Friday, 6 March 2020

ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්ණය - සිරිමල් විජේසිංහ


මෙම කෙටි කතා සංග්‍රහය කියවිමට මුල් වූ හේතුව, 2019 වසරේ එක්තරා සම්මානයකට නිර්දේශ වීම සහ, කෘතියේ අපූරු නම ය. ඉතා සරල භාෂා භාවිතාවක් අනුගමනය කොට ඇති ලේඛකයා, තම නිර්මාණයේ සාර්තකත්වයට, කලාත්මක බවට වඩා දාර්ශනික ප්‍රශ්ණ වල අදාලත්වය ම මුල් කොට ගත් සේය. මෙහි එන කෙටි කතා ගැන මෙසේ සාරාංශයන් ඉදිරිපත් කරමි.

පෙරවදනේ කතුවරයා පවසා ඇත්තේ මෙම දීර්ඝ කෙටිකතාව ( ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්ණය ), හෙවත් සංග්‍රයට නම දුන් මුඛ්‍ය කෙටි කතාව අවසනට කියවන්න කියාය. එහෙත් එම කියමන මගින් ම උනන්දු කරවුනු ලැබූ මා,  මේ සංග්‍රහය කියවන්න පටන් ගත්තේ මෙම කෙටි කතාවෙනි. දර්ශනය, ඕෂෝවාදය, සහ හාස්‍ය රසයෙන් අනූන තරමක් දීර්ඝ ( පිටු 126 කි ), මෙම කෙටි කතාව මම ඇත්තෙන්ම රසවින්දෙමි. ඒ නැවුම් විෂයක් දාර්ශනික නැඹුරුවකින් කෙටි කතාවට නගා ඇති නිසා ය. ස්ත්‍රිය හා පුරෂයාගේ ලිංගික ආස්වාදයේ ස්වභාවික නොගැලපීම් මේ කෙටි කතාවේ මුඛ්‍ය මාතෘකාවයි. ඒ ඔස්සේ  කතුවරයා වෙසෙස් පරාසයක් ඔස්සේ කෙටි කතාව ගෙන  යයි. අහක සිටින, හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ මිෂෙල් මෙහි ප්‍රධාන චරිතයෝය. මිනිස් ලිංගිකත්වයේ ස්වභාවය, සභ්‍ය යන සම්මතය මගින් ආරෝපනය කර ඇති සීමා, ආදිය ගැන විවෘත සංවාදයක් ලෙස ඉදිරියට යන කෙටි කතාව, කොමියුනිස්ට්වාදයේ සෙවනැල්ලෙන් මිදී නැත.  මුළු පොත ම නොවූවත්, අත්‍යවශයෙන් ම කියවිය යුතු කෙටිකතාවකි - ඒ මෙම මාතෘකාව හෙට දවසේ ද තව තවත් සාකච්ඡා වෙන්නක් බැවිනි. මේ තනි කෙටි කතාව  පමණක් නිසා හෝ මේ කෘතියේ වැදගත්කමක්, ලංකා කෙටි කතා සාහිත්‍යයට එකතු වනු නියතය. මෙහි එන සියළු කෙටි කතා පෙළෙන රෝගයෙන්, එනම් කතුවරයාගේ බොහිමියානු සහ දාර්ශනික අදහස් වලට මුල් තැන් දෙනමින්, කෙටි කතාව නම් කලාකෘතිය යම් ඛාදනයකට නැතිනම්, වට්ටමකට නතු කරලීමයි. එනමුදු මෙහි ඒ ඒ කෙටි කතාව ට පාදක වන මාතෘකාවන්, නැවුම් ය, වර්තමානිකය, ඖචිත්‍යය.

සේපාලිකා මලයි - සුදු පාට මී දුමයි, සංක්‍ර්‍රාන්ති ලිංගික කාන්තාවක හා විවා පත් වූ විවෘත අදහස් ඇති විෂම ලිංගික පිරිමියෙකු මුල් කොට ගත් කෙටි කතාවකි. විද්‍යාවේ දියුණුව කෙසේ වුව, ප්‍රායෝගික තලයේ අභියෝග  උකහා දක්වන්නා ආරේ කෙටි කතාවකි. අපූරු මාතෘකාවක් ඔස්සෙ සිදු කෙරුණු නිර්මාණයකි.

තමන්ගේ ලෝකයේ තනි වීමට කැමති, මුදල් හම්බු කිරීමට මහන්සි වීමට අකමැති, එහෙත් විවෘත අදහස් ඇති හැටපස් වියැති සයිමන් නැමැති රසවතෙකු මුල් කොට ගෙන ලියැවුණු කෙටි කතාවකි, රඟනු රන්ග රන් රඟ මඩලේ. ඔහු තමන්ගේ බිරිඳ හා දරුවාගෙන් වෙන්වන්නේ, ඔවුනට ඇති ආදරය නිසාමය. ආදරය යන්න ට බදාගෙන සිටීම අත්‍යවශ්‍ය නොවන වගක් ඉඟි කරයි.

අති සංවේදී මිනිසෙකුට තමන් වෙත එන ප්‍රශ්ණ වලට පිලිතුරු නැත්තේ නම්, හේ සියල්ලෙන් පළා යන්නේ ය. තමන්ගේ ආදරණීයන් ලබා ඇති දුක් පීඩා ඉදිරියේ ඔවුනට  මුහුණ දීම ට තරම් ශක්තිවන්ත නොවූවෝ, ඒ සියල්ලෙන් පළා යන අවස්තා ඇත. හද සැණැකෙළියහි වල්මත් වී ලා, එවන් මිනිසෙකු අලලා නිර්මාණය වූ කෙටි කතාවකි.

රාගික ප්‍රේමය ඇබ්බැහිවීමක් විය හැක. එය තහනම් පෙමක් නම්, තත්ත්වය සංකීර්ණය.  තහනම් පෙමක් හරහා එක්තරා කාන්තාවකට ඇබ්බැහි වූ මිනිසෙකු ගේ මානසික තත්ත්වය, හා එක් අතකින් ඔහුට විකල්ප නැති බව, එනම් ජීවිතයේ සමස්ත පරාජය ම බාරගැනීම ඔහුට ඇති එකම විකල්පය බව පැවසෙන "මෙතැන රෝස මල මෙතන නටන්න", කෙටි කතාව ද කියවීමේ කුතුහලය පවත්වාගෙන යන කෙටි කතාවකි.

