Friday, 28 June 2024

කවිකඳුර - සුනේත්‍රා රාජකරුණානායක


2011 වසරේ ප්‍රකාශ වූ කියවීමට තෝරාගත් නවකතා අතර වූ සුනේත්‍රා රාජකරුණානායක ගේ කවිකඳුර නවකතාව කියවීමි. 

නවකතාවේ ප්‍රමුඛතම කොටස අකලංකා ෂන්මුගම්ගේ කොළඹ-නුවර නවකතාවයි. එය මා මීට කලින් කියවා ඇති ලේඛිකාවගේ පොත් තුනටම වඩා වෙනස් ය. ආසන්න වශයෙන් 1752 සිට, ශ්‍රී වික්‍රම රාජසිංහ සිර අඩස්සියේ දී මිය යාම දක්වා වූ කාලය, එනම් 1832 දක්වා වූ කාලය කතාවේ ප්‍රධාන කොටස ලෙස අයෙකුට කිව හැක. ඉතිරි කොටස ඉදිරිපත් කරන්නේ හීන් එකා හෙවත් පීටර් වැන්ක්‍යූලන්බර්ග් ය. එම කොටස තුල කතාව එතරම් සිත්ගන්නා සුළු ලෙස ගෙතී ඇතැයි නොසිතේ. සිදුවීම් පෙළ වුව සීමිතය. පාඨකයෙකු ලෙස මා නම් ප්‍රිය කලේ 1752-1832 දක්වා දිවූ කොළඹ-නුවර අතර කාල පරාසටය. එම කොටස ඉදිරිපත් වී ඇත්තේ බාලගණේ හෙවත් කවිකඳුරේ දීපංකර සාමණේරයන්, මල්කඳුරේ පන්සලේ පිංචිඅම්මා,  සුවඳිගේ අම්මා හෙවත් මල්කඳුරේ පන්සලේ උපාසායාගේ දියනිය වූ මරියම්මා,  කවිකඳුරේ මයුරවතී මැණිකේ, රංහොදියා, කවිකඳුරේ නිලමේ, සුවඳි, ධර්මවතී ටිකිරි මැණිකේ, උක්කුවා, හා අංකුට්ටා හරහා මෙම වසර අසූවක කාලය දිගැරේ.


මෙම වසර 80ක පමණ කාලය පිටු 183ක් පමණ පිටු ප්‍රමාණයකින්, හෙවත් කතාවෙන් අඩකට වඩා කොටසක් ප්‍රයෝජනයට ගනිමින් ලේඛිකාව ඉදිරිපත් කොට ඇත. මහැදුරු ආරිය රාජකරුණා මෙම ස්වර්ණ පුස්තකය විචාරමින් කියා සිටින්නේ;
- එහි පුනරුක්ති දෝෂ ඇති බවත්,
- ඥාති සම්බන්ධතා පාඨකයා වෙහෙසන සුළු බවත්,
- විවිධ තරාතිරමේ වල චරිතයන්ගේ දෘෂ්ඨිකෝණයෙන් ලියවුනද භාවිත බස සමාන බවත්,
- එම බස වුව ලේඛිකාව එකල නුවර යගයේ යැයි සිතූ කෘතීම එකක් බවත් ය.
          බොහෝ ඇසූ පිරු තැන් ඇති වලින් හෙබි එතුමා පවසන සියළු කාරණා සත්‍ය විය හැකි වුවත්, පාඨකයකු සහ එතරම්ම මෙම ලේඛිකාවට පක්ෂපාති නොවූ අයෙකු ලෙස මට කීමට ඇත්තේ , ඔහු කියනා සියළු දුර්වලතා තිබුනේ යැයි සිතුව ද, මෙම කොටස ඉතා රසවත් බව ය. තව දුරටත් පවසන්නෙ නම්, එම කොටසේ එන ගැමියන්ගේ කතා මාලාව මධ්‍යයේ කියැවෙන්නා වූ සියුම් කාරණා කිහිපයක් ද එහි ඇත. මෙරටට සියමෙන් උපසම්පදාව නැවත ගෙන ආ කල් හි මෙහි තිබූ කුල තහංචි සමහර පහත් යැයි ගැණුනු කුලවල සාමනේරවරුන්ට බාධාකාරි වූ අයුරු, එකගෙයි කෑමෙහි චාරිත්‍රය, එකල් හි ජීවන රටාව,  පිරිමින්ගේ තාඩන පීඩන මගහරවා ගැනීමට ගැහැණුන් භාවිත කල සියුම් උපක්‍රමයන්, නිලමෙවරුන්ගේ පක්ෂපාතීත්වය, එම පක්ෂපාතීත්වය නිසා හෝ සැබෑවටම කාරණා සිද්ධ වූ අයුරෙන් හෝ ඇහැලේපොලගේ ආර්‍යවට හා ඩහනට ගෙවන්නට සිදු වූ වන්දිය, සහ එහි දී රජු ක්‍රියා කල හැකි සීමාවන් ආදී කරුණු මෙම කොටස හරහා ගෙනහැර දැක්වේ.

