Monday, 28 August 2017

මිරිඟුව ඇල්ලීම - සිරි ගුණසිංහ

  මෑතක වියෝ වූ සිරි ගුණසිංහයන්ගේ කිසිදු නිර්මාණයක් මා කියවා නොතිබිණි. පසු ගිය දිනෙක පුස්තකාලයෙදී එතුමන්ගේ "මිරිඟුව ඇල්ලීම" කෘතියෙහි බොහෝ කලක් සංසරණයේ යෙදුනු, පිටු අග නැමුණු පිටපතක් දැක, එය ගෙන ආවේ, ඒ අඩුව මදක් හෝ මග අරවා ගැනීමේ අටියෙනි. ලේඛනයෙන් පාඨක මනසේ මැවෙන අදහස්  ගැන යමක් පවසන්නේ, සිරි ගුණසිංහයන්ගෙන් මගින් මාර්ටින් වික්‍රමසිංහ, සේන තෝරදෙනිය, ගුණදාස අමරසේකර සහ යම් තරමක ට කේ. ඇන්. ජයතිලක යන අය, අපේ සමාජය පිළිබඳ මැවූ චිත්‍රණයන් හා යම් සමානකමක් සහ ඒ හරහා යම් ලෙන්ගතුකමක් දැනුණි. විශ්ව විද්‍යාල ජීවිතයෙන් පසුව සිවිල් සේවය ට යොමු වීම, ගැමි ජීවිතය සහ නගරය අතර වූ පරතරය, ගමක පරම්පරිකව යමක් කමක් තිබූ පවුල් සහ නගරයේ ව්‍යාපාරයන් මගින් මුදල් පොහොසත් වූවන් අතර තිබූ පරතර, මේ ලේඛකයන්ගේ නිර්මාණ කර්තව්‍යයට හේතු කාරක වී ඇත. මට හැඟෙනා අයුරෙන් තෝරදෙනියගෙන් පසුව මේ තරම් අවබෝධයෙන්, මෑත ඉතිහාසයේ අපේ සමාජය ගැන ලිවීම නතර වනු ඇත.

   ඉතින් මේ නවකථාවේ පසුබිම කුමක් ද? කථකයා වන ආනන්දගේ හොඳම මිතුරා වූ සුනිල් එකල පැවති වටපිටාව අනුව සමාජයේ ඉහළට ම නැගීම ත්, අනතුරුව තම දිවියේ ඔහු ට ද එතරම් වැටහීමක් නැති හේතූන්   නිසා, ජීවිතය ම ප්‍රතාපයක ට වැටීමත්,අවසන දිවි තොර කර ගැනීමත් නිර්මාණයේ සාරාංශයයි. මේ මූලික සිද්ධිය පාදක කොට ගෙන, සුනිල් ගේ සිතුම් පැතුම්, ඔහු පෙළඹ වූ තරඟකාරීත්වය, තම වැරදි සුළු කොට තකා අන් අය තම දෝමනස්සය ට හේතු බව විශ්වස කිරීම ද, රත්නපුර ප්‍රාදේශීය පොහොසතුන් ගේ පවුලක් සහ බොරැල්ලේ අලුත පොහොසත් වූ පවුලක් අතර විවාහ සම්බන්ධය, නැන්දම්මා සහ බෑණා අතර නොපෑහීම, ගැමි දිවියේ ප්‍රාදේශීය වැදගතුන් කෙරෙහි සුනිල් ගේ නොපහන් ආකල්පය සහ අවසන් වන විට තමන් ම එම ආකල්පය ප්‍රශ්ණය ට නැගීම ආදි විවිධ ආනතියන් ඔස්සේ නවකථාව අප රට මෑත සමාජ ඉතිහාස විමර්ශනයක්  මෙහි ඇතුලත් ය.

මෙහි සුන්දරතවය ඇත්තේ, අපි ද දරුවන් අවදියේ එකල ද එතරම් නොවෙනස් වූ පරිසරයක් පිළිබඳ කියවීම ට ලැබීම ය. මෙහි තැනෙක මෙසේ කියවේ:
"පාර දෙපැත්තෙ ඕන පදං දේවල් තිබුනා අපට කතා කරන්න. මහරගමයි හෝමාගමයි ඇරුනාහම පාර දෙපැත්ත වැඩි හරියක් හිස්. ගෙවල් තිබුනෙ බොහොම ටිකයි. අවිස්සාවේල්ලට යන කල්ම අපි කතාබස් කලේ පාර දෙපැත්තෙ තිබුන කුඹුරු යායවල් රබර් වතු වගේ දේවල් ගැනයි."( 284 පිටුව ). අද වන විට මහරගම සහ හෝමාගම අතර මහ පාර ට පෙනෙන කුඹුරු එක් අතක ඇඟිලි වලින් ගණිතැහැකි. රබර් වත්තක් නම් මහ පාරට නොපෙනෙන බවයි මගේ මතකය.

   අද වන විට නවකථා වල ට අලුත් මාතෘකා ලැබී ඇත. ඊට මුඛ්‍ය හේතුව, ගම්බද ද බොහෝ ලෙසින් නාගරීකරණය වී ඇති හෙයිනි. මහියංගන ය ට අසබඩ වැවක් අයිනේ වෙසෙන ලේඛකයකු පවා ජාතීන් අතර තිබිය යුතු බැඳීම් පිළිබඳ සිත් ඇදගන්නා අයුරින් ලියයි. තව ලේඛිකාවක් කෘතීම ව නිමැවූ දූපත් වල ජීවිකාව ගැන රචනා කරයි. අන් ලේඛක ලේඛිකාවන් දුර බැහැර රටක පදංචියට ආ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ නිර්මාණයේ යෙදෙයි. ඉතින් මේ ප්‍රවණතාව ඇත්තෙන් ම සාධනීය යැයි සිතිය හැකිය. එහෙත් අප තුල පෙර යුගයක් පිළිබඳ ඇති සාංකාව, ඒ යුගය පිළිබඳ පොතක් විසින් වේළා ගනී. අපිට පසු පරම්පරාව, එනම් නාවින්න ආර්පිකෝ වෙළඳසල ඉදිරියේ කිසිදා වෙල් යායක් නොදුටු පරම්පරාව, තිස්ස අබේසේකරයන් බෙල්ලන්විල සිට ඇදී එන වෙල්යාය ගැන ලියා තැබූවක් කෙරෙහි අප තරම් බැඳීමක් ඇති කර ගනිතැයි සිතිය නොහැක.

