Tuesday 30 October 2018

මානව භක්තිය හා සිත්තරා - ලියනගේ අමරකීර්ති



මෑත දිනෙක, මහජන පුස්තකාලයේ කෙටි කතා පොත් ගොන්නේ දුර්ලභ කෘතියක් සොයා ගතිමි. ඒ 1990 වසරේ, සර්වෝදය ග්‍රන්ථ ප්‍රකානයක් ලෙස පළ වූ, ලියනගේ අමරකීර්තිගේ "මානව භක්තිය හා සිත්තරා" යන කෙටි කතා  සංග්‍රහයයි (එකල එහි මිල රුපියල් පණහකි ).  කතුවරයා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු කල ප්‍රකාශ වූ මේ කෙටි කතා ඊටත් වසර 3-4ක් පෙර සිට ලිය වුනු කෙටි කතා හතකින් සමන්විතය.  විවෘතව කිව යුත්තේ, කතුවරයාගේ දේශපාලන-සමාජ දර්ශනය, මේ කෙටි කතා වලින් ඉඟි කරන අයුරින් නම් එකල සහ මෙකල අතර එකම දිශානතියක ඔස්සේ ප්‍රගනය කර ඇති බවකි. එපමණක් නොව, එදත් ඔහුගේ දේශපාලන අදහස් රගත් කෙටි කතා තරමක කෘතීම බවකින් යුක්ත අතර, එම බරින් මිදුණු කෙටිකතා ඉතා රසවත් අපූරු නිර්මාණ වීමයි. 

සංහිඳියාව - මෙහි එන සංහිඳියාව, පුතෙකු තම මවකගේ අන් වල්ලභයකු හා ඇති වන සංහිඳියාවකි. ඒ තම පියාගේ නොපනත්කම් ඉදිරියේ, අසාධාරණකම් ඉදිරියේ මව ට අන් විකල්පයක් නැති බැව් වටහා ගැනීම ඔස්සේ ය. ලාංකේය සමාජයේ සංවේදි මාතෘකාවක් වන මෙය, මාතෘකා කොට ගෙන මා මීට කලින් කෙටි කතා දෙකක් කියවා ඇත - ඉන් එකක් මෑතක නැසී ගිය ඇරැව්වල නන්දිමිත්‍රයන්ගෙනි -එහි පුතු සහ මව අතර සංහිඳියාවක් ඇති නොවේ. දෙවැන්න මෑතක කියවූ වෙඩිවර්ධනගේ කෙටි කතාවයි ; එය වඩා ප්‍රගතිශීලි විවෘත අදහස් රැගත් පුතෙකුගේ ආඛ්‍යාන ස්වරුපයෙන් ලියැවී ඇත.

මෙම සංග්‍රහයට නම ලබා දුන් කෙටි කතාව, මානව භක්තියේ නාමයෙන් සිත්තරෙකු ඔහුගේ අග්‍ර නිර්මාණයන් දන් දීම මුල් කොට ගත්තකි. මානව භක්තිය යන්න මතු කරලීමට ලියැවුන්නක් නිසා දෝ, එහි යම් කෘතීම බවක් හැඟෙන අතර, මා එතරම් රස නොවෙන්දෙමි.

ඉඩෝරය : මෙය ද මානව භක්තිය තේමා කොට ගත්, "වතුර හොරෙකු" දෙස දයාව දක්වන ඉඩෝරයෙන් පීඩා විඳින ගොවියෙකු මුල් කොට ගත් කතාවකි. එහි ගොවිතැන හා විස්තර ඉතා රසවත් හා තාත්වික ලෙස ලියැවුණ ද, අවසන එතරම් මා සිත් ගත්තේ නැත.

මිතුරියෝ: මෙය මෙහි එන වඩාත් රසවිඳි කෙටිකතාවකි. ඊරිසියාව යනු මිනිස් සන්තානයේ නැගෙන පැරදවීම අපහසු ක්ලේශයකි. විටෙක අන් අයෙකුට වළක් කැපීමේ අදහසින් යොදවන උගුලක් ඒ අයට ආශිර්වදයක් විය හැකිය. අමරකීර්ති එදා සිට අද දක්වා ලියූ සියළු කෙටි කතා අතර පවතින ඉහළම තලයේ කෙටිකතාවකි.

අසල් වැසියෝ: තමන් සමඟ ම ජීවත් වන්නෙකු ගේ දියුණුව නො ඉවසීම වෙසෙසින් අප භූ ගෝලීය කලාපීය දුර්වලතාවක් වැනි ය. පෙර් කී මිතුරියෙ කෙටිකතාවේද අඩු වැඩි වශයෙන් මේ ලක්ෂණය පැවතීය. අසල් වැසියෝ කෙටිකතාව ද මේ තේමව මුල් කොට ගත්, ඒ වගේම මිනිස් සන්තානය සෑහීමක ට පත් නොවීම යන ලක්ෂණය ද අලලා ලියැවුණු රසවත් කෙටි කතාවකි.

ගඟ ළඟ පෙම: මෙහි එන වඩාත් සංකීර්ණ කෙටි කතාව විය යුතුය. මෙහි එන ප්‍රධාන චරිත දෙක, ඔවුන්ගේ මානසික මට්ටම් සහ අපේක්ෂාවන් වල සීමාවන් මත සිට තේරුම් ගත යුතු රචනයකි.

එපුරවර දැවී යයි: දෙමළ  තරුණියක් හා සිංහල තරුණයකු අතර  හටගත් ප්‍රේමයක් අලලා, එකල් හි ම හට ගත් "ජාතියාල"  ඉදිරියේ අප රට මිනිසුන් කෙසේ හැසිරුනේ ද යන්න කියැවෙන රසවත් කතාවකි.මේ කෙටිකතාව ලියැවී ඇත්තේ 1987 දී ය. එනම් එම ඛේදජනක සිදුවීම් සිදු වී නොබෝ කලකින් ය. කතුවරයා ට එකල තවමත් අලුත් මතකයන් මත්තෙන් ලියූවක් විය යුතුය. මා රසවිඳි කෙටිකතාවකි.

මේ කෙටි කතා සංග්‍රහය  අද මුද්‍රණයේ නැත. එහෙත් එකල විශ්ව විද්‍යාල සිසුවෙකු ලෙස ලියූ මේ කෙටි කතා බොහෝමයක් ඉතා ඉහළ මට්ටමක ඇත.

