Sunday, 14 May 2023

නිමිති - මංජුල වෙඩිවර්ධන


 "මේ ඇතැම් කවි
  මග සොයා ගන්නට,

 ඔව් ඇතැම් කවි
 අතරමං වෙන්නට"


    මේ නිමිති නම්, කෙටි කවි, ක්ෂුද්‍ර කවි, සාරසංක්ෂිප්ත කවි, හයිකු පන්නයේ කවි  120 කින් සපිරි සංග්‍රහයකි. ඉන් කවි 15ක් පමණ මාගේ සිත් දිනා ගත්තේය - කවි වල කෙටි බව නිසා ම ( හෙවත් මුළු කවිය ම මෙහි මුදාලන්නට වන නිසා)  ඒ මැයන්ගෙන් තොර කවි වල අංක කිහිපයක් පමණක් පළ කරමි -  2, 8, 12, 13, 17, 18, 20, 34, 41, 51, 52, 54, 69, 78, 81, 111, 116 ).

මේ එකම කවිය අද සරලව කියවා ගත හැකියැයි සිතුන ද, හෙට එහි අද නුදුටු ගැඹුරක් දැකීමේ ඉඩක් ඇති බව සිතේ. විටෙක ඒවා කවි (වඩා පරිපූර්ණ කවි)  වලට නිමිතිය. තවත් ඒවා මනසෙහි මැවෙන වඩා පරිපූර්ණ කවි වලට නිමිතිය. නිදසුනක් ලෙස 116 වන කවියේ කටරොල් මල ගැන කවිය ගනිමි. කටරොල් මලේ හැඩය (එහි උද්භිත නාමය බලන්න), එහි අවකාශයේ සැනසීම ගැන අඟවයි. එය මෙහි ඉතා සාර්ථක කවියකැයි හඟිමි.

ඉතින් මේ කවි ගැන බොහෝ දේ කීමට නොහැක. කිමද මේ අවස්ථාව වන විට, අර පෙර සඳහන් කල අංක වලින් බාහිර ඒවා වල සමහරක මතුපිට අර්ථ රසය සරලය, නැතිනම් සුලභය; සමහරක් වා කවි ම ද නොවේ යැයි හැඟේ. ලක්ෂාන්තගේ "හිතග්ගිස්සේ නැකත් මොට්ටු" කියෙව්වාට පසු, කියවූ කිය වූ කෙටි කවි පොත මෙය විය යුතුය ( එය මා බොහෝ රස වින්දෙමි - දෙතුන් වතාවක් කියවීමි). නන්දන/රණවීර දෙපළ ගේ කෙටි කවි පොතක් මා සතු වුවද තවම එය බැලිමට අවස්ථාවක් නොවීය.

මංජුල ඔහුගේ වඩා දීර්ඝ කවි වල වදන සමඟ කෙළිදෙලන් පදබැඳ ඇත්තේ, විටෙක ශබ්ද රසයම මුලට ගෙන යැයි වරෙක පාඨකයාට සිතෙන්නට අවකාශ ඇත. අනෙක් ඔහු ගේ සුලභ ලක්ෂණය තනිකම, විප්‍රවාසි කම, ශීතල, අළු පැහැය, ශිශිරය හා අතරමං වන කවි පබැඳුමයි. මෙම දෙවෙනි ආකාර කවි මෙහි දුලභ නොවුනත්, කවි ආකාර නිසාම පළමුවැන්න තරමක් දුලභය.

හැකිනම් පිටපතක් ලඟ තබාගෙන, සුදුසු අවස්තාවන් හි අහඹු ලෙස පෙරලා කියවා ගත හැකි සහ, ලකුණු කොට නැවත නැවතත් කවි සිතුවිලි වලට යා හැකි ආකාරයේ කවි එකතුවකි.

ශ්‍රේණිය: ***
ප්‍රකාශනය: විදර්ශන (2020)

Tuesday, 9 May 2023

දිගු තත්පර - කිර්ති වැලිසරගේ

 

කතුවරයගේ දසවෙනි කෙටිකතා සංග්‍රහය කියවූයේ, 2020 වසරේ ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීමේ ව්‍යායාමයේ සවැනි අදියර ලෙස්නි. ඉතින් එම කෙටිකතා ගැන අප අදහස් සැකෙවින් මෙසේය.


වර්තමානයේ, සැලකිය යුතු වෘත්තිකයන් කොටසකට තමන් කෙරෙන රැකියාවේ සැබෑ අරමුණ නොපෙනෙයි; නැතිනම් නොවැටහෙයි. මෙසේ "නොපෙනීම/නොවැටහීම" යම් ස්ථර වල ක්‍රියාත්මක වන්නක් බව පැහැදිලිය - කිමද සේවකයෙකුට සියළු සේව්‍ය ආභිලාෂ ප්‍රකාශ කිරීමේ උවමනාවක් නැති හෙයිනි. මෙහි එන පළමු කෙටිකතාවෙන් මුදලකට බැඳීම හේතුවෙන්, පෞද්ගලික ජීවිතය අහිමි වීම පමණක් නොව, වර්තමානයේ ලෝක දේශපාලන පොරපිටියේ බලපෑම් ("කහ එළිය")  ගැන ද විග්‍රහයක් කෙරෙයි. අධික වැඩ හේතුවෙන් සහ එය ගෙනෙන පීඩනයන් හේතුවෙන්, පෞද්ගලික සබඳතාවන්ගේ සෝදාපාළුව, ලිංගික ජීවිතයේ කඩා වැටීම දක්වා මෙම "රැකියාවේ" බලපෑම විහිදෙන ආකාරය සාර්ථක ලෙස කතුවරයා පෙන්වනුයේ, අයෙකුට කෆ්කා ගේ නිර්මාණ මතක් කෙරෙනු ඇත.

මෙම කෙටි කතා සංග්‍රහයේ එන එක් ප්‍රධාන ලක්ෂණයක් නම් විවෘත ලෙස බොහෝ නිර්මාණ අවසන් වීමය. මෙහි එන "වීදුරු බිඳුණු ඇස්" හි එන තරුණිය හා තරුණයා අතර බැඳීමක් ඇතිවන්නේ, තරුණිය ගේ පැත්තෙන් යම් ඉතිහාසයක් සැඟව පවතිද්දී බව පැහැදිලිය. එහෙත් තරුණ වියේ ඇති වන ආකර්ෂණයේ හැටියට, එම රහස් ගැන වදවීමට මෙහි එන තරුණයාට ඇවැසි නැත.