අවසන් ලියුම, කවි පෙළක් ආකාරයෙන් මිය ගිය පියෙකු සහ ඔහුගේ අසම්මත අදහස් මගින් පෝෂණය වූ දියණියකගේ පිළිසඳරක් මුල් කොට ගත් කෙටි කතාවකි.

සිනමා කාව්‍යයකට ලියූ සාරාංශයක් බව කියවෙන, සඳ පිණි දියේ - හිම කුමරියේ කෙටි කතාව, බ්‍රිතාන්‍ය රජ පෙළපතට අයත්, කුමරියක් අලලා ලියැවුන්නකි. සිනමාවට උචිත වේගය එහි තිබුන ද, මෙහි ඇති සාරාංශ ගත ඉදිරිපත් කිරීම, පාඨකයා වින්දනයට දනවන්නෙ  තරමක් හදිසියක් සහ නොගැඹුරු බවක් ය.

දේශපාලන අතුරුදන් වීම්, සහ ඊට එරෙහිව විරෝධතා දක්වන්නන්ගේ ම දේශපාලන න්‍යායපත්‍ර හේතුවෙන් ප්‍රශ්ණයෙන් පලා යෑමට යත්න දරන්නෙකු, තම හොඳම මිතුරාගේ බිරිඳට සහ දරුවාට මුහුණ නොදෙන්නේ, කරුමක්කාර රටක ඉපදීම හේතුවෙන් ඔහු තුල ඇති අසරණ බව ප්‍රකට කරමිනි ( කරුමක්කාරයෝ )

සින්පසන්සි වානරයා සහ දියුණු මිනිසා අතර සැසඳීමකට යත්න දරයි.

"වානර යුගයෙ ඉඳලා මේ වෙනක්ම් මිනිහා ලබල තියෙන දියුණුව මිථ්‍යාවක්.... වානරයන් විසින් ආහාරගැනීම, ලිංගික හැසිරීම, සෙල්ලම් කිරීම, විනෝදවීම ආදිය කිසි අඩුවක් නැති ව කළා.... මේ දැන් ද මිනිහා විසින් කරමින් ඉන්නෙත් ඒ ටික ම තමා... ඒත් විශාල වෙනසක් තියෙනව... මිනිහා රැයක් දවාලක් නැති ව මැරි මැරී වැඩ කරනව.. යළි හරි ගස්සන්න බැරි විදිහට ස්වභාව පරිසරයත් උන් විසින් විනාශ කරලයි තියෙන්න..... 

ඒත් සියළු ව්‍යසන අවසානයහි දී, මිනිහා තවමත් කරමින් සිටින්නේ තමා විසින් වානර යුගයෙහි දී කළ දේවල් ම පමණයි..." ( 148 පිටුව - සින්පන්සි )

කලකට පෙර විවා පත් වැ සිට, අනතුරුව දික්කසාද වූ අඹු-සැමි යුවලක් එක ම දිනක මිය යන්නොය. ඔවුන් ගේ හොල්මන් අවතාර, ජීවත් වූවන් ඔවුන් තකන අයුරු නිරීක්ෂණය මාතෘකා කොට ගත් කෙටි කතාවකි, එපා මේ නිදහස.

නිර්මාණයේ පිටකවර ඉතා අපූරු වුව, මුද්‍රණ දෝෂ නම් බහුලය. එය මේ කෘතියේ වටිනාකම ට බාධාවකි. 2018 ප්‍රකාශ වූ ඉතා සැලකිය යුතු සහ,  වර්තමාන ලොව සමාජ අභියෝග වලට මුහුණ දෙන අපි සියල්ලෝ ම කියවිය යුතු කෘතියක් යැයි සිතමි. එහෙත් එක් අතකින්, මෙය දාර්ශණික ප්‍රශ්ණ පත්‍රයකි - ඒ ප්‍රශ්ණ ඇසීමට භාවිත කරනා මෙවලමකි, සිරිමල් ගේ කෙටි කතාව. ඒ හේතුවෙන් ම හුදෙක්  කලා කෘතියක් ලෙස මෙහි යම් අඩුපාඩු තිබිය හැක. එනුමුදු මෙහි සාකච්ඡාවට ගැනෙන කරාණාකාරණා වල අදාළත්වය මත ඒ අඩුපාඩුව ගැන යම් ආරක නොතැකීමක්,
කතුවරයාට දීමට කැමැත්තෙමි.


රතු පලස - එරික් ඉලයප්ආරච්චි

බගන්දාරා වලින් පටන්ගත්, මීගොමුවේ මහීමගොඩැල්ලේ, සිමියොන්, කුසුමාවතී සහ කුලසිරි මුල් කරගත් දීර්ඝ කතාන්දරයේ ( එනම් බගන්දරා > විතණ්ඩ සමය සහ ආදරයේ සිමෙන්ති ), සමාන්තර ආඛ්‍යායනයක් ලෙස රතු පලස ලියැවී ඇත, අන් අයුරකින් පවසන්නේ මෙහි එන චරිත මේ නවකතාවේ මුහුණ දුන් සිදුවීම් වලට, වෙනස් සිදුවීම් වෙත, ඊට සමාන කාල වල දි, විතණ්ඩ සමයේ දී මුහුණ දුන්නෝය. ආදරය සිමෙන්ති  විතණ්ඩ සමයට සමාන්තර කාලයක සිදු වුවද, ප්‍රධාන චරිතයෝ, අන්‍යයෝය ( මට මේ සබඳතාව අචිබේ ගේ Things Fall Apart සහ Arrow of God මතකයට නැගීය ).