එකල කතුවරයා මානව භක්තිය, සහෝදරත්වය  ආදි මාතෘකාවන්  කෙටිකතාවක් තුලට ග්‍රහණය කරගැනිමේ දි යම් අභියෝග වලට මුහුණු දුන් බව පැහැදිලිය. මට මානව භක්තිය සහ සිත්තරා කෙටිකතාවේ ඒ බව දැනුනි. අද   ඊට වඩා බොහෝ ඇසූ පිරූ පරිණත ලේඛකයකු ලෙස, දේශපාලනමය කාරණා තම නිර්මාණ වලට අන්තර්ගත කිරීමේ දි ද යම් අභියෝග වලට මුහුණ පාන බව පෙනී යයි. "කවියෙකු සොයා" කෙටි කතාවේ,  පුත්‍ර වියෝවෙන් දුක් විඳිනා දෙමළ මවක් ගැන ඉතා සංවේදි ව ලියන්නේ ජීවිත අත්දැකීම් වලින් පෝෂිත ව යැයි සිතේ.  එහෙත් එතැනට ඒමට සුදුසු පාළම තැනීමට "ලෙහෙසියෙන් රැවටිය හැකි", තරමක මහන්තතයෙන් පිරුණු මහාචාර්යවරයෙකුගේ චරිතයක් මැවීමට සිදු විය.   එනුමුදු අද වන විට ඔහුගේ නිර්මාණ වලින් කියවෙන දේශපාලන අදහස් බලාපොරොත්තු විය හැකි සේම මුහුකුරා ගොස් ඇත. ඔහු "අර මිහිරි සීනු නාදය" යේ  "අලුත් ලෙච්චමි" ගැන කියන්නේ කාලය මැවු වෙනස සහ අවබෝධයේ වෙනස යන දෙක ම මත පිහිටා ය.

කතුවරයා ගේ කෙටිකතා සංග්‍රහයන් තුනක් පමණක් කියවා ( "විල සහ මල"; "මම දැන් නිදමි  තවම කියවා නැත ), අමරකීර්ති ගේ කෙටිකතා පිළිබඳ තීන්දු දීමට ඉක්මන් නොවෙමි. එහෙත් මා කියවූ සංග්‍රහයන් තුනේ දි යම් අවස්ථාවන් හි, ඔහු ට ඇවැසි පණිවුඩය ඒත්තු ගන්වනු වස් තරමක ශ්‍රමයක් යොදා කතා ගොතන්නට වීමත්, එය පාඨකයා ට වැටහීමත් සිදු වේ.

එහෙත් මනුෂ්‍යත්වයේ ස්වභාවය අලලා ලියැවෙන කෙටිකතාවන් ඉතා ස්වභාවික ලෙසත්, රසවත් ලෙසත්, පරිපූර්ණ ලියැවේ ; නිදසුන් - මිතුරියෝ, සංහිඳියාව (මානව භක්තිය හා සිත්තරා ); ඉඩි අමීන් සහ වැලිමඩ සමන්, අළු පැහැති ආරංචි, සෝ බර සමය ( අළු පැහැති ආරංචි ).  පණිවුඩය පාඨකයා ට ම ගොතා ගැනීමට ඉඩ ඇරලු අවස්ථා වල අමරකීර්ති ලේඛකයකු ලෙස වඩා සාර්ථක යැයි සිතේ.

Sunday 28 October 2018

කාටද කුඩයක් තියෙන්නේ? - සේන තෝරදෙනිය

කාටද කුඩයක් තියෙන්නේ ? - ජාතීන් අතර ඇති  සබැඳියාවන් ද, එක් ජාතියක කුල මල අනුව ඔවුනොවුන් අතර ඇති වෙනස්කම් ද පිළිඹිබු කරමින්, තිස් අවුරුදු සිවිල් යුධය ට පෙර, එනම් හැත්තෑ දශකය අග සහ අසූව දශකය අලලා ලියවුණු රසවත් කෙටිකතාවකි. පුළුල් වශයෙන් සියළු දෙනාට එක් කුඩයක් යට ට ඒමට නොහැකියාවක් නොමැත යන පුළුල් මාතෘකාව ඔස්සේ රචිත ය.
"අපි කවදාවත් කුඩයක් විසි කරන්නෙ නෑ. නණ කැඩුනම කම්බි දාල මාට්ටු කරනවා. අලුතින් නණයක් දානවා. ඉරුණම පැච් දමනවා. කළු කුඩේ කලක් යනකොට සුදු වෙනවා. සුදුපාට කුඩවල කළුපාට  පැච් දැකලා තියෙනව නේද ?" (23 පිටුව )

   සමස්ත වශයෙන් දීර්ඝ කාල්යක් එකට විසූ ජන කොටස් වලට විසඳාගත නොහැකි ගැටළුවක් නැති බවත්, බාහිර අතපෙවීම් වල බලපෑම් ගැනත් ඉඟි කරමින් ගෙතුණු කෙටි කතාවකි. අද වන විට නූතන යැයි සැලකෙන දේශපාලන මත සමඟ මෙහි සමස්ත අදහස කෙතෙරම් ගැලපෙන්නේ ද යන්න පිළිබඳ විවාදයක් හට ගත හැකි වුව ද, පෞද්ගලිකව මට එම දර්ශනයේ ගැටළුවක් නැත. එපමණක් නොව, කෙටි කතාව ට අනවශ්‍ය බරක් නොපැටවෙන අයුරින්, ඔහු එහි දේශපාලන අදහස් ඔබ්බවා තිබීම කෙටිකතාව රසවිඳීමට උත්තේජකයකි.

ගුරුලිය, වෙදලිය, දෙව්ලිය - තෝරදෙනිය වූ කලි බොහෝ අත්දැකිම් ලබා ඇත්තෙකි. ඒ හේතුවෙන් ම ඔහු ට කීමට කතා බොහෝ ඇත. මෙයත් ඒ ආකාර රසවත් කතාවකි. කාලයත් සමඟ සමහර අය ආශ්‍රයෙන් ඈත් වන අයුරුත්, එහෙත් ඔහුන් හා සමඟ දුරතීතයේ තිබූ සබඳතා මතක ස්ථර යට තැම්පත් ව තිබී වෙසෙස් සිදුවීමක් ඔස්සේ නැවත ආවර්ජනය වීමත් සිදුවේ. කතුවරයාගේ "පේරාදෙනියේ ඉස්ටේසෙමේ ටිකැට් දෙන" සහ "පොර මී ගොන්" හි එන බොහෝ කතාවන් හි කතා රසයට සමාන රසයක් රැගත් කෙටිකතාවකි.

මිණිපහන, තුරුවියන, දන් ඔරුව හා වෙනත් දෑ - අයෙක් මහළු වියට පත් වුව ද, ඔහුගේ හෝ ඇයගේ පෙර ප්‍රේම සබඳතා පිළිබඳ මතකයන් සැමදා තරුණ ය. මහළු වියට ඉඩ දී විශ්‍රාම සුවයෙන් පසු වන විට දි හෝ, නොසිතූ කලෙක ඒවා නැවත මතු වී සිත ට යම් තමරමක අවිවේකයක් මෙන් ම ප්‍රබෝධයක් ද ගෙන ආ හැකිය. තෝරදෙනිය, "යාරා යාත්‍රිකා" හි ද යම් පමණකින් කතා කල මාතෘකාවක් වැඩිහී නිවෙසක වටපිටාවක් මත අලුත් වී කෙටි කතාවක් තුලින් අප හමු වේ.

