Saturday, 26 February 2022

කන්ද උඩ ගින්දර - ජැක්සන් ඇන්තනි

බොහෝ කලාවන් හී දක්ෂතා පෙන්වා ඇත්තෙකු ලෙස ජනප්‍රිය, ජැක්සන් ඇන්තනීගේ කර්තෘත්වයෙන් පළ වූ නිසා ම, පළ වූ 2019 වසරේ මහත් කතා බහටත්, බොහෝ අයගේ පැසසුමටත් ලක් වූ කෘතියකි. ( එම කාලයේම දස්කොන්-ප්‍රමිලා ප්‍රේමකතාව ටෙලිනාට්‍යයක් ලෙස පෙන්වා ඇතැයි කියවුන ද, එය අප ඇහැට දැක නැති හෙයින් එය හා මෙය සැසඳීමට අප නොදනී. ) අප මීට පෙර ජැක්සන්ගේ "පනාපුත්‍රගේ කතා වස්තුව" මහත් රස විඳ ඇති හෙයින්, නළුවකු ලෙස වඩා ප්‍රසිද්ධ වුවද, ජැක්සන් ලේඛන කෞශල්‍යයන් ගැන විශ්වාසයෙනි,  මෙම පොත ගැන බලාපොරොත්තු තබා ගත්තේ.   ඔහු පොත ට දෙන ප්‍රස්ථාවනාවේ, සෑහෙන ශ්‍රමයක් යොදා, ඉතිහාසය විකෘති නොකර, අප ට මගැරුණු අංශ වෙත ප්‍රබන්ධමය දිගැරුමක් ගෙන ඒමේ අදහසින් පොත ලියූ බව පවසයි. "චරිත එකිනෙක ගැටෙන විට ඇති වන අන්තර් සිතුවිලි සහ සංවේදන 'කන්ද උඩ ගින්දර' තුළ අන්වීක්ෂණය කරන්නට උත්සාහ කළෙමි", යැයි පවසයි.  ‍මෙම කාරණාවට මූලිකත්වය දෙමින්, කුන්ඩසාලේ කුමාරයාගේ කුමාර කෙළි ලොල් අවධියේ හැසිරීම්, ඔහුගේ කුමාර අවදියේ සිත් ගත් පෙම්බරිය හා ගත කල මිහිරි අවස්ථා ආදිය තිබුන ද, පෙර සිරිත අනුව සෙංකඩගල රජුට  රන්දෝළි බිරිඳක් තෝරා ගනීම ඇතුළු බොහෝ කාරණාවන් වලදී, තම අභිමතයනට අනුව පමණක් ක්‍රියා කිරීමේ නිදහසක් නැති අයුරු අප කතුවරයාගේ මූලික විෂය වී ඇති බව පැහැදිලිය.   ඒ අනුව ම පෙර රජදරුවන් ඒකාධිපතියන් වීමේ අවකාශයනට සැලකිය යුතු සීමාවක් තිබූ බව පෙන්වීමත්, කතුවරයාගේ ප්‍රමුඛ අභිලාශ අතර වූ බව පැහැදිලිය. හබාඩ් ( ඔහු නොක්ස් හා සමවැසි ඉංග්‍රීසි සිරකරුවෙකි) ලන්දේසි වාර්තාවකට පවසා ඇත්තේ දහතුන් වියේදී ද "Prince full of fire" කියාය. එවිට දහහත් වැනි වියේදී, මෙම පොතේ ආරම්භයේ කියවෙන ප්‍රේමාලිංගනයේ විස්තරය අතිශයෝක්තියක් ලෙස ගත නොහැකි යැයි සිතේ. වැලන්ටින් (Valentyn) ද පවසා ඇත්තේ රජු සතුව "නොදැමුණු චරිත ස්වභාවයක් සහිත භයානක කෲර පාලකයෙක් කියාය ( had a wild disposition and was a dangerous man and a tyrant" )1 .එනුමුදු වැලන්ටින් පවසනා පරිදි භයානක චරිත ලක්ෂණයක් නම් ඇන්තනිගේ නරේන්ද්‍රසිංහ චරිතයේ නැත. අපට හමුවන නරේන්ද්‍රසිංහ චරිතය තමන් ව ඝාතයනයට තැත්කල වූවන් ට ද මරණ දඬුවම පනවන්නේ, රාජ්‍ය නීතියෙන් ඔහුට එය බල කෙරෙන නිසාය. නරේන්ද්‍රසිංහ රජු ට අභිෂේකයෙන් අනතුරුව, මෙම කෘතියේ අවධානය සීමා වූ කාල පරාසයේ තම අභිමතයන් අනුව ක්‍රියා කරලීමේ අවස්ථාවන් ඉතා විරළ බවකි, කතුවරයා පෙන්වා දෙන්නේ. ඔහු තෝරාගත් මුඛ්‍ය කාරණාවන් පෙන්වාදීමේදී, නවකතාවේ කාලපරාසය, නරේන්ද්‍ර්‍රසිංහ රජුගේ රාජ්‍යත්ව කාලයෙන් 1/4ක ට පමණ සීමා කරයි.  එනමුදු අප සතු ඉතිහාස කෘති වල පවසන්නේ නරේන්ද්‍රසිංහ රජු තරමක් තම රාජකාරිය පැහැර හැරි රජතුමෙකු ලෙසය. සෙල්ලම් නිරිඳු ලෙස නම් කෙරුණු රජු, මේ නමට ඔබින ලෙස තම මුළු රාජ්‍ය කාලයෙම හැසිරුණාදැයි කීමට තරම් කරුණු කාරණා අප දන්නේ නැත. මෙම නවකතාවේදී,  කතුවරයා, ඉතිහාසය පදනම් වූ  චිත්‍රපටියකට, නැතිනම්, ටෙලිනාට්‍යයකට උචිත ආකාරයේ හැඟීම්වලට මුල් තැනදෙන අයුරෙන්, අලංකාරෝක්තියෙන් සපිරුණුව,  අනේක කවියෙන් සුපෝෂිතව, මෙම නවකතාව ගොතා ඇත. වර්ණනා අධික මාත්‍රාවලින් ඇත. මෙම ලක්ෂණ සමහර පාඨකයන්ගේ අභිරුචිය නොවන්නට ද පුළුවන. එහෙත් සමස්තයක් ලෙස දොසක් කීමට තරම් රචනාවක් ද නොවේ.


මෙහි එන සුවිශේෂී සිද්ධියක් ලෙස මා දුටුවේ, රාජ්‍යත්වයට නරේන්ද්‍රසිංහ රජුගේ නම යෝජනා කෙරෙන අවස්ථාවයි. ඒ මහ නිලමක්කාර වරුන්ගේ රැස්වීමේ  විස්තර විචිත්‍රවත් ලෙස ජැක්සන් මවා ඇත්තේ, එම කාලයට ගැලපෙන වාංමාලාවලකින් සුපෝෂිතව, පාඨක විශ්වාසය රැකගන්නා ගමන් ය. පට්ටියෙ බණ්ඩාර ගෙන් මෙවන් අභියෝගයක් ආ බවක් මා අසා තිබූනේ නැත. එවිට අප හැරෙන්නේ ඉතිහාස පොත් වෙතටය. මේ උක්ත කාලය ගැන ලියැවුණු මා සතු පොත් දෙකක් වනුයේ, නැසී ගිය ලෝනා දේවරාජා මැතිණියගේ "The Kandyan Kingdom of Sri Lanka - 1707-1782"  සහ මන්දාරම්නුවර චන්දානන්ද හිමියන් විසින් සංස්කරණය කල "මන්දාරම්පුර පුවත" ය. මෙම අවස්ථාව එම පොත් දෙකේ සඳහන් නොවේ - එය ඓතිහාසික ලේඛනයකින් සොයාගත්තක්දැයි නොදනිමි.

දස්කොන් හෙවත් ගැස්කන්ට්, මෙම නවකතාවේ සැලකිය යුතු තරමේ චරිතයකි. මහ රජුගේ හොඳම මිතුරා වන ඔහු ට දෙවෙනි අධිකාරම් තැන ලැබෙන්නේ, මහරජුගේ දිවිආරක්ෂාවට කෙතෙරම් සේවයක් කල ද  ඔහුගේ සිතැඟි පිළිබද යම් අදහසක් රජුට තිබීම නිසා ම, ලෙව්කේ නොදීම නිසාය. මෙයත්, රදළයන් අතර වූ බෙදීම හා තරඟයත්, රජුගේ, ඔහුගේ නෑයන්ගේ, රැජිණන් ගේ සිත් වල ගිනි එක්කාසුව, කන්ද උඩ ගින්දරක් ලෙස ය අප කතුවරයා පෙන්වා දෙන්නේ. දස්කොන්-ප්‍රෙමිලා සබඳතාවක විභවයක් ඉතා පැහැදිලිව මෙහි දැක ගත හැකි වුවත්, එය මෙම නවකතාව අවදානය යොමු කරනා කාල පරාසයෙන් ඔබ්බේය. එනුමුදු, ඉතා පැහැදිලි ලෙස ඊට කරුණු කාරණා යෙදෙන විදිහ පෙන්වා දෙයි.

2019 ප්‍රකාශ වූ නවකතා  දහසයක් (!!?) කියවීමට තෝරගතිමි. දැන් දැන් මගේ ඉලක්කය සපිරීමට ලඟාවන්නේ, මේ දහහතර වැන්න නිසාය. (මින් මෙපිටට මෙතරම් නවකතා ගණණක් කියවීමෙන් වැලකි සිටීමේ වැදගත්කම දිනෙන් දින තහවුරු වේ). මෙම නවකතාව ඒ කතා දහහතරේ මධ්‍ය ස්ථානයක ට පමණ පෙළ ගැස්වීමට තරම් සාර්ථක රචනයක් ලෙස දකිමි.

2019 ප්‍රකාශ වූ නවකතා කියවීම -14
ශ්‍රේණිය: ****



1  page 74; ( ch. 4 Narendrasimha and his nobles 1707-1739)  The Kandyan Kingdom of Sri Lanka 1707-1782: Lorna Dewaraja

 


Thursday, 17 February 2022

අමරදේවලා නන්දාමාලනීලා රූකාන්තලා සහ අපි - නිහාල් පීරිස්

දැනට මුද්‍රණයේ නැති මෙම පොතින් පිටපතක් විකිණීමට ඇති බවට දැක, හැකි ඉක්මනින් එය මිල දී ගත්තේ මේ පොත ගැන වරින් වර මුහුණු පොතේ සාහිත්‍ය හා කලාව සම්බන්ධව සඳහන් කෙරුණු දැක ඇති නිසා ය.

ලිපි දහසයකින් සපිරි මෙම පොත ට මුල් වී ඇත්තේ කේ. ඒ. ගාමීණි නම් අයෙක්, 1991 ජුනි මස 16 දින වන්, අදට අවසර 30ත් වඩා දිගු කලකට පෙර, දිවයින ඉරිදා සංග්‍රහයට ලියූ ලිපියක් ය. ගාමිණි ගේ ප්‍රධාන තර්කය ජනප්‍රිය සංගීත සංස්කෘතිය රසික බුද්ධියට නිගාදෙන ප්‍රතිගාමි එකක් බවයි. මෙය අද වන විට තලේබාන් වර්ගයේ අදහස් ලෙස මේවා පෙනුන ද, එකල එම අදහස් එලෙස නොපෙනුනු බවට සිතිය හැක. එදා සහ අද අතර වෙනස්කම් බොහෝය ( බලන්න 1). ගාමිණි මහතාගේ ලිපියට ප්‍රතිචාර ලිපියක් ලියන නිහාල් පීරිස් ගේ ප්‍රධාන තර්කය "අද ප්‍රගතිශීලිත්වය යනු කලා ඒකාධිපතිවාදය නොව කලා ප්‍රජාතන්ත්‍රවාදය බවට පත්වෙමින් පවතී", යන්න යි. මෙය එකලට සෑහෙන ඉදිරිගාමි අදහසක් ලෙස පෙනී යයි.

මෙම පොතෙන් නිරාවරණය වන එක් වැදගත් දෙයක් නම් පසුගිය වසර 30 තුල අප ගේ දැනුම් පද්ධතිය, හර පද්ධතිය, හා දේශපාලන ස්ථාවරයන් කෙතෙරම් වෙනස්කම් වලට භාජනය වී ඇත්තේ ද යන්නයි. ඉහත කී නිහාල් පීරිස් ගේ ලිපියට 'බයක් නොව ඇත්තේ හිරිකිතයක් පමණි' මැයෙන් හඳගම පිලිතුරු සපයා ඇත. එහි ආස්ථානයන් දෙකක් අද වන විට විවාදාත්මකය.

