Saturday, 24 October 2015

ප්‍රේමයේ පූර්ණ වර්ණාවලිය රැගත් "තෙමි තෙමිම මම"



තෙමි තෙමිම මම - දමිත් උදයංග දහනායක
===================================
*****


   සමහර පොතක් මා කියවන්නේ මුහුණු පොතේ "පොත් කියන අය" කණ්ඩායම හෝ සාහිත්‍ය ක්ෂේත්‍රයට සබැඳි ප්‍රවීණයෙක් හෝ, ඒ පොත ගැන වර්ණණා මුඛයෙන් කථාකල විටය. එහෙම කියවූ පොත් අපමණ ය. එම කුලකය ට එක්කාසු වූ අලුත් ම පොත දමිත් උදයංග දහනායකගේ "තෙමි තෙමිම මම" නම් වූ අපූරු කාව්‍ය කෘතියයි. මේ ගැන ඉතා අපූරු විචාරයක් අමරකීර්ති ලියා තිබුණි. ඊට අමතරව අන් බොහෝ අය මේ කෘතිය ප්‍රශංසා මුඛයෙන් ද වනා තිබෙනු දුටිමි . මා ළඟකදී සාහිත්‍ය ගැන විශේෂ උනන්දුවක් නැති මගේ ළඟ මිතුරෙකු ලවා මෙහි  පිටපතක් ගෙන්වා  ගත්තෙමි. පොතේ කවි කෙතෙරම් රසයක් ජනනනය කිරීමට සමත් ද යැයි කිවහොත්, නිකමටැ පිටු පෙරළු ඔහු නතර වූයේ පොතෙන් අඩකටත් වඩා කියවා ය. මේ කවි එතරම් රසවත් ය. මේ කවි එතරම් අවංකය ( කලායුරකින් අමරකීර්තිත් සමඟ එකඟ වීමට අවස්ථා ද ලැබේ ) , නිර්ව්‍යාජය. කවියා ප්‍රේමයේ පූර්ණ වර්ණාවලිය ම මේ තුල කවි වර්ණගන්වා ඇත; ඒ හරහා තම කෞශල්‍ය විදහා දක්වයි. සිතින් පමණක් කෙරෙන බොළඳ පෙම, සිතින් පමණක් කෙරෙන අසම්මත පෙම, විඩාපත් පෙම, ඇහිරුණු පෙමක් ගැන ලත වෙමින් පබැඳුනු කව් මුතු, වෙනස් සමාජ තල හරහා උපදින ප්‍රේමනීය සිතුවිලි, ප්‍රේමයේ ආනන්දනීය අත්දැකීම්, ප්‍රේමනීය මතකයන් ආදි වශයෙන් සියළු ආකාරයේ ප්‍රේමය හා බැඳි අත්දැකීම් අප කවියා තම කාව්‍යමය වර්ණාවලිය තුලට ග්‍රහණය කර ඇත.  මෙහි එන සියල්ල නොවුනත් බොහෝ අත්දැකීම්, හැඟීම්, ළතැවිලි, ආනන්දයන්, පශ්චාත් තාපයන් අපි ද ජීවිතය පුරාවට ප්‍රේමය සම්බන්ධයෙන් විවිධ අවස්ථා වල විඳ තිබෙන්න ට පුළුවන. ඒ ඒ අවස්ථා වලදි අප සිත් තුල ජනිත වූ සිතුවිලි, අපට මතක් කරමින් කවියාගේ කවි කම් හරහා රසාස්වාදයක් ගෙන ඒමට සමත් කවි එකතුවකි. මෙහි කවි නිර්ව්‍යාජය, මහත් ඉහළ තලයේ භාෂා භාවිතාවක් නොදැක්කෙමි (එවන් භාෂා භාවිතාවක් අද වන විට දකින්නට ලැබ්න්නේ අමරසේකර, නන්දන වීරසිංහ, අතුකෝරාළ ආදි වශයෙන් කිහිප දෙනෙකුගේ පමණක් බව සැක කරමි - එය අන් මාතෘකාවක ට කාරණයකි ), එහෙත් හදබසකින් තම අවංක සිතුවිලි ගැන කියාපාද්දි එතරම් වියත් භාෂාවක් භාවිත නොකිරීම ගැටළුවක් නොවේ යැයි සිතමි.

