Monday, 17 January 2022

අලුත් නගරාධිපති - බටුවන්ගල රාහුල හිමි

 


ලේඛක භික්ෂූන් වහන්සේ ගේ නවකතා කිහිපයක් කියවා තිබුන ද ( බොර තෙල්, නයිගලින් උපන් පුත්‍රයෝ, ගුම්, රන් කරඬුව, රන් පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා ), උන් වහන්සේ ගේ කියවූ පළමු කෙටි කතා සංග්‍රහය මෙයයි. 2020 වසරේ ප්‍රකාශ වූ හොඳම කෙටි කතා සංග්‍රහයට හිමි රජත පුස්තක සම්මානය දිනා ගැනීම මෙම පොත කියවීම ට ආසන්න ම හේතුවයි.

කෙටිකතා නවයකින් සැඳි මෙම සංග්‍රහයේ, කෙටි කතා හයක් පමණ වර්තමාන සමාජ-දේශපාලන තත්තවයන් හා තදින් බැඳී ඇත. වරෙක එම තත්ත්වයනට කෙරෙන උපහාසාත්මක නිර්මාණාත්මක විචාරයකි. ලේඛක හිමියන් තම නවකතා වලින් පිළිඹිබු කොට ඇති, යථාර්තවාදී ශෛලියෙන් ඔබ්බට ගොස් වරෙක තරමක් වියුක්තව ද, තවත් විටෙක අද්භූත බවක් ද රැගත් නිර්මාණ ශෛලිය මෙහි දී ද සාර්ථකව භාවිත කොට ඇත.

මෙහි ආරම්භක කෙටි කතාව වන 'රෝස මල' මා රස විඳි නිර්මාණයකි. යුද්ධයේ බිහිසුණුකම මෙන්ම, කුමන හේතුවක් නිසා හෝ වෛරය අයෙකුට හිමි විය යුතු ආදරය ද ඈත් කිරීමට පෙළඹෙන ආකාරයත්, මැනවින් ලේඛක හිමියන් තම නිර්මාණය තුලට ගැබ් කොට ඇත. මෙහි එන පියාගේ පැසවෙන වෛරයත්, සමාව නොදිය හැකි වැරැද්දක් තමනට සිදුවී ඇතැයි යන තහවුරුවත්, තමන් ගේ දියණිය වසනා වර්තමානයත්, ඇගේ ලොව හා ඇගේ සිතුම් පැතුම් හා නොගැලපෙන ආකාරයත් පෙන්වීමට භාවිත කොට ඇති 'නිර්මාණිත රෝස මල' ඇත්තෙන් ම අපූරු නිර්මාණාත්මක උපායකි.

තමන් ට ජීවිත තර්ජන ඇතැයි මෙරටින් පිට ව ගොස්, සරණාගත තත්ත්වයන් ඉල්ලමින් බටහිර රටක වෙසෙන මාධ්‍යවේදීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ගැන කතා අපට අලුත් දෙයක් නොවේ. 'සරණාගත' නම් වූ මෙම නිර්මාණය මගින් එවන් දෙපළක් සමාජයට වෛර කිරීමට හේතු වන පුද්ගලානුබද්ධ හේතුන් ඇති බවත්, ඔවුන් අඳිනා සමාජ සාධාරණත්වයේ සළු පිළි වල රැවටීමට ත් ඒත්තු ගන්වමින් ලියූ කෙටි කතාවකි.

'අලුත් නගරාධිපති' වර්තමාන දේශපාලන ක්‍රියාකාරිත්වයේ ඇති අසාර්ථකභාවය ගැන වෙනත් නෙතකින් බලා ලියූ කෙටි කතාවකි. අප රට සැලකුවහොත්, මෙහි සමාජ දේශපාලන සාධාරණත්වය ඇති කරලීමට නම්, සමාජයේ නිරෝගීතාව උදෙසා උඩම ස්ථරයේ සිට පහතම කෙනා දක්වා,  තම අත්‍යවශ්‍ය දායකත්වය, කැපකිරීම තේරුම් ගත යුතුව ඇත. නැතිනම් හැමදාම සිදුවන්නේ මෙම නිර්මාණයේ  එන්නාක් මෙන් 'කුණු කන්ද' ඉවත් කරලීමට ප්‍රතිඥ්ඥා දෙනු මිස, එය 'චීනෙන් ආනයනය' කරන විශාල රෙද්දකින් ( වරාය නගරයකින් ?, අධිවේගි මාරගයකින් ?) වසාගෙන කුණු කන්දට ම බිලි වීම පමණකි. අපූරු රූපක භාවිත සාර්ථක නිර්මාණයක් ලෙස මෙය දකිමි.

දේශපාලනය අප රට ක්‍රියාත්මක වන ආකාරයේ අපූරු පිළිඹිබුවක් වන 'පඩ මුත්තා' ද, අප රට සමාජය 'පහත් තැනින් යයි ගලා ජලේ' න්‍යාය පිළිබඳ නිදසුනාකාර නිර්මාණයකි.  මෙම සමහර නිර්මාණ වල ඇති වර්තමාන අදාළත්වය අඟවමින්, කතුවරයා සමහර කෙටිකතා අවසන් කරන්නේ, '...මෙම කතාව අදටත් නො නිමියේ යැ..' කියමිනි ( වැඩිමනක් වා, 'නිමි' කියා අවසන් කෙරේ).