රතු පලස වනාහි 1972-2010/2011 පමණ කාල පරාසය අලලා, කුලසිරි ගේ චරිතය ප්‍රමුඛ කොට ගෙන ලියවූවකි. මෙහි එන සියළු චරිතයෝ, සාමාන්‍ය මිනිසුන් පරිද්දෙන් ම කෙලෙස් බරැතිය. ඔවුන් ගේ වැරදි මතින්, සහ ඊට පෙර පරම්පරාවල් සිදු කල වැරදි (?) තේරුම් ගනිමින්, තමන් ගේ ජීවිත තේරුම් ගන්නෝය - ජීවිතය විඳින්නෝය. කුලවාදය, ව්‍යාභිචාරය, ත්‍රස්තවාදය, නිදහස් ලිංගිකත්වය, බෙදුම්වාදය, ජාතිකත්ව ධාරාවේ මිත්‍යාමය ඉතිහාස අර්ථ කථනය, විසිරුණු ජන කොට්ඨාශයන්ගේ බෙදුම්වාදී දේශපාලනය ආදි අනේකවිද මාතෘකා අලලමින් පිටු 528ක් පුරා ලියැවුණකි. පෙර කී කාල පරාසයේ අප රට සිදු වූ මෙහි ඇතුලත් නොවූ ප්‍රමුඛ මාතෘකාවක් නැති තරම් ය. කුසුමාවතී තම පරාජයන් බාරගෙන තනිකඩ ජීවිතයකට පුරුදු වීම, සිමියොන්ගේ ඇවෑමෙන් ඔහු ප්‍රාදේශීය හා දේශපාලන වශයෙන් පිර වූ හිඩැස, කිසිදා තම පියානන් ට ගරු නොකල කුලසිරි  වටහා ගැනීම ආදී සිදුවීම් අප ලේඛකයා මවා ඇති අයුරු අපූරුය. එපමණක් නොවේ නවකතාව මුල, හිරෙන් නිදහස් වී තම නිවෙස වෙත දුම්රියෙන්, තම මව සමඟ පැමිණෙන කුලසිරිගේ අත්දැකීම පවා, විචිත්‍රවත් ය - අප යාබද අසුනේ වාඩි වී සිටියා සේය. මෙහි එන සමහර අවිශේෂ චරිතයෝ, කුතුහලය අවුසන මුත්, අප සමාජ ව්‍යූහය තුල ස්වභාවික යැයි හැඟේ. පුල්ලේ මාමා එවැන්නෙකි; ජයසිරි තවත් අයෙකි. පැතලි විසල් පා මගින් මහපොළොව බදා ඉන්නා, ඉන් සහ ඔවුන්ගේ පරිසරයේ වෙසෙන අන් අයගෙන් ද සාරය උරා ගන්නා, එහෙත් සමාජයට ද වක්‍රව, අනභිප්‍රේතව යමක් එකතු කරනා චරිතයෝය. මේ සැමටත් වඩා අපූරු සංකීර්ණ චරිතයක් ලෙස තේවාණි ගොඩ නගා ඇත. විටින් විට පෙනී සිටිමින් අතුරුඳන් වන තේවානි චරිතය මගින්, සිහළුන් විශ්වාස කොට ඔවුන් හා තම දිවිය ගෙනයාමට අවංක උත්සාහයක් දරා, දකුණේ කැරැල්ල වෙනුවෙන් ද යම් කොටසක් ඉටු කොට, අවසන දෙමළ බෙදුම්වාදය වෙත බලාපොරොත්තු ඇති කර ගැනීමට තරම් අසරණ වන ගැහැණියකගේ චරිතයක්,  ලේඛකයා අපූරුවට ගොඩනගා ඇත. මීගොමුවේ වෙළඳ ප්‍රජාව, කරුවල කඩ ඇතුළත ගෙනයන බලගතු මෙහෙවුම්, දේශපාලන  මදිහත් වීම්,  අයථා සම්බන්ධතා ඉදිරිපත් කොට ඇත්තේ, අද ට පෙර පරම්පරාවක  වික්‍රමයන් කියා පාන ඉරියව්වකිනි.  අද වන විට සුපිරි වෙළඳසල් දාම හේතුවෙන්, මෙම ප්‍රජාව විසිරී අන් ස්වරූප ගෙන ඇත. 2010 පමණ  වන විට සිදු ව ඇති සමාජ ආර්ථික පෙරළීම පෙන්නුම් කරන අපූරු කොටසකි මේ:
"නාට්ටුවත්තේ හාදයකු  සිනාසෙමින් පැවසුවේ සුපර් මාර්කට් එකේ බඩු විකුණන කේලාම්කාරියක් තමාට 'සර්... සර්' කියා කතා කළ සැටිය. ඇය තවත් හරක් පට්ටියක් තබාගෙන කිරි විකුණන දනියෙල්ගේ පවුලට 'මැඩම්' කියා ආමන්ත්‍රණය කර තිබිණ" ( 400 පිටුව )

නවකතාවේ තැනෙක දිගැරෙන, කුසුමාවතීගේ මල්වානේ ඉඩම්හිමි නෑ පරපුර ඉදිරිපත් කෙරෙන පවුල්පසුබිම, සහ සිමියොන්ගේ වාමාංශික දේශපාලානයේ නොපෑහීම ද දුරදිග ගියේ ?  බගන්දරා හී ඇරඹි පරිදි, කුසුමාවති හා සිමියොන් ගේ ගැටුම ට කුලසිරි ඉත්තෙක් වූ අයුරු මෙහි වඩා පූර්ණව පෙන්නුම් කරයි.

"ඔහු (සිමියොන්) විශ්වාස කළේ ඒ පිය පුතු වෛරය ඇති කළේ තේ කඩ රස්සාව හා ඊට කලින් කළ බක්කරේ රස්සාව දෙස අවඟාවෙන් බලමින් ආණ්ඩුවේ පාසල් ගුරුකමෙන් හිස උදුම්මා ගත් තම බිරිඳ කුසුමාවතී බව ය. ඇය වැඩිමලාට ඉගැන්වූයේ දරුණු යටි අරමුණකිනි. "( 72 පිටුව )
එහෙත් දීර්ඝ කාලීනව, පියෙකු පුතෙකු දෙසත්, පුතෙකු පියෙකු දෙසත් හෙළන්නේ අනෙකා සාධාරණ ද යන්න ගැන තක්සේරුවක් පමණි. එය එසේ නම්, පියා පුතා වෙත ද, පුතා පියා වෙත ද, දීර්ඝකාලීන බැඳීමක් බවට එය පත් වේ. මෙය පුතෙකුගේ පාර්ශවයෙන් නම්, පියාගේ ඇවෑමෙන් පසුව ද සිදු විය හැක. කුලසිරි ගේ මැදිවිය ගෙවී ගිය අයුරු සහ  සිමියොන් එය ගෙවා දැමූ අයුරු අතර යම් සමානතාවක් මගින්, කතුවරයා මේ විශ්ව සාධාරණ යැයි සිතිය හැකි තත්වය පෙන්නුම් කරන්නාක් මෙනි.