සන්ෆ්ලවර් සලාදය රස විඳින පිරිසේ මානසික ස්වභාවය විග්‍රහ කටයුතුය. ඔවුන් සැබවින්ම, අපේක්ෂා භ්ංගත්වය කේන්ද්‍රකොට ගෙන නොයෙකුත් දුරාචාරයනට ගොදුරු වූ පිරිසගෙන්ද, ඉතාමත් අඩු අධ්‍යාපන මට්ටම්කින් හෙබි, අවිහිංසක දුගී පිරිසකගෙන්ද සමන්විතය. ( 12 පිටුව)
එහෙත් පරිගණක විද්‍යාඥයෙකුගේ රස වින්දන මට්ටම ඕජායේ ගීත රස විඳීමට තරම් පහත් මට්ටමක පැවතී යැයි මම විශ්වාස නොකරමි. ( 15 පිටුව)

 මෙම ලිපිය ලියනා කල ඔහු දැරූ අදහසක් වන "ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධකම් අධිපතිත්වය දරණ සමාජයක පාලක පංතිය යනු නිෂ්පාදනය හිමි පංතියයි", ලෙස ලඝු කිරීම එකල පැවති UNP ආණ්ඩුව සම්බන්ධයෙන් බොහෝ දුරට සත්‍ය වීමට ඇති ඉඩ වැඩිය. ඊට වඩා බොහෝ ලෙස දැනුමෙන් ලොව එකිනෙකා හා සම්බන්ධ වූ අද වගේ යුගයක දී මෙම අදහස් එතරම් වලංගු නොවේ. ඒ අතින් බලනා, කල මෙම කෘතියේ සැලකිය යුතු කොටසක් සේවය කරන්නේ මෑත ඉතිහාසයේ (එනම් 1991 පමණ), පිළිඹිබුවක් ලෙසය. හඳහම මෙම ලිපිය අවසන් කරන්නේ පහත එන උදෘතයෙනි. ඒ ගැන නම් අදට ත් විවාද කිරීමට අපහසුය - එය කෙතරම්ම කාලකන්නි යුගයක් දැයි යන්න හොඳම නිදර්ශනයකි, එය.

හඳගමගේ ලිපියට පිලිතුරු ලිපියක් ලියන නිහාල් ගේ ප්‍රධාන ස්ථාවරය වන්නේ, තාක්ෂණය නිසා වේගයෙන් වෙනස් වන ලොවක, සම-තල සමාජවාදය මනෝමුලික විකාරයක් බවට පත්වෙමින් පවතින තත්වයක, වඩා යහපත්, අනෙක තේරුම ගන්නා සමාජයක දී, බහු-තල රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදයක දිශාවකට යොමු වීම වඩා සුදුසු බවයි. හඳගම පිහිටා සිටි මාක්ස්වාදි ස්ථාවරයෙන් එපිට පශ්චාත්-මාක්ස්වාදී චින්තනයනට ද මනස විවර කල යොමු කල යුතුව ඇති බව නිහාල් අවධාරණය කරයි. මෙතෙක් මෙම පොතේ කිය වූ ලිපි හතරෙන් වඩා සංඝත හා අදටත් යම් පිළිගත හැකි මට්ටමක පිහිටි ලිපිය බැව් ද මට පෙනී ගියේය.

අපට ඊළඟ ලිපිය හමුවන්නේ 1990 ජනවාරි/පෙබරවාරි කලාපයට නිහාල් පීරිස් "විචාරයට තිතක් - මාක්ස්වාදී කලා විචාරය සහ සමාජවාදී කඳවුරේ බිඳ වැටීම" නමැති ලියූ ලිපියෙනි. එදත් අදත් අතර ගෙවුණු කාලය විසින් අද වන විට සාමාන්‍යකරණය කොට ඇති අදහස් වල සරණින්, අද මෙම ලිපිය කියවද්දි, සිතුනේ මෙතෙක් මෙම සංවාදයේ ලියැවුණු වඩාත් සංඝත වූත්, විචාරශීලී, හා ප්‍රගතිශීලි අදහස් රැගත් ලිපිය මෙය බවයි. මාක්ස්වාදි විචාරකයාගේ "ඉතිහාසයේ සරල රේඛාව" පිළිබඳ කල්පිතය ශූර ලෙස බිඳ දැමීමේ ව්‍යායාමයක මෙහි නිහාල් නිරත වන්නේ යැයි මට සිතිණි. ( ඇරත් මෙම සංවාද පෙළේ සමස්ත අදහස් දැක්වීම් වලින් නිහාල් වඩා සාර්ථක ස්ථානයකට පැමිණ අවසන් වූයේ යැයි සිතිය හැක්කේ, ඔහු විසින් ම මෙම ලිපි එකතුව කර්තෘ මුද්‍රණයක් ලෙස ප්‍රකාශ කල නිසාය. අද මෙම ලිපි සංග්‍රහය නැවත පලවෙතැයි සිතිය නොහැක - එසේ පළ වන්නේ නම්, ඒ වෙන්නේ අලුත් සංවදයකට සාරාංශයක් ලෙස මෙම ලිපි පෙළ ගනිමිනි. ඇරත්, හඳගම වැනි අය අද සිටිනා දේශපාලන ආස්ථානය මෙය පළ වන කලට වඩා බොහෝ වෙනස් යැයි සිතේ.)

යාත්‍රා, 1990, මැයි/ජුනි කලාපයට පිලිතුරු ලිපියක් ලියන්නේ නන්දන වීරරත්න ය. මනරම් මෙන්ම දාර්ශනික ආරකින් ලියූව ද, කතුවරයා මාක්ස්වාදයට විරුද්ධව ලිවීම ගැන යම් සිත් වේදනාවකින් ලිපිය ලියා ඇති බවත්, එය නොපන්වීමට යම් උත්සාහයක් දැරුවද,  හිඩැස් වලින් එය පෙනෙන සේය. ධනවාදය, ලොව

අරාජිකවාදයකට ගෙනැති බවක් ඇඟවෙන එම ලිපිය මා දුටුවේ මාක්ස්වාදය ට මුක්කු ගසා තව පණක් දීමට දැරූ තැතක් ලෙසය.  එම ලිපිය අවසන් කරන පරිච්ඡේදයෙන් එය ගම්‍ය වන බවය, අපගේ අදහස.

අනතුරුව අපට හමු වන්නේ "සැබෑ කලාව, බොරු කලාව, ශුන්‍යතාවය සහ බලය පිළිබඳ කෙටි කතාවක්" නම් වූ තරමක් දීර්ඝ ලිපියකි. එහි නන්දන වීරසිංහ ගේ  පෙර කි ලිපියට පිලිතුරු සපයන අතර, නන්දන රුසියාවේ කොමියුනිස්ට් පක්ෂයේ වැරදි වලට නැගෙනහිර යුරෝපයේ ව්‍යාකූලත්වය ලඝු කිරීම තුලින්, අන්වයෙන් "රෙඩී මේඩ්" ඉතිහාසයක, නොහොත් රේඛීය ඉතිහාසයක සැඟවුණු බලාපොරොත්තුව නන්දන තුලින් පෙනෙන්නට ගැනීම මතුකිරිම, නිහාල් ගේ දක්ෂ කරුණු පෙන්වීමක් ලෙස හඟිමි. සියවස් ගණණාවක් තුල සම්භාව්‍ය චිත්‍රකලාවේ වෙනස්විම්, සිනමා සම්මාන උළෙලක කලාව හා වාණීජ ප්‍රවාහයන් ලබනා අන්‍යෝන්‍ය වටිනාකම් හුවමාරුවීම්, සම්භාව්‍ය කලාවේ ගමනත් ඒ තුල ම තිබූ අඩුපාඩු ත් නිහාල් පෙන්වා දෙයි. අනතුරුව ඩෙරිඩා ගේ වැදගත් අදහසක් ගෙන එමින් ඔහු "අතීත ස්වභාවිකත්වය" යන්නම   "සංස්කෘතකරණය"යන්නෙහි නිර්මාණයක් බව ගෙන හැර පෙන්වයි. ඒ මගින් ඔහු පෙන්වන්නට තැත් අරන්නේ මෙම "සැබෑ කලාව" සහ "ව්‍යාජ කලාව" යන්නෙහි ඇති සම්මුති පිළිගැනීමක් බවටය. සම්මුති සත්‍යයන් සහ සාපේක්ෂකත්වයන් පිළිබඳ දිගැහුරමකට කතුවරයා ඉන් පසු යොමු වෙයි. එය තරමක් උත්ප්‍රාසය රැගත් තර්කයක් වුවත්, ලිපිය දිගු කරන එහි ඇත්තෙන්ම ඇත්තේ ලේඛකයාට පමණක් ගෙන ආ වින්දනයක් යැයි සැක කරමි. අන් වචනින් පවසතොත්, ඔහුට මෙම සම්මුතියන් වෙනස් නොවෙතැයි යන්න කීමට මෙතරම් වෙහෙස විය යුතු නම්, එය ඔහු මෙම ලිපිය ලිවීමෙන් ම ලද වින්දනය යැයි සිතමි.

මින් අනතුරුව හමුවන ලිපිය ( සහ ඉන් ඇරඹෙන සංවාදය) සිදු වන්නේ වසර දෙකක විරාමයකිනි. ඒ වන විට රාවයේ සේවය කල නිහාල් පීරිස් "විකල්ප පුවත්පත් දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලමින් සංස්කෘතියේ ඒකාධිපතියෙක් වීම", නමිනි. එය මා රසවිඳි ලිපියකි.  මීට පෙර වූ "සැබෑ කලාව, බොරු කලාව, ශුන්‍යතාවය සහ බලය පිළිබඳ කෙටි කතාවක්" ලිපිය හා සලකද්දී ඉතා සංක්ෂිප්තව පමණක් නොව, තර්කානුකූල ලෙස කරුණු ඉදිරිපත් කල, නූතන වාදී, ප්‍රගතශීලි, සහ අනාගතවාදී ලිපියක් ලෙස මා එය දිටිමි. මෙම කාලයේ ප්‍රදීපා ධර්මදාසගේ ගීත කිහිපයක් වාරණයට ලක් ව ඇත.  විකල්ප පත්‍ර වල විකල්ප ප්‍රජාතන්ත්‍රවාදීන් ඊට විරුද්ධ වූ නුමුදු, ඊට ආසන්න කලක වූ ජිප්සීස් ගීයක වර්ජනයක් සම්බන්ධයෙන් නිහඬ පිලිවෙතක් අනුගමනය කල අයුරු පෙන්වා දෙයි. 77න් පසුව බුද්ධිපතුන් හට දේශපාලන බලය දිනාගැනීමට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬනැගීමට සිදුව ඇති නුමුදු, කලා/සංස්කෘතික ක්ෂේත්‍රයේ තම බලය රැක ගැනීමට ඇවැසි හෙයින්, ඔවුන් එතැනදී ප්‍රජාතන්ත්‍රවාදී නොවීමේ දෙබිඩි පිළිවෙලය පීරිස් මතු කරනුයේ. ඊට පිලිතුරු ලිපියක් රාවයට ලියන ජයසිරි ජයසේකර "ප්‍රජාතන්ත්‍රවාදය යනු වල්බූරු නිදහස ද?" යන්න ප්‍රශ්ණ කරයි. ජයසේකරගේ ලිපිය එකල කියවද්දී එහි තාර්කික පදනමක් දකින්නට තිබෙන්නට ඇත. අද එය කියැවෙන්නේ අගතිගාමී එකක් ලෙසය -එය ජයසේකරගේ වරදක් නොව. එදාට සාපේක්ෂ්ව අද  වඩාත් අනෙකා ඉවසන සුළු ආරේ රටක් බවට, අප දොස් දකිනා ලංකාවද පරිවර්තනය වී තිබීම ඇත්තෙන්ම සතුටට කරුණකි. සුනිල් පෙරේරා, ඔහු මිය යාමට පෙර අවසන් වසර 4-5 පමණ ජවිපෙ වෙනුවෙන් පෙනී සිටියේය.  1992 දී, සුනිල් ව මෙම ජවිපෙ ම ජේ.ආර්. ගේ, ප්‍රේමදාසගේ සංස්කෘතීක දිගුවක් ලෙස දකින්නට ඇත (මින් මා ජවිපෙ වෙත හෝ සුනිල් වෙත හෝ දොසක් නොකියමි). මේ වෙනස්වීමේ ආශ්චර්‍ය වෙත සතුටු සිතින් බලා සිටිමි; දැනුවත් වෙමි. ජයසිරිට ලියවෙන පිලිතුරු ලිපියේ නිහාල් පීරිස්, ජයසිරිගේ කේන්තිය පෙන්වා දී,  පීරිස් ම තම පෙර ලිපියේ පවතින තත්ත්වය තුල යම් දෙබිඩි ආකාරයකින් ක්‍රියා කරන බව පිලිගත් අයුරු පෙන්වා දෙයි. ජනප්‍රිය කලාව ධනවාදී රජයක නිර්මාණයක් නොව, එය ජනතාව තුලින් උපදින කලාවක් ආණ්ඩුව විසින් භාවිත කරන්නක් බවට්, ජනප්‍රිය කලාවේ ඉතිහාසය රජකලටම ඇදෙන බවත් (ජනකලාව), ආණ්ඩුව ජනප්‍රිය කලාව භාවිත කල පමණින් එහි ධනාත්මක ලක්ෂණ ප්‍රතික්ශේප කරලීම අනවශ්‍ය බවත් පෙන්වා දෙයි. මෙම යුගයේ ප්‍රගතශීලි අදහස් පෙළගැස්වුණු ආකාරය ගැන මට අදහසක් නැත. විටෙක පීරිස්, අන් කණ්ඩායමක කතා වුනු අදහස් ආභාෂයෙන්, අන් පිරිසක හා කතාබහින් දැනුවත් වීමෙන් හෝ, විෂයානුබද්ධ සාහිත්‍ය භාවිතාවෙන් හෝ තම තර්ක ගොඩ නගාගන්නට ඇත. මා දන්නා දෙය නම්, මේ කොයි ආකාරයෙන් ඒ දේ කලත් අද තරම් පහසුවෙන් එවන් දේ කරලීමට අනූව දශකයේ මුල අවස්ථාවක් නොතිබෙන්නට ඇති බවයි. ඒ නිසාය නිහාල් පිරීස් වේවා, ගාමිණි විජේතුංග වේවා, වඩා විවෘත මනසකින් කෙරෙනා මෙවන් අදහස් වලට වටිනාකමක් දිය යුත්තේ -විජේතුංගගේ ලිපිය ඊළඟ ලිපියයි;

