Sunday, 31 October 2021

මිනිස් වටය - එරික් ඉලයප්ආරච්චි

 


දුලභ පෙරවදනක් ලියන කතුවරයා පවසන්නේ, නූතනයේ කෙරෙන අර්ථ නිෂ්පාදන හා පරිභෝජනය හේතුවෙන්, "වර්තමාන ලේඛකයාට මෙන්ම පාඨකයාට ද (යට කී) අර්ථ ජාලය විනිවිද දැකිය හැකි කෘතහස්තභාවයක" උවමනාව ගැන ය. එය ම මෙම කෙටිකතා සංග්‍රහය කියවිමට පාඨකයාගේ මැදිහත්වීමේ අවශ්‍යතාව මතු කරයි.

 

 

4. කෆ්කා සහ තාත්තා: පියෙකු සහ පුතෙකු අතර පරම්පරා වෙනස ගෙනෙනා දේශපාලන මත වෙනස්කම් ද (එවන් දේශපාලන උණක් ඇති පුද්ගලයන් නම්), ඔවුන් අතර ඇති බැඳීම තාවකාලිකව සඟවමින්, මට ගැටුම් නිර්මාණය කිරීම සුලභ දෙයකි. 2011 වන විට ( එන්ම මෙම කෘතිය පළ වූ අවුරුද්ද ), midnight's children හි සිනමානුකරණය, "පුවතක්" ව නැගී සිටියේය. එය පසුබිමක් කරගෙන, මෙම කෙටිකතාව, පියෙකු ගේ බලාපොරොත්තුත්, පුතුගේ ස්ථිර දේශපාලන මතවාද ද ඔස්සේ නිර්මාණය වූවකි. පුතාගේ  ජාත්‍යන්තර කලා නිර්මාණයකට සම්බන්ධ කරවීමට  ඇති බලාපොරොත්තුව, ඔහුගේ පියා ගේ දෑස් ඉදිරියේ බිඳ වැටෙන්නේ, කෆ්කා ගේ The Trial පොත පුතා පරිශීලනයට ගෙන ඇතැයි දැකීමෙනි. ජවිපෙ දේශපාලනය විනාශයකට මුලක් ලෙස දෙවතාවක් ම දැක් ඇති පියා, කෆ්කා ආගාධයක් ම ලෙස දකී.  පියා දකිනා පරිදි, පසුගාමී දේශපාලනයක අතකොළුවක් වීම අතැර  ජාත්‍යන්තර නිර්මාණයකට සම්බන්ධ වීමට ඇති අවස්ථාව ට පයින් ගැසීම මුග්ධ බවකි.
සිත් ගත් කොටස්/පාඨය:


7. උලලේනෝ: සමාජ පෙරළිය පෙන්වන කෙටිකතාවකි. ජාත්‍යන්තර කීර්තියට පත් වූ සමාජ විද්‍යාඥ්ඥයක් වුව, ඔහුට ලංකාවේදී රූපවාහිනියේ මුහුණ පෙන්වන්නට සිදු ව ඇත්තේ සුපර් ස්ටාර් තරඟයකට සහභාගි වන සිය පුතු හේතුවෙනි.  එලෙසම සමාජ විද්‍යාඥ්ඥයින් වුව සමහර විෂයන් ගැන සමීක්ෂණ නොකෙරෙන්නේ, එම විෂයන් වලට ඇති පෞද්ගලික සබඳතා වැඩි හේතුවෙනි ( "මටත් හිතුනා ඒ රිසර්ච් එක පර්සනල් වැඩියි කියලා" 53 පිටුව). බරපතල ලෙස වර්තමාන සමාජ හැසිරීම් ගැන කතා කර ද ඉතා යථාර්තවාදි ලෙස ලියැවී ඇති තවත් අපූරු කෙටිකතවකි.

සිත් ගත් කොටස්/පාඨ:

15. මොරොක්කෝ දිනපොත: දිනපොතක සටහන් ආකාරයෙන් ලියැවී ඇති මෙම කෙටිකතාවේ රසය පවතින්නේ සැබටිකල් නිවාඩුව ගත කරන ප්‍රංශ භාෂාව පිළිබඳ මහචාර්‍ය්වරයා,  විශිෂ්ඨ ලේඛකයන් කිහිප නමකගේ මොරොක්කෝව සහ ඇල්ජීරියාව ආශ්‍රිත අත්දැකීම්, හෝ නිර්මාණ වල කොටස් මතක් කරලීම ඔස්සේ ය. ජේම්ස් ජොයිස්, ඔස්කාර් වයිල්ඩ්, ඇල්බෙය කැමූ, අන්ද්‍ර ජිද්, සහ විලියම් බරොස් ඉන් කිහිප දෙනෙකි. ඒ අතර අප මහාචාර්‍යවරයා මුහුණ දෙන තරමක් පුදුම සහගත සිද්ධීන් ද මෙම සටහන් අතර වෙතත්, සමස්තයක් ලෙස කෙටිකතාව රස වින්දෙමි.

සිත් ගත් කොටස්/පාඨ:


8. මිනිස් වටය: මීගමුව සිට හලාවත පමණ දක්වා කොටස වෙසෙන බොහෝ ජනයා ට ඉතාලිය යනු දෙවෙනි මවුබිමකි.  මීගමුව වෙරළබඩ ආශ්‍රිත ධීවර ජීවිතය, එම පරිසරය විස්තරයෙන් ඇරඹෙන මෙම නිර්මාණය, අයෙකුට අන් රටක, අලුත් වටපිටාවක් ගෙනෙන නැවුම් බලාපොරොත්තු වල වටිනාකම අනුව, ජීවිත අවදානම සුළු දෙයක් බවට පත් වෙන අයුරු පෙන්වා දෙයි. ඔහුට අහිමි එම තරුණිය ට අයත් බෝට්ටුවක් පිළිබඳ පහත සඳහන් විස්තරය,  මෙම කෙටිකතාවේ ප්‍රධාන චරිතය වන ලයියාගේ සැබෑ සිතුවිලි පිළිබඳ ඉඟිකරයි.

සිත් ගත් කොටස්/පාඨ:

11. සුනාමි මිතුරා: සුනාමි මිතුරා යනු වචන දෙකම වචන හා කෙළියකි. සුනාමිය නිසාම ඒ ව්‍යසයනයට කම්පා වී ඕස්ත්‍රේලියාවේ සිට ලොකුරත්න අමතා උදවුවට එන බව කියූ පරන සරසවි මිතුරෙකි. එම සරසවි මිතුරාට සුනාමිය වස්තුවෙන් හා ස්ත්‍රී සම්පතෙන් ද මිතුරෙකු වී ඇති බවකි. සුනාමියෙන් වසර හතකට පසුව ලියැවී ඇති මෙම කෙටිකතාවේ මුල් කොටසේ සුනාමි ව්‍යසනය පිළිබඳ විස්තර, එකල අප දුටු රූපවාහිනි දසුන් මතක් කරයි. පළමු වරට සුනාමි යන වචනය ඇසීමේ, සහ එහි අකුරු පෙළගැසීමේ අත්දැකිම ද එහි ඇතුලත් ය. ඒ අතර ලොකුරත්න ට තම ගම ට් අවූ ව්‍යසනය විඳ දරා ගැනීම අපහසු වී ඇත. මේ සමාජයේ ඉහළ නගිත්ම තම ගම අමතක කල හෝ, අමතක කරන්නට සිදු වූ හෝ, අයෙකි.

