Monday 16 April 2018

ප්‍රංශ පෙම්වතා - ශමෙල් ජයකොඩි


2016 ප්‍රකාශිත නවකතා අතුරෙන්, ස්වර්ණ පුස්තක අවසන් වටයටත්, ෆෙයාර්වේ අවසන් වටයටත් තේරි පත්වීමට සමත් ශමෙල් ජයකොඩි ගේ "ප්‍රංශ පෙම්වතා" නවකතාව කියවුවෙමි. කතුවරිය මේ වන විට නවකතා දහයක් ලියා පළ කර ඇතත්, මේ මා ඇගේ නවකතාවක් කියවූ පළමු අවස්තාවයි - එනම් ඈ පළ කල නවවෙනි නවකතාව ඔස්සේ ය.

මෙම නවකතාව, 2016 පළ වූ නවකතා අතරින් අති සාර්තක කෘතියක් බැව් අවිවාදයෙන් ම පිළිගනිමි. නුහුරු පැරිස් හා ටූලෝන් වාසය ගැන විස්තරයකට  එහා යන ස්ත්‍රී-පුරුෂ සබඳතා පිළිබඳ අපූරු, බරසාර කියවීම මෙහි වෙසෙස් වටිනාකම ලෙස දිටිමි. කතුවරිය භාවිත කොට ඇති "ප්‍රංශ පෙම්වතා" යන වදන් දෙක පවා හරි හමන් විග්‍රහයක් කරන්නෙ නම් පිටු බාගයක් හෝ ඊටත් වැඩියෙන් භාවිත කොට කල යුතුය. එනම් එහි එතරම් ගැඹුරු අර්තයක් ගැබ් වී ඇති නිසා ය. එය ප්‍රංශයේ සංස්කෘතිය හා තදින් බැඳී ඇති, ලාංකේය සමාජයෙන් ඉමහත් දුරස්ත සංකල්පයක් නිසා ය.

ඇගේ ලේඛන ශෛලිය තුල එක් පිටුවක් පුරා ඇතුලත් අකුරු වලින් පිටු දෙකහමාරක පමණ පරාසයක් ප්‍රකාශිතයි.  මීට පෙර අඩු ඉඩක් තුල මෙපමණ විස්තරයක් කීම මා දැක ඇත්තේ කේ. ජයතිලක ශූරීන් වෙතිනි; එහෙත් ඔහු ගේ ආඛ්‍යාන රටාවේ ඇති පාඨකයා කියවීමේ වේගය අඩාල කරලිමේ පෙළඹුම, ශමෙල් තුලින් නොදිටිමි. ශමෙල් කියවීම ජයතිලක කියවීමට සාපෙක්ෂ ව පහසුය; එහෙත් එය රාහුබද්ධ හෝ, රාජකරුණානායක හෝ, කියවන තරම් පහසු නැත. ඈ කැටි කොට ලියන්නියක ලෙස දකිමි; එය තුලින් ඇගේ අනන්‍යතාවක් තිබීමට පිලිවන්; එය එසේමැයි කීමට ඉක්මන් නොවන්නේ මා ඇගේ කෘති වලින් කියවා ඇත්තේ මෙය පමණක් නිසා ය.


නිදසුනක් ලෙස මේ ඡේදය සලකන්න; මින් අන් කතුවරියක පිටු දෙකක් පුරා  පැවසිය හැකි දෑ ඈ කටි කොට පමණක් නොව, පාඨක අපට දැනෙන්න ට ද කියා ඇත.

"අප මුණ ගසුණු දින කිහිපය තුළ ලලිතා හඳුනා ගන්නට මා උත්සාහ කළ ද විදේශගත වීමේ සිහිනයක කිමිදුණු තරුණියක හැර වෙනත් යමක් මට ඇගෙන් නොපෙනිණි. ජීවිතය යනු පුදුමාකාර අහඹු සිදුවීම් වැලක් මෙන් මට දැනෙන්නට පටන් ගෙන තිබිණි. මා දැන සිටි අන්දමට මාලි අක්කා පැරීසියට ගියේ ඇගේ පවුල් ජීවිතය හා බැඳුණු ගැටුම්වලින් මිද්දෙන්නට සිතාගෙනය. තාරකා එහි ගියේ ද ඇගේ හැසිරීම පවුලේ අයට ප්‍රශ්නයක් වූ නිසා ය. එහෙත් ලලිතා හුදෙක් ඇගේ කැමැත්තෙන් උද්වේගකර අනාගතයක් ඉල්ලමින් එහි යන්නට සුදානම් වී සිටියාය." ( 159 පිටුව )

එහෙත් මේ ආක්‍යාන ක්‍රමය ඉක්මවා යන සුවිශේෂිතා මෙම නවකතාවේ ඇත. ඒ චරිත ඉදිරිපත් කල ඇති ආකාරයයි. ඈ මාලි ගේ චරිතය නිර්මාණය කර ඇත්තේ අප ජීවිතයේ ඇය මුණ ගැසුනොත් ඈ හා කතා කල යුත්තේ, හැසිරිය යුත්තේ කෙසේ ද යන්න වැටහෙන ආකාරයට ය. ඈ දිරිමත් කාන්තාවක් ලෙසත්, එහෙත් බොහෝ කාන්තාවන් ලෙස සංඝතව හැසිරීම ඈට පමණක් වැටහෙන හෝ ඇයටත් නොවැටහෙන හෝ අයුරකින් බවත්, දිස්වන අයුරින් අප හමුවේ අඹා  තබන සජීවී කාන්තාවකි. වරෙක ඈ මාලක ගේ අවදානය අධෛර්යමත් කරන්නි, වරෙක ඔහු ඈ වෙත පැමිණීම ට කල් ගැනීම ගැන විස්සෝප වන්නි ය. ඈ තුලින් ප්‍රංශ-ලාංකේය දෙමුහුන් බවක සුවඳ විහිදුවාලයි; එහෙත් ඊට වඩා නොවැරදිය හැකි ලෙස ස්ත්‍රීත්වය පෙන්න්නුම් කරයි. මෙතරම් අව්‍යාජ ලෙසත්, නුමුත් සංකීර්ණ ලෙසත් ස්ත්‍රීත්වය පිරිමියා හමුවේ ක්‍රියාකරනායුරු අන් සිහළ නවකතාවකින් මා මතකයට නොනැඟෙයි. රාහුබද්ධයන්ගේ පරම්පරා පහක ස්ත්‍රීන් විඳි දුක් ගැන දීර්ඝ කතාව කියවා ( සිය සිය පත් සිය ), මලි හරහාත් මාලන් හරහාත්  තම නිදහස් මතයනට ක්‍රියා කරනා කාන්තාවන් හා පුරුෂයන් මුණ ගැසීම ඇත්තෙන්ම  සිහින් සුළං රැල්ලක් සේය.