මා දන්නා තරමින් ලේඛක හිමියන් සැලකිය යුතු කාලයක් එක්සත් රාජධානියේ ගත කොට ඇත. එක්සත් රාජධානියේ වර්ගවාදය, ජාතිවාදය ප්‍රතික්ෂේප කරලනු වස් බොහෝ නීති සම්පාදනය කොට ඇත. එහි බොහෝ වැසියන් කැමැත්තෙන් ද, අනෙක් අය අන් විකල්පයක් නැති හෙයින් දෝ එම නීති වලට අවනත වෙති. එහෙත් අවස්ථාවක් ලත් විටෙක, අනෙකා පෙළීම ට මැලි නොවෙන අවස්ථා වාර්තා වී ඇත. දීර්ඝ කාලයක් එම රටවල ජීවත් වූ,  සුදු සම් නැත්තන්, හෝ අන් ලබ්ධිකයින් හට, තමන් විඳි වෙනස්කම් ගැන කීමට කතා ඇත්තේ, නව නීති තත්ත්වයන් යටතේ වුව, සැඟවුණු ආකාරයට හෝ සියුම් ලෙස හෝ ඔවුන් එවන් තත්ත්වයනට මුහුණ පා ඇති නිසා ය. 'වහල් දූපත' නම් වන මෙම කෙටිකතාවේ එන ශෙරී නම් වූ කාන්තාව තම ජාතියට, පැලැන්තියට පෙර පැවති සමාජ සම්භාවනාව නැති වීම මකාලනු වස්, කෘතීම ව හෝ එවන් තත්වයක් සාදා ගැනීමට නොපැකිලෙන්නීය. එලෙසම 'ධර්මසුන්දරම්' වැනි අය ශෙරී ලා ගේ පැලැන්තිය සේවනයට සේවය කිරීමට නොපැකිලෙන්නෝය.

අප රට වාමාංශික ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරයේ සීමාවන් නිසාම, අප රට සමාජයේ උන්නතියට මහත් සේවයක් කරලීමට සමත් දේශපාලන දර්ශනයක්, අද වන විට අවලංගු වී ඇති ආකාරය පෙන්වන අතිසාර්ථක නිර්මාණයකි, 'කඳුකර කොමළි'. එම දේශපාලන දර්ශනය දැඩි ලෙස ග්‍රහනය කොට ගත්තෝ, මෙහි එන එම දේශපාලන අදහස ට වහල් වූ රියැදුරු මෙන්, කැඩුනු බසය කෙසේ හෝ සාදාගෙන එම කෙටි දුර යෑම ගැන නොසිතා, බසයේ අබලන්බව ගැන රෑ වන තුරු දෙස් තැබීමට පමණක් ම සැදී පැහැදී සිටින්නෝය. තම සමාජය විරසක කරගන්නෝ ය. එහෙත් ඔවුන් තුල මනුසත්බව ඉහළින් ම අති බව පිළිගත යුත්තෝය. මෙහි එන රුසියාවේ ඉගෙන ගන්නා තරුණයා ගේ ප්‍රායෝගීක දැනුම් භාවිතාව, එම රත් කමිසයට සීමා වූ වාමවාදියනට යමක් සිතීමට බල කරයි. එසේ ඔවුන් සිතන්නේ නම් රටක් ලෙස එය අප රටේ උන්නතියට හේතු වනු නො අනුමාන වන්නේ, එම දේශපාලන දර්ශනයේ සුදුසු භාවිතාවක් අදට ද අවශ්‍ය නිසා ය.

සම්භාව්‍ය බසක් භාවිතා කරමින්, අද වන විට රට ට විහිළුවක් බවට පත් ව ඇති 'භාවිතා බුද්දාගම' පිළිබඳ කර්කශ උපාහාසාත්මක නිර්මාණායක් වන 'ආකාල ජාතකය' ද මෙහි එන තවත් අපූරු නිර්මාණයකි.

"එම නිවන් පිපාසිත ජනයෝ, නිවන් කොහිදැයි සොයමින් දිය නොදැක මිරිඟු පමණකින් වෙහෙස වන මුව රැළක නියාවෙන් ඇවිද යන කල්හී, රූප නාලිකා මගින් විවරණ දී, බුදු කොට රහතුන් කොට දෙන්නා වූ සම්මුතික බුදුවරුන්, රහතුන්ගෙන්ම වෙහෙස ව ගිය ඒ ජනයෝ ඒ මගින්ම සොයා දෙන බුදුන්, රහතුන් ලොව උතුම් වන්නේ යැයි අදහමින් සිටිනා කල්හී, ඒ රූප නාලිකා තරගකාරයන් විසින්ම සොයා දුන්, මහා ප්‍රාතිහාර්‍ය පානා එක්තරා සම්මුති බුදු කෙනෙකුන් ගැන අසා, නිරුදක කතරක අතරමංව සිටිනා සඳ දියත්තක් දැක ප්‍රීති ඝෝෂා නගනා පිපාසිතයින් පරිද්දෙන්ම සාධුකාරයෙන් ප්‍රීති ඝෝෂා නගමින්, ඒ බුදුන් දකින්නට අපි ද යමෝයි සිතමින් මග ලකුණු, යන පිලිවෙත් ඒ රූප නාලිකා ඇදුරන්ගෙන්ම ශුද්ධකොට දැනගෙන, ඇඟ විළි වැසීම් පමණකුදු වස්ත්‍ර ඇඳීම්  මැනවැයි සිතා ඒ වස්ත්‍රයන්ද නේක විධ වර්ණයෙන් ඔප නොදමා ශ්වේත වර්ණ පමණක් ම පිළියෙල් කොට ගෙන කන කර ආභරණ කිසිත් නොපළඳා වැල ගැසී පිළිවෙලින් නිවන් සොයා යන්නෝය." (94 පිටුව)
             ඉහත සඳහන් කෙටි කතා 7 ම මා මහත් රස විඳි, සාර්ථක නිර්මාණ ලෙස දකිමි. මෙම නිර්මාණ හතේම අප කතුවරයා සුවිශේෂි රූපක, කතා උපක්‍රම ආදිය භාවිත කරමින් තම දක්ෂතාව මැනවින් පිළිඹිබු කරයි.
පහත හඳුන්වා දෙන කෙටි කතා දෙක ගැන මා අදහස් මිශ්‍ර වුව ද, ඒවා අසාර්ථක යැයි කීමට හදිසි නොවෙමි.

