Monday 8 May 2023

2020 වසරේ ප්‍රකාශිත, මා කියවූ කෙටි කතා

2020 වසරේ ප්‍රකාශිත කෙටිකතා සංග්‍රහයන් අතරින් කියවිමට සයක් තෝරා ගතිමි. 2019 වසරේ තරමක් ආධුනික ලේඛක-ලේඛිකාවන්ගේ පොත් කියවිමට තෝරාගත්ත ද, (එම වසරේ ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහයන් 11ක් කියවීමි ), එවන් පුළුල් නිර්දේශයන් ගොන්නක් ගැන හෝ, ඒ ඒ පොත ගැන මුහුණ පොතේ කතා කිරීම් හෝ අඩු වූ වසරකි.


ඉදින් 2020 වසරේ කියවීමට තෝරා ගෙන සිටියේ ද මීට පෙර බොහෝ කෙටිකතා ලියූ ලේඛකයන් හය දෙනෙක් ගේ නිර්මාණය. එම සියළු කෘති, රාජ්‍ය, ගොඩගේ, රජත, විදුදය, යන සියළු සම්මාන වල වාගේ නිර්දේශ වූ සහ, සම්මාන දිනූ ඒවාය. ඉන් ද තරමක් හෝ වෙනසකට ඇත්තේ, මීට කලින් සම්මානයෙන් පිදුම් ලත් ලේඛකයෙක්  මුත්, සාපේක්ෂව ඊට සුදුසු ඇගයීම නොලැබුනා යැයි සිතෙන ප්‍රභාත් ජයසිංහගේ "රස පොළොව" පිළිබඳවය. 2020 වසරේ මගේ ප්‍රියතම කෙටි කතා සංග්‍රහය යැයි සිතමි. ඊට හොඳ තරඟයක් බටුවන්ගල රාහුල හිමියන්ගේ අලුත් නගරාධිපති සංග්‍රහයත්, එරික් ඉලයප්ආරච්චිගේ කොළඹ දැනුම සග්‍රහයත් දුන්නේ යැයි සිතමි. ලියනගේ අමරකීර්තිගේ "ගෙදර'වට සිතියම්" පොත ඉතා සාර්ථක, රසවත් කෙටි කතා සංග්‍රහයකි. කපිල කුමාර කාලිංග ගේ නිරෝධායන චාරිකාව කෙටිකතා සංග්‍රහයේ ද සාර්ථක කෙටිකතා සංඛ්‍යාව, සාමාන්‍යය යැයි හැඟුණු ඒවාට වැඩිය. කිර්ති වැලිසරගේ ගේ "දිගු තත්පර" සාර්ථක කෙටිකතා තුනකින් ඇරඹුන ද, එම බලාපොරොත්තුව පසුව ආ කෙටිකතාවන් එලෙසම පවත්වාගෙන ගියේ නැත.

 

ඒ ඒ පොත පිළිබඳ මගේ සාමාන්‍ය පාඨක අදහස් මෙසේය:
රස පොළොව: https://me-and-err.blogspot.com/2023/04/pjayasinghe-2020.html
අලුත් නගරාධිපති: https://me-and-err.blogspot.com/2022/01/brahula-2020.html
කොළඹ දැනුම: https://me-and-err.blogspot.com/2023/03/eric-ss-2020.html
ගෙදර'වට සිතියම: https://me-and-err.blogspot.com/2021/05/amarakeerthi-2020.html
නිරෝධායන චාරිකාව: https://me-and-err.blogspot.com/2022/07/kkkalinga2020.html
දිගු තත්පර: https://me-and-err.blogspot.com/2023/05/kweisarage-2020.html

23/10/2023: ඉහත සටහනෙන් පසුව තවත් කෙටිකතා සංග්‍රහයන් දෙකක් කියවන්නට විමි. ඒ අනුව අලුත් ම වර්ගකිරීම පහත පරිදිය.































No comments:

Post a Comment