012) , when he writes about his loving Nugegoda, giving it a human form - chin protruding towards Pagoda, Kohuwala, it's sibling - he cannot forget the bomb explosion that changed many a life on that fateful evening. Many a couple immersed in their plans, a lover awaiting the other, a parent rushing back to his loved ones, and a tired student rushing home back hungry, fell that day. The poet reminisces how not withstanding the "plastic surgery" done "on its' cheeks" later by the agile staff of the famous clothes store there ,  how on  that evening, the sword of  fate  severed and felled to the ground "my one and only heart."  The poet doesn't make the destruction a political statement. It is as if, like many of us then, resigned to our collective fate, he laments his loss in the middle of a town he knows like his own palm. It is the grief and the picture of isolation in a crowd, as he seeks his lost one, that leaves an etching mark in our hearts while the cause of the loss, is not the poet's focus.  This resignation, has an effect of adding depth to the feeling of isolation. L.T.T.E. terrorism was a part of everyday life for all of us, and it was the most fortunate who were lucky not to be at the wrong place at the wrong time. Even the prompt repairs by the shop owners suggest,  the populace at large has decided to move on, leaving behind loss to be grieved by the affected individuals.



The poem, "Dwarf", found in Lakshantha Athukorala's collection "Ee" (Arrows, 2014), takes us into the mind of a former soldier,  drowning in self pity,  having lost both his legs. He ponders, and asks  the Buddha, how he is to unstrap his artificial legs at the footsteps, as others ease out of their footwear, at the entrance? He has a sense of regret for the demerits earned in the war field, and implores the Buddha to consider him, as another Angulimala, and treat him with compassion. The soldier, drowned in self pity, begs the Buddha to visit his room since he cannot visit the Enlightened one in his  piteous state which doesn't even qualify him for the robe. Sinking to the depth of self pity, he begs the Buddha to let him be yet another on the dwarf line wall of the temple, as a means of seeking solace at the feet of the Enlightened one. From a social aspect, outside of the Colombo district especially, there are many a family which sacrificed a son, in the war front. Hence the poet attepmts to capture a generic frame of mind, of the thousands who paid with their eyes, limbs etc. The mental state of the injured soldier is far from the ravages of the war. His hints that even his family members try to stay away from his room, while he  looks at the crowd which flock the temple through his window. It is only once denied, that even a routine visit to a temple gives it a value, that the healthy could never appreciate. Hence it is his mental state which work on him, and convince him that ending up a dwarf on a wall, is better than being ignored and confined to his room.


One of the socio-political backgrounds which led to recent changes in the political front was the free hand that even petty regional politicians had, which boomeranged back on to the highest levels. Ruwan Bandujeewa (2013) was so shocked by the news that such a political animal celebrated the seduction of One hundred females, exclaimed that even Manik Ganga ( A River in the deep south ) couldn't stop her urge to relieve itself on her shores, from the shock. The poet was daring enough to suggest part of the politicians' nickname. The poem exemplifies the shock of the poet, as he contemplates on the burning eyes and the forcefully stripped undergarments of the victims, and contrasts this with the ovation of the celebration of this seducer. The poet uses his imagination as he compares these acts of corruption to slicing a mango while goddess Pattini, ( famed for her chastity, and believed to be born off a mango ), was still inside.

If Bandujeewa was shocked, his contemporary Liyanage (2013) went a step ahead, and warned that even spilled blood  could ablaze on a day, not too far away. In a moving poem, the poet subtly mocks the people who invoked blessings on the military (while the war against the terrorists were raging ), as the same guns now targeted some of them. The poet scorns the popular religion which blessed the guns that won the war. Engaging in a change of address, he then warns  those heroes, even blood could ablaze,  now that it has been spilled for  the crime of asking a drop of  unpolluted potable water.

The four poets highlighted are all considerably young. Their language too is on different scales. While Athukorala favors a more traditionally poetic language similar to the previous generations' stalwarts like Nandana Weerasinghe, Bandujeewa opts for a language more inclined towards one used everyday. Another aspect that has to be highlighted is, of the four collection in focus, although poems of a common theme were selected, the percentage of poems specified for political themes differ. While Mas-imbula favour themes of Romance relatively, Athokarala appears to have the broadest spectrum of subjects, and treats all of them with equal measure. In contrast Bandujeewa and Liyanage both devote a considerable portion of their respective collections for socio-political aspects. It wouldn't be an exaggeration to suggest that the latter even sounds like a harbinger for change, given how successfully he has managed to grasp the then political climate, the frustrations and hopes of a people, who just a year or so  hero worshiped the same rulers.

References:
ඇහි පියන් ඇහැරිලා - මහින්ද ප්‍රසාද් මස්-ඉඹුල (2012, සන්ථව )
ඊ - ලක්ෂාන්ත අතුකෝරාල ( 2014, සරසවි )
මීළඟ මීවිත - රුවන් බන්දුජීව ( 2013, රුවන් බන්දුජීව )
හැටේ වත්තේ මග්දලේනා - සෞම්‍ය සඳරුවන් විතානගේ ( 2013, සෞම්‍ය සඳරුවන් විතානගේ )


(originally published in 29th February, 2016)


Monday, 4 November 2024

මල් සුවඳැති හිසරදයක් - වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි


මට කවිය සමඟ අරෝවක් ඇත. කවිය ම උසස් සාහිත්‍ය කලා නිර්මාණය යැයි විශ්වාසයක් තිබේ. එනමුදු කවිය රස විඳීමට වැය කල යුතු කාලය සුළු පටු නැත. එසේ කාලය වැය කොට අප කියවා ඇත්තේ සාමාන්‍ය මට්ටමේ කවක් ම ය - එය විටෙක වචන සම්ඟ සෙල්ලම් කරලීමකි -  විටක 'පට්ට ගැසූ' භාවයක් නැවත කවියට ගෙතීමකි - විටෙක 'අයිස්ක්‍රීම් සමඟ සීනි සම්බල්' ආරේ වචන මිශ්‍රිත ය - විටක දරුණු ගැට ලිහා බලන්නට පොළඹවන ආරෙන් ලිඛිතව ලිහා බලද්දි අරුමයක් නැති දෙයකි - විටෙක පද බැඳීම දුටු විට 'හානේ මටත් කවියෙක් වෙන්න පුළුවනි' කියා සිතෙන අයුරකි - මෙවන් ප්‍රතිඵළ පමණක් බහුලව ලැබෙන බව දුටු කල, ඒ එතරම් විස්මිත නොවූ කව වෙනුවෙන් මා ගෙවූ මගේ ජීවිතයේ කොටස, හෙවත් කාලය ගැන මට කම්පාවක් ඇති වේ. සිතා හෝ නොසිතා හෝ, අවිඥ්ඥාණික ව හෝ, මා සමඟ පොත් කියවන බොහෝ මිතුරන් (අයෙක් දෙන්නෙක් ඇර) කවියෙන් ඈත් වී සිටින්නේ ඒ නිස යැයි සිතමි. මෙහෙව් වට පිටාවක දී කලින් කල ඇත්තට ම රස විඳිය හැකි කාව්‍ය සංග්‍රහයක් හමු වීම කවියට ගත කරන ප්‍රතිලාභ උපරිමයෙන් ම ලැබීමක් නිසා ඉන් ලැබෙන සතුට සැලකිය යුතු තරම් ය. පසු ගිය අවුරුදු කිහිපයේ මෙවන් අවස්ථා උදා වූයේ නම් ඒ අල්ප සංඛ්‍යාවක්ම ය. මෙසේ මට කාව්‍ය රස වින්දනය බොහෝ සේ ගෙන ආ සංග්‍රහය,  2022 පළ වූ හොඳම කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් ගොඩගේ සම්මානය, ලක්ෂාන්ත අතුකෝරාල සමඟ සම සම්මානයක් ලෙස බෙදා ගත් වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චිගේ 'මල් සුවඳැති හිසරදයක්' ය.  2023 වසරේ මාධ්‍ය සාහිත්‍ය සිරස් තල වල කියැවුනේ, ලක්ෂාන්ත අතුකෝරාල ගේ 'හැඟුම් ගඟෙහි හැංගිලා' අප රට ප්‍රධාන කාව්‍ය සම්මාන හතර ම ජය ගත් බවකි. ලක්ෂාන්ත ගේ දක්ෂතා අප දන්නා හෙයින් එම සංග්‍රහය ගැන බලාපොරොත්තු තබා ගෙන එය කියවීම අන් දවසකට කල් දමා, මා කියවීමට තෝරා ගත්තේ 'මල් සුවඳැති හිසරදයක්' ය. කුමන කාව්‍ය සංග්‍රහය සියළු සම්මාන දිනූ ලක්ෂාන්ත ගේ කවියට සම වීද ? ඇරත්, ගොඩගේ හැර අන් කිසිදු සම්මනායකට නිර්දේශ වීමට හෝ සමත් නොවූ ? මා මේ කවි ටික බලන්නට පටන්ගත්තේ තරමක සැකයකිනි. එනමුදු, පළමු කවි පංතියේ සිටම එම සැකය කෙමෙන් දුරු වෙමින්, මෙය සාර්ථක කාව්‍ය සංග්‍රහයක් ම බව මට පසක් විය.

මේ සංග්‍රහයේ මට හමු වූ ම වඩාත් විඳි කවි පංතිය 'පද්‍යපානී පොකුණ පාමුල පිපාසිතයෝ' ය.

"එසේ නොකියව...
කිසිවෙකුත් බීව ද, නොබීව ද
එම පොකුණු ජලයෙහි රැඳී ඇති
මහරු අරුමය නිම නොවේ
පවත්නා රස හිඟ නොවේ...
අමිල බව වියැකී නොයේ..."

මේ කිසිවකු දන්නා තරමින් නොබීපූ අමෘතය වෙනුවෙන් කොන්දේසි නොමැතිව පෙනී සිටීම, පමණක් නොව, බ්/බැතියෙන් පෙළ ගැසීම, කාල ගෝට්ටී ඇති කරගැනීමට ද බොහෝ පසුබට නොවෙත්. කවියා මේ පිපාසිතයෝ, සහ අන්ධව ඒ වෙනුවෙන් පෙනී සිටින්නෝ ගැන අපූරු කවක් ගොතා ඇත.

ඊට නොදෙවෙනි අපූරු ම කවි පංතියකි, 'හැඟීමක් ලෙස උපදිනා සංසාරමය බාධකය', කවි පංතිය. පති වියෝවෙන් කලකට පසුව, යොවුන් හදකට නොසිතූ, සහ විටෙක නොපැතූ අයුරින් නැවත ආකර්ශනයක් ළඟ නතර විය හැක. එහෙත් සංස්කෘතියක් යදම් ඊට ඉඩ දේවි ද ?

"පුරුදු ලෙස මාස අගක
 ඔහු මාපියන් දෙදෙන
 පැටවු සනසනු පිණිස පැමිණිය ද
 ගේට්ටුව නොවැසෙනා ගැටලුවෙහි තතු විත්ති
 උන් වෙතින් සැඟවීමි

 ඒ අතර අ'ගල් තුඩ
 නොනැවතී ලියලමින්
 ගේට්ටුව වළක්නා පිණිස වැඩෙනා වගක්
 සීත රෑ සිහිනෙන් ද
 දවාලේ සැබවින් ද දැකගතිමි"

 විටෙක ජීවිතයේ එක් අයෙකුට වටිනා ම මතක සටහන්,  කාලය ගෙනෙනා වෙනස්කම් මධ්‍යයේ වුව ගලේ කෙටුවා සේ මතකයේ ම නැවත නැවත රැව් පිළිරැව් දෙයි. "අතීතයෙන් ආ කවියක්", එවැනි අවස්ථාවක් සිහි ගන්වන්නකි. 

"අවුරුදු බොහෝ ගෙවී
ඔබ නිසා මුල් වරට මගේ හිත ගැස්සුණ
පත්තර කඩය තිබූ තැන පුංචි බස්නැවතුම
තල්ලු කරගෙන ගිහින් දුරකට
තිබෙන්නේ දැන් එය
සුපිරි පොළ දොරටුව අසල"

"වෙනස් දෙන්නෙක් එකෙක් වේවි ද?",  "ප්‍රේමයේ කමටහන් නොලද්දී", "චමත්කා", "මිදුල ඇමදීම", "සොඳයි දැඩි කළැ නිසා අප උන්", "පහන් දැල්වූ ගනඳුර", ආදී තවත් සාර්ථක කවි පංති රැසකින් මෙම සංග්‍රහය පොහොසත්‍ ය. කවියා කවි මාතෘකා තෝරගෙන ඇත්තේ පාඨක සිත කෙනිත්තීමට සමත් අයුරින් සහ එම කෙනිත්තීමේ විඳීම විනාඩි කිහිපයක් ම පවතින ආකාරයෙනි - මාතෘකාවෙන් එතරම පොහොසත් නොවූ කවි තැන් කිහිපයක වුවද, ඒවාද හොඳින් නිමවුණු කවිම ය.

සිංහල කවිය ගැන වද වෙන්නෝ, අනිවාර්‍යයෙන් කියවිය යුතු කාව්‍ය සංග්‍රහයක් ලෙස දකිමි.

ශ්‍රේණිය: ****1/2




මහත්වරු සිසිර නින්දක - රංජිත් මල්ලියාවඩු


 රංජිත් මල්ලියාවඩු ගේ මේ කවි පොත වෙත මා ප්‍රවේශ වූයේ යම් පැකිලීමකිනි. ඊට හේතුව 2018 වසරේ රජත පුස්තක සම්මානය දිනූ ඔහුගේ "සහෝදර මුහුණුවර " මා රස නොවිඳිම හේතුවෙන්, මා විසින් යම් කිසි මට්ටමකට කර්කශ විචාරයකට ලක් වූ කාව්‍ය සංග්‍රහයක් වීමය. එනමුදූ 2023 වසරේ නිකුත් වූ කාව්‍ය සංග්‍රහයන් ඇගයීමට පාත්‍ර වද්දී රජත පුස්තක සම්මානයට ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය වන "මහත්වරු සිසිර නින්දක" නිර්දේශ වී තිබිණි. මගේ සුළු සාහිත්‍ය ඇගයීම් ලොවේ හැකි තරම් සාධාරණ වීම හැර මට  කල හැක්කක් නොමැත. ඒ අනුව මහත්වරු සිසිර නින්දක කාව්‍ය සංග්‍රහය පසුගිය දා පැවත්වූ පොත් සල්පිළේ කවි කුටියෙන් මිලදී ගත්තේ තව කාව්‍ය සංග්‍රහයන් 7-8ක් සමඟය. එය මිල දී ගත් දින වල ම කියවීම ඇරඹුවේ, සහෝදර මුහුණුවරට දුන් කර්කශ විචාරය සිතට වද දුන් නිසාදෝ යි නොදනිමි. 