එහි නව වෙළඳ පොළ විසින් හැඩ ගැසුනු ලොවක පැරණි අගයන් අභියෝගයට ලක්වන ආකාරය ගැන අපූරු ලිපියක් අපට හමුවේ. සංස්කෘතිය කර්මාන්තයක් විම, 'ස්පොන්සර්ස්ලා' බොහෝ සමාජ කර්තව්‍යයන්ට සම්බන්ධ වීම ආදිය ගැන අපූරු ලිපියකි, විජේතුංග ලිපිය. එහෙත් ඊට ලැබෙන පිලිතුරු ලිපියෙන්ද, තම උදහස සැඟවීමට අසමත් වීමත්, අන්ධ භක්තියකට ආසන්න අදහස් පෙළකින් වාද කිරීමත් විනා, ජයසිරි අලුත් යමක් නොපවසයි.  ඇත්තෙන්ම අද වන් වටපිටාවක, පීරිස් සහ විජේතුංග, සරත් අමුණුගමගේ ඔඩොක්කුවේ ලැග ලියන්නේය යන්න තරමක් අවිචාරවත් චෝදනාවකි. එහෙත් එදා මෙදා තුර වසර 30ක් ගෙවී ඇති හෙයින්, ජයසිරිගේ අදහස් වල පදනමට එදා යම් පිළීගැනීමක් තිබෙන්න ඇත. අප රට පවා වසරින් වසර විදේශ වලට ණය වන වටපිටාවක, අදහස් උදහස් අතින් වඩා ශිෂ්ඨ තැනකට, සාධාරණ තැනකට එමින් පවතින බව පෙනෙන්නට තිබීම ම, මේ පොත කියවීමේ උත්සාහය ට යම් ප්‍රතිලාභයක් ගෙනදෙන බව මට පැහැදිලි විය. පීරිස් ජයසිරි ට ලියූ පිලිතුරු ලිපියේද, ජයසිරි ශාස්ත්‍රීය සංවාදයකට නොතරම් ලෙස වදන් පාවිච්චිය ගැන පෙන්වා දෙයි.

අනතුරුව අවසන් ලිපි තුනෙන්, අලුත් අනු මාතෘකාවක් ඇරඹේ. නිහාල් පීරිස් ගේ මේ ලිපි දෙක අතර කාල පරතරය මාස තුනකට වැඩිය. අලුත් ලිපිය ජනපතිව සිටි රණසිංහ ප්‍රේමදාස ගේ ඝාතනයෙන් පසු ව "ප්‍රේමදාස, ප්‍රේමදාස වූයේ ඇයි" නම් මැයෙන් ලියූවකි. එහි ප්‍රධාන තර්කයන් වන්නේ ඔහු පැමිණි සමාජ ස්ථරය නිසාම, සහ මුල් කාලයේ ඔහු වෙත ඇති වූ සමාජ පිඩනය නිසා ම, ඔහු අව-වරප්‍රසාදිත පන්තීන් පමණක් නොව පහළ සමාජ ස්ථර මෙන්ම පාදඩ පංතියේ ද උදවු ලබාගත් බවත්, බලය ලබා ගත් පසුව එය නැති කරගැනීමට රදළ පරම්පරාවෙන් පමිණියන්ට වඩා බියකින් සිටි බවත් ය. මෙම ලිපියට ඉතා සාර්ථක පිලිතුරු ලිපියක් ලියන වික්ටර් අයිවන්, නිහාල් ගේ ඉහළ තර්කයන්ගේ සාමාන්‍යකරණයන් පෙන්වා දී, ඔහු ඡන්ද බලයෙන් රටේ නායකයා වූවෙකු නිසා, ඔහු ඉහළ පාංතිකයින් කෙරෙහි ඇති කර ගත් බිය අස්තානගත එකක් බවත්, ඔවුන් ද දිනා ගෙන ගමනක් යාමට ප්‍රේමදාස ට ඉඩ තිබූ බවත්, බලය අහිමි වීමේ බිය ඔහුගේ පංතිය නිසා එන එකකට වඩා ඔහු කරන ලද බරපතල වැරදි ප්‍රධානතම හේතුව බව පෙන්ව දෙයි ( ඔහු ජේ.ආර්. ට ද මෙම බිය තිබූ බව පෙන්වා දෙයි.) මෙම සාකච්ඡාවේ දිගුවක් ලෙස කෙතෙරම් දක්ෂයෙකු වුවත් යම් විධිමත් අධ්‍යාපනයක් හෝ පුහුණුවක් හෝ ලත් අයෙක් නම්, එම පුහුණුව මගින් එසේ පුහුණුව නොලත් අයෙකුගේ සිමාවන් අතික්‍රමණය කිරීමේ ඉඩක් ඇති බවත්, ප්‍රේමදාස විෂයෙහි වුව, ඔහුගේ සමාජ ස්ථරය කුමක් වුව, යම් අධ්‍යාපනයක් තිබුනේ නම් ඔහුගේ හැසිරීම සැලකිය යුතු මට්ටමකින් වෙනස් වන්නට ඉඩ තිබූ බවත් පෙන්වා දෙයි.


නිහාල් පීරිස් ගේ ජනප්‍රිය කලාව, සහ වඩා ශාස්ත්‍රීය කලාව අතර වෙනසක් නැතැයි ඉඟිවන ආරේ තර්කයක් වූවේ නම්, එය බිඳින සුළු සාර්ථකම ලිපිය මෙය බව පැහැදිලිය.

 මෙම ලිපිපෙළ අවසන් කෙරෙන අවසන් ලිපිය පීරිස් විසින් ලියූ "කලාවේ විවිධත්වය සහ ප්‍රබුද්ධවාදී රේඛීය චින්තනය" නමි. පීරිස් අයිවන් ප්‍රේමදාස ගැන ලියූ දේ ගැන පිලිතුරු දීම ප්‍රතික්ශේප කරන්නේ ඔහුට ප්‍රේමදාස ගේ බරපතල වැරදි වලට සුදුහුණු ගාන්නට ඇවැසි නැති නිසා යැයි කියයි. එය ඔහුට අනවශ්‍ය බියගන්වන සුළු නම්බුනාමයක් බව පවසයි ( මේ ස්ථාවරය ප්‍රශ්ංසනීයැයි මට ද සිතිනි - අර මොකද්ද දුගඳ හමන 'අපද්‍රව්‍යයක' කැටයම් කපන්න නොහැකි බවට නූතන කතාවක් ඇත.) එහෙත් කලාව විෂයෙහි ඔහු තව දුරටත් කතා කිරීමට මැලි නොවේ. එහි පළමු කොටස, 'අපි පැතලි මිනිස්සු?' ලෙස නම් කොට ඇත. එහි ඔහු තර්ක කරන්නේ ප්‍රබුද්ධ කලාව පමණක් අගය කරන්නන් සිතා මතා එම රස වින්දයේ බහු විද තත්ත්වය මොට කරගත් අය බවයි. එනම් ප්‍රබුද්ධවාදී රසය පැතලි දෙයක් බවයි. මෙතන දෙයක් ඇත - එයට මෙතැන නිහාල් පීරිස් ගන්නා නිදසුන් ප්‍රමානවත් නොවන වගයි මගේ තක්සේරුව. සී.ටී., මිල්ටන්. එරෙහිව අමරදේව, නන්දා යනු ඉතා කුඩා කුලකයකි. එවන් වටපිටාවක අයෙක් අමරදේව, නන්දාට සීමිත වන්නේ නම්, එහි යම් පැතලිතාවක් ඉබේ සිදුවන බව පැහැදිලිය. එහෙත්, අප දිවයිනෙන් එතෙර සංගීතය රස විඳින්නෙක් නම්, එක්තරා අවදියකදී, සමහර සංගීතය ඇසීම නතර වන්නේ "ඉබේමය". මම මහා සංගීත රසිකයෙක් නොවෙන බව මම ම දන්නේ, මට තවම ශාස්ත්‍රීය හිදුස්තානි, හෝ බටහිර සංගීතය පමණක් නොව, ජෑස් සංගීතය පවා එහි තාක්ෂණික අංශයන් සත්‍ය වශයෙන් රස විඳිමින් ඒවා අගය කරනට නොහැකි නිසාය. අදට ත් මා ජෑස්, හෝ සමහර ශාස්ත්‍රීය සංගීතයන් රස විඳිනුයේ ඒවා මා තුල උපද්දන භාවයන් පමණක් නිසාමය. එහෙත් සංගීත රසිකයෙකු වීමේ ගමනේදී, සමහර සංගීතයන් ශ්‍රවණය නවතා දැමීම ස්වභාවිකවම සිදු වන බව මා අත්දැකීමෙන් දනිමි. ( බලන්න 1 ) ඉතින් මා ද විශ්වාස කරන්නේ සංගීතය රස විඳිම තම දිවියේ ඉතා වැදගත්, හා තමනට බද්ධ වූ හා, තමන්ගගේ ජීවිත ගමන හා බැඳි දෙයක් නම්, රස විඳිම් පරාසයේ යම් දියුණුවක් වීම ස්වාභාවික බවයි. විනෝද ගමනකදී,  හෝ සාජ්ජයකදී, අදට ත් මා මගේ හිතමිතුරන් සමඟ ක්ලැරන්ස් ගේ ගීතයක් ගයනු ඇත.  එහෙත් මගේ "සංගීත ගමනේ" ක්ලැරන්ස් තැනක නතර වී ඇත. එහෙත් අමරදේව සමඟ සැමදා ගමනක් ඇත. (මා මෙතන Acquired Taste හෙවත් ආගන්තුකව ලබා ගත් රසයන් යන මාතෘකාවට අත තබා හෝ නැත. එම ගමන මීට වඩා පුළුල් ය). අනතුරුව ඔහු ගෙනෙන තර්ක දෙකෙන් ශාස්ත්‍ර්‍රිය සංගීතය වැදගත් නැතයි නොකීමට ඔහු ප්‍රවේශම් වෙයි -ඔහු තම පදය ව්‍යවහාරික සත්‍යයන් වෙනුවෙන් යැයි වෙනස් කරගත්තේ දැයි සැක සිතේ. මට නම් හැඟෙන්නේ ශුද්ධ ගණිතයේ මුලධර්මයන් කිසිදා කල් ඉකුත් නොවන්නාක් සේ, ජනප්‍රිය සංගීතයේ හෝ සරල සංගීතයේ ට අමුද්‍රව්‍ය සැපයීමට ශාස්ත්‍රීය සංගීතය පැවතීම අත්‍යවශ්‍ය බවයි. කාරණාව, ඇත්තෙන්ම අප රට එවන් ශාස්ත්‍ර්‍රිය සංගීත භාවිතාවක් නැති බවයි. ඉන්දියාව වේවා, යුරෝපය, ජපානය ආදි රටවල් වේවා, මෙම දෙඅංශයමේ ගුණාත්මක වර්ධනයක් සිදු වෙ.

