Thursday, 28 January 2016

හැටේ වත්තේ මග්දලේනා- සෞම්‍ය සඳරුවන් ලියනගේ



2014 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලත් සෞම්‍ය සඳරුවන් ලියනගේ නිර්මාණය කල "හැටේ වත්තේ මග්දලේනා" කාව්‍ය සංග්‍රහය මීට මාස කිහිපයකට පෙර කියවූවෙමි. ගිය සතියේ මීළඟ මීවිත පිළිබඳ ලියූ ලිපියට දක්වපු උනන්දුව හේතුකොට ගෙන, මෙම සතියේ මේ කෘතිය ගැන  ලිවීමට උත්සුක වූයෙමි.

සෞම්‍ය සඳරුවන්, වර්තමානයේ සිට වර්තමානය ගැන කවි ලියන්නෙකි. වර්තමානය, සහ ඔහු දකිනා විදිහට එහි ගැටළු ඉස්මතුවෙන අයුරෙන්, ඓතිහාසික-සංස්කෘතික රූපණ භාවිත කොට, එම වර්තමානය ගැන කවි ලියයි. එපමණක් නොව, කාව්‍ය සංග්‍රහය යේ කලාත්මක බවට කිසිදු හානියක් නොවී කෘතිය ප්‍රකාශිත කාලයට සියුම් දේශපාලන පෙරවදනක් ද රැගත් බව හැඟේ.

"අලුත් ගල් එබ්බවූ
මේ පදික මං තීරු
ඔබටමය, එ'ගැන සැක
නො කරන්න...
දෙපස ඉදිකර තිබෙන
කටුකම්බි වැටවල් ද
'රැකවරණ' පිණිසම ය;
නො පනින්න..."
    ( නගරාලංකාරය )


මෙම කාව්‍ය පංතිය ගතහොත් එහි භාෂාව පමණක් නොව ආකෘතිය පවා, කවිය පවසන දෙයට සම්ප්‍රයුක්ත බලය වැඩි වන ලෙස ම, ක්‍රියාත්මකය. "සිව්වෙනි" සහ "අටවැනි" පෙළි සළකන්න. මාත්‍රා දහය බැගින් ලියැවී පැමිණි පද පේළි, ආකෘතිකමව තිගැස්මක් - විධානයකට ඔබින ලෙස - මාත්‍රා පහකට ලොප් වෙයි. පදපේළි ඔස්සේ පණිවුඩයක් කියාපානවාට , හැඟිමක් කිය පානවාට වඩා, කවියා පණිවිඩය ( හෝ හැඟීම ), ආකෘතිය  ( පෙළි බෙදීම, තෝරාගත් වචන, මාත්‍රා භාවිතය ) සහ භාෂාව යන තුනම භාවිත කොට කවියා විකුම් පායි. මෙවන් අවස්ථා මෙම කෘතිය කිහිප පොළක මා හඳුනාගැනීමට සමත් විය. මට Terry Eagleton  තම "How to Read a Poem" පොතේ  කියූ කියමනක් මතක් විය.  එය මෙසේය:

"In most poetry, however it is not a question of experiencing the word rather than the meaning, but of responding to both of them together, or sensing some internal bond between the two"




පහත කාව්‍ය කොටස බලන්න. ඇත්තෙන්ම මෙය දේශපාලන අර්ථයෙන් අනතුරු ඇඟවීමකි. කවිය ලියැවුණු යුගය හා ඉන්පසු අප රට සිදු වූ දේශපාලන පෙරළි සළකා බලන කල මෙය දෛව වාක්‍යයක් ලෙසට පෙනේ. ආකෘතිමය වශයෙන් 10-10-10-5 බැගින් වූ මාත්‍රා බෙදීමකින් ලියැවුණු කවි පංතිය, අවසන් කවියේ  දෙපේළිය  ආකෘතිය මාරු කිරීමක් මගින් දෙන "දෛවඥ්ඥ වාක්‍යය" වෙත වෙසෙස් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින්නාක් මෙනි.

"නිකිණි කළුවර රැගෙන
ට්‍රක් පුරා පැමිණියෝ
සෙත් පැතූ - සුභ පැතූ
විරුවන් ය
බෝධි පූජා කෙරූ,
යෝධ බල - වෙර පැතූ
අත්වලින් පපුවලට මෑනුවේ,
පෙර දවස, පිරිත් කළ,
තුවක්කු ය...
....
විරුවනේ දැන් ඉතින්
ප්‍රවේසම් විය යුතුය;
රුහිරු වුව,
දිනෙක ඇවිළිය හැකිය..."
                ( රුහිරු ඇවිළිය හැකිය )

මෙහි සමාජයට කෙරෙන සරදමක් මෙන්ම, එහි තීව්‍රතාව වැඩි කරනු වස් අදාළ කොටසේ එක් පද පේළියක මාත්‍රා ගණන 10 සිට 15 දක්වා වැඩි කර අත. එහෙත් කවියාගේ කෞශල්‍ය  ඒ සියල්ල සිදුකිරීමට තරම් පොහොසත් ය. අර්ථය ගෙන හැර දැක්වෙන පද පේළි කිහිපයක් වෙනුවට අප කවියා සවිඥ්ඥාණකව සැම පේළියක්, සැම පදයක් ම තුලින් ඝට්ටනයක්, අගය වැඩි කිරීමක්, ධ්වනි රසය ඉහළ නැංවීම ක් ආදිය ගැන සැලකිලිමත් වී ඇත.

කවියා ගේ දේශපාලනමය කැරලිකාර බව ඉතා සාර්ථකව ගෙනහැර දැක්වෙන අන් කවි පංති දෙකකි, "සුළඟ එනු තහනම් ය..." සහ "මල් පිපිය යුතුව ඇත". මෙහි "මල් පිපිය යුතුව ඇත" මෙහි අවසන් කවි පංතියයි. එහි කවියාගේ සමස්ත දේශපාලන බලාපොරොත්තුවන් ඉතාමත් කාව්‍යමය ලෙස ඉදිරිපත් කෙරී ඇත.

එහෙත් මෙය හුදෙක් තම දේශපාලනය වෙනුවෙන් වෙන් වූ කාව්‍ය කෘතියක් නම් නොවේය. කොහෙත් ම නැත ( ඇත්තෙන්ම දේශපාලන අදහසක් රැගත් කවි පංතීන් අත්තේ අතලොස්සකි.) පහත නිදසුන් පහ එසේ නොවන බවට සාක්ෂි ය.