තරමක වෙනස් කාමාසාවක් ඉඟි කරනා "ක්‍රිස්ටෝපර් හා විනෝගේ කතාව" මෙහි එන රසවත් කෙටිකතාවකි. පිඹුරෙකු මගින් යම් සන්තෘප්තියකට එන කත, පුරුෂයාට ලබා දෙන්නේ දෙවෙනි තැනය. වර්තමානයේ දික්කසාදය සුලභ වීම පමණක් නොව, එය සාමාන්‍ය ජීවිතයේ කොටසක් වන අයුරෙන් කතුවරයා තම නිර්මාණයට එම විස්තර එකතු කොට ඇත. මෙහි එන නීතිය හා බැඳි කොටස ද වැදගත් ය. පිඹුරෙකු ඇති කිරීමේ නෛතික තත්ත්වය අපැහැදිලිමුත්, ලංකාවේ සත්ව විද්‍යාව හා බැඳි ආයතන එසේ ඇති කරන අය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට පවා සූදානම් අතර, යම් දිනෙක ගැටළුකාරී තත්වයක් පැමිණි කල, එම ආයතන "අත සෝදා ගැනීමේ" පිළිවෙතකට නැඹුරු වුවහොත් අප පුදුම විය යුතු නැත - කිමද එවිට පෙර නොසලකා හැරි නීතිය ම පෙරට අනු ඇති. බොහෝ දියුණු රටවල, පැහැදිලි නීති ප්‍රකාරව මෙලෙස ඇති කිරීම් හෝ ඊට අනුබල නොදීම්, හෝ ඇවැසි නම් සුදුසුකම් පෙන්වා ඊට අවසර ලබාගනු ඇත.

ගුප්ත බව මෙම කෙටිකතා සංග්‍රහයේ බොහෝ නිර්මාණ වල ලක්ෂණයකි. ඉනුත් මෙහි එන "හෝටන්" නම් කෙටිකතාවේ ඒ ලක්ෂණයෙන් ඉදිරියෙන්ම ය. අවතාරයක් අප ප්‍රධාන කථකයා ඉදිරියේ පෙනී සිටීම, ඔහු කිසිවිටෙකත් තමනට ලැබුණු පසුම්බියේ රහස සෙවීමට උත්සක නොවීම - ඉන් ඔහු ගේ චරිතය ගැන ද, එහි ඇති වගකීම් විරහිත ගතිය ගැන ද බොහෝ දේ කියයි - තුලින් කෙටිකතාවේ කුහුල මතින් පාඨකයා ඉදිරියට ගෙන ගියද, අපට අවසානයන් කිහිපයක් ගැන සිතා ගත හැක. සචිනි ට ලැබුනේ තම පසුම්බිය පමණක් ද ?

තනි වූ වයෝවෘද්ධයකුගේ සිතුවිලි අතර අතරමං වෙන "දිගු තත්පර", කාලය ගලා යෑමේ මන්දගාමී බවත්, විදෙස් රටක වෙසෙන තම පුතුගේ පවුල ගැන සිතීමත් අතර දෝලනය වීමකි. කෙටිකතාවේ සිද්ධිමාලාව හි නැවුම්බවක් නොතිබීමට පුලුවන - එහෙත් කතුවරයා මෙම නිර්මාණය පාඨක සිත ද සංවේදී කිරීමට සමත් ආරකින් එය ලියා ඇත.

කෙටිකතා සංග්‍රහයේ දෙවෙනි අර්ධය පළමු කොටස තරම්ම සාර්ථක නැත. "අවුලක් නෑ" නම් වූ කෙටිකතාවෙන් ඇඟවෙන්නේ සිරිපති මුදලාලි තම වියදම් අවම කර ගැනීම උදෙසා යම් යම් දේ කිරීමට නොපැකිලෙන බවකි. ඉන් අන් අයට ඇතිවෙන ගැහැට ගැන වගක් ඔහුට නැත. මෙය ලංකාවේ සුලභ ලක්ෂනයක් මුත්, එය කෙටිකතාව විශේෂත්වයකට පත් කරන්නේ ද යන සැක සහිතය.

"මම ගෙදර ගිහිල්ලම" කෙටිකතාව පොලිස් ප්‍රශ්ණ කිරීමකට පිලිතුරු බව පැහැදිලිය. ඒ අනුව ඒ ආකෘති භාවිතාවේ නැවුම් බවක් ඇත. පිලිතුරු සපයන තරුණයා ගේ කම්පණය ද කෙටිකතාව තුලින් අපූරුවට ග්‍රහණය කොට ගෙන ඇත. එම පොලිස් ප්‍රශ්ණ කිරීම ට පමණක් සීමා වීම මගින් සහ හිඩැස් පාඨකයා හිසෙහි පිරවීම තුලින් යම් අපූරු නිර්මාණකරනයක් ඇති වේ.

හෙමිංවේ ගේ vignette ආරේ කෙටිකතා කිහිපයක් ම මෙහි ඇත. පෙර කී "මම ගෙදර ගිහිල්ලම", "යෑමට පෙර", "මතක" මෙආකාර නිර්මාණයෝය. මින් "යෑමට පෙර" නිර්මාණයේ රසය ඇත්තේ අතීතය ආවර්ජනයේය. අලුත් තුවායේ සිද්ධිය අපූරු අතුරු කතවකි.

පාසැල කාලයේ මතක ආවර්ජනයක් වූ "මතක" ද හෙමිංවේ ගේ ලුහුඬු කතා ශෛලියක් මතකයට නංවන ආරේ අපූරු කතා පොඩ්ඩකි. එහි පොඩි උන් තමන්ගේ තර්ක අනුව කතා තනා ගැනීමේ ශෛලිය සිත්ගන්නා සුළුය.