මා මේ අවදානය යොමු කලේ නවකතාවේ විශේෂ ලක්ෂණය ලෙස මට හැඟුණු කාරණාවටය. එහෙත් මේ නවකතාව තව විවිධ මානයන් ඔස්සේ ද ක්‍රියාත්මකය. , ලාංකීය පවුල් සංස්ථාව හා ප්‍රංශ සමාජ පසුබිම අතර නිතැතින්ම පාඨකයා තුලින් සිදුවන සැසඳීම නවකතාවේ රසවත් බව තීව්‍ර කරයි. කතුවරිය ලංකාවේ සංස්කෘතිය හෝ ප්‍රංශයේ සංකීර්ණ සංස්කෘතිය හෝ, එකක් අනෙකෙකට වඩා ඉදිරියෙන් යැයි කීමට යත්න දරා නැත. පාඨක අපට මනු එක්කාසුවට ලකුණු පුවරුව සාදාඅ දී, සමාජ දෙකම යම් තරමකට අණ්වීක්ෂ ගත කරලීමට යත්න දරා ඇත. එකතකින්, ප්‍රංශ සංස්කෘතියේ හා පසුබිමේ සංකීර්ණත්වය නිසා ම එහි "පාඩුවේ" විසීම පහසුව ය. ලංකාවේ "පාඩුවේ" විසීම යන්න අතිශය ප්‍රහේළිකාවකි.

අනෙක් අතකින් මෙය  ඩයස්පෝරා සාහිත්‍යය යන ශානරයට අයත් ය.

මේ නවකතාව, මේ ලේඛිකාව සැලකිය යුතු මට්ටමේ සිංහල ලේඛිකාවක් යැයි  මට ඒත්තු ගැන්වුවේ ය. මීට පෙර ස්වර්ණ පුස්තක දීර්ඝ ලයිස්තුවට කිහිපවිටක් ඇගේ නිර්මාණ පිවිස තිබුන ද,   කෘති කිහිපයක් කපා කොටා කියවීමට තෝරගන්නා උක්ත වසරේ නවකතා 14-15 අතරට ඇතුලත් කර නොගත්තෙමි. මින් මත්තට ලේඛිකාවගේ නිර්මාණ දෙස මීට වඩා විමසිල්ලක් යෙදීම සාධාරණ බව මේ නිර්මාණය කියා පායි.

කෙටියෙන්ම කියනවා නම් ශමෙල් 2016 ප්‍රකාශිත හොඳම නවකතා පහ අතරට ගැනෙන නවකතාවක් ලියා ඇත; මට කියවීමට ඉතිරිව ඇති කෘති හතර එය හොඳම කෘති තුන අතර ට තේරෙවි ද යන්න තීරණය කරනු ඇත.

පේමතෝ ජායතී අසෝකෝ ( ආදර අතීතයේ අමුතු කථාව ) - ඉසුරු ප්‍රසංග



   කලකින් තරමක් වෙනස් ආරක නවකතාවක් කියවීමි. එහෙත් එය සිතේ දෙගිඩියාවකින් ඇරඹි කියවීමකි.  ඉසුරු ප්‍රසංග , වැඩිමනක් දේශපාලන නැඹුරුවක් ඇති මාධ්‍යවේදියකු සහ තීරු ලිපි ලියන්නෙකු ලෙස යම් අනන්‍යතාවක් ගොඩනගාගෙන ඇති අයෙකි. අපූරු නමක් ( ඒ යෝජනාව, සුනේත්‍රා රාජකරුණානායකගෙනි; පෙරවදනෙනි ) සහ ඊටත් අපූරු උද්‍යෝග පාඨයක් ( say it loud.. say it proud... I'm a Communist) ඇති මේ නවකතාව කියවීම ආරම්භ කලේ මදක් සැක සංකා සහිතවය.  කිම ද නිර්මාණාත්මක සාහිත්‍යය කියවීමට ඇති සීමිත කාලය අයෙකුගේ දේශපාලන ප්‍රචාරයන් වෙනුවෙන් වැය කිරීමට අපට ඇවැසි නැත.   ඉසුරු ප්‍රසංග පඨක අපට නිගා නොකර, මෑත ඉතිහාසයේ  අප රට සමාජ දේශපාලනය අලලා විචිත්‍රවත් නවකතාවක් ලියා ඇත. කියවීමෙන් අනතුරුව, මට නම් හැඟුනේ ඔබ, අප, සැම මේ නවකතාව කියවිය යුතු ම එකක් ලෙසය. කිම ද  "අධියථාර්තවාදය" පරයන අප අපූරු මව්බිමේ දෛනික සිදුවීම් වල සම්ප්‍රයුක්තය  අපූරු නිර්මාණයකට බොහෝ වස්තු බීජ සපයයි.අප ලේඛක තෙමේ, තරමක් චරිත කතාවක ලක්ෂණ රැගත්, මෑත කාලීන් දේශපාලනෙයෙන් සුපොෂිත, දර්ශනයෙන් ඔප වැටුණු අපූරු නිර්මාණයක් අප ඉදිරියේ තබා ඇත.


අයාලේ යෑම (අ ) - බොහිමීයානු අයාලය
-----------------------------------------------------

මෙහි ප්‍රධාන චරිතය රවිඳු නමැත්තෙකි. හේ බොහීමියානුවෙකි; කථාව අවසන් වන විටත් අත්දැකීම් පමණක් රැස් කරගත්, ඒ අත්දැකීම් වෙනුවෙන් ම බොහෝ දේ නැති කරගත් අයෙකි; නූතන සමාජයේ මැනෙන මිම්මෙන්, තමනට වඩා සියළු අතින් පරිපූර්ණ ආදරවන්තියක් ද, රැකියා කිහිපයක් ද, තමන් වඩාත් ලැදිව ක්‍රියා කල දේශපාලන පක්ෂය ද, ඔහුගේ දේශපාලන සබඳතා ද, අධ්‍යාපනය ද මේ නැති කර ගොඩ ට අයත් ය.