කතුවරයා මෙම කෘතිය මගින් බොහෝ  විශ්වාස ආදිය හරහා ද ගමන් කරලීමට යත්න දරා ඇත. සාන්ත සෙබෙස්තියන් අවතාරය, නවගමුව හා බැඳි පත්තිණි විශ්වාසය ආදිය ගැන විස්තර ගෙන එමින් කතාව වරෙක දීර්ඝ කරන කතුවරයා, ව්‍යංගාර්තයෙන් කුසුමාවතිගේ මානසික විෂාදය පෙන්නුම් කරනවා විය යුතුය.  එවන් සමහර කොටස් පාඨකයා වෙහෙසට පත් කරවයි.  තව ද ඒ ඒ යුගයේ කලාව හා සබැඳි සිදුවීම්, අන්තර්ගත කරලීම මගින් නවකතාව විශ්වාසනීයත්වය තහවුරු කරයි. නිදසුනක් ලෙස කුලසිරි දෙවෙනි වර විශ්ව විද්‍යාලයට ඇතුලත් ව සිටිද්දී, ඒ යුගයේ නිමවුණු නිධානය චිත්‍රපටියේ තිරරචක තිස්ස අබේසේකර ඒ අසල වාසය සඳහන් කල හැක.  එලෙසම වෙසෙසින් 71 කැරැල්ලෙන් පසුව, විශ්ව විද්‍යාල පාඨමාලා සංශෝධනය ගැන ද මෙහි සඳහන් ය. කුලසිරි ට විශ්ව විද්‍යාලය නැවත එපා වීමට එයද හේතුවක් වීද ?  ඔහු ඒ වන විට ලබා සිටි ආර්ථික තත්ත්වයද ඊට හේතු වූ බව සැබවි.
"ව්‍යාපාර පරිපාලනය, රාජ්‍ය පරිපාලනය, තක්සේරුකරණය යනාදි තවත් අලුත් පාඨමාලා හැදෑරුවන්ට ද  රටේ ආයතනවල පමණක් නොව පිටරටවල ද ඇබෑර්තු ඇති බව ආරංචි විය. 'පාලියි සංස්කෘතයි දුකලාවා' යනුවෙන් සංඝාවාසයේ පිට බිත්තියක ලියා තිබුණි." ( 361 පිටුව )

හැත්තෑව දශකයේ සමගි පෙරමුණ ආණ්ඩුව කෙරෙහි කෙමෙන් ජනතා විශ්වාසය පළුදු වීම යන කාරණාව ද, නවකතාවට අන්තර්ගත කොට ඇත්තේ සූක්ෂමවය.

නවකතාවේ තුන් වෙනි කොටසට අවතීර්ණ වන විට, ටානියා හෙවත් විජයලක්ෂ්මි එහි ප්‍රධාන චරිතය බවට පත් ව ඇත්තේ, සාලිය ව ද  මධ්‍යයේ චරිතයක් බවට පත් කරවමිනි. මෙම චරිත දෙකම කුලසිරි ගේ ඍජු සබඳතාවක් ඇති චරිතයෝය. තිස් අවුරුදු බෙදුම්වාදී යුද්ධයේ අවසන සනිටුහන් කරන යුගයකි මෙම තෙවෙනි කොටසින් නිරූපනය වන්නේ. රාජ්‍ය නොවෙන සංවිධාන ප්‍රමුඛ "ජාත්‍යන්තර ප්‍රජාව" හි හැසිරීම දැක්වෙන කොටස් මෙහි නොසලකා හල නොහැක.
"ඕනෑම විමුක්ති සටනක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව හැසිරෙන්නෙ එක ම ආකාරයකට බව ඇය දන්නා කාරණාවක් විය. තමාට පැවරී  ඇති කාරිය ඒ සම්ප්‍රදාය අනුව කටයුතු කිරීම ය. කිසියම් වර්ගයක සටන්කාමීන් හා විමුක්තිවාදීන් පිළිබඳ විශ්වාසය බිඳී යන මොහොතේ විවිධ ක්ෂේත්‍රවල නිපුණ උපදේශකයින්ගේ නළල් මත පණ්ඩිතමානී රැළි ඇඳෙයි. ඔවුන්ගේ ඇස් කණ්ණාඩි අතට එයි..."

"උතුරේ විමුක්ති නායකයා මියගිය පුවත ආරංචිය යුරෝපයට ලැබෙන විට බර්ලිනයේ වේලාව සවස හතරයි හතළිහ ද,  ලන්ඩනයේ වේලාව තුනයි හතළිහ ද විය. මාක්ස්වාදී ජාත්‍යන්තරවාදීන්ගේ නිල ගීතය වූ ජාත්‍යන්තර ගීතය නිපැයූ ප්‍රංශයේ මසේහි ඒ ගැන තිබුණේ ජයග්‍රහණය බලාපොරොත්තුව සිටි සිඩාන්ගේ නායකත්වය සහිත ජාතික පාපන්දු පිල අනපේක්ෂිත පරාජයට ලක් වුණු හැඟීම වැනි අඳුරු මානසිකත්වයකි" ( 396 පිටුව )
මේ යුගය වන විට හන්ටින්ටන්ගේ සංස්කෘතික  යුද්ධ පොත අනුසාරයෙන් ඒක පාර්ශවීය සංස්කෘතියක්  සමස්තය  වෙනුවෙන් පෙනී සිටීම ඇරඹි තිබිනි. ලේඛකයා එය අප හට සාහිත්‍ය ආදර්ශයක් ඔස්සෙ ම ගෙන එයි.

"... මයිකල් ඔන්ඩච්චි, යස්මින් ගුණරත්න, ශ්‍යාම් සෙල්වදොරෙයි වැනි ශ්‍රී ලාංකික ජන්මයක් ඇති ලේඛකයින් ස්වභාෂා සම්පූර්ණයෙන්ම අමතක කොට දමා කැනඩාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල පුරවැසියන් ලෙස දිවි ගෙවන තාලේ ඩයස්පෝරක සාහිත්‍යකාරයන් වීම පසුපස එවැනි කාරණා සැඟවී තිබෙන බවකි" (415 පිටුව )