නිදසුන 1:
"ඉසුරුපායට යනෙන
ඉසුරු නැති ලංගමට නගින්නී
මසුරු නැති හදවතින්
පිච්චමල් හිනාවම ඉහින්නී
....
'පායේ' රතු ඉරය, උදයට හරි සැරය
පාරේ රතු එළිය, නොසිඳෙන තද බද ය
හවසත් එලෙසමය ගෙදරත් 'රතු ඉරි' ය
බසයට පමණි හිතවත මේ 'කහ එළිය'"
       (ශ්වේතකි හෙවත් ලංගමේ පෙම් ගීය )

පළමු කොටසේ අර්ථය අනුපූරක වන ලෙස ශබ්ද රසය තීව්‍ර වන  පද භාවිත කර ඇති අපුරුව බලන්න! අවසන් පැදි පෙළේ ඒ ඒ වර්ණ භාවිත කොට, යම් ඡන්දසක් රකිමින් අර්ථය පරිපූර්ණත්වයට ළඟා කරවන අයුරු බලන්න. කවියා කොළ එළියක් ගැන නොකියයි. සෝදිසියෙන් පමණක් හැසිරිය යුතු කහ එළියක් පමණි ඔහුගේ ඉස්පාසුව -අන් හැම තැනම රතු එළි පමණකි. රතු එළි තුනක් මධ්‍යයේ කහ එළියත් සැපකි.


නිදසුන 2:
තැනෙක කවියා අසම්මත පෙම ගැන පවසන්නේ ශෘංගාරය මතුවෙන අයුරෙනි.
"සියොළඟම රිදුම් දෙන,
රිදුම් දී කිතිකවන,
මන නන්දනීය වු
පරම ආනන්දයක
මෘදු පහස,..."

එහෙත් "ඈ" ප්‍රවෙශම් සහගත ද වන්නීය...

"මෘදු සැපුම් පහරවල්,
නියඟ වැද සීරීම්
දෙන මිහිරි වේදනා
නිබඳ උසුලන රිසිය

නමුදු මා සුපෙම්වත,
කිසි තැනෙක සළකුනක්
නොතබන්න..."
     (අසම්මත පෙම්කව )

කවි, පද පේළි වලට බෙදුනද, නැවතුම් තිතක් ලැබෙන්නේ පේළි 6-7 ට වරකි. පද පේළි කෙටිය. ඉන් පාඨක මුවේ මේ කවිය වේගයෙන් කියවේ. ශබ්ද රසයක් ද රැගත් ය. කවිය කියන්නියගේ බලාපොරොත්තුව, බිය, උද්යෝගය මෙම කවි බස තුලත්, ආකෘතිය තුලත් ගැබ් වී ඇත.

නිදසුන 3:
ආකෘතියේ විශේෂයක් නොවුණු අවස්ථා වලදී පවා, කවියා තෝරා ගෙන ඇති වචන, ඉතා යෝග්‍යතම ඒවා බවට පාඨක අපිට සැක හැර දැනෙන්නාක් සේය. "මැයි මල් සාදය" යන මේ කවි පංතියේ පහත දක්වා ඇති උද්‍රිත කොටස්  අවදානය ට යොමු කල මැනවි:

"වැඩකරන ජනතාව වෙනුවෙන්ම පේවි
ලංගමත් හැඳ, පුරුදු රතුපාට සාරී
මැයි දාට පාන්දර 'ඉස්පෙෂල් ඩියුටි'...

වැඩ කරන පන්තියේ ගුණ ගයන
වැඩ ගන්න පන්තියේ මැයි දාට;
'ගල්' වුණත් නොමිළේය, ...

සනුහුරේ නය ගෙවන මැයි දාට
.....
මැයි මහේ මල් පියසි හැරුණාම
ලංගමේ බස් පමණි රතුපාට..."

මම කවියාගේ විස්කම් දකිද්දි නැවත නැවත Eagleton වෙත ට හැරෙමි. ඔහු ආකෘතිය සහ අදහස අතර ගැටීම හා සම්බන්ධය කවියා දැන ගන්නේ පරිඝණකයෙන් නොවන බවත්, ශ්‍රවණේන්ද්‍රියෙන් පමණක් ම බව ද කියා පායි ( How , we might then ask, does a poet accomplish all this without the aid of a computer ? The answer is that he relies on his ear,...  - From "How to Read a Poem") මට අපේ නිතර බැණුම් අසන (බාගයක් ම වෙලාවකට බැණුම් වලට ආරාධනා කර ගන්නා ) ගුණදාස අමරසේකර ශූරින් මතක් විය. ඔහු කොයි තරම් තැනෙක මෙතරම් ශාස්ත්‍රීය ලෙස නොවුන ද, ශබ්ද රසයේ අගය කියා පෑ ඇති ද ?

නිදසුන 4:
පාද යමක යුගලකින් එක් කවියක් නිර්මිතව, ඡන්දසක් ආරක්ෂා කර ගනිමින්, විජය-කුවේණි ඓතිහාසික කථාව ආභාෂයෙන්  නිර්මිත මේ කවි පංතියේ අපූරත්වය බලන්න! මෙහි වෘත්තය දුටු විට කුවේණි අස්නේ එවන් වෘත්තයක් පවතින්නෙදැයි සිතෙහි පැණයක් නැඟින. ඒ ඒ පාද යමකයේ දිවුරුමක ස්වරූපයක් ආකෘතිමය වශයෙන් රඳවන කාව්‍ය නිර්මාණය, එහි ඓතිහාසික අකාලික සත්‍යයක් ගැන කියා පායි.

"...කප්පරක් හීන පොදි මන බඳින ප්‍රාසාද
හදේ ඉදිකළ බව ද ඇත්ත ය
එහි කුඩා කුටියකට සෛන්ධවයා අරා
ඔහු සමඟ ගිය බවත් ඇත්තය
....
ඒ නුමුදු දිවි දොසක් සිහිනෙනුදු ඔහු කෙරේ
පතන්නට බැරි බව ම ඇත්තය
....
කුවණ්නා අක්කණ්ඩි, නුඹේ බාලම නැගණි
විජයටම පෙම් කළා ඇත්තය"
                                           ( කපු කටින කම්හලේ නැගණියගේ ලියමන )

නිදසුන 5:

වත්මනෙහි වෙසෙසින් සිංහල විවාහ මංගලෝත්සවය තනිකරම රැල්ලට ගොස් ඇති දෙයකි. ඔය කියන රැල්ලට, අබමල් රේණුවක විවේචනයක් නොකර, මම ද නතු වූවෙක් මි. මේ ක්‍රමය උපහාසයට ලක් කරමින් අප කවියා උපහාසය, හා හාස්‍යය මතු කරලමින් අපූරු කවි පංතියක් එක්කාසු කොට ඇත. මාත්‍රා ගණණ පංතිය පුරාවට ම සංඝතව තබමින් ලියැවී ඇති මෙහි, ආකෘතිමය වශයෙන් ඇති හරඹය ඉතාම ඔබින "ණයට" ගත් වචන එලෙසම භාවිත කර තිබීම ය.

