Saturday, 23 November 2024

Normal People - Sally Rooney

 
This novel was nowhere in my reading plans. But one day I found myself in a 'tuk', heading towards office with about 40 minutes to kill - and this somehow was loaded in my kindle library - clearly, because I have added it at some point - the Booker long list tag, along with the fact that it was a novel familiar in sight to  someone who frequents book shops, and online book sales. Maybe my book worms discussed it at some point - they discuss books at times which I take no part in, paying just a cursory glance over, if that genre is not my cup of tea. Anyway, I got to reading it as a time pass, and here I am writing my customary note on what I gleaned from the book.


To state the obvious, it was clearly very readable, and at first it had me interested. However, I soon found the details of the main two characters, their lives as young adults, and their struggles to come to terms with their lot, who they were, and the challenges in understanding their various partners, a little out of sync with my reading preferences. I guess it bored me to some degree, and I was complaining to the fore-mentioned book worms, some of whom hissed back at me with fury. But that's another day in the life of.

However I found the book more enjoyable towards the last third or so, as it becomes apparent the extent of mental trauma that Marianne has endured. I certainly felt that her sicko brother's excess actually helped a good thing from falling apart, right in the nick of time. A little dramatic a rescue, but hey, the fans of the book aren't complaining.

To speak more objectively, and holistically, the book begs the question, as to whether there are any normal people in this world. There could be boring people, who have decided to accept their lot, unquestionably at some point, due to circumstances that brought them there - and they may appear as normal to an outsider. Whether anyone can be termed as normal, when one gets to know another beyond  the everyday facade is a moor point.

I can understand why there are many readers who like this book immensely. For me personally, the last one third salvaged what was heading to be a three star read.

Rating: ***1/2

Sunday, 17 November 2024

මඳහසක මැදියම - අනුරාධා නිල්මිණි


 කිවිඳියගේ 'රිදුම් පිරි පිරිමැදුම්' කාව්‍ය සංග්‍රහය කියවා එය  රස විඳි හේතුවෙන්,  සහ 2016 වසරේ පිරිනැමුණු හොඳම කාව්‍ය සංග්‍රහය උදෙසා වූ රජත සම්මාන, සහ ගොඩගේ සම්මාන යන සම්මාන ද්විත්වයටම නිර්දේශ වූ හෙයින් ද, උක්ත කාව්‍ය සංග්‍රහය කියවීමට වීමි.

මෙය රිදුම් පිරි පිරිමැදුම් (2019) වලට පෙර ප්‍රකාශ වූවක් හෙයින්, සහ එය රජත සම්මානයෙන් පිදුම් ලත් හෙයින් ද, එය වඩාත් සර්ථක කාව්‍ය සංග්‍රහයක් ලෙස සැලකුවහොත්, එවන් අනාගත කාව්‍ය සංග්‍රහයක් ගැන බලාපොරොත්තු තබා ගත හැකි ආරේ නිර්මාණ රැසක් මෙම සංග්‍රහයේ හමු වේ. තවද, 2021 හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත් නාරි සූත්‍රය වූ කලි, ස්ත්‍රීවාදී දෘෂ්ඨිකෝණයෙන් ලියූවක් යැයි සැලකුවහොත් (මෙම සංග්‍රහය මම තවම කියවා නැත - නුමුදු එය 'කාලයේ විනිසුරු හමුවේ කතුන් දහසයදෙනෙකුගේ හෘද සාක්ෂි කැඳවීමක්' ලෙස පුළුල්ව සැලකිය හැකි ලෙස දැනට සිතමි), එහි බීජ අවස්ථා ද මෙහි දැකිය හැකි බව සිතේ.

 අප මෙහි එන 'ගැටපිච්ච' නම් කවි පංතිය රසවිඳින අතරම,  ඉහත කී කරුණු ද මෙනෙහි විය.


"හීනි නූලක් වාගේ දහ අතේ             පැටලිච්ච
 ජීවිත ම මහ ගොඩකි, ජීවිතේ         තනිවෙච්ච
 බවානිගෙ, මනෝහාරිගෙ සුවඳ      සැඟවෙච්ච
 ඒ බිමේ තියෙනවා පිච්ච තව            පරවෙච්ච"

මෙම කවි පංතියෙන්, තිස් අවුරුදු යුද්ධය හේතුවෙන්, විවිධාකාරයෙන් 'පරවුණු' යුවතියන්ගේ ජීවිත සෙනෙහබර මතකයනට ලක් කරයි. එහි දේශපාලනයත්, බවානිලා-මනෝහාරිලා ස්ත්‍රීන් නිසා ම විඳි අමතර තර්ජනයේ  ස්වභාවය ගැන ද ඉඟි කරයි.

කිවිඳිය, වෘත්තියෙන් මාධ්‍යවේදිනියකි. ඒ නිසා ම දෝ, ඇය සමාජ දේශපාලන කාරණා අලලා ලියනා කවි වල කවි සිතුවිලි වඩා බලවත් ලෙස ට ඇයට ඉදිරිපත් කර හැකිය. 'ආපදා සජීවීකරණය',  මීට හොඳ නිදසුනකි. මෙවන් කවි වලදී, කිවිඳිය වඩා මුඛරිව ද, සෝපාහාසය මතු වන ආකාරයකින්ද නිර්මාණකරණයේ යෙදෙනු පෙනේ.

"ඒ සෙප්පඩ මී පැටවු වාගෙ ද
 අපේ විලිරුදාවේ තරම!
 දැනුත් ලොක්කා
 වීඩියෝ කොන්ෆරන්ස් එකක
 අහසත් එක්ක
 පුළුවන් ද බලන්න
 තවත් සතියකට විතර
 දිග් කරගන්න
 මේ අනෝරා වැස්ස!
 කඳු නාය යන තරමට
 මුදුනට නැගගන්නෙ
 කවුද කියල
 බලාගත්තැහැකි එතකොට...."

පිළිකාවක් වැනි දරුණු රෝගයක් වැළඳුණු අයෙකු ට, තම අසරණබව, ක්ෂුද්‍ර බව, පිළිබඳ අදහස කවියට නගා ඇති "මං කවුරු ද?" මා තරමක් කම්පනයකට පත් කල කවි පංතියකි.

"සත්තකේ ම උකස් තියල
 සැපත, සතුට
 වියදම් කර
 අමාරුවෙන් ගොඩදාන්න
 මං කවුරු ද?"