ආතර් සී. ක්ලාක්ගේ 2001:Space Odyssey හි අවසානය මතක් කෙරෙනා භාවනාවක් තුලින් සිතින් ගමන ගන්නා විශ්ව ගමනත්, අණ්වික්ෂයක් බඳු ඇතුලාන්තයට යන ගමනත් යම් අපූරත්වයක් පාඨකයාට ගෙන ආ හැකිය. ඇරත් වෙනස් ආරක විෂයක් කෙටි කතාවකට බඳුන් කරලිමට ගත්  ලේඛක හිමියන්ගේ  උත්සාහය අගය කල යුත්තකි. (ශුන්‍ය)


මා ඉතා ප්‍රිය කරනා රොක් සංගීත කණ්ඩායමක් වන Tool ගේ, ප්‍රියතම ඇල්බමය වන Lateralus අවසන් වන්නේ faaip de oiad නම් වූ දුරකතන ඇමතුමක ආකාර ගන්නා track එකකිනි ( එය ගිතයක් නොවේ). ඉන් කියවෙන්නේ එම අමතන්නා ඒරියා 51 හි සේවය කල බවත්, පිටසක්වල ජීවින් හා අප ලොව සමහර බලවත් දේශපාලන බලාධිකාරීන් මගින් ඔවුන් අප සමාජය ට දැනුවත් ව බලපෑම් කරන බවත් ය. Track එකේ නම ඉනෝකියන් නම් 16 වෙනි සියවසේ එංගලන්තයේ පැවති බසකින් එන අතර එහි සරල පරිවර්තනයේ තේරුම, 'දෙවියන්ගේ හඬ' ය. එය සත්‍ය වශයෙන් ම අමරිකාවේ රෙදෙව් සේවයකට 1997 දී ලත් දුරකතන ඇමතුමක කොටසකිනි - එහෙත් මා ඒ පිළිබඳ දැන ගත්තේ Tool නිසාය.  එම ඇමතුම්කරු ම පසු දිනෙක නැවත අමතා තමන් කලේ රැවටීමක් යැයි පවසා තිබෙන බවක් පැවසේ. ( Lateralus විශිෂ්ඨ ඇල්බමයක් වන්නේ මෙම සත්‍ය හෝ අසත්‍ය හෝ ඇමතුම නිසා නොව, එහි එන මහත් නිර්මාණාත්මක සංගීතය නිසා ය). මා මේ දීර්ඝ විස්තරය කලේ මෙවන් පසුබිමක් භාවිත කොට 'ඒරියා  51' හි සිදුවන මහත් කුමන්ත්‍රණයක් ගැන දැනුම් දීමක් මෙම කෙටිකතාව ට මුල් වේ. එය ද දුරකතන ඇමතුමක් මුල් කරගෙනය. එහි ඇත්තේ විද්‍යාගාරයක් වෙනුවට 'සංස්කරණාගාරයක්' ලෙස සලකමිනි, කතාව ගොඩනැගෙන්නේ. අප ලේඛක හිමියන් Art Bell ගේ එම ඇමතුම ගැන අසා තිබෙන්න ට පුළුවන.

සමස්ත වශයෙන්, කෙටිකතා රසිකයෙකුට කියවීමට බලකිරීමට තරම් සිත් දෙන සාර්ථක නිර්මාණ රැසකින් සුපෝෂිත සංග්‍රහයක් බව කීමට මැලි නොවෙමි.

ශ්‍රේණිය: ****1/2
ප්‍රකාශනය: KBOOKS (2020)
2020 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 2

Friday, 7 January 2022

Friend of my youth - Alice Munro

 


Friend of my youth:
The story that gave the name to the book is vintage Munro. Reminiscing on a time when Canada was much backward, conservative, and religious, the story touches on two main themes. How a daughter misses her mother - long deceased, and how some people simply don't open up, however much long a time they've been closely associating. That conservative Canada's view on sex may have played its part is clear.

Five points: This story runs through two parallels - a woman, the level she wants her illicit affair, how she behaves as a typical woman in front of her lover, the level of arrogance she has one's satiated.

"'I've got to go,' she says. 'Soon.' you can make love in a hurry if you have to, but you need time for a fight. Is that what they're starting on? A fight? She feels edgy but happy. Her happiness is tight and private, not the sort that flows out from you and fuzzes everything up and makes you good naturedly careless about what you say. The very opposite. She feels light and sharp and unconnected."
The parallel story is her lover recalling things from his youth - drugs, how an unattractive girl paid to have sex with her. Overall its one of the best short stories I've read of Munro's.

Meneseteung: Here Munro experiments with form. A poet's work is introduced, and from there how some of the poems' have their basis close to the poet's heart. A spinster, she shies away when love comes knocking - although she was expecting it. At the end we realise, that an anonymous author has imagined our poet's life, from her work.


Hold me Fast, Don't let me pass: I don't recall any Munro story being based outside of Canada (there might've been those that could've slipped my mind ). But this particular tale, based in Scotland represents a strict religious conservativeness about the residents of a Scottish village, where their excesses are conveniently not spoken of, or pretended as never to have taken place. Jack's widow, Hazel, visits the Scottish village to see a relation of Jack, as well as meet one of his war time dalliance. But the blanket pretension of those residing, where certain actions and their consequences are treated with tact between them, while denying the  past,  make Hazel's aims futile.

Oranges and Apples: As mentioned in the introduction, the restlessness of a married woman, in a monotonous marriage is one of the main themes in this collection. In this story, we see the married couple coming to an agreement to continue, without arguing, or even discussing about what Barbara went through.

  "Barbara came over to the table and pushed his head against the wet satin and the cruel little buttons, pushed it mercilessly between her hard breasts. 'We are never going to talk about it,' she said. 'We never will. O.K.?' He could smell the cigarette smoke on her now, and the smell of the foreign skin. She held him till he echoed her."
To me this part speaks to in several levels - how when is tacitly released, she can't bear to leave him, and how things work out between a husband and a wife, with a resolve to do so. 

Pictures of the Ice: Is a story centered on the character, Karin, wife of the new minister of the church, and the retired one, a widower, who contemplates marriage, amidst the opposition of his two grown up kids.

"Parents and children, Karin," he says, sighing, sighing, looking humorous. "Oh, what a tangled web we weave, when first we- have children. Then they always want us to be the same, they want us to be parents - it shakes them up dreadfully if we should do anything they didn't think we'd do. Dreadfully."
The story moves along the troubled, eventful life of Karin, and the rather monotonous one of Austin - who seeks some excitement in his last years. 

Goodness and Mercy: This has the subtle overtone of a mystery in a ship cruise, without a proper mystery - just an old lady waiting for her death, the ship's captain with his stories, and a celebrity of sorts. looking for love aboard the ship, now that her marriage has failed. But appreciating the sheer literary capacity of this story, am glad that it is not limited to a mystery.