නිදසුන් කිහිපයක් හරහා ඉහත කී කරුණු පසක් කරමි.

ප්‍රථම ප්‍රේමය බිඳ වැටීම ගැන ලත වන්නියක ගෙන්, එවන් අත්දැකීමක් ඇති කවියා මෙසේ විමසයි:
"ප්‍රථම ප්‍රේමයේ මල සිරුරු හොවාගෙන
යන්නේ කුමටද ගෙන් ගෙට
සොයන්නට අබ ඇට" 

එක්තරා ප්‍රේමණීය සිතුවිල්ලක දී, කවියා තම පෙම්වතිය ගෙන් මෙසේ විමසයි. සමහර විට ඔහු ඇත්තෙන්ම විමසන්නේ නැතුව ඇත - එහෙත් එවන් සිතුවිල්ලක් මෙසේ සිතේ කරක් ගසයි.
"නිකංවත් හිතුවේ නැද්ද ඔබ
හදවතට හදවත බැඳෙන
අපි අපේම කරගන්න
සම්මතේ මාවතේ වෙලී ඇවිදින
ඒ ගමන හැර ගමනක්"

ඉන්ගිලිසි කථා කරනා සමාජයේ කෙල්ලකු දැක, විෂ්මයට පත් වන කොල්ලෙකු ඔහුගේ විෂ්මය කියා පෑමට භාවිතා කරනා වචන ඇත්තෙන්ම නිර්ව්‍යාජය. එපමණක් නොව එහි සියුම් හාස්‍ය රසයක් ද කැටි කොට ඇත. ඒ අතරම මේ අහිංසක විෂ්මය තුල සමාජ පරතරය කිසිදු බරක් නොමැතිව කවියා මුසු කොට ඇත්තේ, පාඨකයාටත් නොදැනෙන්න ඔහුට හෝ ඇයට ඒත්තු වන ආරකිනි. මට නම් කවියාගේ ප්‍රථිභාව ට මේවා ඉතා අපුරූ නිදසුන්ය:
"වචනමත් නෙවෙයි ශැල්වින්
ඔබේ කටහඬයි ඉංග්‍රීසි
රෑ පුරා මට ඇහෙයි
ඔබ ඉංග්‍රීසියෙන් හිනාවෙන හැටි"

වරෙක එක් ආනන්දනීය අත්දැකීමක් සිහි ගන්වමින් ඒ සුන්දර මොහොත තුල කවියා නැවත නැවත ජීවත් වන්නේය. එම අත්දැකීම හා වර්තමානය හා ගැලපෙන්නේ කවියා එම මතකය වටිනා සෙයාරුවක් මෙන් තම මතකයේ තුල සිර කරගෙන ඇති නිසාය:
"ලපටි මතකයන් අද්දර
නුහුරු ගමනක විඩා සැනසුව
සිනාවක මහිමය
කවි කොලයකට ගන්නේ කොහොමද?" 

සමහර සිද්ධිමාලාවන් ජීවත්වන තුරා මතකයේ රැඳෙන ඒවාය. කවියා එවන් අතීත මතකයක් මෙසේ කවියට නගන්නේය:
"තාමත්
ඉඳ හිට
ගමට එන විට
ඔබේ ගෙට හැරෙන පටු පාර දෙස
හිස හැරෙන එක
උවමනාවෙන් තොර
සංසාර පුරුද්දකි එය"

කවියා, ප්‍රේමයේ වසන්තයෙන් බොහෝ කලකට පසුව, තමන් හා සිය පෙම්වතිය අතර ඇති වූ දෙඩවිලි ගැන මතක් කරන්නේ, වර්තමානය ගැන මෙසේ උපේක්ෂක වන්නේ ය:
"හුදකලා හමුවක උනත් දැන්
සාමාන්‍ය දෙබස්මය
කොහිද
අර පපුවටම බහින සීතල වචන?"