තවත් රියලිටි ස්ටාර් කතාවකි "ග්‍රෑන්ඩ් ෆිනාලේ" සුරත් ගේ සී+ ආරේ එම මාතෘකාව ගැන පොත් කෙරෙහි එතරම් පැහැදීමක් නැත - කෙසේ වෙතත් සූසැන් බොයිල' ආකාර සුවිශේෂ අවස්ථාවක් නැතිනම් Talent Shows ගැන මා සතුව එතරම් කැමැත්තක් ද නැත. මෙහි එන කෙටිකතාව ද, ළමුන් මුදල් හම්බකිරීම යන කාරණාවට භාවිත වන ආකාරය ගැන විස්තර වන කෙටිකතාවකි. එහි එතරම් අපූරත්වයක් මා දුටුවේ නැත.

මීට මාස කිහිපයකට පෙර, ලේඛකයාගේ පළමු කෙටිකතා සංග්‍රහය වූ "ගස් කට්ටිය" ඉතා උනන්දුවෙන් කියවුවෙමි. එය රස ගුලාවක් විය. ඉන් අනතුරුව ප්‍රකාශ වූ කෙටි කතා නමයෙන් හතක් අමාරුවෙන් සොයා ගත්තද අදටත් කළු කහවණු සහ දඬු ලේනා වෙළඳපොලේ නැත. 2020 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවා අවසන් කරලීමේ උවමනාවෙන් ගස් කට්ටියෙන්, දිගු තත්පර වලට පැන්න ද ඒ අතර මග පොත් කියවීමට බලාපොරොත්තු වෙමි. ඉතා සාර්ථක නවකතාකරුවෙකු වන ලේඛකයාගේ, අපුරු කෙටිකතා ද අර පොත් අට තුල ඇතැයි මට විශ්වාසය. එම සංග්‍රහයන් අතර දිගු තත්පර වලට වඩා සාර්ථක සංග්‍රහයන් ද ඇති බව විශ්වාස කරමි.

ශ්‍රේණිය: ***
2020 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 6


Monday, 8 May 2023

2020 වසරේ ප්‍රකාශිත, මා කියවූ කෙටි කතා

2020 වසරේ ප්‍රකාශිත කෙටිකතා සංග්‍රහයන් අතරින් කියවිමට සයක් තෝරා ගතිමි. 2019 වසරේ තරමක් ආධුනික ලේඛක-ලේඛිකාවන්ගේ පොත් කියවිමට තෝරාගත්ත ද, (එම වසරේ ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් 11ක් කියවීමි ), එවන් පුළුල් නිර්දේශයන් ගොන්නක් ගැන හෝ, ඒ ඒ පොත ගැන මුහුණ පොතේ කතා කිරීම් හෝ අඩු වූ වසරකි.


ඉදින් 2020 වසරේ කියවීමට තෝරා ගෙන සිටියේ ද මීට පෙර බොහෝ කෙටිකතා ලියූ ලේඛකයන් හය දෙනෙක් ගේ නිර්මාණය. එම සියළු කෘති, රාජ්‍ය, ගොඩගේ, රජත, විදුදය, යන සියළු සම්මාන වල වාගේ නිර්දේශ වූ සහ, සම්මාන දිනූ ඒවාය. ඉන් ද තරමක් හෝ වෙනසකට ඇත්තේ, මීට කලින් සම්මානයෙන් පිදුම් ලත් ලේඛකයෙක්  මුත්, සාපේක්ෂව ඊට සුදුසු ඇගයීම නොලැබුනා යැයි සිතෙන ප්‍රභාත් ජයසිංහගේ "රස පොළොව" පිළිබඳවය. 2020 වසරේ මගේ ප්‍රියතම කෙටි කතා සංග්‍රහය යැයි සිතමි. ඊට හොඳ තරඟයක් බටුවන්ගල රාහුල හිමියන්ගේ අලුත් නගරාධිපති සංග්‍රහයත්, එරික් ඉලයප්ආරච්චිගේ කොළඹ දැනුම සග්‍රහයත් දුන්නේ යැයි සිතමි. ලියනගේ අමරකීර්තිගේ "ගෙදර'වට සිතියම්" පොත ඉතා සාර්ථක, රසවත් කෙටි කතා සංග්‍රහයකි. කපිල කුමාර කාලිංග ගේ නිරෝධායන චාරිකාව කෙටිකතා සංග්‍රහයේ ද සාර්ථක කෙටිකතා සංඛ්‍යාව, සාමාන්‍යය යැයි හැඟුණු ඒවාට වැඩිය. කිර්ති වැලිසරගේ ගේ "දිගු තත්පර" සාර්ථක කෙටිකතා තුනකින් ඇරඹුන ද, එම බලාපොරොත්තුව පසුව ආ කෙටිකතාවන් එලෙසම පවත්වාගෙන ගියේ නැත.

 

ඒ ඒ පොත පිළිබඳ මගේ සාමාන්‍ය පාඨක අදහස් මෙසේය:
රස පොළොව: https://me-and-err.blogspot.com/2023/04/pjayasinghe-2020.html
අලුත් නගරාධිපති: https://me-and-err.blogspot.com/2022/01/brahula-2020.html
කොළඹ දැනුම: https://me-and-err.blogspot.com/2023/03/eric-ss-2020.html
ගෙදර'වට සිතියම: https://me-and-err.blogspot.com/2021/05/amarakeerthi-2020.html
නිරෝධායන චාරිකාව: https://me-and-err.blogspot.com/2022/07/kkkalinga2020.html
දිගු තත්පර: https://me-and-err.blogspot.com/2023/05/kweisarage-2020.html

23/10/2023: ඉහත සටහනෙන් පසුව තවත් කෙටිකතා සංග්‍රහයන් දෙකක් කියවන්නට විමි. ඒ අනුව අලුත් ම වර්ගකිරීම පහත පරිදිය.































Sunday, 7 May 2023

Coming Through Slaughter - Michael Ondaatje

In a year, where I've had to revise, and re-revise my reading plans, I finally decided that reading all of longer fictional work of one my favourite authors - which means rereading at least two of his books - will be part of the plan. And that's how I came to be reading Michael Ondaatje's first novel - a very ambitious one at that - "Coming Through Slaughter". It is a fictional account of one of the pioneers of jazz - then called ragtime - Charles "Buddy" Bolden, from a period near the start of his fall, till his sad end.