 මීට අමතරව, "ආරි, සත්තයි - මං කැතයි", "මතක ද", "ඇගේ නම මල්ලිකා", "ඔවුහු පුරුෂයෝ වම්හ", "ලොකු එකාගේ ලියමන" ආදි කවි පංතිත්, නම් සඳහන් නොකල කවි පංති කිහිපයකුත් මා සාපේක්ෂව වඩාත් රස වින්දෙමි. එනමුදු, "අනුලා බිසවගේ සිරියහන් ගැබට රහසින් පිවිසි ආගන්තුකයා", "යන්නේ අපි දැන් දිවිය ලෝකෙ ද", "පෙෂාවෝර් කඳුළු", ආදියේ කවීත්වයේ යම් අඩුවක් දැනිනි. එහි විෂය නොව, විෂයය එසේම තිබිය දී, කවිය තව ඔපමට්ටම් වන්නට ඉඩ තිබුණු බවකි, අපගේ සාමාන්‍ය පාඨක රසාඥ්ඥතාවට දැනුනේ. ඇරත් "මොනිකා", "පිල් මොනරියේ" කවියේ පද ගැලපීම සහ, ශබ්ද රසය රකිනු පිණිස ම වදන් භාවිත කොට ඇති බවත්, සමහර කවියක පේළියක් පමණම, රසාස්වාදයට යමක් එක්කාසු නොකරන බවකුත් අපට හැඟෙන්නට වුණි.

කවියක්, එය ට ජීවය ලබා සිටිය හැකි උපරිම සූක්ෂම තත්වයට ඔපමට්ටම් වීද යන්න ගැන සිතන්නට වන විට, කවි නිර්මාණය කෙතෙරම් අපහසු දෙයක් ද යන්න, එහි කිසිදු නිපුණත්වයක් නැති අපට පවා වැටහෙති. මේ සටහන වූ කලි, කාලය වියදම් කොට කියවාපු කාව්‍ය සංග්‍රහයෙන් අප යමක් ලබා ගත්තේ ද යන්නට අප අපට ම දෙන පිලිතුරක් පමණක් නුමුදු, මෙය බෙදාගන්නේ  කියවන්නට සිතුනු කෙනෙකුන් ගේ පරිශීලනය සඳහා ම පමණකි. ඒ අර්ථයෙන්, සමහර කාව්‍ය සංග්‍රහයන් කියවීමට ගත කරන තරම් කාලයක්, මෙම සංග්‍රහය උදෙසා වියදම් නොකලෙමි. ඊට හේතු දෙකකි - කිවිඳිය ගේ සමාජ- දේශපාලන කාව්‍ය සහ, නිසදැස් ආරේ කවි බොහෝමයක් සරල බසකින් ලියැවී, තේරුම් ගැනීමට පහසු ආරකින් තිබීමයි. ඒවා බොහෝමයක අර්ථ රසය අපට ගෝචරය. ශබ්ද රසය රැකීමට තැත් කල සිව් පද ආරේ බොහෝ කවි වල, ශබ්ද රසය උදෙසා ම මිස, කවියේ සමස්තයට යෝග්‍යතම පද භාවිත වී නැති බවකි අපගේ සාමාන්‍ය වැටහීම.

එසේ වුවද, අපි මේ සංග්‍රහය කියවා අවසන් ව, 'රිදුම් පිරි පිරි මැදුම්' ගැන අපගේ සටහන කියවුවෙමු. අප ට වැටහුනේ මේ කාව්‍ය සංග්‍රහට වඩා බොහෝ ඉදිරියෙන් එම සංග්‍රහය තිබෙන බවකි. ඒ අනුව නිතර තම කවීත්වය ඔපමට්ටම් කරමින්, විෂය පරාසයන් හි දි විශේෂයෙන් වඩාත් නූතන කවියක් වෙනුවෙන් වෙහෙසෙනා කිවිඳියක් අපි ඇය තුලින් දකින්නෙමු. ඒ අනුව, 'නාරි සූත්‍රය' පමණක් නොව,  ඉන් පසුව ප්‍රකාශ වූ කාව්‍ය සංග්‍රහයන් පවා, අපට කාලය ලැබෙන අයුරින් කියවීමට සිතා ඉන්නෙමු.


ශ්‍රේණිය: ***1/2




Thursday, 14 November 2024

Socio-political Aspects of Modern Sinhala Poetry


This essay attempts to reflect on the socio-political aspects which  serve as subject matter for modern Sinhala poetry, focusing on contemporary poets - Mahinda Mas-imbula, Lakshantha Athukorala, Ruwan Bandujeewa and Saumya Sandaruwan Liyanage. It selects, but four of the poems which portray the sentiments of the populace, it's regrets, it's shock and even paralysis, and finally its' hope, as seen by the poets, analysed by a lover of poetry, albeit a layman.


For Mas-imbula (2012) , when he writes about his loving Nugegoda, giving it a human form - chin protruding towards Pagoda, Kohuwala, it's sibling - he cannot forget the bomb explosion that changed many a life on that fateful evening. Many a couple immersed in their plans, a lover awaiting the other, a parent rushing back to his loved ones, and a tired student rushing home back hungry, fell that day. The poet reminisces how not withstanding the "plastic surgery" done "on its' cheeks" later by the agile staff of the famous clothes store there ,  how on  that evening, the sword of  fate  severed and felled to the ground "my one and only heart."  The poet doesn't make the destruction a political statement. It is as if, like many of us then, resigned to our collective fate, he laments his loss in the middle of a town he knows like his own palm. It is the grief and the picture of isolation in a crowd, as he seeks his lost one, that leaves an etching mark in our hearts while the cause of the loss, is not the poet's focus.  This resignation, has an effect of adding depth to the feeling of isolation. L.T.T.E. terrorism was a part of everyday life for all of us, and it was the most fortunate who were lucky not to be at the wrong place at the wrong time. Even the prompt repairs by the shop owners suggest,  the populace at large has decided to move on, leaving behind loss to be grieved by the affected individuals.



The poem, "Dwarf", found in Lakshantha Athukorala's collection "Ee" (Arrows, 2014), takes us into the mind of a former soldier,  drowning in self pity,  having lost both his legs. He ponders, and asks  the Buddha, how he is to unstrap his artificial legs at the footsteps, as others ease out of their footwear, at the entrance? He has a sense of regret for the demerits earned in the war field, and implores the Buddha to consider him, as another Angulimala, and treat him with compassion. The soldier, drowned in self pity, begs the Buddha to visit his room since he cannot visit the Enlightened one in his  piteous state which doesn't even qualify him for the robe. Sinking to the depth of self pity, he begs the Buddha to let him be yet another on the dwarf line wall of the temple, as a means of seeking solace at the feet of the Enlightened one. From a social aspect, outside of the Colombo district especially, there are many a family which sacrificed a son, in the war front. Hence the poet attepmts to capture a generic frame of mind, of the thousands who paid with their eyes, limbs etc. The mental state of the injured soldier is far from the ravages of the war. His hints that even his family members try to stay away from his room, while he  looks at the crowd which flock the temple through his window. It is only once denied, that even a routine visit to a temple gives it a value, that the healthy could never appreciate. Hence it is his mental state which work on him, and convince him that ending up a dwarf on a wall, is better than being ignored and confined to his room.


