Tuesday 14 July 2020

2018 වසරේ ප්‍රකාශ වූ, මා කියවීමට තෝරා ගත් නවකතා පිළිබඳ සාරාංශය

සෑම වසරකම ඒ වසරේ ප්රකාශ වු  සිංහල නවකතා වලින් යම් ප්රමාණයක් තෝරාගෙන කියවා, මගේ රසාස්වාදය අනුව ඒවා පෙළගැස්සීම මා දැන් වසර 8ක කාලයක සිට කරමින් එන්නකි.  ඒ වසර අට පුරා මා කිය වූ අවම නවකතා ප්රමාණය අටක් වන අතර (2011), උපරිමය පහළොවකි (2015). පසු ගිය වසර කිහිපය තුල මා මෙය දහයක් හෝ හැකි නම් ඊටත් අඩු සංඛ්යාවකට තබා ගැනීමට උත්සාහ දැරුවද, එය මෙතෙක්  අසාර්ථක උත්සාහයයක් බවට පත් ව ඇත ( නිදසුන් 2017 ප්රකාශන - 11 යි; 2018 ප්රකාශන 12 යි).
2019 ප්රකාශ වූ කෘතීන් රැගත් ස්වර්ණ පුස්තක නිර්දේශ ලයිස්තුව, පසු ගිය දිනෙක (දෙවතාවක් ) නිකුත් විය. පාඨකයන් වන අප ස්වර්ණ පුස්තක, ගොඩගේ, විද්යෝදය සහ රාජ්ය සාහිත්ය සම්මාන නිර්දේශ වලින් සහ, අප ට යම් විශ්වාසයක් තැබිය හැකි අන් පාඨකයන්ගේ අදහස් මාර්ගයෙන් කියවිය පොත් ගොන්න තීරණය කරමු. එම නිසා ය සාමාන්යයෙන් ඊළඟ වසරේ සම්මාන උළෙල වලට කලින් පසුගිය වසරේ අප කියවීමට තෝරාගත් පොත් ටික කියවා ගුණ දොස් මෙසේ සමාලෝචනය කරනුයේ. කෙසේ වුවද සම්මාන වලින් ජයගන්නා කෘතීන් සහ එම නිර්දේශ පිළිබඳ පූර්ණ විශ්වාසයක් මා සතුව නැත.  ඒ ඇයි යැයි පොත් කියවන ඔබ අප සැම දෙන දනිති - එකක් අපගේ රුචිකත්වයේ වෙනස්කම් ය. අනෙක, ඒ ඒ සම්මාන විනිශ්චය, ඒ ඒ මඬුළු වල සංයුතිය, මතය, විශ්වාස මත රඳෙන බැවිනි. ඒ හේතුවෙනි සාහිත්ය රසිකයෙකු ලෙස මෙම ව්යායාමයේ යෙදෙමින් අප රට පළ වන නවකතා වල යම් ඇගයීමකට නිරත වනුයේ. ඊට අප සමග වසර පුරා මෙම පොත් කියවමින් අදහස් බෙදා ගන්නා බොහෝ දෙනා දායක වේ. ඔබ ගේ ඒ වටිනා අදහස් පළ නොවන්නේ නම්, මට මගේ කියවීමට පොත් තේරීම උදෙසා සම්මාන නිර්දේශ මත පමණක් විශ්වාස කරලීමට සිදු වේ. එය නොවිය යුත්තක් බව මම අත්දැකීමෙන් දනිමි.

වසරක් පුරා ඉතා රසවත් සිංහල නොවන සාහිත්
ය නිර්මාණ නිකුත් වද්දී, මම මේ ව්යායාමයට කාලය මිඩංගු කරන්නේ ඇයි යන ප්රශ්ණය සෑම වසරක් පුරා ම මා සිත තුල ම මතු නොවන්නේ නොවේ. එහෙත් අප රට ද නවකතාව යන්න පසුගිය වසර 15-20 තුල අතර බොහෝ වෙනස්කම් වලට මුහුණ දෙමින් ඉදිරිගමනක යෙදෙන බව පැහැදිලිය.  වික්රමසිංහ, ගුනසිංහ, අමරසේකර, නවගත්තේගම, ජයතිලක ආදීන්ගෙන් පසුව රාජකරුණානායක, රාහුබද්ධ, ඉලයප්ආරච්චි වැනි අය, අප රට නවකතාව පෝෂණය කලා හු ය. වර්තමානයේ නිබද සාර්ථක සාහිත නිර්මාණයේ යෙදෙන සහ අලුත් ඉසවු සොයන මංජුල වෙඩිවර්ධන, ශමෙල් ජයකොඩි, පී. බී. ජයසේකර  ආදි කතුවරු සිංහල නවකතාවෙන් ඈත් වීමට අපට ඉඩ නොදෙයි. එපමණක් නොව, සැලකිය යුතු කාලයක් නිර්මාණයේ යෙදුන ද, නව ඉසවු, නව නිර්මාණ පරීක්ෂාවන් හි යෙදෙන එරික් ඉලයප්ආරච්චි ( පේත, පරදේසි ), සේපාලි මායාදුන්නේ ( මහාසාමි, සුවඳ සන්නිය ) සහ සුමිත්රා රාහුබද්ධ ( සිය සිය පත් සිය, කන්දක් සේ මා ) ආදි කතුවරුන් ද, තරමක  දාර්ශනික අංශයක් වෙත තම නෙත යොමුකරමින් නිර්මාණකරනයේ යෙදෙන කැත්ලීන් ජයවර්ධන ද නිසා සිංහල ප්රබන්ධ සාහිත්යය සැලකිය යුතු මට්ටමක පවතියි. දැනට පළ කර ඇති පොතක් හෝ දෙකක් නිසා අපට අනාගතයේ බලාපොරොත්තු තබා ගත හැකි කෞශල්ය කුමාරසිංහ, චම්පා වෛද්යතිලක, විරාජිනි තෙන්නකෝන් වැනි තරුණ ලේඛක-ලේඛිකාවන් ද මා සිංහල නවකතාවේ රඳවනට සමත් ය. මා මේ කීවේ  මට සැලකිය යුතු මට්ටමකින් පසු ගිය කාලයේ දැනුනු ලේඛක ලේඛිකාවන් කිහිපදෙනෙකු පමණකි - ලයිස්තුව අසම්පූර්ණ බව සත්යය.