සිත් ගත් කොටස්/පාඨ:


10. අස්ස කරත්තෙ: ලංකාවේ ඇති හැකි කෙනාගෙන්, අන් අය යම් යම් උදවු පදවු පැතීම මෑත සංස්කෘතියෙම කොටසක් වැනි ය. දේශපාලඥ්ඥයින් විෂයේ මෙය ඉතා උග්‍ර ය. අද අප රට ප්‍රධාන පවුලක්, රට ට ම පිළිලයක් ලෙස පරම්පරාවෙන පරම්පරාවට ඥාති සංග්‍රහය උඩ දුවා ඇත. එහෙත් මෙහි එන දේශපාලඥ්ඥ ඥාතියා, තම ඥාතීන් ව ප්‍රයෝජනයට ගන්නේ, තම ඕනෑ උවම්නාකම් වලට සෑහෙන පරිද්දෙන් ක්‍රියා කරනා අතර, ඥාතීන් ට ද යම් සහනයක් ලැබුනොත් ලැබුනාවේ යන ආස්ථානයක සිට මෙනි. මෙහි එන සාර්ථක කෙටිකතා ගොන්න අතර ඇති අතිසාර්ථක නිර්මාණයකි.

සිත් ගත් කොටස්/පාඨ:



4. හෘද සාක්ෂිය: වලව් පැලැන්තියේ කාන්තාවක් විවා පත් කොට ජයසුන්දර විවා පත් වූ අලුත, වල් ඌරෙක් අනීමෙන් අනතුරට පත් වේ. ඔහු ගේ නැසී ගිය මස්සිනාගේ සැබෑ පෙර කල චේතනාවන් තේ පඳුරු ඇතුලේ ලගින වල් ඌරෙකුගෙන් නිරූපනය වේ ද? ජයසුන්දර ගේ "තරඟකරුවා" හා සමාජ තත්ත්වය සැසඳීමෙන් ඔහුට මදි පුංචිකමක් හැඟේද ? භීෂණ සමය, පෙර දැනහැඳුනුම්කම් නිසා පවතින සිත්වේදනා, කුප්පි ලාම්පුවෙන් අදටත් එළිය ලබන වලව්වේ උඩුමහල, ඒ කාලකන්නි යුගය පිළිබඳ මතකයන් වල බර ජීවිත ආරක්ෂා කරගත්තෝ වුව ගෙවන්නෝය. මල මිනිසා ගේ බලපෑමෙන් ජයසුන්දර දිවි තිබෙන තුරා පසුතැවෙනා බවට සැකයක් නැත. ඇත්තෙන්ම යටි සූත්තරයක් සහිත නිර්මාණයකි.

සිත් ගත් කොටස්/පාඨ:


9. සප්තක පෙට්ටිය: ජර්මානු ආර්‍යාවගේ නැති වුනු ෂෙලෝ පෙට්ටිය! නිවර්තන දේශගුණයෙන් බේරීමට වායුසමනය කොට තිබූ ෂෙලො පෙට්ටිය "නැති වී" ත්‍රී වීල් ඉස්කූටර් මත්තෙන් තැනින් තැනට මාරු වී සරණපාල නම් වැඩාධික සංගීතඥ්ඥයකු අතට පත් ව, එතැනින් ද පහත ස්ථරයකට ගොස්, මත් කුඩු සොයන රේගු නිලධාරීන් අතින් අවසන් ගමන් යයි! එම සමස්ත ගමන අප රට ජනප්‍රිය සංගීතයේ කඩාවැටුමත්, ඊට හොඳ ආම්පන්න, අමුද්‍රව්‍ය ලැබුනත් ඉන් සුදුසු භාවිතයක් නොගන්නා අයුරුත් නිරූපනය වේ. තරමක වෙනස් ආරක කෙටිකතාවකි - එහි ප්‍රධාන "චරිතය" අජීවි යමකි.

සිත් ගත් කොටස්/පාඨ:

13. නාගරිකයෝ: සේනක ට ආදරය කරන, සේනක වින්දය කරන දිවියේ, මදුවිත අත්‍යාවශ්‍ය අංගයකි. ඔහු එම ඇබ්බැහිකමෙන් මිදීමට ගන්නා උත්සාහය ද, ඔහු ගේ දිවියේ සාමාන්‍ය දිවි පෙවතේ කොටසක් බවට පෙරළේ. ඔහුගේ ඇබ්බැහිකම මදුවිතෙන් ඔබ්බට ගිය එකක් බව පැහැදිලිය. ඔහු ඇබ්බැහි ඒ නාගරික ජීවිතයට ය.

සිත් ගත් කොටස්/පාඨ:


5. අනාථ දරු උපත: අප රට බැංකු ක්ෂේත්‍රයේ සමහර බැංකු බංකොලොත් වීම, බොහෝ අමාරුවෙන් සහ කැපකිරීම් මධ්‍යයේ මුදල් උපයා ගත් අහිංසක පවුලකට බල පෑ අයුරු පෙන්වන කෙටිකතාවකි. ගැබිණියක් ලෙස සිය සැමියා ළඟ නැතුව, ඇගේ සියළු අවශ්‍යතා නැතුව දුක් විඳි සුරාජි, ඔවුන් ඉපැයූ මුදල් ද නැති වූ විට මෙලොවට උපදින්නේ අනත් දරුවෙකු ලෙස අර්ථකරගන්නීය.

සිත් ගත් කොටස්/පාඨ:


3. පැදුරු පාටිය: මෙම කෙටිකතාව ජීවිතේ වැඩි කාලයක් ගණිත ක්‍රමයන් මූලික වූ වෘත්තියක නිරත වූවෙකුට, මැදිවියේදී කලාවේ රසය කට ගෑවීමක් හේතුවෙන් හටගත් ව්‍යාකූලත්වයක් ඔස්සේ ගොඩනැගුනකි. අපූරු නිර්මාණයකි. අප ඉංජිනේරුවා ගේ බිරිඳ ද සැමියාගේ හැසිරීම හමුවේ විකල්ප ඇසුරක සරණක් පැතිමේ විභවය අඟවා ඇති අයුරු අපූරුය. "There's no fool like an old fool", යන ආප්තය මතක් කරවන්නකි.

සිත් ගත් කොටස්/පාඨ:

6. උළු කැටය: ගැහැණුන් සිත් වසඟයට ගත හැකි පිරිමි බවකින් යුතු ලොරි රථ රියෙදුරෙකුගේ අතීතාවර්ජනයක් සහ වර්තමානය අතර කතාවකි. එකල LTTE සක්‍රීය කාලයේ ප්‍රබාකරන්ගේ නිල කවියා යැයි හැඳුන්වුනු අයෙකු කීවේ, "කවුරු කවුරුත් බොම්බ තියති කියා ය." තම කාන්තාව ආරක්ෂා කර ගත නොහැකි පිරිමින් ද සියළු දෙනාම ඉවසන්නේ නැත.

සිත් ගත් කොටස්/පාඨ:
1. යකඩ ගැහැනිය: කෙටිකතාවට අදාළ සිද්ධින් සිදු වන්නේ මහාචාර්‍ය පියසීලි විජේගුනසිංහ ගේ අවමගුල්දා ය. භෞතිකවාදී ජීවිත පාඩමකට අයනු ආයනු කියා දුන් ඒ යකඩ කාන්තාව ගේ නික්මීම දින අප මැදි වියට ආසන්න, එහෙත් ගැහැණියක් ලෙස ජීවිතය විඳින කාන්තාවක් ද. පුරුෂුයන්ගේ අනේක බලපෑම් මධ්‍යයේ තමනට කැමති ලෙස තම දිවිය ගෙවන්නියකි. මෙය නම් එරික් ගේ හොඳම කෙටිකතාවක් විය යුතුය.

