Tuesday, 24 November 2015

තුරු සමුදා - සුමිත්‍රා රාහුබද්ධ



දූල-දූලාය පටන්, කන්දක් සේ මා - අත අත නෑර ඔස්සේ, තුරු සමුදා  තෙක් සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය, සිය සෑම කෘතියකට ම මීට පෙර සාක්ච්ඡාවට බඳුන් නොවූ විෂයක් වස්තු බීජ කරගනිමින්, තම නවකථා ගෙත්තම නිමැවුමට යත්න දරන්නා සේ ය. එම ප්‍රයත්නයන්හී ධනාත්මක ලක්ෂණ ඍණාත්මක ලක්ෂණ අභිබවා ඇති සෙයකි, මට නම් හැඟෙන්නේ. ඇය ගිය වසේ ප්‍රකාශ කිරීමට යෙදුණු, සහ ස්වර්ණ පුස්තක සහ විදුදය සම්මාන උදෙසා අවසන් වටයට ඒමට සමත් වූ තරු සමුදා ද පුළුල් වශයෙන් ඇගේ මේ අරමුණේ සිට, මීට පෙර සාකඡ්චාවට බඳුන් නොවූ, මේ ගැන ලියවී තිබුනා නම්, වැඩි පාඨක අවදානයකට යොමු නොවූ ඉසව්වක් ඔස්සේ නිර්මාණය වූවකි. 

මාතෘකාව නම් අප රට ප්‍රසංගීක නාට්‍ය කණ්ඩායම් ඔස්සේ සිදුවන නාට්‍ය කලාව, අප රට පාරම්පරික නැටුම් කලාව සහ වෙළඳපොළ ආර්ථිකය මත, මේ දෙක පෑහෙන්නේ-නොපෑහෙන්නේ කෙසේ ද යන්න පිළිබඳවය. ශාස්ත්‍රීය අංශය විසින් නවකථාවේ රිද්මය අදාළ නොවන ලෙසින් ද, එහෙත් ශාස්ත්‍රීය අංශය අත හැරීම මඟින් නවකථාවේ විශ්වාසනීයත්වය ට පළුදු වීමේ අවදානම මගහරිමින් ද, මේ දෙක සමබර කරගෙන ලිවිමට ගොස් නවකථාවේ වේගය ට හානියක් නොවෙනාකාරයෙන් ද,  කෘතිය ඕනෑවට වඩා දිගු කරන්නේ ද නැතුව, ලේඛිකාව මේ සිදු කොට ඇත්තේ අතුරේ යනවා වගේ වැඩක් යැයි මට සිතේ. කිම ද මෙය ලිවීමට පහසු නවකථාවක් යැයි මට නම් සිතුනේ නැත. කියවීමට විශේෂ අපහසුවක් නොමැතිව, මේ විෂය ඔස්සේ නවකථාවක් ලිවීම එතරම්ම පහසු කාර්‍යයක් විය නොහැක.

 වන්‍යා උණන්තැන්නගේ ධෛර්‍යය, අන් අය තම අරමුණු උදෙසා භාවිත කල හැකි අපූරු හැකියාව, කඩඇණයක් ලෙස සියල්ල දරා සිටීමේ හැකියාව සමඟ වෙළඳ වාසිය උදෙසා යම් යම් සදාචාරයන් තඹ දොයිතුවකට මායිම් නොකරන ස්වභාවය ආදිය විදහා දක්වමින් කතුවරිය එම චරිතයට සාධරණයක් ඉටු කොට ඇත. මෑතක කියවූ "බණ්ඩාර මැරූ උන්"හි අපට හමුවුණු තේණි වරෙක සිහි ගැන්වුව ද, තේණි ඉක්මවා, වන්නා පරිපූර්ණව අපට දිස්වන්නේ, එම කෘතිය වඩා වැඩි චරිත සංඛ්‍යාවකින් පෝෂිත වීමත්,තරු සමුදා ප්‍රධාන චරිත දෙක වන සුන්දර හා වන්නා අතර ගොඩ නැඟෙන නිසාත් විය යුතුය. මෙම නවකථාවේ මා සිත් ගත්තේ සියුම් කරුණු කාරණා ය. "මතක තියාගනින් වෙලාවකට මේ මනුස්සයාට අම්මා කියන්න මගෙත් දිව නැමෙනවා" (239 පිටුව, සුන්දර, තම දියණිය ට බිණිමින ), එවන් එක් ස්ථානයකි. සුන්දර හා වන්නා අතර යම් මතභේද තිබුන ද, වන්නා ගෙන් සිදු වූ කාර්යභාරයේ තරම ඉතා මැනවින් ඒත්තු ගැන්වෙන අවස්ථාවක් ලෙස මෙය දකිමි. එසේ කියන සුන්දර ම, තම කෘතියේ කර්තෘත්වය පිළිබඳ ගැටළුවත්, ඊට වන්නා ප්‍රතිචාර දක්වන අයුරුත් පිළිබඳ කළකිරෙන ආකාරයත් මඟින් වන්නා ගේ සුදු-කළු දෙපැත්ත පෙන්වීම ට ලේඛිකාව සමත්වී ඇත. 


මීට වඩා සමාජ කාරණාවක් මතු කිරීමට මේ අවස්ථාව යොදා ගනිමි. ඊට ද වන්‍යා සහ තේනි දෙපළ භාවිත කරමි. මේ අප ජීවත් වන්නේ වෙළඳපොළ යුගයක ය. ඒ වෙළඳපොළ යුගයේ එක්කෝ විකිණිය යුතුය - නැතහොත් විකිණෙන්න ඕනෑ ය. අප සාහිත්‍ය කරුවන් (මේ අවස්ථාවේදී තෝරදෙනිය සහ රාහුබද්ධ - ගිය වසරේ අමරකීර්ති ), මේ කාල වකවාණුවේ දි මේ කාරණාව ඉස්මතු කිරීම ඉතාම උචිත ය.  මේ වෙළඳපොළ මඟින්, කැලේ හැංගිලා මිය යාමට නියම වූ ගිරිදේව ලා, කිවිඳා ලා පුළුල් සමාජයට දායාද කර දෙයි. ඒ වාගේම කුරුලු වගේ මිනිසුන්ට සමාජයේ තැනක් ලබා ගැනීමට යම් විවරයක් මතු කර දෙයි. එහෙත් අවසානයේ දි මේ සියළු දෙනා ට තමන් ව ම නැති වීමේ දැඩි අවදානමක් ඇති බව පසක් වෙයි. එක් අන්තයක දී කැළෑ මල් ලෙස කැළෑවේ ම ඉපි ද, ඒ අවට සුවඳ හමමින් වර්ණවත් කරමින් එහි ම මිය යාම උරුම කර ගනි. අනෙක් අන්තයේ දී යම් අලුත් දෙයක් නිර්මාණය කොට කෙටි කලකින් තමන ට තමන් ව ම නැති කර ගනී. නිෂ්පාදානය දිනෙන් දින වැඩි වීම මත, ක්‍රියාත්මක න්‍යායක් උඩ දිවෙන පද්ධතියක, නිර්මාණකරුවෙකු "උමතු" නොවී, සමභරතාව රැක ගැනීම ඉතා අපහසු දෙයකි. එහෙම රැක ගන්නා අය විරළය. තරු සමුදා හි අපට හමු වන මෙත්කිරණ එවන්නෙකි යැයි සිතේ - එහෙත් එවැන්නන් ලාභ වෙනුවෙන් පහතට නොබැස්ස ද තමන් ප්‍රයෝජනයට නොගත් එම අවස්ථා භාවිත කර "ගොඩ යන" අනෙක් අය දැක ඊර්ශ්‍යවෙන් පෙලීම   හෝ උරුම කර දෙයි. මෙය සංකීර්ණ තත්ත්වයකි.