අවසන් වශයෙන් කිව හැක්කේ, මේ පොතේ බොහෝ තර්ක කාලය විසින් ම විසඳා ඇති බවයි. සමහරක් වා අද හා සසඳද්දි කල් පිරුණු ඒවාය. බොහෝ තැන්හි මෙම පොතේ සංස්කාරක, නිහාල් පීරිස් වඩා නූතන සහ ප්‍රගතිශීලි තැනෙක පිහිටා අදහස් දක්වා ඇත. එක් ලිපියක තම අදහස් වල යම් අඩුවක් තිබුන ද එය ඊළඟ ලිපිය වෙද්දී ශූක්ෂම ලෙස නිරවද්‍ය කරගැනීමට පෙළඹේ. තමන් තමන් ව ම නිවැරදි කරගනිමින් යන ගමන පැසසිය යුත්තකි. එහෙත් අද මේ ලිපි එකතුවේ ඇත්තෙන්ම ඇත්තේ ඓතිහාසික වටිනාකමක් යැයි සිතමි. කිම ද මොන අඩුපාඩු මධ්‍යයේ වුව, අප රට වැසියන් ගේ ද අදහස් හොඳ අතට වෙනස් වී ඇති බව මෙම ලිපි පෙළ පසක් කරයි. අඩු පාඩු තවමත් ඇත - ශිෂ්ඨ සමාජය යනු ම සැමදා යන්නට ඇති ගමනකි.

 

1- එක් නිදසුනක් මම මා ප්‍රිය කරනා රොක් සංගීතයෙන් ම දුන්නහොත්, අන්නුව දශකය දක්වා මා රසවිඳි ඊගල්ස් කණ්ඩායමේ සමහර ගීතයන් ( නිදසුන් - lyin' eyes), අද මට තරමක් අප්‍රසන්නය. මට අද එය දන්වන්නේ දැඩි ආයාසයකින් ගෙතු කතාමාලාවක් වන් ගීතයකි. එහෙත් ඔවුන්ගේ ම one of these nights ගීතය දිනෙන් දින විටිනාකමින් වැඩි වේ.

ශ්‍රේණිය: ****


පෞද්ගලික පසු සටහනකි: 
1-  (මතකයෙන් මිදී යාම වලකනු රිසියෙන්) ඔය කියන අවදියේ මා සාමාන්‍ය පෙළ විභාගයවත් ලියා නැති කොළු ගැටයෙකි. සාමාන්‍යයෙන් නිතර ඇහෙන ඉංග්‍රීසි ගීත අසමෛන් සිටි මට, ප්‍රින්ස් ( Prince) නම් ඒ සුවිශේෂි කලාකරුවාගේ Purple Rain නම් ඇල්බමය ලැබී, එය අසා විමතියටත්, රසයෙන් පිරී ඉතිරී යාමකටත්, සියුම් බියකින් වෙලී යාමත් එක විට සිදු විය. එම වේගවත් රිද්මයන් හි, සාම්ප්‍රදායිකව අපට තහනම් කෙරුණු ආශාවන් උද්දීපනය කෙරෙන ආරක් එකල ම මට හැඟිණි. වෙසෙසින් එහි එන Darling Nikki නම් වූ ගීයේ එන ළඳකගේ ස්වයං වින්දනයේ විස්තරත්, එය අප ගායකයාගේ එක් රැයක ට සීමා වූ කාම සම්බන්ධතාවකුත් ගැන කියවේ. ගීතය අවසන, කියවෙන යම් වචන පෙළකින් එය සාතන් ඇමතීමක් බවට Sunday Observer ලිපියකින් කියවිණි. අප එම ඇල්බමය ඇසුවේ බියකිනි - කිමද කාමය ප්‍රින්ස් ගේ සංගීතයේ නොමද ලක්ෂණයකි - එය වචන වලින් නොව, සංගීතයෙන් පමණක් වුව දැනේ. අප දෙමාපියන් ගෙන් සැංගී ගීත ශ්‍රවණයට තරම් වාතාවරණයක් අප නිවෙස් වල ඒ අවධියේ නොතිබිණ. ප්‍රින්ස් ගේ එම ඇල්බමය, මා Top 10 ජනප්‍රිය පොප් සංගීතයෙන් ඈත් කරලිමට සමත් විය. ( ප්‍රින්ස් ද Top 10 ගීත රැසකට මහිමි කම් කීවද, ඔහුගේ ඇල්බමයක් ගත් කල, එය ඊට එහා යන ගමනක යෙදෙයි.)  තවද, මෙම කාලයේය, හෙවි මෙට්ල් සංගීතය දීර්ඝ ලෙස ශ්‍රවණය කල වැල්ලවත්තේ තරුණයෙකු තම දෙමාපියන් මරා දැමුවා යැයි පුවතකින් අගනුවර පුපුරා ගියේ. SLBCන් හෝ, මෙතෝදිස්ත පල්ලියට සම්බන්ධ අය හෝ ( මට පැහැදිලිව මතක නැත) අප පාසලට ඇවිත් මේ මේ අයගේ ගීත අසන්නට එපා යැයි කීවෝය. ඒ අනුව, AC/DC, Judas Priest, Kiss ආදි ගී කණ්ඩායම් පමණක් නොව, පමණක් නොව Jon Bon Jovi ගේ Blaze of Glory පවා සාතන් හා සබැඳි ගී ලෙස අපට හඳුන්වා දුන්නෝය ( එම කණ්ඩායම් තම නම් ලිවීමට අක්ෂර භාවිත කල ආකාරය සාතන් හා සම්බන්ධ කලෝය.)  අද වන විට අප ට වැටහී ඇත්තේ මේ කියු කණ්ඩායම් බොහෝ සෙයින් කාමය හා මත්වීම ගැන ගැයූ අතර, ඇත්තෙන්ම සාතන් ගැන, මරණය ගැන, කුරිරු වද හිංසාවන් ගැන ගී ගැයූ කණ්ඩායම් සඳහනක් නොවූ බවකි. ඉහත කණ්ඩායම් තරමක් හෝ ඔවුන් නිවැරදි වූයේ Iron Maiden ගැන සඳහනේ දී පමණය. ඇත්තෙන්ම සාතන් ගැන වේව , මරණය ගැන වේවා ( death metal ) විෂය් අකෙරෙන සංගීත කණ්ඩායම් වෙතත්, එවන් කණ්ඩායම් ගැන ඇත්තෙන්ම කතා නොවුණු බවකි, දැන් මගේ මතක ආවර්ජනය පවසන්නේ - මා ද එම සංගීත කණ්ඩායම් ගැන දැන ගත්තේ අන්තර්ජාලය ප්‍රචලිත වූ පසුවය. ඔවුන්ගෙන් එකක් දෙකක් මා අද ද ශ්‍රවණය කරයි ( Opeth) .
මා මේ සටහන  මෙතන කලේ, මගේ මතකයෙන් ගිලිහි යාම වැලකීමටත්, එදා මෙදා තුර තුල සිදු වූ වෙනස්කම් ගැන සඳහන් කරන්නටත් පමණය.

බැද්දේගම කියවීම සහ සිලිඳු දැකීම - එරික් ඉලයප්ආරච්චි


ලෙනාඩ් වුල්ෆ් ලියූ The Village in the Jungle ( VitJ) නම් වු ඉංග්‍ර්‍රිසි නවකතාව කියවීමේ මූලික හේතුව, එරික් ඉලයප්ආරච්චි මෑතක පළ කල "බැද්දේගම කියවීම සහ සිලිඳු දැකීම", යන කෘතියෙන් උපරිමයක් ග්‍රහණය කිරීමයි. VitJ පොතෙන් අඩක පමණ කියවා එරික් ගේ පොත උඩින් පල්ලෙන් පෙරළු විට පෙනී ගියේ ඔහු ඒ.පී. ගුණරත්න 'අනුවාදනය' ( ඒ. පි. ගේ අර්ථදැක්වීම) ට වැඩි බරක් ලියා තම කෘතිය ලියා ඇති බවකි. කරන්න දෙයක් නැත. කවරයෙන් කවරය නොකියවුව ද, මුල් බසින් කියවිය හැකි කිසිවක් පරිවර්තනයක් ලෙස කියවන්න අකමැති මා ගුණරත්නගේ පොතක පිටපතක් හදිසියේ ගත්තෙමි.

ගුණරත්න අනුවදනයට පෙරවදනක් ලියන සරච්චන්ද්‍ර (1949) වැදගත් කාරණා කිහිපයක් මතු කරයි.

සරච්චන්ද්‍ර ( උපුටනය 1)
  (සරච්චන්ද්‍රගේ පළමු උපුටනය පිළිබඳ) මෙම කොටසින්, සරච්චන්ද්‍රයන් සැමදා විශ්වාස කලා යැයි සිතිය හැකි, යථාර්තවාදි නවකතාව ගැන පමණක් නොව, 'සත්‍ය ජය ගනී' ආදී තහවුරු නොකල හැකි කියමන් වල ඇති අවිශ්වාසනීයත්වය ගැන ද හේ ඉඟි කරයි.







සරච්චන්ද්‍ර ( උපුටනය 2)




(සරච්චන්ද්‍රගේ දෙවෙනි උපුටනය පිළිබඳ) මට මේ කියන කාරණාව ගැන නම් එතරම් පැහැදීමක් නැත. මා තැනින් තැන ගුණරත්න අනුවාදනය කියෙව්ව ද මට එය එතරම් සිත් ගත්තේ නැත. ඊට ආසන්නම කාරණාව, ස්වභාවික දෙබස් භාවිතාවෙ දී එදාට වඩා අද වන විට සිංහල නවකතාව වර්ධනය වී ඇති නිසා යැයි සිතිය හැක. අනෙක, මට මැවී පෙනෙන්නේ චිත්‍රපටියේ සිළිඳු ගේ, බබුන් ගේ, වෙදරාළ ගේ රංගන විලාශයන් සහ දෙබස් ය. මෙහි තිර පිටපත ඒ. ජේ. ගුනවර්ධන ගේ ය. මෙම තිර පිටපතේ දෙබස් වඩා තාත්වික බවයි මගේ අදහස. එක් නිදසුනක් පමණක් ගනිමි. චිත්‍රපටියේ දී, තමන් වරදකරු වූ බවට තීරණය වූ විට, බබුන් පවසන්නේ
"මං හොරකං කෙරුවේ නෑ හාමුදුරුවනේ.. මුං ඔක්කොම කියන්නේ බොරු..."
                                               කියාය. එම කොටස ම ගුණරත්න අනුවාදනයේ එන්නේ මෙලෙසිනි.
"හාමුදුරුවනේ මා මේක කළේ නෑ. මට හිර ගෙට යන්ට බෑ හාමුදුරුවනේ, මේ ඔක්කොම බොරු. මේ මුලා දෑනියා කියාපු තරමක් කීවේ ඔක්කොම බොරු, එයා මාත් එක්කලා තරහ යි."
බබුන් වැන්නෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි ආරේ වචන භාවිතයකි, මා මෙම ගුණරත්න අනුවාදනයේ දකින්නේ.

එරික් ගේ විචාර කෘතියේ දෙවෙනි පර්ච්ඡේදය කියවත්ම හැඟෙන්නේ, මා මෙතෙක් කියවූ VitJ කෘතියත්, තැනින් සසඳා බැලූ ගුණරත්න පරිවර්තනයත් මා දුටු ආකාරය හා එරික් දකිනාකාරයේ යම් වෙනස්කම් ඇති බවකි. එරික් මෙම කෘතිය ට ආශ්‍රේය ග්‍රන්ථයක් ලෙස Victoria Glendinning ලියූ වුල්ෆ් ගේ චරිතෝපදානය  ද, VitJ කියවීමට යම් ආභාෂයක් ලෙස භාවිත කොට ඇති සේය. වඩා සම්පූර්ණ ලෙනාඩ් වුල්ෆ් කෙනෙකු දකිමින්, මෙම විචාර කෘතිය ලිවීම ඇත්තෙන් ම කල යුත්තකි.  ග්ලෙන්ඩිනිංගේ පොතෙන් පර්වර්තන කරන කොටසක් උපුටමින් හේ පවසන්නේ, "මට සිතෙන්නේ මේ රටේ මිනිස්සු එක්කෝ දෙවිවරු නැතිනම් සත්තු" කියාය. එයත්, වඩා මෘදුබවක් ඉඟිකරනා 'සිළිඳු' යන නමත් ඔස්සේ, එරික් VitJ යම් පැස්ටෝරල් (Pastoral) ඉංග්‍රීසි කලා කෘතියක, ලාංකික ආදේශකයක් දැකීම, 'අධි-කියවීමක්' නොවෙන බවට පවසතත්, මා පෞද්ගලිකව එහි යම් අධි-කියවීමක් දකිමි. මා සිළිඳු යන නම තුල දකින්නේ, පොළොවට හා සතා සීපාවට නොදැනෙන්නට කැළෑව පීරිමට දත් බව හා, දවස පුරා උක්කුටියෙන් ගෙපිල මත වාඩිව ඈත බලං ඉන්නා අදහස් වලින් අවම අහිංසකයෙකු ය. ඔහු ට ඇත්තෙන්ම තමන් ව "දඩයම්" කරන බව වැටහෙන්නේ බබුන් හා ඔහු ට විරුද්ධව නඩුවකට පෙනී සිටීමට ගිය විටය. ඔහු තුවාල වූ කුළූ මීමෙකු වන්නේ එදා ය. ඇරත්, වුල්ෆ් බොහෝ තැනෙක පවසනේ වනාන්තරයේ කෲරත්වය ගැනයි. අවසර ලත් විට කැළෑව මිනිස් වාසාස්තානය ආක්‍රමණය කරන්නකි.