කෙසේ හෝ "මහත්වරු සිසිර නින්දක" කියවාගෙන ඉදිරියට යාමේදි මා රස විඳි කවි පංති කිහිපයක් හමුවිණ. ඊට නිදසුන් මෙපරිදිය:

"ඔබත් යන්න ගිහින් එන්න" යන කවි පංතිය පෘථග්ජන මිනිස් සිතේ සත්‍ය ස්වභාවය විමසන කවි පංතියකි.

'ඒ දෙන්නා විතරක් නම් මක් වෙනව ද
දවසක් වත් කතාබහක් නොකරපු අය මඟදි දැකපු
ඇවිත් යන්නෙ අවසරයක් ඇතිව නොවෙයි සිත ඇතුළට
සමහරවිට යන්නෙත් නෑ ලැගුම් ගනී පැය දෙකතුන'

"රට වටේ" කවි පංතිය සිත් ගත්තේ, එදා සහ අද අතර සිදුව ඇති වෙනස විමසන අයුරු හේතුවෙනි.

'නාවල තිබුණු පැණි අන්නසි හැම      වාරේ
 නාවර පෙරාගෙන ඇත දිගට ම         පාරේ
 නොස්ටැල්ජීක ම රසයක් තවමත්    බේරේ
 නොබැඳී සිටිය හැකි වෙශ මිත ඒ       මීරේ'
වාසනාවන්ත ජීවිතයක් ගත කල අයෙක් ට, දුෂ්කර අත්දැකීම් නැතිනම් දිවිගමනේදී ඔහුට හෝ ඇයට ජීවිත යාත්‍රාවේ විශිෂ්ඨයෙකු විය හැකි ද? කවියා දාර්ශනික සිතුවිල්ලකින් මේ ගන විමසනේ 'යාත්‍රිකයෝ දෙදෙනෙක්' නම් කවි පංතියේ ය.

'රුවල් ඉරුණු වග නොතකා
 චණ්ඩ කුණාටුව මැඬ
 යාත්‍රාවේ නැතිව අහර කිසිවක්
 වාරු කරගෙන දුබල සගයා ද

 කුසල් ඇත්තකු නොව
 ශ්‍රේෂ්ඨ යාත්‍රිකයකු
 දකින්නට හැකි වෙයි ඔබට
 යන්න නොපමාව ඒ වෙරළට'

44 වෙනි පිටේ ඇති කවි පංතිය ද මා රස වින්දෙමි (එහි අකුරුකරණය මේ යතුරුපුවරුවෙන් ඇතුලත් කල නොහැක)

'ලොවට කළත්          පරකාසේ
 පෙරළුණු 'මම' පෙර       දවසේ
 තනිව කිසිත් බැරිව       මෙසේ
 සිටිමි 'කොම්බු' දෙකක් ලෙසේ'
'මම' යන වචනය අනෙක් පැත්ත  - එනම් දර්පණයකින් බැලුවහොත් පෙනෙන්නේ කොම්බු දෙකක් පමණි. අප කවියා එය කවියකින් දකින්නේ ඉහත ලෙසටය.

මෙවන්, හා මීට ආසන්න තරමේ සැළකිය යුතු කවි සංකල්පනා රැසක් නිසා, පෙර කී 'සහෝදර මුහුණුවර' කාව්‍ය සංග්‍රහය අභිබවා යෑමට අප කවියා සමත්ව ඇත. ඇත්තෙන්ම මා සිතගෙන සිටියේ මේ සංග්‍රහය කියවා අවසන් වූ වහාම, සහෝදර මුහුණුවර සංග්‍රහය අතට ගෙන නැවත තැනින් තැන හෝ කියවා බලා, මගේ කියවීමේ වරදක් පෙර දින සිදු වූයේදැයි විමසීමටය. නුමුත් තැනින් තැන ඒ පරණ කවියේ ලක්ෂණ මතුවීම මගිනුත් (බලන්න 'හරිත සෞන්දර්‍යය' - වෙසෙසින් අවසන් කව ), නැවත 'සහෝදර මුහුණුවර' තැනින් තැන බැලීමෙන්ද, කවියා 'මහත්වරු සිසිල නින්දක' මගින් අප පාඨකයනට කියවීමට වඩා රුචි කවි නිර්මාණයක යෙදී ඇති බවට ප්‍රත්‍යක්ෂ විය.


ශ්‍රේණිය: ***1/2

සිල්වර් ටිප්ස් - මලික් තුසිත ගුණරත්න

 අප සම්මාන නිර්දේශ ගැන උනන්දු වන්නේ,  නිකුත් වන සාහිත්‍ය කෘති රාශියක් අතරින් වඩා සාර්ථක කොටස තෝරාගෙන කියවීමට උපකාරයක් ඉන් ලැබෙන බවට යම් විශ්වාසයක් තිබීම හේතුවෙනි. යම් කෘතියක් කියවීමට යන කාලය තුලින් අපට රසවින්දනීය ප්‍රතිලාභයක් නොලැබේ නම් එම කාලය අපතේය - කිමද කාලය යනු අන් කිසිවක් නොව අපේ ජීවිතයේ කොටසක්ම ය. සිංහල නවකතාව ගැන උනන්දුවක් ඇති අප, 2023 වසරේ ප්‍රකාශ වූ නවකතා අතරින් විද්‍යෝදය සාහිත්‍ය සම්මාන, සහ ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මාන යන දෙකෙහිම අවසන් වටයට නිර්දේශ වූ මලික් තුසිත ගුණරත්න ගේ 'සිල්වර් ටිප්ස්' කියවීමට උත්සුක වූයේ මේ නිසාය. මෙවර තවම ගොඩගෙ සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන නොපැවැත්වුණු වටපිටාවක, මේ නිර්දේශ දෙක නොසලා හැරිය නොහැක.

කතුවරයා මීට පෙර තම කෙටිකතා සංග්‍රහයන් සඳහා කිහිප අවස්ථාවක සම්මාන සඳහා නිර්දේශ වී තිබුනද, අපට ඒවා කියවීම මගහැරිනි. ඒ අනුව මේ කතුවරයා ගේ අප කියවූ ප්‍රබන්ධ සාහිත්‍ය කෘතිය මෙය විය.

සමස්තයක් ලෙස, අපට නිතර සිංහල සාහිත්‍යයේ හමුනොවෙනා ලිවීම් ශෛලියක් මෙහි කතුවරයා භාවිත කොට ඇත. මෙහි ප්‍රධාන චරිතය ලෙස සැලකිය හැකි 'වෙස්ටර්න්' හෙවත් 'අප්පච්චි' පාඨක අපට හමු වන්නේ, ඔහු අන් පාර්ශවයක් මගින් පළ කල අදහස් කිහිපයක් තුලින් පමණකි. පාඨක අපට ඔහුව කිසිම විටක ඍජුව මුණ නොගැසේ. මට හැඟෙනා පරිද්දෙන් නම්, මේ ආඛ්‍යාන විදික්‍රමය මේ කෘතියේ ද්විත්ව නිර්දේශයනට ප්‍රධාන හේතුව විය යුතුය. එහි සිංහල පාඨකයාට නැවුම් අත්දැකීමක් නැත්තේ නොවේ.

වෙස්ටර්න් හෙවත් අප්පච්චි තමනට රිසි ලෙස අන් අය පාවිච්චි කිරීම, බලපෑම් කිරීම්, තර්ජනය, සහ හිංසනය පාවිච්චි කිරීම මගින්, තම පවුලේ උදවිය, සහ ඔහුට ආදරය කල අන් අය ට ගෙන ආ මානසික සහ භෞතික විඳවීම, සමාජයේ ජීවත් වන එක්තරා චරිත කොට්ඨාශයක ස්වභාවයකි. එනමුදු, ඔවුනගේ දක්ෂතාවන්, සහ ආදරය කරනා කල ආදරයද, ඒවා අත්දුටු අය ට කිසිදා අමතක නොවේ. මේ අපූරු වූත්, සුවිශේෂි වූත් චරිත ලක්ෂණ රැගත්, නවකතාව පුරා ම පාඨකයා ඉදිරියට නොපැමිණෙන ප්‍රධාන චරිතය මේ නවකතාවට කුහුලක්, ත්‍රාසයක්, සහ ඒ ඔස්සේ රසයක් ද ගෙන එයි. නවකතාවේ සාර්ථක පාර්ශවයට ප්‍රධානතම  බලපෑම මේ චරිතයෙනි.

එනමුදු  පිටු 364ක් ඇදෙනා මෙම නවකතාව පුරාවට කතුවරයා ත්‍රාසය විහිදුවන්න ට උත්සාහ දරයි. එක්තරා අවස්ථාවකින් පසුව මෙම දිගු කිරීම පාඨකයා වෙහෙසට පත් කරවයි. කතුවරයා ට මෙහි එන පාත්‍රවර්ගයාට මුහුණ දීමට සිදු වූ සියල්ල ම කිමට ඇවැසි නම්, විටෙක කියවෙන අමතර විස්තර අඩු කර තව පිටු 60-70කින් පමණ සංක්ෂිප්ත කරලීමට ඕනෑ තරම් ඉඩකඩ තිබිණි. සමන් දෙවියන් කෙරෙහි ඇති බැඳීම විස්තර කරලීම දිගුවට තිබුන ද ඉන් වෙසෙස් කර්තව්‍යයක් නවකතාවට සිදු නොවේ.  මෙහි එන අවශේෂ චරිත කෙරෙහි මට එතරම් අප්‍රසාදයක් නැතත්, සමහර තැනක ඔවුන් ගැන විස්තර ද පමණට වැඩි යැයි සිතේ. වීරසේකර චරිතය එවැන්නකි. ඔහු උපේක්ෂාවෙන් ජීවිතය දෙස බලන, තමනට ලැබුණු බිරිඳ වෙනුවෙන් බොහෝ දේ ඉවසන, තරුණ පරම්පරාවේ හැසිරීම් ඉවසනා සුළු අයෙකි. මෙය එක් අවස්ථාවක් පමණක් ආශ්‍රයෙන් විස්තර වූවා නම් සෑහේ. ඔහුගේ ඉවසීම ට නිදර්ශන දැක්වෙන අවස්තාම දුසිම් භාගයක් පමණ ඇත. මේවා අවශ්‍ය ද ?  අනෙක අතුරු කතා ආදිය ය. 
කාන්තාවන් භාවිත කොටෙ කෙරෙන විවිධ ව්‍යාපර ගැන ඉඟි බොහෝය. ඉන් සමාජයේ සිදුවන දේ ගැන යම් කියවිමක් තිබුනද සමස්ත නවාකතාවට සිදුවන සෙත කිම ? 

දීර්ඝ නවකතා සහ වර්තමාන භාවිතය ගැන නිදසුනකට හැරෙමි. මේ දවස් වල මම නැවත මෝබිඩික් (Moby Dick) ශ්‍රවණ පුස්තකයක් මගින් කියවීමට යත්න දරමි. මේ මගේ තුන්වෙනි උත්සාහයයි - ඉන් පළමුවැන්නේ දි පොතේ 65% සීමාව පසු කලා මතකය. එහෙත් එය ඉන් පසු කියවීම මගහැරිණි. එනමුදු එය ලියවූ යුගයට සාපෙක්ෂව එවන් දිගු නවකතාවක් වෙනුවෙන් සමාජයට  වෙලාව තිබුනා පමණක් නොව, පාඨකයන් එය ඇත්තටම එය ආශාවෙන් පිළිගත්තා ද විය හැක (එය 1851 වසරේ පළ වූවකි).  මෝබි ඩික් හි අතුරු කතා එමටය. සිවර් ටිප්ස් හි අතුරු කතා වලට වඩා නවකතාවට එතරම් අදාළත්වයක් නැති කොටස් නැවත නැවත විස්තර වෙයි. එක්තරා මට්ටමකින් පසුව මෙය පාඨක ඉවසීම අභියෝගයට ලක් කරයි. අප සමඟ මේ පොත කියවීම ආරම්භ කල අප මිතුරියක් පොත කියවා අවසන් කලේ යම් උදහසකිනි. මට වුව පොත ගැන පූර්ණ ප්‍රසන්න හැඟීමක් නැත.  එහෙත් පෙර කී අපේ මිතුරිය පවසන්නේ මෑතක ප්‍රකාශ වූ පිටු දහකට වැඩි නවකතාව එසේ කියවීමට අපහසු කෘතියක් නොවෙන බවයි. එනම් සෑම පරිච්ඡේදයේදී ම ලේඛිකාවට  අලුත් දෙයක් කීමට ඇති බවකි. එපමණ ම දිගු නොවුනත්, කෞශල්‍ය කුමාරසිංහගේ 'නිම්නාගේ ඉතිහාසය' වනි දීර්ඝ කෘතියක වුව පිටුවක් හෝ අඩු වනවාට මා නම් අකමැතිය. එහෙත් මෙය සැම නවකතාවකට ඔබින්නක් නොවේ. වෙසෙසින් ගුණදාස අමරසේකර ගේ පසුකාලීන නවකතා සියල්ලයෙහි ම පාහේ අඩු පිටු ගණනකින් පාඨකයාට අඩුවක් නොදැනෙන්න සම්පූර්ණ නවකතාවක් ඉදිරිපත් කෙරී ඇත.

මා නම් සිතන්නේ, අප අද යුගයට උචිත ලෙස ලියද්දි,  සුදුසු සංස්කරණයක් භාවිතයට අප කතුවරුන් පුරුදු විය යුතු බවය. 2023 ප්‍රකාශ වූ නවකතා කියවීමේ මගේ තැතේ මේ දෙවෙනි කෘතියයි. මෙය යම් සංස්කරණයකට ලක් වන්නට තිබිණි. මීට පෙර කිය වූ එරික් ඉලයප්පාරච්චිගේ තිවංක කතාව විශාල වශයෙන් සංස්කරණයට ලක්වීමට උචිත කෘතියකි.