මට හැඟෙන පරිදි මෙහි දොස් ද කියා පෑම ඔබින්නේ යැයි සිතේ. කෘතියේ මුල් තුනෙන්නෙකක පමණ කොටස තැනින් තැනට පණින ආකාරය පාඨකයෙක් ලෙස මා සිත් ගත්තේ නැත. වන්නා, කිවිඳාව කොළඹ ඒමට කෙසේ කැමති කරවාගත්තේ ද යන්න අපට කියාපාන්නේ නැත. පසුව නොයෙක් අවස්ථා වල ඒ ගැන කථා කල ද, එම පෙළඹවීමේ විස්තරය තිබිය යුත්තක් යැයි හැඟුණි. අනෙක මෙහි එන සමහර පරසිද්ධ නැටුම් චරිත සැබෑ චරිත වලට ළඟා වැඩි වුවා දෝ, ඉන් ඔවුන ට යම් අසාධාරණයක් වුවාදොයි සිතුවිල්ලක් මට ඇති විය. අනිවාර්යයෙන්ම උසාවියකදි මට මේ කාරණාව ඔප්පු කිරීමට කිවහොත් කල නොහැකි මුත්, අප හදවත් ක්‍රියා කරන්නේ උසාවි ලෙස නොවේ.

බුමුතුරුණු, උදානය, ඉටිපහන්, දූල-දූලාය, කන්දක් සේ මා, අත අර නෑර සහ තුරු සමුදා වශයෙන් මා මේ වන විත කතුවරියගේ නවකථා සතක් කියවා ඇත. දළරළපෙළ, අග පිපි මල්, සුර අසුර ආදි වශයෙන් කියවිය යුතු පොත් කිහිපයක් මග හැරී ද ඇත. මා රහුබද්ධ ලියනා කෘති කියවීමට කැමති, ඉතා පැහැදිලිව, කෘතියෙන් කෘතියෙන් ඈ ලේඛිකාවක් වශයෙන් වඩා වඩා පරිපූර්ණත්වයට ළඟා වීම දැකිය හැකි බැවිනි. බුමුතුරුණු ඈ අද ලියන නවකථා වලට සාපෙක්ෂව ඉතා සරල කථාන්දරයකි. වසර හතලිහකට ආසන්න කාලයක් ලිවීමේ දි නව්‍යතාවයෙන් ලිවීමට විෂයන් සෙවීම ඊට  අභියෝගයක් වීමට පුළුවන. එහෙත් ඒ අභියෝගය ඈ ජයගන්නා තෙක්, පාඨකයන් සතුටට පත් කරවන සුළු නිර්මාණ ඇය අපට තිළින කරාවි!

Thursday, 19 November 2015

උං ගියාදෙං - කරුණාදාස සූරියආරච්චි



නැසීගිය කරුණාදාස සූරියාආරච්චි මහතා, මා දන්නා තරමින්  ලියූ අවසන් නවකථාව වූ උං ගියාදෙං නවකථාව පසුගිය දිනක කියවා හමාර කලෙමි. පසුගිය විද්‍යෝදය සම්මාන උළෙලේ අවසන් වටයට ද, ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට තේරි පත් වීම ද, කතුවරයා ලියූ අවසන් නවකථාව වීම හා පසුගිය වසර අටක පමණ කාලය පුරාව ට පාඨක අප කියවීමෙන් පසුතැවිල්ලක් නොවනාකාරයේ රසවත් කෘති රාශියක් ලියූ හෙයින්ද (උදා: වෑකන්දේ ගීතය, කන්ද පාමුළ, අන්ධකාර තාරකාව, රතු ඉද්ද )  2014 දී ප්‍රකාශ වූ, කියවීමට තෝරා ගත් කෘති අතර ට මෙම කෘතිය ඇතුලත් කර ගතිමි. කතුවරයා "රතු ඉද්ද" සිට පටන් ගත් භාව-උද්දීපනය කරන්නා වූ ආඛ්‍යාන විලාසය, "මම තවම යමි" සහ "නැසෙන මානය" තුලට ගෙනයාම තුල එම රටාවේ  ඒකාකාරි බවක් පාඨකයාට දැනී තිබුණි. කතුවරයා "උං ගියාදෙං" තුල දී මෙම ආඛ්‍යාන රටාවෙන් මිදී ඇත. ඒ භාවාත්මක ආඛ්‍යානය වෙනුවට මොනාරාගලින් ද ඈත දුෂ්කර කැළෑ ගම්මානයක් අලලා, එහි සංස්කෘතිය හා ජීවන රටාව යම් තාක් දුරකට ග්‍රහණය වන ආකාරයෙන් තම නිර්මාණ කටයුත්තේ යෙදී ඇත. ලේඛකයා භාවිත කොට ඇති එම වටපිටාව නවකථාවකට ඉතා උචිතය. එහෙත් ගැටළුව ඇත්තේ එතන නොව ; සොපිනා -සිරියාවති - සෝබනා නමින් වූ, තුන් පරම්පරාවක කථාන්දර තුනක්, ස්ථාන තුනකින් පටන් ගෙන, ඒකාබද්ධ වන තනි ස්ථානයක් කරා ගමන් ගන්නා, කථා තුනක් ලෙස කතුවරයා තම නිර්මාණය සිදුකොට ඇත. ඒවායෙහි ඒකාබද්ධය ඇති කරගැනීමට අවසන් පිටු 18 වැය කොට, සියළු හිඩැස්, කඩතොලු එක්තැන් කිරීමට ප්‍රයත්නයක් දරා ඇත. එම ප්‍රයත්නය අසාර්ථකය. නවකථාවේ අවසන පෙනි පෙනී, සෝබනා හා දොස්තර මහත්තයාගේ, කෘතියට ඒ වෙලාවෙ දී අනවශ්‍ය ප්‍රේම ජවනිකා ගැන කියවෙයි. අවසන් පරිච්ඡේදයේ එක් විටම මිනුම් මහත්තයා සුළු සාධකයක් මත තම පුතු විවාහ වූ කාන්තාව කාගේ කවුරුදැයි සැක කොට සිරියා සොයා ගෙන එයි. එහි යම් අභව්‍ය ස්වභාවයක් ඇත. කසුරි අන්තිම පරිච්ඡේදය වෙනතක් ම විසඳිය යුතු ගැටළු හා කඩතොලු තබා, හදිසියෙන් මෙන්, ඒවා උඩින් පල්ලෙන් වසා දමයි. නැතිනම් හොඳ නවකථාවකට වස්තු බීජ මෙහි තිබේ. කියවාගෙන යන විට පාඨකයාට දැනෙන්නේ කිසිදා හමුවන මාවත් තුනක් ඔස්සේ ගමන් කරන්නාක් මෙනි. එනුමුදු  එහි හමු වීමක් තිබේ ; එහෙත් ඒ හමුවීම සාර්ථකව කිරීමට කතුවරයා සමත් වී නැත.


පාඨකයා ට දැනෙන්නේ කතුවරයා තම නවකථාව උදෙසා සාදාගත් ආකෘතියේ යම් දෝෂ තිබෙනා ලෙසට ය. කතුතුමා ම හෝ සංස්කාරකවරයකු - නෑ, සංස්කාරක කෙනෙක් ම විය යුතු යැයි හැඟේ -  මෙම කෘතිය ප්‍රකාශයට පත් කිරීමට පෙර සෙමින් කියෙව්වා නම්, මුල් පරිච්චේද වල අනවශ්‍ය විස්තර වලට තැබූ ඉඩ කපා හැර, නවකථාවේ විශ්වාසනීයත්වය ඇතිකිරීමට මීට වඩා ඉඩක් හා සාධක,  වෙන් කිරීමේ වැදගත්කම තේරුම් යනු ඇත. 


මම කසුරිගේ ප්‍රබන්ධමය නිර්මාණයක් ලෙස පළමු වරට කියෙව්වේ කන්ද පාමුළ
නවකථාවය. එතැන් පටන්, වෑකන්දේ ගීතය, අන්ධකාර තාරකාව, කළු දෝංකාරය, රතු ඉද්ද, මම තවම යමි , නෑසේන යාමය සහ උං ගියාදෙං තෙක් වූ සියළු නවකථා මම කියවා ඇත්තෙමි.  එකම කතුවරයකුගේ කෘති අටක් යනු විශාල සංඛ්‍යාවකි. ඉන් එකම කෘතියකින් හෝ මා යම් රසාස්වාදයක් නොලැබූ බව කිව නොහැක. මේ කෘති අට අතරින් උන් ගියාදෙං වඩාත් දුර්වල වුවත්, එහි ද නිර්මාණාත්මක බව, අප රට කැළෑ ගම්මාන ආශ්‍රිත ජන ජීවිතය ආදි ඉසවු සංවේදිව මතු කිරිමට කතුවරයා සමත් වී ඇත.