I learn that there is not a single known recording of this early cornetist. At least one musician has called him the father of Jazz. I read of the fast life he read, and his excesses, and details of the times he lived in - and the area he lived in. There are details in this novel - that of him being a barber, and having being the editor of a scandalous rag sheet called "The Cricket", which has been refuted by subsequent biographers of Bolden. So in a way, Ondaatje will always find some criticism against him for this book, for making Bolden out to be something he was not in, in some accounts at least. But it cannot be denied that, Ondaatje, aged 31 at the time of this book being published back in 1976, took on a huge ask writing a first novel, on pioneering figure, of whom little was known back then. Those who will look for accuracy in a historical account will find the artistic liberties that Ondaatje took. For example, another historical figure, Bellocq, who is mentioned as a contemporary of Bolden, but dying in a fire, just before Bolden had his mental issues, has actually lived on till 1949. So in that essence, opinions on this book will always be divided, and a true jazz enthusiast mayn't look upon kindly towards this novel.

But purely from the perspective of a novel, this novel has its own keys that needs to be used to read it. The narrator changes every few paragraphs - it reminded me of a video clip of Coltrane enjoying a cigarette, waiting for his turn, while Davis "tells his story" (with is instrument, of course). So, while it takes on a collage like form, it can also be thought of as a jazz tune where many instrumentalists have "their tale to tell". The form of the book shows the poet in Ondaatje, as he uses spaces to stretch out his somewhat slim novel - this comes out better in the printed book than in a kindle ( for no fault in its edit). ( I used both the printed book, and the kindle - starting with the former, and then settling with the latter as I relax into the book ). It paints a realistic environment of the times that Billy, Nora, Pickett, Cornish et. al. The account of the mental hospital here is possibly accurate given the availability of records, and possibly Bolden's mental state was a blessing in disguise if he was to spend time there.

Finally, Charlie Parker and John Coltrane after him, Buddy Bolden appears to have been a genius, a pioneer, who knew only one way to live, and possibly those excesses might even have given these geniuses something we average folks may never know of, in their pioneering ways ( if I may  venture, to say).

Rating: ***1/2
Published: ( first in 1976)

Saturday, 29 April 2023

මඩරන් - සේන තෝරදෙනිය

 මීට පෙර කතුවරයාගේ "සදත් විල මහා සුභද්‍රාවෝ", "බණ්ඩර මැරූ උන්", "යාරා යාත්‍රිකා", සහ "හඳුන්මල් කඩුල්ල" යන නවකතා සතර කියවා ඇත්තෙමි. මින් බණ්ඩර මැරූ උන් සහ සදත් විල මහා සුභද්‍රාවෝ සුවිශේෂි නවකතා වන අතර, හඳුන්මල් කඩුල්ල නවකතාවෙ ද රසවත්, නිර්මාණාත්මක කොටස් බොහෝය. එහෙත්, කතුවරයා විටෙක තමන් ගේ අභිරුචිය දිනා ගන්නා විෂයන් කෙරෙහි දීර්ඝ ලෙස ප්‍රස්තූතයෙන් පිට ගොස් සාක්ච්ඡා කිරීමට පෙළඹෙයි. මෙය බෙහෙවින් දුටුවේ යාරා යාත්‍රිකා වල දී ය. එහි දීර්ඝ ලෙස දුම්රිය මාර්ග හා මහා මාර්ග විස්තර කරන්නේ කියවන්නිය වෙහෙසට පත් කරමිනි. ඊට වඩා අඩු මට්ටමකින් වුව, හඳුන්මල් කඩුල්ලේ ද මෙම ලක්ෂණය ඇත - නැතිනම් එහි රසවත් සහ සාර්ථක නවකතාවක් වීමේ විභවයක් අන්තර්ගතය. මඩරන් නවකතාව සැලකුවහොත්, එය මාතෘකාවෙන් පිට ගොස්  යම් විෂයක් දීර්ඝ ලෙස සාකච්ඡා කරතැයි කිව නොහැක - ඒ, නවකතාවේ මුඛ්‍ය තේමාව ම මඩබදු, වී බදු, නොහොත් මඩරන් ම ය. කතුවරයා මඩ බදු ඔස්සේ, බ්‍රිතාන්‍යයන් උඩරට ජනතාව මහත් අසරණත්වයට පත් කල ආකාරයත්, ඊට පෙරත්, මඩබදු නිසාම උඩරට ජනතාවගේ ඉඩම් අහිමි වීම් ගැනත් දීර්ඝ ලෙස සාක්ච්ඡා කොට ඇත. කතුවරයා මේ පිළිබඳ පුළුල් හැදෑරීමක යෙදී ඇති බව පැහැදිලිය - ඇත්තෙන්ම මේ සිදු කොට  ඇති සුවිශේෂි ගවේෂණය, විෂයීක කෘතියක් ලෙස ප්‍රකාශ කිරීමට තරම් යැයි සිතේ. කිමද, මේ විෂය ගැන සාකච්ඡාවට යොදා ඇති වෑයම නවකතාවේ ප්‍රගමනයට බාධාවකි. එය පාඨකයා වෙහෙසට පත් කරයි. නවකතාවක් ලෙස මෙම කෘතියේ සමස්තයට අවැඩක් කරයි. තෝරදෙනිය තරම්, වෙසෙසින් දුම්බර පැති ගැනත්, එම ජීවිතය ගැනත් අපූරුවට ලිවීමට සමතෙක් තවත් නැත. කතුවරයා නවකතාව යන කලා කෘතිය තුල වෙසෙනා කල, අප රට වෙසෙනා විශිෂ්ඨතම නවකතාකරුවන් අතර සිටීම ඔහුට කිසිදු අභියෝගයක් නොවේ. එහෙත්, පෙර නිර්මාණ කිහිපයක් ගෙන පෙන්වු ආකාරයෙන්, සහ මෙහි මඩ බදු ගැන එන දීර්ඝ විස්තරය නිදසුනට ගෙන ඇති ආකරයෙන් ද, කතුවරයා තම නිර්මාණයේ එන විෂයීක පරිපූණත්වය කෙරෙහි වසඟ වන්නේ, ඔහු සිටිනුයේ නවකතාව නම් වූ පදනමේය යන්න අමතක කරමිනි. සමාජ දේශපාලන කාරණා වලට සේවය කෙරෙන නවකතා නැත්තේ නොවේ. පී.බී. ජයසේකර ගෙ "ඉක්බිති ඔහු මරාපීහ" ( විෂය: බණ්ඩාරනායක ඝාතනය හා බැඳි සිදුවීම්) , සහ සුමිත්‍රා රාහුබද්ධගේ "තම්මැන්නා" ( විෂය: එන්.එම්. පෙරේරා ප්‍රමුඛ නිදහසට ආසන්න යුගයේ සිට '77 දක්වා වමේ දේශපාලනය)  මතකයට නැගේ. මට තෝරදෙනිය ගේ මේ පොත ද නවකතා හා යම් සමානතාවකින් දැක්විය හැකිමුත්, මඩරන් මෙම නවකතා වලට වඩා කියවීම තරමක් අපහසුය.