"දෙවෙනි මල්ලි ගාණේ 'ඩී.ජේ.ත් ලාබෙටය
මහමෙරක වට්ටමකි 'ස්ටෝරි බුක්' එකට
යාළුවෝ අර අයිනේ,බෝතලුත් ඒ පැත්තේ
පොඩි මාම බිව්වමයි කට පරිස්සම් නැත්තෙ

ඉතිං අපි බඳිනවා, නො කීවයි නොකියන්න
සෙනේබර හිතවතුනි, නොවැරදී පැමිණෙන්න
'ඇන්විලොප්' ඇවැසි නම්, අයියගෙන් ඉල්ලන්න
ස්තූති පත්‍රිකා 'එක ගාණේ'ගෙනියන්න'"
                                     (ඉතිං අපි බඳිනවා)

කවි තිස් හතකින් සුසැදි මේ කාව්‍ය එකතුව තුලින් බොහෝ රසාස්වාදයක් ලදිමි. මෙහි කවි අති බහුතරයක්  ම, ඉතා අපූරු නිර්මාණය. දේශපාලනය, ස්වභාව සෞන්දර්ය, උපහාසය, සමාජ විචාර, ප්‍රේමය ආදි සියළු මාන දෙස තමා  කවි මනස යොදවමින්, ඒ ඒ විෂය පථය වෙත, ඉතා යෝග්‍ය වදන් භාවිත කොට, අරුත් තීව්‍ර වන ලෙස අකෘතික හරඹ පාමින් කවියා මහත් දස්කම් පායි. "දියමැටියෝ", "මේ මෙතැන, මල් පඳුර පැළවුණු තැන", "හැටේ වත්තේ මග්දලීනා", "සෝයුරු හදක සටහන", "සුළං පෙම්වතාගේ නො පළ පෙම", "සැඳෑ සාදය මෙහි ය", "සුපින්වත් දේශය", "බෝඩිංකාරයාගේ අවුරුද්ද" , "කටු කම්බි" .... ඇත්තෙන්ම, මේ ලිපිය තවත් දිගු වීම, සහ කෘතිය ගැන ඇති කුකුස වැඩිමණක් කවි ගෙනහැර දැක්වීම තුලින් යම් වට්ටමකට නතුවීම නොවේ නම්, මේ කෘතියේ සාකඡ්ඡා කල හැකි කවි පංති තව රැසකි.

කෘතිය ට "මෙ'කව ගැන" නමින් පෙරවදනක් ලියන කර්තෘ මෙසේ කියයි:"හඳුන්වා දීමේ පහසුව තකා ම්'විසින් 'කවි' යැයි නම් කළ ද, මෙහි ඇති සියල්ල ඒකාන්තයෙන්ම කවි, යැයි කිසිවෙක් පූර්ව නිගමනයකට එළැඹිය යුතු නැත.... සැබවින්ම මේවා කවි විය හැක. එමෙන්ම කවි නොවන්නට ද ඉඩ ඇත". සම්‍ය සඳරුවන් මිතුරාණ, මේවා ඇත්තෙන්ම කවිය. මේ නිර්මාණ ඉතා සවිඥ්ඥාණකව නිර්මාණය කල කාව්යයෝමය. තම මනසට ආ කාව්‍යමය සංකල්පනා වලින් ඔබ්බට ගිය ඉතා අපූරු නිර්මාණයෝය. ඔබේ අනෙක් කවි එකතුව එනතුරු බලා සිටිමි.
           




Thursday, 21 January 2016

මීළඟ මීවිත - රුවන් බන්දුජීව



 ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් සහ විද්‍යෝදය සහිත්‍ය සම්මානයෙන් පිදුම් ලත් රුවන් බන්දුජීව ගේ "මීළඟ මීවිත" කාව්‍ය සංග්‍රහය, මීට මාස කිහිපයකට පෙර  කියවූවෙමි. ඉතා කෙටි කාලයකින් කියවා හමාර කල එය, මෑත දිනෙක නැවත කියවූවේ, පළමු කියවීමේ දී ඒ මඟින් මා මනස තුල සෞන්දර්යත්මක වශයෙන්  විශේෂ හැඟීමක් ඇති නොකල නිසා ය. තවද, දෙවෙනි වර එය කියවූවේ ගේ "Terry Eagletonගේ "How to Read a Poem" පොත කියවීමට සමගාමීව ය ( එම පොත තවම කියවමි - එය සෙමින්, ළංව -close -යන අදහසින් කියවිය යුතු පොතකැයි සිතමි ). මාර්කුස් වාදී සාහිත්‍ය විචාරයට යම්තාක් ආනත, හා රුසියානි ආකෘතිවාදි විචාරයට යම් ඉඩක් ලබා දෙන එම කෘතිය හා පිරීක්සා බලා, සෝදිසි කලේ, මට මෙම කාව්‍ය එකතුවෙන් මීට යමක් එක්කාසු කර ගත හැකි ද යන්නයි. ඒ අනුව "මීළඟ මීවිත" පිළිබඳ මගේ අවියත් කියවීම මෙසේ ය (සංවාදයට විවෘතයි ).


රුවන් බන්දුජීව ගේ කවි වචනයේ පරිසමාප්තියෙන් ම නූතන කවි ය. ඉන් මා අදහස් කරන්නේ කවියේ ආකෘතිය, බස, අවදානය යොමු කරන විෂයන් හා ඉන් ජනිත කෙරෙන හැඟීම් සියල්ල වර්තමානයේ අප ජීවත් වන සමාජය අලලා ලියවුණු ඒවා ය. විශේෂයෙන් බස ගැන සඳහනක් කරනවා නම්, ඉතා මෑතක මා කියවූ ලක්ෂාන්ත අතුකෝරාල ගේ "ඊ" කාව්‍ය සංග්‍රහය, සාපේක්ෂ වශයෙන් වඩා සාහිත්‍යමය බසක් භාවිත කරද්දි රුවන් බන්දුජීව වඩා සරල බසකින්, තම කවි මනස චිත්‍රණය කරයි. එහෙත් "ඊ" ට වඩා අනිවාර්යයෙන්ම "මීළඟ මීවිත" පාඨකයා වෙත ලං වනු ඇත. මගේ දුප්පත් කියවීම අනුව ( මා එතරම් කවි පොත් කියවන්නෙකු නොවේ ), නූතන කවීන් අතර මට ලක්ෂාන්ත ට වඩා වියත් සහ කාව්‍යමය බසක් භාවිත කරන්නෙකු මුණ ගැසී ඇතිනම්, ඒ මංජුල වෙඩිවර්ධන ම විය යුතුය. වෙඩිවර්ධන වරෙක ඔහුගේ බසේ රසවත් බවම කවිය කරගනි. Terry Eagleton තැනෙක මෙසේ කියයි "Poetry is really a kind of spiritual therapy for those moderns whose words have withered, whose speech has become bland and favourless as their food... ". කවිය පිළිබඳ, මේ කියවීම වෙඩිවර්ධන ට සහ ඊට සාපෙක්ෂ ව අඩුවෙන් ලක්ෂාන්ත ට ගැලපෙන්නාක් මෙනි. බන්දුජිව මීට තරමක් වෙනස් තැනෙක සිට තම කවි පබදයි. ඔහු බොහෝ විට මේ නූතන සිංහල සමාජයේ විකෘති සහ නීරස භාෂා භාවිතාව ගැන අවදානය යොමු කොට, එම සමාජය තුල ම සිට ගෙන, තමන් වටා සිටිනා පාඨකයා ට ඇඟිල්ලෙන් ඇණ "මේ බලාපිය උඹලා ජීවත් වෙන හැටි" කියා පවසන්නාක් මෙනි. ඒ සඳහා ඔහු භාවිතා කරන බස, එම රෝගි සමාජයේ බසම ය. එය ද පැසසිය යුතු, සහ නිර්මාණාත්මක ගුණය නොඅඩුව ඇවැසි ඉසව්වකි. මා පෞද්ගලික්ව, වෙඩිවර්ධන ගේ  සහ වෙසෙසින් ලඛාන්ත ගේ කාව්‍යකරණය ට වඩා මනාප ය. එය හුදෙක් ම පෞද්ගලික රසාස්වාදය පිළිබඳ කාරණාවකි.