පසුගිය වසර අට තුල ඔහු තෙවතාවක් ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරි පත්විණි. රතු ඉද්ද ඒ වසරේ සම්මානය ජය ගැනීමට සුදුසු කෘතියක් යැයි අප කණ්ඩායමේ යම් අයගේ විශ්වාසය විය. (ඒ වසරේ ප්‍රකාශ වූ කෘති අතරඉන් පියැසි කවුළුවට මා වඩාත් මනාපය - රතු ඉද්ද ඊට තිබෙන්නේ එතරම් පසු පසකින් නොවේ ). පුවත්පත් කතුවරයෙකු වශයෙන් රටේ විවිඪ දෙසින් ගලා එන පුවත්, සමාජ ආශ්‍රය ආදියෙන් ඔහුට මේ විශාල නවකථා ගොන්නට වස්තු බීජ ලැබුනා විය යුතුය. ඒ මිනිස් ආශ්‍රය තුලින් ම කසුරිගේ කෘතීන් හි පාඨකයා වඩාත් බැඳ ගන්නා සුළු, සංවේදි බව උනන්නට ඇත. කසුරි අප හැර ගොස් දැනට වසරෙකි. කසුරි, ඔබ අප හට ප්‍රධානය කළ සාහිත්‍ය සම්පත ට තුති!

Monday, 16 November 2015

Train to Pakistan - Kushwant Singh


"I had written a lot of short stories before I embarked on writing my first novel, Mano Majra, better known by its later title, Train to Pakistan. I had no idea how one wrote a novel. I did not think I had the stamina to write one. But I did have the theme. I had lived through the civil strife that engulfed the whole of northern India... The spreading communal violence did not affect our small circle of friends: Muslims, Hindus, Sikhs and Christians continued to meet as usual and enjoy their sundowners. Of course we developed a sense of guilt. There was so much of violence and wickedness going on around us and we did nothing about it except talk and drown our conscience in drink. It was after the Partition of the country was over, after ten million people had been rendered homeless and one million slain, that I felt I had to purge myself of the guilt I bore by writing about it." ( Kushwant Singh - Collected Novels - Introduction ) 

Upon reading the many reviews, it was with much hope I looked forward to reading "Train to Pakistan". To begin with it was not available in the Book Shops in Sri Lanka or Qatar - I couldn't even find it in one of the  "Kinokuniya" book shops I had chance to visit, while on travel. So it was with much relish, that I took to reading it upon finding a Kindle Omnibus version of the author's  Collected Novels. Yet I was somewhat set back in my hopes, when I read that the Author Kushwant Singh, is on record, pronouncing  that, "All said and done, Train to Pakistan was more documentary than a novel." ( Introduction - The Collected Novels ). However, this damper didn't actually materialise in its' effect as I found the book a thoroughly enjoyable read, with a "life-like" insight into the happenings during the period under discussion.

The book offers an insight on several verticals, all of them connected at the base by the narration of what happens in a small village on the Sikh side of the border, called Mano Majra, One is that of the challenge of maintaining Law and Order by the powers that be ( presented here by the Magistrate and the Police ); there is the Socialist intellectual, recently returned from the UK, who had come to the village as a Social Worker - supposedly devoted towards empowering the down trodden and the poor , while careful not to touch even a glass of milk that the poor peasantry offer, due to the "unhealthy" practices of the villagers ; careful to assess the personal returns to whatever actions he may be called upon to do ; we see the instigators who break up the harmony between the two communities that have lived as brothers and sisters for centuries, and who succeed to a certain degree ; and then the village "Badmaash", who  despite his ways is willing to make the ultimate sacrifice for love as well as for his fellow villagers, not worried about his sacrifice "not making the papers", like the intellectual was. I have just revealed enough to tempt prospective readers without "the spoiler" effect, to discourage them. However I will reveal a few extracts below, which  offer various insights on the social, cultural and political aspects of a people. They are indeed deeply integrated into the novel, and in no way stand out "as sore thumbs", but am highlighting them due to their importance, and their timeless value. 

The Social Worker Iqbal has the following thoughts in his mind as he contemplates on answers to the grave issues hindering the progress of India ( He has just got down from the Train upon arriving in Mano Majra ) :
"The whole country was like an overcrowded room. What could you expect when the population went up by six every minute— five millions every year! It made all planning in industry or agriculture a mockery. Why not spend the same amount of effort in checking the increase in population? But how could you, in the land of the Kama Sutra, the home of phallic worship and the son cult? " (Page 41)
Another interesting insight is the idea of the average villager,  when Iqbal wanted to learn what independence and political freedom meant to them:

“Freedom is for the educated people who fought for it. We were slaves of the English, now we will be slaves of the educated Indians—or the Pakistanis.”
It is almost as if Iqbal, newly arrived after  his education in England has been brought in to the novel, to primarily pin point the stark truths which many a policy maker is blind to. Yet, Singh is enlightened enough to prove that while Iqbals'  criticism is  valid, it is rich, since the social worker will not "walk the talk", when required. This is an observation true, even today of many people pf that category,  many a decade after this was written. Look at this critique about caste discrimination:

"The difference in treatment did not surprise Iqbal. In a country which had accepted caste distinctions for many centuries, inequality had become an inborn mental concept. If caste was abolished by legislation, it came up in other forms of class distinction. In thoroughly westernized circles like that of the civil servants in the government secretariat in Delhi, places for parking cars were marked according to seniority, and certain entrances to offices were reserved for higher officials. Lavatories were graded according to rank and labelled SENIOR OFFICERS, JUNIOR OFFICERS, CLERKS AND STENOGRAPHERS and OTHER RANKS. With a mental make-up so thoroughly sectionalized, grading according to their social status people who were charged or convicted of the same offence did not appear incongruous."

A pertinent  criticism on how various religions are being practiced in India, was one of the parts which I thought was very valid even back at home. Because, while the account here is on India, written by a distinguished Indian, it is equally true of us Sri Lankans as well, where we are more prone to parade statements like "බුදු දහම පරම සත්‍යයි " (the Dharma of the Buddha is the ultimate Truth), on the windscreens of Buses,  not much more than a few hundreds really live their lives as per the teachings of the Enlightened One. Possibly it is true of other religions as practiced in Sri Lanka too , but let that criticism come from their own words. This is how Singh puts words to Iqbal to vent his criticism:

"India is constipated with a lot of humbug. Take religion. For the hindu, it means little besides caste and cow-protection. For the Muslim, circumcision and kosher meat. For the sikh, long hair and hatred of the muslim. For the christian, Hinduism with a sola topee. For the parsi, fire-worship and feeding vultures. Ethics, which should be the kernel of religious code, has been carefully removed...Proof? we do not go into such pedestrian pastime as proof! That is Western. We are of the mysterious East. No proof, just faith. No reason; just faith."

One of the most important atmospheres  that the author has succeeded in capturing is the feeling of helplessness, inhibition that paralyses people, making them resort to all kinds of alternative means of actions, when dire situations, such as the one being discussed here, arises within a society. Let it be the Authorities of Policing, or the average villager, they are called upon to what may be viewed upon some extreme action, or an action away from the book of law, because the options availed doesn't meet the dire situation. It is this dire situation which compels the Magistrate to tweak the law, as does the village Badmaash.

“I have done all I could. My duty is to tell people what is right and what is not. If they insist on doing evil, I ask God to forgive them. I can only pray; the rest is for the police and the magistrates. And for you.”
“Me? Why me?” asked Iqbal with a startled innocence. “What have I to do with it? I do not know these people. Why should they listen to a stranger?”
“When you came you were going to speak to them about something. Why don’t you tell them now?”
Iqbal felt cornered. “Bhaiji, when people go about with guns and spears you can only talk back with guns and spears. If you cannot do that, then it is best to keep out of their way.”
“That is exactly what I say. I though you with your European ideas had some other remedy.”
 
Given that this is a novel, the author's first, written with a concrete objective, if one is to seek  theoretical aspects ( as has been discussed by the experts, albeit loosely )  in it , one may find a few flaws. Yet,  unless one  go looking with a magnifying glass, these short comings  didn't discount the pleasure that I derived this work of fiction. Furthermore it will serve as more than an adequate account of the atrocities that took place during the partition, with at least some detail pictured in a gory form, ( albeit in words ) , making the reader tremble with grief. I feel that this book should be read by all, to understand the blood that has been sacrificed, as two new Nations were in the political map of the world.