අවසන් වශයෙන් කිව හැක්කේ, කතුවරයා සිංහල පාඨකයන්ට නැවුම් ආරක ප්‍රධාන චරිතයක් හඳුන්වා දුන් නවකතාවක්, සමඟ කුහුල, ත්‍රාසය, රැගත් ආඛ්‍යානයක් ගෙන එන්නට කතුවරයා සමත් වුවද, ඔහුගේ පරීශ්‍රමයේ උපරීම පළ නෙලා ගැනීමට හැකි වූවාද යන්න නැවත විමසීමට ලක් කල යුතු නවකතාවක් ලෙස මෙම කෘතිය මා දකින බවකි.

ශ්‍රේණිය: ***

ද්‍රෝහියෙකුගේ අභ්‍යන්තර කතාව - කීර්ති වැලිසරගේ


ද්‍රෝහියෙකුගේ අභ්‍යන්තර කතාව වනා හි කතුවරයා ගේ දෙවෙනි කෙටිකතා සංග්‍රහයයි. 1995 වසරේ පළමු වරට ප්‍රකාශ වූ මෙම සංග්‍රහයේ ද, 'ගස් කට්ටිය' සංග්‍රහයේ මෙන්, අද වන විට අපට හුරුපුරුදු ප්‍රාදේශීය වටපිටාවක්,  අදට පෙර යුගයක තිබුනු අයුරු කියවෙන  නිර්මාණ වලින් පෝෂිතය. කෙටිකතා නවයෙන් 3ක්, 1986-1987 කාලයේත්, අනෙක්වා 1993-94 කාලයේත් ලියැවී ඇති බව පෙරවදනේ කියවේ. එනුමුදු එම සියළු කෙටි කතා වලින් ඊට පෙර යුගයක් මූලික වශයෙන් ආභාෂයට ලක් ව ඇති බව පැහැදිලිය. 
 
මෙහි එන "ඇඳ කබල" කෙටිකතාවේ එන තලාහේන අසූව දශකයේ මැද හෝ අග තිබූ තලහේන විය යුතුය. අද වන විට බොහෝ සේ නාගරීකරණය වී, පිටතින් පැමිණි අය පදිංචි ව තිබුන ද, සමහර පෙදෙස් වල තවමත් මුල් පදිංචිකරුවන් දැකිය හැක. 2000 දශකයේ ද එහි කනත්තට ආසන්නව දර මඩුවක් තිබුනා පමණක් නොව කරත්තයකින් කොළඹ දෙසට දර රැගෙන යන ලදී. එම පරම්පරාවෙන් පසුව දර මඩුව වැසී ගියා විය යුතුය. මා මේ මීට වසර 35-40 ක පමණ ඈතක් ගැන කතා කලේ, ඒ හරහා අද නොතිබෙන, කොළඹට ආසන්න වුව තවමත් ග්‍රාමීය පරිසරය  තිබූ, පහළ මැද පාංතිකයින් තරමක් අපහසුතාවෙන් තම දිවි ගැට ගසා ගත් යුගයක් ගැන කතුවරයා ඉඟි කරනා හෙයිනි."ඇඳ කබල" කෙටිකතාවේ කතා නායක, උපාධිදාරි ගුරුවරයා ඇඹිලිපිටියටත් එහා රැකියවේ යෙදුනද, එක් සති අන්තියක දී තම තලාහේනේ බාගෙට නිමකල නිවෙසේ නවතින්නට එන අයෙකුගේ සැප පහසුව ගැන වද වෙන්නේ, ඔහුට ඇති සීමිත පහසුකම් නිසාය.

එලෙසෙම මෙහි එක් කෙටිකතාවක එන "බෙලෙක්" විසුවෙ මාදින්නාගොඩ ලෑලි පාලම ආසන්නයේය. මෙය අද ද පෙරේරා සහ පුත්‍රයෝ සමාගමේ ප්‍රධාන කාර්‍යාලය පවතින පාරේ ඇති, එක් වතාවකට එක් පැත්තකට පමණක් ගමනේ යා හැකි පටු පාලම යැයි සිතමි (එය දැන් ලෑලි පාලමක් නොවේ - නුමුදු තවම පටුය). වතාවක් දෙකක් 2000 දශකයේ මුල පමණ එම පෙදෙසට ගොස් තිබුන ද එතරම් මතකයක් නැත - දැන් දැන් එම මාර්ගය බහුල ලෙස භාවිත වන්නේ උදෑසන මාර්ග තදබදය නිසා කොස්වත්ත, බත්තරමුල්ල, ඇතුල්කෝට්ටේ මඟහැර රාජගිරියට ඒමටය. බෙලෙක් කෙටිකතාවේ සුළු රැකියාවක් සහිත තරුණයා වෙත මෙහි එන ගැහැණිය බලාපොරොත්තුවක් ඇති කර ගන්නේ තමන් සතු බරින් යම් පමණකින් හෝ නිදහස් වීමටය.

"ගැහැනිය දවසට රුපියල් අසූවක් සොයන තරුණයා දෙස බලා, බුලත් කසට බැඳි දත් දෑන්ද පා සිනාවක් නැඟුවා ය. එය ඉතා ළෙංගතු සිනාවකි. අවුරුදු දහ හතක දහ අටක දියණියක සිටිනා ඕනැ ම පැල්පත් වාසි අම්මා කෙනෙකුගේ මුවට ඒ ආකාරයේ ළෙංගතු සිනාවක් නැගීමේ අරුමයක් නැත" ( 57-58 පිටු)
කෘතියේ නමින් වූ කෙටිකතාවේ එන ගුණපාල අකුරු නොදත්තෙකි. ඔහු ට විප්ලවවාදීන්ගේ පෝස්ටරය අකුරු ඇහිඳ කීමට අවස්ථාවක් ගෙන දේ. යම් තරමක් අකුරු දත් සිය බිරිඳගෙන් එම පෝස්ටරය කියවීමට ය ඔහුගේ උත්සාහය. එය ය ඔහුගේ අභ්‍යන්තර කතාව - ඔහු ද්‍රෝහියෙකු යනු කවරෙක්දැයි නොදත්තෙකි. එවැනි අඳුරු යුගයක වූ අපරාද වල පසුබිම ගැන හොඳ කතිකාතවකට මුල පුරන්නකි, "ද්‍රෝහියෙකුගේ අභ්‍යන්තර කතාව".

කෙටි, කෙටි කතා අටක් මැද වූ එකම දීර්ඝ කෙටිකතාව වූ, පිටු 40ක් පුරා දිවෙන "වතුර", මෙහි එන තවත් රසවත් කෙටිකතාවකි. එහි ඉතා ස්වාභාවික ලෙස, තීරණ ගත හැකි තැන් වල සිටින අය ඇඟ බේරාගෙන සිටීමට හැසිරෙන සූක්ෂම අයුරු ගැන ලියැවී ඇති අපූරුව අනුව, එය එක්කෝ ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් යැයි සක කරමි - එසේ පෞද්ගලීක අත්දැකීමක් වුව, එහි සූක්ෂමතාව පාඨකයාගෙන් නොගිලිහෙන අයුරෙන් වචන වලට පෙරලා ඇති අපූරුව කතුවරයාගේ ලේඛක ශූරත්වය පිළිබඳ දෙස් තියයි.

මීට අමතරව, මුග්ධ ලෙස අප රට පහළ මධ්‍යම පාංතිකයාගේ පක්ෂ දේශපාලනයට ඇති අන්ධභක්තිය කියාපාන "වතාවත", තවත් පැල්පත් වාසී කතාවක් තුලින් ගැහැනියක් තවත් ගැහැනියක් වෙත සංවෙදී වෙන අවස්ථා ද ඇති බව පෙන්වා දෙන "දහමන්දරී", හෙමිංවේ ගේ හෝ චෙකොෆ් ගේ කෙටිකතාවක් මතකයට නගන "පිපාසය" ආදි කෙටිකතා ද, මෙම සංග්‍රහයේ සමස්ත සාර්ථකත්වයට හේතු වන රසවත් නිර්මාණයෝ ය.

"නැට්ටුක්කාරයා" මගින් තරමක අතිශයෝක්ති අසංවේදි බව දැනුන ද , ඉන් වහනය වන අසංවේදීත්වයේ අසෝබනත්වය ප්‍රතික්ෂේප කල නොහැක. කිමද එහි එන සමහර කොටස් සිතට වාවාගැනීම අපහසුය.

ගස් කට්ටිය මගින් පෙන්නුම් කල ශූර කෙටිකතාකරුවෙකුගේ බලාපොරොත්තුව සනාථ කරන කෙටිකතා සංග්‍රහයක් ලෙස ද්‍රෝහියෙකුගේ අභ්‍යන්තර කතාව හැඳින්විය හැක.

ශ්‍රෙණිය: ****


The Buddha of Suburbia - Hanif Kureishi

  “Watching Jamila sometimes made me think the world was divided into three sorts of people: those who knew what they wanted to do; those (the unhappiest) who never knew what their purpose in life was; and those who found out later on. I was in the last category, I reckoned, which didn't stop me wishing I'd been born into the first.”


A busy novel, Hanif's first for which he landed "The Whitbread Award for first Novel". Its a collage  which showcases the  Racism of the 70's, Dogma of  immigrants which ruin the lives of their children, a country coming to terms that their best times as a nation were past them, Call for Socialism and Radical changes by dissatisfied youth, and through it all, people trying to find their meaning in life, looking for love, trying to correct their mistakes, and others trying to justify their mistakes till their last day. It is a fascinating work, with nary a dull moment, episodic, and with great characters. all of them with their eccentricities ( see Jamila, Eva, Charlie, Haroon, Changez, Pyke- and I haven't even mentioned our narrator, and protagonist - Karim ).

But if one is observant, one can sense where Hanif has dealt with a little more subtlety to register a point, more so than elsewhere in the novel. One such point I felt so was when Terry, albeit drunk, insists that Karim get donations for his Trotskyist  party, probably more due to the latter's Asian background. Karim too obliges - maybe he felt that it was his duty to do so. But Eleanor refuses to donate claiming that the party does nothing for immigrants.

"She smiled at me then, and she said, 'This is the point.They are not a Party for black people. They are an all-honky thing, if you want to know. I’m not giving a bean to that kind of apartheid thing.’"

The other episode which made an impression was the last dialogue in the book between Changez and Jamila - the former shows his hypocrisy, and how he can withstand whatever insults to as long as he has  his way at the end. One almost feel relief at the way that Jamila holds her own.

He shouted, ‘What’s wrong with your only husband here and available that you are turning to
perversion? Am I the one single normal person left in England now?’
‘Don’t start. Please, I’m so tired. I’m so happy at last. Try and accept it, Bubble.’
‘And all you here in this house, you good types, talk of the prejudice against this Yid and that black burglar bastard, this Paki and that poor woman.’
‘Changez, this is offensive, this is — ’
‘But what about ugly bastards? What about us? What about our rights to be kissed?’
‘You are kissed, Changez.’
‘After the exchange of pounds sterling only!’
‘Please, let’s go to bed. There are plenty of people who will kiss you. But not me, I’m afraid. Not me. You were imposed on me by my father.’ 

In essence, one positive that people like Jamila does have, not withstanding the racism that they face in South London, is they can have their own way not withstanding the odds. Yet, Hanif is not afraid to show the Cosmopolitan Liberalism of New York in good stead overall, during a time when London (leave alone rest of England - North of England is painted in poorer light ) was trying to find her way. Another point that one cannot miss is the highly  open sexual culture especially of the young. Soon things were to take a very sad turn with HIV hitting the country,  but sexual experimentation seemed the sole preoccupation of the young at the time - and in that context, a happy time.

This novel ends on the eve of Margret Thacher era where Karim and his friends have all accepted the changes that had happened in their lives, and are now looking forward to what the future may bring,  in this  fast changing city, which has been the focus of the world for many a century now.

"And so I sat in the centre of this old city that I loved, which itself sat at the bottom of a tiny island. I was surrounded by people I loved, and I felt happy and miserable at the same time. I thought of what a mess everything had been, but that it wouldn’t always be that way."

A most excellent book, for the type of reader who appreciates contemporary pop culture, post-colonialism, and has a keen eye for nuances of a narration.

Rating: ****1/2




Saturday, 12 October 2024

The Inheritance of Loss - Kiran Desai


This novel was Kiran Desai's second novel, and it won her the "Man Booker Prize" (for 2006, as it was known back then). Back then she was the youngest to win the award. It is also learned that the novelist is yet to publish her third novel, although its was originally planned for release in 2018.

Ponder the words, loss, and one's 'inheritance' of it.

Biju - 'luckiest man in the world' for he won a VISA as a tourist to the US when more qualified people failed, but three years down the line in New York he realises that:
"Year by year, his life wasn't amounting to anything at all; in a space that should have included family, friends, he was the only one displacing the air. And yet, another part of him had expanded: his self-consciousness, his self-pity—oh the tediousness of it. Clumsy in America, a giant-sized midget, a big fat-sized helping of small . … Shouldn't he return to a life where he might slice his own importance, to where he might relinquish this overrated control over his own destiny and perhaps be subtracted from its determination altogether? He might even experience that greatest luxury of not noticing himself at all."

How he returns to his father, was to me most painful part of the novel, as he does so with literal sum zero.

The Judge - a life of pretense, never settling in the UK while he studied, a marginal pass to ICS, lost in a make believe world upon his return while destroying the life of the more genuine, and innocent, Nimi. He inherited only loss in his old age, as he lived to suffer for it - where he had to finally turn to Faith and Belief for the return of the only being he cared about.

"Never again would he know love for a human being that wasn't adulterated by another, contradictory emotion."

A life totally wasted, which resulted in the ruination of a couple more.

Sai and Gyan - Two young people who by the end of the novel, has set backs in life, due to the circumstances that they have inherited. There was just the faintest hope that maybe Gyan will discover his true self after the disasters of Kalimpong, and maybe Sai will see her surrounds for which they were - they inherited loss, but youth gives you hope for greater things.