නවකතාවේ රිද්මය ට හානිකර ලෙස දැනුනේ මල්කඳුර, මාස්ටර්පීස්, සහ මර්වින් හරහා කතාව වර්තමානයට බද්ධ වෙද්දීය. මෙහිදී, අප ට හැඟෙන ආරෙන් ලේඛිකාවගේ 'පොදු පුරුෂයෙකු' වන දූෂිත, බොරුකාර, රැවටලිකාර පිරිමි චරිත කරලියට එයි. ඇත්තෙන් ම මේ වන විට යම් තරමකට ලේඛිකාවගේ නව නිර්මාණ කියවීමට පසුබට වීමක් වැන්නක් සිතේ සොල්මන් කරන්නේ මෙම පොදු පුරුෂයන් නිසාය. මෙතෙක් මා ලේඛිකාවගේ කියවා ඇති සුබෝධාලංකාරය, පොදු පුරුෂයා, නන්දිතය, සහ දැන් කවිකඳුර යන කෘති හතරේම මේ ප්‍රෝඩාකාරි චරිත අපට හමු විය. කියවීමට ඇති 'බුද්ධදාසි' හි මෙවන් චරිත නැති බැව් සැල ය.

බොහෝ විචාරකයින්ගේ ප්‍රසාදයට ලක්ව ඇති ලලිත සමය කියවීමට ඉතිරි වී ඇති වටපිටාවක මෙම කෘතිය ස්වර්ණ පුස්තකය ජයග්‍රහණය ගැන යම්ක් කීමට වේලාසන වැඩිය. කවිකඳුර මීට වඩා සාර්ථක නවකතාවක් විමට විභවයක් තිබූ නවකතාවක් බවකි අප ගේ අදහස.

ශ්‍රේණිය: ***1/2

 ( 2012 බක් මස හත් වන් දා ලියූවක්, යම් සුළු සංශෝධන සහිතව නැවත මෙහි පළ කරමි. එකල මාගේ මේ කෘතිය පිළිබඳ ස්ථාවරය අද නැවත කියවුවහොත් වෙනස් විය හැකි මුත්, තවම නැවත කියවා නැති හෙයින්, එහි සමස්ත ස්ථාවරය නොවෙනස් වන අයුරින් මුත්, පෞද්ගලික සටහන පොතෙන් අන්තර්ජාල අවකාශයට මෙම සටහන ප්‍රවේශ වන නිසා තරමක් රළු යැයි සිතෙන තැන් වඩා සියුම් කොට නැවත ලියා ඇත. අප පොත් කියවන මිතුරියක ගේ නිල්මාණි ප්‍රනාන්දු ගේ පෙරැත්තය -ඈ මේ පොත පසු ගිය දවසක කියවා අපගේ දුප්පත් විචාරය සොයා දෙතුන් වතාවක් විමසු නිසා - සහ, සටහන් පොතේ ලියවිල්ලෙහි ඡායාරූපයක් කියවීම ඇයට නොහැකි බැව් තරයේම විශ්වාස කරන නිසා සහ, මූලික වශයෙන් සටහන් පොතෙන් අන්තර්ජාලයට මුදාලීමට මෙය අවස්තාවක් කරගත හැකි නිසා, මෙසේ නැවත සංශෝධිත ඇතිව පළ කරන්නෙමි. 2011 වසරේ දෙසැම්බරයේ උපේක්ෂාවන් දරු දෙදෙන සමඟ - ඔවු, එකල දෙදෙන - සමඟ දෙසැම්බරයේ ලංකාවට සති දෙකක පමණ කෙටි නිවාඩුවකට පැමිණි කල, මා ඈ අත එවු පොත් ලයිස්තුවේ තිබූ නිසා ඈ විසින් ගෙන එන ලදුව කියවීමි.)