වරෙක රාගික සිතුවිල්ලක් ඔස්සේ තම සිතෙන් පමණක් ඇය ප්‍රශ්ණ කරන්නේ, අසම්මත පෙමක බලාපොරොත්තු මත කල් ගත කරමිනි:
"නිදිබර බැල්ම තැවරුන
හෙම්බිරිස්සා කටහඬින් අඬගානකොටත් ඔබ
නෑවිත්ම හිටියත්
තෙමි තෙමි ම මම
හිතෙන්නැද්ද ආයිත් දවසක
තෙත බරිත හවසක
අහම්බෙන් වගේ හම්බ වෙන්නට"


මෙය මෙසේ ලියවෙන මොහොත වනවිට අප රට සියළු සම්මාන උළෙල අවසන්ය. ඉන් කිසිවෙක "තෙමි තෙමි ම මම" කිසිදු ඇගයීමකට ලක් වූයේ නැත - ඊට හේතු කාරණා නොදනිමි. එහෙත් මෙහි එන කව් සිතුවිලි අඩු වැඩි වශයෙන් අප බොහෝ දෙනෙක් තුල තම අත්දැකීම් සිහිකරවන සුළුය. ඒ නිසා ම මේ අව්‍යාජ කවි සංකල්පනා තුලින් අපේ ජිවිත වල අත්දැකීම් දැකිය හැක. තව විටෙක ප්‍රලග්භමය ( daring යන අදහසින් ) ප්‍රේමණීය යෝජනා, ඇරුයුම්, දඟකාරකමක්, හාස්‍යයක් මෙන්ම සම්මත ලෝකයේ අයුතු යෝජනා ලෙස සැලකෙන ඒවාය. කවියාට තම කවි ලොව තුල මේ තහංචි නැත.  කවි ලෝකයේ, කවි සංකල්පනා තුල මේ සියල්ල ට ඉඩ ප්‍රස්ථා ඇත. ඉතින් කවි රස විඳිනා අප ද එම නිදහස සපයා දුන් කවි ලොව තුල මේ ප්‍රේමනීය ඇමතුම් කරන්නෙකු වේ - නැතහොත් එම ඇමතුම් ලබන්නි වේ. දෛනික ජීවිත රේල් පාරෙන් මොහොතකට එළියට යාමට තරම්  මනරම් අත්දැකීමකි, එය.

Saturday, 17 October 2015

Go, Set a Watchman- Harper Lee




Supposedly, Harper Lee, wrote "Go, Set a Watchman" before she wrote "To Kill a Mockingbird". But it is quite obvious that the final version that has reached the readers must be one, that has been edited to be in perfect harmony and consistency, with the previous publication.

In the book, Jean-Louise Finch aka Scout comes home for her annual vacation, and before long she finds it trying to come to terms with the changing face of Maycomb ( Alabama). The book toggles between Scout ( Jean-Louise when she was eleven, till about fourteen ) of yesterday, and the troubled Present.

The Present is a set of questions, during an era of change in the US of A, the impact to remote Maycomb being difficult for its' white population to bear, Hence we have a worried white population, an outright racist white population, a Black community that is hurt and a Black community which is doing its' best to manipulate the new conditions to its' ultimate advantage. On top of this we have Jean-Louise coming over from prejudice free New York, and who firmly believes that her father is right up there with God,

The Past bring the reader to the ruckus that Jem, Scout and Dil had as kids, coming to terms with adolescence, Proms etc. As a result these escapades to the pasts are relative play time for the reader, against a narration in the Present tense in which mistrust is the main ingredient in the Atmosphere. For I found that the reader could find himself either rooting for the ideals of Jean-Louise or the practical dilemma that Atticus had to handle. It is safe to assume that the outright flavour of racism, as condoned by Alexandra is no longer acceptable to a larger majority of the people today, for the inherent mockery it brings is a type that no one likes own up to. New characters, Uncle Jack and Henry Clinton, especially the former bring in a degree of deeper enjoyment. I liked the deep discussions between Uncle Jack and Jean-Louise, with the former's  balanced insight on certain issues at hand.

Jean-Louise's debacle, where she finds herself between two stools, that of the New York ideals and that of more suspicion driven Alabama back county of Maycomb, especially where her hero let's her down is presented in very readable detail, with the nuances to be savoured. She expresses her frustrations: 
" You’ve cheated me in a way that’s inexpressible, but don’t let it worry you, because the joke is entirely on me. You’re the only person I think I’ve ever fully trusted and now I’m done for.”