බන්දුජීව තැනෙක නිසදැසේ ප්‍රධාන කාව්‍යමය අවිය යැයි සිතිය හැකි පෙළ බෙදීම යන ආකෘතිකමය ගුණාංගය පමණක් භාවිත කොට තම කවි නිර්මාණය කරයි. 


මේ දැනුත් පිටකොටුවේ
ජෑම්, බෝ, කොට්ටම්බා පැල් තුළ
පිපිරෙමින් ඇති කපුටු බිත්තර
පැටව් එළියට ආවම
උන් අහන පැනවලට
කපුටන්ට කෝ උත්තර ? 
           (කපුටන්ට කෝ උත්තර ?)

මේ තවත් එවන් උදාහරණයකි:

"හැට තුන ඉරක් දාහතයි පහළොව එළවන
නන්දසේනගෙ ගැහෙන වමතින්
වැටුණි දවසේ පළමු ගියරය
ගොර, ගොර හඬත් දීගෙන
ඩිපෝවෙන් එළියට ආ බස් එක
ඇරඹුවා කඳු ශිඛර තරණය"
                   (ඇහෙනවද ඒ සිනා සද්දේ)

මෙසේ අපේ ලංගම බස් එකක දැතිරෝද පන්නද්දී ඇති වෙන ගෝරනාඩුව මතක් කරනා අයුරකින් ඇරඹෙන කවි පංතිය, කඳු පංති ඔස්සේ බසය ගමන් ගන්නා විට රිද්මයකට, ධ්වනි රසයක් මතුකිරීමට සමත් වන  අයුරකට හුවමාරු වී, ලයාන්විතව ගලා යයි.

"රෑට මොනවද කෑවේ නන්දේ
පුතා මොනවද ඊයේ ඇන්දේ
කොණ්ඩෙ තනියෙන් ගොතා ගන්නට
දූට දැන් පුළුවන්ද නන්දේ"
                (ඇහෙනවද ඒ සිනා සද්දේ)

මේ කවි පංතිය වඩාත් රසවත් වන්නේ, ඡන්දසක් තුලින් පාඨක මනස තුල ජනිත වීමට ඉඩ ඇති, රිද්මයේ ඒකාකාරි බවේ අපේක්ෂාවය අභියෝග කරමින්, තෙවෙනි පේළිය තුලින් රිද්මය වඩාත් විචිත්‍ර කිරීමය. 

රිද්මයක් රැකෙන අයුරින් ලියැවී ඇති කවි වඩා රසවත් ය. එහෙත් කවියා තම නිර්මාණ වලින් වැඩි පරිශ්‍රමයක් යොදා ඇත්තේ තත්ත්කාලීන සමාජය ඔවුනට ම වැටහෙන බසකින් හෙළිදරව් කිරීමට ය. මේ උවමනාව වෙනුවෙන් කවියා තම නිර්මාණ වල සුඛනම්‍ය බව සහ මනරම් බව ආදිය හිළවු කලා දෝ යැයි මට සිතිණි.

විටෙක කවියා   රිද්මය සහ තම සමාජ විවේචනය (අර්ථය ) යන දෙකම රැකෙනා ලෙස තම නිර්මාණ ගෙන හැර දක්වයි. ඒවා වඩා සාර්ථක යැයි හැඟේ.

"පියවුරු දෙසීයයි
දෙකෙන් බෙදුවම ගෑණු සීයයි
සාදය නන්දනීයයි
මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි"
                      (මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි)

"ඌට චූ යන්න දුන්නා ඕයි" ආදි අද භාවිත විකෘති බස්, අවවහර එලෙසම භාවිත කරමින් කවියා තම නිර්මාණ සිදු කර ඇති බවට නිදර්ශනයකි මෙය. රෝගි සමාජයක් මැද ඉපිද එහි දොස, ඔවුන් සැම දෙනට වැටහෙන බසකින් කියාදීමට ගන්නා ප්‍රයත්නයක ට කදිම උදාහරණයකි, මෙය.

මේ කාව්‍ය සංග්‍රහයේ උසස් ම නිර්මාණය ලෙස මා දකිනුයේ "කුණ්ඩලකේසි" නම් වූ කාව්‍ය පංතියයි. එහි සරල බසක් භාවිත කරන අතරම, කවියට ආවෙණික ඡන්දස දෙකක් පෙළින් පෙළ මාරු වෙමින් රැක ගනිමින්, ඒ හරහා රිද්මයක් පවත්වා ගනිමින් නිර්මාණය වූවකි. 

"සූදු කෙළිනවා සත්තුක - මඩමේ ලගිනවා සත්තුක
මොනව කළත් මේ වෙනක්ම් ඉවසපු දේවි
'එපා තාත්තේ' කිය කිය - දූ හීනෙන් හඬන හඬින්
තිගැස්සිලා නිදි පැදුරෙන් විසිවුණු දේවි

සත්තුක නිදි ඇඳ වටේට- තුන් වටයක් පැදකුණු කර
මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී"

මෙම තුලනය ( රිද්මය සහ සමාජ විචාරක අර්ථ රසය ) ආරක්ෂා කර ගෙන සිදු කල තවත් හොඳ නිර්මාණයකි, "උවැසියෝ බිය නොවෙති":

"බෝ ගහේ පහළ අතු අපල නසනට         නැහෙති
 බෝ ගහේ ඉහළ අතු සඳ එළිය වැද          වැටෙති
 'ඇති' කියා ගෙරෙව්වත් උවැසියෝ බිය  නොවෙති
 සිංහයන් අල්ලගෙන බලෙන් පැන් කළ    පොවති"

ඡන්දසක් හා විරිතක් ඇතිව ලියැවුණු  කවි පංති අත්ලොස්සකින් එකකි මෙය. මෙහි කවියා තම අරමුණ මුදුන් පත්කරගන්නා අතරම, කවිය තුලින් අර්ථ රසයට වඩා යමක් මතු කරගනී. 


