
කෙටි කතා සතකින් සපිරි මෙම සංග්‍රහය, සාමාන්‍ය ජීවිතයේ හැල හැප්පීම් (අතීතයෙන් දවසක්) , අප රට සාමාන්‍ය ජනජීවිතය ට පිළිලයක් වූ දේෂපාලනය (මිනිහට නින්ද යන්න ඇති), නගරාශ්‍රිත මුඩුක්කු වලට ආවේණික ජීවන රටාව ( අපේ ආදරේ කතාන්දරේ ), ගුරු ගෝල සබැඳියාව, වියපත් වීම ( අවපස අඩ සඳ), පියෙකු සහ දරුවන් අතර සබැඳියාව ( නාට්‍යකරුවා ගමට එයි), කෙටි මාර්ග මගින් සමාජ කීර්තියක් අත් පත් කරගැනීමට යත්න දැරීමත්, එය අසාර්තක වූ විට එහි ආදිනව ( කතුරාගේ කතාව), විවාපත් ජීවිතය ගෙනෙන නිදහසේ සීමා ( පියරත්නගේ කෙටිකතාව ) ආදි ඉසව් රාශියක් ඔස්සේ රචනා වී ඇත. තැනෙක කතා ආර චෙකොෆ් මතකයට නගයි (නිදසුන් - කතුරාගේ කතාව ). සමස්ත වශයෙන් මෙහි රචනා ශෛලිය සරලය, කතා ගලා යෑම් සුගමය. පිටු අසූවකට සීමා වූ මේ සරල ආකෘති වලින් හෙඹි රචනාවන් දවසක් පමණ කාලයක් තුල කියවා හමාර කල හැක (මා සිතා මතා, දිනකට පෑ බාගයකට හෝ ඊට අඩුවෙන් මේ පොත සඳහා වෙන් කරමින් සෙමින් කියවූ බව සැබවි ).
නැසීගිය ඒ විශ්ෂ්ඨ කලා කරුවා නැවත ඇසුරු කිරීමේ මගක් ලෙසත්, එතරම් ශ්‍රමයක් නො යොදා කියවිය හැකි සරල කෙටි කතා සංග්‍රහයක් ලෙසත් රස විදිය හැක (ප්‍රකාශනය - නිර්මල - එනම්,
ජූඩ් ශ්‍රීමාල් ගේ YMBA යටමහලේ ඇති පොත් සාප්පුවෙන් මිල දි ගත හැකි විය යුතුය ).
No comments:
Post a Comment