All other characters in the book - Noni, Lola,  father Booty, and Uncle Potty - with the latter's  plain sexual orientation which passes by in an environment of liberal tolerance in that limited crowd, all of whom have their bubbles of comfort burst as the tensions arise and the fight for Gorkhaland scale to an imagined level even for those who aspired for it.

The novel is built nicely, as we first see the cocooned, content life style, and   beauty of the region, the characters settled to life that circumstances have brought them - or opted for, as the case maybe. Before long the tensions build up, with the friendly reference to 'uncle' and 'aunty', soon escalating to snigger and encroachment, before all hell break loose.  Biju and other lot of illegals in the U.S. too have inherited nothing for their troubles (unless you have a talent to reinvent yourself like Saeed Saeed).

It is amazing, the wide array of topics that the author has managed to touch, through the stories of inheritances (and their causal losses), in a book of moderate size. I feel that the book hasn't made a sufficient impact among the broader readership despite the life truths it has managed to capture so effortlessly, outside of the recognition of the Booker prize, and the National Book Critics Circle Award. Personally, it is clearly one of the most important books I've read, as the Gorkhaland movement only serves as the fertile platform for a story that is applicable across to a much large set.

Rating: *****


P.S. Few points of trivia that made an impression on me:

 "He was the real hero, Tenzing," Gyan had said, "Hilary couldn't have made it without sherpas carrying his bags." Everyone around had agreed. Tenzing was certainly first, or else he was made to wait with the bags so Hilary could take the first step on behalf of that colonial enterprise of sticking your flag on what was not yours."

This is a moot point, although the rationality that it brings is worthy, of at least a place in one's memory. 

Judge rates Tagore as over rated when Gyan mentions him, as the former asks Gyan as to which poets he reads. This again is a moot point, with me too, although my reading of Tagore is, as yet limited to Gora, and Selected Short stories. This is a point I didn't want to mention in the open at least till I read Gitanjalie - in both English and Sinhala to evaluate somewhat with my limited literary faculties, but now Kiran Desai has made me broach it, albeit through the use of her most flawed, and weak character.

Monday, 7 October 2024

සූදුරු අබා - අජිත් පැරකුම් ජයසිංහ

 මෙ වසරේ විදර්ශන අත්පිටපත් තරඟය ආරම්භ විය. එහි ජයග්‍රාහි කෙටිකතා සංග්‍රහය , අජිත් පැරකුම් ජයසිංහ ගේ 'සූදුරු අබා' ලෙස තේරිණ. කතුවරයාගේ නම මුහුණුපොතේ දැක පුරුදු මුත්, ඔහුගේ පෙර පළ වූ සාහිත්‍ය නිර්මාණ මා කියවා නැත. කේපොයින්ට් යන පොතක් ගැන අසා තිබුන ද, එය නවකතාවක් යැයි දැනගත්තෙ ද මේ කෘතියේ වූ 'කතෘ ගේ වෙනත් පොත්' සඳහනි නි.


මෙම කෙටිකතා සංග්‍රහහයේ එන සුවිශේෂි, සම්පූර්ණ, විශිෂ්ඨතම කෙටිකතාව, සංග්‍රහයට නම් දුන් 'සූදුරු අබා' මැයි. අසම්මත පෙමක් ගැනත්, ඉන් එක් පාර්ශවයක් සම්මත බැඳීමකට යොමු වූ පසු ඈත් වීමත්, පෙර කල ඔවුන් දෙදෙනාගේ බැඳිමේ තරම ඉඟිකර ඇති අයුරුත් ඉතා අපූරුය - නිර්මාණාත්මකය. සම්ප්‍රදායික එක්වීමක් ගැන පමණක් ම විශ්වාස කරන්නවුන් අතර, 'වඩා වෙනස් කෙනා' ඉවසිමෙන් තම දෛවය භාර ගන්නා උපේක්ෂාව පාඨක සිත සසල කිරීමට සමත් ය.
"ඔහු ඒවි ඔබ යාවි පතිනිය වී
ඔබෙ යෙහෙළි තනි වේවි මුකුලිත වී"
කලක් යන කල් මට අමතක නොවෙන කෙටි කතාවක් වනු ඇත. මෑත කල සිංහල සාහිත්‍යයේ බිහි වූ සුවිශේෂිම කෙටිකතා අතරට පාත්‍ර වීමට සාහිත්‍යමය වටිනාකමක් එහි දුටුවෙමි.

මෙම සංග්‍රහයේ එන කෙටි කතා නමයම විවිධාකාරය. 'සූදුරු අබා' මෙහි අග්‍රඵලය වුව, අන් නිර්මාණ කිහිපයක් ද සාර්ථක කෙටිකතා අතරට එක්කල හැක.

මෙහි එන 'පුංචි පැදුර' වෙසෙස් නිර්මාණයකි. කුඩාවෙකුගේ මනසින් රචිත මෙය මට මතකයට නැගුවේ හෙමිංවේ ගේ නික් ඇඩම්ගේ කුඩා කල විස්තරය. එපමනින් ම කුඩාවෙකු ගේ මනසේ අලංකාරය, අහිංසකත්වය, භීතිය, කුකුස පාඨකයාට සංවේදනය වේ. කතුවරයා මෙම නිර්මාණය ට යොදා ඇති සරල භාෂාත්මක විස්තරය, වෙලේ ජලයේ සිසිල, ඉහළින් පතිත දැඩි හිරු රැසේ රශ්මිය පමණක්, නොව මාළුවෙකුගේ කෙටීම ද පාඨකයාට දනවන සුළුය. ඒ සියල්ලට 'කටපොඩි සිරිතිලක මාමා' ගේ විස්තරය කෙටිකතාව ට ගම්වල ඇති ගුප්ත චරිත, අතුරු කතා එක්කාසු කොට, රසගුලාවක් තනයි. එය ලාංකීය නික් ඇඩම් චරිතයකට, වික්‍රමසිංහගේ 'අපේ ගමේ' චරිතයක් හමු වූවා සේ ය.

ලාංකීය ආගමික සංස්කෘතියේ විකෘතිය, අද වන විට සාමාන්යකරණය වී, එය ස්වාභාවික වී ඇති අයුරු අඟවන අපූරු කෙටිකතාවකි 'පිරිත් කියනවා, මිනිත් මරණවා'. පහත පරිච්ඡේදය බලන්න අප සාමාන්‍යයැයි පිළිගෙන ඇති විකෘතියේ තරම ඉන් කියැවේ.

"නෑබඩ සිල්වතා කතා නැතුව කට කපලා බ්‍රැන්ඩි වීදුරු දෙකක් ෂැන්ඩි නැතුවම දාගත්තා එක නිමේෂයකටවත් මුහුණෙ මාංසපේශි තිත්ත නිසා ඇඹරුණේ නැහැ. බයිට් එකට තිබුණු ගෝනමස් දිහා නෑබඩ සිල්වතා ඇස් ඇරලවත් බැලුවේ නැහැ.

'මං මස්, මාළු කන්නේ නැහැ. එළවළු විතරයි දැන් අවුරුදු දහයක විතර ඉඳන්'"

මෙහි එන 'අත් පොරොව' කෙටිකතාව ද, අප රට විකල්ප නැති, එහෙත් තමනට අවශ්‍ය දේ හොඳින් හෝ නරකින් හෝ ලබා ගැනීමට පසුබට නොවෙන ජනයාගේ දෘෂ්ඨියෙන් ලියැවී ඇති කෙටිකතාවකි.  අප රට වැඩි පිරිසක් සාම්ප්‍රදායික ජීවිත වලට, තම දිවියේ විඳීම් කැපකර විඳවති - එය විඳවන බවට වන සිතුවිල්ලකට පවා තමන්ගේ මනස විවෘත කර නොගනිති. අනෙක් අතට තම ජීවිතය තමනට ලැබී ඇති වටපිටාවෙන් රසවිඳින අයවළුන්, එහි දී තම උන්නතිය සඳහා ගන්නට පැකිලෙන අවදානමක් නැති තරම් ය. පාඨකයෙකුට භීතිය හඟවන නිර්මාණයකි.

මේ කෙටිකතා හතර මේ සංග්‍රහයේ එන සාර්ථකම කෙටිකතා හතරය. අනෙක් පහෙත් රසවිඳිය හැකි කෙටිකතා ඇත. 'හකුරු වෙහෙර' ඉහත කී හතර ආසන්නයටම හැකි තරමේ විභවයක් ඇති කෙටිකතාවකි. 'චිලා මෙට් විත් ඇන් ඇක්සිඩන්ට්' හි උපහාසය බුහුටිය, රසවත් ය. 'සමූල ඝාතනය' අපේ අධිපතිවාදි සමාජයට ටොක්කකි. ආගමික භක්තියයි, ප්‍රචන්ඩත්වයට පක්ෂ වීමයි අතර පෑහීම බෙදිම් රේඛා වලින් හඳුනා ගත නොහැකි තරම්‍ ය. වෙසෙසින් පාසැලේ ගේට්ටුව අසල ඇතිවන ඝෝෂාවේ වචන විකෘතිය පෙන්වා ඇති අයුටු අපූරුය.

මේ කෙටිකතා සංග්‍රහය ලබන වසරේ සම්මාන කෙටි ලයිස්තු අතරට ඒමේ සම්භාවිතාවය ඉහළිය. ඊට සුදුසු ඉහළ නිර්මාණත්වයක්, විවිධත්වයක්, සහ අප සමාජය කියවීමේ අවංකබවක් මෙහි ඇත. සිංහල කෙටිකතා කියවන් පාඨකයින්ට අනුමත කරලීමට නොපැකිලෙමි.

ශ්‍රේණිය: ****1/2


Saturday, 5 October 2024

බන්දුජීවගේ ධූමලාවණ්‍යාගාරය

 මේ පොත බන්දුජීවගේ ධූමලාවණ්‍යාගාරය යි. මෙය 'ධුමය' මගින් 'හැඩගැන්වූ' කාව්‍යමය නවාතැනක් ද ? එය තිප්පොලක් ලෙස දැකීම පාඨක මගේ දොසක් ද ?


මේ ධූමලාවණ්‍යාගාරය තුල එතරම් පුහුණු නොකෙරුණු සාමාන්‍ය පාඨක කියවීමට අපට:

-  සුරාව භාවිතාවේ විනෝදය මතක් වින (සුරාසල් කවි)

'කළුබෝවිල පොල්වත්තේ රා පොළටත් ගියා
බෙල්ලන්විල මල්නයිදෙගෙ රා පොළටත් ගියා
තුම්බෝවිල රතුහාමිගේ රා පොළටත් ගියා
කොහෙවත් ගියෙ නැති විදිහට පිනා ගෙදර ගියා'
- සිසිෆස්ගේ සතුටවන් දර්ශනික ගැටළු (රූපකයක් විලස වලසුන්) සිහි ගැන්වින

'අපේ කඩිසරකමින් අලස වලසුන්ට මිස
ජනපදේ අපෙ උන්ට ලැබෙන මොකවත් නැත්ද
වලස් නිය පහරකින් ඇද වැටෙන්නට කලින්
කල්පනා කරමි මම "ඇත්තටම මුන් කවුද?"'

-  දේශපාලනේ ඒ පක්ෂෙන් මේ පක්ෂෙන් පැනීම් වැනි අපට පුරුදු දේ කාව්‍යමය ව්‍යංගර්ථයෙන් කියවීමි (මකුළුවා බැටළුවා කොටළුවා දළඹුවා සහ පිනිමුවා) 

'අලුත් ආණ්ඩුවෙ උයනේ
මයික්වල රොන් උරයි
පෙර පැවති ආණ්ඩුවේ ඇඟපතේ
පලු මැවූ දළඹුවා'

- වීරයන් බිහි කරන්නට, පිටියට තනියෙන් සටනට පැමිණ කැප වූ විල්සන් කරූ ව වෙනත් කෝණයකින් දිටිමි (යටත් වුණි වීරයන් රජයට )

'එක වීරයෙකුට දෙක ගාණෙවත්
දුෂ්ටයන් සිටිය යුතුම මොහොතක
හටන් කරනට නම් දැරූ
වරින් වර මට සිහිව ඒ
සටන් නළු විල්සන් කරූ'

- කිසිදු බලාපොරොත්තුවක් තැබිය නොහැකි මැතිවරණ වලදි අපේ කවියා  එක්  අහිංසක සිහිනයක් පමණක් හෝ මුදුන්පත්වේවා යි කියාය (මැතිවරණය දා මගේ කුඩා හිමිදිරිය)

'"කැනබීස් යෝධයා පැමිණ
පෙරදිග බන්ධනාගාරය සිඳ බිඳ
මුදාගෙන සිරකරුවන්
අම්බරයට විසි කරත්වා !" කියා
ඔව් - මං ප්‍රාර්ථනා කෙරුවා'

මේ අප විඳි අවස්ථා පහක් සැකෙවින් ය. සමහර කවි වල පිටුපස කතා ඇත (නෝනාගේ ඉලව් ගෙදර, මල් අල්මේදා පිළිබඳ, සුදෝ සුදු). ඒවයින් පාඨකයා විඳින්නේ අතීතයේ සිදුවිමක් වර්ණ අවපැහැව දකින්නාක් මෙන් හැඟීමකි -කිමද ඒ පසුබිම් කතා ගැන අපට පූර්ණ අවබෝධයක් නොලැබෙන හෙයිනි. කවිය තම පබැදුමෙන් එවන්නක් කරනවා කියන්නේ ම ඔහු ගේ සමත්කම ය. සමහර කවි පංති තුල එක් එක් මතෘකා පිළිබඳ රස වෑහෙන කවි තිබුනද, සමස්ත කවි පංතිය ම 'කුමක් හෝ පටලයකින් වැසී ඇත්තාක්' සේය ( තියෙනවා - තියෙනවා - තියෙනවා)

මේ සංග්‍රහය තුලින් කවියා මීට වසර එකොළහකට පෙර පළ කල 'මීළඟ මීවිත' ට වඩා පාඨකයාගෙන් යමක් බලාපොරොත්තු වෙයි. ඒ බලාපොරොත්තු වූ කාලය, වටහාගැනීම, (සහ සමහර විටෙක මෙය කියවන විට, මත්වීම ?), මා තුල තිබුනේ ද යන්න ද ගැටළුවකි. මේ සංග්‍රහය 'මීළඟ මීවිත' තරම් ඉක්මනින් ජනප්‍රියත්වයට පත් නොවෙන්න ට ද පුළුවන (ඔහු ගේ කීර්තිය නිසා එය හොඳින් අලෙවි වීම අනෙකකි ). එහෙත් මෙය 'තැපෑලෙන් වදින' මීවිතක් වීමට අවකාශ ඇත. කවියා වසර දහයක් ම ගත කරන්නට ඇත්තේ ඊට අවශ්‍ය පැසවීම ලබාදීමට විය යුතුය. ඒ අර්ථයෙන් නම් මේ අදහස් දැක්වීම ම, පොත කවරෙන් කවරෙට කියවා ලියූවද, අර්ධ කියවීමක් වීමේ අවකාශ බොහෝය.