Saturday, 22 June 2024

හිතක මතක (සුප්‍රකටයන් අතර විසූ අප්‍රකටයෝ ) - කරුණාරත්න අමරසිංහ


කරුණාරත්න අමරසිංහයන් ලියූ මෙම අපූරු මතක සටහන්  මාස නමයක පමණ කාලයක් ටිකෙන් ටික කියවා හමාර කලේ පසු ගිය සතියේය. මෙය රස ගුලාවකි. මහගමසේකර, මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, එදිරිවීර සරච්චන්ද්‍ර, චන්ද්‍රරත්න මානවසිංහ, ඩෝල්ටන් අල්විස්, එන්. එම්. පෙරේරා, අජන්තා රණසිංහ, සුගතපාල ද සිල්වා, කේ. ජයතිලක ආදි තම තමන්ගේ ක්ෂේත්‍ර වල ප්‍රවීණයන් ඇසුරෙන්,  කලා ලොවේ දීර්ඝ කාලයක් නිරතවැති කරුණාරත්න අමරසිංහයන්  ලත් මතකයන් ආවර්ජනය කෙරෙන ලිපි පෙළක් ලෙස මෙම කෘතිය සම්පාදිතය. ප්‍රකාශනයට තිබූ හදිසියක් නිසාදෝ අවස්ථා කිහිපයක ම සාමාන්‍යයෙන් මෙම ප්‍රකාශකගෙන්  නොදකිනා මුද්‍රණ දෝෂ ඇතත්, එය කෘතියේ සමස්ත රසයට බාධාවක් නොවෙන තරමින් බැවින්, රස විඳිය හැකි ලිපි වලින් පෝෂිත කෘතියකි.

මෙවන් පොතක් දීර්ඝ ලෙස විචාර කිරීම අපහසු හෙයින්, මා සිත් ගත් අවස්ථා කිහිපයක් පමණක් පහත ලියා දක්වන්නේ, කියවීමට  සිතනා අයගේ එම සිතුවිල්ල වර්ධනය කිරීමේ අටියෙනි.

- මාර්ටින් වික්‍රමසිංහයන් ගේ පෞද්ගලික ඇසුර මගින්, ඒ ආශ්‍රයෙන් දීර්ඝ ලිපියක් මෙහි අපට හමු වේ. 'උපන් දා සිට' හි එන වික්‍රමසිංහ ට අමතර ව, තුන්වෙනියෙකුගේ ඇසින් වික්‍රමසිංහයන් ගේ හැසිරීම්, ඔහු අන් අය විෂයෙහි ක්‍රියා කල අයුරු, ඔහු උදහසට පත් වූ විට බිණූ වදන් පවා ඇතුලත් මෙහි, අමරසිංහ වික්‍රමසිංහ ඇසුරු කල යුගයෙහි ඔහුගේ ප්‍රියතම මධුව දෙවරක් පෙරන ලද අරක්කු හෙවත් Double Distilled (DD) බවත් එකල විස්කී තරම් ඉස්තරම් බවත් පවසයි. ලංකාවෙ එක්තරා පරම්පරාවකට DD ට දෙවෙනි තවත් මධුවක් නොමැති තරම ය. මගේ පියාගේ ද ප්‍රියතම මධුව වූ එය මා එක් වතාවකට වඩා පානයට උත්සාහ කලේ ද නැත. වයස් සීමාව හැට පැනපු මගේ සිටපු මිතුරෙකු කිවේ DD විඳීමට විශේෂ රුචිකත්වක් තිබිය යුතු බවකි ( ඔහු ද ඊට ඉතා කැමැත්තේය).

- මානවසිංහයන් හමු වූ අවස්තාවක, ඔහු ගේ මුවින් පහළ වූ අදහසක් අමරසිංහ මෙසේ පළ කරයි. එහි, අර්ථරසය, ශබ්ද රසයට දෙවෙනි යන්න ගම්‍යවන බවත්, මෙය සංස්කෘත කාව්‍ය දරණා යම් ස්ථාවරයක් දෝ යන්න ද මට හැඟෙයි.