 අවසන මෙය කියා තැබිය යුතු යැයි සිතමි:
"ජීවිත කාලයක් කියන්නේ බොහොම සුලු පරිච්ඡේදයක්. ඔය සුලු කාලෙ ඇතුලත මොනවද මිනිහෙකුට කරන්න පුලුවන් දේ. කරන්න පුලුවන් විසාල දේ. මොකටද කවුරු උනත් විසාල දේවල් කරන්න බලාපොරොත්තු වෙන්නෙ. හිතට ගත්තෝත් මොනවද කරන්න බැරි කියලා තමයි කතාවට කියන්නෙ. කතාවට බොහෝම ලේසියි. කරන එක තමයි අමාරු. ජීවිත කාලයක් තිස්සේ අපි කරන්නෙ විසාල දේවල් කරන්න ලෑස්ති වෙන එක විතරයි. අරාඳින එක විතරයි. අන්තිමට බැලුවහම නටපු තොවිලෙකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. ( 1 පිටුව )

 ඉතින් මේ කථාවේ අදාලත්වයත් අද අභියෝගයට ලක් වී ඇත. තම මිතුරන්ගේ සොයුරියන් අත, සිත් ගත් තරුණියන් ට ලියුම් යැවූ අවසන් පරම්පරාව අප විය යුතුය ( ඒ නැගණියන් අද ට ද හමු වූ විට ඒ ගැන අපට විසිළු කරයි ). අද මගේ සිව් හැවිරිදි පුතු ට ඉස්මාර්ට් ෆෝනයක් නැති, ටැබ් එකක් නැති ලොවක් ගැන සිතිය නොහැක. ඉතින් ඔහු යොවුන් වියට එළඹෙන විට ඔහුගේ ලොව කෙතෙරම් වෙනස් වනු ඇති ද ? ඔහු සමහර විට තමන් සිත් ගත් තරුණිය පිළිබඳ දත්ත විභජනයක් කොට තමන්ගේ රුචි-අරුචි කම් හා කෙතෙරම් පෑහේ දෝ යැයි, තම ජංගම උපාංගය මගින් ම සොයා ගනු ඇත! මා මීට වසරකට පමණ  පෙර පාරිභොගිකයින් වෙත පිරිනැමූ තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන්, අද අභියෝයට ලක් වෙමින් පවති. මා සතලිස් විය පසූ වූ ද, දිනෙන් දින මේ නව තාක්ෂණයන් උගත යුතුය. ඒ මා නොකෙරුව ද, ලොවේ කොහේ හෝ මිනිසුන් "විසාල වැඩ කොටසක්" දෛනිකව සිදු කරන බැවිණි. ඉතින් මේ කියමන අද වන විට අභියෝගය ට ලක් ව ඇත. එහෙත්, වඩා ගැඹුරු තලයක මෙහි අදට ත් සත්‍යතාවක් නැත්තේ නොවේ.

ඉතින් මේ ආරේ කෘතියකි. පාඨකයා සිතුවිල්ලේ යොදවන, මද වේගයෙන් දිගැරෙන, මොකුත් ම නොවෙන, එහෙත් ජීවිතය "සිදුවෙන" පොතකි. මුළු පොත ම,  ආනන්ද විසින්, තම නැසීගිය මිතුරා පිළිබඳ කෙරෙහි විමර්ශනයකි.  සුනිල් ලියා ඉතුරු කර ගිය සටහන් ඉදිරිපත් කිරීම, සහ සුනිල්ගේ දෙමව්පිය සොයුරු සොයුරියන් බිරිඳ මාමන්ඩි, නැන්දම්මා ආශ්‍රයෙන් සුනිල්ගේ දිවි තොර කර ගැනීම තේරුම් ගැනීමට යත්න දැරීමකි. ඒ උත්සාහය පොත අවසන් වන විට ද අසම්පූර්ණ ය. කියවීම ට නිර්දේශ කිරීමට නොපැකිලෙමි.

(ඉතින් මෙය විචාරයක් ද නොවේ. මේ කාලේ විචාර ලිවීම ට බියක් සිතේ. අයෙක් මගේ සුදුසුකම් ප්‍රශ්ණ කල හැක. එක් මිනිසෙකු පොතක් කියවූ කල් හි සිත් හි ජනිත වූ සිතුවිලි වල මාත්‍රාවක් පමණකි. )

Borrowed Dust- Vivimarie VanderPoorten


One of the books I read over the last couple of days, was Vivimarie VanderPoorten's "Borrowed Dust".  I had bought it a couple of months back, on account of being nominated for the Gratiaen award in 2016. Given that the printed copy I have, says it was published in 2017, it suggests that it was the manuscript which came to be nominated. Why this detail? Will return to this point.

This collection has some poems, which while maintaining the uniformity of the language across the collection, has a depth which brings a sense of awe to the reader, of the poetesses' creativity. "The Wrong Rainbow" was one of those poems which made a deep impression on me.

"I tried to fix
but the colours ran
into each other
and spilled
until you were no longer
even a wrong
rainbow
Smiling a clown's smile
At an upside down world"

The way the poetess hints of a "Tradition" that some of the men followed ( at least a few decades back), that we cannot be proud of, is subtle:

"I was seven when
I first saw my uncle
kick his pregnant wife, hard.
In the stomach.
It was Avurudu and
festive times were upon us"

"Walk away" is a poem that tells a lot more than the lines on the sheet:
"Go free
Not like one
on parole
but like one who has
served his sentence.
You have done time
loving me
never really having me.
You have endured
rigorous cycles of
pain and joy"


But the poems that left a deep etch in me, is when she wrote of love, of the insecurity it carries, the expectation of one partner, while he or she is yet unsure of his or her own commitment.
"And how long
Will you wait
For me
My love?
Will you wait
Until the river of my
Fear
Has shrunk in
The drought of Loneliness
Will you wait
Until I begin to
Rescue my
canoe-heart
From sinking" ( Untitled III )
  While the poem is heart rendering, am unsure if the Printer has done justice to the poetess. Look at the lines,
"
Until the river of my
Fear"
              - is this how the poetess meant the lines to be ? I seriously doubt it. Why ? Because it doesn't read well, and such uncomfortable lines are frequent.

 Another example of bad formatting is "Newspaper bride"
"...
And I apply pink lipstick
on her delicate mouth
and try no to think of how
much it has endured, unwarranted
drunken slobbering kisses
and worse"

   Does the lines :
"and try no to think of how
much it has endured, unwarranted"
     read well ?

Or the lines:
"I who have squandered hearts
 and got caught in the
 stampedes of loving
and letting go
 who have no trophies to

display
for the challenges I've faced
or the endless races
run...." ( Game)

     To me they don't. And am afraid as a poetess, this formatting of her poems have to be of so much importance to her.  And I guess the poetess has to bear some responsibility of the ill formatted poems, found in her collection publicaion. Surely, she saw this particular print, before it went public ?

In essence it is a collection that I enjoyed quite a lot. She uses word play appreciably. And the poems are considerably Sri Lankan, with no references to what the local terms mean to help out an outsider.  Consider this:
"The gok kola is green and alive
oddly vibrant
In thte rain
A cursory glance at
Upatha and Vipatha
Tell me he is my age." ( Love, Rain and Death)
    I have a confession to make. I prefer reading Sinhala poetry to English, because the context needs to be dug out deep from an alien environment, when reading the latter. This is time consuming, while damaging to  the flow of the reading. For example, take the line:

“April is the cruelest month, breeding
lilacs out of the dead land, mixing
memory and desire, stirring
dull roots with spring rain.”