ශ්‍රේණිය: ****
ජයග්‍රාහක - 2023 හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි විද්‍යෝදය සම්මානය,
නිර්දේශිත - 2023 හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි රජත සම්මානය


 



 

Monday, 30 September 2024

පාත්ත රංචුවේ හොන්ක් හොන්ක් හඬ - අනුසාර මාහිංගොඩ

 2021 ගොඩගේ අත්පිටපත් තරඟයේ ප්‍රශස්ත කෙටිකතා සංග්‍රහය ලෙස තේරුණු, අනුසාර මාහිංගොඩගේ 'පාත්ත රංචුවේ හොන්ක් හොන්ක් හඬ' කියවුවෙමි. කෙටි කතා හතකින් සපිරි මෙම සංග්‍රහයේ  යම් අපූරු අවස්ථා කෙටිකතා කිහිපයක් තුල දිටිමි. කෙටිකතා තුනක් පමණ අන් කතා වලට වඩා රසවිඳිමි. නුමුදු සමස්ත සංග්‍රහයක් ලෙස එය සාමාන්‍ය රසවිඳීමකින් ඔබ්බට මා හට වෙසෙස් ආමන්ත්‍රණයක් කලේ යැයි නොහැඟිණි.

'තිස්ස මුවා ව මැරුවා' කෙටිකතාව අප රට අපරාදකරුවන් හා පොලිසිය සම්බන්ධ සුලභ සිද්ධියක දේශපාලන පසුබිම කෙසේ ගොඩනැගේද යන්න ගැන කියවේ. එහෙත් එහි අපූරුව ඇත්තේ එය ඉදිරිපත් කර ඇති ආකාරයෙහි ය.

'යකඩයෙක් එක්ක හටනක්' හි කතාවේද අපූරත්වය ඇත්තේ නිර්මාණය ඉදිරිපත් කර ඇති අයුරෙහිය. එහි යම් නිර්මාණශීලිත්වයක් ඇත. කතාවේ සුලභ බව  අර කියු අපූරත්වය විසින් යම් තාක් දුරට අඩු කර, සමස්ත නිර්මානයට යම් වටිනාකමක් ලබා දේ. 

'පෙම් යුවළ' මෙහි එන සාර්ථකත්වයෙන් වැඩි නිර්මාණයකි. ප්‍රේමයේ සදාකාලිකත්වය ගැන උපහාස රසයකින් විමසන මෙම නිර්මාණය, යථාර්තවාදයෙන් ඔබ්බට ගොස් ඇවැසි පණිවුඩය ගෙනදෙයි.

"කට්ටියම හිටියේ අලුත් පඹයත් එක්ක. තමන්ගේ ජීවිත කාලයට පඹයි කීදෙනෙක් නම් මේ කෙතේ හිටවන්න ඇද්ද"

ව්‍යංගයෙන් සැමදාට අදාළ වන දේශපාලන සත්‍යයක් ගැන කියවෙන 'බජිරි' ද මෙහි එන සාර්ථක නිර්මාණයක් ලෙස දකිමි.

'මායා යතාර්තවාදයත්, විප්‍රලාපී, අයුරකින් ලියැවී ඇති 'ඇමොසෝරස්' නැවුම් නිර්භීත උත්සාහයකි. එවන් සාහිත්‍ය ට නැඹුරු අයෙකුට එහි රසවින්දනයක් තිබිය හැක.

'කවුද පිස්තෝලේ ගත්තේ', 1983 පමණ කාලයේ දමිළ යුවතියක් කෙරෙහි තිබූ ආකර්ශනය හමුවේ මෙහි එන කතානායකයා කල අපරාදයක්, සහ ඉන් පසු ඇති මානසික තත්වයක් ගැන විමසුමකි. කෙටිකතාව සමස්තයක් ලෙස අසම්පූර්ණ යැයි සිතෙනා සුළු නිර්මාණයකි.

මෙහි එන දීර්ඝතම කෙටිකතාව වූ, සංග්‍රහයට නම දුන් නිර්මාණයත  මෙම සංග්‍රහයේ සාර්ථකම සහ රසවත් ම කෙටිකතාව ය. ඇල්සයිම රෝගයට හෝ තම සිතේ ඇති වරදකාරි මතකයන්ගෙන් සමාවක් නැති බවක් ඉඟිකෙරෙන මෙම කෙටිකතාව, කතුවරයාගේ සමස්ත රචනා හැකියාවන් විදහා දක්වන්නක් සේය.

නිර්මාණ කෞශල්‍යත්වයකින්, සහ නවීන ආරකින් කෙටිකතා නිර්මාණයට මැලි නොවන කෙටිකතාකරු අනාගතයේදි තම උපරීම දක්ෂතාවන් පෙන්වනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි. මෙහි එන 'පෙම් යුවළ', 'බජිරි', සහ 'පාත්ත රංචුවේ හොන්ක් හොන්ක් හඬ' යන කෙටිකතාත්, අන් නිර්මාණ වලදි ඔහු තෝරාගෙන ඇති  ඉදිරිපත් කරලීමේ නැවුම් විදික්‍රමයන් එම අපේක්ෂාව අප තුල එම අපේක්ෂාව ඇති කරයි.

ශ්‍රේණිය: ***
2021 ප්‍රකාශ වූ කෙටිකතා කියවීම: 5


Friday, 27 September 2024

කුර හඬෙකි වියැකෙන - නෝබට් අයගමගේ

 මා මෙම ලේඛකයාගේ 'කාල නදී ගලා බසී' කියවා ඇත්තේ 2015 වසරේ ජුනි මාසයේය (1). එහි ගුණාගුණ මේ ලිපිය අග යොමුවේ ඇත. කාල නදී ගලා බසී හි ධනාත්මක පක්ෂය කෙසේ වේවා, ඔහුගේ ඊළඟ නවකතාව වූ 'සුර අසුර යාමය' කියවීමට මා තෝරා නොගත්තේ ය. එහෙත්, 2022 වසර සඳහා 'ස්වර්ණ පුස්තක සම්මානය' සහ 'රාජ්‍ය සාහිත්‍ය සම්මානය' යන සම්මාන දෙකම ජය ගත් නවකතාවක්, එසේ සම්මාන දෙකක් දිනීමට කාරණා කිම යැයි සෙවීම සිංහල නවකතාව ගැන උනන්දු අයෙකුට මග හැරිය නොහැක්කකි. එය ය  මේ නවකතාව කියවීමට හේතුව.

ලේඛකයා, පාඨකයා පොතෙහි රඳවා ගැනීමට සමත් ය. ඒ ඔහු කුහුල දනවන අයුරින් ලිවීමට සූර හෙයිනි. ඔහු කතා ගෙතීමට දක්ෂය. මෙම නවකතාව පාඨකයන්ගේ ඇගයුමට ලක්ව ඇත්තේ නම්, ඒ අයගමගේ ගොතා ඇති සාර්ථක කතාන්දරය නිසාය. ඊට පරිසර වර්ණනා, පෙර යුගයක සමාජ විස්තර එක්කාසු කල විට, සාර්ථක පාර්ශවයට බරැති නිර්මාණයක් බිහි වේ. කතුවරයා ශුංගාරය මතුවන අවස්ථා ද නොමසුරුව එක්කාසු කොට ඇතත්, එහි සාර්ථක අවස්ථා මෙන්ම, සල්ලාල  කාමුක අහේනියක් අඟවන  අවස්ථා ද ඇති හෙයින් කතුවරයාට සමහර සිදුවීම් ගැන ලියද්දී වෙනත් විදිහකට ලිවීමට තිබිණ. අප ට කිසිදා අත්නොවිඳිය හැකි තවලම් ජීවිතය, මීට වසර 80-90 ට පමණ පෙර අම්බලන්තොට ගඟේ වාඩිය ආශ්‍රිත ජීවන රටාව ආදිය සිනමාවක් නරඹනා සෙයින් අප ඉදිරියේ මැවීමට ඔහු සමත් ව ඇත. මේ විස්තර අනුව මෙම නිර්මාණය සාර්ථක එකක් වන්නට ඇති නේද ?

ඒත්, ඉහත ධනාත්මක සාධක ගෙන එන සාර්ථකත්වය ඒ අයුරින් ම මුදුන්පත් කර ගැනීමට අයගමගේ සමත් ව නැත. 'කාල නදී ගලා බසී' විචාර ය කියවන්න - එහි සාදීරිස් තවෙකෙකුට නොදෙවෙනි වීරයෙකි. එවන් ගනයේ වීරත්වයක් නොපෙන්වන්නෙකු අයගමගේ නවකතාවක ප්‍රධාන චරිතයකට තවම ආගන්තුකය. ස්ත්‍රීන් සිත් දිනා ගන්නට සමත්, යුක්ති ගරුක, සටනෙහි සමත්, නිර්භීත - මෙවන් චරිත කොහේ සිටිත් ද? පැරණි කතාන්දර වල සිටිත්. මට වරෙක මෙම නවකතාව ජී. බී. සේනානායකගේ 'වරදත්ත' මතකයට නැඟීය. ඒ පෙර කලෙක විස්තර ලියා ඇති අපූරුව, ගමන් විස්තර ආදිය නිසාය. එහෙත්, එහි ඩිංගිරාල වැනි අසමසම වීරයන් සිටියේ නැත. වරෙක නිවැරදි, වරෙක වරදින, මිනිසුන්‍ ය එහි ප්‍රධාන චරිතයෝ. අනෙක 'කුර හඬෙකි වියැකෙන' හි අන් සැලකිය යුතු චරිත පෝෂණය කොට ඇති ප්‍රමාණය මදිය. තැන්නේ අප්පෝ ඉන් ප්‍රධානය - ඔහු සැම දා සෙවණැල්ලේ සේ ය. ඔහු සිතුම් පැතුම් ඇති මිනිසෙකු ලෙස මතු වන එකම අවස්ථාව ඔහු මුහුණ දුන් ඔහුගේ දෛවය තීන්දු කල අනතුර අවස්ථාවේදී පමණය. සමහර අවශේෂ විස්තර මගින් නවකතාව අනවශ්‍ය ලෙස දීර්ඝ ගන්වා ඇත. මෙලෙස නවකතාව දීර්ඝ කරලීම ගැන තව දුරටත් කතා කල යුතුය.

මා මෑතක කියවූ අතිසාර්ථකම නවකතාව, කෞශල්‍ය කුමාරසිංහගේ 'නිම්නාගේ ඉතිහාසය' යි (4). දීර්ඝ නවකතාවක් වුව ද එහි අනවශ්‍ය එකම ඡේදයක් හෝ තිබුනේයැයි මට නොසිතිනි. ඊට සාපේක්ෂ ව මෙම නවකතාවත්, මීට පෙර මා කිය වූ ඉලයප්ආරච්චිගේ 'තිවංක කතාව' ත් අනවශ්‍ය ලෙස දිගු කොට ඇති නවකතාය. ඇත්තෙන් ම තිවංක කතාව මේ අර්ථයෙන්,  කුර හඬෙකි වියැකෙන ට වඩා අන්තය (බලන්න 2). ඉලයප්ආරච්චි යනු වර්තමාන සාහිත්‍යය ට, බගන්දරා, රතු පලස වන් අතිසාර්ථක දීර්ඝ නවකතා අපට ලබා දුන් ලේඛකයෙකි. එහෙත්, තිවංක කතාව තුලින් ඔහු ඔහුගේ සිත් හි ඇති වන බොහෝ අදහස් වලට පාලනයකින් තොරව ඉඩ දී පාඨක කාලය සුළු කොට තකා ඇත. මෙම නවකතා කියවන සමහර අයවළුන් එසේ කියවන්නේ අන් දෙයකට යොමු කල හැකි කාලයක් කැප කරමිනි. නූතන ලෝකය හෑලි වෙනුවෙන් කාලය ඉඩ නොතබයි. අපගේ හිත මිතුරන් අතර ද දීර්ඝ කතාවට යොමු වෙන්නන් දුර කතන ඇමතුමක දී හෝ කෙටි කරලීමට උත්සක වන කාලයකි මේ. අප සමහරුන් කෙටි පණිවුඩ වලට යොමු වන්නේ මේ අභියෝගය නිසාය. එවන් වටපිටාවක, කිරිකාරයෙකුට 'වාසනාවක් පාත් වෙන' අවස්ථාවක් නවකතාවට අදාළ නොවන්නේ නම්, එ ගැන කියවීමෙන් නූතන පාඨකයෙකු ශුංගාර රසයක් විඳිතැයි සිතිය නොහැක. 

මෙම නවකතාව රසවත් ය. කතාන්දරයක් ලෙස වඩාත් රසවත් ය. එහෙත් මෙම කෘතිය  අප රට ප්‍රධන සම්මාන දෙකක් ම ජයග්‍රහණය කරලීමට සමත් වූවේ, එම වසරේ අන් නිර්මාණ එතරම් සාර්ථක නැති නිසා ද ?  මට තව 2022 ප්‍රකාශ වූ නවකතා රැසක් කියවීමට ඉතිර ව ඇත. දැනට කියවා ඇති නවකතාවලින් රස වඩාත් රස වින්දේ ගිරිජා ය(3). ගිරිජා ද යම් වීරත්වයක් පෙන් වූ අසමාන චරිතයක් වුව ද, පාලනයකින් තොර කේන්තිය ආදි ලක්ෂණ මගින් ඇයට යම් විශ්වාසනීයත්වයක් ලබා දී තිබුණි - අරත් එහි ප්‍රධාන ආඛ්‍යායනට අදාළ නොවෙන සුළු විස්තර නැති තරම් ය. ඒ අර්ථයෙන් අවම වශයෙන් ගිරිජා මීට වඩා, තරමක් හෝ ඉදිරියෙන් ඇති බවකි, අපගේ සාමාන්‍ය පාඨකයකු ලෙස තක්සේරුව.

