Monday 2 November 2020

Tinker Tailor Soldier Spy - (d) Tomas Alfredson ( 2011 )

John Le Carre ගේ Tinker Tailor Soldier Spy මුල් කොට ගෙන බිහි වූ Tomas Alfredson අධ්යක්ෂණය කල එනමින් ම වන චිත්රපටිය නැරඹුවෙමි. එහි රඟපෑමට Gary Oldman ට හොඳම නළුවා ට හිමි Academy සම්මාන නිර්දේශයක් හිමිවිය. ඇත්තෙන් ම එහි අපූරු රංගනයක නිරත වන්නේ ය.
මේ පොස්ටුව, මා නවකතාවේ හමු වූ ජො'ජ් ස්මයිලි සහ චිත්රපටියේ ජෝ'ජ් සමයිලි අතර සබඳතාවක් - හෝ එහි මද බව - පිළිබඳවයි.
නවකතාවේ, ස්මයිලි යනු ආචාරශීලි, මෘදු වදන් ඇති, එහෙත් සියුම් මනසකින් සියල්ල විචක්ෂණව හදරා තීරණ වලට පැමිණෙන්නෙකි. මෑතක නැරඹූ The Spy Who came in from the Cold චිත්රපටියේ ජෝ'ජ් ස්මයිලි යනු අප්රධාන, නුමුත් වැදගත් කාර්යභාරයක් කරනා චරිතයකි. එහෙත් එම චරිතයේ හැඩරුව සහ හැසිරීම, Tinker Tailor Soldier Spy නවකතාවේ එන ස්මයිලි හා ගැලපෙන බව සිතුණි.
Tinker Tailor Soldier චිත්රපටියේ Gary Oldman හරහා දකින ස්මයිලි, අඩුවෙන් කතා කරන, එහෙත් අර පෙර කී මෘදු ලක්ෂණ ඇත්තෙක්ට වඩා, දක්ෂ බුද්ධි තොරතුරු හා සබැඳි නිලධාරියෙක් බව ඒත්තු යන ආකාර චරිතයකි. නිෂ්ශබ්ද වුව, ඇවැසි විටෙක තම බලය තහවුරු කල හැක්කෙකි. ඔහු අවශ්ය විටක, අවශ්ය ඍජු වදන් කීමට නොපැකිළෙන්නෙකි.
මේ නිදසුන් පිරීක්සන්න:
BILL HAYDON: I’m not his bloody office boy.
SMILEY: What are you then?
නවකතාවේ, ස්මයිලි මෙවන් අපහාසාත්මක චෝදනා මුඛයෙන් දොඩන්නෙක් නොවෙයි.

MINISTER
That’s... that’s not possible.
SMILEY
Made possible. By you. When he steals our secrets he does it
under the very nose of the Circus, in the house which you
persuaded the treasury to pay for. I’m sure you’ll be able to
take full credit for that.
MINISTER
(Appalled)
Witchcraft’s intelligence is genuine! It’s been gold!

නවකතාවේ ස්මයිලි ඇමති ට අපහාසාත්මක වාග් ප්රාහාර එල්ල කරන්නෙකු නොවේ. නවකතාවේ එන ඇමතිවරයා වාග්ප්රහාරයට නැඹුරු අයෙක් වන අතර ස්මයිලි තම ස්තාවරය විස්තර කරනුයේ දීර්ඝ වචන මාලාවකිනි

Smiley: “If the mole exists, which I assume is common ground among us . . .” He waited, but no one said it wasn’t. “If the mole exists,” he repeated, “it’s not only the Circus that will double its profits by the American deal. Moscow Centre will, too, because they’ll get from the mole whatever you buy from the Americans.”
In a gesture of frustration, the Minister slapped his hand on Mendel’s table, leaving a moist imprint on the polish.
Minister : “God damn it, I do not understand,” he declared. “That Witchcraft stuff is bloody marvellous! A month ago it was buying us the moon. Now we’re disappearing up our orifices and saying the Russians are cooking it for us. What the hell’s happening?”
Smiley: “Well, I don’t think that’s quite as illogical as it sounds, as a matter of fact. After all, we’ve run the odd Russian network from time to time, and though I say it myself we ran them rather well. We gave them the best material we could afford. Rocketry, war planning.

මා කියන්නට තනන්නේ, නවකතාවේ ස්මයිලි චරිතය සහ, චිත්රපටියේ ස්මයිලි චරිතය චරිතලක්ෂණ අතින් දෙකක් බවත් ( එය එකක් වීම අනිවාර්ය නොවේ - සහ, Oldman ට නවකතාවේ එන ස්මයිලි චරිතය එලෙස ම රඟපෑම පවා අසීරු වන්නට තිබූ බවකි.
මෙම නවකතාවත්, චිත්රපටියත් දෙකම පරිශීලනය කල අයට තේරෙන බවක් සිතේ.
චිත්රපටිය පැය දෙක දුවන්නේ ත්රාසය රඳවමින්, කාලයට පෙර අවසන් කරලීමට ඇවැසි තරඟයක් මෙනි. ඇත්තෙන්ම පැය දෙක යනවා තේරෙන්නේ ද නැත.
නවකතාවේ අපි දකින්නේ, ස්මයිලි නිදිමරාගෙන පරණ වාර්තා කියවමින්, ප්රහේලිකාවක් විසඳන ස්වරූපයකි.
මෙම නිර්මාණ දෙක ම අපූරුය. දෙකේ ම මූලික කතා පුවත එකක් ය. එහෙත් නිසැක වශයෙන් ආත්මීය වශයෙන් වෙනස්කම් වලින් සපිරිය.

( පිළිබිඹු අතරින් අවසානයේ දිස්වෙන කළු-චිත්ර රූපයෙන් දිස්වන්නේ The Spy Who Came in from the Cold චිත්රපටියේ ජෝ'ජ් ස්මයිලි ට පන පෙවූ Rupert Davis එම චිතපටියේ රඟ පෑ අවස්ථාවකි. අනෙක් පිළිඹිබු සියල්ල Tinker Tailor Soldier Spy චිත්රපටියෙනි )







No comments:

Post a Comment