සිහිනය හා ශිෂ්‍යාවක් - සිරි ලක අර්ධ ශුෂ්ක පෙදෙසට අයත් හලාවත සහ පුත්තලම අතර, සහ ඒ ආශ්‍රිත පෙදෙස් ඊට ආවේණික චමත්කාරයෙන් යුක්තය. අද වන විට වේගයෙන් නාගරීකරණය වේගෙන ආවද, කතුවරයාගේ උක්ත කෙටිකතාවේ කාල පරාසය ගැන සිතත් ම, ඒ පෙදෙස් වල දහවල දවාලාන  දැඩි හිරු රශ්මිය ට වන්දි ගෙවීමට මෙන් සවස් යාමයේ හමායන සීත සුළඟ ත් දැඩි අඳුරත් සිත තුල චිත්‍රණය වේ. උක්ත කෙටිකතාව, ආඛ්‍යායනිකයා වසර හතලිස් ගණනකට පෙර එම පෙදෙස් වල ගුරු වෘත්තියේ යෙදෙමින් කල් ගෙවූ කල මතකයේ රැඳුණු ශිෂ්‍යාවක ගැන මතක ආවර්ජනය කරන කතා පුවතකි. කල් පිරූ වයින් මෙන්, ඉහළ ම තලයේ තෝරදෙනිය කතාවන් ය.

වියළුණු ඉරිඟු දඬු - පාකිස්තානයේ යාබද ගම් දෙකක් අතර වූ ද්විත්ව ළමා අපචාරයන් පිළිබඳ වූ සත්ය සිදුවීමක් අලලා ලියැවුණු, කෙටි මුත්, අපූරු කෙටිකතාවකි. රාජ්ය නොවන සංවිධානයන් මේ අවස්ථාව භාවිත කරලීමට යත්න දැරීමත්, අපචාරයට පත් වූ දැරියගේ පිලිතුරත් ඉතා අපූරුය:
"මගේ කීර්තිය මොකක් ද? දූෂණයට ලක් වීම විතරයි. මම ආයෙත් ඉරිඟු යායේ වැඩට යනවා. කවුරුවත් ආයෙත් මා දූෂණය කරන්ට එන එකක් නෑ. ඔබලාට මා දූෂණය වීමට පෙර ඒක නවත්වන්ටැ බැරි උනා. මගේ කන්යාභාවය, කිලිටට පත්වීම, නින්දාව, අපවාදය මට ආපහු ලබාගන්ට බැහැ." ( 88 පිටුව ) අපූරත්වයකින් පිරි කෙටි කෙටිකතාවකි.

ගුණගැයුම් ගී තොර තවත් එක් මිනිසෙක්: මේ කෙටිකතාව කුමාරසිංහ නම් අවංක ඉහළ තානාන්තරයක් දැරූ මිනිසෙකු ගැනය. මෙවන් කෙටි කතා කියවීම රුචි වන්නේ, ලේඛකයා අත්දැකීම් කන්දරාවත් සමඟ ඔහු ට මෙවන් අපූරු පුද්ගලයින් මුණ ගැසී ඇතැයි සිතිය හැකි නිසා ය. මෙහි එන කුමාරසිංග අනුරාධපුරයේ ජන්මලාභියෙකි. භාෂා තුනම ඔහු දැන ගත්තේ යාපනයේ සාන්ත පැට්රික් විද්යාලයේ සිප්සැදෑරූ නිසා ය.
"ඉස්සර නුවරකලාවියේ යමක් කමක් තියෙන මිනිහෙක් පිරිමි ළමයි ඇරියෙ යාපනේට." (91 පිටුව ) මේ කාරණාව මා නොදත්තකි.
එලෙස ම ඔහු රාජ්ය භාෂාව සිංහල භාෂාව කිරීම නිසා ගම් වල දරුවන් ලැබූ අවස්ථාව ගැන ස්තූති පූර්වක වන අතර ම අද වන් විට තත්ත්වය වෙනස් වන බව තේරුම් ගැනීම ට තරම් පුළුල් මනසක් ඇත්තෙකි
"සිංහල රාජ්ය බාසාව කරපු හින්දා අපේ ගම්වල කොල්ලො කෙල්ලො ඉගෙන ගත්තා. විශ්ව විද්යාලෙටත් ගියා. ලොකු ලොකු රස්සාවලටත් ගියා. පරිපාලන සේවෙටත් ගියා. ඒත් දැන් රෝදෙ කැරකෙනවා. කොල්ලෝ ඒකට සුදානම් වෙන්ට ඕනෑ" (92 පිටුව ). විශ්රාම ලත් කුමාරසිංහ නොමිලේ ඉංග්රීසි පංතියක් කරන්නේ ඒ "සූදානම් කිරීමට" ය. එහෙත් මෙවන් මිනිසුන්ගේ වටිනාකම සමස්තයක් ලෙස අප වන් රටක මිනිසුන් තේරුම් නොගනි. ඉතා රසවත් කෙටිකතාවකි.

අවමඟුලේ දී සිදු වූ මරණය: අප රට සමහර මිනිසුන් කෙතෙරම් ඉහළ ට නැග්ග ද, කුලහීනයෝ ඒ පිළිබඳ හීනමානයෙන් පෙළෙන්නෝ වෙති; කුලවතුන් ඒ පිළිබඳ මානය අත් නොහිරිති. නොසිතු තැනක කුලය පිළිබඳ අවතාඅර අවදි වන්නේ මේ දෙපාර්ශවයම නොසන්සුන් කරමිනි. මේ තත්ත්වය උකහා ගනිමින් ලියැවුණු ඉතා සාර්ථක රසවත් කෙටි කතාවකි.

බොරපාට මැයි දිනය: අන් අයගේ දනුමින් අත්දැකීමෙන් අවස්ථාවාදීව තමන් ගොඩ යාමට භාවිත කල අයෙකු පිළිබඳ උපහාස රසය රැගත් කෙටිකතාවකි.
"ජේ. වි. පී. ය පන්ති පහ පටන් ගත්තෙ හැත්තෑඑකට කලින් හැට ගණන්වල අග. විද්යාලංකාරෙ කොල්ලො හිර කරල හිටියෙ හැත්තෑ එකේ කැරැල්ලෙන් පස්සේ. මේකා ඉපදුණේ එක්දාස් නවසිය හැට නවයේ. මේකා ජේ.වී.පී. පන්තිවලට ගිහිල්ල තියෙන්නෙ අම්මගෙ බඩේ ඉද්දී. නැත්තන් තාත්තගෙ අණ්ඩකෝෂයේ ඉද්දී. හිරබාරෙට ඇරන් තියෙන්නෙ අවුරුදු දෙකේදී" ( 117 පිටුව ) මට මොන්ටිසෝරියේ දී පෙළපාළි ගිය අයෙකු මතක් විය.


රෙඩ් ගම් ඡන්දය: ඕස්ත්රේලියාවේ පළාත්පාලන ඡන්දයක අත්දැකීමක් අප රටේ ඡන්දය සහ දේශපාලනය හා සැසඳිමක කරන, උත්ප්රාසජනක, උපහාසාත්මක කෙටිකතාවකි. වරෙක ස්වභාවිකත්වයේ සීමා ඉක්මවූ ව ද , කතුවරයා අප ගේ දේශපාලනයේ ඇති බල ලෝභි ළාමක බව පෙන්නීම අරමුණු කරගෙන ඇත.