සිත් ගත් කොටස්/පාඨ:

14. මහත්මා දවස: මේ කෙටිකතාව 1920 දශකය අග භාගය අලලා ලියූවකි.  එරික්ගේ කෙටිකතා කිහිපයක එන චරිතයක් වන අසැප් ගුරුතුමාත්, දමිළ ජනයා ගේ ආදරයට පත් වාත්තියාර් ලෙස ඇමතුම් ලද ගුරුවායාත් මෙහි චරිතයන් ය. අපට වාත්තියාර් මීට පෙර කෙකි කතාවක ( පෙර සංග්‍රහයක ) ද හමුවේ. 1927 වසරේ ගාන්ධිගේ ලංකාගමනය සමග ගෙතුණු රසවත් කෙටිකතාවකි. කොළඹින් පසුව, චාර්ල්ස් එඩ්වර්ඩ් කොරයා හලාවතින් ඔහුව පිළිගැනීමට සූදානම් ව සිටිද්දී, ගාන්ධි මීගමුවට පැමිණෙන්නේ චෙට්ටියාර්වරුන් මූලික්ව කල ආරාධනාවකිනි. ඒ වන විට ගිනි පොළීකරුවන් ලෙස අන් මීගමුවේ සියළු ජාතීන්ගේ අප්‍රසාදයට ලක් වූ පිරිසකි, චෙට්ටියාර්වරු.

සිත් ගත් කොටස්/පාඨ:


12. අසම්පූර්ණ බිත්ති:
ගොළු තරුණයෙකු හා සබැඳි මෙම කතාව, එම තරුණයාට තම සිතෙහි වූ සිතුවිලි, පීඩානයන්, 71 කැරැල්ලේ විඳි දුක් කටොළු කීමට අවස්තාවක් උදා වූ පිළිබඳවය. එම කැරැල්ලේ අසම්පූර්ණ බලාපොරොත්තු, අප සමසමාජ පක්ෂ හිතෛෂී කථකයා ගේ අසම්පූර්ණ රතු බිත්ති වලිනුත්, ලේ පාට වන් රතු පැහැයක් නිවෙසේ සැම තැනම ඉතුරු වීමත් හරහා පෙන්නුම් කරයි.

සිත් ගත් කොටස්/පාඨ:

මෙම කෙටිකතා සංග්‍රහය, කෙටි කතා පහළොවකින් සපිරිය. ඉවත දැමිය හැකි නිර්මාණයක් නැති තරම්‍ ය. තම පෙරවදනින් ඉඟිකරමින් ඇරඹුණු අයුරින්, පාඨකයා ගේ කියවන අතර යම් වැඩකොටසක්, විමසිලිවන්තබවක්, පේළි අතර රූපක අනුසාරයෙන් කියවිමක් බලාපොරොත්තු වන ආරේ විශිෂ්ඨ කෙටිකතා සංග්‍රහයකි. යකඩ ගැහැනිය, හෘද සාක්ෂිය, අනාථ දරු උපත, උලලේනෝ, අස්ස කරත්තෙ, සුනාමි මිතුරා, නාගරිකයෝ, මහත්මා දවස, සහ මොරොක්කෝ දිනපොත ඇත්තෙන්ම අපූරු නිර්මාණය. ඉන් සමහරක්වා මෙතෙක් ලියැවී ඇති හොඳම සිංහල කෙටිකතා අතරට අයත් යැයි සිතේ.

මේ කෙටිකතා සංග්‍රහයට තරුපහකට අඩුවෙන් කිසිදු පිළිගැනීමක් සුදුසු නැත.

ශ්‍රේණිය: *****
ශානරය: කෙටිකතා
ප්‍රථම මුද්‍රණය: 2011

Monday, 11 October 2021

Waiting for Godot - Samuel Beckett


“Vladimir: What do they say?
Estragon: They talk about their lives.
Vladimir: To have lived is not enough for them.
Estragon: They have to talk about it.”

Considered an existential classic, I read the script for this play, with the aim either watching a dramatized version or a cinematic version ( at the time of writing this, am yet undecided on which - but cinematic versions seems to be more easy to find). Although it has made a name for a existential theme, upon reading it one finds that themes of Absurdism is equally present in it - if not more so. It is minimalist in nature, and just as the reader wonders if the absurd is going too far, the script throws in a gem of a dialogue. The two tramps live out their days, and Godot is possibly a representation of a hope of a better thing that will change their days - that may never come to pass. Maybe, on the first part, Pozzo is their godot for the day. Pozzo obviously represents a class that has no penitence about living off the faculties and strength of others. Pozzo's following comment proves it, I felt.

"Is there anything I can do, that's what I ask myself, to cheer them up? I have given them bones, I have talked to them about this and that, I have explained the twilight, admittedly. But is it enough, that's what tortures me, is it enough? "
This to me represents in parody, the thinking of a rich man, living off the blood and sweat of  others - the used,  represented by Lucky - what a choice of a name ?

 And those who live out their days ? What of them ? To me, the following comes closest to an approximation of us assuming Sisyphus being happy with his lot - true that Estragon and Vladimir aren't toiling at mundane labour - but their repetitive waiting with nothing to do, no hope, repeated beatings by others, see an occasional escape.

“Let us do something, while we have the chance! It is not every day that we are needed. Not indeed that we personally are needed. Others would meet the case equally well, if not better. To all mankind they were addressed, those cries for help still ringing in our ears! But at this place, at this moment of time, all mankind is us, whether we like it or not. Let us make the most of it, before it is too late! Let us represent worthily for one the foul brood to which a cruel fate consigned us! What do you say?"

There is no necessity to write about this play at length, for it is a play that has to be enjoyed by those who love the ideology - not to mention, the patience that is required for the rewards of reading as there could be a risk of the nonsensical, which is actually the absurdism taking form in dialogue between the two tramps. This is considered a book/play that has become popular over the years since its first publication in French almost seventy years ago ( The English translation is also by the author himself ). It is said that the audience reaction of its first staging was one of bafflement, back in 1953. I feel that this is a play, where the viewer should be aware of the script before its viewing, for its total effect - I plan to put that to test in the coming days, by at least settling for a cinema version.

My Rating: ****
Genre: Play Script / Philosophy / Existentialist Literature

Sunday, 3 October 2021

A Passage North - Anuk Arudpragasam


This book in summary is a series of reflections - a self reflection by our protagonist, Krishan, a reflection on the life of people that he has met and has had an impact on him, in his short life - be it Rani, his grand mother's companion, who tried unsuccessfully to over come her trauma, or his girl friend, Anjum, who decides to forego what was possibly a beautiful relationship, since her yearning tells her that her liberation is in a different path, and the two black tiger cadres - Dharshika and Puhal - who he reflects upon, upon seeing them  in a documentary.

And liberation ? Liberation will mean different things to different people at different stages of their lives. The sexual undertones of the friendship between Dharshika and Puhal in unmistakable, and it suggests that their cause - a liberation for a new home land, was not the only liberation they were seeking - a mixture of desire and a yearning - two separate longings, which the author goes to some detail to elaborate towards the end of the book. Rani, after all she has lived through is convinced that there is only one liberation for her. She has only one yearning - to escape..

"...what Rani's life had been like since the end of the war, physically located in a world that was shorn of the people she loved and unable therefore to participate in it, her mode of existence more akin to that of ghosts than humans, even if she'd existed in a body that possessed weight and could move physically through space, even if she'd remained capable of love and pain, laughter and generosity..." ( page 280)

 The novel is devoid of any dialogues. The narration is through an implicit third person, but this narrator presents to us the sentiments of our protagonist, Krishan. We understand how troubled he was during the last years of the war, how the allegations which the narrator tells us, Krishan  was not willing to accept, was subsequently "proven to him" with the BBC channel four video.  That he's been following up what the diaspora has been saying, is again informed us by this narrator. As a reader, trying  to read this book as closely and  objectively as much as possible, despite it talking about a war  against the separatists, ( in which I clearly backed the State - let me admit,) I didn't find any of the protagonist's stances surprising. I don't even think of it as an out and out biased account, just a natural one, given the background of Krishan.