එහෙත් කාව්‍ය සංග්‍රහයේ බහුතරයක් කවි පංති රූපක- සංකේත භාවිත ව, සමාජ විචාරයක් මූලික කොට ගෙන ලියැවුණු ඒවාය. කාව්‍යමය අලංකාරයටත්, වරෙක රිද්මයට ත්  කවියා දෙවෙනි තැන දීමට පැකිලෙන්නේ නැති හැඩය. මෙය නිසදැස ට විරුද්ධ ලිවීමක් ලෙස වැරදියට වටහා නොගන්න.කිමද මෙහි නිසදැස් එතරම්ම නැත. බොහෝ කවි පංති වල කවි කිහිපයක් තුල හෝ ඡන්දසක් පවති. ඇරත්, මෑතක කියවූ "තෙමි තෙමි ම මම" සියයට සියයක් පාහේ නිසදැසෙන් පෝෂිත, ඔප මට්ටම් වූ ,  මා මහත් සේ රස විඳි කාව්‍ය සංග්‍රයකි. මගේ පෞද්ගලික මතය නම් නිසදැස වඩාත් අලංකාරව භාවිත කල හැක්කේ ප්‍රේමය, ස්වභාව් ධර්මයේ චමත්කාරය වැනීම ආදි අවස්ථා වලදි  කියා ය ( තෙමි තෙමි ම මම හි සාර්ථකත්වය එයම විය හැක ). සමාජ විචාරය බඳු කටුක විෂයක් උදෙසා, රිද්මයක් එක්කාසු වූ විට කවිය වඩාත් රසිකයනට ලං වන බවකි මට සිතුනේ. එහෙත් "මීළඟ මීවිත" කාව්‍ය සංග්‍රහයේ භාවිත බස, විෂයානුබද්ධ රළු ස්වරූපය  හා සුසංයෝග වූ කල මා මනස තුල චමත්කාරයක් මතු කල අවස්ථා අල්පය. සමහර විට මා සොයන්නේ වැරදි දෙයක් විය හැක. මේ කාව්‍ය සංග්‍රහය තුල චමත්කාරය නොසොයා, සමාජ විවේචනයේ වැදගත්කම ගැන වඩා සංවේදී වූවා නම්, මෙය වඩා ඇගයීමට පාත්‍ර විය යුතු කාව්‍ය සංග්‍රහයක් ලෙස දැකිය හැකි වනු ඇත. පෙර කීවාක් මෙන් එදිනෙදා භාවිත වහරෙන් ම ලියැවී ඇති එම කවි වල ඇත්තේ පණිවුඩයේ වටිනාකමය. ඊට නිදසුන් කිහිපයක් පහත ගෙන හැර දක්වමි.


උලකුඩය දේවියත් - රජතුමත් - හිමි නමත්
සෝක පණිවුඩ තුනක් ඒවා තිබුණා මිසක
මගේ හිත හැදෙන්නට පුංචියට හරි යමක්
කියා යන්නට කියා ආවෙ නෑ මළගෙදර..."
                   (සැළලිහිණියෝ උඹට කොහොම සතුටක් ඇත් ද ? )

"කුඩා ගැඩවිල් පුත
උදලු තලයකට පුරුද්දක් නැත
හඳුනගෙන
පස සරු කළ සහ නොකළ උන්ගේ වත
තව තවත් හාරගෙන
අඳුර තුල ගිලී යනු මිස
ඉහළ එළිමහන වෙත
යෑම නුසුදුසුය පුත"
     ( ගැඩවිල්ලු )

"ස්ප්‍රේ ගන් එකක් පිරෙන්නම
වර්ණ මූනිස්සම් බහාලමි
ලොරි බොඩිය වෙත ඉලක්කය ගෙන
දිගට හරහට වෙඩි තබන්නෙමි
සොඳුර ටින්කරින් ශිල්පය නම් මෙයය"
          (ශිල්ප දැක්වීම )

"නිදි සුව බින්ද මැඩියා
අන්දරේගෙන් මැරුම් කෑ පසු
මහරජ සුවෙන් සැතපෙයි

ඒ වුණත් අන්දරේ
රෑට හීනෙන් බය වෙයි
....."
  (අන්දරේ නැවතෙයි තිගැස්සි )

කෙනෙකුට මෙම කෘතියත්, "හැටේ වත්තේ මග්දලීනා" කෘතියත් ඇවැසි නම් යුගයේ අවශ්‍යතා අනුව - මේ කාව්‍ය සංග්‍රහ එළි දැක්වුණු කාලය අනුව - පෙරළියක් වෙනුවෙන් ලියැවුණු පූර්විකාවක් ලෙස ද දැකිය හැක. මට පෞද්ගලිකව එවැනි පුසුඹක් මෙම කාව්‍ය කෘති දෙක තුලින් වහනය වුණි. වඩා සාම්ප්‍රදායික තැනෙක සිට කවි රසවිඳින මට, පසු ගිය කාලයේ මීට වැඩියෙන් රසවිඳි කාව්‍ය සංග්‍රහ හමුවුණි. එහෙත් කවිය නම් මෙයයි කීමට අපට නොහැක. ඒ ගැන කිසිවක් නොදන්නා මට කොහොමත් ම  නිගමනයන් දිය නොහැක. මට කීමට හැකි වනුයේ, විෂයානුබද්ධ ඒකාකාරි බවක් නිසාත්, කර්කශ බසක් නිසාත්, මෙය පාඨක මනස චමත්කාරයට ගෙනයෑමේ බලාපොරොත්තුවකින් නොව, පොදු ජන හදට, බසට, ඔවුන්ගේ ප්‍රශ්න වලට වඩා සංවේදීව නිර්මාණය වූ කාව්‍ය සංග්‍රයක් ලෙසට ය. දැන් දැන් අප රට බොහෝ කාව්‍ය සංග්‍රහයන් මේ නිර්මාණ ආකල්පය පවත්වා ගනිතැයි මට සිතේ.

Friday, 15 January 2016

Master Georgie - Beryl Brainbridge





"Beryl, was on another level
( Beryl, every time they’d overlook her )

Beryl, the tobacco overtook her )          
When she got a Booker medal
She was dead in her grave
After all she gave       
It’s too late, you dabblers

It’s all too late"           
                 ("Beryl" - Mark Knopfler)

     
 
Five times the Bridesmaid, but never the Bride. When she did become "The Bride", "she was dead in the grave". Posthumously "they" did award her a Booker, a special award to the one they thought was the best among her five nominees, which "Master Georgie" managed to win." Master Georgie,  was, somewhat obviously, the book chosen to read.  I, myself heard of Beryl through Knopfler's song, , from his amazing 2015 album, Tracker.( Mark Knopfler performing "Beryl", with an afterword about the Authoress )

It is a book of concise length, running not much more than 200 pages. A novel based on the Victorian times, we find the four main characters in the forsaken fields of the Crimean War, half way through book. The descriptions on the fields of war are gory, misery-stricken and somewhat grotesque. Yet, the reader feels, as if the author has made an effort, to make the incidents appear everyday, unattached and with a sense of passivity. While Suffering is common in such a place as a war field, those who are not injured, or their closest not injured, or dead, would find their days rolling amidst the misfortune and misery of others and the wheels keep turning. The narration style with respect to the misery, reminded me of Auden's poem,
"About suffering they were never wrong,The old Masters: how well they understoodIts human position: how it takes placeWhile someone else is eating or opening a window or just walking dully along"