One of the socio-political backgrounds which led to recent changes in the political front was the free hand that even petty regional politicians had, which boomeranged back on to the highest levels. Ruwan Bandujeewa (2013) was so shocked by the news that such a political animal celebrated the seduction of One hundred females, exclaimed that even Manik Ganga ( A River in the deep south ) couldn't stop her urge to relieve itself on her shores, from the shock. The poet was daring enough to suggest part of the politicians' nickname. The poem exemplifies the shock of the poet, as he contemplates on the burning eyes and the forcefully stripped undergarments of the victims, and contrasts this with the ovation of the celebration of this seducer. The poet uses his imagination as he compares these acts of corruption to slicing a mango while goddess Pattini, ( famed for her chastity, and believed to be born off a mango ), was still inside.

If Bandujeewa was shocked, his contemporary Liyanage (2013) went a step ahead, and warned that even spilled blood  could ablaze on a day, not too far away. In a moving poem, the poet subtly mocks the people who invoked blessings on the military (while the war against the terrorists were raging ), as the same guns now targeted some of them. The poet scorns the popular religion which blessed the guns that won the war. Engaging in a change of address, he then warns  those heroes, even blood could ablaze,  now that it has been spilled for  the crime of asking a drop of  unpolluted potable water.

The four poets highlighted are all considerably young. Their language too is on different scales. While Athukorala favors a more traditionally poetic language similar to the previous generations' stalwarts like Nandana Weerasinghe, Bandujeewa opts for a language more inclined towards one used everyday. Another aspect that has to be highlighted is, of the four collection in focus, although poems of a common theme were selected, the percentage of poems specified for political themes differ. While Mas-imbula favour themes of Romance relatively, Athokarala appears to have the broadest spectrum of subjects, and treats all of them with equal measure. In contrast Bandujeewa and Liyanage both devote a considerable portion of their respective collections for socio-political aspects. It wouldn't be an exaggeration to suggest that the latter even sounds like a harbinger for change, given how successfully he has managed to grasp the then political climate, the frustrations and hopes of a people, who just a year or so  hero worshiped the same rulers.

References:
ඇහි පියන් ඇහැරිලා - මහින්ද ප්‍රසාද් මස්-ඉඹුල (2012, සන්ථව )
ඊ - ලක්ෂාන්ත අතුකෝරාල ( 2014, සරසවි )
මීළඟ මීවිත - රුවන් බන්දුජීව ( 2013, රුවන් බන්දුජීව )
හැටේ වත්තේ මග්දලේනා - සෞම්‍ය සඳරුවන් විතානගේ ( 2013, සෞම්‍ය සඳරුවන් විතානගේ )


(originally published in 29th February, 2016)


Monday, 4 November 2024

මල් සුවඳැති හිසරදයක් - වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි


මට කවිය සමඟ අරෝවක් ඇත. කවිය ම උසස් සාහිත්‍ය කලා නිර්මාණය යැයි විශ්වාසයක් තිබේ. එනමුදු කවිය රස විඳීමට වැය කල යුතු කාලය සුළු පටු නැත. එසේ කාලය වැය කොට අප කියවා ඇත්තේ සාමාන්‍ය මට්ටමේ කවක් ම ය - එය විටෙක වචන සම්ඟ සෙල්ලම් කරලීමකි -  විටක 'පට්ට ගැසූ' භාවයක් නැවත කවියට ගෙතීමකි - විටෙක 'අයිස්ක්‍රීම් සමඟ සීනි සම්බල්' ආරේ වචන මිශ්‍රිත ය - විටක දරුණු ගැට ලිහා බලන්නට පොළඹවන ආරෙන් ලිඛිතව ලිහා බලද්දි අරුමයක් නැති දෙයකි - විටෙක පද බැඳීම දුටු විට 'හානේ මටත් කවියෙක් වෙන්න පුළුවනි' කියා සිතෙන අයුරකි - මෙවන් ප්‍රතිඵළ පමණක් බහුලව ලැබෙන බව දුටු කල, ඒ එතරම් විස්මිත නොවූ කව වෙනුවෙන් මා ගෙවූ මගේ ජීවිතයේ කොටස, හෙවත් කාලය ගැන මට කම්පාවක් ඇති වේ. සිතා හෝ නොසිතා හෝ, අවිඥ්ඥාණික ව හෝ, මා සමඟ පොත් කියවන බොහෝ මිතුරන් (අයෙක් දෙන්නෙක් ඇර) කවියෙන් ඈත් වී සිටින්නේ ඒ නිස යැයි සිතමි. මෙහෙව් වට පිටාවක දී කලින් කල ඇත්තට ම රස විඳිය හැකි කාව්‍ය සංග්‍රහයක් හමු වීම කවියට ගත කරන ප්‍රතිලාභ උපරිමයෙන් ම ලැබීමක් නිසා ඉන් ලැබෙන සතුට සැලකිය යුතු තරම් ය. පසු ගිය අවුරුදු කිහිපයේ මෙවන් අවස්ථා උදා වූයේ නම් ඒ අල්ප සංඛ්‍යාවක්ම ය. මෙසේ මට කාව්‍ය රස වින්දනය බොහෝ සේ ගෙන ආ සංග්‍රහය,  2022 පළ වූ හොඳම කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් ගොඩගේ සම්මානය, ලක්ෂාන්ත අතුකෝරාල සමඟ සම සම්මානයක් ලෙස බෙදා ගත් වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චිගේ 'මල් සුවඳැති හිසරදයක්' ය.  2023 වසරේ මාධ්‍ය සාහිත්‍ය සිරස් තල වල කියැවුනේ, ලක්ෂාන්ත අතුකෝරාල ගේ 'හැඟුම් ගඟෙහි හැංගිලා' අප රට ප්‍රධාන කාව්‍ය සම්මාන හතර ම ජය ගත් බවකි. ලක්ෂාන්ත ගේ දක්ෂතා අප දන්නා හෙයින් එම සංග්‍රහය ගැන බලාපොරොත්තු තබා ගෙන එය කියවීම අන් දවසකට කල් දමා, මා කියවීමට තෝරා ගත්තේ 'මල් සුවඳැති හිසරදයක්' ය. කුමන කාව්‍ය සංග්‍රහය සියළු සම්මාන දිනූ ලක්ෂාන්ත ගේ කවියට සම වීද ? ඇරත්, ගොඩගේ හැර අන් කිසිදු සම්මනායකට නිර්දේශ වීමට හෝ සමත් නොවූ ? මා මේ කවි ටික බලන්නට පටන්ගත්තේ තරමක සැකයකිනි. එනමුදු, පළමු කවි පංතියේ සිටම එම සැකය කෙමෙන් දුරු වෙමින්, මෙය සාර්ථක කාව්‍ය සංග්‍රහයක් ම බව මට පසක් විය.