Upon completing the book, I looked up a few reviews and found that more often than not, Atticus Finch has been taken apart as a racist. However I couldn't come to terms with the fact nobody has identified that this novel covers in an era, 50 or 60 years before,  the modern times in which the ideals are much more tolerant. Hence I found that to use a yardstick of today, to pass verdict on Atticus Finch, was, well, somewhat ignorant.The idealistic stance is to ignore the intricate behavioral patterns of a particular race, which favour that race, and expecting the Law of the Land to control any excesses. Whether the Law of the Land did rise up to control these said excesses due to loopholes is a moot point, especially in the times under discussion.  That Developed Nations expect the Law of the land to control these issues today, portray the advancement of civilization over the last hundred years. Yet, it is unfortunate that in Country's like ours where a particular majority in a particular Lane, can control the cultural freedom of others, while requesting for more freedom country wide, depicting the sorry state of Law and Order, and how it is yet not mature enough to confront the challenges.

In summary, albeit its' rather simplistic style, I found it to be a thought-provoking read, and one which I enjoyed for the contentious issues as well as the joys that a good yarn brings,
interspersed in equal measure.


බැඳමාරිය - අනුරසිරි හෙට්ටිගේ



අනුරසිරි හෙට්ටිගේ ලේඛකයා ස්වර්ණ පුස්තක අවසන් වටයට දෙවෙනි වරට අවතීර්ණ වන්නේ, බැඳමාරිය කෘතිය සමඟය. ලේඛක තෙමේ,හඳුනා ගත හැකි පැති, විෂය සතරක් එක්කාසු කරගනිමින්, ඒවා අන්‍යොන්‍ය වශයෙන් සම්බන්ධ කරගනිමින් සාර්ථක නවකථාවක් නිර්මාණය කොට ඇත.

ඒ විෂයන් මෙසේය:
-හෙන්දා මුල් කර ගනිමින් වනාන්තරය ට තම ජිවීතය කැප කල මනුෂ්‍යයෙක්, නිසඟයෙන් ඉතා සංවේදී මුළු ස්වභාව ධර්මයට ම ආදරය කරන මිනිසෙකු බැව් කියා පෑම
-විවෘත ආර්ථිකය අප රට ට පැමිණීම ඔස්සේ අප රට විසූ ජනතාව ට අත් ව තිබූ අසරණ තත්ත්වය මුල් කාලීනව මදක් පහව ගිය ද, ක්‍රමයෙන් නමුත් වේගයෙන් ගම විපරීතවීම , නගරය ගමට ඒම හා ඉතා පැහැදිලි ලෙස ගැමියන්ගේ සිතුම් පැතුම් වල වෙනෙසක් ඇති වීම.එහෙත් මෙය නොනැවත්විය හැකි සිද්ධිමාලාවක් බව ඒත්තු ගන්වමින්, උපේක්ෂාවෙන් එදෙස බැලීම
- මිනිසෙකු විනාශ කල හැකි මුත් පැරදවිය නොහැකි බැව් අප රට දුෂ්කර පෙදෙසක ජීවත් වන මිනිසුන්ගේ ජීවන හටන ඔස්සේ ඔප්පු සිද්ධ කිරීම.
- වීරසිංහ ඔස්සේ මෙලොව සමලිංගිකත්වය යම් ප්‍රතිශතයක් අතර පවතින තත්ත්වයක් බවත්, ස්වයං වාරණයක් ඔස්සේ තමන් ලක්වූ අපයෝජන ක්‍රියාවළිය, තම ආශා මැඩ පවත්වා ගැනීම ට තරම් සංවරයක් මඟින් වර්තමාන පරපුර නතු නොකර ගැනීම ( ඒ අනුව මෙහි කතුවරයා, සමලිංගිකත්වයේ එක් පැති කඩක් පමණක් ගැන අවදානය යොමු කරන්නා සේ ය ).