  Here a reader, outside of the typical English environment, needs to do some extra homework to understand the bigger picture ( Why is April cruel ? Isn't Spring hopeful ? Need to understand the English setting as well as the poet's idiosyncrasies.)  In that context, Vivimarie's poems are very Sri Lankan - so much so that a foreigner will not comprehend without certain help from a Sri Lankan. I look forward to reading her other collections.




Saturday, 12 August 2017

දැති රෝදෙන් උපන් බුදුන් - ටෙනිසන් පෙරේරා



1967 වසරේ ප්‍රථමව එළිදැක්වී ඇති, මෑතක "අහස" ප්‍රකාශනයක් ව තෙවෙනි වරට මුද්‍රණයෙන් එළි දැක්වුණු "දැති රෝදෙන් උපන් බුදුන්" කෙටි කතා සංග්‍රහය කියවීමි.


පළමු ව, එක්දහස් නවසිය හැට හත තරම් ඈතක, අද සිට බලනා කල ගතානුගතික යැයි සිතිය හැකි වටපිටාවක ට මෙවන් කථා ගොණ්නක් රචනා කිරීම ම සම්මත ය ට අභියෝග කරන්න කි.1967 දී දැති රෝදෙන් උපන් බුදුන් ලියූ ලේඛකයා, දෙදහස් දහය දශකයේ, අබිරහස් ජීවිත තරණය, දණ්ඩභූමි, භවාන්තරය ආදි නවකතා ලියද්දී තම සමාජ විචාරයේ රළු බව තරමක් අඩු කොට ඇති බවෙකි දැනෙනුයේ.

මෙහි එන සංග්‍රහයයේ නමැති කෙටි කථාව සලකන්න. මෙම කෙටි කථාව ආකෘඉමය වශයෙන් එකල සිංහල සමාජයට ඉතා නැවුම් වන්න ට ඇත - අදට ත් නැවුම් ය. මෙහි එක් කථාවක් නැත; කොටස් සතරක් ඔස්සේ සමාජය පිළිබඳ පොදු කථාවක් ඇත.

"බණ කීම පිළිබඳ චිර ප්‍රසිද්ධියක් ඇති මුත් බණ දෙසා මුදල් ඉපයීමේ පාපයට උන් වහන්සේ ගොදුරු නොවේ. එහෙත් උන් වහන්සේ ගමන් ගන්නා තමාගේ වාහනයේ පැට්‍රල් වියදම සඳහාත්, රිය පදවන්නාගේ වේතනය සඳහාත් පමණක් රුපියල් විස්සක් පමණ අයකරගන්නේ යයි කියන ආරංචිය ද එතරම් සත්‍ය නොවේ. ගුවන් විදුලියේ බණ වලින් ලැබෙන ආදායමින් ඉඳහිට නුවර එළියේ ගොස් සතියක් දෙකක් මුත් විවේක ගැනීම ද උන්වහන්සේ විසින් කරනු ලබන්නේ පැවිදි විනයට අනුකූලව බව එහිමියන්ගේ අදහසයි." ( 27 පිටුව )


'67 රුපියල් විස්සක් යනු සැලකිය මුදලක් බව සැකයක් නැත.  මීට වසරක කිහිපයක ට පෙර, මා දන්නා අයෙක්, තම දරුවා ගේ අභාවයෙන් පළමු වසර නිමිත්තෙන් සිදු කල පිංකමක ට අප ප්‍රදේශයේ වෙසෙන කවි බණ ට ප්‍රචලිත ස්වාමීන් වහන්සේ නමක් කැඳ වූ බවත්, පළමු ව ඒ වගකීම භාරගෙන, පසුව පිංකම දින ඉන්ධන ගාස්තු, ශබ්ද විකාශන පද්ධතියේ වියදම ආදිය ගැන කියා පා, තම දරුවා ගේ පිංකම ගැන තිබූ පහන් සිත කෙළසූ බවක් මට කිවේ ය. ඉත්න් '67ත් එසේ ය - 2012 ත් එසේ ය.


දෙවියන්ගේ දඩයම කෙටිකතාව ගතහොත්, මෙහි විස්තීර්ණ පරිපූර්ණ අවස්ථා අපට අනුරසිරි හෙට්ටිගේ ගේ ක්ළුවරයි පුරහන්න්හ තුල ත්, ටෙනිසන්ගේ මේ භාවාන්තරයේ ද දිටිය හැක. මෙහි වෙසඟනක් භක්තිය මුල්කොටගත් ආධිපත්‍යයකින් වනසා දම අයුරු රසවත් ව ලියැවී ඇත. යථාර්තයේ සීමා අභියෝග කොට ඇති අයුරු කෙටි කතාවේ වටපිටාව ට උචිත ය.

ඉතිහාසයේ වීරයා, තමන් ව අමාරුවෙන් හදාගත් අම්මාගේ සිතුම් මැතුම් නොසලකා වැඩකරන ජනතාව වෙනුවෙන් තම දිවි කැප කරන, මවගේ සියළු බලාපොරොත්තු බිඳ දමා තම දිවිය ද නාස්ති කරගන්නෙකි. ඒ සමාජ අසාධාරණය හේතුවෙන් ඔහු වෛරයේ ගොදුරක් වීම හේතුවෙනි. වීරයා ගෙදරින් පැන යන්නේ ද ගෙදර තිබූ දේව රූප විනාශයෙන් අනතුරුව ය. වසර ගණණාවක් තැන තැන ඇවිදින ඔහු අවසන් වන්නේ උමතුවේ අසබඩ ය. දැති රෝද, තඹ කැබිලි ආදියෙන් විළි වසා ගත් ඔහු  ගැන විවේචන පත්තරයේ තිබුනේ මෙසේ ය:

"සිහිවිකල් වූ උගතෙක්.
(සවස ප්‍රවෘත්ති පත්‍රයක්)

ඔත්තුකාරයෙක් නොවිය හැකි ද ?
(දේශපාලන පුවත් පතක්)

විනෝද වීමට කදිම දර්ශනයක්
(භික්ෂූන්වහන්සේ නමක් )

ඔහු මම ප්‍රිය කරමි. තේරුම් ගැනීමට වෑයම් කළ යුතුය.
(අරවින්ද )

අතෘප්තිකර ආශාවෙන් ජීවත් වන්නෙක් ද ?
( මගේ බිරිඳ )

ජෝකර් කෙනෙක් හූට් එකක් දාපල්ලා
(විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් )"

මේ කියමන් මගින් අප මනසේ ඒ ඒ චරිතය ඔස්සේ කෙටි කථා කිහිපයක් මැවිය හැකිය.