මේ සංග්‍රහයේ මට හමු වූ ම වඩාත් විඳි කවි පංතිය 'පද්‍යපානී පොකුණ පාමුල පිපාසිතයෝ' ය.

"එසේ නොකියව...
කිසිවෙකුත් බීව ද, නොබීව ද
එම පොකුණු ජලයෙහි රැඳී ඇති
මහරු අරුමය නිම නොවේ
පවත්නා රස හිඟ නොවේ...
අමිල බව වියැකී නොයේ..."

මේ කිසිවකු දන්නා තරමින් නොබීපූ අමෘතය වෙනුවෙන් කොන්දේසි නොමැතිව පෙනී සිටීම, පමණක් නොව, බ්/බැතියෙන් පෙළ ගැසීම, කාල ගෝට්ටී ඇති කරගැනීමට ද බොහෝ පසුබට නොවෙත්. කවියා මේ පිපාසිතයෝ, සහ අන්ධව ඒ වෙනුවෙන් පෙනී සිටින්නෝ ගැන අපූරු කවක් ගොතා ඇත.

ඊට නොදෙවෙනි අපූරු ම කවි පංතියකි, 'හැඟීමක් ලෙස උපදිනා සංසාරමය බාධකය', කවි පංතිය. පති වියෝවෙන් කලකට පසුව, යොවුන් හදකට නොසිතූ, සහ විටෙක නොපැතූ අයුරින් නැවත ආකර්ශනයක් ළඟ නතර විය හැක. එහෙත් සංස්කෘතියක් යදම් ඊට ඉඩ දේවි ද ?

"පුරුදු ලෙස මාස අගක
 ඔහු මාපියන් දෙදෙන
 පැටවු සනසනු පිණිස පැමිණිය ද
 ගේට්ටුව නොවැසෙනා ගැටලුවෙහි තතු විත්ති
 උන් වෙතින් සැඟවීමි

 ඒ අතර අ'ගල් තුඩ
 නොනැවතී ලියලමින්
 ගේට්ටුව වළක්නා පිණිස වැඩෙනා වගක්
 සීත රෑ සිහිනෙන් ද
 දවාලේ සැබවින් ද දැකගතිමි"

 විටෙක ජීවිතයේ එක් අයෙකුට වටිනා ම මතක සටහන්,  කාලය ගෙනෙනා වෙනස්කම් මධ්‍යයේ වුව ගලේ කෙටුවා සේ මතකයේ ම නැවත නැවත රැව් පිළිරැව් දෙයි. "අතීතයෙන් ආ කවියක්", එවැනි අවස්ථාවක් සිහි ගන්වන්නකි. 

"අවුරුදු බොහෝ ගෙවී
ඔබ නිසා මුල් වරට මගේ හිත ගැස්සුණ
පත්තර කඩය තිබූ තැන පුංචි බස්නැවතුම
තල්ලු කරගෙන ගිහින් දුරකට
තිබෙන්නේ දැන් එය
සුපිරි පොළ දොරටුව අසල"

"වෙනස් දෙන්නෙක් එකෙක් වේවි ද?",  "ප්‍රේමයේ කමටහන් නොලද්දී", "චමත්කා", "මිදුල ඇමදීම", "සොඳයි දැඩි කළැ නිසා අප උන්", "පහන් දැල්වූ ගනඳුර", ආදී තවත් සාර්ථක කවි පංති රැසකින් මෙම සංග්‍රහය පොහොසත්‍ ය. කවියා කවි මාතෘකා තෝරගෙන ඇත්තේ පාඨක සිත කෙනිත්තීමට සමත් අයුරින් සහ එම කෙනිත්තීමේ විඳීම විනාඩි කිහිපයක් ම පවතින ආකාරයෙනි - මාතෘකාවෙන් එතරම පොහොසත් නොවූ කවි තැන් කිහිපයක වුවද, ඒවාද හොඳින් නිමවුණු කවිම ය.

සිංහල කවිය ගැන වද වෙන්නෝ, අනිවාර්‍යයෙන් කියවිය යුතු කාව්‍ය සංග්‍රහයක් ලෙස දකිමි.

ශ්‍රේණිය: ****1/2




මහත්වරු සිසිර නින්දක - රංජිත් මල්ලියාවඩු


 රංජිත් මල්ලියාවඩු ගේ මේ කවි පොත වෙත මා ප්‍රවේශ වූයේ යම් පැකිලීමකිනි. ඊට හේතුව 2018 වසරේ රජත පුස්තක සම්මානය දිනූ ඔහුගේ "සහෝදර මුහුණුවර " මා රස නොවිඳිම හේතුවෙන්, මා විසින් යම් කිසි මට්ටමකට කර්කශ විචාරයකට ලක් වූ කාව්‍ය සංග්‍රහයක් වීමය. එනමුදූ 2023 වසරේ නිකුත් වූ කාව්‍ය සංග්‍රහයන් ඇගයීමට පාත්‍ර වද්දී රජත පුස්තක සම්මානයට ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය වන "මහත්වරු සිසිර නින්දක" නිර්දේශ වී තිබිණි. මගේ සුළු සාහිත්‍ය ඇගයීම් ලොවේ හැකි තරම් සාධාරණ වීම හැර මට  කල හැක්කක් නොමැත. ඒ අනුව මහත්වරු සිසිර නින්දක කාව්‍ය සංග්‍රහය පසුගිය දා පැවත්වූ පොත් සල්පිළේ කවි කුටියෙන් මිලදී ගත්තේ තව කාව්‍ය සංග්‍රහයන් 7-8ක් සමඟය. එය මිල දී ගත් දින වල ම කියවීම ඇරඹුවේ, සහෝදර මුහුණුවරට දුන් කර්කශ විචාරය සිතට වද දුන් නිසාදෝ යි නොදනිමි. 