For example feel the sense of the unattached in the following extract: 
"They carried in a drummer boy a few nights back. He was not above twelve years of age and had been put to work in the trenches, there being so many casualties. In the act of shovelling up dirt, body bent and his right hand holding the handle of the spade, he was struck by a round shot which passed between his legs, laid bare an artery and ripped off his cock and scrotum. They hadn't been able to bring him in right away owing to the ambulance wagon getting stuck in the mud. He was put on the table, where he jerked like a fish on the hook"

The misery is present, but the pain is dilute as the narrator - one of three in this novel -  Pompey Jones, ( a street urchin from London and a  gay lover of George's through strange circumstance, who makes good and turn up at the Crimean war front, as a photographer - an art he learned from Georgie - himself an enthusiast), tells us this unbearable story. This passivity is not something confined to this narrator - Myrtle, an adopted member of the Hardy family, hopelessly in love with George, so much so that she had won him over from his other orientation at times, has a similar tone when she recounts, thus:

"A single beam of sunlight pierced the branches, framing in shimmering silver the outline of a man standing in the middle of the path. As we drew nearer he made no attempt to step out of our way and we were forced to rein in the horses. He stood with his arms wrapped about himself, as though he was cold, and stared past us. Following the direction of his petrified gaze, I swivelled in the saddle and looked behind. The country boy still sat with his back to the tree, only now the pink had quite gone from his cheeks and his skin was mottled, like meat lain too long on the slab. He hadn’t eaten all the cherries; flies crawled along his fingers and buzzed at his mouth. There’s a sameness about death that makes the emotions stiffen – which is for the best, else one would be uselessly crying the day long. "
But this atmosphere of being distanced and unattached, to the horror and misery on the ground, is but only one aspect of the novel. From page 1, the book moves forward at  quite a trot, and if one is not careful, one can miss an important part, for these are not given prominence, in the matter of fact narration,  but appear within the same dense roll-on, with a minimum fuss. The authoress herself has apparently stated that this book needs to be read three times to comprehend ( I didn't - I think I grasped most, in a slow single read, for I do not have time or the effort for three readings of a novel ).  For example, the real connection between Myrtle and George Hardy, is mentioned with the least amount of emphasis.


The third narrator is George's philosophical and Libidinous Brother-in-Law,  His narrations are that much more analytical, and I found gives the book an essence of weight against, the somewhat passive tones of Myrtle and Pompey Jones - for both of whom it is only the personal accounts which carry weight. For Potter, it is a comparison against history. In this sense too the authoress appear to have chosen her narrators carefully to give it an overall balance. There is also automatically a fourth point of view- that reads the accounts of Myrtle, Pompey Jones and Potter, constructs George Hardy from therein and builds a bird's eye view of the total narration. That is of the Reader - you and me. Note that George, the main subject is never the narrator. We see him through the eyes of three people, related to George in various degrees of affection and guilt. Through the eyes of the street urchin, who is grateful for what has been done for him, yet grudges the ever present disrespect ; through the eyes of Myrtle, in whose eyes "Master Georgie" can do no wrong, and who is ready to do absolutely anything for him. And Potter, who regards Georgie as a tempestuous fool, a feeling somewhat similar to how George regards Potter, except for the tempestuous part, with pomposity replacing the adjective. 

This is not an easy breeze of a read. It is a novel with many a technique of the art condensed, a dense narration and with a subject matter as painful as can be, but painted with a brush, at times  nonchalant, and  at others brazen, but almost never emotional,  If there is anything missing, it is the emotions, and I am quite convinced that this is not a defect . Sure, there will be much of that on the reader's minds as she constructs the full picture. But the distanced feel that the authoress gives out through the narration reminded me  of Hemingway, especially on "Farewell to Arms". Virginia Woolf's method of narration, as she employed in Jacob's Room can be detected too, but it has to be conceded that "Georgie" is much much more present in these accounts, than Jacob ever was.  




Thursday, 7 January 2016

Dance of the Happy Shades - Alice Munro


"Memory is the way we keep telling ourselves our stories - and telling other people a somewhat different version of our stories." ( Alice Munro)


This is the second of the short story collections  I've read of the Nobel laureate, and apparently her first ever short story collection published.  Munro first published this collection in 1968.



 These stories are set either in  a bleak environment- either freezing cold, either desolate as a grave yard, or even when it's get crowded never more than  a small town where every one knows everyone. Most of it is  based in Jubilee (wherever that is - I think Jubilee is  featured high in "Runaway" too .  ) The title of the book is a misnomer, since happy shades are very few and far between in this collection.  I am not in anyway inferring it is sad collection of stories, but the subtle descriptions, the episodes either tragic, either inevitable,  and even when it is happy (comparatively - I could identify  three, when I was very label with the label ), the overall mood of melancholy is weighty - it is as if  an unbearable content of overnight dew  is making  the leaves wilt - a phenomenon that leaves are addressed by nature to handle ).   Munro is never afraid to show the vey human ugliness at it's worst. Even when there is reason not have a feeing of despair bound with the stories, they come out as a victory after a struggle , or from a gory set back. Apparently Munro, hails from Huron County where her father raised foxes (and later Turkey ) and to her it was a most interesting of places. Huron county is deeply embedded in her stories that it is even referred to as Munro County. Some of the ingredients of these stories are from the Wingham (where  she grew up ), and the people are not exactly pleased, detecting traces of their lives in it.



(Summary of  the tales with hardly any "spoilers" ) Here we find husbands finding temporary solace in old flames, and the children concurring with their father, for they comprehend what the father has to bear with the mother - we come across  daughters who had fled from ailing mothers trying to save themselves, but unable  to,  despite their efforts   - we find ourselves party to a modern and new set of neighbours  who plot to  drive  out  the last old neighbour with her old fashion ways  and methods ( or rather the lack of it ) - there are girls with cool stares whose love & hate for their grandmothers could wish them dead, and yet congratulate granny for her steel, in death - poverty stricken families, in which the girls are "available" , and they on their part can do nothing more than show sarcasm - the sudden pace with which a tomboy turns to a proper girl ( one of the more pleasant stories here, despite the gory background ) -  the unbearable weight  of an accidental death of a child, on his sibling  - how  the mind of a child reacts to an illness ( and death ) of a friend, albeit an insignificant one - coming to terms with parents with whom an adolescent has hitherto been uncomfortable, an appreciating them (another happy tale - see I've been very generous)  - the slow revelation of the mind of a weird man to his lady tenant, whom he stalks   - how an "almost"  engagement broken unceremoniously becomes news in a small town, and how the injured party reacts to it - how a once respected piano teacher attempts to sustain her societal place despite her change of her fortune, going an extra mile at her own cost - and how an adolescent's first raw experience with drink, serves up to be a cure for her in a small town, despite all the temporary fuss.



Through these stories, the reader becomes a resident of Huron County, with all it's bleakness, the cold, the loneliness, the beauty of grass fields, the barns, the creeks . It is simultaneously beautiful to imagine, but too cold and lonesome to bear (If anyone is contemplating migrating to Canada, they may think twice ).  Most incidents which work as the core, are nothing more than an a mere happening in a provincial town - it is the author's ability to bring herself to become a character around that core happening, narrating it in first person, capturing the nuances, the moods, the weather , the smell of the barns, the darkness in the shaded living rooms, the grind of the gravel as they walk along the creek, the subtle hopelessness, the animosity, the paranoia of these friends, relations etc.  which make this collection so organic.  In all of these stories Munro doesn't fail to highlight the human aspect, mostly through its' failings, in these every day characters.  We can relate to these human failings, the human natures which make this a wholly rewarding read.