Oh, What Avails: A story of a brother and sister - the sister moves away from her town, and looks for freedom, "smashing" (the term is used within these stories in this context) her marriage - tricked by a seducer, as she learns later. The brother, with his eye injury, lives his life in his own terms, considering his business as his primary aim for living - and even playing partner for a woman, who longs for her estranged man, is acceptable to him.

Differently: This is possibly the chief story in this collection of women testing their boring relationships, and being quite glad to "smash" their marriages if it comes to that. The unmistakable tone of once poor boys, who have since become qualified surgeons, proving to be boring partners brings an element of color to the story.

Wigtime: Anita and Margot come from a small town, and one aspires to become a nurse. But it is the other one who becomes a nurse, as she regrets the attention that her friend has received from a man. They meet each other after long years, and they share the stories, and "Wigtime" is a phrase one woman uses to contain her husband, and have him at her heed.

Another stellar collection by Ms. Munro, which I enjoyed a lot. For a Munro fan, this is more of her same classic constructs, with a subtlety  which signify the changes her country was going through, and how it has affected people of her generation.

Rating: *****
First Published in 1990

Thursday, 30 December 2021

පොත් කියවීම - 2021

2021 වසර ආරම්භයේදීම මා පෙර වසර වලට සාපේක්ෂව අඩු පොත් ප්‍රමාණයක් කියවීමේ අරමුණකින් ඇරඹිමි. ඒ විවිධ විෂය හා සම්බන්ධ පොත් කියවීමට වැඩි අවධානයක් යොමු කරමිනි. ඒත් සිදු වූයේ අනෙකකි. මේ වසර අවසන් වන විය කියවීම අරඹා, කියවා අවසන් කල නොහැකි විවිධ විෂය හා සම්බන්ධ පොත් දුසිම් බාගයක් වත් ඇත. ඇත්තෙන්ම ඒවා කවදා කියවා අවසන් කරලීමට ලැබේදො යි අදහසක් ද නැත.

2022 වසරේ විචිත්‍ර ලෙස හැඩගැසුනු පොත් කියවීමේ බලාපොරොත්තු අවමය. හරි හමන් සැලැස්මක් ද නැත- එහෙත් පොත් කියවනු ඇත. ඇත්තෙන් ම, සිතා මතා ම 2022 වසර ප්‍රබන්ධ කෘතීන් වලට වැඩි අවකාශයක් ලබා දෙමි. ඒ පෙර කී විෂයීක පොත් කියවීම ට අවශ්‍ය විවේකය නොමැති හෙයිනි. හැකි තරම් පොත් කිහිපයක් එකවර කියවීමේ ප්‍රවණතාවෙන් ද මිදෙන්නට සිතමි. 2021 වසරේ ද අන්තිමේ බලද්දි 75% ක ට වඩා කියවා ඇත්තේ ප්‍රබන්ධ කෘතීන් ය ( පොත් 47න් 36ක් ). මේ වසරේ ප්‍රබන්ධයන් සඳහා 80%-85% දක්වා ප්‍රතිශතයක් වෙන්වුව හොත් පුදුම නොවෙමි. එය මේ අවදියේ මගේ වෘත්තීය ජීවිතය හැඩ ගැසී ඇති අයුරෙන් බලකරන්නෙකි; හෙවත් සාහිත්‍ය, දර්ශනය, ඉතිහාසය, දේශපාලනය ආදි අන් විෂයන් සමීපව කියවීමට ඉන් කාලය ඉතුරු නොවෙන නිසා ය.

මේ අවදිය වන විට කවදා අර විෂයීක පොත් කෙරෙහි නැවත අවදානය යොමු වන්නේ ද යන්න ගැන වද නොවෙමි.

2021 පොත් කියවීමේ 'ප්‍රගති වාර්තාව'  😀 පහත ලෙසය.



Tuesday, 28 December 2021

තී හා තා - සුරත් ද මැල්

 


2021 වසර සිංහල නවකතාවක් කියවමින් අහවර කරන්නට සිත් වූයේ, 2019 ප්‍රකාශිතව, මා කියවීමට තෝරා ගත් තවත් නවකතා හතරක් ඉතිරි නිසයි. කල් මදි නිසා, එය තරමක් වේගයෙන් කියවිය හැක්කක් නම් මැනවියි සිතිනි. එවිට ජැක්සන් ඇන්තනීගේ 'කන්ද උඩ ගින්දර' හෝ සුරත් ද මැල් ගේ 'තී හා තා' අතර තේරිම නතර විය. එවිට ය සුරත් තම අලුත් ම පොත ප්‍රකාශ කලේ. දැන් තත්වය අනුව අපේ බොහෝ නවකතාකරුවන් ගේ ලේඛන වේගය හා සසඳද්දි, කියවන අප ගේ වේගය පිටුපසිනි. ඊට ප්‍රධාන හේතුව අප තරමක් සිංහල නවකතාවෙන් බැහැර වීමට බලකෙරෙන වාතාවරණයක් යැයි සිතමි (එය තව දිනකට මැයකි).

ඉතින් තී හා තා කියවී මි. පුළුල් වශයෙන් අප හා සම වයසැතැයි සිතිය හැකි ගීත් හා දිව්‍යා ගේ කතාවයි මේ - කතාව දිගැරෙන්නේ ගීත් ගේ වරෙක අවංක, වරෙක නරුම, වරෙක මුග්ධ, වරෙක නොසන්ඩාල, වරෙක අන්තිම අසාධාරණ, ඒ සැමට යටින් දිව්‍යා ට දැඩි ලෙස ප්‍රේම කරන ආඛ්‍යායනයකි - එම ආඛ්‍යාන රටාව, එම අවංක ( පාඨක අපට පමණක්) කතා කීම ය මෙම නවකතාවේ සාර්ථකත්වයේ පදනම. මෙම නවකතාව මොරටුව සොයිසා පුර මහල් නිවෙස් ආශ්‍රිත පෙදෙස් ද, ඒ හා රස කතා බොහෝමයකින් ද, පාඨකයා ඇඳ බැඳ තබන හැකියාවක් ඇත. මට වරෙක සිතුනේ ලංකාවේ තට්ටු නිවාස වල මධ්‍යම පාංතික ආර්ථික, සමාජයීය පසුබිමක් තුල Beverly Hills 90210 ආරේ නවයොවුනන් සහ ඔවුන් යොවුන් අවදියට පා තැබුවාට පසු ආරේ කතා පෙළකට නෑ කම් කියන්නාක් මෙනි - එහෙත් මේ කියනා කිසි දෙයක් අතිශයෝක්තියකට නැගීමක් යැයි කිසිවිටෙක නො කියන්නේ, මෙවන් සිදුවීම් වල ප්‍රධාන චරිතයක් නොවූව ද, නොගිණිය හැකි සෙසු චරිතයක් ලෙස මෙවන් සිදුවීම් ( කතා ම නොවේ) දුසිම් ගණන් අප සමාජයේ සිදුවන බව හොඳින් ම දන්නා බැවිනි.