එරික් මෙහි පවසනා තවත් දෙයක් වුල්ෆ් නියෝජනය කල අධිරාජ්‍යවාදි පාලනයේ දුබලතා ගැනයි. එය ගැන දීර්ඝ විස්තරය  ඉහත කී චරිතෝපාදානයේ තිබෙන්නට පුළුවන. එහෙත් නඩුකාරයාගේ වදන් තුල, එම ක්‍රමයේ ඇති සීමාවන් ගැන යම් පිළිගැනීමක් විනා, සමස්ත ක්‍රියාදාමය පිළිබඳ විවේචනයක් ඍජු ලෙස නොදැක්කෙමි.

හුදෙක් නවකතාව වෙත අවධානය යමු කරන්නේ නම්, එහි සිළිඳු හා බබුන් ට විරුද්ධව නඩුව අසන අවස්ථාවේ යම් නොගැලපීමක් නැත්තේ නොවේ. එය නඩුකාරයා නොදුටු අවස්ථාවක් ද? බබුන් ට එවැන්නක්  පෙන්නුම් කරලීමට තරම් අවබෝධයක් නැති වග පැහැදිලිය. ගම්මුලාදෑනියා පවසන්නේ, බවුන් අදක්ෂ සහ අලස නිසා ඔහුට හේනක් නොදුන් බවටය. එහෙත් ඊට පසුව විත්තිකරු වෙනුවෙන් පෙනි සිටි නීතීඥ්ඥයා අසන්නේ ප්‍රනාන්දු මුදලාලි, බබුන් ගමේම ඉන්නා දක්ෂතම ගොවියා නිසා ඔහුට ප්‍රනාන්දු මුදලාලි වෙනුවෙන් හේන් පරීක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටියා නේද කියාය. ඉංග්‍රීසි පොතේ බබුන්ගේ උත්තරය, "Yes, I think so", කියාය - ගුණරත්න එය පෙරලා ඇත්තේ "එහෙම වෙන්ඩ ඇති" කියාය. නඩුකාරයාට මුලෑදෑනියාගේ කීමේ සහ ප්‍රනාන්දු කීමේ පරස්පරයක් නොපෙනීම මගින්, මෙම නීති ක්‍රියාදාමයේ තවත් අඩුපාඩුවක් පෙන්වා දෙන්නේද ?

දෙවෙනි පරිච්ඡේදයේ අග කොටසේ, එරික් වැඩි වශයෙන් යොමු වෙන්නේ පැවති රාජාණ්ඩු මගින් හෝ, යටත්විජිත ආණ්ඩුව මගින් හෝ, සිළිඳුලාට කිසිදු පිළිසරණක් තබා, සාධාරණත්වයක් ඉටු නොවූ අයුරු පෙන්වා දීමටය. ඊට නිදසුන් ලෙස මාක්ස් දකුණු ආසියාවේ සමාජ ආර්ථිකයත්, යටත් විජිත සමයේ එම සමාජ ආර්ථික ක්‍රමයේ සිදු වූ වෙනස්කම් ගැන කියූ දේ ඔස්සේ, මෙම නිර්මාණය කියවීමට යත්න දරා තිබීම පෙන්වා දිය හැක.

තෙවෙනි පරිච්ඡේදය මූලික වශයෙන් වෙන් වන්නේ එම ප්‍රදේශය පිළිබඳ හැදෑරීමකටය. එරික්, වරින් වර එංගලන්තයේ පැස්ටෝරල් හෙවත් එඬේර මූලික පෙදෙසක් ගැන පවසා, එයත් බැද්දේගමත් අතර ඇති අහසට පොළොව මෙන් වූ භූ සහ දේශගුණික වෙනස්කම් ගැන කියාපානා මුත් ඊට හේතුව මට වටහාගත නොහැක. කෙසේ හෝ, පහල ඌවේ, ගිරුවාපත්තුවේ ජනකවි ආශ්‍රයෙන් එම ප්‍රදේශයේ ජන ජීවිතය ගැන කතා කිරීමට මෙම පරිච්ඡේදය පාවිච්චි කොට  ඇත. එනුමුදු මෙම පරිච්ඡේදය අවසනට ලං වත්ම වැදගත් නිරීක්ෂණ දෙකක් ඉදිරිපත් කරයි. එකක් නම් වුල්ෆ් ගේ දිනසටහන් මාර්ගයෙන් එම සමාජයේ පසුගාමීත්වය ගැන සටහන් කිරීමයි. එහි දී වුල්ෆ්  අසරණ සහ බලාපොරොත්තු විරහීත බව තත්ත්වයන්  ගැන අවංකව කණගාටු වෙන බව හැඟේ.  දෙවෙනි කාරණය වන්නේ බටහිර නවකථාකරුවෙකු ආසියාතික මනස විනිවිද යෑම යන කාරණයයි.  එරික් පෙන්වා දෙන්නේ ඇලෙක් වෝ නම් ලේඛකයකු ( ඔහු එව්ලින් වෝ ගේ සහෝදරයෙකු ය), නවකතාව පළ ව වසර 52 ට පසුව එය පැසසුමට ලක්වන්නේ, වෝ ගේ මැලේ ජාතික සිසුවෙකු, ආසියාතිකයා ගේ මනස කියවූ එකම නවකතාව ලෙස මෙම නවකතාව ලෙස හඳුනාගැනීමත් , 1965 දී ලිපියක් මගින් වුල්ෆ් ට ඒ බව දැනුම් දී තිබීමත් මගිනි. ( මේ බව යැස්මින් ගුනරත්න ලියූ A Novelist at Work: the Manuscript of Leonard Woolf’s The Village in the Jungle යන ලිපියේ සඳහන් වේ. එය කියවීමට වටිනා අපූරු ලිපියකි)

සිව්වෙනි පරිච්ඡේදය බද්දේගම බිඳ වැටුණු වාරිකර්මාන්තයත්, එ නිසාම වී ගොවි තැන වෙනුවට හේන් ගොවිතැනේ පිහිට ම පතන්නට වීමත්, ගමේ පාලන තන්ත්‍රයේ තිබූ අසාධාරණයත්, කෘතියේ නිදර්ශන මගින් ම පෙන්නුම් කෙරේ. පස්වෙනි පරිච්ඡේදය ගමේ සමස්ත දරිද්‍රතාව කෙසේද යත්, ආරච්චිල පවුල සහ අන් අය අතර ආර්ථික වශයෙන් සැලකිය යුතු තරමේ වෙනසක් නොවීම පෙන්වා දෙයි.

ස වැනි පරිච්ඡෙදය තරමක් විශේෂ වනුයේ ගුණරත්න අනුවාදයේ පෙරවදනේ සරච්චන්ද්‍රයන්, බැද්දේගම අර්ධශිෂ්ඨ ජනයා පිළිබඳ කථාවක් යැයි කීම දෝෂ සහගත බවට කරුණු කිහිපයක් පෙන්වා දීම හේතුවෙනි ( පාලන අධිකාරයක් තිබීම, නඩුකාරයා සිලිඳු ම්ලේච්ඡයෙකැයි යන්න ප්‍රතික්ෂේප කිරීම, කැලේ මිය ගිය තැනැත්තේ සන්ථකව තිබූ බඩු මුට්ටු එම අර්ධ ශිෂ්ඨ කාරණාවට එරෙහිව නිදසුන් ලෙස දක්වයි). මෙම පරිච්ඡේදයේ ඉතා වැදගත් නිරීක්ෂණයක් නම්, එංගලන්ත අධිරාජ්‍ය කෙදිනත් දුප්පත්කම අලසකමේ සහ ආර්ථික උච්චාවචනයන්ගේ හේතුවෙන් හටගත්තක් බවත්, ශිෂ්ඨත්වය මගින් එය දුරුකරගත හැකියැයි විශ්වාස කිරීමය. එංගලන්තයේම බණ්ඩාරගම් පද්ධතිය බිඳවැටෙද්දී, කාර්මික තන්ත්‍රයට එක්කාසු වීමට තම සාම්ප්‍රදායික ගම් දනව් අතැර ලන්ඩනයට හෝ අන් නගරයට පැමිණි, අවම පහසුකම් යටතේ අධික පැය ගණනක් වැඩ කරපු දුප්පතුන්ගේ අතීතයකට එංගලන්තයම ද හිමිකම් කියයි.

හත්වෙනි සහ අටවෙනි පරිච්ඡේද මගින්, අධිරාජ්‍යවාදයේ නීතිය ක්‍රියාත්මක කරලීමේදී ලේඛනය ට ඇති ප්‍රමුඛතාවය පෙන්වා දීමට කටයුතු කරයි. එපමණක් නොව, කෙතෙරම් දුෂ්කර ගමක් වුව ද අධිරාජ්‍යවාදී යාන්ත්‍රණයේ නීතියේ බලය කිසිදු සැකයකින් තොරව දුප්පත්කමේ සහ සමාජ පිළිගැනීමේ අඩියේ සිටින සිළිඳු දක්වා සිය දෑත යොමු කරනයුරු පෙන්වා දෙයි.  ඉහත කී ලේඛනය නිසා, නීතිය හා සාධාරණය ඉටු වූවා යැයි පෙන්නුම් කිරීමට සාධක ඉතුරු කර ඇතත්, ඇත්තෙන්ම සාධාරණයක් ඉටු නොවෙන බවත්, එම අධිරාජ්‍යවාදී නීතිය ක්‍රියාත්මකකරන්නන් පවා එය වටහා ගෙන සිටියත්, එම විධික්‍රමය හා, බබුන් ලා සහ සිලිඳු අතර දුර එකල පියවීමට නොහැකි දුරක් බව වුල්ෆ් අපුරුවට පෙන්වා දී ඇත. නවකතාව තුල දී, නඩුකාරයා බබුන් හා සිලිඳු වෙත අවස්ථාවක් දීමට කැමැත්තක් තිබුන ද, පවතින රෙගුලාසි, සහ සිලිඳුලා එම රාමුවෙන් කෙතෙරම් දුරින් ද යන වග, එම සාධාරණත්වයට ඉඩක් ඉතිරි කරන්නේ නැත. එරික් ද මුල් පරිච්ඡේද වල බ්‍රිතාන්‍ය පරිපාලනයේ අඩුපාඩු වුල්ෆ් දැක ඒ ගැන කණගාටු වූ බවට පවසා තිබුනේය. මට කියවන්නට ලැබුනු යැස්මින් ගුනරත්නගේ "A Novelist at Work: the Manuscript of Leonard Woolf's The Village in the Jungle" නම් වූ අපූරු ලිපියේ ද, ඔහු කෙතෙරම් අප රට දුෂ්කර වනන්තර වලට ඇලුම් කලද, තම නිවාඩුවෙන් පසුව නැවත ලංකාවට ගියහොත් අගනුවර ආශ්‍රිත පරිපාලනයට යොමු වීමට සිදු වන බව දැන සිටි බවත්, වර්ජිනියා සමඟ පෙමින් බැඳී සිටීමත් යන කාරණා දෙක ම සිවිල් සේවයෙන් ඉවත් වීමට තුඩු බවට පෙන්වා දෙයි. ( බලන්න 1)

(නමවෙනි/දසවෙනි පරිච්ඡේදය) වනයත්, සිළිඳුත්, වනය හා සබැඳි සම්පූර්ණ මිනිසා සිළිඳු බවත් පෙන්වන්නට එරික් ප්‍රයත්නයක් දරයි. මෙය තරමක් එකඟවිය හැකි ආකාරයේ සැසඳීමකි. එරික් පවසනුයේ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය, ප්‍රනාන්දුලාගේ පාදඩ ධනවාදය, සහ සිළිඳුගේ භීෂණය යන ත්‍රිවිදාංගයන් නවකතාවේ සාර්ථකත්වයත් විශ්වාසනීයත්වයට ත් හේතු වන බවයි.  "කැලයේ සමස්ත මිනිසා" වන සිළිඳු ට ඇවැසි වූයේ තම දියණියට සිදුවන ගැහැට ඉවත්කරලීමේ ක්‍රමයක් ලෙස ප්‍රනාන්දු සහ ආරච්චිලා ඝාතනය කොට, කැලෑ නීතියට අනුව තර්ජනයක් ඉවත් කරලීමකි. උසාවියේදී, බබුන් ට හෝ සිළිඳුට තමන් කෙරෙහි සාධාරණයක් සිදු වනු ඇතැයි විශ්වාසයක් නැතුවා පමණක් නොව, මුළු නඩුවේම යම් සැක සහිත  ගතියක් ඉව කරනා නඩුකරු ට ඔවුනට උදවු කරලිමේ උවමනාව තිබුන ද, එම මගපෙන්වීම භාවිතකරලීමේ හැකියාවක් හෝ විශ්වාසයක් හෝ, ඔවුන ට නැත. එකොලොස් වෙනි පරිච්ඡේදය වෙන් වන්නේ මේ කෘතියේ එන ප්‍රමුඛතම ස්ත්‍රී චරිතයන් ගැන කතා කරලීමටය.