If you love subtle, unrushed, organic narrations with the challenges that humans face-people of all walks of life, from little girls to the ailing old presented as if you were party to these characters, don't miss out on this.  I am tempted to break my resolution of keeping to my Reading plan, and starting forsaking  such masters as Camus, Dostoevsky and Eagleton with whom I've already started on a journey, to live another  a week or so in cold, desolate Huron County with Alice Munro.  

(Pictures : Munro's childhood home in the outskirts of Wingham ; Munro walking along the Huron ; Book Cover ) 

Wednesday, 23 December 2015

Strange Fruit and Weird Fishes


One of the books I thought I'd wind up this year with, was Afdhel Aziz's "Strange Fruit". Here is my take on the book, but not before I go a bit down memory lane.



A bit about the author: Afdhel Aziz, although personally not known to me, was ipso facto a very familiar name, given that he was a DJ at TNL - the channel which was "always-on" in the background, whenever I was at home. from the early-mid nighties till around the early 2000's. TNL and Yes FM were the stations that were popular, at that time. Yes FM was for the teeny-boppers, and TNL was for those with a more refined taste ( I have no idea what these radio stations do now). Most of the DJs were known to me by their names as was their styles of conducting the programs - from Afdhel Aziz to Ed, to Wendall, to Fiona, to Angel Wildheart ( my favourite - she did the 10 pm to 1 am slot with her amazingly relaxing voice; the show was called the Quiet Storm ) - there were quite a few more, but I've forgotten their names or the names they went by. Afdhel Aziz was known to be pally with Ed, and together they did a program on Friday evenings - I forget the name of the show -was it the completely different Radio show ( with it's comical feature"Silent FM" )? Then later he was doing a morning show from 5 am and there was this limerick about how he drove like a zombie from Jawatte to Bambalapitiya for the Radio show. That was later, and I don't remember actually listening to the program. Given that my fetish for music ended with listening to  it  whenever I had half the chance, and never was and still isn't a party man or night club type of guy, I had never met these guys. But I really appreciated what they did. They introduced us to really great music, the tit-bits, and into pop-rock culture which only existed in our minds,and between us and them, over the air waves. I had one thing in common with Afdhel Aziz - that he is a Prince fan ; and so am I. And fans of Prince, even among the few  who dug pop music in the 90's were kind of outcasts, for people went for looks of the stars,  before their music (and they still do.) And a Prince fan is a proud man/woman because they know that they have gone beyond the obvious visible appeal, to something deeper - the music itself.  And his show on Friday with Ed ( heck , I forget the name ), always, always had something about Prince. If I remember right, he even wrote a small article about a Prince concert he had attended in London - this was in the "Diamonds and Pearls" album days - even the title somehow registered in my mind ; "Purple Reign, Rocks On", was it ? Maybe I am mistaken about the authorship, but I suspect I ain't.

Reading the Book and into the book: Later I heard that he was writing poetry and may have even heard that he won the Gretien award for a collection of poetry. However Strange Fruit was introduced by a fellow book worm in my Face Book Reading Group, and given the author I had no hesitation in buying it the first chance I had. So what do I think of the book and what do I feel about his work? I feel it is semi-auto biographical. The Anglicized Sri Lankan Youth of the 1990s' with an English Literature Degree from a British University under his belt, partying, DJ'ing, enjoying life, yet trying to make sense and discover life within all these Beats, in a newer relatively more liberal CBK era, looks a lot like Afdhel himself. I stop there in trying to conjecture the similarities, for I don't know, and wouldn't have means of knowing  on how close the author was personally involved, for the remainder of the story - besides it is unfair to assume. Yet, looking back on how I, myself too lived back in the nineties, one thing that I cannot deny is that the war that was being fought, didn't really involve us - or so we were made to feel. Somehow this was much much different to the mood from 2005 on wards, when a bus conductor and a driver who saved hundreds of lives were virtually heroes.  Either it was how the Nation was made to feel back then in the nineties, or our own Anglicized Schooling background - possibly a collection ofboth. Bombs went off - I too have lost relations, and some are maimed for life, but those are personal tragedies. As Malik puts it - "Accidents" - because you were at the wrong place at the wrong time, or that was the popular saying at that time. There are bombs going off, and if you were unlucky you'd be part of it. Kind of  "Shit Happens" - so let's move on - By the way Hallo'ween night is this Friday at the CR&FC - this was the mood in Colombo. Afdhel, probably not meaning to capture this rather selfish mood, as nakedly and raw as it really was, has somehow done just that. War is never pretty. And war when fought halfheartedly as we did in the 90's under Chandrika ( who shamelessly claims she "won" 75% of the war during her time - a period of eleven years, an Avant-Garde era as author Kaushalya Kumarasinghe rightly identifies - probably the  only good thing about that era. ), is much more than just ugly - it is stupid too. One feels sorrier for all those who made the ultimate sacrifice back then.  Malik identifies a patriot as someone who dies for strangers. All those soldiers of the Sri Lankan Forces, and at least a part of the LTTE cadres under illusion, did just that. They died to protect strangers - some of them, scholars, who be-little  their sacrifice, identifying the Military as a place for those not good enough to do anything else,  end up in. So I am kind of glad that Afdhel has been frank about how the country's mood was back in the 90s. I am almost sure that he didn't bargain for the between the lines revelations, but it happens. 

Afdhel captures, safely under the label of fiction, instances of the what looked like the military supposedly killing women and children under detention or kept under force - the details of who they were, why were they killed, who the killers were and whether it is pure fiction is left for assumption. In fact these particulars aren't important in the light and mood of the author's narration. The War is just a background for the narration, for accidents to happen, and the finer details aren't important. And a youth of the nineties especially don't need to worry about the repercussions that such a tale can imply.  I do accept his right to tell his story, his own way. But somehow I now see Afdhel in a different light - kind of more narrower in mind  than I saw him in my mind, never knowing what he looked like, while he did all those Radio Shows. I feel that at least one of the accusations that Afdhel makes from the safety of fiction, is too strong, and personally I find that unacceptable.