Saturday, 14 November 2015

බණ්ඩර මැරූ උන් - සේන තෝරදෙනිය



2014 වසර සිංහල නවකථාවට යහපත් වසරෙකි. රන් කරඬුව , මහාසාමි, මේ රහස් කවුළුවෙන් එබෙන්න, ඇදහිය නොහැකි නිහඬතාව ආදි යම් නැවුම් ගතියක් ඇති, අපූරු කෘති සතරක් ම කියවූවෙමි. අනතුරුව, සේන තෝරදෙනිය ලියූ "බණ්ඩාර මැරූ උන්" කෘතිය කියවූ කල, එය ද සුවිශේෂි කෘතියක් බව පෙනී ගියේය. ( බණ්ඩාර මැරූ උන්, 2014 දී ප්‍රකාශ වූ මා කියවීමට තෝරා ගත් කෘති 13න් දසවැන්නයි - උං ගියාදෙන් මේ දින වල කියවමි; තරු සමුදා හා දෛව කියවීමට ඉතිරිව ඇත ). මීට පෙර මෙතරම් අනගි කෘති රාශියක්ම ප්‍රකාශ වූ වසරක් වූයේ නම් ඒ 2010 දී විය යුතුය ( ඒ වසරේ කළු, බුද්ධදාසි හා කන්දක් සේ මා යන කෘති ත්‍රිත්වය ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශ විය - අවසන් පූර්ව වටය ගැන මතකයක් නැත ).
බණ්ඩාර මැරූ උන් සුවිශේෂි ඇයි ? අයෙක් සිතිය හැකි ලෙස එය එක් සම්මානයක් දිනීම නිසා නොවේ (කිමද අපි සාමාන්‍ය පාඨකයන් පමණක් වුවද, අප රට කුමක් හෝ සාහිත්‍ය සම්මානයක් ජය ගැනීම එම කෘතියේ විශිෂ්ඨත්වයක් ගැන කියා පාන්නක් නොවන වග මේ වන විට අප ට ද පැහැදිලිය.) එහෙත් මේ වසරේ අප රට ප්‍රධාන සාහිත්‍ය සම්මාන හතරේම අවසන් වටයට තේරුනු එකම කෘතිය "බණ්ඩාර මැරූ උන්" වීමෙන්,විවිධ වූ විනිශ්චය මණ්ඩල පවා එහි යම් අපූර්වත්වයක් දුටුවා සේය. තෝරදෙනිය තම නවකථාව පාඨක අවදානය යොමු කරනා දිශානති රාශියකි. ඔහුගේ පිටු 500ක නවකථාව මේ දිශානති ඔස්සේ විහිදි ගිය ප්‍රධාන ආඛ්‍යායනය සහ අනු-ආඛ්‍යායන සියල්ලෙහි එකතුවකි. නුමුදු සියුම්ව නිරීක්ෂණ කල විට මේ සියළු ආඛ්‍යායන සහ අනු-ආඛ්‍යායන වල සම්ප්‍රයුක්තය අපිට තව එක් අනු කථාවක් කියාපාන බව මට නම් සිතෙයි. මොනවා ද මේ කියනා ආඛ්‍යායනය, අනු-ආඛ්‍යායන හා සමස්තය කියා පානා වෙනස් ම කථාව ?
අපිට ප්‍රධාන ආඛ්‍යායනය ලෙස ගිරිදේව නම් චිත්‍රශිල්පියාගේ හැලහැප්පීම් මැද ගෙවී ගිය ජීවිත කථාව හැඳින්විය හැකිය. ඔහුගේ ජන්ම කුශලතාව, යමක් කමක් තිබෙන පවුලකට උපත ලැබුවද රටට නැති වී යාමට ඉඩ තිබිණි. ඔහුගේ එම කුශලතාවට ලැබිය යුතු ම ඒ පිළිගැනීම පමණක් නොව, ඔහු වුවද ඒ සඳහා කැපවීමක් යොදවන්නේ අවුරුදු තිස් දෙකකුත් ඉකුත් වූ පසුව විය යුතුය. සැබෑ ලෝකයේ මෙවන් ගිරිදේවලා කී දෙනෙක් අප ට අහිමි වී යනවා ඇති ද? කතුවරයා පාඨකයා තුල ඒ පැණය මතුවීමට වටපිටාව සාදයි. ඇත්තෙන්ම රතු මහත්තයා, පොඩි දේව හා තේනි නැතිනම්, ගිරිදේව ගේ කුසලතාව ලොව දකින්නේ නැත. කිමද ගිරිදේව යනු, ඉවසීමේ සීමාව ඉතා කෙටි වූත්, සමාජය හා ගැටීම් ඇති කරගන්නා වුවද, තමනට යම් ස්නේහයක් ඇති අය හැකි තාක් ඉක්මනට ඈත් කරගැනීමට සමත් වූ ද අයෙකි. කතුවරයා ගිරිදේව යන චරිතය සම්පූර්ණයෙන් ම අප හට ඉදිරිපත් කරන්නේ, කෘතිය අවසන වන විට ඔහුගේ අඩුපාඩු පිළිබඳ අපට ද වැටහීමක් ඇති කරමින්, අන් අය හා විසීමට නොදත් උත්කෘෂ්ඨයකු පිළිබඳ යම් අනුකම්පාවක් උපද්දවමිනි. ඇත්තෙන්ම ගිරිදේව යනු අප ට මෙම වසරේ සාහිත්‍ය හරහා මුණ ගැසෙන්නට වූ දම්සරණි, ඒකනායක සුමංගල ගණින්නාන්සේ තරමට ම අපූරු වූ චරිතයකි.
කතුවරයා තම කෘතිය ගිරිදේවගේ චරිතය සම්පූර්ණයෙන් ම පාහේ ඉදිරිපත් කොට ඉන් නොනැවති, තවත් චරිත කිහිපයක් සැලකිය යුතු මට්ටමකින් සවිස්තරව පාඨක අපට හඳුන්වා දෙයි. රතු මහත්තයා වන් ඉච්ඡාභංගත්වයට පත් ව අද වන විට ඩයිනෝසර් වර්ගයක් තරම් විරළ ඇත්තෙන්ම අවංක සමාජවාදී දේශපාලකයන්, ලෝකය ජයගත් එහෙත් ජීවිතය පැරදුනු වෛද්‍ය ටී.බී. වටපාන වැන්නන් හා නූතනත්වයේ මතවාද ඇති, ස්වාධීන ඒ වාගේම යම් සීමාවක් තුල තමනට අවංක තේනි වන් ස්ත්‍රීන් සහ යම් අරමුණක් ළඟා කරගනු වස් ඕනෑ ම දුරක් යාම ට නොපසුබසිනා මෞලිමාලා වන් ස්ත්‍රීන් ආදි එකිනෙකට වෙනස් චරිත කිහිපයක් ඔවුනොවුන්ගේ දිවි ගමනේ යම් යම් අවස්ථා නිරූපනය කරමින් සවිස්තරව ඉදිරිපත් කර ඇත. මේ පොත කියවූ සමහරුන්, නවකථාව එක් එක් දිශානති ඔස්සේ නිදැල්ලේ සහ ඉබාගාතේ යන බැව් ද, තවත් අයෙක් කෘතිය තුල යම් ව්‍යාකූලත්වයක් නිරූපනය වන බව ද කියති. එහෙත් මා පෞද්ගලික්ව එවන් දොසක් නොදකිමි. ලෝක පූජිත යුද්ධය හා සාමය වන් නවකථා වේවා, ඊට මෑතක ජාත්‍යන්තර සම්මානයට පත් වූ "The English Patient" , "The Gold Finch", "The Luminaries" ආදි කෘති වල වේවා ප්‍රධාන ආඛ්‍යානය ට අමතරව ඊට ස්පර්ශකව එහෙත් යම් තාක් දුරකට වෙනත් දිශා ඔස්සේ දිවෙන අනු-ආඛ්‍යාන කෙතෙරම් වෙත් ද ?
තෝරදෙනියගේ ස්පර්ශක නිර්මාණය කොට ඇත්තේ චරිත ඔස්සේ වුවද, ඔහු තම නවකථාව ඔස්සේ සාකච්ඡාවට මතු කරන අන් කාරණා කිහිපයකි. චිත්‍ර ශිල්පය හොඳින් විෂය කර තම නවකථාව තුල මෙතරම් ඉදිරිපත්කර කල හැක්කේ එම ශිල්පය පිළිබඳ යම් දැනුමක් ඇත්තෙකුට පමණකි - මුඛ්‍ය ආඛ්‍යානයට ඍජු විෂය බැවින් ඒ පිළිබඳ යම් විස්තරයක් නවකථාව තුල තිබීම උචිත ය. හැත්තෑව දශකයේ වමේ දේශපාලනය හා ලංකාවේ සමාජවාදි කඳවුරේ කඩාවැටීම, අප රට මැද-පාන්තික බුද්ධිමතුන්ගේ දේශපාලන අපරිණතභවය, විවෘත ආර්ථිකය නිසා සිදු වූ අප රට ජීවන ක්‍රමයේ වෙනස් කම්, දරුවන් පිට රට පදිංචියට යෑමේ ප්‍රවණතාව හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ ඉරණම, බුද්ධ ධර්මයත් ඉන්ගිලිස්යෙන් ඉගෙනීමට තරම් රට පුරා උඩු දුවා ඇති ඉන්ගිලිසි උණ ආදි වශයෙන් අප රට වර්තමාන සමාජ ප්‍රවණතා පිළිබඳ නවකථාවේ සන්දර්භය තුල සාකාච්ඡාවට බඳුන් කොට ඇත. මගේ කියවීම හරහා නම් මේ ලිවීම් ද කෘතිය ව්‍යාකූලත්වයකට ගෙන ඒමක් ලෙස නොදකිමි.