මෙය විශාල කාල පරාසයක් අලලා ලියැවුණු, සුළු සිද්දීන් අණ්වීක්ෂගත කිරීම මගින් ඒ ඒ කාලය කියවීමට තැත් කල, බොහෝ පොහොසත් නවකතාවකි; මෙය පරිපූර්ණ නවකතාවක් හෝ තැනෙක කියවීමට අපහසු ආරේ නවකතාවක් ද හෝ විය හැකිය. කතුවරයා තැනෙක විමතිය ගෙනෙනු උදෙසා ගන්නා හැරවීම්, පාඨක සිතේ සැකයක් ඇති කරලීමට ද පුළුවන. එහෙත් ඒ දුර්වලතා මධ්‍යයේ හෝ, ශ්‍රී ලාංකික සමාජය තමන් කියවීම උදෙසා නැවත නැවත යොමු කරවනාකාරයේ, අප තව බොහෝ කාලයක් කියවනාකාරයේ නවකතාවකි මෙය. කතුවරයා මහත් අපේක්ෂා ඇතිව ලිවීමට තැත් කල කෘතියක් බවට සිතිය හැක, මෙය.   මෙය අප යුගයක කැඩපතකි. එරික් ගේ හොඳම නවකතාව මෙය නොවුන ද ,  අද වන විට ඔහු ට පමණක් ලිවිය හැකි, ඔහු ට පමණක් ඇලලිය හැකි මානයන් උපේක්ෂක නෙතකින් දැක, ලියූ නවකතාවකි, මෙය. මෙය විශිෂ්ඨ ද නැද්ද යන්න අනාගතය තීරණය කරාවි. දැනට, හරිහමන් අවසානයකින් තොරව නිමාවන කෘතියේ, ඊළඟ කොටස වන "පේත" කියවීම ඉතා අවශ්‍ය කාරණාවක් පමණක් බව දනිමි.

****
නවකතා
2018 ගොඩගේ ප්‍රකාශනයකි





Quichotte - Salman Rushdie

Reading a novel by Rushdie is usually a challenge - a challenge that is usually very, very rewarding, as I found out through The Satanic Verses, The Moor's last sigh and Midnight's children. Then there was Luka and the Lake of Fire which I read to my kids ( which the kids and their father found tiresome), and the equally chaotic Fury ( which luckily was "read" in its audiobook" form - so no harm done ). If Quichotte didn't manage to sneak up to be among the finalists of last year's Booker nominees, chances are I would've given this the miss. But the fact that it did, along with the fact that it was  loosely based on the character of Don Quixotte ( the book considered to be the first modern novel), and involves traveling across contemporary America with many an adventure, convinced me that I should read this. I was not disappointed . In fact I like this much - and this has to be the most readable and accessible Rushdie novel that I've read to date.

Rushdie handles many contemporary issues. The white supremacy that has woken up from decades of slumber in an opportune political environment, is a primary topic. Rushdie has been living in the United States for twenty years, and he is likely to have sensed the change of political climate, to make this point ( and he's not the first one to do so - even persons known to us have conveyed similar sentiments). A subtle license to hate has been tolerated over the last few years, Rushdie thinks. The next reference is the use of Opioids. Given the time of the release of the book (2019) it is safe to assume that Prince's death possibly due to fentanyl was one of the reasons to consider it as one of major ills of present day U.S. In fact he makes reference to Prince's death in an interview he had given about the book. The role that  Opioids play in American society takes  a considerable role in this tale.

The other topics he visits across this nearly 400 page book are -   Talk shows, with a fictional character that resembles an Indian born version of Oprah as a main character. Trash TV, broken migrant families where siblings live in different continents with less than the best of sibling like affection between them. There is  numerous literary references as appropriate a post-modern novel  - from Moby Dick to Alice in Wonderland, Lolita, Pinocchio to Bruce Springsteen's Pink Cadillac ( he must be liking the boss - he referenced Bruce in Fury too - after all, the Boss is the ultimate working class American's singer and hence, representative of America ).



The characters both fictional, and the fiction's fictional, have their roots in India - Mumbai (as usual). It was interesting to note that the topic of abuse by trusted family members, comes up several times, with  how the repercussions affect them throughout their lives.
In Quichotte, Rushdie limits fantasy to the sub-narration, leaving the base narration within the realms of the real - until the last page or two, where he attempts to make the fantasy world, a sub-world and extension of the base - a neat trick I felt. There is also the faintest hint that he laughs at himself, in this novel, and that too is an attraction.


Overall, it was one of the most readable novels by Rushdie, and it was quite an enjoyable book. Personally I would rack it along with his best works - The Satanic verses, The Moor's last sigh and Midnight's Children ( i.e. from the ones I've read), and rate it just a few tenths below them.

Celestial Bodies - Jokha al-Harthi ( Translated by Marilyn Booth )



Oman: a country which had under gone a considerable change since the 1960s - when she emerged as an Oil rich country. The transformation from an  era,  when schooling for girl children was restricted, to a time  where subsequent generations saw their girls become medical doctors, and could decide on whom to marry -  From an  era when patriarchs controlled their families, made concubines of their slave women ( yes, slavery was a fact! ),  to a time when a woman was able to be true to her inner thoughts and tolerance and call for divorce - From an era when the children lived in mortal fear of their father's wrath, whose punishments troubled their dreams throughout life, to a time when their more sensitive, broad minded  sons, learned  to love and  respect their families' wishes, even while knowing that their "chosen" spouse truly never reciprocated their love -  From a time when fear of djinns was part of the belief of the daily life to an era of iPhones and global citizenry. Oman has seen a lot of changes - from slaves in your house and slavery as a trade to a more refined, modern time, as she opened up to the rest of the world - in a relatively short time. This transition is the  authoress' main focal area, via a  familiar Omani rural landscape, as she zig-zags between the two verticals of the past and the present. Most parts of the world has taken drastic steps towards modernization in the said period - and this is Oman's story, a story presented vividly, which we haven't had the opportunity to glimpse to before.

This is a busy book - a busy narration. In one chapter, one reads about the possible  supernatural causes for the death of a young mother, and the next one, where a  lady doctor has her way in choosing her life partner, going against her parents, as we travel  a period of fifty years across two chapters, only to zig zag back to an earlier time. My guess is that the authoress used this zig-zag method of narration, bordering on chaos, to portray the short duration over which socio-cultural landscape changed - and it is a powerful ploy.

We are given a look into the life style of the new Bedouin - Bedouin by heart, but only milder in actual  life style.
"The Bedouin – despite all appearances of permanence, having settled in one locale and replaced their camelhair tents with cement block dwellings – scorned, even despised, the very idea of putting down roots. They relied first and foremost on pasturing camels and sheep. They held fast to their traditional loose garments and their free, untethered natures, preserving the impermeable boundaries that separated them from what was called ‘the life of the settled’."
One of my most cherished reading experience with respect to Bedouins  comes from The English Patient - where "the patient" describes in fine detail how he is treated and kept alive in the native style. I cannot deny that I had hopes of a romanticized version  of Bedouin life - but al-Harthi presents us with a realistic modern picture of their life style here, which is line with the overall direction of the novel.


