ඉහත නමැති පිටු සියයක ට අඩු කෙටි නවකතාව කියවූවෙමි. එය 2012 ප්‍රකාශ වූවකි. කිනම් හෝ හේතුවක ට එය ප්‍රකාශ වූ වසරේ හෝ 2013 හෝ එය කියවීම මගහැරී තිබින. බොහෝ විට ඒ පිළිබඳ එතරම සංවාදයක් නොවෙන්න ට ඇත ; මා ඒ වන විට රටින් බැහැර වීමා ද හේතුවක් වන්නට ඇත.
සුවනේරිස් හෙවත් සුමනසේකර, හෙවත් සෝමදේව, තම කුල හීන ආරම්භයේ සිට විවිධ ජීවන අවදි පසු කරගනිමින් අප රට විදෙස් තානාපතිවරෙයෙකු බවට පත් වූ අයුරුත්, ඒ හා සමගාමී ව අප රට ඒ අවධි වල ක්‍රියාකාරි දේශපාලන සිතුවිලි ධාරාව වෙනස් වූ අයුරුත් මෙහි ඉතා හොඳින් පෙන්නුම් කර ඇත.
රචනාවේ ඇති ප්‍රමුඛතම සාධනීය ලක්ෂණය නම් ඒ ඒ දේශපාලන මතවාදි සංක්‍රමණ තුල මතුවන චරිත ඔස්සේ අගතිගාමි නොවී ඉදිරියට ගලා යාමයි. ඒ අනුව රාජය නොවන සංවිධානයක දෘෂ්ඨියෙන් කතාව දිගැරෙන සඳ පාඨකයා ට සිතෙන්නේ ඒ මතවාද වරදක් නැති බවත්, ඔවුන් සාමාන්‍යයෙන් පිළිගැනෙන ආකාර අගතිගාමි නොවන බවත් ය.
චන්දිකා යුගය ගැන කියැවෙද්දි ඈ කෙරෙහි අගතිගාමි දෘෂ්ඨියකින් බැහැරව ය ( හෙවත් අමරසේකර ට අයිවන් ට තරම් චන්ද්‍රිකා කෙරෙහි වෛරයක් නැති සෙයකි ). ඇය ඒ අවස්තාවේ දි ක්‍රියා කල අයුරු, එම කොටස කියවන කල්හි සාධාරණ යැයි සිතෙන අයුරින් රචනා වී ඇත. ඇගේ දේශපාලනයෙන් බාහිර "කුණු" රස සොයා ගොස් නැත.
"මේ සැරේ තමුසෙල එක දෙයක් කරන්න ඕනෙ.. මේ සැරේ බණ්දාරනායක අනුස්මරණ දේශනයක් පවත්වන්න ඩොක්ටර් සෝමදේවට ආරාධනා කරනව...ගිය සැරේ කවුද ජාතිවාදි පිස්සෙක් නේ ද ඒක කළේ... ඒ මිනිහා කිව්ව නේද ඕක ඔළුවක් නැති කවන්ධයක් ය කියල.. ( පිටු 74-75 )
මේ කියවෙන්නේ අමරසේකරුන් ගැන ම ද ?
ගමේ පන්සලේ හාමුදුරුවන් සහ විදුහල්පති පිළිසඳරේ යෙදෙන්නෝ, ඔවුන් සිංහල බෞද්ධකම තුල වටිනාකමක් දකින්නේ එහි භාවිතාවේ විවේචනයක් ද සහිතව ය.
මේ සියුම් ලියවිල්ල මට මතක් කර දුන්නේ සමහර නූතන ලේඛකයින්, තම මුළු ලියැවිල්ල පුරාවටම තම මතවාද වලට විරුද්ධ අයට "ටොකු ඇණීමේ ව්‍යාපෘතියක්" ක්‍රියාත්මක කිරීම ය. "මැද පංතියේ කතාන්දරයේ" අග කෘති තුන තවම කියවා නැති හෙයින් අමරසේකර මින් ඔබ්බට ට චරිත සහතිකයක් දීමට ( ඔහුගේ ලේඛක ක්‍රියාකලාපය තුල දි ) ඉක්මන් නොවන මුත්, අමරසේකරගේ පරිණත කම හේතුවෙන් තම ක්‍රියාවලියේ වඩා සියුම් ව යෙදෙනෙවා වීමට පුළුවන.
අවසන් වශයෙන් කීමට ඇත්තේ හැකි නම් සොයාගෙන කියවන ලෙසත්, මා මෙය පුස්තකාලයෙන් කියවූ මුත්, මා ගේ පිටපතක් මිල දී ගැනීම ට බලාපොරොත්තු වන්නේ, මෙවන් පොත් වෙත නැවත නැවත ආගමනයේ යෙදෙන නිසා බවත් ය.
No comments:
Post a Comment