මඩරන් නවකතාව ඇරඹෙන්නේ එල්.ටී.ටී.ඊය පරාජයෙන් පසු අන්තරජාතික දේශපාලන පීඩනයන් යොමු කිරීමට අවස්ථාවක් වෙතැයි අහඹු ලෙස හමුවන මිනිකටු කිහිපයක්, සමූහ මිනීවලක් යැයි වැරදි කියවීමක් ඔස්සේය. මේ උක්ත කාලයේ මන්නාරමෙන් සොයා ගත් සංකිලි යුගයේ මිනී ඇටකටු, බෙදුම්වාදී යුද්ධය හා බැඳි යැයි  වැරදි නිගමනයකට ඒමේ සිද්ධිය වාර්තා විය. කතුවරයා "සමහර ජාත්‍යන්තර සංවිධාන වල හදිසිය" සමච්ච්ලයට ලක් කරමින්, මේ දුම්බර ගම් පෙදෙසෙකින් සොයා ගත් මිනී ඇට කටුවල සම්භවය ගැන සාක්ච්ඡාවට ගනී. ඒ අතින් නවකතාවකට විෂයක් ලෙස මෙහි යම් නැවුම් ගතියක් ඇත. කතුවරයා ඊට අදාළ හැදෑරීම හා ගවේෂණයන් ද පූර්ණ ලෙස ඉටු කොට ඇත. දොසක් ලෙස මා දකිනුයේ, එම විෂය ගැන දීර්ඝ සාකච්ඡාවක්, ගැමියන්ගේ දෙබස් මාර්ගයෙන් හා, මෙහි එන එකම ප්‍රධාන චරිතය වන මළිඳා මාර්ගයෙන්, නවකතාව යන ප්‍රස්තූතයට දැරිය නොහැකි තරමින් සාකච්ඡා කොට තිබීමයි. ල මර්සියර් නම් නුවර එළියේ සිටි උප ඒජන්තවරයෙකු, මඩ බදු අඅ කිරීම නිසා යැපුම් කිකරමයක් පමණක් වූ වී ගොවිතැනේ නිරත වූවන් අන්ත අසරණතාවට පත්ව, පාරට බස්සා, සාගතයෙන් මියැදෙන තැනට බිරිතාන අණ්ඩුව ක්‍රියා කොට ඇති ආකාරය ගැන සිය වෘත්තීය ජ්‍යේෂ්ඨයන් හා සමයන් අතර ඇති වූ වාද විවාද කොටස මෙම නවකතාවේ එන රසවත් කොටසකි. තෝරදෙනිය අන් තැන් වල මෙම මාතෘකාව ගැනත් , ල මර්සියර් ගැනත් තවම සාකච්ඡාවේ යෙදේ (1). මෙම ලිපියෙන් ඇඟවෙන පරිදි දුම්බර පෙදෙස් වල ඉතිහාසය ගැන විෂයීක කෘතියක් ද තෝරදෙනිය අතින් පළ වෙන බවකි අපගේ වැටහීම.

අයෙකුට, නවකතාව එසේ විය යුතු නැත ය, සහ මෙසේ ද විය හැකි යැයි කියමින් මා හා එකඟ නොවිය හැක - එසේ එකඟ නොවීමට පූර්ණ අයිතිය ද ඇත. එහෙත්, වසරේ හොඳම නවකතාවට හිමි ගොඩගේ සම්මානයද දිනූ මෙම කෘතියේ නවකතාමය ස්වරූපය ය මට වැදගත් ය - එම නිසා ය මට මෙම කෘතිය එම සම්මානය දිනා ගැනීම ගැන එතරම් පැහැදීමක් නැත්තේ. නවකතාවේ රාමුව තුල සිටිමින්, වඩා පරීශ්‍රමයෙන් කතුවරයාට තම පණිවුඩය ඒත්තු ගන්වන්නට ඉඩ තුබූ බවකි, මගේ විශ්වාසය. නැතිනම්, කතුවරයා උක්ත විෂය ගැන බොහෝ දේ කීමට ඇත්තේ නම්, එය විෂයීක කෘතියක් ලෙස පළ කිරීමේ පූර්ණ හැකියාවක් කතුවරයා සතු බව මට විෂ්වාසය.එහෙත් මේ ස්වරූපයෙන් අපට හමුවන්නේ, ඔහුගේ සමාජ දේශපාලනයෙන් ගවේෂණයන්ගෙන්, නවකතා සැකිල්ල ට යම් හානියක් සිදු වූ, පාඨකයා වෙහෙසට පත්වෙන ආරේ නිර්මාණයකි.

ශ්‍රේණිය: ***
වසරේ හොඳම නවකතාවට හිමි ගොඩගේ සම්මානය (2020)
2020 වසරේ ප්‍රකාශ වූ තෝරාගත් නවකතා කියවීම - 9

1 https://www.lankaweb.com/news/items/2023/03/12/of-british-colonial-administrators-with-special-reference-to-c-j-r-le-mesurier-assistant-government-agent-of-nuwara-eliya-district-and-british-planters-in-the-central-province-of-ceylon-in-1870-189/?fbclid=IwAR2BXcNOj0hzPZU4ulaGHNiuAtLnaNVQDKbq63oYkHFgCTZm4mq0c8W2gms

Tuesday, 18 April 2023

None of this would have happened if Prince were alive - Carolyn Prusa

 Okay - the single reason I decided to read this was its title. My fellow book worm friends, more conversant on such sub-genres as Rom-Coms and Mom-Coms, had a field day when I made the announcement that I was reading this, for I admittedly can't name a single Rom-Com I've read to date. So what ? There is always a first time to everything, and if there was a reason to do so, the name of the  one artiste who had made the most impact on your musical tastes should suffice - clearly. So read it I did.