එම චරිත ගැන සාධාරණ කියවීමක් කරතත්, එම පරිච්ඡේදයේම කෙරරෙනා ප්‍රනාන්දු සහ ගම්පෙරළියේ පියල් අතර සැසඳීමත්, වික්‍රමසිංහයන් ට ගම්පෙරළියේ පියල් නිර්මාණයට tVitJ යම් ආභාෂයක් ගෙන එන්නට ඇතැයි යන උපකල්පනය මට නම් ටිකක් දුරස්ත එක්කාසුවකි. ගම්පෙරළිය ලියන වකවානුව වන විට වික්‍රමසිංහයන් කොළඹට විත් ද කලක් වනට ඇත. ඒ වන විට දකුණේ සිට කොළඹට විත් සාර්ථක වූ මිනිසුන්
රැසක් හමු වූ තිබුනාට සැක නැත. එපමණක් නොව ඒ වන විට කොළඹ ම පරම්පරාවක් දෙකක් විසූ දකුණින්  පැමිණ සාර්ථක වු අය මෙරට නම දිනාගෙන සිටියෝය. දොන් වේවාවිතාරණ හෙවත් අනගාරික ධර්මපාල ගේ පරම්පරාව ඊට එක් උදාහරණයක් පමණි. එවන් වටපිටාවක,  පියල් ගේ චරිතය නිර්මාණයට ප්‍රනාන්දු නම් ධනාවාදයේ සල්ලාල චරිතයක් ආභාෂය වූවා යැයි සිතීම ඇත්තෙන්ම  අතිශයෝක්තියකි.

දොළොස්වෙනි පරිච්ඡේදය වෙන්වන්නේ නොදැනුමෙන් වැසී ඇති බැද්දේගම ට පුංචිරාල ගේ බලපෑම සහ බලය බලපාන අයුරු සාක්ච්ඡා කිරීමටය. එම කුඩා සමාජය යටපත් කර තමනට සාපේක්ෂ වාසියක් වෙනුවෙන් ක්‍රියාකරලීමට තරම් ඔහු තම මන්තර දැනුම හෝ, ඒ ගැන ශූර ලෙස ඇඟවීමෙන් හෝ ක්‍රියා කොට ඇති අයුරු, එරික් මෙහි පෙන්වා දී ඇත. සමස්ත ලෙස මෙම පටුන සාර්ථක ලිවීමකි.

මීළඟ පරිච්ඡේදයේ, එරික් අපූරු සැසඳීමක් කරයි. ඒ, "සියළු ප්‍රශ්ණ වලට මුල මුලාදෑනියෙක්" යැයි නඩුකාර වචනින්, තීන්දුව දී අත්සෝදා ගත් පොන්ෂස් පයිලෙට් (පිලාත්) කෙනෙකු නිර්මාණය කිරීම මගිනි. කතුවරයකු, සහ අධිරාජ්‍යයේ නිලධාරියෙකු ලෙස, වුල්ෆ් ද යම් පාපොච්චාරණයකට එය භාවිත කරන සේය.

දහ හතරවෙනි ( සිලිඳු තම නිවුන් දරුවන් වෙත දක්වන ආදරයේ ස්වභාවය), පසළොස්වෙනි ( බැද්දේගම හා බැඳි ආර්ථික ගැටළුව), දහසයවෙනි ( ප්‍රනාන්දුගේ අයථා යෝජනාව ), දහහත්වෙනි ( පුංචිමැණිකා ගේ සාපේක්ෂ වශයෙන් දිගු ජීවිතය) පරිච්ඡේදයන්හි එතරම් විශේෂයක් නුදුටුමි. මෙය මේ කෘතියේ මා දකිනා එක් ලක්ෂණයකි ; අඩුපාඩුවක් ද කිව හැකිය. කිමද, එරික් ගේ මේ කෘතියේ අලුත් කරුණු දැක්වීම් හමුවන්නේ කිහිපයක් පමණක් නිසාය. අනෙක් ඒවා ඔහු කරනා සැසඳීම් - ඉන් සමහරක් වා දුරස්තය; ඈත ඇති යමකට කඩ ඉරි වලින් සම්බන්ධ කරන්නාක් සේය. එම සම්බන්ධකම්, විස්තරය මෙම කෘතියට වටිනාකමක් ගෙනෙදෙන්නේදැයි සැක සහිතය. එහෙත් දහ අට වෙනි පරිච්ඡේදයේ එරික් ට කීමට තරම් දෙයක් ඇති සේය. ඒ තම සියළු බලාපොරොර්ත්තු අතැර වනයටම ගොදුරු වීමට ප්‍රථමව පුංචිමැණිකා බබුන් සොයා යන ගමනය. එරික් පෙන්වා දෙන්නේ එම ගමන, එහිදි ඇයට හමුවන ඇටකටු පෑදුණු හරකුන්, අසල සිටි බලාපොරොත්තු සුන්කරගත් වයස්ගත මිනිසා, ඇයට තම ගැහැට පිරි දිවියෙන් මෙපිට බලාපොරොත්තුවකට ඉඩක් ඉතිරි නොකරන ආකාරයය. එරික් නොපැවසුවද, මෙහි එන 'හිරපල්ලා', තොරතුරු සැපයීම සඳහා ද පුංචි මැණිකාගෙන් මුදලක් කඩා ගැනීමට වෙර දරයි. අධිරාජ්‍යවාදය දුප්පත් ගැමියා පෙළීමට, තමනට සේවය කරන්නන් හට එතරම් අසාධාරණ වීමට ඉඩ සලසා තිබුණි.



දහනමවෙනි පරිච්ඡේදය The Village in the Jungle නම් නූතනවාදී කෘතිය ඒ කාලයේ ම බිහි වූ අනෙක් සාහිත්‍ය කෘතීන් සමඟ පෙළ ගස්වා ඇත. වඩා වැදගත් පරිච්ඡේදය විසිවැන්න යැයි හඟිමි. එහි ඇත්තටම බැද්දේගම සමාජ ආර්ථිකය ආදරයකට ඉඩ නොතබන්නේ ඇයි දැයි යන්න ගැන අපූරු නිරීක්ෂණ කිහිපයක් එරික් පෙළ ගස්වා ඇත. එහි පුංචිමැණිකා බබුන්ට ඇල්මක් දැක්වුවද, එය ආලය පෑමක් දක්වා සංවර්ධනයට ඇයට ද, ඔහුට ද, එම සමාජයට ද නොහැකි බව පෙන්වා දෙයි.  


අනතුරුව එරික්, වුල්ෆ් ගේ බස්වහර ගැනත් (එය වාර්තාරූපි බවකි ඔහු පවසන්නේ ), ඊට සාපේක්ෂව අනුවාදයේ සමස්ත අනුභූතිය කෙරෙහි සුහදත්වයක් ඇති බව පවසයි. මේ ස්ථාවරය එරික් ට පමණක් සීමිත නොවූවක් යැයි සිතමි. එහෙත් එරික් ගේ මෙම කෘතිය කියවීම උදෙසාම, ඉංග්‍රිසි මුල් පොත කියවා, ගුණරත්න අනුවාදය මිල දී ගත්ත ද මට එය විශේෂ යමක් නොදුන් බවකි මගේ හැඟිම - මා එය අවශ්‍ය විටෙක තැනින් තැන බැලූ මුත් කවරයෙන් කවරයට නොකියවුවෙමි. එරික් බැද්දේගමත්, ගම්පෙරලියත් අතර සැසඳීමක් දිගින් දිගටම කර ඇත. වික්‍රමසිංහ, අනුවාදයත්, මුල් කෘතියත් කියවා තිබුනාට සැක නැත. ඔහු ඒ ගැන යමක් ලියා තිබේදැයි නොදනිමි.

විසිදෙවෙනි පරිච්ඡේදයේ දී, එරික් බැද්දේගම පිකාරෙස්කු (Picaresque චෞරාශක්ත්‍යාඛ්‍යාන ) වර්ගයේ නවකතාවක් බවට පෙන්වා දෙයි. අනතුරුව ලූකාෂ් ගේ කියනා පරිදි නවකතාවක චරිතයකට සං‍යුක්ත අරමුණක් නැති වුවද, සිලිඳුට එවන්නක් ඇතිවන්නේ "අධිරාජ්‍යවාදී පාලනය තුළ 'සිලෝනය' නම් යටත්විජිතයේ වැසියා අත්විඳින ලොමුඩැහැ ගන්වන දුෂ්කරතා හා නීච අසාධාරණකම් සපුරා පිටුදැකීම" උදෙසා බවත්, එය නවකතාවේ දුර්වලතාවක් වුව, වුල්ෆ්ගේ අවංක හදවත සහ වාමවාදී මනසින් ධීරවීර කලාවක් යළි නගා සිටුවීමේ අරමුණෙන් ඉටු කල දෙයක් බවට පවසයි. මෙම ධීරවීර කලාව පිළිබඳ කරුණ කෙසේ වුව, වුල්ෆ් නැවත ලංකාවට නොඒමට තීරණය කිරීමෙන් වුව, ඔහුගේ සිත තම ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන සිතට වද දුන් බවත්, එම වේදනාවට සිලිඳු නිර්මාණය කල බවත් සිතිය හැකිය.

විසිතුන්වෙනි පරිච්ඡේදයේ දී, වුල්ෆ් ගේ චරිතෝපදාන කිහිපයක් භාවිතයෙන් හැකිතාක් නිරවද්‍ය කාරණාම එම අප්‍රබන්ධයන්ට භාවිත කිරීමේ උවමනාවත්, එලෙසම නවකතාව නම් කෝව තුලත් වඩාත් සංඝත නිර්මාණයක් කරලීමේ උවමනාවක් ඔහු සතු වූ ආකාරයත්, එරික් පෙන්වා දෙයි. ඊළඟ පරිච්ඡේදයේදී ඔහු නැවත සිලිඳුගේ චරිතයේ ඔහුට ආවේණික සිතල මනසක් තිබීමත්, එහෙයින් ම සරච්චන්ද්‍ර පැවසූ සිලිඳු අශිෂ්ඨයකු යැයි තර්කය බිඳ වැටෙන බවට් පෙන්වා දෙයි. සිලිඳු අශිෂ්ඨයකු යන්න මටත් එකඟ විය හැකි කාරණාවක් නොවේ. සමස්ත ලෙස මනරම් ප්‍රස්ථාවනවක් ලියන නුමුදු, සරච්චන්ද්‍ර මෙසේද කියා ඇත:

"පිට රටක ඈත ගම්බද පෙදෙසක වෙසෙන අර්ධ ශිෂ්ට ජනයා ගේ දුර්බෝධ චිත්ත චෛතසික තත්ත්වය ඉංග්‍රීසිකාරයකු මෙපමණ ඥාණයකින් විනිවිද දුටු සැටි චමත්කාර ජනකය"
සරච්චන්ද්‍ර, සාමාන්‍ය ඉංග්‍රීසි වැසියෙකු, මෙවන් පිටිසර ගමක වෙසෙන්නෙකු අර්ධ ශිෂ්ට යැයි හඟිමින්, එවන් මානසිකත්වයෙන් සිටින අයෙක් මෙම පොත ට අවතීර්ණ වන්නේයැයි යන ආස්ථනයේ සිට ලියුවේ දැයි නොදනිමි. එරික් ද මෙය අන් ආකාරකයකින් පෙන්වා දෙමින් පවසන්නේ සිලිඳු අශිෂ්ටයෙකු කරනවානම් කරන්නේ සංස්කෘතියේ අධිකාරිත්වයක් මගින් බවයි. ඉන් අනතුරුව, තර්ක බුද්ධිය මෙම නවකතාවේ සිලිඳුගේ නපුර ට සිටි ආකාරයත්, නීති විභාගයේ තර්කය ඔහුට නොතේරුණත්,  ඔහුට තේරෙන ආකාරයෙන් සාධාරණයක් පතන සිලිඳු තුලින්, වුල්ෆ් වොල්ටෙයාර් කෙනෙකුන් මතු කර බවටත් එරික් තර්ක කරයි. එරික් මෙම කෘතිය අවසන් කරන්නේ ද මෙම වෝල්ටෙයාර්ගෙ ප්‍රබුද්ධන අවතාරය ගැන තව දුරටත් කතා කරමිනි.  ඔහු සිලිඳු කවරෙක් ද යැයි සිතා, මෙම වටපිටාව තුල බැද්දේ වෙඩි කාපු කුලු මීමෙකුගේ රෞද්‍ර සාධාරණත්වයක් පතන වෝල්ටෙයාර් කෙනෙකුන් දකියි.  එරික් අවසන් කරන්නේ ග්‍රාමීය නිලධාරි පංතියේ ක්‍රියාකාරීත්වය ඔස්සේ, ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයේ අර්බුදය පමණක් නොව යටත්විජිත නිදහසින් පසුව ද පවතිනු ඇති දීර්ඝ කාලීන පිලිලයක්, වුල්ෆ් දුටු බවට අප ඒත්තු ගන්වමිනි.