කෙසේ හෝ "මහත්වරු සිසිර නින්දක" කියවාගෙන ඉදිරියට යාමේදි මා රස විඳි කවි පංති කිහිපයක් හමුවිණ. ඊට නිදසුන් මෙපරිදිය:

"ඔබත් යන්න ගිහින් එන්න" යන කවි පංතිය පෘථග්ජන මිනිස් සිතේ සත්‍ය ස්වභාවය විමසන කවි පංතියකි.

'ඒ දෙන්නා විතරක් නම් මක් වෙනව ද
දවසක් වත් කතාබහක් නොකරපු අය මඟදි දැකපු
ඇවිත් යන්නෙ අවසරයක් ඇතිව නොවෙයි සිත ඇතුළට
සමහරවිට යන්නෙත් නෑ ලැගුම් ගනී පැය දෙකතුන'

"රට වටේ" කවි පංතිය සිත් ගත්තේ, එදා සහ අද අතර සිදුව ඇති වෙනස විමසන අයුරු හේතුවෙනි.

'නාවල තිබුණු පැණි අන්නසි හැම      වාරේ
 නාවර පෙරාගෙන ඇත දිගට ම         පාරේ
 නොස්ටැල්ජීක ම රසයක් තවමත්    බේරේ
 නොබැඳී සිටිය හැකි වෙශ මිත ඒ       මීරේ'
වාසනාවන්ත ජීවිතයක් ගත කල අයෙක් ට, දුෂ්කර අත්දැකීම් නැතිනම් දිවිගමනේදී ඔහුට හෝ ඇයට ජීවිත යාත්‍රාවේ විශිෂ්ඨයෙකු විය හැකි ද? කවියා දාර්ශනික සිතුවිල්ලකින් මේ ගන විමසනේ 'යාත්‍රිකයෝ දෙදෙනෙක්' නම් කවි පංතියේ ය.

'රුවල් ඉරුණු වග නොතකා
 චණ්ඩ කුණාටුව මැඬ
 යාත්‍රාවේ නැතිව අහර කිසිවක්
 වාරු කරගෙන දුබල සගයා ද

 කුසල් ඇත්තකු නොව
 ශ්‍රේෂ්ඨ යාත්‍රිකයකු
 දකින්නට හැකි වෙයි ඔබට
 යන්න නොපමාව ඒ වෙරළට'

44 වෙනි පිටේ ඇති කවි පංතිය ද මා රස වින්දෙමි (එහි අකුරුකරණය මේ යතුරුපුවරුවෙන් ඇතුලත් කල නොහැක)

'ලොවට කළත්          පරකාසේ
 පෙරළුණු 'මම' පෙර       දවසේ
 තනිව කිසිත් බැරිව       මෙසේ
 සිටිමි 'කොම්බු' දෙකක් ලෙසේ'
'මම' යන වචනය අනෙක් පැත්ත  - එනම් දර්පණයකින් බැලුවහොත් පෙනෙන්නේ කොම්බු දෙකක් පමණි. අප කවියා එය කවියකින් දකින්නේ ඉහත ලෙසටය.

මෙවන්, හා මීට ආසන්න තරමේ සැළකිය යුතු කවි සංකල්පනා රැසක් නිසා, පෙර කී 'සහෝදර මුහුණුවර' කාව්‍ය සංග්‍රහය අභිබවා යෑමට අප කවියා සමත්ව ඇත. ඇත්තෙන්ම මා සිතගෙන සිටියේ මේ සංග්‍රහය කියවා අවසන් වූ වහාම, සහෝදර මුහුණුවර සංග්‍රහය අතට ගෙන නැවත තැනින් තැන හෝ කියවා බලා, මගේ කියවීමේ වරදක් පෙර දින සිදු වූයේදැයි විමසීමටය. නුමුත් තැනින් තැන ඒ පරණ කවියේ ලක්ෂණ මතුවීම මගිනුත් (බලන්න 'හරිත සෞන්දර්‍යය' - වෙසෙසින් අවසන් කව ), නැවත 'සහෝදර මුහුණුවර' තැනින් තැන බැලීමෙන්ද, කවියා 'මහත්වරු සිසිල නින්දක' මගින් අප පාඨකයනට කියවීමට වඩා රුචි කවි නිර්මාණයක යෙදී ඇති බවට ප්‍රත්‍යක්ෂ විය.


ශ්‍රේණිය: ***1/2

සිල්වර් ටිප්ස් - මලික් තුසිත ගුණරත්න

 අප සම්මාන නිර්දේශ ගැන උනන්දු වන්නේ,  නිකුත් වන සාහිත්‍ය කෘති රාශියක් අතරින් වඩා සාර්ථක කොටස තෝරාගෙන කියවීමට උපකාරයක් ඉන් ලැබෙන බවට යම් විශ්වාසයක් තිබීම හේතුවෙනි. යම් කෘතියක් කියවීමට යන කාලය තුලින් අපට රසවින්දනීය ප්‍රතිලාභයක් නොලැබේ නම් එම කාලය අපතේය - කිමද කාලය යනු අන් කිසිවක් නොව අපේ ජීවිතයේ කොටසක්ම ය. සිංහල නවකතාව ගැන උනන්දුවක් ඇති අප, 2023 වසරේ ප්‍රකාශ වූ නවකතා අතරින් විද්‍යෝදය සාහිත්‍ය සම්මාන, සහ ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මාන යන දෙකෙහිම අවසන් වටයට නිර්දේශ වූ මලික් තුසිත ගුණරත්න ගේ 'සිල්වර් ටිප්ස්' කියවීමට උත්සුක වූයේ මේ නිසාය. මෙවර තවම ගොඩගෙ සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන නොපැවැත්වුණු වටපිටාවක, මේ නිර්දේශ දෙක නොසලා හැරිය නොහැක.

කතුවරයා මීට පෙර තම කෙටිකතා සංග්‍රහයන් සඳහා කිහිප අවස්ථාවක සම්මාන සඳහා නිර්දේශ වී තිබුනද, අපට ඒවා කියවීම මගහැරිනි. ඒ අනුව මේ කතුවරයා ගේ අප කියවූ ප්‍රබන්ධ සාහිත්‍ය කෘතිය මෙය විය.