ශ්‍රේණිය: ***1/2
2022 ප්‍රකාශ වූ තෝරා ගත් නවක්තා කියවීම - 4


(1) - කාල නදී ගලා බසී: https://me-and-err.blogspot.com/2015/06/blog-post_25.html
(2) - තිවංක කතාව: https://me-and-err.blogspot.com/2024/08/eric-thivanker.html
(3) - ගිරිජා: https://me-and-err.blogspot.com/2024/07/manoharijayalath-2022.html
(4) - නිම්නාගේ ඉතිහාසය: https://me-and-err.blogspot.com/2020/11/blog-post.html

Saturday, 14 September 2024

හිත හදාගත් කෙනෙක් - සමිත බී. අටුවබැන්දෑල


 සමිත බී. අටුවබැන්දෑල කවියාගේ, 'හිත හදාගත් කෙනෙක්' කාව්‍ය සංග්‍රහය කියවීමි. මීට පෙර කවියාගේ 'කඳු මුදුන' කාව්‍ය සංග්‍රහය කියවා එය මහත් රස වින්දෙමි (1). කවියා 'කඳු මුදුන' පළ කොට වසර නවයකට පසුව ය ඔහු ගේ නවතම කාව්‍ය සංග්‍රහය ප්‍රකාශ කොට ඇත්තේ. ඔහුගේ මුල් ම කාව්‍ය සංග්‍රහය වූ 'සංසාර මාවත' ප්‍රකාශ කොට ඇත්තේ 2003 වසරේ දී ය. මින් කවියා තම කවිය ඔපමට්ටම් කර අවසන් නිර්මාණය උදෙසා ගන්න කැපවීම පිළිබඳ යම් ඇඟවීමක් පෙනවන්නේ ද ?

 මෙම කාව්‍ය සංග්‍රහයේ කවි පංති 25ක් හමු වේ. ඉන් දුර්වල යැයි කිව හැකි ඒවා නැති තරම්‍ ය. ඔහුගේ කවි බස, මුඛරිය, බුහුටිය, වරෙක හාස්‍යරසයක් ඇත, තවත් වරෙක සෝපාහාසයක් ඇත, අනවශ්‍ය වචන අඩුය. මේ ලක්ෂණ නිසා මේ කාව්‍ය සංග්‍රහය මා සිත් ගත්තේය. එහි නිසැක ලෙස ම කුමාර හෙට්ටිආරච්චිගේ ආභාෂයක් ඇත (එකම වෙනස කුමාර වසරකට කාව්‍ය සංග්‍රහයක් හෝ ඊට වැඩි ගණනක් ප්‍රකාශ කරද්දි, සමිත වසර දහයක් ගෙන ඔහුගේ හොඳම කවි ප්‍රකාශ කරතැයි මට සිතේ.)

මෑතක මා කියවීමට උත්සාහ දරා, යම් යම් හේතු නිසා මග අතැර දැමූ කාව්‍ය සංග්‍රහයන් වේ. ඒවා බොහෝ විට අධිමාත්‍රාවෙන් භාවාතිෂය ය; පද බැඳීම දුර්වලය; ඒවා හි මාතෘකා බොහෝ විට සුලභය. සාමාන්‍යයෙන් කවි පොතක් කියවීමට යන කාලය සාපේක්ෂ වශයෙන් අඩු වන්නේ විෂයීක පොතකට පමණය. කිමද කවෙන් කව දෙතුන් වතාවක් කියවා කවි සිත හඳුනාගැනීමට ගන්න ප්‍රයත්නයක් එහි ඇති නිසාය. ඊට අමතරව කවිය කියවාගෙන යන විට එහි ගැබ් වූ රිද්මයක් එම කියවීමේ ගමනට උත්තේජනයක් ගෙනෙන සුළු විය යුතුය. ඉතින්, කවිය යනු මේ සියල්ල පාඨකයා පාදාගෙන යන ගමනක් ය. එම පාදාගැනීම අපහසු එකක් නම් ( අපහසු වීම කමක් නැත), ඊට රසාස්වාදයෙන් ලැබෙන ප්‍රතිලාභ ඉහළ තලයේ විය යුතුය. එම ප්‍රතිලාභය අඩු නම්, වැඩි මිලක් දී අඩු වටිනාකමක් ඇති කෑමක් වේලක් ගන්නවා වාගෙය. කවි පොතට ගෙවන මිල, අපගේ කාලයයි. 'හිත හදාගත් කෙනෙක්' සඳහා මා ගෙවූ කාලය නම් වූ මිලට සාධාරණයක් ලැබුනි. ඒ අර පෙර කී ලක්ෂණ තුලින් ම ලත් තෘප්තිය තුලිනි.

කවි කිහිපයක් කොටස් වෙත යොමු වෙමු;

1. 'ඉස්කෝලේ මහත්තයා දැන් නිදාගන්න' කවි පංතියේ ඇරඹෙන්නෙ ඔහුගේ දරුවන් සිටිනා ඉහල තැන් ගැන කියමිනි.

'දුව පදිංචි
එවරසට් කන්ද අසල
ජීවිතයේ උස ම තැනක.
පොඩි පුතා වැඩ
ධවල මන්දිරෙ
ජීවිතය සුදු කරගෙන.'

අනතුරුව ඔහුට ඇති නිදහස, ගිණුම ට ඩොලර් වැටෙනා සැටි කියා, මෙවන් අපූරු  පදපෙළකින් අවසන් වෙයි.

"මැණිකෙත් එනවා එතකොට
මගෙ ළඟට ම
පොල් තෙල් පහනත් අරගෙන
බැහැලා ෆොටෝ එකෙන්
මුළු ඉහේ ම තෙල් ගාන්න.
'ඉස්කෝලෙ මහත්තයා මොකටද
කලබල වෙන්නේ ඔය හැටි?
දැන් පොඩ්ඩක් නිදාගන්න
රෑ දොළහයි.
කෝච්චියත් ඔය බදුලු ගියේ
අපි දෙන්නට හූ තියාන"

 2-

     "සෞරග්‍රහ මණ්ඩලෙ
      ඈතක සිට
      බලා හිඳියි අඟහරු
      පෘථිවිය දෙස
      'කියුරියොසිටි එව්වේ
      යාළුකමටද?
      නෑකමටද?
      ළයේ තෙත ඇද්දැයි හොයන්ටද?
      මුහුද සඟවාගෙන ඉන්නවා දැයි බලන්ටද?
      කිතිකවන්ටද'"?


               .....

    කවියා මේ අපූරු විමසුමෙන් පසුව අඟාරු ග්‍රහයා ගැන කාව්‍යමය විස්තරයකට යොමු වෙයි.

              "කුඩා බිරින්දෑවරු දෙදෙනෙක්
              එක සේ බලා ගෙන
              සණ්ඩු නැතිව
              බැබැළි බැබැළි
              බලා හිඳියි විශ්වය දෙස රාත්‍රියට."


      සමිත කවි ලක්ෂණය සපත කරමින්, කවියා මේ කවි පංතියද අවසන් කරන්නේ, අඟහරු ට ගතු කියමිනි.

            "නිදහසේ
             භ්‍රමණයව පරිභ්‍රමණයව
             පාඩුවේ ඉන්නට ඉඩ නොදී ඔබට
             ඔබ ශිෂ්ට කරවන්න
             ජනාවාස කරවන්න
             විද්‍යාවෙන් බබළවන්න
             තාක්ෂනෙන් වළලු දෙන්න
             කලඹවන්න
             හරිහරියට සැලසුම් මෙහෙ.
             ප්‍රථිවියෙන පිටපිට එලෙස
             එල්ලවන ග්‍රහදෝෂ මිස ඔබට
             ඔබෙන් මෙහෙට කඩා පනින
             කිසි කුජ දෝෂයක් නොමැත!"

3- කවියා එළිවැට සහ එළිසමය රකිමින් රසවත් කවි පංති කිහිපයක් දෙ මෙහි ඇතුලත් කොට ඇත.
 

                     "කුලේ මොටද ජිනදාසත්                   විනාසේ
                       කුලේ නැතත් පියලුත් රජ                 විලාසේ
                       මළේ සුගත් බීලයි සේ                       ජලාශේ
                       මලේ, එහෙම උන් නොපතමි ලෙඩා        සේ

                       හඬ නැති අලින් දහසක් ආවත්             නිසරු
                       ධන බල සහිත දළ ඇතුමය ඉතා             ගරු
                       ඩොක්ටර් තමා මේ ලෙඩටත් දෙවි        අයුරු
                       දුවට හොයන් වර කපුවෝ              මහත්තුරු"

පසු ගිය වසර දහය ඇතුලත පමණ  ප්‍රකාශ වූ ම සිත් ගත් කවි පොත් අතර ට මෙයද එක්වනු ඇත. එනම්, ඉතා කෙටි කලබල සිහින, ඔබ ගැඹුරු නින්දක,  සමහර කමටහන්, රිදුම් පිරි පිරිමැදුම්, ත්‍රිවේණි සංගමම්,  අතර ට මෙය ද එක්කාසු කරමි. ඒ අතර පසු ගිය වසර 7-8 ක කාලයක මිලදී ගෙන තවම නොකිය වූ, නැතිනම් බාගයට කියවා ඇති කවි පොත් ද රැසකි. 'කඳු මුදුන' හි සාර්ථකත්වය මත, දැන් දැන් කවි පොත් කියවීම දිනෙන් දින කල් දාන මට, මේ පොත කියවීමට සිත් පහළ විය. මෙය බොහෝ සෙයින් සාර්ථක කාව්‍ය සංග්‍රහයක් යැයි සිතමි.

ශ්‍රේණිය: ****1/2
රජත පුස්තක සම්මානය - හොඳම කාව්‍ය සංග්‍රහය - 2024

(1)  කඳු මුදුන - සමිත බී. අටුවබැන්දෑල - https://me-and-err.blogspot.com/2016/06/blog-post_25.html


               


    



Thursday, 12 September 2024

ටෙඩියෙකුගේ චේ හදවත - මලිඳු කාවින්ද කුමාරසිංහ

 අප විසින් කතුවරයාගේ 'මං මාවතක මතක මිමිණිල්ල' කියවූවේ මීට මාස නවයකට පමණ ප්‍රථමවය(1).

2021 ගොඩගේ අත්පිටපත් තරඟයේ ජයග්‍රාහි කෙටිකතා සංග්‍රහය වූ ද, 2022 සම්මාන කිහිපයකට නිර්දේශ වූ ද, 'ටෙඩියෙකුගේ චේ හදවත' නම් වූ සංග්‍රහය, පසු ගිය දිනවල කියවීමි.

මෙහි කෙටිකතා දහයක් වෙයි. ඉන් මා වඩාත් සිත් ගත්තේ පළමු කෙටිකතාව වූ 'දෙයියන්ගේ ආයුධ', සහ දසවෙනි කෙටිකතාව වූ 'පරණ සුයිප් සහ අලුත් නොම්මර' ය. ඉහත කී පළමුවැන්නෙන් දරුවෙකුට දෙමාපියන් ආදරය නම්, ඔහු සමාජයේ ක්‍රියාත්මක වන අයූරු ඔවුනට කිසිසේත් ම එම දරුවාට අදාළ නොවෙන බව මෙම නිර්මාණයට මාතෘකා කරගෙන අයුරු අපූරුය. පපරණ සුයිප් සහ අලුත් නොම්මර කෙටිකතාවේ ද මිතුරෙකු තම මිතුරාට උපකාර කරන්නට අවශ්‍ය නම්, ඔහුගේ සුබසිද්ධිය උදෙසා වැඩිපුර යමක් කරනා ආකාරයත්, එය මුදල් මතම තීන්දු නොවෙන ආකාරයත් අපූරුවට ගලපා ඇතැයි සිතුනි.

කතුවරයා ගේ ශෛලීය ලක්ෂනයක් වන පාඨකයාට විමතියක් ගෙනෙනාකාර අවසානයකට තම නිර්මාණය ගෙනයාම (good punchline), මෙම සංග්‍රහයේ ද දක්නට ලැබිම ය. මෙම ලක්ෂණය සාර්ථකව යොදා ගත් අවස්තාවන් ලෙස 'ඌෂා' සහ 'මීට ආදරණීය සුමනේ' යන නිර්මාණ දැකිය හැකිය. වෙසෙසින් මේ කියනා 'ඌෂා' නම් කෙටිකතාව භාවතීෂයෙන් තොරව, වඩා වියුක්ත සහ තරම නරුම වේශයකින් ලියවී තිබීම එහි සාර්ථකත්වයට හේතු වේ.

කතුවරයාගේ පෙර කී පොත ගැන අදහස් දක්වද්දි අප මෙසේ පවසා ඇත. "...
සමහර විටෙක කාව්‍යාත්මක සහ භාවාතීශ රසාස්වාදයක් ඌණනය කිරීමට ම යත්න දැරීම හේතුවෙන්, සමහර නිර්මාණ වල විශ්වාසනීයත්වයට පළුදු ගෙනන අවස්තා ද මතුවේ." මෙම ලක්ෂණය අප මේ විමසන සංග්‍රහයේත් ඇත. සමහර විටෙක පොත් දෙක ළඟ ම කාලයක ප්‍රකාශ වූ නිසා, කතුවරයා එකම ආස්ථානයක සිට කෙටිකතා නිර්මාණයේ යෙදෙන්නට ඇත. ඇරත්, අපගේ සීමිත වැටහීම අනුව, ලාංකික පාඨකයා වඩාත් ප්‍රිය කරන්නේ භාවාතීශ කලා නිර්මාණ වලටය. මෙය වෙසෙසින්, සමාජය විසින් සාර්ථක යැයි සලකන කවි කෘති ඔස්සේ දැකිය හැක. මේ භාවාතීශයට වඩා නැඹුරක් වීම හේතුවෙන් සාර්ථකත්වක විභවයක් තිබූ සමහර සාර්ථක නිර්මාණ වලට සිදු ව ඇතැයි සිතේ. 'ටෙඩියෙකුගේ චේ හදවත', 'ඒ තමයි තාත්තා', 'සංසාර වන්දනාව', මීට නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය. 