The book: its a decent enough book as the 38 year old Ramona, stumbles on in life, with a boss who breathes down her neck, the danger of a hurricane that was probably the biggest since she came to live in Savannah, Georgia with her husband, ehh, her husband - her latest challenge, undecided on how to proceed with her marriage, although clearly the two love each other much, an obstinate mother, and two kids aged seven and three - not enough on her hands ? Throw in Bailey, the helpful neighborhood kid who's neglected by his own. I found it a page turner most of the way, and in its own right was entertaining enough as a read. Only I wouldn't have read this mix, if not for the title.

But Prince helped. Here's how. There are 62 references to him by name ( plus, a few merely by his songs - I would die 4U ), almost once in every six pages! And it's not always a passing reference to the late great.

"I idled at the counter. I didn't know then you can feel heartbreak over losing someone you don't really know. Someone you've never seen. Not even from the nosebleed seats.
I guess you can. I wasn't the only one. Though we'd been  passing ships just two minutes ago, now the woman across from me and I locked eyes across the counter.
It seems too early for Jesus to be calling him home, but he must have.
Way too early, I heard my voice say, and break, just a little."

[ Digression on Prince On that fateful day, 21st April, 2016, I, who is yet to set foot in the US of A, sat glued to my sofa for over two hours, unable to come to terms with  the news of his death -  being broken to me by a book worm friend - who I was just getting know at the time - ( and since then come to identify as a friend with most of the common hobby oriented ailments - compulsive book buying, never diminishing TBR lists etc., claiming to put a complete stop to book buying, every 3 months or so). I have stated elsewhere, Prince has locked my attention from the first day I saw him - in an American Music Awards ceremony, when he swept most of the awards, came on stage with 'Big Chick' Hunstbury, eye patch and all , with Wendy and Lisa speaking more than Prince himself - his words being limited to a single word of "thanks" at times. Prince wasn't popular on mainstream state owned radio channels back then in Sri Lanka, and I had to wait till a like minded friend gave a cassette of "Purple Rain", and a best of, of his. From that day on wards, my tendency to listen to the top 20 stuff declined rapidly. It was clear that here was someone who was bursting with confidence, sure about what he does, sure about his uncontested position on the scheme of things, coupled with a subtle privacy with a tinge of arrogance at times ( a trait which went away somewhere in the mid 90s or so, I guess.) I found no one else made music sound so involved, vibrant, and bold. From party anthems like "Baby, I'm a star", to dark sensual jammers like "computer blue", to sex crazy (yet) perfect pop songs  "head" and "dirty mind" - See, I've not even mentioned the early obvious hits like the series of hits from Purple Rain, 1999, Around the world in a day, or Parade. Parts of an interview given by George Michael I found once on YouTube lingers on in my head - a quote found from it, in the internet goes, that he wants to be remembered “as a great singer songwriter… from a period of time we won’t be seeing again, like Prince or Madonna… As one of the last big stars in the sense that there was a certain glamour to it. And someone who had some kind of integrity." ( Michael Jackson's name too was mentioned, coupled with the above two, as one of music's last superstars). But for me,  unlike with the case of Madonna, or Jackson, Prince's music opened the doors  to go beyond a safety to more adventurous stuff. Am sure that I mayn't have been able to play some of his albums in full when I was in my early teens, as they would've included such songs as the nothing left to imagine "do me, baby", or the kinky "If I was your girlfriend" - and he had so much clout even in the 90s, as to bring in a song titled "Sexy MF" inside the UK top 5. For me, it was just a matter of time till the whole discography was checked out, as music became more readily available with time.  I guess it was that daring, to sing about what he wanted to, and sing it with an arrangement of music like no other, that made him so special. Later I realised that he "wrote, produced, arranged, and performed" all parts of his records by himself - but by that time he was already a giant ( beyond MJ, and Madonna, for me).]

To the book and Prince -

"On my mug Prince smolders at me, the volume of his hair competing with the frills of his lace shirt. In the midst of my heartbreak and cheap wine buzz, I still feel the pain of Prince's death.
'How could you leave us?' I ask him. 'I need you.'
Prince doesn't answer. He doesn't know what it feels like to be left to be left in a world that used to have a tiny guitar-wielding deity shrouded in lush fabrics emanating freedom, sexuality, vulnerability, and funkiness and now it doesn't.
But we do. And things have gotten pretty shitty since Prince died. I mean, they really suck now. Not just in my own disastrous existence but also out there in the world. I'm starting  to feel confident there is a connection between these two things."

Prince made life sparkly; this is Ramona's point, and all of a sudden she realises that she has been going through the mere motions in life, without her happiness being  the main objective. Maybe it is the absence of Prince, coupled with the other challenges that makes her realise that she's missing the most important thing about life. It works on her, to tell her boss about how she feels about her job, and the way he treats her, and the lack of faith in her. It is that which makes her realise  how she should go ahead with her marriage. And it is Prince who tells how to ride the storm - literally. What would Prince's reaction have been?  Did he cancel the super bowl show because of the storm, or did he ride the storm ?

Rating: ***
Genre :  Humorous Fiction (2023)


 



Sunday, 16 April 2023

රස පොළොව - ප්‍රභාත් ජයසිංහ


ප්‍රභාත් ජයසිංහ ගේ රස පොළොව කෙටිකතා සංග්‍රහය කියවීමට පටන්ගත්තේ, 2020 ප්‍රකාශ වූ කියවීමට මා තෝරාගත් නවකතා හා කෙටිකතා සංග්‍රහයන් ටික දැන්වත් කියවා හමාර කරගත යුතුයැයි සිතමිනි. මීට වසර කිහිපයකට පෙර, ඒ ඒ වසරේ නවකතා - කෙටිකතා පමණක් නොව කාව්‍ය සංග්‍රහයන් ද යුහුසුළුව කිය වූ මුත්, දැන් පවතින වෘත්තීමය බැඳීම් ද, සිංහල ප්‍රබන්ධ නොවන කෘති කියවීමේ වැඩි උවමනාවත්, ආදි හේතුන් නිසා දැන් මා එම කටයුත්තෙන් තරමක් පසුපසිනි. ඇරත් මම 2020 ප්‍රකාශිත කෙටිකතා තෝරාගෙන තියෙන්නේද හයක් පමණි -එය ඊට පෙර වසරේ කියවූ එකොළහට පමණක් නොව, ඊට පෙර වසර දෙක තුනේ කියවූ සංග්‍රහයන් හත-අට ද අඩු ගණනකි.  එහෙත් මෙය මං ම බාරගත් කියවීමේ වගකීමක් නිසාත්, අනෙක් අය ඒ ගැන තඹ දොයිතුවක වැදගම්මක් නැති නිසාත් "ඔය පුළුවන් විදිහට පස්සේ කියවනවා" ආකාරයට මද වේගයෙන් කියවාගෙන යමි.