සමස්තයක් ලෙස, අපට නිතර සිංහල සාහිත්‍යයේ හමුනොවෙනා ලිවීම් ශෛලියක් මෙහි කතුවරයා භාවිත කොට ඇත. මෙහි ප්‍රධාන චරිතය ලෙස සැලකිය හැකි 'වෙස්ටර්න්' හෙවත් 'අප්පච්චි' පාඨක අපට හමු වන්නේ, ඔහු අන් පාර්ශවයක් මගින් පළ කල අදහස් කිහිපයක් තුලින් පමණකි. පාඨක අපට ඔහුව කිසිම විටක ඍජුව මුණ නොගැසේ. මට හැඟෙනා පරිද්දෙන් නම්, මේ ආඛ්‍යාන විදික්‍රමය මේ කෘතියේ ද්විත්ව නිර්දේශයනට ප්‍රධාන හේතුව විය යුතුය. එහි සිංහල පාඨකයාට නැවුම් අත්දැකීමක් නැත්තේ නොවේ.

වෙස්ටර්න් හෙවත් අප්පච්චි තමනට රිසි ලෙස අන් අය පාවිච්චි කිරීම, බලපෑම් කිරීම්, තර්ජනය, සහ හිංසනය පාවිච්චි කිරීම මගින්, තම පවුලේ උදවිය, සහ ඔහුට ආදරය කල අන් අය ට ගෙන ආ මානසික සහ භෞතික විඳවීම, සමාජයේ ජීවත් වන එක්තරා චරිත කොට්ඨාශයක ස්වභාවයකි. එනමුදු, ඔවුනගේ දක්ෂතාවන්, සහ ආදරය කරනා කල ආදරයද, ඒවා අත්දුටු අය ට කිසිදා අමතක නොවේ. මේ අපූරු වූත්, සුවිශේෂි වූත් චරිත ලක්ෂණ රැගත්, නවකතාව පුරා ම පාඨකයා ඉදිරියට නොපැමිණෙන ප්‍රධාන චරිතය මේ නවකතාවට කුහුලක්, ත්‍රාසයක්, සහ ඒ ඔස්සේ රසයක් ද ගෙන එයි. නවකතාවේ සාර්ථක පාර්ශවයට ප්‍රධානතම  බලපෑම මේ චරිතයෙනි.

එනමුදු  පිටු 364ක් ඇදෙනා මෙම නවකතාව පුරාවට කතුවරයා ත්‍රාසය විහිදුවන්න ට උත්සාහ දරයි. එක්තරා අවස්ථාවකින් පසුව මෙම දිගු කිරීම පාඨකයා වෙහෙසට පත් කරවයි. කතුවරයා ට මෙහි එන පාත්‍රවර්ගයාට මුහුණ දීමට සිදු වූ සියල්ල ම කිමට ඇවැසි නම්, විටෙක කියවෙන අමතර විස්තර අඩු කර තව පිටු 60-70කින් පමණ සංක්ෂිප්ත කරලීමට ඕනෑ තරම් ඉඩකඩ තිබිණි. සමන් දෙවියන් කෙරෙහි ඇති බැඳීම විස්තර කරලීම දිගුවට තිබුන ද ඉන් වෙසෙස් කර්තව්‍යයක් නවකතාවට සිදු නොවේ.  මෙහි එන අවශේෂ චරිත කෙරෙහි මට එතරම් අප්‍රසාදයක් නැතත්, සමහර තැනක ඔවුන් ගැන විස්තර ද පමණට වැඩි යැයි සිතේ. වීරසේකර චරිතය එවැන්නකි. ඔහු උපේක්ෂාවෙන් ජීවිතය දෙස බලන, තමනට ලැබුණු බිරිඳ වෙනුවෙන් බොහෝ දේ ඉවසන, තරුණ පරම්පරාවේ හැසිරීම් ඉවසනා සුළු අයෙකි. මෙය එක් අවස්ථාවක් පමණක් ආශ්‍රයෙන් විස්තර වූවා නම් සෑහේ. ඔහුගේ ඉවසීම ට නිදර්ශන දැක්වෙන අවස්තාම දුසිම් භාගයක් පමණ ඇත. මේවා අවශ්‍ය ද ?  අනෙක අතුරු කතා ආදිය ය. 
කාන්තාවන් භාවිත කොටෙ කෙරෙන විවිධ ව්‍යාපර ගැන ඉඟි බොහෝය. ඉන් සමාජයේ සිදුවන දේ ගැන යම් කියවිමක් තිබුනද සමස්ත නවාකතාවට සිදුවන සෙත කිම ? 

දීර්ඝ නවකතා සහ වර්තමාන භාවිතය ගැන නිදසුනකට හැරෙමි. මේ දවස් වල මම නැවත මෝබිඩික් (Moby Dick) ශ්‍රවණ පුස්තකයක් මගින් කියවීමට යත්න දරමි. මේ මගේ තුන්වෙනි උත්සාහයයි - ඉන් පළමුවැන්නේ දි පොතේ 65% සීමාව පසු කලා මතකය. එහෙත් එය ඉන් පසු කියවීම මගහැරිණි. එනමුදු එය ලියවූ යුගයට සාපෙක්ෂව එවන් දිගු නවකතාවක් වෙනුවෙන් සමාජයට  වෙලාව තිබුනා පමණක් නොව, පාඨකයන් එය ඇත්තටම එය ආශාවෙන් පිළිගත්තා ද විය හැක (එය 1851 වසරේ පළ වූවකි).  මෝබි ඩික් හි අතුරු කතා එමටය. සිවර් ටිප්ස් හි අතුරු කතා වලට වඩා නවකතාවට එතරම් අදාළත්වයක් නැති කොටස් නැවත නැවත විස්තර වෙයි. එක්තරා මට්ටමකින් පසුව මෙය පාඨක ඉවසීම අභියෝගයට ලක් කරයි. අප සමඟ මේ පොත කියවීම ආරම්භ කල අප මිතුරියක් පොත කියවා අවසන් කලේ යම් උදහසකිනි. මට වුව පොත ගැන පූර්ණ ප්‍රසන්න හැඟීමක් නැත.  එහෙත් පෙර කී අපේ මිතුරිය පවසන්නේ මෑතක ප්‍රකාශ වූ පිටු දහකට වැඩි නවකතාව එසේ කියවීමට අපහසු කෘතියක් නොවෙන බවයි. එනම් සෑම පරිච්ඡේදයේදී ම ලේඛිකාවට  අලුත් දෙයක් කීමට ඇති බවකි. එපමණ ම දිගු නොවුනත්, කෞශල්‍ය කුමාරසිංහගේ 'නිම්නාගේ ඉතිහාසය' වනි දීර්ඝ කෘතියක වුව පිටුවක් හෝ අඩු වනවාට මා නම් අකමැතිය. එහෙත් මෙය සැම නවකතාවකට ඔබින්නක් නොවේ. වෙසෙසින් ගුණදාස අමරසේකර ගේ පසුකාලීන නවකතා සියල්ලයෙහි ම පාහේ අඩු පිටු ගණනකින් පාඨකයාට අඩුවක් නොදැනෙන්න සම්පූර්ණ නවකතාවක් ඉදිරිපත් කෙරී ඇත.