The success of this novel is in Anuk's ability to apply his writing skill to detail out each of the areas of his focus ( that it is also his downfall, reminds me of a master batsman perishing to his pet shot) - be it in the detail of Krishan's relationship with Anjum, or even Krishan's grandmother's traits and character ( which admittedly is not much different to many old women, who hunger for attention, with life automatically moving them to a role of relative inactivity ), which Anuk spends many pages explaining in detail, which to my surprise I found myself reading with surprising interest.  There is a six page summary of cloud messenger, or the meghadutha, a classical Sanskrit poem, a favourite of Krishan's. There is a recollection of a few incidents on a particular  new year's eve in which Krishan  understands how Rani goes through life  - this memory comes to him while staring at a funeral pyre - the memory takes nine pages to describe, whereas what is needed for the novel is how Rani lived her life without actual participation in it. But we must know much more - how defeated Krishan felt that night, how much he smoked - this kind of detai is the only major problem I have with this novel. Anuk can construct, long, half a page sentences, in which he successfully retains the reader. This is the beauty of a the book, in which the main theme is reflection on subjects like liberation, yearning, and death. Yet, later, I joked with a friend of mine who read this book a few weeks before me, that I really needed to know every detail about Krishan's grandmother's temperament. I further joked with her that, Anuk is such a writer that he can explain the daily life of a sloth in such detail that the reader will be with him for most of that while - until she realises the pace, and questions, did I really need to know all that ? - translated as:  'Did I really need to know how high he was that night ?', 'Did I really need to know each and every detail of Appamma (Krishan's gran) ?', 'Did we really need to hear a summary of the directions that the cloud received in the poem, cloud messenger ?', 'Did we really need to know the early life of Sidhdhartha Gauthama in such detail ( which is easily found for anyone with interest ?' Clearly, thirty to forty pages could've been docked from this book, while maintaining Anuk's fine style of long sentences, his finesse in reflecting, and nuances  in philosophy which he has inserted with much skill. For this am constrained to dock him half a star, from an otherwise four star book). Yet some of those long detailing work in Anuk's favour. Both Kuttumani's story and the fore-mentioned Dharshika/ Puhal narrations. Even his digress into the Therigatha, using Hallisey's translation throws in subtle meaning to the idea of freedom. There is a comparison between the two ideas of liberation - that of the early Buddhist nuns, and the tigers. The subtle sexual undertone build a common base, and a subtle deploying of sociological contexts,  is used with some skill here. The reader too needs to read this area with caution,  to save herself from a  superficial comparison.

In essence this is a book I want to love - for its reflections. But I only end up liking it ( i.e. see why I docked half a star above). One could say that the account in the excesses of the war is largely one sided - but then it is presented from the viewpoint of our protagonist, who seeks a path of liberation by serving in the North and the East, to overcome a sense of guilt for the safety he lived in, in the South, further fueled by an idealistic girl, who won't let a good thing take fruit. Plus, Rani's story is harrowing - and I cannot possibly contest that such things that she faced didn't happen, even though am reluctant to accept the figures quoted by that channel 4 video. So, my take is, this work of fiction ( or any work of fiction)  is not the ideal ground to build up an argument on who were the bigger monsters in a long stretched civil war.

All in all, am glad that a Sri Lankan is nominated as a Booker finalist, that he crafts such long, reflective sentences, which brings to mind Michael Ondaatje, for the pure beauty of the language used. I was also overwhelmed with this particular book cover which shows our cheap train tickets to an international readership, with our local language scripts and all - for which reason itself I bought a physical copy of this book ( I usually prefer reading on my kindle). That it was a book I enjoyed, caps it all. I hope Anuk Arudpragasam all success, ( and may he save us from the details of any grand parents that his future fictional characters should have ).

Rating: ***1/2

Wednesday, 29 September 2021

සැඳෑ සක්මනක සැහැල්ලුව - පියල් කාරියවසම්

 

 


ලේඛකයාගේ මා කිය වූ තෙවෙනි කෙටි කතා සංග්‍රහයයි. විශේෂයෙන් "කුරිරු සුරංගනා කතාවක්" සංග්‍රහයෙන් කතුවරයා ගැන ඇති වූ විශ්වාසය තව දුරටත් සනාථ කරනා ආකාරයේ විශිෂ්ඨ සංග්‍රහයකි. කෙටි කතා අට වෙත යොමු වන්නේ නම්;


දිවුල් ගහේ කොළ සුළඟේ විසිර යති:

"නියං සාය දික් වෙන්ඩ දික් වෙන්ඩ වැඩියෙන් පල ගන්න පළතුරක් දිවුල්..."

නිල්ගල වනාන්තරය පෙනෙන ඉසව්වේ, දවාලන තරම් නියං සාය කාලයේ, ජීවිතය හා හැපි පරාජය වන මිනිසුන් ය. අප කථිකයා ඉන් බේරි, උසස් අධ්‍යාපනයේ පිහිට පතන බවක් ඇඟවේ. ඔහු ජන්මයෙන් ම "උදාසීන චර්යාවකට ඇඟෑලුම්කමක් දක්වන" බව කීමෙන්, ඔහු වැනි අය කය වෙහෙසා, ඒ වෙහෙසට ද පල ලබා ගැනීමට ද නොහැකි එම පෙදෙසේ විසීම කල නොහැක්කක් බව අපට හඟවයි.  කෙටිකතාව කියවන විට,
එම වටපිටාවේ ගිනියමත් ඇස් පුංචි කරවන දැඩි අවු රස්මියත් පිටු අතරින් කියවන්නියට විඳින්නට වන ආකාර රචනයකි, මෙය.  (කියෙව්වේ 31/08/2021; අවනඩුවක සටහන් යටතේ වූ කෙටි චිත්‍රපටිය නැරඹීමට පෙර )

සීතල හිමිදිරියේ වහළ උඩ සිටි බළලා: බළලෙකුට, ඌ "හොරා කන්නේ" කාගෙන් ද යන්න අවැදගත් ය. ඌ අවස්ථාව ලත් විට හොරා කෑමට හැකි කාගෙන් වුව හොරා කයි. අප කතා නායකයා  අවසන, තමන් වට පිට සියළු දෙනාම බළල් වළිග සමඟ දකිනුයේ, ඇයි දැයි යන්න පැහැදිළිය. කතුවරයා පෙන්වන වත්මන් යථාර්ථය අහිකුණ්ඨිකයාගෙන් වුව හොරා කන සමාජයකි.  අප කතා නායකයා, පොත ට පත ට දර්ශනය ට ම දිවි නතු කරමින්, වත්මන් සමාජය කෙරෙහි නොතකන අයෙක් ලෙස පෙන්වා ඇති අයුරු අපූරුය.
( කියෙව්වේ 06/09/2021; "අමුතු කතාවේ" එන සඳහන හේතුවෙන්)

ගිරි තරණයට පෙම් බැඳි දිවියා: සංග්‍රහයේ එන පළමු කෙටිකතාව වන මෙය, කියවීමේ කුතුහලය පවත්වා ගත්ත ද, මෙම සංග්‍රහයේ එන අනෙක් කෙටි කතා තරම් සාර්ථක යැයි නොසිතේ. මෙහි තරමක අතිශයෝක්තියක්, එනම් ආත්මානුකම්පාවක් නැගෙනාකාරයෙන් ලියැවී ඇත්තෝදැයි සිතේ. බසයේ සිදු වු දේ, අම්මාගේ ලිපිය ආදිය එක්කෝ අතිශයෝක්තියකි; නැතිනම් සුලභ කාරණාය.
( කියෙව්වේ 07/09/2021; "අමුතු කතාවේ" එන සඳහන හේතුවෙන්)


බිත්තර වී:
මෙහි එන කතාව එතරම් දුර්ලභ නොවන්නට පුළුවන. එසේ දුර්ලභ නොවීම අප වෙසෙන සමාජයේ පීඩිත පංතිය, සමාජයක් ලෙස අප රට සමස්ත ජනතාවගේත්, වෙසෙසින් මෙතෙක් පිහිටි රජයන්ගේත් අසංවේදීබවේත් අසාධාරණත්වයේත් සලකුණක් මෙනි. ඒහෙත්, ඒ සුලභ ඒත් අසරණ කතාව විශිෂ්ඨ කෙටිකතාවක් බවට පරිවර්තනය වන්නේ, අප ලේඛකයා භාවිතා කොට ඇති අපූරු රූපන හේතුවෙනි.