රිදී-චන්ද්ර පර්වත වනාන්තරය : මෙහි එන වඩාත් දේශපාලනික කෙටිකතාවයි. කෙටිකතාව සම්පූර්ණයෙන්ම පාහේ ගොඩ නගා ඇත්තේ කතුවරයා ට දේශපාලනය පිළිබඳ තම මතයන් සහ අනාගත පිළිබඳ බිය ප්රකාශ කිරීමට ය. කෙටිකතාවක් ලෙස එතරම් සාර්තක නැත්තේ එහි ආකෘතිය භාවිත කොට ඇත්තේ ම ඉහත කරුණු හේතුවෙන් නිසා ය. මෙහි එන මුල් කෙටි කතා අට හා සසඳද්දි අවසන් දෙක එතරම් සාර්ථක නැත.

සමස්ත වශයෙන් මහත් සේ රස විඳි කෙටිකතා සංග්රහයක් වූ අතර, ලේ විල සහ ඩාන්ටේ, අළු පැහැති ආරංචි, ආලන්දර සහ සුනෙත් කාන්තගේ ශෝකාන්තය හ එක පෙළ තැබිය හැකි බව නිසැකව කිය හැක. නුදුරු දිනෙක පී.බී. ජයසේකර සහ කැත්ලීන් ජයවර්ධනගේ කෙටි සංග්රහයන් ද කියවූ පසුව සංග්රහයන් එකොලහම ශ්රේණි ගත කරන්නට බලාපොරොත්තු වෙමි.

Wednesday 24 October 2018

River of Ink - Paul M.M. Cooper



"‘Why,’ he asked, ‘would a man follow a god who won’t even fight on his behalf? Who won’t even make him brave?’
 ‘Because some want a god who doesn’t carry a sword,’ I said, without thinking."
[Cooper, Paul M.M.. River of Ink (Kindle Locations 3821-3823). Bloomsbury Publishing. Kindle Edition.]

Upon completing of reading, River of Ink, I had to read through the relevant pages of Amaradasa Liyanagamage's  මධ්‍යකාලීන ලංකා ඉතිහාසය (pages 183-205), which is a Sinhala re-write by the author himself of his doctoral thesis, "The Decline of Polonnaruwa and the Rise of Dambadeniya, circa 1180-1270", which was later printed as a book. One allegation which was made against Magha, which was never made against the numerous other invaders, was that he tried to instill "False Views" among the masses ("මිච්ඡාදිට්ඨිං ස භූපාලො ගණ්හාපෙත්වා මහාජනං" - The Culavamsa) What is this wrong view ? The Culavamsa doesn't elaborate and Liyanagamage concedes that no source elaborates on what this "False View" is, although he uses many other sources other than the Culavamsa ( It is safe to assume that Cooper has used the Culavamsa largely, if not solely for his historical referencing. ) It is this vagueness, this non-mentioning of the alternate view, alternate faith that Cooper has masterfully used to base his plot, his story and narration. And it works - largely. While one could claim ( with the risk of being alleged of nitpicking), some of the historical "stretches' that the author made - for example availability of Kottu and  Mangosteens during Polonnaruwa era (some might feel these glaring mistakes -  no matter ) are obvious wrong footings, the author excels largely on creating the historical atmosphere as the reader journey's through Asanka's narration. Referring to Liyanagamage's work was to glean a clue if the Shishupala vadha was even mentioned in passing. It is not. However that doesn't discount the fact that Magha wanted the work translated to Tamil ( which was quite probably the Regional, if not International language of the time), and have the State "push" public readings of the work, to rid the "ignorance of the general public", who were but a bunch of idiots worshiping a decaying tooth, as per Magha. Cooper has clearly considered that Tamil was extensively used as a language of Academia especially in the South Indian mainland and the surrounds, for there couldn't be so much of Tamil Literature in Polonnaruwa, and in the temples otherwise. It is at worst a moot point, and possibly an acceptable point,
when considered the South Indian influences even in Polonnaruwa era sculpture/architecure ( as I've read from the experts).

"You will translate the Shishupala Vadha into Tamil in my name, so that I can give it to the people of this land, this bud I’m here to bloom. Thus we may achieve the King’s pleasure and the greater good of the masses in a single move.’"
[ Cooper, Paul M.M.. River of Ink (Kindle Locations 671-673). Bloomsbury Publishing. Kindle Edition. ]

The mismatch that I couldn't let pass here was whether the majority of the General public knew enough Tamil to understand the translation. The author himself has conceded that to a level, by inferring it in some of the dialogues.

‘They cannot speak Tamil,’ the headman said, his voice shaking. ‘This dancing troupe offered to read it for us – you know what the dancing folk are like, I’m sure.
[ Cooper, Paul M.M.. River of Ink (Kindle Locations 2877-2879). Bloomsbury Publishing. Kindle Edition. ]

‘The King must have a bitter gourd for a brain,’ you said as we lay there, ‘to order the poem in Tamil. Why not Sinhala? Why not Pali?’
[ Cooper, Paul M.M.. River of Ink (Kindle Locations 2358-2359). Bloomsbury Publishing. Kindle Edition.]

The only way the use of the language was justifiable, is when it is considered with the overall strategy of Magha - that of harming the Bhikkus and the temples and his attempt to instill a new belief system among the  general public. The new faith system, possibly one that was strong and currant in Tamil Nadu at the time, and would've stood a better chance of spreading among the population in a language more suitable for the ideology.

It is stated  that Asanka's own Tamil was a halting one, given that it was not his "mother tongue".

‘You sound so funny when you speak Tamil,’ you said then. Our talk always seemed to go this way: I insulted you by accident, and you stung me back in revenge. You did an impression of my speech, puffing out your cheeks and putting on my accent. ‘It makes me laugh.’ ‘I’m still learning,’ I said. ‘You speak the way a dog walks when it has a front leg missing.’ ‘Ha! Your language is difficult, all lips and roof of the mouth. Pa-ha, la-ha, ba-ha – all breath.’
[ Cooper, Paul M.M.. River of Ink (Kindle Locations 526-531). Bloomsbury Publishing. Kindle Edition. ]

Asanka later boasts that his written Tamil has become masterly with its continued use to write the Vadha.

As per Liyanagamage, the end of Magha doesn't happen till the time of Parakramabahu III, as he holds on to the North, with certain Tamil population joining him as his followers. This may possibly be the beginning of the mistrust between the two races that has lasted over 800 years.  This is contrary to the work of fiction of Cooper, where he meets his end during the period of Vijayabahu III.
 
While so far I've  attempted to decipher  the way that Cooper thought when writing his work, let me conclude by summarizing the work as a whole.

Albeit, being far from a "page-turner", the reader feels that his time wasn't wasted by book end. As previously noted, Cooper has managed to paint a fabric which captures the mood and the atmosphere of the then Polonnaruwa succesfully, and that's possibly winning more than 50% of the readers' nod for the book. Overall, a successful literary work - and it is easy to appreciate the tremendous amount of work that Cooper has put in, to make the novel work, convincing and plausible. At its roots its a love story too, that of a tragic ending, making it all the more believable given the circumstances. Although I had my moments of doubts at certain points while reading, upon completion I feel that Cooper has created a convincing historical work of fiction, inserting his plots as subtly as appropriately as possible.