While the changes that the country had been through  forms the background, Abdallah - the only character that speaks here in the first person, presents himself with all his doubts, and his good nature ( All other characters are presented with an omnipotent eye ). Haunted by the nightmares of his childhood thanks to his strict father, he is the symbol of a modern man - a reasonable man who suits the modern times - the best kind of men for the times we're in.  Otherwise, the range of characters is diverse, and adds up to the overall mood of a long history, but focused over a period of 50 to 60 years. Culture, presents a  colourful background, while  the overall mood of tolerance makes the reader draw parallels across their own background. [ Going on a tangent I tried to think of how my local landscape would've changed in the said period. I had a chat with an elderly  mason from Matara ( that's  Southern, Sri Lanka for those who don't know ) that I associate with, and he opened up about the skilled exorcists who lived back then, but how the skills are hardly existent now - leading to disbelief among the current generation. What we lacked was the slavery, but he gave a fine detail of how caste trod upon a generation of drum beaters etc., which ensured that their children didn't continue their father's trade. What we lacked was the oil for us to take the bend. Education has certainly helped, but its taking its time ]

It is an enjoyable read, no doubt. However I think that the main reason that this book would've won the Man Booker International award was the hint of readiness to accept change, that the book suggests. While a stance of accepting and accommodating change needs to be recognized and appreciated, one wonders if that message by itself in a garb of literature, is worthy of a recognition for such an award. However it is an important book that warrants reading, to appreciate the change another region has faced, as the world rolled towards the modern times. Especially given the usual dark brush that this region receives in telling their story (usually by outsiders )
, this is a considerable effort of story telling and culture, that can sit side by side with the rest of the world as Oman's story in modern humanity.

Friday, 31 January 2020

දස බිම්බරා - එරික් ඉලයප්ආරච්චි




ඉලයප්ආරච්චිගේ කවිය මා පළමු වරට කියවූයේ ඔහු ගේ "පිත්තල හන්දිය" සහ "මගේ කොළඹට හඳ පායයි" යන කවි පොත් දෙක හරහා ය. අනතුරුව "කේ. කේ." කාව්‍ය සංග්‍රහය කියවා රස වින්ද ද,  "කපුටා සහ සිටානෝ" කාව්‍ය සංග්‍රහය ත් සමඟ, ඔහු ගේ කවියෙන් ඈත් විය. ඉන් අනතුරුව කිය වූ එලියට් ගේ "wasteland" කාව්‍ය පිළිබඳ  එරික් ගේ අපූරු විග්‍රහයත්, අමරකීර්ති ඔහුගේ "නව කවි සලකුණ" තුලින් එරික් ගේ කවිය කියවීම ත් හේතුවෙන්, යම් එළියක් ලැබ මෙසේ නැවත එරික් ගේ කවිය කියවීමට පිවිසෙමි. ඒ ඔහු 2018 ප්‍රකාශ කල දස බිම්බරා නම් කාව්‍ය සංග්‍රහය තුලිනි.

2018 ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් සැලකුවහොත් එ වස ප්‍රකාශ වූ ලක්ෂාන්ත ගේ අනබිසෙස් අනබිනික්මන් සහ නන්දන ගේ ක්ෂණ නියාම රස වින්දෙමි. මේ දෙදෙනාම සාමාන්‍යයෙන් මගේ ප්‍රියතම කවීන් දෙපළක් වෙතත්, මේ සංග්‍රහයන් දෙක ම මාගේ සිත් ගත්තේ මද වශයෙනි ( මේ සංග්‍රහයන් ගැන මගේ අවියත් කියවීම් අන් තැනක ඇති ). සනත් බාලසූරියගේ කැෆ්කියානු වංකගිරිය සහ රංජිත් මල්ලියාවඩුගේ සහෝදර මුහුණවර තවම කියවීමට ඉතුරුව ඇත. එහෙත්, මෙතෙක් කියවූ 2018 කාව්‍ය සංග්‍රහයන් අතරින් මා සිත් ගත්තේ එරික් ගේ දස බිම්බරා ය.

කොළඹ අප කවියා ගේ කවදත් ප්‍රියතම මාතෘකාවකි. මෙහි දී ත් ඔහු කොළඹ ගැන අපූරු පබැදුම් කිහිපයක් කරයි. සිංහල අවුරුද්දට පාළු වූ කොළොම් පුර එරික් දකින්නෙ බොහෝ ගැහැට විඳ විඩා හරින ගැහැණ්‍යක ලෙසටය ("කොළඹ සිංහල අවුරුදු නැකැත් පත්‍රය ")

"රතු පාට සාරි පොට දිසෙයි කයිමන් දොරට
ගරාවැටෙනා මුහුණ මරදාන බිල්ඩිමක
...

අන්න අර වටරවුම ළඟ ඇගේ පුළුලුකුල
බුලර්ස් පාරේ අඳුර විය යුතු ය වසාරොද
දුටුවා ද ටොරින්ටන් බ්‍රෙසියරය දමා ගිය
යටසාය බිම වැටී කාක දූපත අසල"


මෙහි එන "චිත්‍ර පොතක දුටු මගේ නග්න චිත්‍රය" කාව්‍යය ද මා රස විඳි  එකකි. මිනිසා උපතේ සිට ගෙනෙන උරුමයක්, කරුමයක් මෙන්ම ජීවිතයේ කේන්ද්‍රීය ම කාරණාවක් වන ලිංගිකත්වයට එන ආගමික තහංචි පිළිබඳ අප කවියා සියුම් ව ප්‍රශ්ණ කරයි.

"ඒ තහනම් ගසේ ගෙඩිය අතින් මුවට ගත් දෙදෙනා
ලොවට රැගෙන ආ නිරුවත උරුම කළේ දුකට කිරිය
නිරුවත හා තහනම් ගස එකට බැඳී තිබුණු බැවින
ලැබෙන නො අඩු සතුට පිණිස නොවිතර දුක් විඳිය යුතුය"

"කොකුන් දහස සිතේ බඳින
පරණ කුරුලු ඔරලෝසුව
දැන් වරදියි කටු කැඩිලා
රෑට දුවන වේලාව ද"
කොකුන්ට වේලාව වැරදී ඇත්තේ රාත්‍රි කාලයේ කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ රාත්‍රී දිප්තිය නිසා  ය. කවියා "පාර වරදින කුරුල්ලන්ට" මගින්, චිරාත් කාලයක් සමවැදී සිටි ජීවන චක්‍රයකට සිදුවන පීඩාවන් පද්‍යයට නගයි.