"කවියක් රස විඳින මිනිහ ඒ කවියෙ රසාස්වාදය ගැන හිතන්නෙ නැතුව කවියෙ වචන යොදල තියෙන හැටි ගැන, හොයන්න යනවනං උගෙයි අර රමණෙට ගිහිල්ල රෙද්ද ලිහන කොට  රෙද්දෙ වටිනාකම ගැන හිත හිතා ඉන්න එකාගෙයි කිසිම වෙනසක් නෑ. රසිකත්වයක් නැති පණ්ඩිතයොත් ඒ වගේ තමයි. "( 152 පිටුව)
- බෝතලේ වලව්වේ ඩී. ඇස්. තම පුතා ව කේම්බ්‍රිජ් යවා එහිදී ඩඩ්ලි පොලෝ ක්‍රිඩාවෙන් සමත්කම් දැක්වුව ද, සාමාන්‍ය පවුල් පසුබිමකින් පැමිණි එම්. එම්. පෙරේරා ලන්ඩන් විශ්වවිද්‍යාලය ට ගොසින් PhD විභාගයෙන් සමත් වූ බවත්, ඇන්. එම්. කල ප්‍රකාශයක් මෙහි එන්නේ, 1965 දී එ.ජා.ප. නිල පුවත්පල ඔහු ගේ සුල මුල ඇද කල කතාවට පාර්ලිමේන්තුවෙ දි ප්‍රති උත්තර කතාවක් උකහා ගනිමිනි.

- ගුණදාස අමරසේකර ගේ ‍යටලමත්තේ තිඹිරි ගේ වූ ගුරු නිවාසේ, තවමත් සිමෙන්ති පොළොවේ ඔහුගේ බිළිඳු පා සටහන් ඇති බැව් ද, එය ජීවන සුවඳ කෙටිකතා පොතේ එන 'ආපසු ගමන' හි සඳහන් වන අයුරු ද පෙන්වා දෙන්නේ අමරසේකර 80 වැනි වියට පා තැබූ අවස්ථාවේ පැවැත් වූ නිජබිම ආවර්ජනා උළෙල ගැන පවසද්දීය.

- එක්තරා හවසක අමරසිංහ මහගමසේකර ගේ නිවසට ගොස් ආපසු ඒමට සැරසෙද්දි එද්දි එදින ගම්පහ යක්කල අවසන් බසය නොතිබීම හේතුවෙන්, මහගමසේකර ඔහුගේ බිරිඳ සමග අමරසිංහ ව යක්කල කොළඹ දිසාවට යන බස්නැවතුම්පොළෙ බස්සා ආපසු කරයෙන් ගිය බවත්, එය අමරසිංහයන් නොසිතූ ලෙස මහගමසේකරයන් දුටු අවසන් දවස බවත්, එදින ඔහු ඔහුගේ පුඤ්ඤා නම් වූ කෙටිකතාවේ වස්තු බීජය අමරසිංහ ට හෙළි දරව් කල හැටිත් මෙහි කියවේ. එම සිද්ධිදාමය, එනම් හැත්තෑව දශකයේ මැද ගම්පහ-යක්කල දිසාවෙට ඇති බස් නැවතුම් පොල, යක්කල හංදියේ මොරිස් මයිනර් කාරය නවතා තිබීම, අදින් වසර පනහකට පමණ පෙර, අද මෙන් යාන වාහන නොතිබූ යුගයක රාත්‍රී කොළඹ-නුවර පාර, සහ සැඟවුන නපුර, යන්න ගුප්ත සිතුවිලි මැවීමට සමත්‍ ය.
"අපාර වූ ආකාසේ
වලා සිඳුණු බොල් එළියේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී" (275 පිටුව)

කතුවරයා සකුව ට බොහෝ  ප්‍රිය බව ඔහුගේ කියුම් වලිනුත්, ලේඛන ශෛලියෙනුත් පැහැදිලි අතර, යම් අයෙකුට එම සකු භාවිතය තරමක් කියවීම ට බාධාවක් යැයි දැනිය හැක. සංස්කෘත මිශ්‍ර සිංහල කියවීමේ කිසිදු විසෙස් අභ්‍යාසයක් නොලත් මා හට නම් එය ඒ තරමින් නොදැනුන  ද, සමස්ත කියවන්නන් ට එසේ ද යන්න ගැන මට කිව නොහැක. අනෙක් කාරණය, වර්තමාන අදහස්, අමරසිංහයන් ගේ අදහස් හා නොගැලපෙන අවස්ථා ද නැත්තේ නැති මුත්, අන් මත ඉවසන වර්තමානිකයෙකුට එය ඉවසිය නොහැකි මට්ටමේ ද නොවේ යැයි සිතේ.

තිස්ස අබේසේකරගේ "අයාලේ ගිය සිතක සටහන්" , මාර්ටින් වික්‍රමසිංහගේ "උපන් දා සිට" , සරච්චන්ද්‍රගේ "පින් ඇති සරසවි වරමක් දෙන්නේ" කියවා රස විඳි අයෙකු, මෙම පොත කියවීමෙන් මහත් තෘප්තියක් ලබනවා නිසැකය.