වැසි කාලයට පමණක් දිය බොන්නට ලැබෙන කෑදත්තා සහ අන් අය අසරණ වූ විට තම පිපාසය සංසිඳුවා ගන්නා මිනිස් සත්ත්වයා අතරින් කෑදැත්තා උතුම් බව පැහැදිලිය.






සදාකාලික හුදෙකලාව:
රෝගීව ඇඳ ට සීමා වූ මහල්ලෙකුගේ දෘඨිකෝණයෙන් ලියැවී ඇති මෙම කෙටිකතාව ඇත්තෙන්ම, අප ට නොසිතෙන දෘෂ්ඨිකෝණයකින් ජීවිතය ගැන සිතීමට අපට බල කරන්නකි. රෝගියාගේ මොට වූ ඉන්ද්‍ර්‍රීයයන් මෙන්ම, වඩා සංවේදී වූ ඉන්ද්‍රියයන් ද, ඔහුගේ දරුවා ඔහු විඳින දුක හා අපහසුතා ද, තමන් පෙර කලෙක ගන්නට වූ තීරණයන්හි මුග්ධ බවද ආදී වශයෙන් විවිධ සංකිර්ණ සිතුවිලි ඔහුගේ සිතෙ වෙසෙයි.

මායාවී ඇහැල මල්: දෙපාපියනට දරුවකුගේ ප්‍රාණය මෙන් වටිනාවූත්, ඒ නිසා ම ඒ ගැන කතා කරන්නටත්  බිය විෂයකි. දරුවන්ගේ මරණයන් ගන සඳහන් වන බව දන්නා නිසා ම මා කියවීම කල් දමනා සිංහල නවකතා දෙකක් ( හැන්දෑව; අස්වැන්න ). දරුවෙකු ට ද මරණය යන්න තේරුම් ගැනීම අපහසු, සිතට වදදෙන කාරණයකි. පියෙකු තම දරුවාට ඇති සෙනෙහසත්, ස්වාභාවික ලෙස සත්‍ය අවබෝධ වීමට ඉඩ දුන් තැතක් හේතුවෙන් ඇති වූ පසුතැවීමක් ගැනත් ඉඟිකරනා කෙටිකතාවකි.

ගිනි ගත් පිහාටු පෑන: මෙම කෙටිකතාව මට කතුවරයාගේ එකම නවකතාව වන වීදුරු කුඩු කැවුණු කලෙක මතකයට නැංවීය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් කල සමීප මිතුරන් වුව ද, අප කථක යම් තරමක අසංවේදිබවකට හුරු ව තිබූ බවත්, අප කථකයා දුටුව දෙයින් ම, තම මිතුරා වන ධර්මේ ඔහුගේ අවසානය තෙක් ම ගෙනයාමට තරම් බලපෑමක් කල බවත් පැහැදිලිය. අවශේෂ කාරණවක් ලෙස මේ කාලයේම, හෝකන්දර තනි පවුලක කිහිප දෙනෙකුගේ ඝාතනයන් ද සිදු වූ බවට තේරුම් ගත හැක. එලෙසම මේ පොත කැප කරන අජිත් තිලකසේනයන් මතකයට නැගීමට සමත් කෙටි කතාව ද මෙය ම ය.

සැඳෑ සක්මනක සැහැල්ලුව: විශ්‍රාම ලත් ගුරුවරයෙකු වූ හෙරත් මහතා ගේ දින චරියාවත්, කාලයත් සමඟ ඔහුට නැති වූ සිය පුතු, බිරිඳ ඇතුළු අය ගෙ මතකයන් සමඟ පාළුවට ගියෙ නිවෙසේ විසීමට දැරූ තැතත් විස්තර කරනා මෙම කෙටිකතාව ඊට ම අනුකූල සියුම් රිද්මයකින් සපිරිය.

මෙම කෙටිකතා සංග්‍රහයේ දුර්වල යැයි කිව හැකි කෙටිකතාවක් නැත. එහෙත්, සදාකාලික හුදෙකලාව, ගිනිගත් පිහාටු පෑන, බිත්තර වී, සීතල හිමිදිරියේ වහළ උඩ සිටි බළලා, සහ දිවුල් ගහේ කොළ සුළඟේ විසිර යති, යන කෙටිකතා ඇත්තෙන්ම විශිෂ්ඨය. මෙය පොත් කියවීම හරහා ම මුණ ගැහුණු හෂිතගෙන් තෑග්ගක් ලෙස ලැබුනේ මීට වසර පහකට පෙර ය - ඒ සිංහල කෙටිකතාව ගැන කතාබහක ප්‍රතිඵලයක් ලෙස විය යුතුය.  මෑතක මෙය කියවීම ඇරඹුවේ, අවනඩුවක සටහන් ඒකාංගීය ටෙලි චිත්‍රපටි මාලාවක් නැරඹීමට ප්‍රථම, ඊට මුල් වූ කෙටිකතා කියවීමට ගත් තැතේදීය. ඊට අමතරව මේ දින වල ගාටා ගාටා කියවන ( ඒ පොත් දෙකම කවරෙන් කවරෙට කියවාවි යැයි විශ්වාසයක් තවම මා සතුව නැත), අමරකීර්තිගේ අමුතු කතාව සහ කෙටිකතා කලාව, යන පුස්තක දෙක හේටුවෙනුත් මෙහි සමහර කෙටි කතා කියවීමට යොමු වීමි. ඉහත කාරණා දෙක මත කෙටි කතා හතරක් පමණ කියවා අවසන් වද්දී, ඉතඋරුව තිබුනේ මේ පිටු 76 කුඩා පොතෙන් බාගයක් පමණ කියවන්නටය. කෙටිකතා කිහිපයක් ම මොනරාගල, බිබිල ආදී පළාත් පසුබිම් කොට ගෙන ඇත. එහි කැලෑ සුවඳ, ඉදුණු දිවුල් සුවඳ, වියළි සුළඟ ඇඟට දැනෙනාකාරයෙන් ලියැවී ඇත ( බිත්තර වී, සැඳෑ සක්මනක සැහැල්ලුව, දිවුල් ගහේ කොළ සුළඟේ විසිර යතී.). ඊට අමතරව, තරඟකාරීත්වය, තමන්ගේ පැවැත්ම පමණක් ම වෙනුවෙන් ජීවත් වීමට පුරුදු වූ මිනිසුන්ගේ අසංවේදීතාවය නිදර්ශනය කරනා කෙටිකතා ද කිහිපයක් ම ඇත ( සීතල හිමිදිරියේ වහළ උඩ සිටි බළලා, ගිනි ගත් පිහාටු පෑන). ( කතුවරයා පළ කල තුන්වෙනි කෙටිකතා සංග්‍රහය වූ, ආචාරි සීයා දුටු දිදුලන අන්ධකාරය, සංග්‍රහය තවම කියවා නැත - කියවීමට පිටපතක් සොයා ගැනීමට ද නැත.)

සිංහල කෙටිකතාවට කැමති අයට සොයාගෙන කියවීමට කිසිදු සැකයකින් තොරව අනුමත කරමි. 