මේ නවකතාව ගැන දැන් බොහෝ සංවාද අවසන් වී ඇති හෙයින්, මට අලුත් යමක් එකතුකරලීමට නැතැයි සිතමි. මා සිත් ගත් දෙයක් සහ, මට වැටහුණු දෙයක් පමණක් කියා මේ කෙටි විස්තරය නිමා කරමි. ගීත් සහ දිව්‍යා ගේ ඉරණම ට හේතු වන්නේ දෙදෙනා ඒ දා හත් වසර තුල තැනින් තැන අයාලේ යෑම් නොවේ ( මේ අයාලේ යෑම්, ලාංකීය සමජායේ වැඩි වශයෙන් දැකිය හැකි ලෙස පිරිමි පාර්ශවෙන් ද, අඩු වශයෙන් ස්ත්‍රී පාර්ශවයෙන් ද සිදුවීම, නවකතාව ට උක්ත කාලය අනුව ස්වභාවික යැයි සිතමි -එහි හරි-වැරැද්ද ගැන යමක් ඉන් නො ඇඟවේ. ) දෙදෙනා දෙදෙනාට ඇති තරම් සමාව දීමට සූදානම් ය.  එහෙත් ගීත් ගේ  ඒ සියල්ල මධ්‍යයේ  සිදුකරන අසාධාරණ හැසිරීම්, අසමාන්‍ය කෝපය, හා ස්ත්‍රියකට ගරු නොකිරීම ය, පිළිකාවක් ලෙස දිව්‍යා ගේ සිත ගීත් ගෙන් වෙන්කිරීමට හේතු වූයේ.  යමක් දිනා ගැනීමට ත් වඩා, දිනූ දෙය ආරාක්ෂා කරලීමට අවශ්‍ය සං‍යමය, සහ පරිණතකමේ වැදගත්කම් පෙන්වීමේ සුරත් ගේ එක් අරමුණක් දෝ යැයි මා සිතමි.

සිංහල නවකතාවට එකතු වූ වැදගත්, ඇවැසිව තිබූ ප්‍රාණවත් බවක් එක්කාසු කල නවකතාවක් ලෙස නම් කල හැක. ( එලෙසම මෙය අන් අයට කියවීමට නිර්දේශ කරලීම අවශ්‍ය නැත්තේ, බොහෝ සිංහල නවකතා පාඨකයින් ට පසුව මම මෙය කියවන නිසා ය.)

ශ්‍රේණිය: ****1/2
ප්‍රකශනය: සරසවි (2019) - මෙම පිටපත ( 2020 - පස්වැන්නෙන් )
( 2019 ප්‍රකාශ වූ තෝරාගත් නවකතා කියවීම - 13)

Saturday, 25 December 2021

පෙම්බරියගෙන් වෙන්වුණ ලූලෙක් හැරෙයි ඇළකට - ටිම්රාන් කීර්ති

 ටිම්රාන් "යන්නං චන්දරේ" ලියා පළ කොට ඇත්තේ 2014 දීය. අප එය කියවා කෙටි සටහනක් ලියා ඇත්තේ 2016 අප්‍රියෙල් වල දී ය. අප එම කෙටි සටහන අවසන් කලේ මෙසේ කියමිනි.


"කවි ගෙත්තම් විසි නවයකි. මේ තරම් අව්‍යාජ ලෙස ජිවීත ගමනේ විවිධ ජවනිකා ගෙනහැර දක්වපු, මනසින් නිරායාසයෙන් ඒවා අත්විඳුවන කවි එකතුවක් මෑතක කියවුවේ නැති තරම් ය. මෙහි ආකෘතිමය වශයෙන් සුවිශේෂතා නැතුව ඇති - බස කවියා ට ඉතා ම හුරු එකක්, මිස සුවිශේෂි වශයෙන් කවියට ඔප මට්ටම් වූවක් නොවන්න ට ද පුළුවන. ඒත් කියවන්නෙකුට කවියාගේ හදවත කවියා තම හද බසින් ම විස්තර කරයි. එය මට ගෝචරය. ඒ නිසා මා එය රස වින්දෙමි - මහත් සේ අගය කරමි.කවියා මෙතනින් ඉදිරියට තම ශෛලීය කෙලෙස වෙනස් කරගනිමින් තම කවිකම මුවහත් කරගනිවී ද යන්න පිළිබඳ උවමනාවෙන් බලා සිටිමි." (1)


එම විසල් පිළිගැන්මෙන් අනතුරුව ඔහු නැවත කාව්‍ය සංග්‍රහයක් පළ කරන්නේ 2018 දී ය. එය ම හොඳ සළකුණකි. කවියා තම කවිකම් මුවහත් කරමින්, තම මගේ ඊළඟ අදියර ගැන වෙහෙසුනු බවක් ඉන් ඇඟවේ. ඔහු ගේ මෙම 'ඊළඟ' අදියර අප කියවන්නේ 2021 දෙසැම්බරයේ, එනම් පළමුවැන්න කියවීමෙන් වසර පහමාරකට ද පසුව ය.

ඉතින් මෙම 'පෙම්බරියන්ගෙන් වෙන්වුණු, ඇළකට හැරුණු ලූලා' අප ට දැනුනේ කෙසේ ද?