ඉතින් නවකථාව මේ සිව් කාරණාවන්ගේ අන්යෝන්‍ය සබඳතාවන් පමණකින් නොව, ඒ ඒ කාරණාවට කතුවරයා දෙන බර අනුව සම්ප්‍රයුක්ත බලය කුමන දිශාව ඔස්සේ ද යන්න මත නවකථාවේ සමස්ථ රස, පැහැය හා පාඨක මනසේ ජනිත වන භාවය ද තීරණය වේ. ඉහත කී තෙවෙනි හා සිව්වැනි කාරණා සාහිත්‍ය රසය ජනනය කිරීමට අමතරව, සමාජයට පණිවුඩයක් ලබාදීම උදෙසාත් භාවිත කොට ඇති බැව් පැහැදිලිය.


ඉතින් මේ තෙවෙනි හා සිව්වැනි කාරණා ඔස්සේ මදක් විහිදීමට කැමැත්තෙමි.  ඉතා පැහැදිලිව නවකථාවේ විශාල බලය යෙදෙන්නේ "මිනිසා විනාශ කල ද, පරාද කල නොහැක" යන්න ඒත්තු ගැන්වීමටය.   අප රට මෑත කාලයේ ඇති වූ දෙවෙනි කැරැල්ල හේතුවෙන් සිසිලිනාගේ පවුලට දැරිය නොහැකි  මරුපහරක් වැදී බබයියා හා හෙන්දා පරාජය භාරගැනීමට සුදානම් වැ සිටිද්දි සිසිලිනා, ගෝර්කිගේ "අම්මා" අපට මතක් කරමින්, තමන් පරාජය භාර ගැනීමට සුදානම් නැති බවත්, ජීවිත සටන ඉදිරියට ත් ගෙන යා යුතු බවත් පාඨකයාට ඒත්තු ගැන්වීමෙන් කෘතිය හමාර කරයි. දුක ම උරුම කල උපන් එහෙත් පරාජය තෝරා නොගන්නා සිසිලිනාත්, සාපෙක්ෂ වශයෙන් වඩා සැපවත් ජීවිතයක් උරුම වැ සිටි නමුත් තම ජීවිතයේ සියල්ල නැති කරගනිමින් පැරදෙන බණ්ඩාර මැණිකේත් අතර සැසදීමකට නිසගයෙන් පාඨකයා යොමු වෙයි.

මේ කෘතිය කියවාගෙන යන විට මට තව කෘති රාශියක් මතක් වුනි. හෙමිංවේ ගේ මහල්ලා සහ මුහුද, ගොර්කිගේ අම්මා, නවගත්තේගමගේ දඩයක්කාරයාගේ කථාව, පමණක් නොව මෑතක ප්‍රකාශ වූ කෘතියක් වූ කරුණාධීර අල්විස්ගේ "කිඳුරා ගොසින් වැටුණයි පුර මඩුල්ලේ" යන කෘතිය ද මතක් විය. ඒ අනුව අප කතුවරයා බොහෝ මාතෘකා ප්‍රථම වරට කථා නොකරන මුත්, එසේ කථාකරන අවස්ථාවක් ද ඇතැයි, මගේ සීමිත කියවීම් අත්දැකීම මට කියා පායි. ඒ වීරසිංහ මහතා තම රකුසන් දමණය කරගැනීම හා සමලිංගිකත්වය ද අප සමාජයේම කොටසක් වන වඩා  නූතන, වඩා ලිබරල්,  වඩා විවෘත මනසකින් ලිංගිකත්වය දෙස බැලීමට පාඨකයා යොමු කිරීම ය.

මේ මා හෙට්ටිගේ මහතාගේ කියවූ සිව්වෙනි නවකථාවයි - අද ට ත් කළුවරයි පුරහඳ එතුමා ගේ අග්‍ර කෘතිය ලෙස මා සලකතත්, පිළිවෙලින්  කළුවරයි පුරහඳ, තරු දූවිලි, ස්මරණ හා බැඳමාරිය ඔස්සේ, පාඨකයා ට විශ්වාසය තැබි හැකි ලේඛකයෙකු බවට අනුරසිරි හෙට්ටිගේ මහතා අද වන විට පත් ව තිබේ. එය මා දකිනුයේ එතුමා පසුගිය වසර කිහිපය තුල ජයග්‍රහණයක් ලෙසට ය.