The Main tale that Afdhel tells is, about the fictitious Malik finding his Love, and how and he and Maya saves it. Even when the accidents of war spoil their "honeymoon", even while the extra-judiciary arms of the forces almost kill them. I suppose for one who lived that life in that "speed" (?) , it is a remarkable tale to tell. And it is well written, although at times in the middle parts, especially those early parts of their "last trip", the book tends to go on about the fast life, in a slow, particular way. It has it's beauty too, unmistakably. And all chapters start with a part of lyrics - hence we see parts of lyrics from Radiohead to Peter Gabriel to Simple Minds. Most subsections remind the knowing reader, song titles ( "All apologies" Nirvana, "Us and them" Pink Floyd, "a long December" Counting Crowes, "Night swimming" R.E.M., "Morning Bell" Radiohead  ) these are like Raisins in your Ice Cream, if you know where from they are, and it adds up to the flavour. It is that kind of book. To be appreciated by those, who blanket comment the war, but particularise on songs, titles and parts of lyrics. And I for one - probably a part of a handful of those, if that - who identifies where the author comes from, appreciates his stock, while unhesitatingly stand with the war effort with all its' ugliness - for they fought for strangers like me.  So that my kids don't instill the fear that my absence from home instilled in my parents. I guess Afdhel's type are "weird fishes" ( to quote Radiohead) - but maybe its' me, more than he - I may even be a more  weirder a fish than he. Maybe I am made up of two incompatible halves.

P.S. In a world where the global Policeman is subtly excused of whatever atrocities they commit, in a global climate, where that true objectivity with regards to Human Rights I feel am yet to witness, I will not sympathise with a "Holier than thou" attitude. Maybe one day in my grand children's time, the world may progress to a kind of objective stand about human rights, which convinces all and sundry. I choose to be cynical about it in my lifetime.

Thursday, 17 December 2015

American Gods - Neil Gaiman


Read what is supposedly Neil Gaiman's best novel, American Gods. Using the same medium that I used for the previous book I read of his, ( Ocean at the End of the Lane ), that of an audio book, I did a skim-read of an e-book, upon completing the audio version. The sheer size of the work, the various nuances that the book contained and the encyclopedic history ( I didn't try to do research on all of the Gods, and like characters that the book contains,but yet ) warranted it.

As a pure story, with mystery, fantasy, history, a little horror and culture, nurturing the narration, contribute to a thoroughly enjoyable read. If one is interested, they could dig up the origins of all these Gods. The book as a whole is dense with ideas, and I reckon needs to be appreciated for what it is, rather than trying to decipher a single main idea. The audio book that I listened to has an interview with the author in which he quotes a joke (not the funny kind ): "England is a Country in which a hundred miles is a long way,and  America is a country in which a hundred years is along time." The essence of this statement is that if you travel long enough in America, you can find the histories of all the people,along with their beliefs scattered across the country. Hence we can see the gods of the immigrants of the Irish, the Norse, Egypt, the Middle East, Africa, Japan, China and so on. If we have a reader among us who would want to dig deep and find out about the histories of these immigrants, this novel will provide the perfect platform. I am sure this will provide germs for them scratch their heads for months. I for one, appreciate this opportunity, given that I have a never ending reading list staring at me.

There were at least two ideas that made an impression on me, in American Gods.

1- Most, if not all Gods, used to need sacrificial blood to sustain in the minds of their followers. The Gods in "American Gods" now appearing in human form, albeit with some not so apparent powers, stress this need for sacrifice. Hence, one cannot help but wonder, how much lives have been sacrificed over the years, for these beliefs. I was reminded of the sacrifice of Ikemefuna on the dictates of the Oracle, in Things fall apart.

2- How Science and Technology having replaced these mythical Gods, are changing at such a rapid speed that any technology can nary hold its' position of wonderment in the eyes of man for a decade, if that.

American Gods is both a picaresque book and a road trip book. If it wasn't for the fact that I was listening to it, I'd probably have The Rambling Man ( The Allman Brothers Band ) and Wiser Time (The Black Crowes ), playing on the background, especially when Nancy, Chernoborg and Shadow take the road trip in their VW mini Bus.

I mayn't have enjoyed, or more precisely started on  this book if it was billed from limited reading time. Given that I listened to it over a month or even more, while driving to and from work, sometimes stuck in the Doha traffic, it was indeed a rewarding experience.

Who would enjoy this book ? Anyone who is not restricted to the constrains of reality, who has a taste for history and culture, and anyone who has taste for a good old winding yarn, with many a twists, and the end not visible for many a hundred pages. 

I shall not hear the Nightingale - Khushwant Singh






One of the novels I read recently was "I shall not hear the Nightingale" - the second novel found in his omnibus collection, "The Collected Novels", by Khushwant Singh. I found it to contain some insight integrated into the novel, on how the English (especially when they were rulers and administrators ) think and act, the actions that they respect in the locals that they associate with, and the gap between their thoughts and what especially the Brown Sahibs think matter in their superiors opinion. Without causing "spoilers" for any prospective readers, the fact that it was Sabhrai, the non-English speaking wife of Buta Singh who made the most impact on the Taylors, sufficient enough to make a most important decision favouring the Singhs', goes on to show this point. Besides, the author shows how the rest of the family are lost in their own worlds - self indulgent, serving their egos, while the uneducated Sabhrai is possibly the only genuine person. It is a pointer to show how the genuineness of a person makes an impression that cannot be denied. In effect these qualities of a class, who directly interacted with the English are shown in such a context, I felt that this show casing this must have been one of the prime objectives of the author. For example, look at this observation that the author has made, to portray how much Buta Singh's son Sher, and his daughter-in-law Champak live in their own worlds:
"Sher Singh and his wife were too full of themselves to listen to each other's tales. They both abandoned the attempt."

Bhuta Singh, the efficient magistrate who had won the respect of Taylor the deputy commissioner, is so absorbed in his own importance. The author makes another observation which would've been a somewhat prominent one, for him to make it and stress it. It is tantamount to insisting on the importance of genuineness.
"Presiding over the two extremes was his father with his conveniently dual morality:'keep up with both sides.' For him loyalties were not as important as the ability to get away with the impression of having them."
The other aspects that I enjoyed in this book, are the observations from the author about the way of life of an Indian. He makes two such observations, both related to rain.
The first is about the Monsoon (which figured prominently in another book from another Indian, an authoress, Anita Desai, which I just completed - so the Monsoon is pivotal to the Indian.)
"To know India and her people, one has to know the monsoon. it is not enough to read about it in books,or see it on the cinema screen, or read it in books, or see it on cinema screen, or hear someone talk about it. It has to be a personal experience because nothing short of living through it can fully convey all it means to a people for whom it is not only the source of life, but also their most exciting impact with nature.What the four seasons of the year mean to the European, the one season of the monsoon means to the Indian."
The fundamental difference with which the European and the Indian looks at Rain is the second observation.
"An Indian’s attitude to clouds and rain remains fundamentally different from that of the Europeans. To the one, clouds are symbols of hope; to the other, those of despair. The Indian scans the heavens and if cumulus clouds blot out the sun his heart fills with joy. The European looks up and if there is no silver lining edging the clouds his depression deepens. The Indian talks of someone he respects and looks up to as a great shadow, like the one cast by the clouds when they cover the sun. The European, on the other hand, looks on a shadow as something evil[…]. An Indian, when the rains come, runs out into the streets shouting with joy and lets himself be soaked to the skin. "

If one enjoys the way that Khushwant Singh writes, not probably a novel in its' most theoretical presentation as it were, but in his own winding way - narrated through an identified third person, once in a while taking off to present a cultural insight - then one is likely to enjoy this book. To me personally, although it didn't supersede "Train to Pakistan", it is indeed an important work of fiction that can proudly carry the author's credentials.