ඉතින් මා කිය වූ 2018 ප්
රකාශ වු කෘති 12 මාගේ රුචිකත්වය අනුව මා මෙසේ පෙළ ගන්වමි ( අගතියෙන් තොරයි ):

1- මා ප්
රති. මා - පී. බී. ජයසේකර ****1/2 (මිනිසෙකු තමන් ගේ ජීවිතයට අර්ථයක් දීමට යා හැකි දුර ගැනත්, එහෙත් සිය හෘද සාක්ෂියෙන් මිදීමක් නැති බවත් ඒත්තු කරමින් මෑත ඉතිහාසය අලලා ලියූ විශිෂ්ඨ නවකතාවකි.)

2- අව පෑලවිය - දීප්ති මංගලා රාජපක්ෂ ****1/2 ( අද වන අප රට කුඩාම ගම බවට පත් ව ඇති ප්
රදේශයක් ක්රමයෙන් එතැනට පත් වීම ඉතා රමණීය ලෙසත්, රසවත් ලෙස නවකතාමය හැඩයට නගා ඇති නිර්මාණයකි. වසරේ හොඳම නිර්මාණ කිහිපයෙන් එකකි. )

3- වීනස්ගේ උපත - ශමෙල් ජයකොඩි ****1/2 (ජීවිතය විඳීම, පසුතැවීම, පසුතැවීම යන්න ම සවිඥ්ඥානක තීරණයක් ද ආදි ඉසවු ගැන පාඨකයා ක්
රමයෙන් හොඳින් අඳුනාගන්නා චරිත කිහිපයක්  මගින් කෙරෙන ගවේශනයක් මෙනි. විස්මිත ගෙත්තමකි.)
4- පැරිස් වලාකුළු - මංජුල වෙඩිවර්ධන **** ( මිය යෑමට පෙර තමලිනි ලියූ කෘතියක් මුල් කරගෙන ඈ ක්රියාත්මක වූ ව්යාපාරයට හිතැති පැරිසියේ වසන පිරිසකගේ අදහස් උදහස් දීර්ඝව සාකච්ඡා වන නවකතාවකි. ඉතා රසවත් ය. වසරේ හොඳම නිර්මාණයකි.)

5- රතු පලස - එරික් ඉලයප්ආරච්චි **** ( පරම්පරා තුනක් පුරාවට අප රට වෙනස් වන සමාජ දේශපාලන වටපිටාව රසවත් ව දිගැරෙන දීර්ඝ නවකතාවකි. අනාගතයේ අප ආපසු හැරි බලා හදාරන ආකාරයේ නවකතාවකි. )
-------------------------------------------------------------------------

6- අදිසි නදිය - කපිල කුමාර කාලිංග **** ( වචනාර්ථයෙන් සහ රූපකාර්ථයෙන් ගිලා බසිනා නගරයක් ( රටක්? ) එහි පාලකයන් විසින් අත්තනෝමතික ලෙස පාලනය කෙරෙන අයුරු ගැන ඩිස්ටෝපියානු ආභාෂයකින් ලියැවුන්නකි. )
7- මකරානන්දය - විරාජිනි තෙන්නකෝන් ****( තවත් වැව්ගම් කතාවක් ව ඇරඹීම හේතුවෙන් පාඨක සිත තුල නොපහන් බවක් ඇති විය හැකි මුත්, නවකතාවේ දෙවෙනි අර්ධය අප රට වර්තමානයේ සිදුවන ස්වයං රැවටීම් ආදිය හොඳින් නිරූපනය කෙරෙන, පුළුල් පරාසයක චරිතයන්ගෙන් පෝෂිත කෘතියකි.)