තහනම් දේශයකින් - මොනිකා රුවන්පතිරණ

 අප රට විසූ අග්‍රගණ්‍ය කිවිඳියකයැයි සැලකෙන මොණිකා රුවන්පතිරණ කිවිඳියගේ, කාව්‍ය ( පංති ) 84කින් හෙබි, "තහනම් දේශයකින්" කාව්‍ය සංග්‍රහය කියවූවෙමි. මුල් වරට 1972 වසරේ එළි දක්වා ඇති මෙම කෘතියේ දෙවෙනි මුද්‍රණය 1998 දී සිදුව ඇති අතර, මා සතු එම මුද්‍රණයේ පිටපත මීට වසර හයකට පමණ පෙර සැප්තැම්බරේ සිදුවන පොත් සැණකෙළියේ දී,  කාව්‍යකාරයන්ගේ එකමුතුවේ (නාවල ) කුටියෙන් මා මිලට ගෙන තිබුණේ රුපියල් අසූවකට ය. මීට පෙර මා කිවිඳියගේ එක් කාව්‍ය සංග්‍රහයක් කියවා ඇතත්, ඒ කලකට පෙරය - එය "ඔබේ යෙහෙළිය-ඇය ගැහැණිය" යැයි මතකයි වාගේය ( කෙසේ හෝ එහි ඇගේ  සුප්‍රසිද්ධ කවි පංතියක් වන තේ දළු නෙලන ලඬකගේ බිළිඳි වයසේ දී අතුරුදන් වූ පුතු ගැන වූ කවි පංතිය තිබිණි ).




කිවිඳිය විසින් ප්‍රකාශිත වැ බෙදීමක් සිදු කර නොමැති වුවද , පළමු කවි පංති 43 ඒවා රචිත මාතෘකා ඔස්සේ, පොදු ජන ජීවිතය, ජ්වීතයේ පීඩාව, එම පීඩාවේ සරතැස ආදී වූ පොදු මාතෘකා ඔස්සේ රචනා වූ ඒවා ය.මේ කවි පංති අතර මේ කාව්‍ය එකතුව මුල් වරට ලියවුණු යුගයේ සිදුවූ, අප රට ප්‍රධාන ම සිදුවීම වූ '71 කැරැල්ල ගැන කවි පංති කිහිපයක් ම වෙයි. "තාත්තා කියූ සිරිතේ වෙනසක් (1972 අළුත් අවුරුදු දා ), එවන් කවි පංතියකි:

"පසුගිය වසරේ නව අවුරුදු දින
කිරි උතුරවනා මංගල මොහොතින...

තෙල පෙනෙනා අඹ ගස මුල වැතිරී
මිනිසෙකු මළැ බැව් මතක ද දරුවෙනි?

මෙතැන් පටන් කොට දරුවනි එබැවින
අවුරුදු කුමරිඳු වඩිනා හැම දින
පහන රැගෙන ගොස් එම සුභ මොහොතින
අඹ රුක මුල එය දල්වාලනු මැන!"


"කොහාගෙන් කවියක්" යන කවි පංතිය ද, ඒ සිදු වූ "මල් දහසක" මියැදීම ගැන ලියවුණු අගනා කවි පංතියකි.

"පෙර කිසි බක් මහක නොදුටු
එරබුදු මල් සිය දහසක්
පසුගිය එක්බක් මහකදි
දුටුයෙමි බැලු බැලු හැම දෙස
...
මා දුටු එරබුදු මල් නැත
තැන තැන රතු ලේ බිඳු ඇත
මගේ ගීතය ගොළු වී නැත
තනුවේ වෙන්සක් වී ඇත!"

මේ පළමු අර්ධයෙ පාඨකයා ගේ සිට යම් වික්ෂිප්තභාවයක් උපද්දවන්න සමත්, අපූරු කවි පංති රැසක් වෙයි. "දිසාපති කාමරයේදී" , "පුත්‍රයෙක්" , "යාදින්නක්" , "නිවාඩු ඉල්ලීමයි", "විත්තිය කියයි" හා "කුණාටුවක් කථාකරයි" ඊට නිදසුන් ය. පෙර කී සිත අවදි කිරීම හෝ, වරෙක වික්ෂිප්තබාවය ගැන යම් තහවුරු කිරීමක් වශයෙන් මෙහි තව එක් කවි පංතියක් නිදසුනක් ලෙස ගෙන හැර දක්වමි. ඒ කෙටි කව දෙකකින් හෙබි, එහෙත් බොහෝ දෑ කියනා "උපතක්" නම් වූ කවි පංතියයි. එය මෙසේය:

මා නොම දුටු මගේ පියා
මේ ලොව තුළැ වෙසෙනා බැව්
ගම් දරුවන් මුවගින්
කෙළි පිටියෙදි ඇසුයෙමි මම!