මාරයාගේ දේදුන්න කෙටිකතාව සාමාන්‍ය බීමත් තරුණ පිරිසකගේ හවස් වරුවක් විස්තර වන අයුරෙන් ඇදි ගොස්, යම් ප්‍රබලත්වයක් පෙන්නුම් කරන්නේ කතාවසානයේ දී ය. ඒ මාරයාගේ තීන්දුව අනුව ය.
"නුඹ දෙවියන් වහන්සේගේ බසට මුලා වූවෙහිය. නුඹ දෙවියන් වහන්සේ මැවු ඔහුගේ පන්දම්කාර සල්ලි වලින් තැනූ ලෝකයට ඔබ දීන ලෙස  බැලයෙකු වී සිටියේය.
ඔබ දීනයෙකු බැලයෙකු වූයේ දෛවය නිසා යයි සිතා ඔබ දෙවියන් වහන්සේට ගැතිකම් කළෙහිය."

මෙහි එන දියසේන කෙටිකථාව ද, ජීවත්වීම ප්‍රහේලිකාවක්, අභියෝගයක් වූ තරුණෙකු මත පදනම් වූ කෙටි කථාවකි. එහි ද අනියම් සසඟෙහි යෙදෙන භික්ෂුවක් වෙයි. හේ අන්‍යයනට බණ කියයි, තමන ට දේව බලය ඇතැයි කියයි. පාදඩයෙකු වන දියසේන, මේ මහණ ට වඩා පිවිතුරු බව අප ට සිතෙයි.

"මා මළ පසු" යනු තමන්ගේ මිණිය දෙසත්, තම අවසන් කටයුතු දෙසත් බලා සිටින මළ අයෙකුගේ දෘෂ්ටිකෝණයෙන් ලියැවුන්නකි. ප්‍රබල රචනයකි.

"මගේ පෙට්ටිය දරාගෙන සිටින ඇතැමුන්ගේ අත්වලින් එක දෑතක් රැයෙහි මගේ ගෙල ඉදිරියේ වෙව්ලු සැටි මට සිහිවේ. එකෙකුගේ දෑත් රාත්‍රියේ මගේ කාමරයට වැදී මගේ මුදලුත් ඇඳුනුත් ගෙන යාමට ගත් දිරිය මට අමතක කල නොහැක."

මෙහි එන රචනා විවිධ වචන වලින් හැඳින්විය හැක. නරුමවාදි, සංශයවාදි, පාදඩ සමාජය එළි දරවු කරන සුළු මෙම කෙටිකතා, සිංහල සාහිත්‍යය ට 1967 දී එක් වූවා යැයි සිතීම ම එහි තිබෙන පිළිවෙත ප්‍රශ්ණ කරනා සුළු බව කවදත් තුබූ බවත්, එහෙත් එය වෙනස් වන්නේ ඉතා සෙමින් බවට ත්  ප්‍රබල සාක්ෂියකි. '67 මෙය පළ වූ පසු හැත්තෑ ගණන් වල වික්‍රමසිංහ බව තරණය ලිවීම එතරම් ප්‍රශ්ණයක් වුයේ , මෙය එකල සමාජය බැහැරකල යුත්තක් ලෙස සැලකු නිසා ද ?  මේ කිසිදු කෙටිකථාවක් තුල බලාපොරොත්තුවක ඡායාවක් හෝ රැඳී නැත. ඇත්තේ ගසා කෑම්, කුහකත්වය, නරුම කම, පරිහානිය, විෂාදය ආදිය යි. අයෙකු ට මෙය ඉතා යතාර්තවාදි නිර්මාණයක් යැයි කිව හැකි මෙන්ම, මෙම නිර්මාණ අදට ත් ඉතා නූතන ය. වෙන්ස්වී ඇත්තේ, එදා රුපියල් විස්සේ වටිනාකම අද රුපියල් පන්දහසකට හෝ දහදසකට ලැබී තිබීම ම පමණි. සියළු තාක්ෂණ අවතීර්ණයන් ඔස්සේ වුව සමාජය තවම රෝගී ය. මේ සියළු කථා වලින් කේ. කේ . සමන් කුමාර කොපමණ තරම් ආභාසයක් ලබන්නට ට ඇත්තේ දැයි සිතේ.

ටෙනිසන් පෙරේරා මහතා මෑතක ලියූ පොත් පිළිබඳ මගේ මනාපයක් නැත. භවාන්තරය සහ කැළණි නදී ගලා බසී රස විඳි මා, අබිරහස් ජීවන තරණය සහ දණ්ඩ භූමි කියවීමෙන් අනතුරුව, එතුමාගේ නිර්මාණ කියවීම තාවකාලික ව නැවැත්වූවෙමි. එහෙත් මේ කෙටි කතා පොත නැවත මුද්‍රණය වූ වග ආරංචි වූ වහා එය මිල දී ගත්තේ ඒ හා බැඳි මතභේදාත්මක පසුබිම හේතුවෙනි. මෙහි එන සියළු කෙටිකථා වල පාහේ ආගමික සංස්ථා දැඩි දෝෂ දර්ශනයට ලක් කොට ඇත. '67 තරම් ඈතක  ටෙනිසන් පෙරේරා අප සමාජයේ ප්‍රශ්ණ නොකෙරෙන ඉසවු නිර්භීත දෙස එළිදරවු කොට, ඊළඟ පරම්පරාවක් උත්තේජනය කර ඇති බැව් ඉතා පැහැදිලිය. මෙය කතුවරයාගේ ඉතා සාර්ථක නිර්මාණයක් පමණක් නොව, සිංහල නිර්මාණ සාහිත්‍යයේ විශේෂ සන්ධිස්ථානයක් ලකුණු කරන්නක් බව පැහැදිලිය.

බැග්ඩෑඩ් - එරික් ඉලයප්ආරච්චි

 එරික් ඉලයප්-ආරච්චි, 2016 දී ලියා පළ කොට, මෑත රජත පුස්තකයක ට නිර්දේශ වූ බැග්ඩෑඩ් කියවූවෙමි. එහි මා වඩාත් සිත් ගත් දෙයක් වේ නම්, එහි බොහෝ චරිත තුලින්, ඔබ ද, මම ද, ගත කරන ව්‍යාකූල, හැල්මේ දුවන චරිත තුල ට යම් එබී බැලීමක් කොට තිබීම ය. ඒ තුලින් කතුවරයා අඟවා ඇති දෑ බොහෝ ය. කතාන්දර සොයන්නෙකු ට ඒවා ද කිහිපයක් ම හමු වේ.