හර්මෙන් හෙස ගේ සිද්ධාර්ථ මතකයට නංවන සුළු 'විල් දිය කැලඹුණ මොහොතක්', යම් අයගේ සමාජ දේශපාලනට ඇති බැඳීමේ දැඩිබව පෙන්වන 'රැවුලා',  සහ මනෝ ගමනක අවසන වෙනස් නිම වීමක් අඟවන 'සාගරිකා දුම්රිය... ' යන කෙටිකතා ද සාර්ථක පාර්ශවයට වඩා නැඹුරු නිර්මාණ ලෙස දකිමි.

ලේඛකයා ගේ නිර්මාණ කෞශල්‍ය ගැන සැකයක් නැති අතර, ඔහුට ආවේණික ශෛලියක් ඔහු දැනටම ළඟා කරගෙන ඇති තත්වයක, එරික්, පියල්, අමරකීර්ති, කම්මැල්ලවීර වැනි ලේඛකයන්ගේ ඇති, භාවාතීශ නොවී අවසානය පෙළ ගස්වා
, භාවය ගොඩනඟා ගැනීම පාඨකයාට ම භාර දීමක් වැනි ලිවීමේ ආර දෙස බලන්නේ නම් ඔහුට වඩා සාර්ථක කෙටිකතාකරුවෙකු විය හැකි බවකි අපගේ පෞද්ගලික හැඟීම. වැඩි පාඨක පිරිසකගේ සිත් දිනා ගැනීම කතුවරයාට වඩා වැදගත් නම්, ඔහු දැනට ලියනා අයුරෙන් ඔහුට එය ලබා ගත හැක.

ශ්‍රේණිය: ***1/2
සම්මාන නිර්දේශ - ගොඩගේ, විද්‍යෝදය - හොඳම කෙටිකතා සංග්‍රහය - 2022
2022 ප්‍රකාශ වූ තෝරා ගත් කෙටිකතා සංග්‍රහයන් කියවීම - 4

(1) මං මාවතක මතක මිමිණිල්ල - https://me-and-err.blogspot.com/2023/12/mkk2021.html

Saturday, 24 August 2024

තිවංක කතාව - එරික් ඉලයප්ආරච්චි

එරික් ඉලයප්ආරච්චිගේ තිවංක කතාව කියවුවෙමි. මේ ඒ ගැන, අපගේ සීමිත දැනුම අනුව, අපගේ කියවීමයි. එය තවත් සාමාන්‍ය පාඨකයෙකුගේ කියවීමක් පමණක්ම ය.


මෙම නවකතාවෙ පළමු කොටස කියවාගෙන යෑමෙදි මට සිහියට ආවේ, සැමුවෙල් බෙකෙට් ගේ 'ගෝඩෝ එනතුරු' නාට්‍යය යි. එහි පිටපත මීට වසර කිහිපයකට පෙර කියවා, ඉන් බිහි වූ චිත්‍රපටයක් ද නැරඹුවෙමි. මෙම නවකතවේ පිටු 166ක් පුරා දිවෙන 'පළමු වකයෙන්' දිගැරෙන්නේ ලඩිමෙර් සහ එරෙගෙන් අතර දිගැරෙනා, ගොඩෝ එනතුරු ඇති බලාපොරොත්තුව වන් ඉතා සෙමින් දිගැරෙනා, නිශ්චිත දිශාවකින් තොර දින කිහිපයක විස්තරය. එහි කතාවක් නැත්තා සේය. පසු ගිය සමයේ ගාළු මුවදොර පරීශ්‍රයේ ඇති වූ උද්ඝෝෂණ පෙළ සමඟ, අප රට ඇති වූ දේශපාලන පෙරළි තුලින් අලුත් බලාපොරොත්තු ඇති කර ගනීම,  ආර්ථිකව බංකොලොත් වූ රටක ට ගොඩෝ ඇවිත්, අලුත් කලක් බිහිකරලීමක් වන් බලාපොරොත්තුවක් යැයි මෙම කොටස කියවද්දී මට සිතුණි. මෙහි මුඛ්‍ය චරිතය යැයි කිව හැකි විලියම්, ගාමිණි හෝල් හංදියෙන් විජේවර්ධන මාවත ඇරඹෙන ස්ථානයෙ ඇති පරණ පොත් විකුණන පොත් කඩ පෙලේ සිටිනා ජ්‍යේෂ්ඨයෙකි. ඔහු එම රැකියාවේ බොහෝ කලක් නිරතව, එහි අහු මුලු දන්නෙකි. උද්ඝෝෂණ සහ අහේණිය පිරි එම දින වල සතෙකුටවත් කෑමක් නැති කොළඹ ක සිට තමනට ලැබුණු කර්තෘ අඥ්ඥාත පිටපතක්, ගැහැට විඳමින්, බොහෝ විට කුසගින්නේ ම කියවන්නේ, පෙර කිව් ලෙස ලඩිමෙර් සහ එරෙගෙන් අතර වූ දෙබස සිහිගන්වමිනි. බෙකට් ගේ කෘතියේ, ලකී නම් වූ ධනවතෙකු ගෙනනා බලාපොරොත්තු, මෙම පිටපතේ අප රට ඉතිහාසයේ රජරට රාජධානී බිඳ වැටීමෙන් අනතුරුව නිරිතදිග ට සංක්‍රමණයට පෙර තිබූ සංක්‍රාන්ති සමය ට සමාන කල හැක්කා සේය. දෙවෙනි වකය වෙන් වී ඇත්තේ පෙර කි අත්පිතේ කොටසක් අප වෙත ඉදිරිපත් කිරීමට ය.  පළමුවෙනි වකයේත් දෙවෙනි වකයේත් ඔස්සේ මෙහි කියාපාන්නේ, ආගමික සංස්කෘතියකට බැඳි ජාතික රාජ්‍ය වෙනුවට, බටහිර සභ්‍යත්වය වෙත විවෘත ව අප ගේ දනුම් පද්ධතියත්, හර පද්ධතියත් නැවත විමසිය යුතු බවත් ය.  සෙනෙරත් පරණවිතානයන්ගේ ආන්දෝලානාත්මක කෘති ද්විත්වයක දිගැරෙන කරුණු මගින් මෙවන් සමාජ-සංස්කෘත විවෘතවීමකට දිරිගැන්වෙන සුළු ඉතිහාසයක් ඉඟිකෙරෙනා බවත්, අද වන් අප රට ආර්ථික වශයෙන් පතුලටම වැටී ඇති අවදියක දී මෙවන් තවතවත් ඇතුලත වෙත ම තව තවත් යොමු වෙනවා වෙනුවට, අපෙන් පිටතට අපේ දෑස් යොමු කොට පිටත දැනුමෙන්, සභ්‍යත්වයෙන් අපේ සීමා බන්ධන බිඳ දමා ඉදිරියට යා යුතු බව ඇඟවේ.

වර්තමාන යුගයේ දිගැරෙන මුල් වකයේ මේ කොටස අපට හමුවේ:
"දේශප්‍රේමී මුළාවකින් යුතුව, නොදැනීම ගෙවී ගොස් තිබෙන පසුගිය කාලය අභාග්‍යසම්පන්න එකක් බවකි, ඒ ව්‍යාකූල උදයෙහි ඇසෙන කාක ඝෝෂා මැද විලියම්ට සිතුණේ. බොරු සිල් රකිමින් ගත කරන ලද එම ජීවිතය ආගම් දහම් වීසින් ද නොමඟ යවන ලද එකක් නොවේ දැයි විලියම් කඩයේ පියන් දෙකක් ඇර සිතන්නට විය. අඳුරු නීතිය ඉවත් කර නැත. ඒ නිසා ඊට වැඩි පියන් ගණනක් විවෘත කිරීම අවදානම් සහගත ය. අරගලකරුවන් බෙරිහන් දෙමින් කියන පරිදි එක ජාතියක් තවත් ජාතියකට හතුරු කරමින් හා එක ආගමක් තව ආගමකට හතුරු කරමින් ගත කළ සමය නිකරුණේ නාස්ති වූවක් බව ය, විලියම්ගේ කල්පනාවට හැඟුණේ." (155 පිටුව)

 

දෙවෙනි වකයේ එක්තරා ස්ථීවර කෙනෙකු මගින් පැවසෙන්නේ මෙවැන්නකි:

"චක්‍රවර්ති මහා බ්‍රාහ්මණයා වුණත් පරම පුස්තකය ලිව්වත්... රාජවංශ පුස්තකය ලිව්වත්... පරම්පරා පුස්තකය ලිව්වත්, භූමි මතය කියන භව බන්ධනයෙන් මිදෙන්න වුවමනායි. ජම්බුද්වීපය හරි විශාල එකක්. මහා අලක්ෂාන්දර වුණත් ජම්බුද්වීපයේ වාසල් දොරකඩට ඇවිත් ආපසු හැරුණා... එයාගේ අනුප්‍රාප්තිකයින්වත් පංචනදියෙන් මෙහාට ආවේ නැහැ. ධර්මාශෝකගේ පියාගේ චන්ද්‍රගුප්ත, ඒ යවන අනුප්‍රාප්තිකයින් තවත් ඈතට පන්නා දැමුවා... තමා විශාල බව දන්නා ජම්බුද්වීපය, භූමි මතයට ගැති වෙනවා. ලංකාද්වීපයටත් ඒ ඉතිහාස රෝගය වැලඳිලා. ශ්‍රී විජය අපි, සමතිස් පෙරුම් පුරන දහසකුත් එකක් දූපත් වගේ නැව් තොට හදාගන... බදු පත්තු අටවාගෙන මුහුදු මතය හිස මුදුනින් පිළිගන්නා ජාතියක්." (297-298 පිටු)

දෙවෙනි වකයේ මුඛ්‍ය චරිතයක් ලෙස බොහෝ ඇසු පිරූ තැන් ඇති පණ්ඩකයෙකු භාවිත කරමින් ලේඛක තෙමේ ව්‍යංගයෙන් පවසන්නේ, මෑතක් වන තුරුම පණ්ඩකයන් නොඉවසූ ස්ථාවරය මෑතක අප රටට පැමිණි එකක් වගත්, දැන් දැන් ලොව ප්‍රචලිත ලෙස ප්‍රධාන ලිංග ප්‍රභේද දෙකකට සීමා වීමේ යුගය අහවර බවත් ය. 

තෙවෙනි වකයෙන්, පෙර වක දෙකේ රිද්මය වෙනස් කරලමින්, නවකතාවට සමස්ත ලෙස හැඩ ගැස්වීමක් ගෙන එයි. ඒ අර්ථයෙන් ආකෘතික වශයෙන් මෙම නවකතාවේ බොහෝ වෙනස්කම් ද, හැරුම් ද ඇත. 

මේ සියළු සමාජ - දේශපාලන - දර්ශන ස්ථාවරයන් එක් කෘතියක් තුල කැටි කිරීමට එරික් ගෙන ඇති සාහිත්‍යමය ප්‍රවේශය, පරීශ්‍රමය සැබවින් ම ඇගයිය යුතු එකකි. පිටු 376ක් පුරා දිගැරෙන මෙම දීර්ඝ නවාකතාව තුල දී කතුවරයා ගේ මෙම ස්ථාවරය හොඳින් පිළිඹිබු වන බවත් කිව යුතුය. එහෙත් මෙය නවකතාවක් ලෙස සාර්ථක ද ? ඇත්තෙන් ම එය 2024 දී සිට කිව හැක්කේ මෙය මට අද, සහ මා දකිනා අයුරින් අපේ බොහෝ පාඨක පිරිස පිළිගන්නා ආකාරය ගැන යමක් පමණකි. මා ඒ කියනා දෙය තව වසර හයකින්, හතකින්, දහයකින්, වෙනස් ව මෙය අපගේ වෙනස්වීමේ අත්‍යවශ්‍යභාවයට පෙරදැක්මක් ලෙස සේවය කර තිබෙනවා දකින්න මා ඉතා කැමතිය.
- මේ කෘතිය අප බොහෝ පාඨකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි මා සිතමි. කිමද, ආරම්භයේ කීවාක් මෙන් 'ගෝඩෝ එනතුරු' පාහේ ඉතා සෙමින් දිගැරෙනා කෘතියක් වීමය. මෙය මහත් ඉවසීමකින්, සහ කතුවරයා ගේ පැහැදිලි දීර්ඝ වැඩි විස්තර, ප්‍රස්තූත කාරණයෙන් පිටයෑම්, ගැන තරමක සවිඥානක වීමකින් කියවිය යුත්තකි. කතුවරයා ගේ පේත මෙරට ප්‍රධාන සම්මානයක් ජයග්‍රහණය කල විට, එය බගන්ධරා සහ රතු පලසෙහි දිගුවක් ලෙස නොදත් සාහිත්‍යට සම්බන්ධ අය පවා එය හෙළා දැක කතා කලෝය. ප්‍රේත ට එසේ නම්, තිවංක කතාව ට ලැබිය හැකි පිළිගැනීම කෙසේද යැයි සිතා ගත හැක. ඊට යම් පක්ෂපාතීත්වයට ඇති වෙතොත් ඇති වන්නේ, ගාළු මුවදොර උද්ඝෝෂණයේ අවශ්‍යතාව ගැන කියැවෙන නිසාය. එහෙත් ඒ නිසා ම මේ පොත ට අයෙක් පක්ෂ වන්නේ නම් එය සීමිත කියවීමකි. එහෙත් එය ද බලාපොරොත්තු විය යුත්තකි.
- පේත වලින් පසුව එරික් ලියූ ප්‍රබන්ධයන්ගෙන් මා තවම කියවා ඇත්තේ, 'මැස්සා', 'කොළඹ දැනුම', සහ දැන්, 'තිවංක කතාව' පමණි. තව කියවීමට ප්‍රබන්ධ ඇති හෙයින් වඩා විශ්වාසයකින් කිව නොහැකි වුවත්, මේ කෘති හරහා අපගේ සීමිත කියවීමේ හැකියාව අනුව පෙනී යන්නේ, කතුවරයා ගේ දනුම් පිපාසය නිසා ඔහු කියවන බොහෝ දේ, ඔහුම සොයා ගන්නා යම් ගැලපීමකට ගලපා ප්‍රබන්ධයක් ලෙස එළිදක්වන බවකි. බගන්දරා සිට රතු පලස, හෝ පේත දක්වා තිබූ මටසිළුටු නවකතා ශූරත්වය අප එරික්ගෙන් දැන් දකින්නේ නැත (පහනක අඳුර හි හෝ නකුල මුනි හි හෝ මේ මා නැතැයි කී ලක්ෂණය ඇත්තේ නම් අපට කමන්න - ඒවා අප තව කියවා නැත). පාඨකයා ට මෙම නවකතාවල යම් කෘතීමත්වයක් දැනුනද අප ට හැඟෙන්නේ, එරික් මේ අවදියේ පසුකරනා කියවීම් පරාසය අනුව මෙම ප්‍රවණතාවෙන් මිදෙන්න බැරි බවක් සහ ඔහුට ආවෙණික ස්වභාවික ප්‍රවණාතාවක් බවයි (අමරකීර්ති එරික්ගේ මෙම ලක්ෂණය ඔහුගේ කවිය විෂයෙහි තැනෙක දෙකක පවසා ඇත). ඔහුගේ කෘති වලට වඩාත් ම ප්‍රිය පාඨකයෙක් ලෙස මා නම් සිතන්නේ ඔහු දැන් දැන් සංස්කාරකවරයෙකුගේ අවශ්‍යතාව වඩාත් පැහැදිලිව පෙන්වන බවකි.