මවුනි, මෙනුඹ ඔබේ කුසෙන්
මා බිහිකළ දිනයේ නොව
අද උදයේ එම මොහොතේ
මෙලොව එළිය දුතුයෙමි මම!

පෞද්ගලිකව මා සිත් වඩා ඇද ගැනීමට සමත් වූයේ, මෙහි දෙවෙනි කවි හෝ කවි පංති 41 ය. ඒවා තුල ප්‍රේමය, විරහව, පෙම්වතුන් අතුරෙන් කෙනෙක් අනෙකාගෙන් විමසන පැණ ආදියෙන් යුක්තය. ඒවා බාගෙට බාගයක් පමණ එක් කවකට සීමාවූ ඒවාය. එහෙත් ඒ අධික ඝනත්වයෙන් යුතු වූ පද පේළි කිහිපය තුල, කව කියවන්නා බොහෝ වෙලාවක් සිතුවීල්ලේ යොදවන්න ට සමත්, වරෙක දිගු කථාවක් අතිසංක්ෂිප්ත ස්වරූපයෙන් ඉදිරිපත් කොට ඇති නිසා පාඨකයා සිතුවිලි අතර අතරමං කිරීමට සමත්, ඒ වාගේම නැවත නැවත කියවන්නට රුකුල් දෙන ආකාර කවි "මොට්ටු" රැසකි. මා කියනා දේ තහවුරු කරනු වස් එවන් කවි ( පංති ) දෙකක් පමණක් පහත ගෙන හැර දක්වමි.

(අ)වාසනාවකි
----------------
නිවී යන ආලෝක තලයක
                  ලලිත රැඟුමක් රැඟූ සේ          මය
රාග වාදන  නොමැති මොහොතක
                   මියුරු ගීයක් ගැයූ සේ           මය
අන්දකාරෙන් වැසුණු තිරයක
                   සිතුවමක් සොඳ මැවූ සේ      මය
උදා වූ අපේ සෙනෙහස
                   රැයක් තුළ සෙනෙහසක් සේ මය 


අපේ කථාව
-------------
මුතු පිණි බිඳු යුගලක් සේ
විසල් පතක් මත හුන් අපි
පාවෙන මඳ නලවැල් මැද
එක් පිනි බිඳුවක් වූයෙමු:
මොහොතක් වා ගැබ කලඹා
මහ සුළැඟක් හැමු දිනෙක
කඳුළුබිංදු යුගලක් සේ
යළි අපි දෙපසට වූයෙමු!



මෙවන් ආරේ කව්මුතු හතලිස් එකකින් පොහොසත් මේ කෘතියේ දෙවෙනි කොටසත්, පෙර සඳහන් පළමු අර්ධයේ කවි එකතුවත් ජනිත කරවන රසයන් පුළුල් වශයෙන් දෙ-ආකාර මුත්, පාඨකයා ට කිවිඳිය ගේ වෙනස් වූ කෘති දෙකක් රස විඳිනාකාරයෙන් හෝ රසවිඳිය හැකිය. අනෙක් අර්ථයකින් සලකන්නේ නම්, කිවිඳියගේ කව්කමේ වපසරියක පුළුල් බැව් කියා පානා  කෘතියකි. 



Sunday, 11 October 2015

Far From the Maddening Crowd - Thomas Hardy


The Arrival of a Movie based on one of the novels that one hasn't  read, ( but has at least been   in the outskirts of one's Reading Lists,) is a good opportunity to Read the Book in question. This has happened to me at least on Three Occasions before, including One in which the Movie in Question was never watched.  So what's number Four ? Thomas Hardy's Classic from the 1870's, Far from the Maddening Crowd, one Victorian Author, whom I have somehow  missed. So, now that I've read the Book and watched the Movie subsequently, this write-up will possibly carry some comparison between the Two.