මුතුරාජවෙල ගැන තවත් කවක් අපට හමු වේ ( මුතුරාජවෙල වගුරු බිම) එහි කවියා මතු කර දක්වන්නේ, වරින් වර එන දුම්‍-රියහේතුවෙන් මිස අගනගරයට ඉතා ආශ්‍රිත් වුව නොවෙනස් වන වටපිටාවක් බවකි.
"දුවන කල අන් පෙදෙස් කඩිමුඩි
කාලයේ පරතෙරට නොලසින්
මෙදෙස ලඳු දෙණි වගුරු නතරව
සිටින්නේ දුම්‍-රියක් නො එතොත්

තවම පැදුරට පැරණි පන් කොළ,
නෙළයි ගැමියෙක් පිළිමයක් සේ,
කාලයේ විල් තෙරින් මතු වී
බිලිය ඈතට දමයි තවකෙක්"

අප රට ගම්බද සිරියාව ගැන අප පාරම්බෑවද, දෛනික පුවත්පත් වල සුළු ආරවුල් හේතුවෙන් ඇතිවන හදිසි කෝපයට ළඟ ඇති ආයුධය ගෙන සැහැසි වන අවස්ථා ගැන කොතෙකුත් වාර්තා වේ. අප කවියා හෙප්පුවේ තැබීමට  පුවක් රැහීමට ගන්නා "පිටිසර මුවාත" හදිසි කෝපය ඝාතනායුධයක් වන අයුරු කවියට නගා ඇත.

"නුවණ ඉවසුම දෙකම නොදත් පිටිසර පිහිය
නඩු බඩුව ලෙස යැවෙයි ඉහළ අධිකරණයට
නොසැඟවුණු පිහි මුවත මිනිමැරුමක වරද
පිළිගනියි නොතකමින් හරස් ප්‍රශ්න ඇසෙන"

අමරකීර්ති, එරික් අරඹයා පවසා ඇති එක් කාරණාවක් නම්, ඔහුගේ කවිය දැන් දැන් වඩා වියතුන්ගේ ගෝචරයට ම වඩා සුදුසු ලෙස රචනා වෙන බවකි. මෙහි එන සමහර කවි පිළිබඳ දළ අදහසක් ඇති වෙතත්, එය සම්පූර්ණයෙන් වැටහුනේ ද යන්න ගැටළුවක් වන අවස්තාද විය. අමරකීර්ති සඳහන් කරන්න ඇත්තේ මෙවන් අවස්තා පිළිබඳව බව සිතේ. "කවියකුට කවියක්","කුරුල්ලා", "ආමර් හන්දියේ අනතුරක්"  වන් කවි ඊට නිදසුන් ය. එනමුදු ඉහත උපුටනු ලැබූ කවි වලට අමතරව,  "ආනන්ද ප්‍රශ්ණය", "කැඩෙන ටවුම",  "වන පෙතක් උඩින් යන බැලූනයක සිට" ආදී අපූරු කවි රැසක් මෙහි ඇත.

අපි එදිනෙදා ඇස ගැටෙනා කොළඹ, වෙන්දේසි ඉඩම්,  අනේක කලාකරුවන් (මෙහි පරාක්‍රම කොඩිතුවක්කු, ඈන් රණසිංහ ගැන කවි වෙයි), අප වට කරා නැගෙනා සංවර්ධනය ආදී අනේක දේ එරික් ට කවි නිමිත් වේ. ඔහු ගේ කවිය තුලින් අප වෙතින් වඩා සූක්ෂම බැල්මක් ඉල්ලා සිටින්නේ අප වටා තිබෙනා, නොතිර ලෝකයේ අප දෑස් ඉදිරිපිට සිදුවනා වෙනස් කම් වෙතට ය්. තැනින් තැන හේ, රූපකයට සැසඳීමට ඉතිහාසයට සාහිත්‍යයට දර්ශනයට නැඹුරු වෙයි - එහෙත් ඔහු ගේ කවිය සමස්ත ලෙස වර්තමානික ය. එහි යම් නො ඇලුණු බවක්, සාංකාවෙන් තොර බවක්,  කඳුලින් තොර බවක් වෙයි. මේ ලක්ෂණ ඔස්සේ එරික් ගේ කවිය හා එලියට් ගේ කාව්‍ය රටාව අතර යම් සමානකමක් මාගේ අවියත්  දෑසට පෙනෙන්නා සේ ය.

Thursday, 30 January 2020

මිනිහට නින්ද යන්න ඇති - ජයලත් මනෝරත්න

මෑත ඉතිහාසයේ අපේ රටෙන් බිහි වූ අග්‍රගන්‍ය කලාකරුවෙකු වූ ජයලත් මනෝරත්නයන් පසුගිය ජනවාරු දොළොස් වන දින අභාවප්‍රාප්ත විය. වේදිකා නාට්‍ය මගින් මහත් ජනප්‍රසාදයට පත් වූ එතුමන්ගේ නාට්‍ය කිහිපයක් නැරඹීමේ භාග්‍ය මට තිබිණ. තල මල පිපිලා, ගුරු තරුව, ලෝකය තනි යායක් සහ අන්දරේලා මා  නැරඹූ ඔහු නිෂ්පාදනය කල සහ රංගන දායකත්වයක් දැක්වූ නාට්‍යයය. ඔහු රංගනයෙන් පමණක් දායක් වූ වේදිකා නාට්‍ය කිහිපයක් ද මා නරඹා ඇත - තල මල පිපිලා සහ ගුරු තරුව පොත් ද මා සතුව ඇති. ගජමන් පුවත, සුද්දෙක් ඔබ අමතයි, සහතික නොකල මරණයක්, රාස්ස සහ පරාස්ස මතකයට එන කිහිපයකි. ඊට අමතරව ඔහු ලේඛනයෙන් ද කලා ක්ශේත්‍රයට සම්බන්ධ වී තිබිණ. දවස තවම තරුණයි නම් වූ නවකතාව ද, මිනිහට නින්ද යන්න ඇති යන කෙටි කතා සංග්‍රහය ද ඊට අයත් ය. ඔහු ගේ අභාවය වාර්තා වූ දින කියවීම ආරම්භ කල මේ කෙටි කතාව, ඒ විශිෂ්ඨ කලා කරුවාගේ නික්මුණ දිනයේ ඔහු වෙත ලංවීමට දැරූ ප්‍රයත්නයක් ලෙස දැකිය හැක. මුලින් ම 2006 ප්‍රකාශයෙන් එළි දුටු මේ සංග්‍රහයේ මා සතු වන්නේ 2014 නිකුත් වූ දෙවෙනි මුද්‍රණයයි.