සතරදෙනෙකු, දහඩිය ගුහාව නම් තැනෙක හමු වේ. ඔවුන් හට පොදු අතීතයක් ඇත. සතර දෙනාගේ ජීවන මට්ටම් අසමාන ය - අයෙක් මැරයෙකි, අයෙකු ට දියණියන් සතරෙකි,  අයෙක් සොයිසා මහල් නිවෙස් හි පදිංචි ව තම දරුවා රාජකීය විදුහල ට යවයි. ඔවුන් එතැනට රැස්වූයේ විමල් ගෙනාපු ඇඟිලි තරමේ විස්කී බෝතල් තුනක් බීමට විය නොහැකි ය. ඔවුන් සියළු දෙනා එක් වී තහනම් පත් ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නේ ද? සාමන්‍ය ජීවත ගත කරන අතරේ වරින් වර "අපත" තත්ත්වයට පත්වන්නෝ අද දවස සාමාන්‍ය දෙයකි ( අපතයෝ )

"ලෝකාන්තයෙන් පැන සිය දිවි නසා ගැනීමට පෙරදා රාත්‍රිය ගත කිරීමට ශ්‍රීමාල් හංසි දෙදෙනා හෝටන් තැන්නේ මහෑළිය බංගලාව තෝරා ගථ". කෙටි කථාව එම වැක්කියෙන් ඇරඹුන ද, ඒ දෙපළ දිවි නසා ගත්ත ද, ඔවුන් දිවි නසා ගැනීම තිර අදිටනින් එහි නොපැමිණි බව පැහැදිලිය. කථාවේ ගලා යාමෙන් ඔවුන් නගරයේ සැලකිය යුතු ආර්ථික මට්ටම් සහිත රැකියාවෙහි නිරත, අන් බැඳීම් නිසා මේ විකල්පය තෝරා ගත් බව අඟවයි. මෙවන් චරිත අප අතර බහුල ය ( සිහිවටන )

මෑතක, නැසී ගිය අනුර බණ්ඩාරනායකයන්ගේ පොත් එකතුව ආමර් ඉස්ට්‍රීට් හී බිම දා ගෙන විකුණු බැව් පොත් කියවන අප සියළු දෙන දත් කථාවකි. යුද්ධය නිසා බැග්ඩෑඩ් හී මහත් වටිනා පුරා වස්තු මහදවල් කොල්ල කෑ අයුරින්, සංස්කෘතික මිනිසෙකුගේ අභාවෙන් ඒවා රැක ගැනීමට කවරෙකු හෝ නැති වීම පිළිබඳ ඖචිත ගැලපීමක් රැගත් කෙටි කථාවකි, "
බැග්ඩෑඩ්". මා වඩාත් සිත් ගත් කෙටි කථාවකි.

තානායම ක රැස්වෙන විශ්‍රාමිකයින් තිදෙනෙකු, එ අයෙකු ගේ රහස් ප්‍රේමයෙන් ලත් දරුවෙකුගේ මංගල උත්සවයකට සහභාගි වනු වස් කොටි බල පෙදෙස් හරහා යාමට තීරණය කිරීම, "යාල්දේවි" කෙටි කතාවේ සංක්ෂිප්තයයි. එහෙත් එහි සාරය වන්නේ හැටපස් විය පසු වූ ඔවුන්ගේ  සිතුම් පැතුම් කෙටි කතාවට එකතු කොට ඇති අපූරු ආකාරය යි.

ඔටුවෙකු බූරුවන් අතර වාසය ට පුරුදු වන්නේ පිටමං කල මුසල්මානුවන් කල්පිටියේ තාවකාලික වෙසෙන්නන් සමඟ පැමිණි බැවිනි. සමාජය ට බද්ධ වීම පිලිබඳ ව ඉතා සියුම් ආකාර විචාරයක යෙදෙන කෙටි කථාවකි, "ඔටුවා".

සමහර ඉහළ සමාජයේ පවුල් වල දරුවන ට ඔවුන්ගේ දෙමව්පියෝ තරම ට හෝ ඊටත් වඩා, ඔවුන්ගේ ආයා වරුන් පෙම් කරති. තමන්ගේ දරුවන් වෙනුවෙන් නැති වෙලාවක්, මෙම ආයා වරු එම දරුවන් වෙනුවන් යොදවති. තම නෑ පරපුර නිසා තම රස්සාව අහිමි ව, නැවත කාලෙකට පසු යන්න තැනක් නැතුව තමන් රස්සාව කල එම නිවෙස වෙත  එන ආයා කෙනෙකු පිළිබඳ කථාවකි, නාරායන් කථාවක්.

එරික් තම ලලිත සමය කෙටිකථාවේ මතු කල එක් කරුණක් වූයේ කන්‍යාවක් තම කන්‍යාබාවය ආරක්ෂා කිරීම ම අරුතින් වෛශ්‍යාවක ගේ කේවල් කිරීමක් කරන්නේ කෙසේ ද යන්න යි. මට ඒ බව මතක් වූයේ "මංගල යෝජනාව" කෙටි කථාව කියවීමේ දී ය. මංගල යෝජනාවක් ලත් වෛද්‍යවරයා ට තම පියයුරක් පෙන්වා එහි යම් අසාමාන්‍ය බවක් විමසන තරුණිය පිළිබඳ වෛද්‍යවරයා මනෝ ලෝකයේ රජ වේ. එහි අවදානමක් නැති බව දැන ගත් විගස තරුණිය ට තව දුරට ත් එම විශේෂත්වයක් නැති වෛද්‍යවරයා ඇවැසි නොවේ.

නූතන ලිබරල් චින්තනය අනුව දිවි ගත කල මහාචාර්‍යවරයෙකු අලලා ලියවුණු අපූරු කෙටි කථාවකි "සිසි වන වුවන".
"දිනක් ආචාර්ය බැසිල් අපට පැවසුවේ 'ට්‍රාන්ස්ජෙන්ඩර්' යනුවෙන් හඳුන්වන ගැහැනු පිරිමි අතරමැද කොටසට ද එක සමාන ව සැලකීම සමාජ සාධාරණය පිළිබඳ කාරණාවක් බව යි"( 56 පිටුව )
"ඔහු එවේලෙහි හැසිරුණේ ඉංග්‍රීසි මහාචාර්යවරයකු ලෙස නොව දාමරිකයකු ලෙසිනි. නුදුරු දිනක දී සරසවි කථිකාචාර්යවරයකු වීමට නියමිත බැවින් ජයතිස්ස කරබා ගෙන සිටියේය. ඔහු කෝනෙල් හෝ විස්කොන්සින් හෝ සරසවි වෙත රැගෙන යන නෞකාවේ කප්පිත්තා වූයේ ඩොක්ටර් බැසිල් බැවින් ඔහු ඉවසීමෙන් බලා සිටියේ ය.( 59 පිටුව )
කෙටි කථාව රසවත් බව ට තවත් ඉඟි ඇවැසි නැත.