කතානායකයාගේ පුද්ගල සබඳතා වල උභතෝකෝටිකය ඔහු ම වටහා ගෙන තිබුන ද එය වෙනස් කරලීමට හේ අසමත් ය.
"හුඟක් තැන්වල අයාලේ යාමේ සතුට එක්ක එක් නිශ්චිත තැනක් අහිමිවීමේ සාංකාව ගැබ්වෙලා තිබුණා. හුඟක් අය ඇසුරු කිරීමේ සතුට එක්ක තමන්ගේම කියන අය නැතිවීමේ වේදනාව එකට මුහුවුණා. තමන්ගේ වහලෙ යට ගුළි වුනාම අහස අහිමි වෙනවා. අහස ජයගන්න ගියාම තමන්ගේ වහලේ අහිමිම් වෙනවා. මේ අන්ත දෙකට අතරමද මාවතක් හොයාගන්න මට බැරිවෙලා තිබුණා. ( 318-319 පිටු )

තව මානයන් බොහෝමයකි. එක අතකින් මින් කොපමණ කොටසක් චරිත කථනයක් හා සමපාත වෙත්දැයි නොදනිමි; එහෙත් සැලකිය යුතු කොටසක් එසේ වෙතැයි සාධාරණ යැයි හැඟේ.  මෙහි කිහිපතැනෙක ම පූර්ණ පුද්ගලික නිදහස ට එදිරි ව බැඳීමක් ඇති කරගැනීම යන්න තරාදිය දෙපැත්ත ට දමා කිරා මැණ ඇත. අයෙකු තවත් කෙනෙකුන් වෙනුවෙන් යම් ආරක කැපකිරීමකින් තොරව, ඒ අය ද තම දිවියෙන් යම් කොටසක් අනෙකා වෙනුවෙන් පුදන්නේ නැත. එය ද ගණුදෙනුවකි. ආදරය හා රාගය එම ගණුදෙනුව පහසු කරවයි. එහෙත් රාගයේ සෙල්ලක්කාර බව, අන් තැනෙක නැවත හිස ඔසවන්නේ තරදියේ එක් පැත්තකට බර වැදි කරමිනි.

ලෝකයේ පුද්ගලික සබඳතා, ආදර සබඳතා ආදිය ලිපි මගින් ප්‍රකාශ කල අවදිය පසු කොට සකර්බ'ර්ග්ගේ මුහුණුපොත හා චැට් වලට මාරු වූ යුගය , මේ පසුගිය වසර විසි-තිස් ගණණ ට අයත් ය.  මෙහි එන රවිඳු තම කුඩා කල අප්‍රකාශිත පෙම, අවුරුදු විසි තුනකට පසුව ප්‍රකාශ කරලීමේ අවස්තාව උදාකරගන්නේ සකර්බ'ර්ග් ට පින්සිදුවන්නට ය.  අප ජීවිත කාලයේ පසුගිය අවුරුදු දහයේ පමණක් සිදු වූ වෙනස්කම් කෙතෙක් ද?  මේ වෙනස්වීම් ද මෙම ගෙත්තම අලංකාර කරයි.

"සකර්බර්ග් කරලා තියෙන්නේ වරදේ බැඳෙන්න අවශ්‍ය කල්, රහස් තැන්, සකස් කරලා දෙන එක. හැබැයි ගෑනුන්ට විතරක් නෙමේ දෙගොල්ලටම. ඇත්තටම හම්බවෙන ගෑනියෙකුට මිනිහෙකුට උනත් කතාබහකට මුල පුරන්න කොච්චර බාධා තියනවද ? ෆේස්බුක් එකේ ඒ කිසි බාධාවක් නතුව හායි කියලා කතාව පටන් අරන් මූණට කියන්න බැරි ඒවා හිටන් කොච්චර ලේසියෙන් ටයිප් කරලා යවන්න පුළුවන්ද?" ( 332 පිටුව )

නවකතාවේ පරාසය පුරා කරක්ගසා අවසන් වද්දි, රවිඳුට ඒත්තු යන්නෙ සමාජවාදය ට වඩා සාර්ථක පිළියමක් රටේ දැවෙන ප්‍රශ්ණ වලට නොමැති වගයි - එනුමුදු එය අප රට ක්‍රියාත්මක ආරේ එකක් ද, මුල් පොත් වලින් ගෙඩි පිටින් ගත යුත්තක් ද ආදි ප්‍රශ්ණ රැසකි; ඊට අදාළ සියුම් සමීකරණයක්  අප විසින් ගොඩනගා ගතා යුතුය.


අයාලේ යෑම (ආ ) - පසුගිය විසිපස් වසරේ රටේ අයාලේ යෑම
----------------------------------------------------------------------------------
එහෙත් මේ බැඳීම් හා කඩාවැටීම්, සහ රවිඳු ගේ අයාලේ යාමෙහි යම් කලාත්මක ආකර්ශනයක් තිබුන ද මේ නවකතාව ඊට වඩා අගනේ හේ පාසැල් වියේ ජවිපෙ පංති පහට සහභාගි වූ දේශපාලන වෙසෙසින් සමාජවාදි උණෙන් පෙළෙන්නකු ලෙස, අවම වශයෙන් චන්ද්‍රිකාගේ යුගයෙන් මෙපිට සිදුවීම් සමඟ රවිඳු ගේ සබඳතා ය.

පංතියේ ගජමිතුරා වූ සුධීර පේරාදෙනියට ගොස් එහිදී මහ ශිෂ්‍ය සංගමයට සබැඳි ව දේශපාලනයට යොමු වෙයි. රවිඳු පක්ෂය ට ලැදි, ඒ වෙනුවෙන් ක්‍රියාකරනමුත්,  නිල වශයෙන් එහි සාමජිකයෙකු  නොවූ , විශ්ව විද්‍යාල වරම්  ද නොලැබූ,  පරිධියේ ක්‍රියාකාරිකයෙකු ලෙස කල් ගෙවයි. ස්ථිර රැකියාවක් ද නොකරන ඔහු, බොහිමියානු ජීවිතයට හුරු වෙන්නෙ අනේක ළඳුන්ගේ ඇසුරත්, දේශාපාලනයත් මුල් කරගෙනය.

පේරාදෙනියට යෑමෙන් අනතුරුව සුධීර ගේ විචාරය අප රට බොහෝ අය, විශ්ව විද්‍යාල ඇදුරන් පවා නොකියන තිත්ත ඇත්තකි.

"'... මේක තනිකර තලේබාන් කඳවුරක්, අතක් පයක් හොලවන්න වෙන්නෙත් කාගෙන් හරි කුණුහරුප අහන්න වෙයිද කියලා වයේ... දවස ගාණේ මීටින් තිය තිය තුට්ටු දෙකේ ප්‍රශ්නවලට පොඩි බබාලා වගේ රණ්ඩු වෙනවා..'

 ...ඉස්කෝලේ යන කාලේ සමාජවාදි ස්වර්ග රාජ්ජයක් විදිහට පෙනිච්ච පේරාදෙණිය... ඒ පුණ්‍ය භූමිය තලේබාන් කඳවුරක් බව පිළිගන්න  සිදුව තිබීමේ දරුණු පරස්පරය මගේ මිත්‍රයාට දරාගන්න අමාරු වුණා" ( 100-101 පිටුව )

  එනුමු සුධීර කාලයාගේ ඇවෑමෙන් අධ්‍යාපනය කඩාකප්පල් කරගනිමින් දේශපාලනයේ නියැලි, පසුව පක්ෂයේ දෙදැරීමත් සමඟ තවත් අන්තවාදි කඳවුරකට සීමා වන්නේ ඔහුට අන් විකල්පයක් නැති හෙයිනි. දිනෙක බීමතින් හේ රවිඳු ට මෙසේ පාපොච්චාරණය කරයි - ඒ ඔහු බෙදුම්වාදි දේශපාලන කඳවුරට නතුවීමට පෙර ය.