ඉතින් අපට හැඟෙන්නේ එරික් මහා සාහිත්‍යමය පරීශ්‍රමයක් යොදා ඇති බවත්, ඉන් මිශ්‍ර ප්‍රතිඵල ලබා ගෙන ඇති බවත් ය. අප රටේ ලිංගිකත්වය සහ එය පිළිගැනීමේ වෙනස්වීම ඉතා සියුම් ලෙස නවකතාවකට හසු කරගත් කෞශල්‍ය කුමාරසිංහගේ 'නිම්නාගේ ඉතිහාසය' වන් විශිෂ්ඨ කෘතියක් මගින් රසවත් නවකතාවකට බොහෝ දේ කර හැකි බව පෙන්වා තිබෙන වටපිටාවක, එරික්ගේ හුදෙක් පැස්සිය යුතු සමාජ-දේශපාලන-දැනුම් ප්‍රවණතාව වෙත වෙන තල්ලුව නිසා ම මට නම් මේ නවකතාවට වැඩි ලකුණු දිය නොහැක. ඉන් මෙම නවකතාවට අප රට සමාජයට දෙයක් කල නොහැකි බවක් නොකියවේ. 

ශ්‍රේණිය: ***
2023 ප්‍රකාශ වූ නවකතා කියවීම - 1






Wednesday, 31 July 2024

Your Nostalgia is killing me - John Weir

 Read John Weir's short fiction collection, - linked stories, as it were , Your Nostalgia is killing me'.

The book at times had me so emotional, and at other times was bit of a drag. But strength of the powerful parts were good enough make the whole book a worthwhile read.

The parts on our protagonist and narrator's adolescence, where he experiences the continued bullying by fellow students is heart wrecking. 

"'I have nothing to give except myself and that doesn't seem to be enough.'

The guy who wrote the play, Tad Mosel, is gay, but I don't know this. He wrote Impromptu for his Yale classmates in 1949.

I still don't know anybody gay. Nobody openly gay, no one who identifies as gay. There is no such thing as 'identifying as gay'. I don't even know anyone who's been accused of being gay. You can only be accused of being gay and deny it. Nobody is gay. I don't even know if I'm guy.
" (from "It gets worse")

The descriptions of how him being different - in his walking, possibly talking etc., and how he had no one to turn to, in his painful discovery of himself, 40 years back, would give you a clear understanding why a bully shouldn't be tolerated. There are couple of stories  of our narrator's school life (e.g. American Graffiti, It gets worse).

"I'm the high school homo. The boy who acts like a girl. I'm called a faggot every day. It starts in the morning when the school bus comes down Route 513, and the kids from Califon are already leaning out the windows two hundred yards away and screaming, 'Faggot!' At school, I'm pushed against lockers and punched in hallways and called a faggot on my way from one class to the next. When I get off the school bus at night, kids lean out the windows and scream, 'Faggot!' as the bus disappears out of sight" ( from "American Graffiti")

The second set of stories that I enjoyed were the ones which describe the last days of his friend, who died at the age of 38, from AIDS (e.g. Neorealism at the Infiniplex, Scenes from a marriage, It must be swell to be laying out dead, political funerals ).

"When Dave told me he had AIDS, the day we met, I liked him more. Creepy Fetish, dying men. Except it was 1989 in NYC, and the chance of meeting someone who didn't have AIDS, in that place and time - forgive the word - slim. And I hadn't kept anyone else alive, Maybe Dave. If he had five years, surely there'd be a cure..."


There was a time in the 80s, and the 90s, when a large section of the gay community, especially in New York, died of AIDS, since there was no medication to cure it, or control it. I was reminded of the lyrics of the Pet Shop Boys song, 'being boring' which refers to these many deaths.

Now I sit with different facesIn rented rooms and foreign placesAll the people I was kissingSome are here and some are missingIn the nineteen-ninetiesI never dreamt that I would get to beThe creature that I always meant to beBut I thought in spite of dreamsYou'd be sitting somewhere here with me

There had been political protests due to the inaction  by the government towards research for a cure,  and we see our narrator playing an active role in some of these protests."Release the drugs; AIDS won't wait", was one of the slogans.

The rest of the stories were on his post-Dave experiences, him spending his money to buy medicine for his AIDS infected close lovers (with no sex) etc. While these stories had there moments, they didn't come to the level of the first two categories of stories.

The short stories are all very well written, and most of them keep you engrossed, and revealing to you a period of the world's recent past, in which many suffered as a result of the essential human nature, that of being different, the necessity to love and of sex.

Highly recommended for lovers of modern English Fiction.

Rating: ****


Monday, 22 July 2024

The Promise - Damon Galgut

Damon Galgut is the third South African, and 'The Promise' is the fourth book written by a South Africanto win the Booker award. Of the four books, I am yet to read 'The Conservationist' by Nadine Gordimer.

I couldn't help, but see some similarities between Coetzee's Disgrace, and this book, based on their themes, broadly.  In 'Disgrace' the said disgrace could be traced to two sets of incidents - the protagonist's manipulations and seductions which bring him disgrace, as well as his inability to look after his own daughter, in a climate of changing political power in the country. It is a time of disgraces for those who held an unfair hand at power. Galgut too uses the term 'promise' to mean two things. A personal promise made by the husband to a dying woman's plea, which their youngest daughter overhear. A promise that is not kept for over thirty years, and then when met, its value irrelevant. A promise not kept, in other words. It also suggests the dampened promise in a post apartheid South Africa. For the potential for good things is slow to materialize.  The lives of those who have been at an advantage hitherto are threatened, and after a long period of being discriminated against the discriminated races too are yet to find a firmer footing. They are bitter at the people around them, and those who held power before them. It is clear that Anton lived in portal fear in his own farm, and his ownership and power, was dated and threatened.

The book as a whole discusses the fall  of the Swart family. But Galgut uses this average family to signify something much larger - of a promise coming undone. It signifies the fall of the power of the white South African family, and the country that the Black South African take over is ridden with corruption, challenges with infrastructure etc. The promise of a new day is bleak, although however bleak, nothing is permanent - not even the bad times.

Overall it is an excellent read, and Galgut's rather improvised narrator's tone, that of an omnivisible - the narrator for a small time can even see those who have passed - is clearly worthy of the global recognition that the book has achieved.

Rating: ****
Man Booker Award 2021
(photo credits: https://www.takeawayscripts.com)

Saturday, 13 July 2024

ගිරිජා - මනෝහරී ජයලත්

 මනෝහරී ජයලත් ගේ ගිරිජා නම් වූ නවකතාව කියවුවෙමි. මෙය මා කතුවරියගේ කිය වූ පළමු ප්‍රබන්ධයයි.


මේ නවකතාව මා වඩාත් සිත් ගත්තේ, උක්ත කාලයට උචිත යැයි අපගේ සිමීත දැනුම අනුව අප ට සිතෙන, පිළිගත හැකි දෙබස් හා ජීවන පිළිවෙඅතකින් ය පෝෂණය වී තිබීම හේතුවෙනි. 1848 ආසන්නයේ යයි සිතිය හැකි කාල පරාසයක, සමස්ත ලෙස බාහිර ආක්‍රමණියෙකුගේ ක්‍රියාවන් ට එදිරිව වඩා ප්‍රඥ්ඥා ගෝචර ව සාමාන්‍ය රට වැසියන් ලෙස ක්‍රියා කල යුතුව තිබුනේ එසේ ද යන්න ට පාඩමක් ලෙස ගිරිජා ගේ ක්‍රියා කලාපය පෙන්වා දිය හැකිය. එහි ම මෙම නවකතාවේ තරමක අවිශ්වාසනියත්වයක් ද අයෙකුට පෙනීමට ඉඩ ඇත. නිදසුන් ලෙස පටු චින්තනයක වෙලී සිටි සුන්දරා ගිරිජා ට මෙහි කියැවෙන ලෙස එහෙ මෙහේ ගමනට නිදහසක් දෙයි ද, යන්න විවාදිතය. එලෙසම ගිරිජා ට එතරම් දූර දෘෂ්ඨියක් කෙසේ ලැබෙන්නේ ද යන්න අයෙකුට ප්‍රශ්ණ කල හැකි මුත්, එවන් බුද්ධිමත් භාවයක් තිබීම ප්‍රශ්ණ කල හැක්කක් නොවෙන හෙයින්, එම චරිතය සමස්ත ලෙස සාර්ථකය. ඒ අනුව ගිරිජා යන චරිතය වඩාත් ඉදිරිය පෙනෙන ප්‍රගතශීලි කාන්තා චරිතයක් පමණක් නොව, තරමක වීරත්වයකින් ද හෙබිව ලේඛිකාව ගොඩ නංවා ඇත. ඇය ක්‍රියා කරන පරිසරය, භාෂාව ආදිය භාවිතයෙන්, සමස්ත රචනයට ආකර්ශනයක් ගෙන ඒමට ලේඛිකාව සමත්ව ඇත. එම ආකර්ශනය හමුවේ අයෙකුට පෙර කී අවිශ්වාසනීය අවස්ථාවන් එතරම් තැකීමක් නොකිරීමේ රිසියක් ජනිත වන්නා සේය. එය ලේඛිකාව ගේ ශුරත්වයක් සහ නිර්මාණයේ සාර්ථකත්වයක් හේතුවෙන් යැයි කිව හැක.

සිංහල නවකතා කියවීමට රිසි පාඨකයාට, සහ ඓතිහාසික නවකතාවට ලොල් පාඨකයන් හට නිර්දේශ කරලීමට නොපැකිලෙමි.

ශ්‍රේණිය: ****
ප්‍රකාශනය: විදර්ශන (2022)
2022 ප්‍රකාශිත නවකතා කියවීම - 3

Wednesday, 10 July 2024

Reflections upon the character of Daniel Plainview (in 'There will be Blood')

 



Someone said:
"You Live Most of Your Life Inside of Your Head. Make Sure it is a Nice Place to be."

But what if 'a nice place' isn't your favourite mind frame ? What if winning in each occasion, however trivial, is how you feel good about it - irrespective of how you get there? I got to thinking on these lines upon watching Daniel Day-Lewis' stellar performance as Daniel Plainview, in 'There will be Blood'. Some of the dialogues in the movie, and how certain incidents are deep etched in Daniel's mind, only to score victories against his purported perpetrators when the occasion arises, goes on to prove that his whole life until he finally says 'I'm done' is about winning each little battle against all those who crossed his path. None are spared - The man who posed as his half-brother Henry, Eli Sunday, and even his 'son' P.W.


At a time when he believes that Henry was his half brother, and he confesses thus:



Daniel Plainview: Are you an angry man, Henry?
Henry: About what?
Daniel Plainview: Are you envious? D'you get envious?
Henry: I don't think so. No.
Daniel Plainview: I have a competition in me. I want no one else to succeed. I hate most people.










Eli puts on his convincing act of driving evil out, but in the process taking revenge for the beating he got from Daniel through ridicule:



 Daniel Plainview: [mumbles] Abandoned my child.
 Eli Sunday: Say it louder... say it louder!
 Daniel Plainview: I've abandoned my child! I've abandoned my child! I've abandoned my boy!
 Eli Sunday: Now beg for the blood!
 Daniel Plainview: [sotto voce] Please, give me the blood, Eli. Let me get out of here.
 Daniel Plainview: [aloud] Give me the blood, Lord, and let me get away!



 

 

 

Many years later when Eli returns to his now, relation, upon falling upon hard times, Daniel breaks Eli, thus:

Daniel Plainview: But there is one condition for this work.
Eli Sunday: All right.
Daniel Plainview: I'd like you to tell me that you are a false prophet.Daniel Plainview: I'd like you to tell me that you are, and have been a false prophet.Daniel Plainview: And that God is a superstition.Eli Sunday: But that's a lie.
Eli Sunday: It's a lie. I cannot say it.[grinning]
Eli Sunday: -When can we begin to drill?
Daniel Plainview: -Very soon.
Eli Sunday: How long will it take to bring in the well?
Daniel Plainview: It shouldn't take long.
Eli Sunday: I would like a $100,000 signing bonus, plus the five that is owed to me with interest.
Daniel Plainview: That's only fair.
Eli Sunday: I am a false prophet, and God is a superstition.
Eli Sunday: If that's what you believe, then I will say it.
Daniel Plainview: -Say it like you mean it.
Eli Sunday: -Daniel.
Daniel Plainview: Say it like it's your sermon.
Daniel Plainview: Don't smile.
Eli Sunday: I am a false prophet. -God is a superstition.
Daniel Plainview: -Why don't you stand up? Put your glass down.
Eli Sunday: I am a false prophet. God is a superstition.
Daniel Plainview: -Eli, stop. Just imagine this is your church here and you have a full congregation, so...
Eli Sunday: I am a false prophet. God is a superstition

 In essence it was not money which drove Daniel Plainview throughout his life, but little victories and personal battles, which in essence must've made his head a very bitter place. But just maybe, bitter is a taste that some people enjoy as their normal mind frame.