නිදසුන් ලෙස 376-377 පිටු හරහා දිග හැරෙන මේ කොටස් දෙස බලන්න:
"...සාම්ප්‍රදායික ගමනාන්තය වූ එන්ගලන්තය නොව, එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අලුත් ගමනාන්ත වීම නිසා අද සාමාන්‍ය පහළ පන්තියේ පවුල්වල අයට පවා සිය දරුවන් අධ්‍යාපනය සඳහා පිටරටවලට යැවීමට හැකි වී තිබේ. රුසියාව, චීනය, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, සිංගප්පූරුව, ජපානය යන රටක යන දරුවකුගේ ආපසු ගමන ගැන සහතික කළ හකි වුවද ඔවුන් ආපසු පැමිණ බටහිර රටකට සංක්‍රමණය වීමට කටයුතු කරති.... මවගේ හෝ පියාගේ උපන්දිනයට කොළඹ හෝටලයකින් අන්තර්ජාලය මගින් බ්‍රැන්ඩි පිරි කේක් ගෙඩියක් එවන දරුවෝ යුතුකම් ඉටු කළා යයි තුටු වෙති. තවත් හාස්‍යජනක දෙයක් වන්නේ සිංහල අවුරුද්දට මවට හා පියාට මහ හෝටලයකින් බත් කෑමට වව්චරයක් එවීමයි. ඔවුනට හෝටලයට යන්ට වෙන්නේ පයිනි. තවත් සමහරු මෙරට ඩොට් කොම් සමාගමකින් කුණු වූ පලතුරු පැසක් එවා තුටු වෙති.... අපේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට දරාගත නොහැකිව ඇත්තේ දරුවන් අහිමි වීමේ ශෝකයයි. මේ දරුවන් සිය දරුමුණුබුරන් ගැන උදම් ඇනුවද, ඔවුන් ඇත්තේ පිටකරගත නොහැකි ශෝකයකිනි. ඒ ඒ රටවලට යන මව්වරුන්ට සිදුවන්නේ ආයම්මාගේ , නැනීගේ ගෝ නිවෙස්වල කුස්සිඅම්මලගේ රාජකාරියයි. ඔවුහු සීතලේ ගැහෙමින් වෙවුලති."
මේ පැවසෙන්නේ, මෙය ලියන මා පුත්‍රයෙකු වශයෙන් ද , සමහර විට කතුවරයා පියෙකු වශයෙන් ද, එහෙත් අනිවාර්යයෙන් තව ලක්ෂ ගණණක ශ්‍රි ලාංකිකයින් දරුවන්-මවුපියන් වශයෙන් මුහුණපානා, ඒත්, පිළිගැනීමට මැලි සංවේදි කාරණාකාරනා ගැන ය. කතුවරයා මෙය හුදෙක් සමාජ විචාරයක් නොකොට පරිපූර්ණ ලෙස නවකථාව තුලට බද්ධ කිරීම තුල ය ඔහුගේ නිර්මාණාත්මක බව සහ සමාජමය ගැටළු පිළිබඳ සංවේදි බව පවතින්නේ.
"බණ්ඩාර මැරූ උන්", මෞලමාලි සහ හුදෙකලාව: මෞලමාලා, ගිරිදේව හා බැඳෙන්නේ ඇයි ? දැනුමින් හා රසාස්වාදයෙන් ගිරිදේව හා සමතැන් නොවෙසෙනා මෞලිමාලා, ඔහු ඉවසන්නේ ත්, ක්‍රමක්‍රමයෙන් ඇයගෙ නොනිත් උත්සාහය මත්තෙන් ඇය හා බැඳෙන්නේ ත් ඇයි ? එසේ තම ග්‍රහණයට නතුකර ගත් ගිරිදේව ව, "ජීවිතේ මල් - ලෙස්ලි ඉන්නකල්" , "අපි දෙන්නා අතරෙ එහෙමත් වැඩිපුර දෙයක් තිබුණෙ නෑ නේ" ආදි වශයෙන් සම්ච්ඡලයට පත් කොට ඈත් කිරීමට පෙළඹෙන්නේ ඇයි ? මෞලිමාලා ගිරිදේව තම උවමනාවන් උදෙසා ඉත්තෙකු ලෙස භාවිත කල බව පැහැදිලිය. යම් ගැටළුවක් වෙතොත් එය ඇත්තේ, ඇයි ගිරිදේව ම තෝරා ගත්තේ යන්න අපැහැදිලි වීම මතය. පොල්ගොල්ල වේල්ල නම් වූ අවසන් පරිච්ඡේදය කෙටිය. එහි විස්තර මදය. බොහෝ කරුනු පාඨකයා ට සිතා ගැනීමට ඉඩ හැර ඇත. එහෙත් නිල් පාට ජීප් රිය, මෞලිමාලා එදින ලේවැල්ලේ ගෙදර නොසිටීම ( ගිරිදේව එන්නේ ඇය හමුවීමට ය - හමු වී ඔහුගේ අලුත් නවකථාවේ ඇගේ චරිතය ගැන කථා කිරීමට ය ), ඔස්සේ මේ වන ගිරිදේව ගේ ඉරණම ඉතා සියුම්ව තීරණය වී ඇති බවක් අඟවා ඇත. අයෙකුට මෙම අවසානය ප්‍රිය නොවිය හැකිය ; එය සාපේක්ෂ කාරණාවක් යැයි සිතමි.
මා ඉහත මේ කෘතියේ සම්ප්‍රයුක්ත වශයෙන් කියවෙන කථාවක් ගැන පැවසූවෙමි. ඒ ගිරිදේවගේ ඉරණම, වටපානගේ ඉරණම, තේනිගේ ඉරණම, පොඩිදේවගේ ඉරණම හා රතු මහත්තයාගේ ඉරණම ඔස්සේ අප ට හඬගා කියනා කථාවයි. මොවුන්ගේ ඉරණම් ලියැවෙන්නේ බොහෝ මෑතකය. එනම් ඔබත් තම ජීවිත පිළිබඳ තීන්දු තීරණ ගන්නා මෑතකය. මේ අප බොහෝ දෙනෙකු, අප ගැන, අප දරුවන් ගැන, තීන්දු තීරණ ගැනීමට පැකිලෙන යුගයකි. අප රට එන්න එන්න ම තදබදයෙන් පිරුණු, තරඟකාරිත්වය ඉහවහා ගිය, දෙමාපියන් විසින් දරුවන් ව රටින් පිටකරන්න ට පොළඹවන, බොරුව රජයන රටක් වී ඇත. අද අපේ මිනිස්සු දහම් පාසැල් යන්නේත් ඉන්ගිලිස්යෙන් බුද්ධාගම ඉගෙනීමට ය. තනි වචනයකට ලඝු කරන්නේ නම්, අප ජීවිත ඉතා ව්‍යාකූල වී ඇත. එසේ කියා ඉන් ගැලවීමක් නැත. මේ සමස්ත ඉරණම් ඔස්සේ තෝරදෙනිය පෙන්වා දෙන්නේ වත්මන් සමාජයේ ව්‍යාකූලත්වය, කුඩා හැළියක් වන් අප නගර-උප්නගර වලින් පිටාරගලනා තදබදය හා තරඟය, ව්‍යාජයත්වය හා එසේ හැසිරෙන අතරම, එක් එක් පුද්ගලයා වශයෙන් මෙයට පිලියමක් සිතා ගැනීමට නොහැකිව පෙළෙනා අසරණභාවයයි. අප සමාජය තුල වූ ස්වභාවික අලංකාරත්වය මතට යම් ඔරොත්තු නොදෙන, එසේත් නොවේ නම් තෙරුම් නොගත් ආගන්තුක ස්වභාවයකින්, සමාජ පරිණාමයකින් ( ආම්ලික දියරක් ඉහිරී ? ) අප පිලිස්සි ගොසින් ද ? මෙය වෙනත් අයුරකින් සීමිත මාතෘකා ඔස්සේ, වෙනත් මානයන් ඔස්සේ කෞශල්‍ය කුමාරසිංහ "මේ රහස් කවුළුවෙන් එබෙන්න" ඔස්සේ ද මතු කලේ ය. එනම් අද ලාංකීය නාගරික හා උප-නාගරික සමාජයේ සමස්ත ගැටළුව මේ ඔස්සේ අප හට දිග හැරෙන බව ලෙස මා විශ්වාස කරමි. මේ ඉහත කී සියළු කාරනාකාරනා හේතුවෙන් මෙය වසරේ සාර්ථකම කෘති අතර ට නම් කරමි.