ශ්‍රේණිය: ****1/2
ප්‍රකාශනය: විදර්ශන (2023)

Sunday, 2 June 2024

2021 වසරේ ප්‍රකාශ වූ කෙටිකතා කියවීම

 2021 වසරේ ප්‍රකාශ වූ කෙටිකතා කියවීම සහ මගේ තක්සේරුව අනුව ඒවාහි සාර්තකත්වන් පෙළ ගැසීම







දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා - ලියනගේ අමරකීර්ති

 මෙම කෙටිකතා සංග්‍රහය කියවූයේ 2021 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීමේ මගේ තැතේ, අටවෙනි සංග්‍රහය වශයෙනි. සුපුරුදු පරිදි අමරකීර්ති නූතන අදහස් අප සමාජයට කා වද්දන සමාජ මෙහෙවරක සාහිත්‍යමය නියමුවෙකු වශයෙන් සහ තමන් තරුණ වියෙහි කුරුණෑගල ට ආසන්නයෙහි දුටු යම් යම් ගම්පෙදෙස් හි සමාජ ආර්ථික තත්වයන් අලලා, කෙරුණු කෙටිකතා දහයකින්වලින් මෙම සංග්‍රහය පෝෂිතය. එම කෙටිකතා වලින් බහුතරය මා සිත දිනා ගත්තේය.  ඒ කෙසේද යත්;

අප ගම් වල ශ්‍රමය වෙහෙසා කෙරෙන වෘත්තීය වල යෙදෙන්නන් තමන් විසින් ම තමන් ව, "තමන් කවුරුවත් නොවන" වගක් බව තම ආත්මයන් වලට කාවද්දවාගෙන ඇත. ඇති හැකි අය ඉදිරියේ තමන් ව වඩාත් ම පහත් තත්ත්වයට පත් කරගැනීමට පෙළඹෙන්නේ තම දෙමව්පියන්ගේ ආභාෂය නිසා විය හැකිය. වෙනස් වන සමාජයේ මෙම සමාජ සෞඛ්‍යයට අහිතකර ප්‍රවණතාව නූතන පරපුර විසින් වෙනස් කරනායුරු පෙන්වන, මා සිත්ගත් කෙටිකතාවකි, "කවුරුවත් නෙමේ... අපි". 

පුරුෂාධිපත්‍යය හි ම කොටසක් ලෙස දැකිය හැකි කාන්තාවන් විෂයෙහි තම ආධිපත්‍යය, යටත් කර ගැනීම, කෙසේ හෝ කාන්තාවක් තම අණසකට නම්මවා ගැනීමේ හැකියාව යන්න අප රට තවමත් දකින්නට ලැබිය හැකි ගර්හිත තත්වයකි ( මෙය අන් රටවල ද නැත්තේ නොවේ.) පුරුෂයෙකු හා කාන්තාවක් ගේ කුමන තත්වයන් ‍යටතේ හෝ එක්වීමේදී, එය දෙදෙනාගේ ම ස්වභාවික කැමැත්ත සහ ආකර්ශනය මත ම සිදුවන්නක් බව, සහ එය ඉතා පෞද්ගලික අත්දැකීමක් පමණක් බවත්, අනුන් ඉදිරියෙහි පම්පෝරි ගැසීම යනු ශිෂ්ඨ සමාජයේ නොවිය යුත්තක් යන්න අප සමාජයට තේරුම් යන්නේ සෙමින් බව ය අපගේ හැඟීම. "වෙල දෙපස" කෙටිකතාවේ එන එම යුවලගේ ආකර්ශනය, කෙටි එක්වීම ආදිය, පෞද්ගලික ලබැඳි මතකයන් ම පමණක් බවත්, "සෙන්චරි ගසා, සාද දැමිය යුතු" නීච ගමනේ ම පෙර අවදියක් නොවිය යුතු බවත් ඒත්තු ගන්වන ආරේ සාර්ථක නිර්මාණයකි. අමරකීර්ති, මෙහිදී කුල ක්‍රමය ගෙනෙන බාධාවන් ද ගෙනහැර දක්වන්නේ ඉතා සූක්ෂම අයුරින්‍ ය.

"කළු සුදු දවස්වල", මා මෙහි ඉතා කැමතිම කෙටිකතාව විය යුතුය. තරමකින් "අඩහඳයා ගේ" කාලේ ගැමි පෙදෙස මතකයට නැගීමට සමත් මෙම කෙටිකතාව, අයෙකු යම් සමාජ-දේශපාලන අදහසක් තරයේ අදහයි නම්, එහි අන් අයට කිසිදා වටහා ගතනොහැකි ආරේ ඉතිහාස කතාවන් තිබිය හැකි බවට ඉතා සාර්ථකව පෙන්වා දෙයි.