රස පොළොවේ කෙටිකතා දහයකි - ඉන් තුනක් මීට පෙර පළ වූ කතුවරයාගේ අන් කෙටිකතා සංග්‍රහයන් වල පළ වූ ඒවාය. ඒත් අලුත් කෙටිකතා හතක් ම තිබෙන නිසා මෙය නවතම කෙටිකතා සංග්‍රහයක් ලෙස සැලකීමේ වරදක් නැත. ඇරත් මෙහි එන ආලෝක යක්ෂයා, සිරිනාල් කට්ටඩියා, රේවත් ආදී චරිත කෙටිකතා දහය පුරාම සිටිනා නිසා, මෙය අතකින් නවකතාවක යම් ස්වරූප රැගත් කෙටිකතා සංග්‍රහයකි. මගේ සීමිත කියවීම් වලට මේ ගණයේ කෙටිකතා සංග්‍රහයක් ලෙස හමු වූයේ නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී, ඇලිස් මන්‍රෝ ගේ Beggar Maid: Stories of Flo and Rose(1) නම් වූ කෘතියයි. එහි එන කෙටිකතා දහයේම අපට ෆ්ලො සහ රෝස් නම් චරිත දෙක ආශ්‍රිත ව, ඔවුන්ගේ ජීවිත වල විවිධ අවදි ඔස්සේ කෙටිකතා දහය නිර්මාණ වී ඇත.

"උත්පත්ති කතාව" නම් පළමු කෙටිකතාවේ අපට අලෝක් නම් යකාව සිරිනාල් කට්ටඩියා බැඳගැනීමත්, ඒ ඔස්සේ යමෙකු යම් ක්‍රමයකට නතු වූවාට පසු ඉන් ගැලවීමේ ක්‍රමයක් නැති තරම් බවත් ඒත්තු ගන්වයි. අප ද රටක් ලෙස 1977 දී විවෘත ආර්ථිකය නම් වූ "යකෙකු" බැඳ ගත්තේ එවන් අර්ථක්‍රමයක් නඩත්තු කිරීමේ හරිහමන් විදිහක් ගැන සිතන්නට පෙරය. ඒහෙත් ටික කලකින් ම, එක්තරා ජීවන රටාවකට හුරු වූ විට, එහි නඩත්තුවේ වගකීම හෝ වගවීම පාලකයන්ගේ වගකීමක් ලෙස ලඝු කර සැලකීමත්, අප රටක් ලෙස මේ පසු කරන අවදියට ඒමට ප්‍රධාන හේතුවකි. අපේ රටේ පාලක පැලැන්තිය මහජනතාවට නොදෙවෙනි නිසා, ආඬි හත්දෙනාගේ කැඳ හැලියක් බවට පත් ව ඇත. මෙහි දී ද ආලෝක් ට රේවතී ගේ නාරි ලතාව හෝ, හෝ අගුවා ගේ රහමෙර ට පුරුදු වූ පසු, ආපහු යක්ෂ විමානෙට යාම දෙවෙනි වැදගම්මක් බවට පත් ව, පසුව මගැරී ම යයි.

ගැමියන්ට මධ්‍යස්ථව, සාධාරණව, පමණක් නොව, විවෘත මනසකින් හෙබි දෙවියෙකු වැඩක් නැත. එවන් දෙවියෙකු ප්‍රතික්ෂේප කර තමන්ගේ දැඩි මතයන්ට හි එල්බ සිටීමට පහසු ආකාරයේ දෙවියෙකු සොයා යාම අප රට ජන විඥ්ඥාණයේ ස්වරූපයක් බව පෙන්වන අපූරු නිර්මාණයකි, "දෙයියන්ගේ හාල්".

තෙවෙනි කෙටිකතාව වෙද්දි, ආලොක් සහ රේවති අඹු සැමියන්‍ ය. රේවතී දොළක් පියවීමට යත්න දැරීමේදී ආලෝක් ට වෙනදා මෙන් නිධන ගොඩගන්නා අවස්ථාවේදි කරන්නා වූ වික්‍රමයන් කරන්නට හැකි නොවන්නේ, වෙනදාට නැති වරදකාරී හැඟීමක් ඔහුට ආත්මය හා පරබඳින හෙයිනි. ඉන් කට්ටඩියා ට උපරිම මිලක් ගෙවීමට සිදුවේ. වෙනදාට තමා තුල වරදක් නැති බව ආලෝක් ට විශ්වාස වුවද, අත්නොහරින හෙවනැල්ලක්  (ඡායාව අනපායිනි) ලෙස එන්නේ මෙවර එම විශ්වාසය තමන් තුල නැති වීමය.

මෙම සංග්‍රහයේ අග බාගයේදී මේ ගම් ප්‍රදේශයේ යම් ප්‍රධාන භූමිකාවක් දරන්නෙකු වන විරුමාල් කට්ටඩි උන්නැහේ අපට හඳුනාගත හැකි වන්නේ, "පිශාච උවදුර" නම් වූ සිව්වෙනි කෙටිකතාවේදීය. තම පැවැත්ම උදෙසා නැති ප්‍රශ්ණයක් හෝ හඳුන්වා දී ප්‍රමුඛත්වයට ඒමේ හැකියාවත්, ඊට උල්පන්දන් දීමේ උපදේශ දෙන්නන් සිටීමත්, එවන් අයම පාලක පැලැන්තියට යොමු වීමේ ආනතියත් සැලකිය යුතු ලක්ෂණ ලෙස හඳුනාගත හැක.