Thursday, 5 November 2015

කිඳුරා ගොසින් වැටුණයි පුර මඩුල්ලේ - කේ. කරුණාධීර අල්විස්



"60,70 දශක තුල ක්‍රමිකව ඉතා සෙමින් ද,අනතුරුව එළඹි 80,90 දශකයන් තුළ ක්ෂණික උඩු යටිකුරු වීමක් ලෙස සමහර විට කෙනෙකුට හැඟී යාමට වුව හැකි ශීඝ්‍ර විපරිණාමයකින් ද, අප රටෙහි සිදු වූ එම සමාජ පරිවර්තනය හා එහි පසුබිම් හේතු සාධක දෙස, සංවේදි වූ ද, උපෙක්ෂාශීලි වූද, ආවර්ජණයෙහි පසුවන සඳ, මෙම නිර්මාණය මා සිතෙහි ගොඩනැඟිණි." (පෙරවදන)

ලේඛකයා තම ආවර්ජනය විස්තර කරනු වස් භාවිත කරන වචන දෙකකි - සංවේදි වීම හා උපෙක්ෂක වීම - මෙම කෘතියේ සාර්ථකත්වයට අඩිතාලම වැටෙනුයේ මෙම සංවේදි වීම හා උපෙක්ෂාවෙන් යුක්තව තම නිර්මාණ කාර්යයේ යෙදී තිබීම මතය. අත්ථදස්සි ලොකු හාමුදුරුවන්ගේ චරිතය, ධම්මදස්සි පොඩි හාමුදුරුවන්ගේ චරිතය ඉතාමත්ම සාර්ථකව ගොඩ නඟා තිබීමත්, මෙම චරිත දෙකේ ගුණ-දොස්, ඒ චරිත දෙක හරහා පැරණි සමාජය, එම සමාජය වෙනස් වීම, එම සමාජය වෙනස් වීමේ ප්‍රවේගය ඔරොත්තු නොදීම ආදිය ලේඛකයා පාඨකයාගේ මනසට දැනෙන අයුරින් ආදානග්‍රාහිවීමකින් තොරව ලියා ඇත.
පිටු 175ක් වන් ඉතා අල්ප පිටු ප්‍රමාණයක් භාවිතයෙන්, පසුගිය දශක හතර පුරාවේ අප ගම් දනව් බොහෝමයක් මුහුණ පෑ විපරිණාමයන් ඉදිරිපත් කර ඇත. සංවර්ධනය ඔස්සේ විපරිණාමයට පත් වීමට පෙර ගැමියන්ගේ සිතුම් පැතුම් මැයි නෝනාගේ චරිතය හා ඇගේ අහිංසක බලාපොරොත්තු මඟින් ඉතා අපූරුවට නියෝජනය කරයි. ඉන් පසු කාලයේ දී දේශපාලඥ්ඥයින් ආශ්‍රයෙන් ගමට සංවර්ධනය ඒම, ඊට ගමේ තරුණයින්ගේ මැදිහත් වීම, ඒ පිළිබඳ අත්ථදස්සි හිමියන්ගේ ප්‍රථිචාරය හා උන්වහන්සේ තෝරා ගන්නා මාර්ගය, ගමේ මේ සිදුවන අනවරත ධාරාවට එරෙහි විරෝධතාව කිඳුරා මඟින් නියෝජනය කිරීම හා ඒවායේ අසාර්ථකත්වය, සුනීත හිමියන්ගේ චරිතය මඟින් අද වන විට අපි ට දැක පුරුදු භික්ෂු චරිත බිහි වීම සහ, ඒමිස් ගේ අත්දැකීම් මඟින් මේ විපරිණාමය උක්ත ගමට පමණක් සීමා වූවක් නොවන්න බව පසක් කිරීම, ආදි සිදුවීම් පෙළ ඉතා නිර්මාණාත්මක ලෙසත්, අතිශයෝක්ති දෝෂයට කිසිදු මොහොතක හසු නොවන  ස්වභාවික අයුරකින් ඉදිරිපත් කිරීමත් ඔස්සේ, මෙම නවකථාව සැළකිය යුතු මට්ටමක සාර්ථකත්වයකට එළෙඹෙන්නේ ය. පසුගිය වසරේ ප්‍රකාශ වූ කෘති කිහිපයක් සඳහා ත්, ඊට පෙර ප්‍රකාශ වූ කෘති වලත්  අප රට පසුගිය දශක පහ-හය තුල සිදූ වූ මේ ශීඝ්‍ර වෙනස්වීම ට වස්තු බීජ සැපයුන ද, මගේ හිතට දැනෙන අයුරකින් මෙම වෙනස්වීම නිර්මාණ කාර්යයක් උදෙසා භාවිත වූ එක් අවස්ථාවක් ලෙස මට මෙම කෘතිය හඳුන්වා දීමට  නොපැකිළෙමි. 



ධම්මදස්සි හිමියන්ගේ පහත උදෲත පසුතැවිල්ල මුසු ප්‍රකාශය නවකථාවේ ඉතා බලවත් ප්‍රකාශනයකි.
"මට වෙලාවකට හිතෙනවා ඒමිස්, ඔය බඩු භාණ්ඩ නිෂ්පාදනය කරන පිටරට සමාගම්වලට අවශ්‍ය වෙළඳපොළ මෙහෙන් අපේ ගම් කොරෙන් හදා දෙන්ඩ, මමත් උදව් උපකාර කළාදෝ කියලත්. ඒ වගේම මේ මිනිස්සුන්ට ගිය කල දසාව, මුදල් යහමින් ඇතා නැතා, ඔය තියන විදියකට කාලා ඇඳලා, ඔහේ තමුන්ගේ පාඩුවේ හිටි, අඩු වශයෙන් ඔළුව අවුල් නොකරගෙන හිටි ගමම, එකම පිස්සු පොරයක වැටිලදෝ කියලා මට හිතෙනවා ඒමිස්"
   "හැබැයි ඉතින් අනෙක් අතට, අපි මෙහෙම මේ වලටැ මැදිහත් වුණා නැතා, මේවා දැන්ම නැතත්, ටිකක් පහු වෙලා හරි, මෙහෙම්ම සිද්ධ වෙන එක සක්කරයට වත් වළකන්ට ඇහැක් දෙයකුත් නොවෙයි. ඒ කොහොම වුණත් කොපමණ සද්භාවයෙන්, හිතේ සොම්නසින් මේ කාරණා කටයුතු වලදි මැදිහත් වෙලා කටයුතු කළත් මගේ හිතේ දැන් නම් තියෙන්නේ මහ කලකිරීමක් විතරයි, ඒමිස්"