8- ඒ අහඹු අතීත හැන්දෑව - මංජුල වෙඩිවර්ධන ***1/2 (පේමතෝ ජායති අසෝකෝ වලින් පසු ව කිය වූ, සමාජවාදයට ආනත ආස්ථානයක සිට ජ.වි.පෙ. පිළිබඳ කෙරෙන සාර්ථක ගවේශණයකි; නුමුත් විටෙක  අඛ්
යායනය අයාලේ යන ආරක් ද ඇත.)

9- ඉස්කිරිම - දමිත් උදය  දහනායක **** ( කතිකයා ගේ අවංක බව පාඨකයා වෙත පසක් කෙරෙන කාව්
යමය බවකින් යුක්ත නවකතාවකි.)
10- ගුම් - බටුවන්ගල රාහුල හිමි ***1/2 (රූපක භාවිතයෙන් පොහොසත්, එහෙට කතු හිමියන් ගොඩනාගන්නා විභවය උපරිමයෙන් පළ නොදරන, එහෙත් සියුම් සිතිවිලි ජනිත කරවන ආරේ නවාකතාවකි.)

-------------------------------------------------------------

11 - ඈත දුර ඈත - ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද ***1/2 ( හොංකොං රටේ ජිවන රටාව අලලා, දීර්ඝ කාලීන ආදර සබඳතාවක් බිඳී යාමෙන් පසුව නැවත තම දිවිය ගොඩනගා ගැනීමට යත්න දරණ කාන්තාවක් මුල් කොට ගත් ආඛ්‍යායනයකි. ) ( එකතු කිරීම 03/09/2020)

12- ධරණි - කත්
යාණා අමරසිංහ ***1/2 (අවාසනාවන්ත යුගයක උපත ලද පරපුරක් ඔවුන් දායාද කරගෙන ඈ දිවියන් ගැන ආඛ්යායනයකි; එහෙත් එම තත්ත්වයන් මතුකරලීම වෙනුවෙන් නවාකතාවේ ස්වභාවය තරමක් වන්දි ගෙවා ඇත.)

13- සන්තිපරං - චම්මින්ද වෙලගෙදර ***(පිටු 500ක් පුරා දිගැරෙනා, 19 වෙනි සියවසේ රජරට විසූ මුතුන්මිත්තන් ගේ ජීවන අරගලය පිළිබඳ සවිස්තරාත්මක රචනයකි.  භාෂාත්මක ගවේෂණය
ක් ලෙස කතුතුමා පැසසිය හැකි මුත්, නවකතාවක් ලෙස පාඨකයා  විඩාවට පත් කරන්නකි.)

2 comments:

  1. පොත් තෝරාගැනීම ගැන ලිපියක් ලියන්නේ නම් බොහෝ වටින්නේ ය. කාලයක් පොත් කියාවා ඇති ඔබතුමාගේ ඇත්දැකීම ඊට සුදුසුයැයි සිතමි.කියවීමට සුදුසු ලෙස පොත් මිලදිගැනීම, තමාට හැලපෙන, ඇති ප්‍රමාණයට පොත් මිලදීගැනීම වැනිදේ එකතු කරන්නේනම් අගනේය.විශේෂයෙන් විදෙශ ගතව සිටින පොත් ගුල්ලන්ට එය උපකාර වෙනු ඇත.

    ReplyDelete
  2. මේකට පහසු උත්තරයක් නෑ... මමත් හැම අවුරුද්දෙම හිතනවා මේ වසරේ මම optimum කියවීමක නිරතවෙනවා කියලා... ඒත් ඒක එහෙම වෙන්නේ නෑ... අනේක සාධක නිසා මුලින් කියවන්න සිතා නොසිටිය පොත් රාශියක් කියවෙනවා. බොහෝ විට මෙය 50% සීමාව හෝ ඊට ටිකක් වැඩි වෙනවා...

    පොත් මිලදී ගත්තත් එහෙමයි... මාත් දැනට ම ජීවිත කාලේ ඇතුලත කියවා නිම කර නොහැකි පොත් ගොන්නක් රැස් කරං ඉන්නේ... ඒ අතරින් "කියවිය යුතුමයි" හිතෙන පොත්, හෝ "හොඳම පොත්" හෝ කියවන්න උත්සාහ කරන්නේ.... එහෙම බලද්දි, ඒ ඒ වසරේ ප්‍රකාශ වන සිංහල නවකතා 12ක්-15ක් කියවීම එතරම් තේරුමක් නා... මාත් කැමති මේ ගණන 7ක් 8ක් වගේ තියා ගන්න පුළුවන්නං... ඒත් දැනටම 2019 ප්‍රකාශ වූ නවකතා 14ක ලයිස්තුවක් විවිධ හේතු නිසා ගොඩ් ගැහිලා...

    ReplyDelete