"නයිපෝල් ඔෆ් ශ්‍රි ලංකා" යනුවෙන් තමාව ම හඳුන්වා ගන්නා, සංචාරක සාහිත්‍ය ට මහත් මෙහෙවරක් ඉටු කල අයෙකු ගේ, පෞද්ගලික සාර්ථකත්වයත් සමඟ සිතට වද දෙන කලකිරීම ට පිළියමක් වශයෙන් දේශීය සංචාරකයාට අත් පොතක් ලිවීම අත ට ගනී. සාර්ථකත්වය සෑම වෙලේම සුන්දර ද ? (සංචාරක සිතියම )

සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ කෙළ පැමිණි උපාලි පීරිස් සාර්ථකත්වය ගැන කලකිරෙද්දි, පංචිකාවත්ත, කොම්පඤ්ඤවීදියේ එදා වේල සොයා ගැනීමට දත කන සාන්තලාල් බෝවෙන බරවා රෝගය, රෝහලෙන් ලැබෙන බෙහෙත් රොත්ත විසි කර බාර ගන්නේ ධන උල්පතක් ලෙස ට ය. (ඇබෑර්තු ඇත )

දැන් දැන් කොළඹ ඉහළ පැළැන්තියේ නේවාසික පෙදෙස් වල, නිවෙස් වලට දවාල ට සොරුන් ඒමේ ආකාරය ගැන, හාස්‍ය මුසුව කියැවෙන රසවත් කථාවකි, "හොරා තාම නෑ"

ඉතින්,  කෙටි කථා එකොළහ තුල දුර්වල කථා නැති තරම් ය. එරික් තම උපෙක්ෂක ඇසින්, න්‍යාය පත්‍ර වලින් තොර මනසින් වර්තමානයේ අප ද ජීවත් වන මෙම සමාජය පිළිබඳ දර්ශනයන් එකොළසක් අප ඉදිරියේ තබා ඇත. මෑතක මේ කෘතිය පිළිබඳ කථිකාවක දි, විදර්ශන කන්නන්ගර කීවේ කෙටිකථාවක් සම්පූර්ණ කරගැනීමට පාඨක අපේ ද එකතුවක් තිබිය යුතු බව කි. මේ කෙටි කථා එකතුව පීළිබඳ ව නම් එය අපූරු කියමනකි. අයෙකු ට කියවීම ට නිර්දේශය සඳහා නොපැකිළී නම් කල හැකි කෘතියකි.

Saturday, 15 July 2017

සප්තපර්ණී - සුසන්ත මහඋල්පත



***1/2

  අතීතයේ  නාගදීපය ඇතුළු උතුරු පස ආශ්‍රිතව විසුවා යැයි විශ්වාස කරන නාග ගෝත්‍රිකයින් හා දකුණු පස අනුරාජපුරය අතර තිබූ සබඳතාවන් කෙසේ වන්නට ඇත් ද? අතීතයේ එහි බුදුන් සරණ ගිය සැදැහවතුන් ගේ සිතුම් පැතුම් කෙසේ වන්නට ඇත් ද ? තම වැසියනට පමණක් නොව, ගහට කොළට සතා සීපාව ට පවා වෙදකම් කල බුදුදස් රජ දවස, මේ නාග ගෝත්‍රිකයින් හා අනුරාජ පුර ආශ්‍රිත අතර තුබූ බැඳීම් කෙසේ වන්නට අත් ද ? එළාර ගේ හමුදාවේ සිට පැවතිවූවෝ උතුරුකරයේ කෙසේ වසන්නට ඇත් ද? ඔවුන් තුල සුළු හෝ ද්වේශයක් වී ද ? යුධය ඇවෑමෙන් උතුරේ සංචාරය කලා වූත්, කලාත්මක ඇසකින්, නිර්මාණාත්මක මනසකින් නාගදීපය, කදුරුගොඩ, කීරමලෛයි, නීලවරෛයි හි පතුලක් නැති ලිඳ දුටු නැසීගිය මහඋල්පත මහැදුරු ගේ සිතේ ඉහත සඳහන් කල පැණයන් මතු විණි ද ? ඒ ඔස්සේ හේ නිර්මාණාත්මක ප්‍රවේශයකට පිවිස මේ කෘතිය බිහි කලේ ද ? ඊට පිලිතුරු අප බොහෝ විට කිසි දා ක නොදනි නු ඇත. එතුමා ජීවත් ව සිටියා නම්, ඔහු ගේ මේ නිර්මාණයට පාදක වූ කරුණු කාරණා සම්මුඛ සාකච්ඡාවකදී පවසෙනු ඇත. එතුමන් නැති සඳ ඔහු නිර්මාණයේ බීජ අවස්ථා ගැන අප මෙලෙස අනුමාන කරමු. එතුමා උතුරේ සංචාරයක යෙදුනේ ද නැති ද යන්න ද අපි නොදනි මු !

මහඋල්පතයන් ලියූ අවසන් නවකථාව මෙවර ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට නිර්දේශ වී ඇත. මීට කලින් වතාවක, පර්ජන්‍යා ද, රන් කොතළය ද,  ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට තේරී පත් විය. ඒ කෘති දෙකටම ඉන් ඔබ්බට ගමනක් නොවීය. සප්තපර්ණී ද අවසන් වටයට තේරෙවි යැයි මම නොසිතමි. ඒ සධාරණ ලෙස වසරේ හොඳම පොත් පහ අතරට මේ කෘති ත්‍රිත්වය ම  ඔබින්නේ යැයි නොසිත න නිසා ය. නුමුත් ඔහු ගේ අග්‍රඵලය වූ ත්, එ වසරේ ගොඩගේ සම්මානය දනා ගත්තා වූ ත්, ආෂාඪ පුෂ්පය අවසන් පූර්ව වටයට හෝ  නොතේරිණි. රන් කොතළය හැර කතුවරයාගේ අනෙක් නවකථා ත්‍රිත්වය ම ඓතිහාසික වකවානුවක් සබැඳි නවකථා ය. පර්ජන්‍යා සහ සප්තපර්ණි, මෙරට බුද්ධ ශාසනයේ ඉතිහාසය හා ඉගැන්වීම් හා බැඳී ඇත. පර්ජන්‍යා නිකුත් වූ වසරේ එක් මහැදුරෙක් කීවේ පර්ජන්‍යා නවකථාවක් නොව බණ පොතක් බව ය. සප්තපර්ණි ගැන ද අයෙකු ට එලෙස කිව හැක. එය විකෘතිමත් අර්ථකථනයක් වුව, මේ කෘති තුල බුදු දහමේ ආභාෂය කිසි සේත් නොසැලකීමට නුපුළුවන.  එහි කථා වස්තුව සිහින් ය. ඓතිහාසික සිද්ධීන්ගෙන් පෝෂිතය. සිත්ගන්නා සුළු වියත් බසින් අති පොහොසත් ය. නවකථාව ගලා යාමේදි ස්පර්ශකයක් ඔස්සේ අන් ඓථිහාසික කථාවක් හෝ බෞද්ධ ඉතිහාස කථාවක් ඔස්සේ හෝ ප්‍රස්තූතයෙන් පිට වැ, මනරම් සංචාරයක ගෙනයාමට සැදී පැහැදී සිටියි. ඉතින් එලෙස යැ, අප ගැමුණු රජුගේ වියෝව පිළිබඳ ව කියවනුයේ;  සිරිසඟබෝ දුගියාට ඉස දන් දූ අයුරු කියවනුයේ; සේරිවාණිජ කට්ඨපූජ ගැන කියවනුයේ. නවකථාවේ ප්‍රධාන ධාරාවේ මෙරට අහිගුන්ඨික ප්‍රජාවේ පිළිවෙත් ගැන ත්, බුදුදස් රජු ඓථිහාසික ව ප්‍රසිද්ධ සර්ප වෙද කම ගැන ත් කියවේ. ඉතින් මේ මනරම් සවිස්තරාත්මක දිගු ගමන විචිත්‍රවත් ය. කථා වස්තුවේ සිහින් බව නොදැනි නොතිබුනත්, පාඨක සිතේ යම් සතුටක් ඇති කරනුයේ පිටු තුන්සියකට වැඩි ගණනක් පුරා දිගැරෙන මේ විචිත්‍ර ඓතිහාසික චාරිකාවත්, එය ලියැවී ඇති මනරම් බසත්, තැනින් තැන ලේඛක තෙමේ පාඨක අපව ස්පර්ශකයක් ඔස්සේ ගෙන යන විචිත්‍රවත් උප-චාරිකාවන් ආදියෙන් කෘතිය සුපෝෂිත හෙයිනි. තැනෙක අප රට තිබුණා යැයි කියන වෙද කම ගැන විස්තර  ය. තැනෙක විස වෙද මාලයෙන් කොටස් ය:

"එළකිරි තනකිරි පොල්කිරි      වත්කර
තැඹිලි වතුර හා රසදිය එක්කර
එළ මුත්තර හා නර මුත්තර සමකර
පස් තෙල් සම සමව ද ගෙන වත්කර

විසෙන් මරී පැය ගණනක් ගිය තැන
විදුරඹ නස්නය කරවව් විගසින
හිස ඉහළට ගෙන කඳ ඔරවට ලන
විසෙන් මැරුණු කඳ තුළ පණ පිබිදෙන..."
නවකථාවේ සංක්ෂිප්තය ගතහොත්, මෙලෙස ලඝු කොට දැක්විය හැකි ය; ඒ නවකථාවේ කියවෙන උදෘතයකින් ම ය:

"ආත්මගත වෛරයක් සංසාරෙ දිගින් දිගට ම අරං යන එක බොහොම භයානකයි. පුළුවන් විදිහට මේ ආත්මෙ දි ම ඒක ඉවරයක් කරලා දාන්න ඕනෑ."




ගහක් ගලක් ගානේ රැඩිකල් වීමට යත්න දරණ, නිදහස් මතධාරි වීම මෝස්තරයක් වූ යුගයක, මහඋල්පතයන්, එක් අතකින් රැල්ලට විරුද්ධව ගියා වූත්, අනෙක් අතින් අප රට ඉතිහාසයේ පිහිටා නව සාහිතමය නිර්මාණයනට යොමු විය. අයෙකුට එය සාම්ප්‍රදායික කර්තව්‍යයක් ලෙස දිටිය හැකිය. එහෙත්, තමන් පරාජය කරවන අන්ධ භක්තියක් හෝ අන්ධ ජාතිකත්වයක් හෝ මත නොපිහිටා තම ඉතිහාසයෙන්, උරුමයෙන් ආභාෂය ලැබ, ඉතා පරෙස්සමින් ලියූ නවකථාවකි, සප්තපණි.

එතුමන්ගේ අකල් වියෝවෙන්, මේ ආරේ නව නිර්මාණ අපට නැවත කියවීමට  ලැබේ දෝ යන්න සැක සහිතය.


Sunday, 2 July 2017

Stamboul Train - Graham Greene



I suspect this to be the tenth "Greene" book I've read to date; I am wont to do so when the work pressure reaches high, and nothing more than an "entertainment" ( Greene's label ; not mine ),  is all my tired limited faculties can endure. So in this instance it was a trip on the Stamboul Train, a train  which ran from Ostend, Belgium to Istanbul, Turkey.Although it had changed its route and destination over time, The Orient Express, functioned till December 2009.  In fact when this book was published in the U.S. it was re-titled the Orient Express. It was the first successful book by Graham Greene ( he disowned two books he wrote previously, and this first came out first in as early as 1932. The print I have is the first Penguin edition released in 1963, a copy of which I picked up from the Senanayaka Book Shop, Wellawatta.OF the book, Geene famously said:

In Stamboul Train for the first and last time in my life I deliberately set out to write a book to please, one which with luck might be made into a film. The devil looks after his own and I succeeded in both aims.

It is the assorted characters who find themselves in the train that makes this is a thrilling read. A failed Revolutionary Communist,  a drunken lesbian journalist, her companion Janet who plans to break away from her companion's clutches, a succesful Jew currant tradesman, a burglar who ends up a murderer and a poor chorus girl hoping to make a career as a dancer and a popular novelist. It  is important to note that Greene brought up the subject of lesbianism in 1932, round about the same time that  Forster was indecisive as to release his novel, Maurice. In Maurice, the main character was gay - it was revised in 1932 ( originally written in 1913-1914) and then  in 1959-60, before being published posthumously, in 1971, and more close associations to the characters in the novel may have made Forster hesitant. Besides, the subject is secondary to the main narration, although it most certainly contributes.

Although termed an Entertainment, true to form, Greene's such works are interspersed with serious issues. Anti-semitism as it was in the late twenties and early thirties is one of the main subjects. The Jew Currant Trader is one of the key characters here.

Few of the worthy extracts, the first that of  Mabel Warran the journalist is as follows:

"And at Vienna she was losing Janet Pardoe, who was going alone 
into a world where men ruled They would flatter her and give her bright 
cheap objects, as though she were a native to be cheated with Wool worth 
mirrors and glass beads But it was not their enjoyment she most feared, it 
was Janet’s. Not loving her at all, or only for the hour, the day, the year, they 
could make her weak with pleasure, cry aloud in her enjoyment. While she, 
Mabel Warren, who had saved her from a governess’s buried life and fed her 
and clothed her, who could love her with the same passion until death, 
without satiety, had no means save her lips to express her love, was faced 
always by the fact that she gave no enjoyment and gained herself no more 
than an embittered sense of insufficiency Now with her head aching, the 
smell of gm in her nostrils, the knowledge of her flushed ugliness, she hated 
men with a wicked intensity and their bright spurious graces." 

Then the failed revolutionary Communist  Dr. Czinner recalls thus:

"Nothing in her experience would have enabled her to realise the extent of the 
loneliness to which she had abandoned him. ‘I have only one work.’ It was a 
confession which frightened him, for it had not been always true. He had not 
lived beside and grown accustomed to the idea of a unique employment His 
life had once been lit by the multitude of his duties. If he had been born with 
a spirit like a vast bare room, covered with the signs of a house gone down in 
the world, scratches and peeling paper and dust, his duties, like the separate 
illuminations of a great candelabra too massive to pawn, had adequately lit 
it. There had been his duty to his parents who had gone hungry that he 
might be educated. He remembered the day when he took his degree, and 
how they had visited him in his bed-sitting-room and sat quiet in a corner 
watching him with respect, even with awe, and without love, for they could 
not love him now that he was an educated man, once he heard his father 
address him as 4 Sir’. Those candles had blown out early, and he had hardly 
noticed the loss of two lights among so many, for he had his duty to his 
patients, his duty to the poor of Belgrade, and the slowly growing idea of his 
duty to his own class in every country His parents had starved themselves 
that he might be a doctor, he himself had gone hungry and endangered his 
health that he might be a doctor, and it was only when he had practised for 
several years that he realised the uselessness of his skill He could do nothing 
for his own people, he could not recommend rest to the worn-out or prescribe 
insulin to the diabetic, because they had not the money to pay for either"

The novel ends in a despairing note. A murderer gets away. A cheat makes a deal. A girl looking for fidelity is denied it by cruel circumstances. And the man who has spent his life for a cause dies in a cold store room. It is as if very early in his career, Greene wants to register to his readers that life is never fair. 