මා නම් සිතන්නේ, අප අද යුගයට උචිත ලෙස ලියද්දි,  සුදුසු සංස්කරණයක් භාවිතයට අප කතුවරුන් පුරුදු විය යුතු බවය. 2023 ප්‍රකාශ වූ නවකතා කියවීමේ මගේ තැතේ මේ දෙවෙනි කෘතියයි. මෙය යම් සංස්කරණයකට ලක් වන්නට තිබිණි. මීට පෙර කිය වූ එරික් ඉලයප්පාරච්චිගේ තිවංක කතාව විශාල වශයෙන් සංස්කරණයට ලක්වීමට උචිත කෘතියකි.

අවසන් වශයෙන් කිව හැක්කේ, කතුවරයා සිංහල පාඨකයන්ට නැවුම් ආරක ප්‍රධාන චරිතයක් හඳුන්වා දුන් නවකතාවක්, සමඟ කුහුල, ත්‍රාසය, රැගත් ආඛ්‍යානයක් ගෙන එන්නට කතුවරයා සමත් වුවද, ඔහුගේ පරීශ්‍රමයේ උපරීම පළ නෙලා ගැනීමට හැකි වූවාද යන්න නැවත විමසීමට ලක් කල යුතු නවකතාවක් ලෙස මෙම කෘතිය මා දකින බවකි.

ශ්‍රේණිය: ***

ද්‍රෝහියෙකුගේ අභ්‍යන්තර කතාව - කීර්ති වැලිසරගේ


ද්‍රෝහියෙකුගේ අභ්‍යන්තර කතාව වනා හි කතුවරයා ගේ දෙවෙනි කෙටිකතා සංග්‍රහයයි. 1995 වසරේ පළමු වරට ප්‍රකාශ වූ මෙම සංග්‍රහයේ ද, 'ගස් කට්ටිය' සංග්‍රහයේ මෙන්, අද වන විට අපට හුරුපුරුදු ප්‍රාදේශීය වටපිටාවක්,  අදට පෙර යුගයක තිබුනු අයුරු කියවෙන  නිර්මාණ වලින් පෝෂිතය. කෙටිකතා නවයෙන් 3ක්, 1986-1987 කාලයේත්, අනෙක්වා 1993-94 කාලයේත් ලියැවී ඇති බව පෙරවදනේ කියවේ. එනුමුදු එම සියළු කෙටි කතා වලින් ඊට පෙර යුගයක් මූලික වශයෙන් ආභාෂයට ලක් ව ඇති බව පැහැදිලිය. 
 
මෙහි එන "ඇඳ කබල" කෙටිකතාවේ එන තලාහේන අසූව දශකයේ මැද හෝ අග තිබූ තලහේන විය යුතුය. අද වන විට බොහෝ සේ නාගරීකරණය වී, පිටතින් පැමිණි අය පදිංචි ව තිබුන ද, සමහර පෙදෙස් වල තවමත් මුල් පදිංචිකරුවන් දැකිය හැක. 2000 දශකයේ ද එහි කනත්තට ආසන්නව දර මඩුවක් තිබුනා පමණක් නොව කරත්තයකින් කොළඹ දෙසට දර රැගෙන යන ලදී. එම පරම්පරාවෙන් පසුව දර මඩුව වැසී ගියා විය යුතුය. මා මේ මීට වසර 35-40 ක පමණ ඈතක් ගැන කතා කලේ, ඒ හරහා අද නොතිබෙන, කොළඹට ආසන්න වුව තවමත් ග්‍රාමීය පරිසරය  තිබූ, පහළ මැද පාංතිකයින් තරමක් අපහසුතාවෙන් තම දිවි ගැට ගසා ගත් යුගයක් ගැන කතුවරයා ඉඟි කරනා හෙයිනි."ඇඳ කබල" කෙටිකතාවේ කතා නායක, උපාධිදාරි ගුරුවරයා ඇඹිලිපිටියටත් එහා රැකියවේ යෙදුනද, එක් සති අන්තියක දී තම තලාහේනේ බාගෙට නිමකල නිවෙසේ නවතින්නට එන අයෙකුගේ සැප පහසුව ගැන වද වෙන්නේ, ඔහුට ඇති සීමිත පහසුකම් නිසාය.

එලෙසෙම මෙහි එක් කෙටිකතාවක එන "බෙලෙක්" විසුවෙ මාදින්නාගොඩ ලෑලි පාලම ආසන්නයේය. මෙය අද ද පෙරේරා සහ පුත්‍රයෝ සමාගමේ ප්‍රධාන කාර්‍යාලය පවතින පාරේ ඇති, එක් වතාවකට එක් පැත්තකට පමණක් ගමනේ යා හැකි පටු පාලම යැයි සිතමි (එය දැන් ලෑලි පාලමක් නොවේ - නුමුදු තවම පටුය). වතාවක් දෙකක් 2000 දශකයේ මුල පමණ එම පෙදෙසට ගොස් තිබුන ද එතරම් මතකයක් නැත - දැන් දැන් එම මාර්ගය බහුල ලෙස භාවිත වන්නේ උදෑසන මාර්ග තදබදය නිසා කොස්වත්ත, බත්තරමුල්ල, ඇතුල්කෝට්ටේ මඟහැර රාජගිරියට ඒමටය. බෙලෙක් කෙටිකතාවේ සුළු රැකියාවක් සහිත තරුණයා වෙත මෙහි එන ගැහැණිය බලාපොරොත්තුවක් ඇති කර ගන්නේ තමන් සතු බරින් යම් පමණකින් හෝ නිදහස් වීමටය.

"ගැහැනිය දවසට රුපියල් අසූවක් සොයන තරුණයා දෙස බලා, බුලත් කසට බැඳි දත් දෑන්ද පා සිනාවක් නැඟුවා ය. එය ඉතා ළෙංගතු සිනාවකි. අවුරුදු දහ හතක දහ අටක දියණියක සිටිනා ඕනැ ම පැල්පත් වාසි අම්මා කෙනෙකුගේ මුවට ඒ ආකාරයේ ළෙංගතු සිනාවක් නැගීමේ අරුමයක් නැත" ( 57-58 පිටු)
කෘතියේ නමින් වූ කෙටිකතාවේ එන ගුණපාල අකුරු නොදත්තෙකි. ඔහු ට විප්ලවවාදීන්ගේ පෝස්ටරය අකුරු ඇහිඳ කීමට අවස්ථාවක් ගෙන දේ. යම් තරමක් අකුරු දත් සිය බිරිඳගෙන් එම පෝස්ටරය කියවීමට ය ඔහුගේ උත්සාහය. එය ය ඔහුගේ අභ්‍යන්තර කතාව - ඔහු ද්‍රෝහියෙකු යනු කවරෙක්දැයි නොදත්තෙකි. එවැනි අඳුරු යුගයක වූ අපරාද වල පසුබිම ගැන හොඳ කතිකාතවකට මුල පුරන්නකි, "ද්‍රෝහියෙකුගේ අභ්‍යන්තර කතාව".