අමරකීර්ති ගේ කෙටිකතා වල මම කැමති එක් ලක්ෂනයක් නම්, විටෙක, ඔහු තමන්ගේ කතානායකයා ගේ අඩුපාඩු එම කතානායකයා විසින්ම වටහා ගන්නා අයුරු විදහා දැක්වීමය. මෙය "අර මිහිරු සීනු නාදය" කෙටිකතා සංග්‍රහයේ එන "නොනිදන අවදිය" කෙටිකතාවේ ද දුටුවෙමි. එම ලක්ෂණය හරහා අප නිර්මාණකරු ගේ ද යම් නිරහංකාරකමක සේයාවක් - එනම් තමන්ගේ අඩුපාඩුවක් දුටු කල එම තත්වය ගැන සංවේදී වීම, යන උසස් ලක්ෂණය ඇතැයි පාඨකයෙක් ලෙස මට සිතේ. එය පාඨකයකු ලෙස මා නොදන්නා අයෙක් ගැන යම් තක්සේරුවක් වුවත්, මට සිතෙනා විදිහ ගැන ප්‍රකාශ කිරීමේ වරදක් නැති බවකි මගේ හැඟීම. මෙහි එන "සාක්ෂිකාරයෝ"කෙටිකතාවේ ද, මහගෙදර ඇදුරුතුමා තුල දැකිය හැකි ලක්ෂණයකි මෙය. යම් අයෙක් ගැන පෙර විනිශ්කයක සිටීමේ දොස, ඔහුගේ සිසුන් වෙතින් පමණක් නොව, තමා තුල ද තමා නොසිතූ අයුරින් තිබූ බව පිළිගැනීම මා සිත් ගත්තේය.

"රතු නෙළුම" කෙටිකතාව අමරකීර්තිගෙන් සාමාන්‍යයෙන් නොදකිනා ආරේ කෙටිකතාවකි. එනම්, ගුප්ත හැඟීමක් ගෙනෙනා අවාසනාවන්ත සිදුවීමක පෙරනිමිත්තක් ගීතයක් හා බද්ධ කෙරුණු අයුරුත්, නපුර වැවේ ම සිටීම අනවශ්‍ය බවත්, එය වටහා ගැනීමේදී මෙහි එන මලයා තරමක් පරක්කු බවද ඒත්තූ යයි. අප ට එම නිර්මාණය  නිශ්ශංක විජේමාන්න, නැතිනම් පියල් විජේතුංග වැනි අයට වඩා ආසන්න නිර්මාණයක් ලෙසය අපට හැඟුනේ.

වැඩක් නැති මිනිහෙක් කෙටිකතාවත් සමාජ කියවීමකට ඉඩදෙන කෙටිකතාවක් වන අතර, එය ද රස වින්දෙමි. අලි මිදුල, දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා (වට්ටියා, පෙර කි නොනිදන අවදියෙත් හිටියාද ?) , සහ කමතක පිටපත, පෙර කී කෙටිකතා තරමට ම නොවූව ද කියවීමට කුහුල දනවන නිර්මාණයන් ය. කියවීමට කුහුල වැඩුවද "මලවි අරගල" මා එතරම් සිත් ගත් කෙටිකතාවක් නොවූවත්, එම ආරේ කෙටිකතාවක දී පවා "ගෙදර'වට සිතියමේ" සංග්‍රහයේ අපට හමු වුනු "කිරිකජු" කෙටිකතාවට වඩා ස්වාභාවික බවක්, එනම් එවන් මාතෘකා වලදි වඩා සියුම් බවක්  මෙම නිර්මාණයේදී මට පෙනුනි.

මේ වන විට අමරකීර්ති ලියා ඇති කෙටිකතා සංග්‍රහයන්ගෙන් "රළ", "නන්දන උයන", "මම දැන් නිදමි", සහ "විල සහ මල" ඇරුණු කොට අනෙක් සංග්‍රහයන් පහක් කියවා ඇත්තෙමි. ඉහත කී සංග්‍රහයන්ගෙන් "නන්දන උයන" පොත කලක සිට මුද්‍රණයේ නැත. මෙම කෙටිකතා සංග්‍රහය ඔහුගේ ම කියවා ඇති සංග්‍රහයන්ගෙන් "අර මිහිරු සීනු නාදය" ආදී සාර්ථක ම සංග්‍රහයන් සමඟ හරිහරියට තැබිය හැකි නිර්මාණ වලින් සුසැදි කෘතියකි. මා කිය වූ සංග්‍රහයන් හරහා ගමනේදී, අමරකීර්ති ද වඩා පරිපූර්ණ ලේඛකයකු යැයි මට හැඟෙනා ආකාරයට පරිණත වෙමින් සිටින බවක් මා දකිනා සෙයකි (නිදසුනක් ලෙස දැන් පෞද්ගලික ප්‍රහාර නැති තරම්‍ ය) - නැතිනම් මා පෙර සිටියාට වඩා ඉවිසිලිවන්ත කියවන්නෙක් ලෙස පරිණාමය වී ද?