A most entertaining book, with a fine balance of - well, entertainment, insight in to life and of an era that was.

Monday, 26 June 2017




රජත පුස්තකයට නිර්දේශ වූ කාව්‍ය සංග්‍රහයන් (  සිව්වැනි කොටස)

මෙවර රජත පුස්තකයට නිර්දේශ වූ සිව්වෙනි කෘතිය එරික් ඉලයප්ආරච්චිගේ කපුටා සහ සිටාණෝ (**1/2)  කාව්‍ය සංග්‍රහයයි. පිත්තල හන්දිය, මගේ කොළඹත හඳ පායයි ආදි කාව්‍ය කෘති කිහිපයක් ඔහුගේ කියවා ඇත. ඔහුගේ කවියේ යමෙක් ඈත සිට නිරීක්ෂණය කරන බවකුත්, හැඟීම් වලින් වියුක්ත බවකුත් අඟවන ඔහුගේ කවියේ ආකර්ශනයක් නැත්තේ නොවේ. එනුමුදු ඔහුගේ කවි නිමිති ඉතා ක්ෂුද්‍ර දෙයක්  මත බොහෝ විට පිහිටා ඇත. ඉතින් ඒ කවි නිමිති මුල් කොට ගත් කවි පංති සාර්ථක වන අවස්ථා තරම්ම, අසාර්ථක වන අවස්ථා ද වේ. ඒ අනුව මේ කාව්‍ය සංග්‍රහය එතරම් මා සිත් ගත්තක් නොවේ.

එරික්ගේ කවිය තැනෙක වර්තමානය පිරීක්සයි. වත්මනෙහි ජංගම දුරකථන කැමරාවට අසු නොවෙනා දෙයක් නැති තරම් ය. කවියා "අනංග කැමරාව" ඔස්සේ මෙය පබඳයි.
"ආලයෙහි ඇරයුමෙන්
සළුපටක් ලිහිල් වෙත
ඇතුළු වෙයි වසල දෙවි
සැරිසරනු වස් ළමැද

වරදෙ බැඳෙනා විට ද
රැඳෙ එය නරඹනුව
...

රහස් තැන සවි කෙරුණු
අනඟ දෙවි කැමරාව
රබර් කොපුව ද දකියි
තෙත් බරව බිම වැටුණ"

එරික් කවියෙන් බොහෝ විට තම නිරීක්ෂණ කියා පාන්නා මිස,විනිස්Cඅ දෙන්නකු නොවේ. ඔහු මෙතැන මේ අනග කැමරාවට අකමැත්ත පෙන්වන සියුම් විදි දෙකකි -එකක් ඊට වසල විශේෂණය යෙදීමෙනි. අනෙක අන් අය විසි කරනා කොපුව ද කැමරාවට අයැසි බව කියාපෑම මගින්, එහි වසල බව තවත් පසක් කරමිනි.

මෙහි වූ කවි හතලිස් තුනෙන් මා රස විඳි කවි අතලොස්සේ මුලින්ම පාහේ තිබෙන කවියකි, "ගොවි උපත" කවි පංතිය.

"විජයසින් මත්ව මම
නැගී සුදු අසෙකු පිට
පිරිවරා ගෙන සෙබළු
ඇතුන් දෙදෙනකු ලවා
වී බිස්ස බිඳින්නට
වඩින සැටි සිහි කළෙමි
...

කම්පාව දෙයි සිතට
එදා ගත් අවි දරුණු
ලජ්ජාව දෙයි සිතට
හිනායන ගොවි උපත

පාළු අස්වනු නිසා
සිස්ව ගිය වී බිස්ස
මුදුන තෙක් පුරවනුව
සිතින් වපුරමි කුඹුරු
කපමි අස්වනු නිතර"

 හේ තම කුඩා කල දි, අස්වැන්නෙන් පිරුණු වී බිස්ස ට සෙල්ලම ට හෝ විරුද්ධ වූ සැටිත්, එහෙත් මෙදා ඊට හිමිකරුව, එහි අස්වනු පුරවනු අපොහොසත්ව කම්පා වන්නේ කවියට නගා ඇති අයුරු මා සිත් ගත්තේය.

මහපාරේ මුගටිකුණ පවා කවියට නිමිත්තක් කරගන්නා අප කවියා, තැනින් තැන සිත්ගන්නා සුළු මාතෘකා ද කවියට නගයි. චයිනමන් එවැන්නකි.

"ලකුණු ලොබ රට දැයට
ඔබ යි ලොතරැයි දිනුම
දරුවෝ බිම වැටෙති
නරඹන මවුන් ඇකයෙන

...

තේ රබර් කුරුඳු ණය
පහර දී අය කොට
ගුවන් නැව එයි මග
පටවා පරණ ඇත් දළ

...

ලෝඩ්ස් පිටියේ දැවී නොගිය ද
වෙළඳු වෙනුවෙන් අතට බඩු ගෙන
සිටින ඔබ අර ඇඳුම ඇඳගෙන
වෙළැඳ පිටියක දැවෙන ඉක්මන"

  මට මතක් වනුයේ මගේ මිතුරෙකු කියූ කතාවකි. ඔහුගේ බාල ම දුව ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩයකු ව අඳුනන්නේ, "අර සුපර් මාකට් එකේ එළවළු විකුණන අංකල් " ලෙස ය. ඉතින් මේ කව ට එරික් ට ලකුණු දිය හැක.

එහෙත් මෙවන් අවස්ථා ඇත්තේ අතරින් පතරය. සමස්තයක් ලෙස කාව්‍ය සංග්‍රහය කියවාගෙන යද්දි මට සිතුණේ, එරික් තම සිතට නැගෙන සැම කවි සිතුවිල්ලම ඔප මට්ටම් නොකර තම සංග්‍රහයනට එක්කාසු කරන්නේ දෝ යන සිතුවිල්ලයි. නවකථාවෙදි මා බුහුමණට ලක්වන එරික්, වසරකට වරක් කාව්‍ය සංග්‍රහයක් ප්‍රකාශනයට තිතක් තබා, තෝරා බේරා කවි පළැ කරන්නේ නම්, පාඨක අපේ ප්‍රසාදයට හේතු වනු නියත ය.