Friday 19 October 2018

A Horse walks into a Bar - David Grossman


Winner of the Man Booker International Award for 2017, and translated by Jessica Cohen, "A Horse Walks into a Bar" is not an easy read, for all the garb of a performance in Stand up Comedy. It is the story of the Comedian, as he digests for all to see, the single most important incident in his life- and the events which surrounded that incident, forty three years after that event.

Dovaleh Greenstein, as a matter of choice, decides that he must battle his demons and reveal all to an audience which had come for - comedy. But comedy that evening is, but in the fringes. Dovaleh, chooses that evening, possibly his last performance as is inferred, to bear all. In the audience is Avishai Lazar, a retired district judge, who  learns forty three years too late,  the level of the let down he did to his friend. Avishai, possibly is a judge crafted by his innate character as some of his reminisces suggest - mostly unattached, with some regrets in life - a perfect character to judge others when called upon due to his aloofness.  Aged barely 14 at that time, born to poor parents and a mother who had suffered from the holocaust, bullied and made fun of, Dovaleh  battling his deepest fears,  finds an unexpected and weak support by way of untimely jokes uttered by a bad Army driver - whose name he has never learned. 

This book is about the disintegration of the stand up comedian, Dovaleh Greenstein - the sorry tale of the comedian. The book can be understood at different levels - from the different ways that the crowd behaves - some leave, some complain before leave, some grumble about the good money spent to suffer through one man's left tale and yet some offer him moral support, by lending an ear despite the raw deal they got that evening. There is no huge plot in this novel. It is all about the human element. Where no one is right and no one is wrong. Circumstances make us behave in a particular way, at a given time. We don't have a 360 degree view of how our omissions and commissions, can help or hurt a person. The author has used the episode of the all-telling stand up comedian, to  elucidate to us this home truth. The auther without saying the very words, suggest that intuition is fairly wrong, and if something that we do or don't do worries our mind, that's our inner self giving us the red light, that chances are we cannot rest with the decisions we are making at the time. Hence it is a deep read and not your everyday novel. It is a rewarding read at the end of a sprawling narration - and that, not due to its length, for it is not a large book. The only novel ( far fetched at that ) I can relate or compare  to this one is "A sense of an Ending", but that has a well crafted plot and a story. But the incidences of omissions and commissions could be thought of as some
similarity in theme.

Read, if you like a deep narration about human conscience. But be warned, it is by no means a casual read.

Sunday 14 October 2018

The Longest Day: The D-Day story, June 6th, 1944 - Cornelius Ryan


Read Cornelius Ryan's account of the Normandy landing of the Allied forces on the 6th of June, 1944 - code named Operation Neptune, but more famously known as D-Day. The book is titled "The Longest Day", borrowing a phase by Field Marshall Erwin Rommel, who was in charge of the German forces, and oversaw the fortifications on expected invasion fronts. However, Rommel was not on site at the particular time, despite his untiring work, for he had returned home for the occasion of his wife's birthday. He didn't expect the invasion to happen on that day, given the weather forecast. Returning to the battle field upon hearing news of the invasion, Rommel laments his  decision to be away, for this was "The Longest Day" that he was waiting for all along. His prophecy before the invasion was:
"The War will be won or lost on the beaches, We'll have only one chance to stop the enemy and that 's while he's still in he water struggling to get ashore... Believe me Lang, the first twenty-four hours of the invasion will be decisive.. for Allies as well as Germany, it will be the Longest Day." And yet, it was the exactly what the Germans failed to do - stop the enemy at the beaches. Despite the heavy losses incurred by the Allies at the beaches specifically, they made enough inroads that day,  to defeat Hitler within an year.This after, they failed in many fronts with their plans in landing. Paratroopers landing miles from their target areas, sea craft landing miles off etc. But the German unpreparedness and the unavailability of the either the three Panzer units allowed the Allies the breathing space despite their heavy losses, to make inroads just sufficient to fight another day. Hitler himself was at fault for not availing these Panzer units. The amount of indecision, which under the conditions were just, from both sides till the last moment, made it that much more difficult to the other party. Here, it can be safely assumed that the inroads made by the Allied forces would've been severely challenged if not stopped in the beach it self if the Panzer units were available. 

"Zimmermann summed it up this way: 'When we warned that if we didn't get the panzers the Normandy landings would succeed and that unforeseeable consequences would follow, we were simply told that we were in no position to judgea"that the main landing was going to come at an entirely different place anyway.'  And Hitler, protected by his inner circle of military sycophants, in the balmy, make-believe world of Berchtesgaden, slept through it all. Hitler had become so convinced that the "real" invasion would take place in the Pas-de-Calais area that he held Von Salmuth's 15th Army in its position until July 24. By then it was too late. Ironically, Hitler seems to have been the only one who originally believed that the invasion would take place in Normandy."

The quality of this book is largely due to  the professionalism that the author showed throughout. Although from the Allied camp, there is not a single instance of a diatribe against Hitler or the Germans, outside the criticism from a military point of view. In that sense it is a just evaluation of the military might, bravery, mistakes from both sides. And as the title suggests, the 233 page account, is almost completely about the June 6th, 1944 - The Longest Day, and the day that started the downfall of the Hitler's Third Reich.

Unless you are from a military background ( this book was recommended to me by a retired Airman),  chances are you may not studiously keep track of all the regiments, and who did what - unless you indulge in repeated reads, which I concede is quite a possibility given the richness of the book. But what is more valuable is the account of commitment shown by the soldiers - those who landed at Normandy knew that the casualty rates would be high, and some estimated it to be high as 60%. It was a necessary sacrifice to get a footing so that there was hope of fighting another day. Many a life was sacrificed - a considerable number through the mistakes of others. War brings in unlikely heroes and unlikely survivors. It brought me back memories of the feelings of irony with which I completed "War and Peace". I leave this piece with the opening scenes of "Saving Private Ryan", which captures the gory of the landing in Omaha beach, brilliantly.

https://www.youtube.com/watch?v=DSKerypwUDM

( While I read a combination of the Coronet publication of 1968 and a kindle document made from a pdf - as is my preferred way of reading - the maps in the physical books I felt were inadequate. Hopefully the newer editions have better illustrated maps to compliment the reading experience. However am yet to see this in the local book shops. ).


Monday 8 October 2018

කවුළු ඇස පාමුල - ළහිරු කිතලගම



අප රට ප්‍රධාන සම්මාන තුනට ම නිර්දේශ වූ ද, ඉන් දෙකක් ම ජයග්‍රහණය ට සමත් වූ ද ළහිරු කිතලගම ගේ "කවුළු ඇස පාමුල" කලක් තිස්සේ කියවූවෙමි - සමහර කවි පස්-හය වතාවක් පමණ කියෙව්වෙමි. ඒ සම්මාන තෝරා දෙන්නා වූ මඬුලු දුටු යමක්, දුහුනන් වන අප ට මග ඇරී ඇත්දැයි සොයා ගැනීමට ය. එහෙත් මට මේ කාව්‍ය සංග්‍රහය එසේ සෙමි සෙමිහිට කියෙව්ව ද රස වින්දනය අවදි නොකලේ ය. කිනම් හෝ හේතුවක ට  කවි පංති දෙක තුනක් හැර අන් ඒවා මහත් වෙහෙසකර ව්‍යායමයක්, තරමක කෘතීම බවක්, නැතහොත් නිර්මාණයන් හි ගලායාමට බධාවක් ඇතුවාක් මෙන් දැනිණි.