"නැති වුණ දේවල් ගැන දුක් නොවී ඉන්න තිබ්බා ඒකෙන් රටටවත් වැඩක් වුණා නම්, පක්ෂය දැන් සේරම කෙලවගෙන ඉවරයි, අධ්‍යාපන ප්‍රශ්න ගැන කරපු අරගලවලින් යම් යම් ජයග්‍රහන ටිකක් හම්බවුණ එක විතරයි එකම සතුටකට තියෙන්නේ, ඒත් අපි සීයක් කළා නම් ප්‍රතිඵලේ එකකටත් අඩු ගාණයි. ඒකට හේතු තිබුණා, පක්ෂෙට කවදාවත් ඒවා වෙනස් කරන්න ඕන වුණේ නෑ. අඩුගානේ විශ්වවිද්‍යාල වල තියෙන තිරිසන් සංස්කෘතිය වෙනස් කරන්න අපට පුළුවන් වුනා ද ? රටේ අධ්‍යාපනේ ඇත්ත ප්‍රශ්න ගැන කිසිම විදිහක වැදගත් මතයක්වත් රටට ඉදිරිපත් කරන්න අපට පුළුවන් වුණාද? විශ්වවිද්‍යාල දේශපාලනෙන් රටට වැඩක් තියෙන එක විචාරශීලි මිනිහෙක් හදන්න අපට පුළුවන් වුණාද ? හැබැයි කී දෙනෙක් උපාධි අතෑරියද ?  අද ඒ හුඟ දෙනෙක් යන එන මං නැතුව අනාථ වෙලා..." ( 258-259 පිටු )

ජවිපෙ අභ්‍යන්තර අර්බුදයට ලක්වන්නේ එල්ටිටීඊ සමඟ වූ යුද්ධයේ අවසන් අගයේ ඔවුන් ගන්නා ස්ථාවරය සමගය. මේ කියන ජවිපෙ දෙකඩ වන කාලයේ  අපූරු කියමනක්, රවිඳු ට "විමල්" පවසයි. මා මෙහි වටිනාකමක් දකිනුයේ මා හට ද මෙය කිහිපවිටක් දැනී තිබුණු බැවිනි.

"මොකද මැදමූලන මහින්ද කියන්නේ සෝබෝන් චන්ද්‍රිකා නෙමෙයි. ඔය ජාත්‍යන්තර ප්‍රජාව අරවා මේවා මිනිහ ගාණකට ගන්නේ නෑ. මැදමූලනේ ඉන්න හිත හොඳ චණ්ඩියා තමයි මෙතන වැඩ කරන්නේ. මහින්දට ඇඟපුරා මොළේ තිබ්බා නම් කවදාවත් යුද්ධෙ කෙරෙන්නේ නෑ. හැබයි දැන් වැඩේ යන විදිහට නිසැක වශයෙන්ම ගහනවා. කොටියා ඉවරයක් කරලා රටට හොඳක් වෙලා තමයි මේ යුද්ධෙ නතර වෙන්නේ." ( 240 පිටුව )

මේ වන විට මා තුල යම් බියක් ඇති වී තිබිණ. ඒ මේ පොතකින් අඩකට වඩා කියවා තිබිය දී, මින් මත්ත ට මෙය එක් දේශපාලන කඳවුරේ බංකොලොත්බාවය පෙන්වා අනෙක ට "කඩේ යාම ට ද" සැලසෙන්නේ කියා ය.  මගේ වටිනා කාලය එවන් දේශපාලන "ප්‍රොජෙක්ට්" එකකට කා දැමීමක් වන්නේ නම් එය මට මහත් උදහසට කරුණක් වනු නියත ය. එහෙත් අප ලේඛකයා ට ඊට වඩා ආත්මගරුත්වයක් තිබේ. ඔහු මින් මත්තට අප රට ඇති වුණු දේශපාලන සිදුවීම හැකිතාක් මධ්‍යස්තව තම ගෙත්තම තුලට අවශෝෂණය කර තිබුණි. එවකට පැවති රජයේ, වෙසෙසින් දෙවෙනි වකවානුවේ මුළු මහත් ජනතාවගේ බොහෝ බලාපොරොත්තු බිඳ දැමූ අයුරු ලේඛකයා නොසඟවා එළි කොට ඇත.

"සමෘද්ධි නිලධාරියෝ තමන් විසින්ම තමන්ව ගස් බැඳගත්තා.. මන්ත්‍රිවරු ඉස්සරහ ගුරුවරියෝ ස්වේච්ඡාවෙන් දණගැහුවා. විශේෂ ගුවන්යානාවල නැගපු බල්ලෝ ස්වීස්ටර්ලන්තෙ ඉඳන් ලංකාවට ආවා. අමාත්‍යාංශ ලේකම්වරු මානසික සුවය සඳහා ගෙදර මාළු ටැංකිවල තඩි මෝරු ඇතිකළා...

ලෝකෙ බලවත්ම ත්‍රස්තවාදි සංවිධානය පරදද්පු නායකයන්ට තමන්ගේ ඇඟ ඇතුළේ ඉන්න පුංචි පුංචි සත්තු ටික පරද්ද ගන්න බැරිවුණ එකම කොයි තරම් අධියථාර්ථවත්ද ?...

මාකේස් කිව්වා වගේම ලංකාවට අදාළ අලුත් යථාර්ථයක් අපට හමුවෙමින් තිබුණා. කඩු උස්ස ගත්ත කෑදර වඳුරු සේනාවක් මහරජාගේ ඇඟේ වහන මැස්සෝ එළවන්න තුන් තිස් පැයේ රජා වටේ කැරකුණා. පින්මඳ පුතුන්ගේ මෝල් අමාරුවට, කාර් පදින තෙලේට, අසූචි ශුක්‍රාණුවලට අනුව රටේ රාජ්‍ය ව්‍යූහය පවා අලුතින් හැඩහුණා. කාර් රේස්වලට වැලි කොට්ට අදින්න බැරුව රණවිරුවන්ටැ හමුදාව තිත්ත වුණා." ( 335-337 පිටු )

මා මේ උදෘත මෙපමණක් මගින් පෙන්නුම් කලේ අප රට මෑත කාලීන් දේශපාලනය බොහෝ මධ්‍යස්ත ලෙස කතුවරයා තම නිර්මාණය උදෙසා භාවිත කොට ඇති බව ඒත්තු ගැන්වීමට ය. ඉන් කතුවරයා ට දේශපාලන මතයක් හෝ පක්ෂයක් නැති බවක් නොකියවේ; අප සියළු දෙනා දේශාපාලන සතුන් ය.එහෙත් මෙහි ඇත්තේ පක්ෂ දේශපාලනය පමණක් නොව;  මෙහි උදෘත ව  නොපෙන්වුව ද, රාජ්‍ය නොවන සංවිධාන වල කල්ක්‍රියාව ද මෙහි පෙන්වා ඇත.