  මෙම කෘතිය පළමු ස්වර්ණ පුස්තක සම්මානය (2006)  උදෙසා අවසන් වටයට තේරිණි ( ඒ වසරේ සම්මානය කුමන හෝ පොතකට ලබා නොදී, මූල්‍යමය ත්‍යාගය සමසේ බෙදා දුන්හ ). ඒ වසරේ එසේ නිර්දේශ කෘති අතරින් මා කියවා ඇත්තේ කසුරිගේ පොතත්, මෙයත් නිසා සමස්ත වශයෙන් ඒ අවසන් කෘති පහ ගැන යමක් කිව නොහැකි වුවද, මා සිත බොහෝ ලෙස ඇළලුමට ලක් කල, සාර්ථක නිර්මාණයක් බව කිව හැකිය. (මීට අමතරව 2004 වසරේ ඩී.ආර්. විජේවර්ධන සම්මානයේ දෙවෙනි තැන  ට ද මෙම කෘතිය පාත්‍ර විය)

Saturday, 31 October 2015

කැත්ලීන් ජයවර්ධන ගෙන් "මහසෙන්" චරිතය ගැන විමර්ශනයක්



"ඉතා සංක්ෂිප්ත වූ තොරතුරු කිහිපයක්" ඔස්සේ "මහසෙන් රජුගේ කිසියම් වෙනසක්" හඳුනාගන්නී, ඓතිහාසික මුලාශ්‍රය සියයට දහයක්, ජනශ්‍රැති, ජනකථා සියයට විස්සක් හා පරිකල්පනයීය ව්‍යතිරේක සියයට හැත්තෑවක් ගෙන එකට මුසු කොට, පත අට එකට සිඳ..", "ඓතිහාසික චරිතයක් වර්තමානයටත්, අනාගතයටත් යා කිරීම සඳහා කළ කිසියම් අත්-හදාබැලීමක්" ලෙසිනි, කතුවරිය කෘතිය ආරම්භයේදීම  "පිළිසඳර" ක  යෙදෙමින්  ලේඛිකාව තම නිර්මාණය හඳුන්වා දෙන්නේ. ඇය තව දුරටත් තම නිර්මාණය හඳුන්වා දෙන්නී, තම නිර්මාණය "මිනිසෙකු හා කිරුළක්" පිළිබඳ නිර්මාණයක් බවට කියා පාන්නීය. කලින් කල තමන් ඒ ඒ අවස්ථාවේ සිදු කල යුතු යැයි සිතූ, අපරාධ ගණයට සැළකිය හැකි යම් යම් ක්‍රියා  මෙන්ම, ඒවා අතික්‍රමණය කරමින් රට වැසියාගේ යහපත වෙනුවෙන්ද ඉමහත් සේවයක් ඉටු කල සිතන්නට පුරුදු වූ රජෙකු ලෙස, හඳුනා ගෙන තම නිර්මාණයට සාධාරණයක් ඉටු කොට ඇති සේය.
 "The minister named Meghavannabhaya, the friend of the
king, who was busied with all his affairs, was wroth with him
for destroying the Mahavihara ; he became a rebel, and when
he had gone to Malaya and had raised a great force, he
pitched a camp by the Duratissaka-tank
When the king heard that his friend was come thither, he
marched forth to do battle with him, and he also pitched
a camp.
The other had good drink and meat, that he had brought 
with him from Malaya and thinking :
* I will not enjoy it
without my friend the king/ he took some, and he himself 
went forth alone by night, and coming to the king he told him
this thing. When the king had eaten with him, in perfect 
trust, that which he had brought, he asked him :
Why hast thou become a rebel?'
Because the Mahavihara has been destroyed by thee ' he answered. ' I will make the vihara to
be dwelt in yet again; forgive me my fault/ thus spoke 
the king, and the other was reconciled with the king."
    ( Mahavamsa - Geiger Translation - Page 269)


යම් රජෙකු තමනට විරුද්ධව කැරළි ගැසූ තම පැරණි මිතුරෙකුගේ වදන් අසා තමන් කල වැරදි ගැන පශ්චාත්තාපයට පත් වන්නේ ද, සමාව අයදින්නේද ,වැරදි නිවැරදි කර ගැනීමට යත්න දරන්නේ ද, එම රජු තුල යම් සුවිශේෂිතාවක් ඇති බව පිළිගත හැකි බව සිතමි. මීට අමතරව නවකථාව කියවාගෙන යාමේදි, බොහෝ කරුණු ලේඛිකාව පැවසූ පරිදිම ඓතිහාසික මුලාශ නොවෙන සියයට අනුව තුලට අයත් බව තේරුම් ගත හැක. එනුමුදු කතුවරියට තම පරිකල්පනාව ඔස්සේ යම් දුරක් යෑමට ඉහත කී සාධක සෑහේ.

මෙම නවකථාවට යම් බහුශ්‍රැතබවකින් හෙබි චරිතයෝ කිහිපක්ම ලේඛිකාව එක්කාසු කොට ඇත. මහරජු, අතුල්‍ය ආචාරීන්, අකලංක හිමි, චිත්‍රගුප්ත ආදින්ගේ අදහස් දැක්වීම්, සිතුවිලි ආශ්‍රයෙන් බොහෝ දාර්ශනික අදහස් මේ කෘතිය තුලට ගැබ්කොට ඇත. අවම වශයෙන් එවන් පාඨ දහයකට නො අඩු ප්‍රමාණයක් මෙහි හමුවේ. මා කියනා කාරණාව සනාථ කරනු වස් මා සිත් ගත් අවස්ථා තුනක් පමණක් පහත සටහන් කිරීමට කැමැත්තෙමි.

"වැව්, ඇළමාර්ග, දියකඩිති වෙන් වෙන් ව හඳුනාගත්ත ද සමස්තය, ජලප්‍රවාහය, සාගරය එදා මගේ නිරීක්ෂණයට හසු වූයේ නැත. මගේ වැව් පද්ධතිය හා වාරි කර්මාන්තය සම්බන්ධයෙන් මා උද්දාමයට පත්වූයේ ඒවා මගේ නිමැවුම් වූ නිසා ය. ඒවායින් සුඛිත-මුදිත වූයේ මගේ ජනතාව යැයි මම සිතුවෙමි. මේ උද්දාමය රජකුට සාකල්‍යයෙන්ම අවශ්‍ය ය. රජකුට, රාජ්‍යත්වයට අභිමානය වැදගත්ය. එය නොවැදගත් වන්නේ, බිහිසුණු වන්නේ 'රජු' ලෙස හංවඩු ගැසූ මිනිසාටය." (මහසෙන් රජුගේ සිතුවිල්ලකි - 296 පිටුව )

මුල් අවස්ථාවලදී ශ්‍රද්ධාව පිලිබඳ, ශ්‍රද්ධාව මුල්කොට ගෙන ජනතාවගේ හැසිරීම් හා එය භාවිත කොට වෙසෙසින් මහවිහාර වාසි භික්ෂූන් තම පෞද්ගලික වාසියට භාවිත කිරීම ගැන නොපහන් අදහස් දැරූ රජු, පසුකාලීනව තම ක්‍රියා මාර්ග ගැන පසුතැවෙන්නේ, මෙසේ  සිතෙන්නේය:

 "බුදුරදුන්ගේ සැබෑ මුහුණුවර මේ විය හැකි දැයි බුදුපිළිමය දෙස බොහෝ වේලාවක් බලා සිටි රජුට සිතිණ. මෙවැනි අපූර්වාකාර බුද්ධ ප්‍රතිමාවක් නෙළන්නට ශිල්පියාගේ ප්‍රතිභාව පමණක් ප්‍රමාණවත් විය නොහැකිය. එහි ලා ශ්‍රද්ධා-භක්තිය ද අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. 'ප්‍රඥ්ඥාව' බොහෝ ඉහළිනුත් 'ශ්‍රද්ධාව භක්තිය' ඉතා පහළිනුත් ස්ථානගත කිරීම නොනිසි යැ යි ද ඒ ගැන නැවත වරක් සිතා බැලිය යුතු යැ යි ද රජුට සිතිණි. මහායාන ආචාර්යවරයෙකු වූ නාගර්ජුනපාදයන්ගේ ප්‍රඥ්ඥා පාරමිතාව පිළිබඳ අටුවාවෙන් ද මේ තත්ත්වය අවධාරණැය කෙරෙයි. 'ශ්‍රද්ධාව බුදුන් වහන්සේගේ ධර්මා නැමැති සාගරයට ඇතුළු වන දොරටුව වනේ නම්, ' ඥානය' එහි යාත්‍රා කීඉම සඳහා වන නෞකාව වන්නේය' යනුවෙන් එහි සඳහන් වේ." (252 පිටුව )

අතුල්‍ය ආචාරින් රාජ්‍ය පාලනය ගැන දරණ අදහස, අකලංක හිමියන් ආවර්ජනය කරන්නේ, එම අදහස් 61වෙනි පිටේ සඳහන් වන්නේය. එහි සර්වකාලීන් වටිනාකමක් ඇති බව අපට ද ඒත්තු ගොස් ඇත.