අපට දනුනු විලසින් සැලකිය යුතු නිර්මාණ සංඛ්‍යාවකදී ඔහු බස වඩා සුමට තලයකට ගෙන ඇත. එලෙසෙම, අතරින් පතර 2015 දී අප දුටු ටිම්රාන් ද සිය කවිකම් මතු කරයි. කවි වලට උක්ත වූ මාතෘකා වලදී, පෙර සේම ජීවිතය විඳින, විඳවන, දුක් අනුභව කරන තැන් වල නැවති ඇතිවාක් මෙන්ම, ශෘංගාරය, කාමය, ආදරය පිළිබඳ ආවර්ජනා වලට ද ඉඩ වෙන් වී ඇත. මට හැගෙනාකාරයෙන් මෙම දෙවෙනි වර්ගයේ කවි කිහිපය මෙහි වඩා සාර්ථක කවි ය. පළමු කවි ගණය අසාර්ථක යැයි ඉන් නොහැඟේ - එහෙත් තැනෙක දෙකක, පාඨකයාගේ සිත වඩාත් කම්පනයට පත් කරලීමට යෑම නිසා දෝ එහි විශ්වාසනීයත්වය ගැන සැක ඇති වෙයි. මේ ඝනයේ කවි අතර සාර්ථක නිර්මාණ අතර 'අපේ අම්මා හැර සේරම බුදු වේවා', 'යමුනා දික්කසාද නඩුව දිනුවා ය', 'ළඟ හිඳ මට තදින් දැනුනා', 'නිල් මැණික' තිබුන ද, 'බිම්මල් පිපේවා කුණු කාණුවේ ගැට්ටේ' සහ 'මා ලෙඩෙක් කල ඒ වචන' වල අතිශයෝක්තියක් දැනුණි.

කෙටි කවි දෙකක් මෙහි එයයි - දෙකම අපේ සංඝ සමාජය හා බැඳිය. ස්වාභාවික ලෙස ලෞකිකත්වය මුලිනුපුටා නොදැමිය හැකි පෘථග්ජන බව ඉන් පිටාර යයි. 'විහාර මන්දිරයේදි' ඉන් එක් කෙටි කවකි. මෙය මා මහත් සේ ගත් කවියකි.




මෙහි මා වඩාත් රසවිඳි කවි මොනවාදැයි සිතුවහොත්, "දේදුන්න කෙටෙනවා ඔන්නොහොම" ඉන් එකකි. දරු ඵළ නොගෙන එන බිරිඳක හා නැන්දම්මා අතර ගැටුම කවකට අලුත් මැයක් නොවෙතත්, එහි අවසන් ඇති අලංකාරත්වය මා සිත් ගති.

යා යුතු පිළිවෙල ද රස විඳි කවකි. එහි දෙවෙනි කවේ මාත්‍රා, පද පේළි අතර 12/11 අතර මාරුව වන්නේ 'සෙල්ලිපි අකුරේ' අඩුපාඩුව ආඝාත වෙනසට ලක් කරන්න ද ?

"කා එක්ක බොන්න ද", මෙහි එන කවි අතර, යන්නං චන්දරේ මතකයට නගනා ආරේ කවකි. "උත්පල දියේ රකුසා" ද මා කැමති කවකි - වෙසෙසින් එහි ආරම්භය - එනම් වෙනත් ආරේ මල් කෙල්ලක පිළිබඳ ඉඟිය.






එහෙත් සමහර නිර්මාණ වලදී, කවියා තම වදන් තෝරා ගැනීම මගින් එම කවට සාධාරණයක් කලාදෝ සැකයක් මතු වේ. මෙය වඩාත් මතුවුන එක් අවස්ථාවකි, "සුරඟනක් ගැන කතාවක්", යන කවි පංතිය. මෙතැන බස භාවිතාව බත් කටක වැලි හැපෙන්නාක් මෙන් මා පෙළුවේය.



කවියා තමන් ලැබූ සාර්ථකත්වයෙන් පසුව කල් යල් බලා, පෙර නිර්මාණ මග සුමට කිරීමට තැත් කරමින් කෙරුණු නිර්මාණයක් බව පැහැදිලිය. පෞද්ගලිකව මා එය "යන්නං චන්දරේ" තරම් රස විඳි නැති බව සැබෑවකි ( මා "යන්නං චන්දරේ" එක රස වින්දේ මගේ එවකට තිබූ රස විඳීමේ මානයෙන් එපිටට යමිනි. ටිම්රාන් එකල එය බල කලේය). එවන් බලපෑමක් කරලීමට තරම් මෙම සංග්‍රහය ප්‍රබල නැත. ඒ වගේම මෙහි එන කවිකම් එවන් බලපෑමක් ඉල්ලන්නේ ද නැත. කවියා තම ගමන සවිඥ්ඥාණකව, සාර්ථක නිර්මාණ කිරීමේ ලොබින් යෑමට යත්න දරන බව මෙම සංග්‍රහය දෙස් දෙයි. එය ප්‍රමාණවත් ය. කිම ද සටන ඇත්තේ ම තමන් සමගය.

( එලෙසම මා සතුව ඇත්තේ 2019 නොවැම්බරයේ ප්‍රකාශ වූ පස්වැනි මුද්‍රණයයි. එය ද පෙන්නුම් කරන්නේ ටිම් රාන් කීර්ති කෙරෙහි සිංහල පාඨක ප්‍රජාව බලා ඉන්නා වගකි.)

ශ්‍රේණිය: ***1/2
සම්මාන: විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2019 විශිෂ්ඨත ම කාව්‍ය සංග්‍රහය.
නිර්දේශ: රජත, ගොඩගේ, රාජ්‍ය සාහිත්‍ය, අවසන් වටය සඳහා
ප්‍රකාශක: වලාකුළු (2018)

1. https://me-and-err.blogspot.com/2016/04/blog-post_15.html ( යන්නං චන්දරේ - ටිම්රාන් කීර්ති)

Thursday, 23 December 2021

ඇන්ටික් කඩයක මරණයක් - අශෝක හඳගම

 කලකින් පසුව නාට්‍යයක් නැරඹුවෙමි. ඒ හඳගම ගේ ඉහත මයැති නාට්‍යයයි.