ලුණු, ඇඹුල්, පහේ
------------------------

නවකතාවේ පරිපූර්ණත්වයට හේතුවන අන් කාරණා නම්, මෙහි  තැනින් තැන එන හාස්‍ය රසයයි. රවිඳු අලුත් මිනිහෙකු වන්නට යත්න දරා, මිතුරෙකුගේ "ගොන් පාට්ටෙකක්" නිසා සුබ මොහොතින් රිමාන්ඩ කූඩුවේ රැය පහන් කිරීම එක් අවස්තාවකි ( අතුරු කතාව: මගේ හොඳම මිතුරා ද මගේ ඇස් පෙන්නීමට කාලය වෙන් කරලා තිබුනේ අනුරාධපුර හෘදවස්තු සම්බන්ධ වෙදෙකුට ය;  මා අක්ෂි වෙදා ගාවට ගොසින් කිට්ටු වෙන්නවත් බැරුව ආපහු කොළඹ ආවේය - හොඳම මිතුරන් යනු එවන් අවිශ්වාසී සත්ව කොට්ඨාශයකි..)  මහ දහවල් තමන් පෙර කල "සිප් උගත්" වෛශ්‍යාවකගෙන් "දෙකක් අහ ගැනීම:  තවත් අවස්තාවකි. බීමතින් තම ප්‍රේමවන්තියගේ ඇමතුම විසන්දිය අමතකව, තම මිතුරන් ට අන් ස්ත්‍රියක් හා "හැමිණුණු" ආකාරය රස කර  පවසා  දිවි අරුත් සුන් වන අයුරින් ඇය නැති කරගන්න අයුරු ඛේදයක් රැගත් හාස්‍යජනක අවස්ථාවකි. ඉන් සියල්ලෙන් මෙහි එන මුඛ්‍ය චරිතයේ ස්වභාවය, අඩුපාඩු ආදිය එළි වේ. සමහර සිදුවීම් පාඨක අප ට සිදු වූ දෑ සමඟ සසඳා හාස්‍ය රසය මතු කරගත හැකිය.


තාවකාලික වීරයෝ
---------------------------

  
අයෙකු වීරයෙක් ලෙස තවෙකෙකු හැඟෙන්නේ කෙලෙස ? අප ජීවිත කලයේ වීරයෝ කී දෙනෙක් කෙටි කලකින් එම ප්‍රතිමාතලයෙන් බැස, අපෙන් "කුණු බැණුම්" අසා ඇත් ?

"
අන්තිමේ දී ජීවිතේ අත්දැකීම් එක්ක මේ වීරයෝ එක එක්කෙනා පුංචි වෙන්න පටන් ගත්තා. වීරයන්ගේ වීරකම්වල සීමා මායිම් පේන්න පටන් ගත්තා. අපේ වීරයෝ කිසිම බලවේගය ඉස්සරහ පරාද වෙන්නී නෑ කියන, එතෙක් හිතේ තිබ්බ අතාර්කික නොපැහැදිලි හැඟීම දියවෙන්න ගත්තා. අන්තිමේදි මට තේරුණ දේ තමයි විශ්වවිද්යාල ශිෂ්යයෝ විතරක් නෙමෙයි ලෙනින්ලා, චේ ලා, ගාන්ධිලා වගේ වීරයොත් මේ මහා දැවැන්ත ලෝකය ඉස්සරහ කොච්චර පුංචි අයද කියන එක. හැමෝම වීරයෝ වුණේ තමන්ට අදාළ කිසියම් සන්දර්භයක් ඇතුළේ විතරයි. සදාතනික, සර්ව කාලීන සාර්ව භෞමික වීරයෝ නෑ. ඒක වීරයන්ගේ වරදක් නෙමෙයි. ඒක තාමයි ලෝක ස්වභාවය... " ( 368 පිටුව)

මෙහි වෙසෙස් ආකෘති හරඹ නැත; බස ද වෙසෙස් කාව්‍යමය ලක්ෂණයන්ගෙන් තොර වුව ද උක්ත යුගය ට වඩා යෝග්‍ය ය. තැනෙක නොසරුප් වදනින් කතාව ස්වභාවික බව ත්‍රීව කරයි. දොසක ට කිව හැක්කේ, සංස්කරණයක් කලා නම් පිටු පණහක් පමණ අඩු කල හැකි ව තිබූ බවකි; එහෙත් එම දොස ද ආයාලේ යෑම නිමිති කොට ගත් නවකතවකට නූචිත යැයි කීම නුසුදුසු ද ?  යම් සැකයකින් කියවීම ඇරඹු නවකතාව, මගත් සේ රසවිඳ පැත්තකින් තැබුවේ "නොකියෙවා හිටිය නම් මහ අපරාදේ" යන හැඟීමෙනි.


Wednesday 11 April 2018

Mapping the Heavens - The Radical Scientific Ideas that Reveal the Cosmos - Priyamvada Natarajan


    This is a book that amazed and awed me from the preface itself. On the first page of the preface it states thus:

"...the universe as a dynamic place, expanding at an accelerating rate, whose principal mysterious constituents, dark matter and dark energy are unseen. The remainder, all the elements in the periodic table, the matter that constitutes stars and us, contributes a mere 4 percent of the total inventory of the universe."
That, what  we  all  know as the stuff that make matter - is just 4% of the total inventory  makes one feel insignificant. If that makes one insignificant and infinitesimal in terms of size, this next makes one  feel that all our worries about the challenges we face as modern men and women,  not worth the daily calories we burn in worrying about them. Hear this :

"Today we have images and data of several million galaxies, many of them so distant that the light we see originated from them when the universe was in its infancy, a mere billion years old, barely a fraction of its current age of 13.8 billion years."

These astounding facts hint of the wonders to expect in the seven chapters that make up the book, and it made me look forward to it.

Chapter one titled "Early Cosmic Maps", inform us of  that,  mapping the celestial objects in order to predict a pattern, which could help us terrestrial beings with their terrestrial affairs seem to have interested us from around 2000-1600 BCE (i.e. Nebra Sky Disk from the Bronze Age Unetice culture ). It then carries us on a journey in which
- the celestial interests of the Babylonians ( 7th C. BCE),
- Greek interpretations ( World resting on the back of a turtle),
- Anaximander deducting that earth was freely suspended,
- Greek Eratosthenes' calculation of the circumference of earth,
- Ptolemy's world map (1478) thanks to the spherical trigonometric developed by the Arabs and Indians.
- challenging Ptolemic view of an earth centric cosmos, with the sun at the center, as presented by Copernicus, and the subsequent Catholic inquisition.
- Kepler who strove to describe the elliptical motion of planets,
    all the way to Newton, whose "boldest leap" is identified by the author as "uniting the terrestrial and the celestial with a universal law of gravitation".

