Sunday, 10 August 2025

වාලම්පූරි (අධ්‍යක්ෂණය - ලක්මාල් ධර්මරත්න )


 ඊයේ හවස, මා බිරිඳ උපේක්ෂා සමඟ ගොස් 'වාලම්පූරි' නැරඹුවෙමි. ඔවු, එය නැරඹීම මට මෙතෙක් මගැරිනි.



මේ වන චිත්‍රපටිය ගැන බොහෝ දේ කිය වී ඇති නිසා, සහ චිත්‍රපටි විචාරයට තරම් ඒ පිළිබඳ දැනුමක් මා සතු නොවෙන නිසාත්, එක් කාරණයක් ගැන පමණක් යමක් කියා නවතිමි. ඒ මහත්තයලා සහ 'ගම් කබරයන්' ( පොලිසි නිලධාරී, සමන් ගේ හැඳින්වීම) අතර පරතරයයි. චිත්‍රපටියේ සැම පාත්‍රවර්ගයාම තමනට අයිති නැති දෙයකින් සල්ලි සොයාගැනීමට වෙහෙසෙන මුත්, ඒ අතර ද චරිත දෙකක් සුවිශේෂි ය. අයෙක් ප්‍රියංකරය - ඒ ඔහු තම නාට්‍ය කණ්ඩායමට මහත්තයෙකු වුවද, ඔහු හා එම කණ්ඩායම අතර වෙනස අවප්‍රමාණ කරලීමට ඔහු දරණ උත්සාහයයි. දෙවැන්නා සිඩ්නී ය. සැබැවින් ම අන් අය රවටා, අන්දවා මුදල් හම්බකරන ගමේ මිනිසෙකු වුව ඔහු හා නිමලසිරි, චින්තක, සහ ඇන්ජෙලෝ අතර වෙනසක් තිබීමයි. ඒ තම වටපිටාව කියවීම,  තමනට හුරු පරිසරයෙන් ඈත් කෙරුණු විට ද තම නැණ පමණින් උපරිමය කරලීම යන ගුණාංග අතිනි.  කිමද, සමන් නම් වූ පොලිස් නිලධාරියා සමාජෙට මහත්තයෙකු වුව ද, පෙර කී කපටිකමින් මුදල් සෙවීමට දඟලන ගැමියන් ට වඩා දරුණු මිනිසෙකි. ඒ ඔහු ට මුදලේ රස සිඩ්නිලා ට වඩා දැනී ඇති බැවිනි. ඔහුගේ බලය ද අහිමි වීමට ආසන්න නිසාය.  සිඩ්නි නිමලේ මාමා සහ අන් අය වාගේ බීගෙන පිහිණුම් තටාකයේ නටන්නේ නැත. සමන්, සිඩ්නිගේ පැලැන්තියට ගම් කබරයන් යැයි කීවද සිඩ්නි එතන සියයට සියයක් නැත. ප්‍රියංකර සමන් ට මහත්මයෙකු වුවද, ඇත්තෙන්ම වැඩිම මූල්‍යමය අලාභය අත්කරගත්ත ද, ඔහු සමන්ගේ පැලැන්තියේ ආත්මීයව නැත. සියල්ල අහිමි වූ විට ඔහුට අන් අය සමඟ ජහුටා නැටීමට ද පුළුවන. මෙම චරිත දෙක ඔස්සේ චිත්‍රපටියේ යටිපෙළක් කියවෙන බවකි අපගේ අදහස.


ශ්‍රේණිය: *****


No comments:

Post a Comment