1. රංග ශාලාව පිරී තිබුනි. "දිවයින" ලාංඡනය දුටු මා පළමුව සුතුවේ, මෙපමණ පිරිසක් පැමිණ සිටියේ උපාලි පුවත්පත් සමාගමේ උත්සවයකට වත් දෝ කියා ය. කිම ද අදහස් අතින් හෝ දිවයින හා හඳගම අතර අදහස පරතරය දුරස් නිසාය. කලින් ප්‍රවේශපත්‍රයක් මිල දී නොගෙන සිටි මට තිබුනේ 'බැල්කනි' විකල්පය පමණි. එපමණ ප්‍රේක්ෂක පිරිසක් සිටියේ, සෞඛ්‍යාරක්ෂක හේතුන් මත ආසන සීමිත හෙයිනි.

2. නාට්‍යය, සහ නාට්‍යය නිරුපනය අතර ස්ථරයක්, නාට්‍යය තුලින් ම දැකීම අලුත් අත්දැකීමක් විය. ඔවුන් ගැයූහ. චරිත හඳුන්වා දුන්හ.  සමහර විට ජාත්‍යන්තර නාට්‍යකලාව දත් රසික පිරිසට එය අලුත් නොවන්නට ඇත. එම මධ්‍ය තලය ප්‍රේක්ෂකයන් දැනුවත් කරයි - ඒ අතරම නාට්‍යයේ චරිත හා පිළිසඳරක යෙදෙයි. නූතන පූර්වක චරිතයක් පානා කණ්ඩායමක් මෙනි. එහි (unofficial/raw) නොනිල/අමු ගතිය නාට්‍යයට තවත් වටිනාකමක් එක්කාසු කලේ යැයි සිතමි.

3- විරාමයකින් තොරව විනාඩි 120 ට ආසන්න කාලයක් දිවූ නාට්‍ය විවිධ දිශාවන්ගෙන් ඇගයිය හැකිය.

     අ. හුදු කලා කෘතියක් ලෙසින් සියළු අංශයන්ගෙන් මා මහත් රස වින්නයක් ලැබීය. එය ගායනයෙන්, කතා වස්තුවෙන්, චරිත වලට පණ පෙවූ එම නළු නිළියන්ගෙන් ආදී සියළු අංශයන්ගෙනි. සෞම්‍ය ලියනගේ විශිෂ්ඨ රංගනයක යෙදෙයි - එහෙත් එය යම් තරමක බලාපොරොත්තුවකි ( ඔහු සූර් මතින් ගැයූ ගීය මා සිත් ගත්තේය.) මට මෙම නාට්‍යයේ සුවිශේෂිම රංගන දායකත්වය නිපුනි ශාරදාගෙනි - ඇගේ ගායනය ද ඊට නොදෙවෙනි ය. මෙලෙස පළමු රංගනයෙන් මා විස්මයට පත් කිරීමට මීට පෙර සමත් වූයේ,  ප්‍රියංකර රත්නායකගේ  අද වගේ දවසක ඇන්ටිගනී නාට්‍යයෙන්, ප්‍රසාදිනි අතපත්තු ය. 

   ආ. මෙහි අප සමාජ දේශපාලන යටිපෙළ බොහෝය. ඉන් අප සමාජය පිළිබඳ විචාරයක් යෙදේ. හතර කේන්දරේ පාළු වන්නේ අප රට මුල් පුරවැසියන් හා සම්බන්ධයන් නැත්තන්ට ය - ඒ අපේ රටේ හැටිය. කිම ද එම ආස්ථාන හතරේ වෙසෙන්නන්ට අප රට අමුතු වරප්‍රසද ඇත. එවිට ඊට ළඟින් හෝ ගෑවී ඇත්තන් ට ඉන් යම් පදමක එළියක් සිය සිරුරේ ගා ගත හැකිය. එලෙසම එසේ "හතර කේන්දරය" වාසනාවන්ත නුවූවන්ට "හරි යන්නේ" පන්සලේ ය යැයි කියන්නේ, අප රට ආගමික ව්‍යාපාරය යන අදහස මුල් කරගෙන බව සිතමි. නිදසුනක් ලෙස, මෑතක දුටු මීමයක (i.e. meme ) කියවුනේ දැන් එළවළු හතරක් සමඟ බත් කෑමට මහණ වීමට ඇවැසි බවකි. එහි හාස්‍ය රසයක් පමණක් නොව අප රට බහුතරයක ගේ ආගමික ආස්ථානය ගැන ද උපහාසයක් දනවමනි.

    ඇ. එහෙත්, මෙහි එන ලිංගික ව්‍යාභිචාරය පිළිබඳ දිගැරීම අත්‍යවශය ද ? එය නොතිබ්බොත් නාට්‍යයෙ සමස්තයට විශාල පාඩුවක් වේද ? මට මේ ගැන අවසන් නිගමනයක් දීමට තරම් නාට්‍යකරුවා ගම්‍ය කරන මනෝවිද්‍යාත්මක කාරණාව ගැන එතරම් අවබෝධයක් නැත. කිම ද, ලිංගිකත්වය, ව්‍යාභිචාරය පිළිබඳ කියවීමක් මෙහි එයි.  පුරුෂ ලිංගයේ මූලිකත්වය මෙන්ම, මෙහි එන තරුණිය තමනට නැති වීම හේතුවෙන් දුක් වන ඇගේ පරණ පෙම්වතා, ඇගේ පියා ගේ දෙපා  අසල වැඳ වැටෙද්දී, ස්ත්‍රී ලිංගයක් වෙනුවෙන් වැඳ වැටීම වෙනුවෙන් ඔහුගේ කර්කශ සමච්චලයට පාත්‍ර වේ. පුරුෂ ලිංගයේ ගීතයක් පමණක නොව ගල් කාලක ගීයක් ද, තවත් බොහෝ ගී ද මෙහි එයි. මනෝ විද්‍යාව, දේශපාලන කියවීම, උපහාස රසය ආදි සියළු අංගෝපාංග වලින් සුපෝෂිත වීම මෙම නාට්‍යයේ සාර්ථකත්වයට හේතුවක් යැයි සිතමි.