Chapter Two is titled, The Growing Border: The Universe Expands. This chapter is very interesting since it is not confined to the science of how the discovery of the expansion of the Universe came about. Yes, that discovery is remarkable too - the work done by Edwin Hubble towards its discovery, although somewhat reluctant to believe it himself; but more importantly those who theorized it like Georges Lemaitre, who was never recognized for the speculative theoretical solution during his life time. No less than the great Albert Einstein opposed the challenge to the model of a static universe. More importantly, it has now come to light that he has behind the scenes tried his level best to prove that the universe  was static even after he accepted the newer theory, upon conceding he had erred. While Einstein appears to have been attached to the flawed theory due to his earlier cosmological theory, Hubble the reluctant champion of the new finding possibly couldn't come to terms, challenging, what for him was "a fact".

"He (Hubble)  felt that a choice was being made between accepting a small-scale universe and accepting a potentially new principle of physics. He really preferred the conclusion that his observationally measured systematic redshift effect was probably due not to a true Friedmann-Lemaître expansion but driven by an as yet undiscovered fundamental principle of nature."

The Third Chapter is on Black Holes. She starts with the origin of the term ( it is from Calcutta, and there is nothing Astrophysical about it) and goes on to explain that the origin of the concept of a dark star (1783) can be attributed to a country parson polymath by the name of John Mitchell.
"Michell proposed that massive stars could gravitationally attract and slow down light particles, much as they attract other astronomical passersby, such as comets. Since the more massive the star, the stronger its gravitational pull, some extremely massive stars, he noted, might stop light entirely."

There is a beautiful explanation here, that one can only find in a book of this nature. That is on Einstein's general theory Relativity. Am going to copy it in verbatim to make any possible readers  ( if there are any, this further down this article) awe at it.


"Part of physicists’ unadulterated admiration for Einstein is due to his development of the entire theory of general relativity ex nihilo, not to provide an explanation for any observed phenomenon but as a self-sufficient, fundamentally new theory of gravity. This is as pure as theory gets in physics. General relativity is an homage to the power of speculative thought and the possibilities of deep mathematical understanding. The theory offers profound insights into the nature of gravity, the mysterious attractive force that holds the solar system and the entire universe together.....

The need for general relativity to explain compact compact objects did not emerge for some time, although it was successfully used to describe the overall properties of the universe within a decade of its invention. Because the observational effects of this theory are small unless the objects studied have extreme gravity, it was not until astronomers discovered exotica such as neutron stars, pulsars, and quasars that its full explanatory power was revealed. So when astronomers detected these heavyweights in the universe in the 1960s, Einstein’s theory was already firmly in place to describe their properties."

Such is the genius of Einstein, and his theory is fundamental to modern application like GPS. The chapter goes on to explain the limitations of Newton's theory as well.


Another beautiful ( pardon the repeated use of the word, in writing about a book on science - but it is appropriate, here - and as a layman, I was awestruck, and left slack jawed most of the time )

"Einstein’s theories do not invalidate Newton’s conception of gravity—they both have their domains of validity. Each theory has its place and offers adequate and accurate descriptions, in certain regimes. As Einstein once said, 'The most beautiful fate of a physical theory is to point the way to the establishment of a more inclusive theory, in which it lives as a limiting case.' Newton showed gravity’s universality; Einstein’s theory explains why this is so in terms of the curvature of space-time. ( And here is a place where an alternate view to that of Nalin de Silva is apparent - His premise that Newton stated "absolute falsehood", is inaccurate. ) The chapter then moves to explain why a Theory of Everything is necessary, but has been elusive for many a decade. It further elaborates on the demarcation between a white dwarf, Neutron Star and a Black Star. The chapter then adds the "human element" to show how Madras' Subrahmanyan Chandrasekhar was "back stabbed", academically by Edington. Why ? Because Eddington wanted currency for his own work. Letters discovered since have revealed that Chandra himself was hardly a saint, as he too had tried to refute Edington's theories while remaining the closest of colleagues.


If there is one chapter which emphasise on the amount of work that people have to do, to get new knowledge - knowledge that is pioneering, and is in total contrast to what has been accepted hitherto, it has to be chapter 4 - titled "The Invisible Grid", sub-titled "Coping with Dark Matter". The  Scientist draws comparison to the discovery of dark matter to that of Holmes or Poirot discovering the evidence, motive and the scene, but minus the victim. Dark matter as has been calculated accounts for almost all of the total matter in the universe.
All the known elements in the periodic table, including those of which we are composed, constitute a paltry 4 percent of the universe’s total contents, including matter and energy, utterly insignificant compared to the amount of dark matter. Dark matter provides the scaffolding within which stars and galaxies form, aggregate, and evolve. The list of names of the scientists who dedicated their lives towards discovering ( and rediscovering ) this phenomenon is quite lengthy.




Chapter Five, discusses the finding that the expansion of the Universe is at an acceleration. Hubble's finding that the universe was expanding was accepted by Einstein publicly, finally accepting that the universe is unmoored. It now transpired that the "lambda" in Einstein's field equations holds the key, and in fact any deviation from it's set value in the equation cause the universe into an accelerated expansion. The "gravity" ( no pun intended ) of this lambda (i.e. Cosmological constant ) was discovered by Eddington.  The chapter continues to discuss on the value of Omega - the ratio which represents the density of all matter and energy in the universe and the cosmological constant to the critical density. To describe this any further would possibly warrant me to copy large parts of the texts in verbatim - hence in summary let me say that astronomers had means of calculating the value of Omega from the relic radiation resulting from the big bang, and there was a gap of 0.7 from the values resulting from the aggregate of matter from the universe. This I found awe striking. That indirect factors could be used to such a degree as to take measurements  of these far off galaxies. There was no  way that I could even come close to understanding how this was done, unless I spend a considerable time on this discipline. So alas, it will have to remain a mind boggling read, as a measure of how small, insignificant and trivial we are - and against the time duration we speak of here, a mere a momentary passing presence in this universe.

Chapter six is dedicated to the discussion of the race to discover, if  the universe  resulted from a big bang  or if  it was a steady state  universe all along. CMBR, or the cosmic microwave background radiation was instrumental in predicating the Big Bang theory. There were many people who were instrumental in discovering CMBR,  some of whom were recognised and others not (i.e. Alpher) until after their death. Again it is nothing but with awe that someone with average faculties like me, can think of these amazing individuals who spent their whole lives in projecting and formulating their theories. The passion that these people had for what they aimed at finding is clearly amazing.