ශ්‍රේණිය: ****
2021 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 8

Tuesday, 21 May 2024

Postcards to Bentham - Vihanga Perera


The axiom in  Jeremy Bentham's philosophy, I learn ( upon trying to make sense of the title) is "it is the greatest happiness of the greatest number that is the measure of right and wrong." From that point of view the short stories - more like vignettes, can be looked upon in two ways. Those that fall onto the happiness, real or supposed of the majority, and that of the narrator, who usually sits outside from the majority. It is from that position that he enjoys, the amazing "Mother" by Pink Floyd

"Mama's gonna make all of your
Nightmares come true
Mama's gonna put all of her fears into you
Mama's gonna keep you right here
Under her wing
She won't let you fly but she might let you sing
Mama will keep baby cosy and warm"

Hence we see vignettes where the majority celebrate May 18th, while the protagonist feel stifled; we see how the colonel's wife once convinced by her lover of her husband's role in the state machinery will go back to him once he's crowned a hero; we can see the subtle disdain that make up the luxuries of every day life - for the 'manipulated intelligent masses'.

Besides these there are few stories which are possibly more closer to the heart, and I too found more attractive - especially 'Sacred Avenues', which could possibly fit in an anthology of best  short stories by a Sri Lankan author - the fact that the gentleman in a gentleman could take a day off when the responsibilities are high, and many things are at stake. 'Teacher of Baffo' too is an interesting short story with an open ending - but where our protagonist ends up disappointment at least in the short term - possibly for ever "with that pupil". Out of the vignette model stories, "Photos of Rebellion" made the most impression to me.

I would've stated that this is a good collection to read outside of your main reading ( talking from a point of view that reading choices need to be careful, given our limited time - and that the best should come in first ), but this is not an easy read more than half the time. I enjoyed it more often than not - not - not, not ? - ok, more than half the time I read it.

Rating: ***
Self Publication (2014)



Sunday, 19 May 2024

ගරු කටානායකතුමනි - උදයසිරි වික්‍රමරත්න

 

ඊයේ දවාලේ ටවර් රඟහලේ දී උදයසිරි වික්‍රමරත්නගේ ගරු කටානායකතුමනි නැරඹුවා. එය නැරඹීමට ප්‍රධාන හේතු දෙකක් තිබුනා. එකක් ඔහුගේ 'සුද්දෙක් ඔබ අමතයි' නරඹා ලැබූ ආශ්වදය. එය නරඹා වසර දහයකට වැඩි ඇති. මට මතක මා නැරඹුවේ මංගල දර්ශනය - ඒ පුංචි තියටර් එකේ. එහි ජයලත් මනෝරත්න, ප්‍රදීප් උඩුවෙල, මාධනී මල්වත්ත  රඟපෑ නිසා එය අපූරු  අත්දැකීමක් උනා. ඊයේ නාට්‍ය බලන්න හේතු වූ අනෙක් කාරණය රුපියල් පන්සියයට ටිකට් මිල කර තිබීම සහ කලකට පසුව සෙනසුරාදා දිනය තරමක නිදහස් එකක් වීම.