ශ්‍රේණිය: *****
මුද්‍රණය: 2003 ( ගොඩගේ )







Sunday, 26 September 2021

රාත්‍රියේ පූර්ව භාගය - අජිත් තිලකසේන

මීට වසර හයකට පෙර මා තිලකසේනගේ "පිටුවහල් කර සිටිද්දි" කියවුවෙමි (https://me-and-err.blogspot.com/2021/09/blog-post.html ) . ඒ කෘතිය ගැන එතරම් ප්‍රසාදයක් ඇති නොවිණි - ( නැවත අද කියෙව්වොත්, ඒ ගැන ඇති අදහස් තරමක් වෙනස් වන්නට පුළුවන. ) ඔහුගේ කෙටිකතා සංග්‍රහයක් නැවත අතට ගැනීමට මෙතරම් කාලයක් ගත වූයේ  ඒ නිසාම විය යුතුය. එහෙත් මේ වන විට ඔහුගේ නැවත මුද්‍රණය වී ඇති සියළු කෙටි කතා එකතූන් මිලට ගැනීමට මා පෙළඹී ඇත ( සතුරෝ හි පිටපතක් මා සතුව නැත; එය වෙළඳපොලේ ඇතැයි නොසිතමි). කතුවරයා ගේ බොහෝ සංග්‍රහයන් වල මෙන් මෙහි ද ඇත්තේ කෙටිකතා හතරකි. ඒ ගැන මගේ වැටහිම ( සහ ඊට වැඩියෙන් නොවැටහීම) මෙසේය
 
පේමෙල් ආවට පස්සේ: කතුවරයා ගේ "පිටුවහල් කර සිටිද්දී" කෙටි කතා සංග්‍රහයේ එන කෙටිකතාවක් මතකයට නැංවීමට සමත් වූ මෙම නිර්මාණය, නාගරික තරුණයන්ගේ අසහනය, කතුන් ඉදිරියේ පරාජය, තම සතුරා තරඟබිමින් තුරන් වෙතැයි හැඟවුණු බලාපොරොත්තුව  ආදී චෛතිසිකයන් පෙන්නුම් කරලීමට සමත් ය. තම රැකියාවෙන් මෙපිට බෝඩිංකාරයන් වශයෙන්, කාලය ගෙවා ගැනීම ඔවුනට ප්‍රශ්ණයක් ව ඇත්තේ තම අසහනකාරී මානසිකත්වය හේතුවෙනි. අසහනය තීව්‍ර කරන තම කාමරය තුල කාලය ගලා නොයද්දි, පිටත ලෝකය ඔවුන්ගේ ජීවිත පසු කර යන බව ඔවුන් දනිතත්, ඒ ගැන තීරණයක් ගැනීම ඔවුන් කල් දමති. මේ සියල්ල කෙටි කතාව තුල කියවෙන්නේ ඉතාම අපූරු, අවම කතාන්දර ස්වරූපයකිනි. මෙම කෙටිකතාව යම් තරමකින් තේරුම් ගැනීමට නම් ( තේරුම් ගැනීම යන්න ම තිලකසේන විෂයෙහි විවාදාත්මක කාරණාවකි - "රුද්‍ර රාත්‍රියේ" එන විස්තර බලන්න), කෙටිකතාව කියවාගෙන ගොස්, ඒ කියවන අතරේ තේරුම් ගැනීම ට යත්න නොගෙන, කියවීම අවසන ඒ වෙත සමස්ත නෙතක් යොමුකරලීම සුදුසු බවකි පෙනී යන්නේ. එම අදහස මට ලැබුනේ අමරකීර්තිගේ "කෙටිකතා කලාව" නම් ශස්ත්‍රීය කෘතිය යම් ආශ්‍රේය ග්‍රන්ථයක් ලෙස භාවිතයෙනි

රුද්‍ර රාත්‍රිය: කතුවරයා භාවිතා කරන අක්ෂර වින්‍යාසාකාරයෙන් යුනිකෝඩ් භාවිතාවෙන් මෙම කෙටිකතාවේ නම ලිවිය නොහැක. පිටු 22ක් පුරාඅ දිගැදෙන මෙම කෙටිකතාව මෙහි එන දීර්ඝතම නිර්මාණයයි. විවෘතව පැවසුවහොත්, "මොන මගුලකට මම මේ දුක විඳිනවා ද?" යන අදහස කිහිපවිටක්ම සිතට ඇතුලත්ව, ඉන් පෙළෙමින්, කල ආයාසකාරී කියවීමකි. මෙම කෙටිකතාව තුල සුපින දෙකකි. දෙවෙනි සුපිනය පිටු 12කි. 1971 ලියැවී ඇති මෙම කෙටිකතාවට, මෙම සුපිනය තුල 71 කැරැල්ලේ යම් ආභාෂයක් සිදුව ඇත්තාක් මෙනි. එහෙත් මෙම සුපින විස්තරය ඇත්තෙන් ම දීර්ඝ වැඩිය - ඒ කියවන්නිය වෙහෙසට පත්වන නිසා ය. මුල දී රජයේ හමුදාව සතුරන් ලෙස විප්ලවකාරී පිළ නියෝජනය කරන අපේ කතානායකයා තම සිහිනයේ දුටුව ද, තම සිතට වදදෙන සැබෑ හතුරා සිහිනයෙන් අවදි වත් ම ඔහු දකී.  මෙහි එන කතා නායකයා ගේ බිරිඳ ගේ යම් ආකර්ශනයක් ඇතැයි සිතිය හැකි කවියෙකුට හිරිහැරයක් කරලීමේ රහස් සතුට එම සුපිනය අගදී විස්තර වේ. 

ඉහත උපුටනය මා ගත්තේ ජස්ටින් පියරතන ලියූ "අජිත් තිලකසේන: ප්‍රතිභාසම්පන්න කලාකරුවකුගේ පරස්පර විරෝධය" නම් වූ ලිපියේ එන තිලකසේනගෙම උපුටනයකිනි ( නව දෙබස - අංක 1 : 1974). ඔහු තවදුරටත් පවසන්නේ, කලාකෘතියක චමත්කාරය විඳිනු මිස අර්ථය සෙවීම මුග්ධකමක් බවටය.

ඇස් අඩංගුවෙ, අත් අඩංගුවෙ: මෙම නිර්මාණය ආරම්භයේදී මැවෙන චිත්‍රය, එනම තරුණයෙකු හා තරුණියක, එකිනෙකට ප්‍රතිවිරුද්ධ ව පිහිටි මහල් නිවෙස් දෙකක සිට, අරමුණකින් තොරව කෙරෙන කතාබහ මා සිත ගත්තේය.

"'ගෙ හුස්ම ගන්නව. ඇහුනද? කවුලු ඔක්කොම ඇරල දාන්ඩ.'
...
'හඳේ ඡායාව වැටෙන්ඩ වතුර වීදුරුවක් අල්ලන්ඩ' ඈ මා දිහා නොබලාම කිව්වා. ඊට පස්සෙ - හඳ බැහැල ගියාට පස්සෙ - ඒ මැරිච්ච වතුර ටික වලලන්ඩ'"

1972 ප්‍රකාශ වූ කෙටි කතාවක් ලෙස, තට්ටු නිවාස ආශ්‍රිත පෙමක්, සිංහල නොවෙන කාන්තාවක් යැයි හැඟෙන නමක් , සම්භෝගයක් ඉඟි කරමින් සිදු කෙරෙන නිමාව පමණක් නොව, කෙටි කතාව ගලා ගිය ආකාර දෙකක ට අවකාශ තබා ඇත. තට්ටු නිවාස ජීවිතය, මිශ්‍ර සම්භවයන් ආදියෙන්, මෙය ලියැවුණු කාලයට යම් නවීනත්වයක් ඉඟි කරයි. මෙහි එන වෙඩි ලනුව ඇවිලීමේ උපමාව අගනේය.

මගේ සිහිනත් ඉරිතලා යන ක්ශනයෙන් දුම් කුලුන වා ගැබේ ගුගුරා උඩ ගියා (පිපිරුම විසාලයි. එහෙත් නිදි පෙති ගිල දමා නිදා සිටියවුන්ට එය නෑසුනා වෙන්න පුලුවන්.) මගේ දත් ඇඳි තද වීගන යනවා මට දැනුනා."