   ඈ. බලාපොරොත්තු: තරුණිය ගේ බලාපොරොත්තුව හුරුබුහුටි තරුණයෙකු අතින් තම ගැහැණුකම විවරකර ගැනීමය. පියාගේ බලාපොරොත්තුව තම දිළිඳු බවට පිළිසරණයකි. තරුණයාගේ බලාපොරොත්තුව තමන් කවුදැයි සොයා ගැනීමය. මට හැඟෙනා පරිද්දෙන්, තරුණියගේ කාමරාගය, හා ඔහු ඔහුව හඳුනාගැනීම එකකි. එය ඇන්ටික් කඩයක මරණයක් බවට පත්වීම ප්‍රතිපළයක් පමණි.

ඇත්තෙන්ම, මෙම නාටය කෘතිය පිළිබඳ විචාර ලිපි රැගත් පොතක් ඒමට නියමිතය. එය කියවීමේ දොළෙන් පසුවන්නේ එරික් ඉලයප්ආරච්චි, මහේෂ් හපුගොඩ, සුනිල් විජේසිරිවර්ධන, සමන් වික්‍රමාරච්චි, ලියනගේ අමරකිර්ති, විදර්ශන කන්නන්ගර, සහ චින්තන ධර්මදාස යන අයගේ ලිපි එහි ඇතුලත් බව ආරංචි වීමෙනි. එහෙත්, එම ලිපි කියවා පූර්ණ රසවින්දයකට ඉඩ ලැබෙන්නේ, මෙම නාට්‍ය නැරඹු බැවිනි.

ශ්‍රේණිය: *****

Friday, 17 December 2021

Shuggie Bain - Douglas Stuart

 


Pushed around and kicked around

Always a lonely boy
You were the one
That they'd talk about around town
As they put you down
And as hard as they would try
They'd hurt to make you cry
But you never cried to them
Just to your soul
No, you never cried to them
Just to your soul
                   (lyrics from "Smalltown boy" - Bronski Beat) (see 1)


            As I was progressing on this book, and the hints of  undeniable differences in Shuggie, to which he himself  was becoming aware of, I couldn't help remembering this song. Two of the members of Bronski Beat were from Glasgow, the song's main theme matches , and time of release matches closely with the initial period of focus in the book.  The subtlety with which he became aware of himself, how Leek his brother realised it a little earlier, but in his own way was willing to give him space and acceptance was a beautiful presentation of sibling love.

But this is hardly the main theme of this book. Other themes push Shuggie's coming of age and sexuality to the background.

Agnes' addiction,  and how she lived to feed it, as wel  makes a harrowing read. It brought to mind how Layne Staley wasted away his last year, a victim to his addiction, although Agnes' demons were lager and vodka. Towards the end of the book, Shuggie's friend Leanne's 'alky' mum drops a hint on how things are:
"Ah think the more ye love someone the more they take the piss out of that. They will do less and less of what ye want and more and more of just as they fuckin' please."
The author has gone on record to say that his novel is primarily a love story, and the distressing detail of addiction, abuse, the consequences of the politics of the time, are all secondary. Shuggie's barely requited love for his mother, his undying hope that "she'll get better" was deeply touching. This, while he sees his mother being made use of, molested, and in a daily decline, everyday in his own home.

The politics -  that there's no love lost towards Margaret Thacher is clear to see. This made me look up a little on the times, and how Scotland suffered due to certain decisions of hers.
The decline of coal mining in the UK was a brought about by a combination of cheap oil imports, the decline of heavy industry, changing technology in electricity generation, and the loss of many of coal’s traditional markets. It has become a burden to maintain the industry to the state coffers, but obviously those who made a living from those industries didn't see it that way.

"He heard them say that Thatcher didn’t want honest workers anymore; her future was technology and nuclear power and private health. Industrial days were over and the bones of the Clyde Shipworks and the Springburn Railways lay about the city like rotted dinosaurs."
However, unlike from where I come from, where our politicians make decisions with an eye on the next election, and how they can line their pockets (bringing the nation to bankruptcy), UK has historically made decisions based on policies and the future in mind - however unpopular the decisions maybe  temporarily. In that context, the mine industry was already on its way out, and Thatcher just hurried the inevitable, so that the state coffers are less affected. The 70s and the 80s were a bad time for the UK overall, and Maggie had her work cut out.  Roger Waters captured these bleak times in Pink Floyd's song from 1983, The post war dream.

"If it wasn't for the Nips
Being so good at building ships
The yards would still be open on the Clyde
And that can't be much fun for them
Beneath the rising sun
With all their kids committing suicide
What have we done, Maggie, what have we done?
What have we done to England?
                               ( from "The Post War Dream" - Pink Floyd) (see 2)

Finally, I make reference to  several reviews of the book, which mentioned how Stuart has been discouraged from studying Literature, "given his background", by at least one teacher, and that compelled him to do his studies in the textiles trade. This reminded me of Mark Knopfler and his tribute to "Beryl" (see 3) ( on Beryl Brainbridge, the Booker bridesmaid ), the  writer from a working class background, who was nominated for the Booker  award no less than five times, but had to wait for her death to get honoured. I've caught a video clip of  Knopfler saying  that England was more favoured towards Ox-Bridge literati (although things were changing ), and Beryl possibly was a victim of this ( The video has since been taken off on copyright grounds.)  Stuart is on record saying:

“I come from a long and proud tradition of slaters and joiners and tradespeople. I didn’t grow up around books, none of us did, but it didn’t make us any less caring, any less empathetic. At 17 I had the peace to be able to focus on books and then I devoured them, but English literature and academia was not seen as something open to people like me."
 
These sentiments confirm that whatever reasons Thatcher may have had for her decisions, that a long standing tradition of industry, of which a people were proud of, was denied them, and it is possibly not only economic reasons for them to feel hard done by.

In summary, it is a book which leaves deep etch on one's memory, of sadness for the suffering a child had to endure, sadness for his longing of what he didn't have ( recall how he played"house" alone in the pits, and the dinner table scenario in big Shug's new family), and for the hope he kept alive with a large price on himself for its sake. It is both a beautiful read, and a very hurtful one - and truly deserving of its award.

1  https://www.youtube.com/watch?v=88sARuFu-tc
2  https://www.youtube.com/watch?v=meKc6D_5IRM
3  https://www.youtube.com/watch?v=VysLoGdQ-X0

( picture of book cover from the internet )

Rating: ****1/2