සමස්තයක් ලෙස, මෙම කෘතිය මගින්, බැද්දේගමත්, සිලිඳුත්, ඒ මගින් වුල්ෆ්වත් සමීප කියවීමකට ලක් කිරීමට එරික් උත්සාහ කොට ඇත. ඔහුගේ ව්‍යායාමය සාර්ථකද ? ඔවු සහ නැත. සමහර වැදගත් කාරණා මතුකරමින්, මේ බව පසක් කරලීමට එරික් උත්සාහ දරා ඇත. ඒ ඒ පරිච්ඡේදය පිළිබඳ අදහස් දක්වමින්, මෙලෙස සාර්ථක වූ අවස්ථා මෙන්ම, වරෙක එරික් ගේ "වැටයීම්" (approximations යන අදහසින් ) ද නැත්තේ නොවේ. මෙය පිටු 136ක කෙටි පොතක් වුවත්, තවත් තරමක් කෙටි කොට, වඩා සංඝත තර්ක හා නිරීක්ෂණ වලට සීමා කරමින් පිටු 70-75ක පමණ කෘතියකට ගොණු කරේ නම්,  මීට වඩා සාර්ථක කෘතියක් වීමට ඉඩ තිබූ බවට මට සිතේ.


ශ්‍රේණිගත කිරීම: ***1/2







1- A few days after I returned from Denmark I began to write The Village in the Jungle. The jungle and the people who lived in the Sinhalese jungle villages fascinated, almost obsessed me in Ceylon. They continued to obsess me in London, in Putney or  Bloomsbury, and in Cambridge. The Village in the Jungle was a novel in which I tried somehow or other vicariously to live their lives. It was also, in some curious way, the symbol of the anti-imperialism which had been growing upon me more and more in my last years in Ceylon. The Sinhalese way of life, in those entrancing Kandyan hills or the rice fields and coconut plantations of the low country, and above all those strange jungle villages, was what engrossed me in Ceylon; the prospect of the sophisticated, Europeanized life of Colombo, the control of the wheels of the intricate machinery of central administration, with the dreary pomp and circumstance of imperial government, filled me with misgiving and disgust. And I knew that if I went back to Ceylon it was almost certain that I would be returning, not to the village in the jungle, but to the seats of power in Colombo. The more I wrote The Village in the Jungle, the more distasteful became the prospect of success (L. S. Woolf, Beginning Again (London: The Hogarth Press, 1968), p. 47. ( cited in the above mentioned essay by Yasmine Goonaratne
in

Wednesday, 16 February 2022

The Testaments - Margaret Atwood

"No, nothing makes sense
Nothing seems to fit

I know you'd hit out

If you only knew who to hit

And I'd join the movement

If there was one I could believe in

Yeah I'd break bread and wine

If there was a church I could receive in

'Cause I need it now
"

( Acrobat - U2, from "Achtung Baby") -See 1

When I read The Handmaid's tale back in October, 2019 ( See 1), the primary reason back then was to read the recently announced co-winner of that year's Booker award. But things take on a trail of its own, and here I find that I have taken almost 30 months to read that intended book, The Testaments - but read I did. 

In principle, it is a very important work, as it reveals how an authoritarian state will never be a just place, for man ( and woman), will always have limitations in meting out justice - especially when it is a matter of personal advantage. It being an almost daily occurrence, especially in South Asian countries like ours, in terms how politicians behave, there is no doubt about the wisdom of the executive, the legislature, and the judiciary to check on each other. But our leaders have such a flair at finding loopholes, with us the public conniving, mostly through disregard to detail, and what is not apparent.

As far as literature goes, I felt that this was far too well developed for its own good, and I felt that however powerful she maybe, Lydia gets her way a tad too easily - I was a little unconvinced in that regard. Yes, Aunt Lydia - irrespective of how stretched some of her latter day deception is, she is the character to focus on.

“Two roads diverged in a yellow wood, and I took the one most travelled by. It was littered with corpses, as such roads are. But as you will have noticed, my own corpse is not among them.”

 She clearly wasn't one who had qualms about most of what she did. She knew that she loved her life too much to die - and death too can come in more ways than one. And Gilead wasn't forgiving. The only option she had, was to do her level best to leave this world, a hopeful place, if not a better place than her lot brought upon her. 

Another quote towards the end is:

"Some historians have even argued that persons of that age are especially suitable for such escapades, as the young are idealistic, have an underdeveloped sense of their own mortality, and are afflicted with an exaggerated thirst for justice."

    For me, the most hopeful thing about life, is the youth, and the children - for they will know more than I will ever know (as Armstrong sang ) - and they tolerate less prejudice, conceit, and outdated beliefs. As such, not withstanding the weaknesses I've mentioned above, I think this is a book of hope. Atwood herself has told the The Time she "sees the world as shifting more toward Gilead than away from it, a sentiment unlikely to dissipate in the near future", which the optimist in me finds a little stretched in its bleakness to believe.

As for the Booker award, I think the other book, Girl, Woman, Other was the better read.

1 - https://me-and-err.blogspot.com/2019/10/nolite-te-bastardes-carborundorum.html


Rating: ***1/2
Awards: Joint winner - Booker Award - 2019
( Photo credits - www.guardian.com )

Monday, 17 January 2022

අලුත් නගරාධිපති - බටුවන්ගල රාහුල හිමි

 


ලේඛක භික්ෂූන් වහන්සේ ගේ නවකතා කිහිපයක් කියවා තිබුන ද ( බොර තෙල්, නයිගලින් උපන් පුත්‍රයෝ, ගුම්, රන් කරඬුව, රන් පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා ), උන් වහන්සේ ගේ කියවූ පළමු කෙටි කතා සංග්‍රහය මෙයයි. 2020 වසරේ ප්‍රකාශ වූ හොඳම කෙටි කතා සංග්‍රහයට හිමි රජත පුස්තක සම්මානය දිනා ගැනීම මෙම පොත කියවීම ට ආසන්න ම හේතුවයි.

කෙටිකතා නවයකින් සැඳි මෙම සංග්‍රහයේ, කෙටි කතා හයක් පමණ වර්තමාන සමාජ-දේශපාලන තත්තවයන් හා තදින් බැඳී ඇත. වරෙක එම තත්ත්වයනට කෙරෙන උපහාසාත්මක නිර්මාණාත්මක විචාරයකි. ලේඛක හිමියන් තම නවකතා වලින් පිළිඹිබු කොට ඇති, යථාර්තවාදී ශෛලියෙන් ඔබ්බට ගොස් වරෙක තරමක් වියුක්තව ද, තවත් විටෙක අද්භූත බවක් ද රැගත් නිර්මාණ ශෛලිය මෙහි දී ද සාර්ථකව භාවිත කොට ඇත.

මෙහි ආරම්භක කෙටි කතාව වන 'රෝස මල' මා රස විඳි නිර්මාණයකි. යුද්ධයේ බිහිසුණුකම මෙන්ම, කුමන හේතුවක් නිසා හෝ වෛරය අයෙකුට හිමි විය යුතු ආදරය ද ඈත් කිරීමට පෙළඹෙන ආකාරයත්, මැනවින් ලේඛක හිමියන් තම නිර්මාණය තුලට ගැබ් කොට ඇත. මෙහි එන පියාගේ පැසවෙන වෛරයත්, සමාව නොදිය හැකි වැරැද්දක් තමනට සිදුවී ඇතැයි යන තහවුරුවත්, තමන් ගේ දියණිය වසනා වර්තමානයත්, ඇගේ ලොව හා ඇගේ සිතුම් පැතුම් හා නොගැලපෙන ආකාරයත් පෙන්වීමට භාවිත කොට ඇති 'නිර්මාණිත රෝස මල' ඇත්තෙන් ම අපූරු නිර්මාණාත්මක උපායකි.

තමන් ට ජීවිත තර්ජන ඇතැයි මෙරටින් පිට ව ගොස්, සරණාගත තත්ත්වයන් ඉල්ලමින් බටහිර රටක වෙසෙන මාධ්‍යවේදීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ගැන කතා අපට අලුත් දෙයක් නොවේ. 'සරණාගත' නම් වූ මෙම නිර්මාණය මගින් එවන් දෙපළක් සමාජයට වෛර කිරීමට හේතු වන පුද්ගලානුබද්ධ හේතුන් ඇති බවත්, ඔවුන් අඳිනා සමාජ සාධාරණත්වයේ සළු පිළි වල රැවටීමට ත් ඒත්තු ගන්වමින් ලියූ කෙටි කතාවකි.

'අලුත් නගරාධිපති' වර්තමාන දේශපාලන ක්‍රියාකාරිත්වයේ ඇති අසාර්ථකභාවය ගැන වෙනත් නෙතකින් බලා ලියූ කෙටි කතාවකි. අප රට සැලකුවහොත්, මෙහි සමාජ දේශපාලන සාධාරණත්වය ඇති කරලීමට නම්, සමාජයේ නිරෝගීතාව උදෙසා උඩම ස්ථරයේ සිට පහතම කෙනා දක්වා,  තම අත්‍යවශ්‍ය දායකත්වය, කැපකිරීම තේරුම් ගත යුතුව ඇත. නැතිනම් හැමදාම සිදුවන්නේ මෙම නිර්මාණයේ  එන්නාක් මෙන් 'කුණු කන්ද' ඉවත් කරලීමට ප්‍රතිඥ්ඥා දෙනු මිස, එය 'චීනෙන් ආනයනය' කරන විශාල රෙද්දකින් ( වරාය නගරයකින් ?, අධිවේගි මාරගයකින් ?) වසාගෙන කුණු කන්දට ම බිලි වීම පමණකි. අපූරු රූපක භාවිත සාර්ථක නිර්මාණයක් ලෙස මෙය දකිමි.

දේශපාලනය අප රට ක්‍රියාත්මක වන ආකාරයේ අපූරු පිළිඹිබුවක් වන 'පඩ මුත්තා' ද, අප රට සමාජය 'පහත් තැනින් යයි ගලා ජලේ' න්‍යාය පිළිබඳ නිදසුනාකාර නිර්මාණයකි.  මෙම සමහර නිර්මාණ වල ඇති වර්තමාන අදාළත්වය අඟවමින්, කතුවරයා සමහර කෙටිකතා අවසන් කරන්නේ, '...මෙම කතාව අදටත් නො නිමියේ යැ..' කියමිනි ( වැඩිමනක් වා, 'නිමි' කියා අවසන් කෙරේ).

මා දන්නා තරමින් ලේඛක හිමියන් සැලකිය යුතු කාලයක් එක්සත් රාජධානියේ ගත කොට ඇත. එක්සත් රාජධානියේ වර්ගවාදය, ජාතිවාදය ප්‍රතික්ෂේප කරලනු වස් බොහෝ නීති සම්පාදනය කොට ඇත. එහි බොහෝ වැසියන් කැමැත්තෙන් ද, අනෙක් අය අන් විකල්පයක් නැති හෙයින් දෝ එම නීති වලට අවනත වෙති. එහෙත් අවස්ථාවක් ලත් විටෙක, අනෙකා පෙළීම ට මැලි නොවෙන අවස්ථා වාර්තා වී ඇත. දීර්ඝ කාලයක් එම රටවල ජීවත් වූ,  සුදු සම් නැත්තන්, හෝ අන් ලබ්ධිකයින් හට, තමන් විඳි වෙනස්කම් ගැන කීමට කතා ඇත්තේ, නව නීති තත්ත්වයන් යටතේ වුව, සැඟවුණු ආකාරයට හෝ සියුම් ලෙස හෝ ඔවුන් එවන් තත්ත්වයනට මුහුණ පා ඇති නිසා ය. 'වහල් දූපත' නම් වන මෙම කෙටිකතාවේ එන ශෙරී නම් වූ කාන්තාව තම ජාතියට, පැලැන්තියට පෙර පැවති සමාජ සම්භාවනාව නැති වීම මකාලනු වස්, කෘතීම ව හෝ එවන් තත්වයක් සාදා ගැනීමට නොපැකිලෙන්නීය. එලෙසම 'ධර්මසුන්දරම්' වැනි අය ශෙරී ලා ගේ පැලැන්තිය සේවනයට සේවය කිරීමට නොපැකිලෙන්නෝය.