රාත්‍රියේ පූර්ව භාගය:  මෙම මුළු කෙටිකතාව කියවා අවසන, නැවත ඒ දෙස  දුරක සිට සමස්ත ලෙස බලන්නට වෑයම් කෙරුවෙමි.  රොවිනා ගේ කුසේ දරු ගැබක් පිළිසිඳගැනීමත්, ඉන් පසුව ඇති වූ අවාසනාවන්ත සිදුවීමත්, අප කෙටි කතාව ලියැවී ඇති අයුරින් තේරුම් ගත යුතුය - හෙවත්, එම සිද්ධිය ඒ අයුරෙන් ම ලියැවී නැත. ලියැවී ඇත්තේ, එම සිද්ධිය තුල ජීවත්වුවන් ඒ වේලාවේ විඳි වික්ෂිප්ත අත්දැකීම් වල හැලහැප්පීම්, වර්ණ, ශබ්ද, ගඳ සුවද තුලින් පමණය. ඔවුන් දෙදෙනාගේ මතු දිවිය දෙයාකාර විය හැක. පසුතැවෙන බිරිඳක් හෝ, පසුතැවෙන සැමියෙකු නොඉවසන බිරියක් ලෙස ඉන් කොයික හෝ විය හැකිය.

මට හැඟෙනාකාරයෙන්, කතුවරයා ගේ තැත මට යම් තරමක් වැටහෙ. කෙටිකතාව කියනාකාරය, පාත්‍ර වර්ගයා ගේ විඥ්ඥාණය, සහ ආකෘතිය මගින්, කීමට ඇති දේ යම් තරමකින් තීව්‍ර කොට පවසනාකරයකි, ඒ. එහෙත් ඒ ආකාරයෙන් පාඨකයා යම් වෙහෙසකට පත් වන බව නම් අවිවාදිතය. පාඨකයකු ගැන නොසිතන ලේඛකයකු සිටිය හැකි ද ? කතුවරයා ආවේශයෙන් මෙන් ලියන ලියවිල්ලක් තුලින් පෙර කි ලෙස , එහි පාත්‍ර වර්ගයාගේ හැඟීම මතින් නිර්මාණයේ සමස්තය ඔස්සේ යමක් තේරුම් ගැනීම, සූර නිර්මාණ ශෛලියක් විය හැක.
නිදසුන: කැමූ ගෙ පිටස්තරයා කෘතියේ ම'සො අරාබියානුවාට වෙඩි තැබුවේ ඇයි යැයි කියා ඔහුට ද හරි හමන් වැටහීමක් නැත - සියළු සිදුවීම් එතැනට ඔහු තල්ලු කලා කියා පමණි අපට සිතිය හැක්කේ. ම'සො ට කිව හැක්කේ "ඒ ඉර අව්ව, ඒ ඉර අව්ව!!" කියා පමණි. එහෙත් ම'සෝ ගෙ සමස්ත හැසිරීමේ ඇති සාන්දෘෂ්ඨික ආතතිය අපට වැටහේ. කැමූ ද අපට පෙළින් පෙළට කතාන්දරයක් කියන්න පෙළඹෙන්නේ නැත. ඔහු පවසන්නේ ම'සෝ ඒ ඒ දින අත්විඳි ආකාරයයි (තම දෑත් සේදීම, ප්‍රේමවන්තිය කාමරයට පැමිණීම, පාරේ යන අයට අත වැණීම).

අන් ආකාරයෙන් මා පවසන්නේ, තිලකසේන සිය ආකෘතිකවාදී ශෛලියෙන් අපට නිර්මාණය ගෙන ඒමේදී, කෙතෙක් පාඨකයා ගැන සිතන්නේ ද, තනිකර නොසිතන්නේ ද, පාඨක අප කටු කැලයක් මැදින් මෙන් ගැහැට විඳ, ඔහු එය කියනාකාරය ඔස්සේ,  කියවන දේ දැකීමේ අභ්‍යාසයක යෙදීමට විනීත විය යුතු ද යන්නය. මේ ප්‍රශ්ණ අසන්නේ අප විෂයක් ලෙස සාහිත්‍ය හදාරා නැති නිසා විය යුතුය.

අජිත් තිලකසේනගේ කෙටිකතා ගැන දීර්ඝ ව සාක්ච්ඡා කෙරුණු අවස්ථා ද අඩු බැව් පෙනේ. අමරකීර්තී "පෙමෙල් ආවට පස්සෙ" ගැන සිය "කෙටිකතා කලාව" පොතේ තරමක් දුරට කතාකරයි. එම කෘතියේ ම අන් තැනෙක මෙසේ කියයි.

342 පිටුවෙන්, කෙටිකතා කලාව - ලියනගේ අමරකීර්තී (සරසවි, 2018)

මේ තේරුණත් නැතත් ලැබෙන මිහිර මට සංගීතයෙන් ලබා ගත හැක. ජෑස් සංගීතය තරමක් මා විඳිනුයේ සංගීත දැනුමකින් තොරවය. බටහිර ජනප්‍රිය සංගීතයේ, රොක් සංගීතයේ විශේෂයෙන්, මේ සඟවා ඇති අර්ථයන් බොහෝය. මත්ද්‍රව්‍ය, මත්ද්‍රවය හා ඔවුන් සමඟ ඇති පෙම හා වියෝව අතර ගැටීම, බොහෝ විට සොයා ගත හැක්කේ, පරීශරමයක් දැරුවෙකුට පමණකි. එහෙත් එම අර්ථය වටහා ගැනීම බොහෝ විට සිදුවන්නේ පසුවය - ඒ ගීතයේ අර්ථය වටහා ගැනීමට පෙර ම ඇති කර ගත් බැඳීම හේතුවෙනි. එහෙත් සාහිත්‍යය විෂයෙහි මෙම "තේමාත්මක ආලෝක කණිකා" දැක ගැනීමෙ හි ලා මා තවමත් සමත් වී නැති විය යුතුය. හැරත් දෛනික ජීවිතයේ තර්කයට  හා න්‍යායට වඩා ආනත පුහුණුවීම ලත් අප වන් අයට, නොතේරෙන ලියවිල්ලක් එහි ආකෘතියක ඇති රසය හේතුවෙන් විඳීම තරමක් නුපුරුදු යැයි හැඟේ. මේ මත ට ආර්ථික න්‍යායන් එක්කාසු වූ විට, එනම් අපට ඇති සුළු වූ කියවීම් කාලය ආයෝජනය කල විට ලැබෙන ප්‍රතිලාභය කුමක් ද යන ආවස්තික පිරිවැය ප්‍රශ්ණය අද වන් කාලෙක සමීකරණයට ඇතුළු වීම නොවැලැක්විය හැකි යැයි සිතමි. එවිට  පිළි වලින් වැසුනු පිලිස්තීනුවෙකු, තම දෛනික දිවියට බාධාවක් නොවෙන ලෙස සාහිත්‍ය රසය හා අඟර පෑමකින් මෙපිට දෙයක් අප තුල නැති බව පිළිගැනීමට මැළි නොවෙමි.