කෙටි කතා සතකින් සපිරි මෙම සංග්‍රහය, සාමාන්‍ය ජීවිතයේ හැල හැප්පීම් (අතීතයෙන් දවසක්)  , අප රට සාමාන්‍ය ජනජීවිතය ට පිළිලයක් වූ දේෂපාලනය (මිනිහට නින්ද යන්න ඇති), නගරාශ්‍රිත මුඩුක්කු වලට ආවේණික ජීවන රටාව ( අපේ ආදරේ කතාන්දරේ ), ගුරු ගෝල සබැඳියාව, වියපත් වීම ( අවපස අඩ සඳ), පියෙකු සහ දරුවන් අතර සබැඳියාව ( නාට්‍යකරුවා ගමට එයි), කෙටි මාර්ග මගින් සමාජ කීර්තියක් අත් පත් කරගැනීමට යත්න දැරීමත්, එය අසාර්තක වූ විට එහි ආදිනව ( කතුරාගේ කතාව), විවාපත් ජීවිතය ගෙනෙන නිදහසේ සීමා ( පියරත්නගේ කෙටිකතාව ) ආදි ඉසව් රාශියක් ඔස්සේ රචනා වී ඇත. තැනෙක කතා ආර චෙකොෆ් මතකයට නගයි (නිදසුන් - කතුරාගේ කතාව ). සමස්ත වශයෙන් මෙහි රචනා ශෛලිය සරලය, කතා ගලා යෑම් සුගමය. පිටු අසූවකට සීමා වූ මේ සරල ආකෘති වලින් හෙඹි රචනාවන් දවසක් පමණ කාලයක් තුල කියවා හමාර කල හැක (මා සිතා මතා, දිනකට පෑ බාගයකට හෝ ඊට අඩුවෙන් මේ පොත සඳහා වෙන් කරමින් සෙමින් කියවූ බව සැබවි ).

නැසීගිය ඒ විශ්ෂ්ඨ කලා කරුවා නැවත ඇසුරු කිරීමේ මගක් ලෙසත්, එතරම් ශ්‍රමයක් නො යොදා කියවිය හැකි සරල කෙටි කතා සංග්‍රහයක් ලෙසත් රස විදිය හැක (ප්‍රකාශනය - නිර්මල  - එනම්,
ජූඩ් ශ්‍රීමාල් ගේ YMBA යටමහලේ ඇති පොත් සාප්පුවෙන් මිල දි ගත හැකි විය යුතුය ).

On the Beach - Nevil Shute


"Hide on the promenade
Etch a postcard : 
'How I Dearly Wish I Was Not Here'
In the seaside town
That they forgot to bomb
Come, come, come, nuclear bomb

Everyday is like Sunday
Everyday is silent and grey"

(Everyday is like Sunday - Morrissey )  


   The above is a verse from one of my favourite melancholy songs. The total bleakness that this song boasts of, is tantamount to its success.I liked the song so much that I recently ventured to find out the background for this song - and I stumbled upon a novel that had inspired it. ( My only previous outing with Shute was "A Town called Alice", which I read a good 20 years or so back, on the insistence of a friend.)

We are presented with a world which is fast losing its total human population. At the start of the novel, the Australians have six months to live, as a series of nuclear bombs which had been dropped in the Northern Hemisphere, spreads down under due to how pressure equator works.  The Northern hemisphere is believed to be totally devoid of life, and what we see is how people in Melbourne and there about face up and live up their remaining days, knowing that there is no way out. This is the back ground of the novel, and the beauty of the novel is how people accept their fate and spend those last days. It can be termed dystopian due to the undesirable ending, but what we see here are a set of people who try to make the best of what they have for everyone in the remaining days - largely. 

There is only way to live. And that is with hope, irrespective of how hopeless reality is. As such we see young couples planning their infant duties future, we see young couples planning their garden for the next summer ( a summer that they know in their  minds that they will never see); 

“They won’t be here in six months’ time. I won’t be here. You won’t be here. They won’t want any vegetables next year.”

Dwight stood in silence for a moment, looking out at the blue sea, the long curve of the shore. “So what?” he said at last. “Maybe they don’t believe it. Maybe they think that they can take it all with them and have it where they’re going to, someplace. I wouldn’t know.” He paused. “The thing is, they just kind of like to plan a garden. Don’t you go and spoil it for them, telling them they’re crazy.”

“I wouldn’t do that.” She stood in silence for a minute. “None of us really believe it’s ever going to happen— not to us,” she said at last.

Shute, Nevil. On the Beach (Kindle Locations 1752-1758).
We meet a submarine captain  buying gifts for his wife and two kids in Connecticut, so that he can give them when he sees them ( not withstanding that there is no life in the U.S.), we see officers being faithful to their wives fully aware that their wives are no more - for the realisation that there is no one to return to is not bearable, and they fore go their chances in a foreign land.

This book was written in 1957. Shute has done a fair job in presenting the upcoming Armageddon. While it is near impossible to write a review without spoiler for this book, the beauty of this book is not in the story line per se, but in the mind frames of the characters as they await their end. It is by large a civilized society, and I couldn't but help thinking how our people would've reacted in such a situation. Yes, a free for all, with no respect for law and order would've made it a very dangerous place. Yet, there is a sense of a little prude behaviour - or behaviour that is too good to be true, in the circumstances even for Australia, I felt. If the community as a whole was mature to a level, then this behaviour could be expected. There is some detailing on how the nuclear war fair came about, as well as finer detail on submarine life. This makes the narration more plausible. Yet, for all its beauty there is an old age feel about the whole narration. Given that 1984 was written in 1949, and that has a dystopian environment so menacing for all its natural  feel, I couldn't help but wonder if Shute's style has had an effect on a less than believable human behaviour. Am more inclined to believe this, since I recall that most characters in "A town called Alice" were well behaved and not wont sexual excesses, despite being cruel in warfare.
I have no hesitation in recommending this book, to anyone who has enjoyed 1984, The Animal Farm or The Handmaid's Tale. The pure human mindset and the nuance of how a man or woman likes to go out, when he or she has to leave this world, but with a choice gives rise to an existential thought. I couldn't help but wonder if it is an extension of  a generation of Sisyphus' believing them happy. After all, you have the option of living your last days as you think it suits you best.