"තනි පුද්ගලයෙකු තුළ රාශිභූත වන සමාජ ශක්තියේ දුර්විපාක මුළුමහත් රටක බලපෑම් කෙරෙන අයුරු පිළිබඳ පාඩම් ඉතිහාසය මිනිසාට උගන්වා තිබේ. එහෙත් ඒවා ග්‍රහණය කරගැනීමට තරම් සියුම්කමක්, විචාරශීලි බවක් මිනිසුන් බහුතරයකට නැත. 'යහපාලනය' පිළිබඳ ව ජනතාව තුළ පවතින මනෝරාජික සිහින සැම විට ම බොඳ වී යන්නේ එහෙයිනි. අතුල්‍ය ආචාරීන් නම් පවසන්නේ 'දැහැමි පාලකයකු පිළිබඳ අපේක්ෂාව මිථ්‍යාවකි' යි කියා ය.. ධර්මිෂ්ඨ රජුන් ජීවමාන වන්නේ යැයි සිතා උදම් වන රට වැස්සෝ ඉතා ඉක්මනින් සිය මායාදැල ඉරාගනිති.
 ඒ, පාලකයකුගේ එක ම එක සත් ක්‍රියාවක් කරළියට නැගෙන්නේ කරළිය පසු පස සිදු වූ, සිදු කළ අසත් ක්‍රියා සියයකට පසුව වන බැවිනි."
 සත්‍යකාම හා තඹරවිල කියවීමෙන් අනතුරුව, ලේඛිකාව ගේ මෙම කෘතිය කියවීමට් යොමු වූ මා, මේ කෘතිය හරහා ලේඛිකාවගේ ප්‍රතිභාව ඉමහත් ඉදිරි පිම්මක් පැන ඇති බව ක් හැඟෙයි. මීට වඩා මෙම ලේඛිකාවගේ කෘති කියවා ඇති අය වෙත් නම්, ඔවුන් ලේඛිකාවගේ සමස්ත නිර්මාණ ගැන මට වඩා පුළුල් ලෙස අදහස් දක්වන්නේ නම් අගය කරමි. මගේ කියවීමේ හැටියට නම්, කතුවරිය සත්‍යකාම හරහා නිර්මාණයට යත්න දැරූ දාර්ශනික අංශය පිළිබඳ වැඩි නැඹුරුවක් දැක්වීමේ උත්සාහය, මහසෙන් නම් ඓතිහාසික චරිතය අලලා ලියු මේ කෘතිය හරහා, ලේඛිකාව සමත් වී ඇත.

Friday, 30 October 2015

Did Humanity subdue the Theorist ? A look at the characters Raskolnikov and Sonya in "Crime and Punishment"



Crime and Punishment - Fyodor Dostoevsky
(Tr. by Constance Garnett )
================================


"In what way, was my theory stupider than others that have swarmed and clashed from the beginning of the world? One has only to look at the thing quite independently, broadly, and uninfluenced by commonplace ideas, and my idea will by no means seem so... strange. Oh, sceptics and halfpenny philosophers, why do you halt half-way!""Why does my action strike them as so horrible? Is it because it was a crime? What is meant by crime? My conscience is at rest. Of course, it was a legal crime, of course, the letter of the law was broken and blood was shed. Well, punish me for the letter of the law... and that's enough. Of course, in that case many of the benefactors of mankind who snatched power for themselves instead of inheriting it ought to have been punished at their first steps. But those men succeeded and so they were right, and I didn't, and so I had no right to have taken that step."

 The above extract probably presents the Dilemma that troubled Raskolnikov ever since  he committed the crime. The troubled Raskolnikov never concede  theoretically, that he should repent the crime he committed. Yet his punishment begins from the moment he committed the crime, and not when he was sentenced to Siberia. He was so much troubled, that the authorities got suspicious of him, due to his own behaviour. Even then they couldn't prove it, until his troubled consciousness makes him confess his crime.

Upon him arriving in Siberia towards the end of the book, he still attempts to argue on behalf of the theorist in him:


He was ashamed just because he, Raskolnikov, had so hopelessly, stupidly come to grief through some decree of blind fate, and must humble himself and submit to “the idiocy” of a sentence, if he were anyhow to be at peace.
   
  Vague and objectless anxiety in the present, and in the future a continual sacrifice leading to nothing—that was all that lay before him. And what comfort was it to him that at the end of eight years he would only be thirty-two and able to begin a new life! What had he to live for? What had he to look forward to? Why should he strive? To live in order to exist? Why, he had been ready a thousand times before to give up existence for the sake of an idea, for a hope, even for a fancy. Mere existence had always been too little for him; he had always wanted more.


Yet, a sudden change happens within him, between this contemplation in Siberia and the end of novel, where he becomes hopeful of a future, disregarding his theoretical stance.

Life had stepped into the place of theory and something quite different would work itself out in his mind. 
What was it that affected Raskolnikov to such a degree. that he couldn't stick to his theory ? ; a theory he was convinced of, even after he was sentenced, a sentence and a post-sentence life which he looked at with scorn.

When thinking over the character of Raskolnikov, I couldn't but identify two tangents of his character, which explain this change.

1- For all the theory that Raskolnikov tried to embrace and stick to, he was a humanist at heart, and many an example of this is shown throughout the novel. Besides,  the main reason he becomes attached to  Sonya, is due to this same quality of hers. Upon identifying this quality in her much earlier in the novel, Raskolnikov states that:

" I did not bow down to you, I bowed down to all the suffering of humanity"
It is this same humanity which makes Sonya follow Raskolnikov to Siberia, in order to save him ( more instances  of Sonya's humanity  is exemplified earlier in the novel.) It is Sonya's persistence which makes a shift in the attitude towards life in Raskolnikov. Raskolnikov, an atheist, yet keeps the bible that Sonya lends, near him, although he never opens it.While it is apparent that Dostoevsky hints that it is the religious faith in Sonya which makes her undergo such hardship on others' behalf, the subtlety of how he presents it quite mesmerised me.It is almost weightless against the flow of the novel - but then I am talking of a master that the whole world has identified, and my small self, is still waking up to ( I have only read Karamazov Brothers from the author previously ).

2- The Second Point that I need to mention is, did Raskolnikov bite off more than he could chew, when he thought that he could put his theory into practice. The panic that he let himself become a victim of, immediately after his crime, totally forgetting the purpose of his crime suggest that he was more of a "wannabe" theorist, than his conscience could ever grant him to be. Hence it is this space which a "Sonya" could manipulate; in essence this "space" that a humanist could work, wouldn't have been available in "a Napolean" for example - men who go all the way to make a change in the world and taste ultimate success.

These are but a few thoughts which arose in my mind upon completion of the novel a little more than 24 hours ago. I haven't tried to review this book, for I feel that it borders on the absurd, for an average reader like me to review a book of this grand scale. Hence, in stead of trying to review this book, I tried to see whether I could get near to grasping the essence of Dostoevsky's  texture. Note , that the ideas presented here are simply stated without reference to any other reviews ( I, in fact opted out reading the introduction by Keith Carabine, which the printed copy contained ). I am sure that the views stated herein are not new, but it is hoped that they will serve in opening a worthy dialogue about this book.