නික්ම යෑම යන වචන සෑම දින භාවිත වේ ද පිළිබඳ සැක සහිත ය. පෞද්ගලිකව ගැමි බස ගැන අවම අවබෝධයක් සතු නිසා ම මගේ කියවීම වැරදි වීමට ද පුළුවන. "සෝම සමිඳු ඔබ, රහසෙම නික්මි තිබුණා" ආදි වශයෙන් කියූ විට එහි ස්වභාවික බවක් තිබුන ද, මෙහි එන එක් කවි පංතියක් "මං ඉතින් නික්ම යන්නම් හින්නි අම්මේ" ලෙස කී විට , එහි ස්වභාවික බවට පටහැනිදෝ සිතේ.
"මං නික්ම යන්නම් හින්නි අම්මේ
කෙල්ලට පුරුදු කරපන් 'අප්පච්චි' කියන්න සයිමට"

මෙහි නික්ම යෑම යන වදනින්, යන්නට ම යෑම හෝ දිවි තොර ගැනීම ඇඟවේ ( කවිය තුල ඒ අර්ථය රැගත් ය ). එනමුදු කවියේ සන්දර්භය තුල "නික්ම යෑම" යන වචන මට නොගැලපීමක් ඒත්තු ගන්වයි.

තවත් එක් නිදසුනක් පමණක් ගනිමි.

"මට ගන්න බෑ ඇස් දෙක
මට දෙන්න බෑ අත් දෙක
හීන මිටි බැඳබැඳ ලිහමි වතුරට
ඔහේ ගලාගෙන පාව යන්නට
ආදරේ පුපුරවා හරිමි ලෝක යුද්ධයක් සේ
හැම තැන ම මූනිස්සම් වැදෙන්නට

මට හීන ගන්න බෑ
මට හීන දෙන්න බෑ"

මෙහි රසවත් බවක් මා තුල ජනිත නොකල  ද, කවියා ආවේගශීලි ලෙස අදහස් ප්‍රකාශ කරනව යැයි යම් ඉඩක් දුන්න ද, මේ කවියේ පසුව මෙවන් පෙළක් එයි:

"ඔයා දැන් බැඳලා ගිහින් ඈතක
ගලෙන්බිඳුණුවැව
පිපිඤ්ඤා හේනක
තෙබු කොළ මිටිය බහා දුන්
බ්‍රවුන් පේපර් උරය
අන්න නිදාගෙන තාම පරණ පොත් යට"

    ( ආදරේ පුපුරවා හරිමි ලෝක යුද්ධයක් සේ)

සමස්ත ගලා යාමේ රිද්මයේ නොගැලපීමක් දැනේ. එය රස විඳුමට බාධාවකි ලෙස දැණුනි.

නිදසුන් ලෙස මෙපමණක් ගෙන හැර දැක්වුව ද, මේ සංග්‍රහයේ එන අතිබහුතරයක් කවි පංති වලින් මා ලද්දේ මීට නොදෙවෙනි පාඨක අත්දැකීමකි. එය සමස්ත ලෙස ආයසකාරි උපමා සහිත කාව්‍යයෝය.

එහෙත් මෙහි එන  එක කවි පංතියක් මහත් කැමැත්තෙන් කියවීමි. ඒ තුල අන් නිර්මණ වල නොවූ අවංක ලෙන්ගතු බවක්, ආයාසකාරි නිර්මාණයක් නොවන බවක් ඒත්තු ගන්වයි. ඒ "වැහි තෙත. අකුණු සැර වැද" යන කවි පංතියයි.

"වැහි දිනෙක එහි ගිය සවස
ඈ තැබූ ස්නේහ දත් කැකුළ
රහසේ අතගා බලමි
උරහිසට බර
බිරියගේ හිස අතගාමින් ම"

එලෙස ම එක ම තේමාවක ට රචිත  "නඩු වැටෙන නිර්වාණමය හැන්දෑව" සහ "තරු ගැණගැණ" කවි පංතීන් වලද යම්  නිර්මාණශීලිත්වයක් දිටිමි -ඒවහි දි ද කවි පොතේ අන් බොහෝ කවි වල ඇති ආයාසකාරි ගතිය නොදිටිමි. "තරු ගැණගැන" හි එන;
"බුදුන් පවා ගංජා ගහන්න ඇතිය කියල
කියන්න හයියක් කොයින් ද?"
යන පද පේළිය, එක් අතකින් මා ඉතා මෑතක ඇසූ සයිප්‍රස් හිල් (  Cypress Hill ) රැප්-රොක් කණ්ඩායමේ අලුත් ඇල්බමයේ එන "Jesus was a stoner" ගීතය මතකය ට කැඳවීය. ලතින් අමරිකානු සංගීත කණ්ඩායමක් වන සයිප්‍රස් හිල් කැනබීස් හෙවත් කංසා භාවිතාව තම ගී වල ප්‍රධාන මාතෘකාවක් කර ගනී.  අනෙක් අතින් බ්‍රහ්මජාල සූත්‍රය මතකයට ගෙනාවේය. එම සූත්‍රයේ යම් කිසි සීමිත පෙර අත්බැව් සංඛ්‍යාවක් පමණක් මතකයට ගෙනා හැකි ශ්‍රමණයකු තම සීමිත පෙර අත්බැව් දැකීමේ හැකියාව ඔස්සේ සාස්වතවාදය වදාරනක් මෙන්, ඊට බොහෝ දැනුම් තේරුම් අඩු ගංජා සුරුට්ටු උරන්නා ද තමන් අත්දැක ඇති කුඩා සීමාව තුල සියල්ල ගොණු කිරීමට යාමේ යම් සමානතාවක් ද දිටිමි.

  මීට සමගාමීව - ඉතා සෙමින් - දවසකට  කවක් දෙකක් - ආයේ සතියක් පමණ පොත අත ට ද නොගෙන කියවාගෙන යන සුනිල් විජේසිරිවර්ධන ගේ "කඳු මුදුන මගේ නිවහන", නම් යම් රසාස්වාදයක් ගෙන දෙන බැව් දැනිණි. එය තව කියවා අහවර නැත. එපමණක් නොව, කිසිදු සම්මානයක ට නිර්දේශ නොවූ ලියනගේ අමරකීර්ති ගේ "හමුවේද අපේ වෙණ තත" සංග්‍රහයේ මුල් කවි පංති තුන හතර කියෙව්ව ද - එහි බස භාවිතය සිතා මතා ම හෝ තරමක් සරල, අමු බවක් වහණය කල ද, ඒ තුල ද කවියා ගේ යම් අවංක සිතුවිලි සොයා ගත හැකි විය. ඉතින් සාරාංශ ලෙස කිව හැක්කේ මහත් ආයාසයක් දරා කියෙව්ව ද, "කවුළු ඇස පාමුල" කිව හැකි මට්ටමක රස වින්දනයක් නොගෙනා කාව්‍ය කෘතියක් ලෙස දැනුණු බවක් පමණි.