ශ්‍රේණි ගත කිරීම: ***
මුල් ප්‍රකශය: 1976; මෙම ප්‍රකාශනය: තෙවැන්න - සරසවි (2019)




Saturday, 25 September 2021

පිටුවහල් කර සිටිද්දි - අජිත් තිලකසේන

 

( 2015 අගෝස්තු 29 දින මුහුණුපොතේ, "පොත් කියවන අය" කණ්ඩායමට ලියූ සටහනකි. සංස්කරණයකින් තොරව නැවත මෙතැනට පිටපත් කලෙමි )


**1/2
මේ කෙටි කතා එකතුව කියවීමට පෙර, ලේඛකයාගේ එක් කාව්‍ය සංග්‍රහයක ට පමණක් කියවීම සීමා වී තිබීම නිසා, මේ මා කියවූ ඔහු ගේ පළමු කෙටි කතා එකතුව යි. මුලින් ම 1964 දී නිකුත් ව තිබූ මේ එකතුවේ මා සතු ව ඇත්තේ තෙවෙනි මුද්‍රණයයි.
කෙටි කතා එකතුවේ පටුනේ සිට ම පාඨකයා තුල යම් අවුලක් ඇති කරවන සුළුය. කිමද, වරහන් තුල කෙටි කතා හතරක් ලෙස හඳුන්වා දුන් මේ එකතුව, පටුනේ යොමු 11කින් සහිත වීමය. මෙහි පළමු කෙටි කතාව නම් වචනයේ පරිසමාප්තයෙන් ම කෙටි කතාවකි (එය නමින් තනිකඩයා ය ). එය ට නැවත පසුව යොමු වෙමි.
ඉදින් අනෙක් කෙටි කතා දහය ( හෝ තුන ) කෙසේ ද ?
මා මෙසේ කියන්නම්. පැලක් හා ඒ අසල සිටිනා මිනිසෙකුත්, වර්ණ සංයෝජනයක් තුලින් කර ඇති සිතුවමක් සිතින් මවා ගන්න. එම චිත්‍රය දෙස බලන්නෙකු මනසේ යම් භාවයක් උපදනා බව සැබවි. එහෙත් චිත්‍ර ශිල්පියා සිතා මතාම මිනිසාගේ මුහුණ අපැහැදිලිව චිත්‍රණය කර ඇත. සිතුවම් කර තිබෙන පැල වුව වැඩි මනක් කියා නොපායි. අපිට අදහසක් ගත හැක්කේ ශිල්පියා භාවිත කොට ඇති වර්ණ සංයෝජනයෙන් පමණි. තිලකසේන ගේ මේ කෙටි කතා එකතුවේ දෙවැන්නේ සිට එකොලොස්වැන්න දක්වා කෙටිකතා ද මෙවන් චිත්‍ර ලෙස මට හැඟේ. තිලකසේන නම් කතුවරයා, සිත්තරාගේ වර්ණ වෙනුවට දෙබස් භාවිතාවෙන් පාඨක මනසේ භාවයන් ජනිත කරවයි. මා තැනෙක කියවා ඇත්තේ, තිලකසේනයන් තමා ලියනා දෑ හි අරුත් සෙවීමට වඩා, ලියා ඇති ආකාරය දෙස පාඨකා වැඩි අවදානයක් යොමු කිරීමට නිර්දේශ කොට ඇති බවකි. වර්තමාන, වෙසෙසින් බටහිර රොක් සංගීතය මේ ක්‍රමය බෙහෙවින් භාවිත කරයි. පර්ල් ජෑම් (Pearl Jam )රොක් කණ්ඩායමේ ගායක, එඩී වෙඩර් (Eddie Vedder ), ආර්.ඊ.එම්. (R.E.M.) රොක් කණ්ඩායම "Rock n' Roll Hall of Fame" නම් රොක් කණ්ඩායම් අතර වැඩිම කාලයක් තුල වැඩිම ආභාෂයක් කර ඇති කණ්ඩායම් තුලට ඇතුලත් කර ගනිද්දි පැවසුවේ, තමන් 1980 මුල් කාලයේ සිට R.E.M. කණ්ඩායමේ සංගීතයේ දැඩි රසිකයෙක් බවත්, ඒත් ඔවුන්ගේ කියනා මෙලො මලදානයක් ඔහුට කවදාවත් නොවැටහුණු බවවත් ය. එනම් භාවයන් ඉපැද්දවීම, සංගීතය ට, එහි ශෛලීයට හා ගායනය ට අයත් ය. බෙහෝ පද පෞද්ගලික බැවින් පුළුල් පාඨක පිරිසක ට දුරස් ය. තිලකසේන අන් අයුරකින් කියන්නේත් එයමය. එහෙත් ඔහු තම නිර්මාණ සඳහා භාවිත කොට ඇත්තේ අවම අමු ද්‍රව්‍ය ප්‍රමාණයකි. බොහෝ විට ඒවා දෙබස් වලින් මෑතට නොයන තරම් ය. එය බොහෝ සෙයින් දෙබස් ය. තැනෙක වටපිටාව විස්තර කරතත්, එය ද අවුල් ජාලාවකි (උදා - තට්ටු නිවාසය, දයාල්, මහපොලොව ). ඉතින් එවිට ඒ කෙටි කතා නිර්මාන සාර්ථක ද?
මෙහි තනිකඩයා නම් වූ මුල් කෙටිකාතව ගැන ද යමක් කිව යුතුය. එය ඇල්බට් කැමූ ගේ "The Outsider" නවකථාවෙන් අතිමහත් ආභාෂයක් ලබා ඇති බැව් පැහැදිලිය. කෙතෙරම් ද යත්, එම නවකතාවෙන් කොටසක් කේක් කෑල්ලක් මෙන් කපා, එය විශාලනය කොට ඒ දෙස බැලුවහොත්, අපිට තිලකසේන ගේ "තනිකඩයා" දැක ගත හැකි වනු ඇත. ඉන් තිලකසේ න ගේ එම කෙටි කතා ව අසාර්ථක එකක් යැයි නො හඟවමි.
සාරාංශ වශයෙන් කිව හැක්කේ, මා මේ කෙටි කතා එකතුව කියවීමට උත්සුක වූවේ, වෙනස් ආරක රචනා මාර්ගයක් භාවිත කරයි කියැවෙන තිලකසේනයන් ගේ අපූරුත්වය අත්විඳිනු පිණිස ය. වෙනස නම් දිටිමි. ඒත් අපූරත්වය මට මේ කෙටි කතා එකතුව හරහා නම් ග්‍රහණය් නොවිණි. තිලකසේන මෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයේ බොහෝ ඇසූ පිරූ තැන් නැති මගේ ම පරහක් විය යුතු යැයි සිතමි.

Sunday, 19 September 2021

The Woman in the Dunes - Kōbō Abe

 (Translated by E. Dale Saunders )


 I started on this book, mainly due to the high praise it received from a Sri Lankan author, when I happened to converse with him, regarding his own work, and also literature as a whole. He  wondered out aloud, "I wonder what authors are we, when compared to abilities like this ?" - no mean comment, even if a fair portion was taken off for our man's attractive, unassuming nature ( for he is a first rate writer himself). And hence, from happening to converse, the next logical turn was to read this book. And, what about the book you ask ?

“The only way to go beyond work is through work. It is not that work itself is valuable; we surmount work by work. The real value of work lies in the strength of self-denial.” 

“Work seemed something fundamental for man, something which enabled him to endure the aimless flight of time.”

Work as a means of surviving, and work, meaningless work at that, like the removal of sand  from an endless supply everyday, being blown in, like we see in this novel, suggests a close comparison to Kafka's characters, who find themselves in crowded bureaucracies and all around him engrossed in paperwork, the start and end of which, they have lost track of. Abe has been called Japan's response to Kafka. It is easy to see the influence of Camus, in this endless toil of spading up the sand, and sending it up in buckets every night. The Sisyphean similarities are unmistakable.  Given that this book was written in 1962,  the influence of Kafka and Camus' Absurdism is quite logical too. To his credit, Abe has added enough substance and plot to his work, for it to stand by itself too. Abe brings in to his narration , the suggestion that accepting a woman as one's partner, is tantamount to admission of one's willingness to  forego a degree of freedom - and hence take on mundane daily toil - for the chance of being intimate with her - a valid enough inferred view at the time that this work was written, and still prevalent in many parts of the world.  Abe brings this point across with subtlety, and there stands his literary finesse -  it brings on an element of "value-addition" (if am to use a contemporary parlance) , and even a sliver of originality, to the otherwise much traversed paths of existentialist fiction. 

There is a reference to the song, "one way ticket (to the blues)". I was only aware of Eruption's version of  1979, but upon searching, sure enough the original was by Neil Sedaka, in 1959 - more proof, that Abe kept hi eyes and ears open for influence. 

Am thankful for our Sri Lankan author for recommending this book, and giving me another bite at existential fiction. If you're a fan of Kafka, or Camus, don't hesitate to pick up this work!

Rating: ****1/2
First published in Japanese in 1962
First published in English in 1964