ආලෝක් ට තම යක්ෂ වාසස්තානයත්, මනුස්ස වාසස්තායත් අතර දෝළණය වන අතර ම, තමන් තනා ගත් පවුලින් ඔහුව ක්‍රමිකව ප්‍රතික්ෂේප වීමට ඉඩ සැලසෙන ආකාරය "දෙමෝදර දෙඉවුරෙහි" කෙටිකතාවේ පෙන්නුම් කරයි.

මෙතැනින් පසුව අපට හමුවන තවත් ප්‍රධාන චරිතයක් වන අභී අපට හමුවන්නේ, "හෙනහුරා සහ වල්ග තරුව" නම් වූ ඇගේ ග්‍රහචාරයත්, විවාහයත්, ඊට හේතුපාදක වූ ඇගේ සුවිශේෂ චරිත ලක්ෂණත් දිගැරෙන කෙටිකතාවෙනි.

මේ වන මෙහි එන ප්‍රධාන කතුන් දෙදෙනා ගේ විවාහයන් දෙදරා ගොසිනි. ඔවුන්ගේ මුල් සැමියන් එම නිවෙස් අතැර සිටින අවස්තාවක, වෙනස් පසුබිම් දෙකක් ඔස්සේ අන් පුරුෂයන් දෙදෙනෙකු ඔවුනට ලංවේ. "ඉවර නූනූ කතා දෙකක්" ලෙස පමණක් එම ආල නුරා කතා එහිදී අවසන් වේ.

දැන් අපට වෘක්ෂ දේවතාවන් දෙදෙනෙකි. අයෙකු දෙවියෙකි. අනෙකා "දේවාතිදේව" ය. ඒ අතර රේවතිටත් අභීට ත් ට වඩා ඔවුනොවුන් ගේ අදහස් වලට, හා හැසිරීම් වලට ගැලපෙන දෙදෙනෙකු හමු වන අයුරු අපට තුලින් හමුවේ. එම පුරුෂයන් දෙදෙනාම මනුස්ස ස්වරූපයට සංක්‍රාන්ති වූවන් වීම අපූරු අහඹුවකි. එය අහඹුවක් ම ද?

අපට මේ ගම්මැද්දේ ඊළඟට හමුවන චරිතය, පන්සලේ ලොකු හාමුදුවන් ය. උන්වහන්සේ අපට හමු වී ඇති, බණ දහම් දෙසීමේ සීමිත හැකියාවක් ඇති, ගැමියන්ගේ යම් නොපහන් හැඟීම් ද මධ්‍යයේ උන් වහන්සේ සැමට මෛත්‍රිය වඩමින් වැඩ වසන්නේය.

"ගම්මු නං කිව්වේ ලොකු හාමුදුරුවන්ට පුළුවන් මහ සද්දෙන් තුන් සරණෙ කියල පන්සිල් දෙන්න විතරයි කියල. ඒක ටිකක් අතිනුත් දාල කියපු කතාවක් උනත්, ඒකෙ පොඩි ඇත්තක් තිබුණ. බණකට වැඩියත්, කවදාවත් එක මාතෘකාවක් එල්ල කරගෙන බණක් කියන්න උන්වහන්සේට බැරි උනා."
මෙසේ ඉඳිද්දීය උන් වහන්සේට පරණ පිණක් ඉසේ කඩා ගෙන වැටෙනුයේ - එය "සුභ හා යසලාලකතිස්ස" එකෙකි. නමුත් එය පිණක් ම ද ?

අවසන් කෙටිකතාව වද්දී, ගමට "ඇත්තටම හරි ගියාද" යන්න සැකසහිත විදිහට කරුණු දිගැරෙන්නේ, ගම්මු ලංකරන් ඉන්න දෙවියන් ද, කට්ටඬියන් ද ලංකාවේ දිග පළල පුරා පතිර පවතිනා ආකාරයට නොවෙනස බව පෙන්වෙන නිසාය. "ඡ්න්ද රසය" කෙටි කතාවෙන්, එහි පිළිකුල් රසය ඇවැසි ලෙස අපට ගෙනදේ.

කෙටි පසුවදනක් මගින්, කතුතුමා අපට ඉඟි කරන්නේ මෙහි එන චරිත වලට යම් සත්‍ය ලොව පසුබිමක් කොහේ පවතින බවකි. එය කුතුහලය දනවන්නක් වුවත්, එය පිණවාගන්න මගක් නැති බව පැහැදිලිය.

කෙටිකතා චක්‍ර ගැන දීර්ඝ විස්තරයකින් මෙම කෘතිය හමාරවන්නේ, ඒ පිළිබඳ ශාස්ත්‍රීය ගවේෂණ කල කිහිපදෙනෙකුගේ අදහස් පෙන්වා දීම ඔස්සේය. කෙටිකතා චක්‍ර ගැන නිදසුන් කිහිපයක් මෙහි ඇතුලත් ය. පෙර ගී ඇලිස් මුන්‍රොගේ කෙටිකතා සංග්‍රහය මෙන්ම,  හෙමිංවේ, ජුම්පා ලාහිරි, සයිමන් නවගත්තේගම, සහ ජොයිස් ද ඊට ඇතුලත් ය. රස පොළොව ට පසුව ප්‍රකාශ වූ සුනිල් වික්‍රමසිංහගේ සංසාර කමටහන් ද එම නිදසුන් ලයිස්තුව දිගු කරයි. මා නොකියවූ කෙටිකතා පොත් කිහිපයක් ගැන ද සටහන් ව ඇති හෙයින් ඒ ගැන පසු දාක විමසිලිමත් වීමට ඉටා ගත්තෙමි ( වෙසෙසින් ජෝන් අප්ඩයික් ).

නොවලහා කිවිය යුත්තකි. මෙය 2020 වසරේ ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් අතර ඉදිරියෙන් ම සිටින්නක් බවය. මා මහත් ලෙස රස විඳි, මෙතෙක් කතුවරයා ගේ මා කියවූ සාර්ථකම කෙටි කතා සංග්‍රහය මෙය බව පැහැදිලිව කිව හැක.

ශ්‍රේණිය: ****1/2
ශාණරය: කෙටිකතා (චක්‍ර)
ප්‍රකාශක: සරසවි (2020)
2020 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 5



1 https://me-and-err.blogspot.com/2019/01/the-beggar-maid-stories-of-flo-and-rose.html