Sunday 7 October 2018

සුනෙත් කාන්තගේ ශෝකාන්තය - සුදර්ශන සමරවීර

2017 ප්‍රකාශ වු කෙටි කතා සංග්‍රහයන් කියවීමේ මගේ ව්‍යායාමයේ අටවැන්න ලෙස, සුදර්ශන සමරවීර ගේ උක්ත සංග්‍රහය කියවීමි.

[ මෙය කියවන යන කල, 2016 කෙටිකතා පොත් කියවාගෙන යාමේදී නැවුම් ම නැවුම් කියවීමක් ලෙස අත්දුටු මංජුල වෙඩිවර්ධනගේ "දුස්ටකමේ සෞන්දර්යය සහ රත්මලානේ තවත් කතා" මතක් විය. ඒ බස අතින් සහ අලලා ඇති අනුභූතීන් අතින් මෙහි ඇති නැවුම් බවත්, වෙඩිවර්ධනගේ පොතේ තිබූ නැවුම් බවත්, බස හැසිරවීමේ ඇති තරමක රැඩිකල්, නූතන සහ ස්වභාවික ආර හේතුවෙනි. වෙනත් වචන වලින් කිවහොත් 2016 රැඩිකල්  අසු වෙඩිවර්ධන නම්, 2017 රැඩිකල් කළු අසු සමරවීර ය.  2016 වෙඩිවර්ධන අන් බොහෝ නිර්මාණ ඉක්මවා ගියේ ය. පෞද්ගලික ව, මට හැඟුණු පරිද්දෙන්, ඔහු ට කෙටි දුරක් ඉදීයෙන් සිටියේ ඉලයප්පආරච්චිගේ "බැග්ඩෑඩ්" පමණි. 2017 සමරවීර ද අප රට ප්‍රධාන සම්මාන ත්‍රිත්වය ට ම නිර්දේශ විය. පෞද්ගලිකව, ඉලයප්පආරච්චි ( ලේ විල සහ ඩාන්ටේ ), අමරකීර්ති ( අළු පැහැති ආරංචි ) සහ රාජකරුණානායක ( ආලන්දර ) සමඟ සමරවීර හොඳ තරඟයක් දෙන නිර්මාණ හයක් මෙම සංග්‍රහයේ ගොණු කොට ඇත. ]

ඉතින් කෙටි කතා හය කෙසේ ද යත්;

 කෘතිය ට නම දුන් "සුනෙත් කාන්තගේ ශෝකාන්තය" තරමක් දිගු කෙටි කතාවකි. එහි යම් ආඛ්‍යායන ස්ථර භාවිතාවක් කොට තිබෙන මුත්, මුඛ්‍ය කාරණාව අප "සුන්දර ගම්" කෙතෙරම් දුරට පිටස්තර ලෝකයෙන් දුරස්ත ද, හොඳ දෙයක් ඇවිත් කකුලේ හැපුනත් පයින් ගැසීමේ නියත ස්ථාවරයෙන් පසු වන පිරිසකගේ අතින් අද හෙට මිදීමේ සම්භාවිතාවක් නැති වීමත් ය. විවිධ වූ කාව්‍ය කිහිපයක් ගෙන හැර දක්වන ගුරුවරයෙකු හේතුවෙන් වරෙක කෙටිකතාව කියවීම වඩ රසවත් වන අතර, වරෙක එය කියවීම අභියොගාත්මක වන්නේ  නාට්‍ය පිටපතක් තුල සැරිසරද්දී ය. කෙටිකතාවට පැහැදිලි අවසනක් නැති මුත්, පාඨකයා ට සමාප්තයන් කිහිපයක් සිතා ගත හැකි ය. ඒ සියළු ස්ථර අතර ප්‍රධාන කාරණාව අප බොහෝ තැනක සම්ප්‍රදාය අපගේ උවමනාව ට භාවිතා කරනා උපායක් විනා අන් කිසිවක් නොවීම යි.

මෙම සංග්‍රහයේ එක් විශේෂත්වයක් වනුයේ බොහෝ විට කෙටිකතාවෙන් කෙටිකතාවට වෙනස් වන බස ය. නිදසුනක් ලෙස "මරිකාර පේමේ පුත්තලං ලුණු විලේ" සලකන සඳ, එහි එන ගැටපද පාසුව නොමැති නම් කෙටි කතාවේ නියම රසය විඳ ගනු නොහැකි වනු ඇත. කැළෑ ගම්මණ්ඩියක භාවිත යැයි සිතිය හැකි වදන් වලින් සුසැඳි, වරෙක උත්ප්‍රාසයත් අවසන සෝකාන්තයකුත් ගෙන දෙන අපූරු නිර්මාණයකි. වල් මීමුන් හීලෑ කර ගනු වස්  කැළෑ වැදුනු පිරිස ගේ විස්තරය ඉතා රසවත් ය.

අද සමාජය වනා හි වෙළඳපොළ මත දිවවෙන්නකි. තමන්ගේ පසුබිම කුමක් වුව, මේ මොහොතේ වෙළඳපොළට ඇවැසි දේ දිය හැකි නම් ඔබට දිදුළන දිවියක් හිමි කර ගත හැක. එනුමුදු අප සැම ට පෙට්ටගම ක සැඟවුණු පුරුදුගති ඇත - ඒවා අයුතුතැන් වල මතු වුව හොත් අධික මිලක් ගෙවීමට සිදු වේ. නැවත වතාවක් තරමක වෙනස් අත්දැකීම් පාඨකයා අභිමුඛව තබන "කාල යන්ත්‍රය" රස විඳිය හැකි නිර්මාණයකි.

සිපිරි ගෙයි අත්දැකීම් අලලා ලියැවී ඇති "මායාවි", රසවත් අවස්ථා ඔස්සේ ඇදී ගිය ද, සමස්ත වශයෙන් විශ්වාසනීයත්වයෙන් එතරම් මා සිත දිනූ නිර්මාණයක් නොවේය, .

තරමක ගුප්ත බවක් ද, කාන්තාවක එක් සිද්ධියක් හේතුවෙන් කෙතෙරම් සාමාන්‍ය මිනිසෙකු වූ  තම සැමියා රජෙකු ලෙස දැකිය හැකි යැයි ඉඟිකරනා ආරක නිර්මාණයකි "පොළොං පෙම්බර අහස් සවාරිය".  නැවතත් තරමක ව්‍යාකූල අවසානයක් රැගත් කෙටි කතාවකි.

යතාර්තවාදී සීමාවන් තරමක් පසු කරන "සමීගේ ගේම", අන්තර්ජාල - සමාජ ජාල යුගයේ ඊට අනුගත වූ විකෘති මුත් ස්වභාවික බසකින් නිර්මාණයකි. ඒ බස මට සුන්දර නොවූව ද, එය අද අප රට පොළොවේ යථාර්තයක් බව මට සිහි කරමින්, කතුවරයා නිර්මාණාත්මකව එම බස භාවිත කොට ඇත.