The concluding chapter attempts to give an idea about what the future holds  with respect to cosmology. I found one paragraph in particular, quite up to tune with what I feel ( possibly since it was in more layman's language, relatively, than when the authoress tries to present us with cosmology explained in simple terms throughout the book.)
 "We have found our significance continuously diminished, a species inhabiting one planet among eight ( previously nine ) in the solar system among several thousand others, in a galaxy among several billion others growing increasingly distant."
Today we search for "life" (?) in other worlds. But life itself is vague in its definition. I conclude this rather difficult write up with this paragraph which serve as food for thought.

"The biologist Harold Blum had earlier labeled this point of view “opportunistic” and the opposing stance “deterministic.” According to the deterministic argument, evolution unfolds in the same sequence everywhere in the universe, with complexity growing with time. The opportunistic view holds that life has many possible courses. Simpson noted that most exobiologists take the deterministic view, for which there is no empirical evidence, while evolutionary biologists tend to take the opportunistic one, which the fossil record on earth amply supports. Fossils reveal that most early life-forms went extinct and that evolutionary processes have had a considerable random component. Simpson argued that life, should it arise elsewhere in the universe, need not follow the arc that we are familiar with, from protozoa to human."

Clearly  most  details that this book carries went over my head. I could understand what it was talking about at most times, but had no notion of how it was calculated. For example I could understand Doppler effect, but clearly had no idea how the calculations that reveal its consequent findings  was carried out.  Clearly the very little engineering mathematics that I knew ( and is rusty by now)  wasn't going to help me here - and I had no other option but to believe the good offices of the much knowledgeable authoress. And in a sense it is a little sad for me, since at my age a change of discipline  or an abundance of time for self study in this fascinating area is most unlikely.

In concluding I am eternally grateful to Mr. Sunil Koswatta for  educating us about this book, without which I would never have got this opportunity to read this wonderful account, of  the universe, of  man ( who by themselves have a fleeting presence in the scale of time ) whose determination to understand this phenomenon, and the breakthroughs he has had, It  leaves me quite clearly speechless, and in deep reflection.
 

Tuesday 10 April 2018

සිය සිය පත් සිය - සුමිත්‍රා රාහුබද්ධ


   සුමිත්‍රා රාහුබද්ධ රචනා කොට, 2017 ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශ වූ "සිය සිය පත් සිය" නවකතාව කියවීමි. පිටු හාරසීය ගණණකට ආසන්න තරමක විශාල පොතක් වුව, පොත ආරම්භයේ සිටම පිටුවෙන් පිටුව පෙරලීමට පොළඹවන ආරේ ශෛලියකින් ලියැවී ඇති අපූරු කෘතියකි. "රාහුබද්ධයන් අපූරු ලියන්නියකි" යන්න සියළු දෙනා දන්නා දෙය පුනරුච්චාරණයකි. කරුණ එය නොව - මෑත ඉතිහාසයේ රාහුබද්ධයන්ගේ නිර්මාණ සලකන සඳ,  කන්දක් සේමා, අත අත නෑර, තුරු සමුදා සහ මේ කෘතියත් සමඟ කෘති හතරක් ඔස්සේ නැවුම් ඉසවු සතරකට පාඨක අපව ගෙන යාමට ඈ දැක්වූ දක්ෂතාවයි. එහෙත් මේ කෘති හතර අතරින්, එතරම් අපහසුවකින් තොරව මෙය ඉදිරියෙන් බව මට සිතේ. පෙර කෘති හතරේ මාතෘකා ආර අනුව, ආඛ්‍යායනයේ ගලා යාම තැනෙක දෙකක අපහසුය.  මෙහි එවැනි කියවීමේ අපහසුවක් ඇත්තේම නැත. 

මේ නවකතාවේ පරාසය පුළුල්ය.   පනහ දශකයේ මැද සිට වර්තමානය දක්වා, සොයුරියන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ දියණියන්ගේ විවාහ මංගල්‍යය උත්සව නවකතාව එකට බැඳ තබන හුය ය. ඒ ඒ යුගයේ අඹු-සැමි සබඳතාවේ ස්වරූපය, චාරිත්‍ර, රටේ දේශපානය, ඒ ඒ යොවුනන් සිතනායුරු, දෙමව්පියන් නව යොවුල ට කරනා බලපෑම් හා ඔවුනොවුන් අතර බැඳීම් වල ස්වරූපය ආදි වශයෙන් විවිධ මානයන් වලින් නවකතාව විචිත්‍රවත් ය. පසු ගිය වසර හැට පමණ තුල ආකල්පමය වෙනස්වීම් අනුක්‍රමිකව පෙළගැසීම් පෙළක් මෙන් කියවන්නිය ගේ දෑස් අභිමුව ඇදී යයි.

නිවස්නේ පවත්වන මංගල උත්සවයේ සිට හෝටල වෙත හුවමාරු වන්නේ මුලින් දෙමව්පියන්ගේ විරෝධතා මධ්‍යයයේ ය. මුල් කාලයේ එසේ කළවුන්, යම් අඩුවක් වසනු වස්  එසේ කල බවට අන් අය විශ්වාස කළෝ ය. සුදු රෙද්දේ "චාරිත්‍රය" වෙනස් වෙතත්, අර කියන්නාක් සේ "පොට්ට කාසියක්"  මෙන් පරම්පරාවෙන් පරම්පරාවට මතුවෙයි;  මතුව යටයයි; එහෙත් යට යන්න හෝ වක්‍රව, හාස්‍යට ගැබ් ව හෝ මතු වෙයි. පරණ නම්බුකාර කම සමඟ "අලුත් සල්ලි" වල ගැටීම ප්‍රතිරූපවත් වේ. අප රට විවා පත් කාන්තාව ක්‍රමිකව දිනා ගත් නිදහස ( එය අදටත් පූර්ණ නොවේ - එහෙත් පූර්ණ නිදහස යන්න ද නොමඟ යවන සුළු අදහසකි ) ඉතා අපූරුවට සුමිත්‍රාවන් කෘතිය තුලින් විදහා ලයි.  පියාගේ අනියම් ලිංගික ඇසුර පවත්වන කාන්තාව තම නිවස්නේ ම ඉවසද්දි, දියණිය තම සැමියාගේ විවාහයෙන් පිට ඇසුර නො ඉවසයි. ඒ වන විට ඒ දියණියට, තනියෙන් තම දරුවන් සමඟ වෘත්තීයවේදිනයක් ව, විසිය හැකි තත්ත්වයක් උදා ව ඇත. නවකතාව පණහ දශකය කතාකරද්දි පෙන්වන අව්‍යාජ බව ම නූතන සමාජය පෙන්නීමේ දී ද පමණ ට ඔබින ලෙස පෙන්වයි. රුහුණුසිංහ ලා ගේ අලුත් සල්ලි භාවිතාව පෙන්වනුයුරු ඉතා රසවත් ය. ගුණැරුවන් තරුණකල ඔහු විසින් දිස් වූ චරිත ලක්ෂණ වල යම් යම් සීමා, කාලයත් සමග හැඩ කපා සුමට කොට ඇති අයුරු අඟවන අයුරු ඉතා අපූරුය. සිංහල-දෙමළ ගැටුම්, ජවිපෙ කැරලි, ආණ්ඩු මාරු සමස්ත නවකතාවට පසු තල සංගීතයක් සපයයි.