නාට්‍ය හාස්‍ය සහ උපහාසය රැගත් නාට්‍යයේ සාර්ථක අවස්ථා බොහෝමයක් තිබුනි. රඟපෑම් සැලකුවහොත් රනිල් ට සහ සිරිසේන රැඟූ නළුවන් අන් අය අබිබවා සුවිශේෂි චරිත ඉදිරිපත් කිරීමක් සිදු කලේය. මහින්ද ගේ චරිතය ද සාර්ථකව ඉදිරිපත් කෙරුණි. අනුර කුමාර ගේ චරිතය මෙහි තිබූ අසාර්ථකම චරිත නිරූපනය බව අපගේ අදහසයි. මෙම චරිත නිරූපනයට වඩා සමස්ත ලෙස නාට්‍ය පිටපත ලෙස සැලකුවහොත්, එය මීට වඩා සැලකිලිමත් ලෙස සිදුවූවා නම් සමස්ත නාට්‍යයේ ම සාර්ථක බව වැඩිකරගැනීමට අවකාශ තිබූ බවකි අපගේ අදහස. එනමුදු තැනින් තැන, වැඩිපුර මුද්දරප්පළම් බනිසක් මෙන්, සුවිශේෂි අවස්ථා දකින්නට ලැබුනි. නිදසුනක් ලෙස, රතන පාර්ලිමේන්තුවට වැඩ, අතන මෙතන වාඩි නොවී, ඉක්මනින් ම සභාවෙන් පිටවෙන්නට දිරිමත් කරලීම මගින් ගැඹුරු අර්ථයක් නිරූපනය විය.

මුහුණුපොතේ දුටුවේ අමරකීර්ති උදයසිරිගේ හරිම බඩු තුනක් නාට්‍යය පසසා තිබූ බවකි. අවස්ථාව ලැබුනොත් එයද නරඹමි ( එය සටහනේ යම් ඡායා මාත්‍රික මතකයක් තිබූ මට, එය මේ නාට්‍ය කෙරෙහි ලියූවක් ලෙස වැරදියට මතකයේ සටහන් වී තිබිනි. එය ද මේ නාට්‍යය නැරඹීමට හේතුවක් වූවාට සැක නැත.)

ශ්‍රේණි ගත කිරීමක් කරන්නේ නම්: **1/2

Sunday, 12 May 2024

The Fear of Gambling - Vihanga Perera

                                                                
     "Our memory is a continuing photo slide. We retain moments and people in snap form - as they engage in some action which, in turn, is fossilized and frozen: deposited in a rack where our memory collects. The earliest memory of someone doing something. But, there is an involuntary expectation in us that we remember and collect, the others, too, would have retained and preserved." (page 300)
This quote captures the gist of this novel, or anti-novel as some critics have labeled it. The novel captures deep etched memories of the narrator from his table tennis playing days (while being very honest about to his playing capabilities), his soft ball cricket playing in the front yard, and of course the fond memories of the girl that he is in love with - for the majority of the novel. While, clearly biographic, there is a spanner in the works with the statement that not all statements and episodes found in this narration are true - and that some are fiction - which leaves us to question whether the statement in question too is fiction. While not an easy read by any stretch of imagination, the narrator comes across as being giving an honest account, and the fact that these reminisces can easily take the reader to his or her own fond memories make the book that much more enjoyable. So much so that the reader would think that he or she could make an sketch of their memory photo slides, if not for their reluctance to share it with the wider world. In that sense this book could possibly be termed as the narrator's coming to terms with his life so far, and burning the corpse of memories that were bound to him, and moving on. The last chapter, titled 'coming home' suggests just that.

Outside of his deep etched memories, both fond and otherwise, contemporary happenings of the period that this book was written in, make the book even more interesting - since these are from the recent past - not older than 17-18 years back. The waging of war to defeat the LTTE, author's stance on the topic of self determination of the non-Sinhala races in Sri Lanka, cricket - of which the author has good memories - an example of which is where Champika Ramanayake sent Hansie Cronje's off stump cart wheeling ( the joke about Ramanayake in my circles was that Ramanayake will bowl one gem of a delivery per tournament ), Rugby, especially politically infused rugby when Navy SC was more equal than others, all figure in here. 

Vihanga's name came up when one of my friends' mentioned that he was looking out for Vihanga's books for his daughter  who is an under-grad at Ja'Pura. Then we got took to talking ( we as in my small reading circle), about Vihanga's work.  Still I was undecided on reading - leave alone buying a book of his. But then a random 4th floor visit to Perasaviya, got me looking at a single copy of FOG - and the back cover blurb - made me give it a try ( plus, if am to follow Vihanga - I wanted to buy something to mark the purchase of my new spectacles, having lost my pair in a 170 or 190 bus). Vihanga has stated in an interview that he's not worried about how many read his stuff. And frankly I might not read much by him ( for he himself has stated that he considers this his best book), but am on the lookout for Music.Death if I can find it.

The above comments by no way means that each sentence of this book is readable. At a guess there is at least 30% of the book that a reader may not be able to connect - but that didn't worry me, for what connected was quite good - plus there is hardly a story here so that the misses don't really matter ( or I read it as such).

If this is your kind of book you'd absolutely love it. But there's only one way to find out - plus I think this book is quite difficult to find.

Rating: ****
First published - 2011 (self publication)