මේ කෙටි කතා සංග්‍රහය තරමක් දිගු කාලයක් ගෙන හෙමිහිට කියවූවකි - කිම ද මෙය තරමක කාලයක්  ඇවැසි කෘතියක් හෙයිනි. තැනෙක අභියෝගාත්මක ආඛ්‍යාන රටාවක් ද, තැනෙක වේගයෙන් කියවීම ට රුකුල් දෙන්නා වූ ද, බස් වහර බොහෝ විට කෙටි කතාවෙන් කෙටි කතාවට වෙනස් වන සුළු වූ ද, කෘතියකි.  පෙර කීවා ක් සේ 2017 කෙටි කතා සංග්‍රහයන් අතර අභියෝගාත්මක කළු අසු පිට රවුමක් යාම  කෙටි කතාවට ප්‍රිය කියවන්නියක් අත පසු නොකල යුතු ය.


Saturday 6 October 2018

ඉස්කිරිම - දමිත් උදයංග දහනායක



  ( සාමාන්‍යයෙන්  ඊට පෙර වසරේ නිකුත් වූ මා කියවීමට තෝරා ගත් නවකතා ගොන්න කියවා අහවර වන තෙක්, "ඊළඟ වසරට" අත නොතබමි. ඉතින් 2017 මා කියවීමට තෝරා ගත් නවකතා තව 4-5 ක් ඉතුරු ය.  මම පාඨකයෙක් පමණක් නිසා ඊළඟ සම්මාන කාලගෝට්ටියට පෙර ඒ ටික කියවා හමාර කලා ම ප්‍රමාණවත් ය. 2018 පොත් ඉන් පසුව ය. එරික් ඉලයප්පආරච්චිගේ අලුත් නවකතාව නිසා හෝ මේ රටාව මා  බිඳිතැයි සිතිය නොහැක. එහෙත් දමිත් දහනායක ට ඒ දේ සිදු කල හැකි විය. ඒ ඔහුගේ "තෙමි තෙමි ම මම" කාව්‍ය සංග්‍රහයෙන් මා ලත් කම්පනයත්, වින්දනයත් නිසා ය. මා ඒ කෘතිය කියවීමට මුල් වූයේ අමරකීර්ති ගේ විචාරයක් කියවීමෙන් අනතුරුව ය. ඉස්කිරිම කියවා අහවර වත් ම මට දැනුනේ, "තෙමි තෙමි ම මම" නොකියවා ඉස්කිරිම පමණක් කියවීම අසම්පූර්ණ සාහිත්‍ය සේවනයක් ලෙසට ය. ඒ දෙක අතර සහ සම්බන්ධය එතරම් ය. )


 "ඉස්සරහ හරියට පේන්නෙත් නැති
  පාරක
  බස් එකක්වත් එන එකක් නැති උනත්
  එදාටත් මට දොඩන්නට
  ඉස්සි ඉස්සි බලන්නම්
  මම ඈත
  බොරුවට

  නිදිබර බැල්ම තැවරුන
  හෙම්බිරිස්සා කටහඬින් අඬගානකොට ඔබ
  නෑවිත්ම හිටියත්
  තෙමි තෙමි ම මම
  හිතෙන්නැද්ද ආයිත් දවසක
  තෙත බරිත හවසක
  අහම්බෙන් වගේ හම්බ වෙන්නට"
           ( තෙමි තෙමි ම මම ;  31-32 පිටු  ;  දොළොස් වන පැදිය )



"'අක්කගෙ කුඩ මිට තාම මං ලඟ.'

'කුඩයක් නැතුව මිටක් විතරක් මොකටද ඔයාට?'

'හෙට ගෙනත් දෙන්නම් ද ඒක අක්කට?'

'එපා. ඒක ඔයා තියාගන්න. නොතෙමි - තෙමි තෙමි ඉන්න.'"

               ( ඉස්කිරිම - 65 පිටුව )
       
ඉස්කිරිම ප්‍රේමය මුල් වූ නවකතාවකි. එහි බස නූතන ය. පාඨකයාට විවෘත කරන්නා වූ ආඛ්‍යායිකයා ගේ හැඟීම් වල ගැඹුර ඔහුගේ අවංක කම තහවුරු කරයි.  මේ තරම් ප්‍රේමයේ සියුම් හැඟුම් ගැන සිංහල සාහිත්‍ය නිර්මාණයක හෙළි දරවු අවස්ථාවන් - වෙසෙසින් පාඨකයාට බරක් නොදැනෙන ලෙස  සිතුවිලි ගවේෂණය කරමින් - මා මතකයට නැගෙන්නේ අමරසේකර ගේ මුල් කෙටි කතා වල ය ( ජීවන සුවඳ ; රතු රෝස මල ) - එහෙත් මා එතරම් (?) ප්‍රේම කතා කියවා නැත.

ඇත්තෙන් ම මේ නවකතාව ගැන විචාර ලිවීම අපහසු ය. එය විඳීමක ට, ඒ ඔස්සේ පාඨකයා  විඳවිල්ලකට නතු විය යුතුය. මා මෙය විශිෂ්ඨ නවකථාවක් කීමට ඉක්මන් නොවෙමි. එහෙත් , පාඨකයා ව ද ඒ බස් නැවතුමේ, ඒ වැස්සේ, ඒ පුස්තකාලයේ  ඔවුන් ගේ දෙබස් වලට කන් දෙන්නෙකු, ඔවුන් දෙදෙනා ගේ ජංගම දුරකතන කෙටි පණිවුඩ  උරැස්ස උඩින් කියවන අයෙකු බවට පත් කරන්නේ ය. ඒ කතුවරයා ගේ නිර්මාණැය උදෙසා වූ කැපවීම, අවංක බව සහ ලිවීමේදී ඒ සෑම සිදුවීමක් තුල ම ජීවත් වූ ස්වභාවය හේතුවෙ නි. මුලු නවකතාව පුරා ම, මෙහි ප්‍රධාන චරිත වල බොහෝ තොරතුරු අප හට එළි නොකෙරේ. ඇත්තෙන් ම ඒ අඩුව නොදැන්නේ ඔවුන්ගේ හැඟීම් සමඟ පාඨකයා ඒකාත්ම වන නිසා ය.

"... මට කියන්න තියෙන්නේ ඔයාගෙ ආදරෙ රහසිගතව කරගෙන එයාට එයාගෙ පාඩුවේ ඉන්න සලස්සන්න කියලයි.... පෙරලා එයාගෙ ආදරේ බලාපොරොත්තුත් නොවෙනවනම් එයාට ආදරේ  බව කියන්න ඕනත් නැහැ නේද?" ( 59 පිටුව )

"ඈ සොයා සොයා ඇගෙන් ආදරය බිඳක් හෝ පතමින් ඇ
යව  අල්ලා ගැනීමේ චේතනාවෙන් සිතිවිලි කලඹවාලු එය ප්‍රේමයේ විලාසයෙන් පැමිනි තෘශ්නාවේ එක්තරා ස්වරූපයක් පමනක් ද?" ( 139 පිටුව )

කියවන්න. විඳින්න.
හැකි නම් "තෙමි තෙමි ම මම" ත් කියවන්න ( මගේ පිටපත ණයට ඉල්ලා අමනාප නොවන්න ).