කෙටි, කෙටි කතා අටක් මැද වූ එකම දීර්ඝ කෙටිකතාව වූ, පිටු 40ක් පුරා දිවෙන "වතුර", මෙහි එන තවත් රසවත් කෙටිකතාවකි. එහි ඉතා ස්වාභාවික ලෙස, තීරණ ගත හැකි තැන් වල සිටින අය ඇඟ බේරාගෙන සිටීමට හැසිරෙන සූක්ෂම අයුරු ගැන ලියැවී ඇති අපූරුව අනුව, එය එක්කෝ ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් යැයි සක කරමි - එසේ පෞද්ගලීක අත්දැකීමක් වුව, එහි සූක්ෂමතාව පාඨකයාගෙන් නොගිලිහෙන අයුරෙන් වචන වලට පෙරලා ඇති අපූරුව කතුවරයාගේ ලේඛක ශූරත්වය පිළිබඳ දෙස් තියයි.

මීට අමතරව, මුග්ධ ලෙස අප රට පහළ මධ්‍යම පාංතිකයාගේ පක්ෂ දේශපාලනයට ඇති අන්ධභක්තිය කියාපාන "වතාවත", තවත් පැල්පත් වාසී කතාවක් තුලින් ගැහැනියක් තවත් ගැහැනියක් වෙත සංවෙදී වෙන අවස්ථා ද ඇති බව පෙන්වා දෙන "දහමන්දරී", හෙමිංවේ ගේ හෝ චෙකොෆ් ගේ කෙටිකතාවක් මතකයට නගන "පිපාසය" ආදි කෙටිකතා ද, මෙම සංග්‍රහයේ සමස්ත සාර්ථකත්වයට හේතු වන රසවත් නිර්මාණයෝ ය.

"නැට්ටුක්කාරයා" මගින් තරමක අතිශයෝක්ති අසංවේදි බව දැනුන ද , ඉන් වහනය වන අසංවේදීත්වයේ අසෝබනත්වය ප්‍රතික්ෂේප කල නොහැක. කිමද එහි එන සමහර කොටස් සිතට වාවාගැනීම අපහසුය.

ගස් කට්ටිය මගින් පෙන්නුම් කල ශූර කෙටිකතාකරුවෙකුගේ බලාපොරොත්තුව සනාථ කරන කෙටිකතා සංග්‍රහයක් ලෙස ද්‍රෝහියෙකුගේ අභ්‍යන්තර කතාව හැඳින්විය හැක.

ශ්‍රෙණිය: ****


The Buddha of Suburbia - Hanif Kureishi

  “Watching Jamila sometimes made me think the world was divided into three sorts of people: those who knew what they wanted to do; those (the unhappiest) who never knew what their purpose in life was; and those who found out later on. I was in the last category, I reckoned, which didn't stop me wishing I'd been born into the first.”


A busy novel, Hanif's first for which he landed "The Whitbread Award for first Novel". Its a collage  which showcases the  Racism of the 70's, Dogma of  immigrants which ruin the lives of their children, a country coming to terms that their best times as a nation were past them, Call for Socialism and Radical changes by dissatisfied youth, and through it all, people trying to find their meaning in life, looking for love, trying to correct their mistakes, and others trying to justify their mistakes till their last day. It is a fascinating work, with nary a dull moment, episodic, and with great characters. all of them with their eccentricities ( see Jamila, Eva, Charlie, Haroon, Changez, Pyke- and I haven't even mentioned our narrator, and protagonist - Karim ).

But if one is observant, one can sense where Hanif has dealt with a little more subtlety to register a point, more so than elsewhere in the novel. One such point I felt so was when Terry, albeit drunk, insists that Karim get donations for his Trotskyist  party, probably more due to the latter's Asian background. Karim too obliges - maybe he felt that it was his duty to do so. But Eleanor refuses to donate claiming that the party does nothing for immigrants.

"She smiled at me then, and she said, 'This is the point.They are not a Party for black people. They are an all-honky thing, if you want to know. I’m not giving a bean to that kind of apartheid thing.’"

The other episode which made an impression was the last dialogue in the book between Changez and Jamila - the former shows his hypocrisy, and how he can withstand whatever insults to as long as he has  his way at the end. One almost feel relief at the way that Jamila holds her own.

He shouted, ‘What’s wrong with your only husband here and available that you are turning to
perversion? Am I the one single normal person left in England now?’
‘Don’t start. Please, I’m so tired. I’m so happy at last. Try and accept it, Bubble.’
‘And all you here in this house, you good types, talk of the prejudice against this Yid and that black burglar bastard, this Paki and that poor woman.’
‘Changez, this is offensive, this is — ’
‘But what about ugly bastards? What about us? What about our rights to be kissed?’
‘You are kissed, Changez.’
‘After the exchange of pounds sterling only!’
‘Please, let’s go to bed. There are plenty of people who will kiss you. But not me, I’m afraid. Not me. You were imposed on me by my father.’ 

In essence, one positive that people like Jamila does have, not withstanding the racism that they face in South London, is they can have their own way not withstanding the odds. Yet, Hanif is not afraid to show the Cosmopolitan Liberalism of New York in good stead overall, during a time when London (leave alone rest of England - North of England is painted in poorer light ) was trying to find her way. Another point that one cannot miss is the highly  open sexual culture especially of the young. Soon things were to take a very sad turn with HIV hitting the country,  but sexual experimentation seemed the sole preoccupation of the young at the time - and in that context, a happy time.

This novel ends on the eve of Margret Thacher era where Karim and his friends have all accepted the changes that had happened in their lives, and are now looking forward to what the future may bring,  in this  fast changing city, which has been the focus of the world for many a century now.

"And so I sat in the centre of this old city that I loved, which itself sat at the bottom of a tiny island. I was surrounded by people I loved, and I felt happy and miserable at the same time. I thought of what a mess everything had been, but that it wouldn’t always be that way."

A most excellent book, for the type of reader who appreciates contemporary pop culture, post-colonialism, and has a keen eye for nuances of a narration.

Rating: ****1/2