අප රට වාමාංශික ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරයේ සීමාවන් නිසාම, අප රට සමාජයේ උන්නතියට මහත් සේවයක් කරලීමට සමත් දේශපාලන දර්ශනයක්, අද වන විට අවලංගු වී ඇති ආකාරය පෙන්වන අතිසාර්ථක නිර්මාණයකි, 'කඳුකර කොමළි'. එම දේශපාලන දර්ශනය දැඩි ලෙස ග්‍රහනය කොට ගත්තෝ, මෙහි එන එම දේශපාලන අදහස ට වහල් වූ රියැදුරු මෙන්, කැඩුනු බසය කෙසේ හෝ සාදාගෙන එම කෙටි දුර යෑම ගැන නොසිතා, බසයේ අබලන්බව ගැන රෑ වන තුරු දෙස් තැබීමට පමණක් ම සැදී පැහැදී සිටින්නෝය. තම සමාජය විරසක කරගන්නෝ ය. එහෙත් ඔවුන් තුල මනුසත්බව ඉහළින් ම අති බව පිළිගත යුත්තෝය. මෙහි එන රුසියාවේ ඉගෙන ගන්නා තරුණයා ගේ ප්‍රායෝගීක දැනුම් භාවිතාව, එම රත් කමිසයට සීමා වූ වාමවාදියනට යමක් සිතීමට බල කරයි. එසේ ඔවුන් සිතන්නේ නම් රටක් ලෙස එය අප රටේ උන්නතියට හේතු වනු නො අනුමාන වන්නේ, එම දේශපාලන දර්ශනයේ සුදුසු භාවිතාවක් අදට ද අවශ්‍ය නිසා ය.

සම්භාව්‍ය බසක් භාවිතා කරමින්, අද වන විට රට ට විහිළුවක් බවට පත් ව ඇති 'භාවිතා බුද්දාගම' පිළිබඳ කර්කශ උපාහාසාත්මක නිර්මාණායක් වන 'ආකාල ජාතකය' ද මෙහි එන තවත් අපූරු නිර්මාණයකි.

"එම නිවන් පිපාසිත ජනයෝ, නිවන් කොහිදැයි සොයමින් දිය නොදැක මිරිඟු පමණකින් වෙහෙස වන මුව රැළක නියාවෙන් ඇවිද යන කල්හී, රූප නාලිකා මගින් විවරණ දී, බුදු කොට රහතුන් කොට දෙන්නා වූ සම්මුතික බුදුවරුන්, රහතුන්ගෙන්ම වෙහෙස ව ගිය ඒ ජනයෝ ඒ මගින්ම සොයා දෙන බුදුන්, රහතුන් ලොව උතුම් වන්නේ යැයි අදහමින් සිටිනා කල්හී, ඒ රූප නාලිකා තරගකාරයන් විසින්ම සොයා දුන්, මහා ප්‍රාතිහාර්‍ය පානා එක්තරා සම්මුති බුදු කෙනෙකුන් ගැන අසා, නිරුදක කතරක අතරමංව සිටිනා සඳ දියත්තක් දැක ප්‍රීති ඝෝෂා නගනා පිපාසිතයින් පරිද්දෙන්ම සාධුකාරයෙන් ප්‍රීති ඝෝෂා නගමින්, ඒ බුදුන් දකින්නට අපි ද යමෝයි සිතමින් මග ලකුණු, යන පිලිවෙත් ඒ රූප නාලිකා ඇදුරන්ගෙන්ම ශුද්ධකොට දැනගෙන, ඇඟ විළි වැසීම් පමණකුදු වස්ත්‍ර ඇඳීම්  මැනවැයි සිතා ඒ වස්ත්‍රයන්ද නේක විධ වර්ණයෙන් ඔප නොදමා ශ්වේත වර්ණ පමණක් ම පිළියෙල් කොට ගෙන කන කර ආභරණ කිසිත් නොපළඳා වැල ගැසී පිළිවෙලින් නිවන් සොයා යන්නෝය." (94 පිටුව)
             ඉහත සඳහන් කෙටි කතා 7 ම මා මහත් රස විඳි, සාර්ථක නිර්මාණ ලෙස දකිමි. මෙම නිර්මාණ හතේම අප කතුවරයා සුවිශේෂි රූපක, කතා උපක්‍රම ආදිය භාවිත කරමින් තම දක්ෂතාව මැනවින් පිළිඹිබු කරයි.
පහත හඳුන්වා දෙන කෙටි කතා දෙක ගැන මා අදහස් මිශ්‍ර වුව ද, ඒවා අසාර්ථක යැයි කීමට හදිසි නොවෙමි.

ආතර් සී. ක්ලාක්ගේ 2001:Space Odyssey හි අවසානය මතක් කෙරෙනා භාවනාවක් තුලින් සිතින් ගමන ගන්නා විශ්ව ගමනත්, අණ්වික්ෂයක් බඳු ඇතුලාන්තයට යන ගමනත් යම් අපූරත්වයක් පාඨකයාට ගෙන ආ හැකිය. ඇරත් වෙනස් ආරක විෂයක් කෙටි කතාවකට බඳුන් කරලිමට ගත්  ලේඛක හිමියන්ගේ  උත්සාහය අගය කල යුත්තකි. (ශුන්‍ය)


මා ඉතා ප්‍රිය කරනා රොක් සංගීත කණ්ඩායමක් වන Tool ගේ, ප්‍රියතම ඇල්බමය වන Lateralus අවසන් වන්නේ faaip de oiad නම් වූ දුරකතන ඇමතුමක ආකාර ගන්නා track එකකිනි ( එය ගිතයක් නොවේ). ඉන් කියවෙන්නේ එම අමතන්නා ඒරියා 51 හි සේවය කල බවත්, පිටසක්වල ජීවින් හා අප ලොව සමහර බලවත් දේශපාලන බලාධිකාරීන් මගින් ඔවුන් අප සමාජය ට දැනුවත් ව බලපෑම් කරන බවත් ය. Track එකේ නම ඉනෝකියන් නම් 16 වෙනි සියවසේ එංගලන්තයේ පැවති බසකින් එන අතර එහි සරල පරිවර්තනයේ තේරුම, 'දෙවියන්ගේ හඬ' ය. එය සත්‍ය වශයෙන් ම අමරිකාවේ රෙදෙව් සේවයකට 1997 දී ලත් දුරකතන ඇමතුමක කොටසකිනි - එහෙත් මා ඒ පිළිබඳ දැන ගත්තේ Tool නිසාය.  එම ඇමතුම්කරු ම පසු දිනෙක නැවත අමතා තමන් කලේ රැවටීමක් යැයි පවසා තිබෙන බවක් පැවසේ. ( Lateralus විශිෂ්ඨ ඇල්බමයක් වන්නේ මෙම සත්‍ය හෝ අසත්‍ය හෝ ඇමතුම නිසා නොව, එහි එන මහත් නිර්මාණාත්මක සංගීතය නිසා ය). මා මේ දීර්ඝ විස්තරය කලේ මෙවන් පසුබිමක් භාවිත කොට 'ඒරියා  51' හි සිදුවන මහත් කුමන්ත්‍රණයක් ගැන දැනුම් දීමක් මෙම කෙටිකතාව ට මුල් වේ. එය ද දුරකතන ඇමතුමක් මුල් කරගෙනය. එහි ඇත්තේ විද්‍යාගාරයක් වෙනුවට 'සංස්කරණාගාරයක්' ලෙස සලකමිනි, කතාව ගොඩනැගෙන්නේ. අප ලේඛක හිමියන් Art Bell ගේ එම ඇමතුම ගැන අසා තිබෙන්න ට පුළුවන.

සමස්ත වශයෙන්, කෙටිකතා රසිකයෙකුට කියවීමට බලකිරීමට තරම් සිත් දෙන සාර්ථක නිර්මාණ රැසකින් සුපෝෂිත සංග්‍රහයක් බව කීමට මැලි නොවෙමි.

ශ්‍රේණිය: ****1/2
ප්‍රකාශනය: KBOOKS (2020)
2020 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 2

Friday, 7 January 2022

Friend of my youth - Alice Munro

 


Friend of my youth:
The story that gave the name to the book is vintage Munro. Reminiscing on a time when Canada was much backward, conservative, and religious, the story touches on two main themes. How a daughter misses her mother - long deceased, and how some people simply don't open up, however much long a time they've been closely associating. That conservative Canada's view on sex may have played its part is clear.

Five points: This story runs through two parallels - a woman, the level she wants her illicit affair, how she behaves as a typical woman in front of her lover, the level of arrogance she has one's satiated.

"'I've got to go,' she says. 'Soon.' you can make love in a hurry if you have to, but you need time for a fight. Is that what they're starting on? A fight? She feels edgy but happy. Her happiness is tight and private, not the sort that flows out from you and fuzzes everything up and makes you good naturedly careless about what you say. The very opposite. She feels light and sharp and unconnected."
The parallel story is her lover recalling things from his youth - drugs, how an unattractive girl paid to have sex with her. Overall its one of the best short stories I've read of Munro's.

Meneseteung: Here Munro experiments with form. A poet's work is introduced, and from there how some of the poems' have their basis close to the poet's heart. A spinster, she shies away when love comes knocking - although she was expecting it. At the end we realise, that an anonymous author has imagined our poet's life, from her work.


Hold me Fast, Don't let me pass: I don't recall any Munro story being based outside of Canada (there might've been those that could've slipped my mind ). But this particular tale, based in Scotland represents a strict religious conservativeness about the residents of a Scottish village, where their excesses are conveniently not spoken of, or pretended as never to have taken place. Jack's widow, Hazel, visits the Scottish village to see a relation of Jack, as well as meet one of his war time dalliance. But the blanket pretension of those residing, where certain actions and their consequences are treated with tact between them, while denying the  past,  make Hazel's aims futile.

Oranges and Apples: As mentioned in the introduction, the restlessness of a married woman, in a monotonous marriage is one of the main themes in this collection. In this story, we see the married couple coming to an agreement to continue, without arguing, or even discussing about what Barbara went through.

  "Barbara came over to the table and pushed his head against the wet satin and the cruel little buttons, pushed it mercilessly between her hard breasts. 'We are never going to talk about it,' she said. 'We never will. O.K.?' He could smell the cigarette smoke on her now, and the smell of the foreign skin. She held him till he echoed her."
To me this part speaks to in several levels - how when is tacitly released, she can't bear to leave him, and how things work out between a husband and a wife, with a resolve to do so. 

Pictures of the Ice: Is a story centered on the character, Karin, wife of the new minister of the church, and the retired one, a widower, who contemplates marriage, amidst the opposition of his two grown up kids.

"Parents and children, Karin," he says, sighing, sighing, looking humorous. "Oh, what a tangled web we weave, when first we- have children. Then they always want us to be the same, they want us to be parents - it shakes them up dreadfully if we should do anything they didn't think we'd do. Dreadfully."
The story moves along the troubled, eventful life of Karin, and the rather monotonous one of Austin - who seeks some excitement in his last years. 

Goodness and Mercy: This has the subtle overtone of a mystery in a ship cruise, without a proper mystery - just an old lady waiting for her death, the ship's captain with his stories, and a celebrity of sorts. looking for love aboard the ship, now that her marriage has failed. But appreciating the sheer literary capacity of this story, am glad that it is not limited to a mystery.

Oh, What Avails: A story of a brother and sister - the sister moves away from her town, and looks for freedom, "smashing" (the term is used within these stories in this context) her marriage - tricked by a seducer, as she learns later. The brother, with his eye injury, lives his life in his own terms, considering his business as his primary aim for living - and even playing partner for a woman, who longs for her estranged man, is acceptable to him.

Differently: This is possibly the chief story in this collection of women testing their boring relationships, and being quite glad to "smash" their marriages if it comes to that. The unmistakable tone of once poor boys, who have since become qualified surgeons, proving to be boring partners brings an element of color to the story.

Wigtime: Anita and Margot come from a small town, and one aspires to become a nurse. But it is the other one who becomes a nurse, as she regrets the attention that her friend has received from a man. They meet each other after long years, and they share the stories, and "Wigtime" is a phrase one woman uses to contain her husband, and have him at her heed.

Another stellar collection by Ms. Munro, which I enjoyed a lot. For a Munro fan, this is more of her same classic constructs, with a subtlety  which signify the changes her country was going through, and how it has affected people of her generation.

Rating: *****
First Published in 1990