රොමෙතෝ ඉංග්‍රීසි ජාතික ජේසන් බ්‍රවුන්රිග් හා විවා පත් වීමත් සමඟ මේ හුය, මේ නවකතාවේදී අවසන් වේ. රොමෙතෝ ගේ මව වූ රන්මලී ගැනත් යමක් කිව යුතුය. කෙතෙරම් නූතන්වය සහ කාන්තා විමුක්තිය ගැන සිතුවද තම දරුවන් ඉදිරියේ සහ සැමියාගේ වරද ඉදිරියේ ඇය ප්‍රතිගාමි ලක්ෂණ පෙන්නුම් කලාය. කතුවරිය ඉන් යමක් ඒත්තු ගන්නට යත්න දැරූ බව සිතේ.

අශාන්ති හා තේශාන්ති ට මුහුණ දෙන්න ට වූ ඉරණම මේ නවකතාවේ එන සෝචනීය ම සිද්ධිය පමණක් නොවේ, තරමක් දුරට හෝ සුවිශේෂීම සිද්ධිය ද වේ. වෛරය හා ආකර්ශනය හෝ ආදරය හෝ  පවා අතර ඇති දුර කොපමණ කෙටි ද ද යන්න ත්, අයෙකු ට හැඟෙන මදිපුංචිකම් වල වාඩුව ගැනීමට අයෙක් බොහෝ දෙයක් කිරීමට පසු නොබාන බවත් ඉන් කියවේ.

එහෙත් නවකතාවේ පරිමාව හා පරාසය ඔස්සේ සියළු චරිත පූර්ණ පෝෂණයක ට ලක්ව නැත; ලක් කිරීමට ද අපහසුය. අපි දකිනුයේ තරමක් දුරට කහ-නිල් මිශ්‍රිත ගැහණු මිනිසුන් ය. ඔවුගේ කුමන ආරේ චරිතදැයි ඇඳිනීමට එය ප්‍රමාණවත් ය. එහෙත් සමීප රූපයක් මැවීමට ඒ වර්ණ මිශ්‍රණය ප්‍රමාණවත් නොවේ. ඉන් නවකතාවට හානියක් නොවේ. ඒ වර්ණ මිශ්‍රණය දක්ෂ ලෙස "ශිල්පිණිය" සකසා ඇති නිසා ය. 

කතුවරිය නිර්මාණය දිවීම උදෙසා භාවිත කොට ඇති හුය, මටසිළුටු ආඛ්‍යායනය, සමාජ-දේශපාලන කාරණා සියුම්ව කෘතිය රසවත් කරලීමට භාවිත කොට ඇති අපූරුව, කාන්තාව අප රට තුල කාන්තාවක් ලෙස හා බිරිඳක් ලෙස පසුගිය අවුරුදු 50-60 තුලින් පැමිනැති ගමන ආදි සියළු ඉසව් සියුම් ව එහෙත් සුදුසු මාත්‍රා වලින් භාවිත කොට ඇත. මෙහි යම් කාන්තාවාදි යටිතානයක් නවකතාව පුරා දිව යනවා සත්‍යය; එහෙත් කෘතියේ පරිපූර්ණ කම ඒ දෙස විවෘතව බැලීමට දෑස් පොළඹවයි. හැරත් අපූරු ලේඛිකාවක ට හෝ ලේඛකයෙකු ට, කියවන්නි අකමැති මාතෘකාවක් පවා, රසවිඳිය හැකි අයුරින් ලිවිය හැකිය. අප රටේ ම වුව වෙඩිවර්ධන, අමරකීර්ති, රාජකරුණානායක සහ රාහුබද්ධ ඊට නිදසුන් ය.

( මේ මා කියවූ, 2016 ප්‍රකාශ වූ, 2017 සමමාන නිර්දේශයට යෝග්‍ය, නවවැනි නවකතාවයි. දැනට කිය වූ කෘති අතරින් සිය සිය පත් සිය සහ ගරුඩ මුහුර්තය අභිබවා මෙය දැනට ඉදිර්යෙන් ම තිබෙන නවකතාව යැයි හැඟේ; එහෙත් තවම ප්‍රංශ පෙම්වතා, අකාල යාත්‍රා, යකඩ සිල්පර, මහිලාවංශය සහ ඉක්බිති ඔහු මරාපීහ කියවීමට ඉතිරිව ඇත. )

Sunday 1 April 2018

Men Without Women - Haruki Murakami


  "take me back in time
maybe I can forget
turn a different corner
and we never would've met
Would you care ?
Oh, I don't understand it for you it's a breeze
Little by little, you've brought me to my knees
Don't you care?"
( "A Different Corner" - George Michael )


I took to reading this book, as a side reading project, since a non-fiction I was reading in parallel didn't offer aesthetic respite, however much good a book it was. Once begun, it took very little time to realise that it was going to be a book that will be savoured, and possibly a hard copy sought for ( the only hard copy I found so far was a hard cover one, which I didn't care for). These are stories to be read, savoured for the nuances, reflected and cherished. The only Murakami book I've read prior was "Kafka on the shore", and while that was an enjoyable read, this I have to admit I enjoyed much more.  I will dwell instead on how this books works as a whole.

While "Men without Women" is the title of the last short story, it serves as the main theme for the whole collection quite aptly. There is loss here - loss of women - loss of women to other men, or deceived by women. Or death has taken them away; or at minimum, a woman gives meaning to a man in solitude and he looks forward to her periodic visits ( Scheherazade ) It is about the vacuum a woman, usually special to that man. The beauty in these stories are, that most of these men aren't even tied to a single woman. Yet, they miss that one woman more than others. And it isn't necessarily that the women are breathtakingly beautiful - for they are not in certain instances. At another level these stories can be read as taking back the reader to his or her private experiences and drawn parallels therein. Hence these are at a level, stories that could be looked upon as accounts of intimacy.
  I will quote a part from the last short story to nurture my reading of the book as that of one broad topic - or one mental state broadly, which is a more appropriate way to portray the book, holistically.
“Suddenly one day you become Men Without Women. That day comes to you completely out of the blue, without the faintest of warnings or hints beforehand. No premonitions or foreboding, no knocks or clearing of throats. Turn a corner and you know you’re already there. But by then there’s no going back. Once you round that bend, that is the only world you can possibly inhabit. In that world you are called ‘Men Without Women.’"

And last, what has it in common with Hemingway's book of the same title ? Probably, just that. I read a few of the short stories of that collection to see if there are any parallels to be drawn, and I could draw none. ( Hemingway's short stories are being read, as separate reading project )