The Photographic detail that the book carries in the initial stages,before the story starts to take shape is indeed to be savoured and enjoyed. The Movie too tries to capitalise on this aspect with some beautiful scenery, captured by some brilliant camera work at this initial stage. How is this for kick-starting the imagination, about the environs described? 


"To persons standing alone on a hill during a clear midnight such as this, the roll of the world eastward is almost a palpable movement. The sensation may be caused by the panoramic glide of the stars past earthly objects, which is perceptible in a few minutes of stillness, or by the better outlook upon space that a hill affords, or by the wind, or by the solitude; but whatever be its origin the impression of riding along is vivid and abiding. The poetry of motion is a phrase much in use, and to enjoy the epic form of that gratification it is necessary to stand on a hill at a small hour of the night, and, having first expanded with a sense of difference from the mass of civilized mankind, who are dreamwrapt and disregardful of all such proceedings at this time, long and quietly watch your stately progress through the stars. After such a nocturnal reconnoitre it is hard to get back to earth, and to believe that the consciousness of such majestic speeding is derived from a tiny human frame.”
As the novel unfolds, Hardy appears to present the Question of  what was deemed as Proper Conduct for a Maiden in Victorian Times, against the concept of independence in a Woman. And I felt, until, Bathsheba was considered a Widow, the author poses the question whether Bathsheba was culpable to what can be termed as common vices, which could be considered harmless in a girl. Yet, for airs, coquetry and conceit she proves that the woman in her takes over, against her own good. In Hardy's work, Bathsheba is a fascinating work of a woman - unpredictable, full of airs, so much so that she can compete with Troy in unpredictability. She is the main character, and Oak, the ultimate hero,  is largely a keen observer of her actions and adventures. 

"Bathsheba, though she had too much understanding to be entirely governed by her womanliness, had too much womanliness to use her understanding to the best advantage. Perhaps in no minor point does woman astonish her helpmate more than in the strange power she possesses of believing cajoleries that she knows to be false—except, indeed, in that of being utterly sceptical on strictures that she knows to be true.

Yet, in the movie,I felt for all the decent role played by Carey Mulligan as Bathsheba, that the most impression in acting was made by Michael Sheen, playing the role of the unfortunate older Bachelor, Boldwood. I would like,especially those who have read the book as well as watched the movie, to contest me in this regard.
 Coming back to the novel, Hardy has painted the picture of rural Wessex, with its' sheep farming, harvesting and  simple good-hearted  peasantry with so much finesse, detail and a sense of unhurriedness, that at times the book is a good yarn to wind down to - before the more serious incidents take place that is. If I am to point out a short coming, it would be the fact that there are no characters with a malign streak in them. Even Troy, for all his ways, is painted a noticeable shade darker in the movie, than in the book. Even Bathsheba's ex-bailiff seems to wait patiently till he wins her favour, rather than react with any vengeance.

In summary the book is an enjoyable read where Classics go, and there is a slight similarity in style with Dickens, although Hardy appears to put more effort in presenting his characters more complete than Dickens did. However Dickens has tangible villains, whereas one is unsure whether Troy is to be condoned or condemned, till the end.The movie, too is quite a rewarding watch, and compliments the Book in every which way, although one does feels that it is a tad too short, albeit it's running time of nearly  two hours.



Friday, 9 October 2015

අමරසේකරුන්ගේ කෙටිකථා වල ප්‍රගමනය, "කියනු මැන දිවි අරුත" කෘතිය, හා අප රට ප්‍රධාන විචාරකයන්ගේ ආදානග්‍රාහි බව



අමරසේකරුන් 2013 දී ලියා පළ කල, ඒ වෙනුවෙන් 2014 දී රාජ්‍ය සාහිත්‍ය හා විදුදය සම්මානයෙන් පිදුම් ලත්, "කියනු මැන දිවි අරුත" නම් වූ කෙටි කථා එකතුව කියවූවෙමි.

අමරසේකරගේ කෙටිකථා , පුළුල් වශයෙන් යුග තුනකට බෙදා පෙන්විය හැකි ලෙසකි මට දිස් වන්නේ. මුල් කාලීනව ලියැවුණු "රතු රෝස මල", 'ජීවන සුවඳ"  ආදීයේ දී තමන්ගේ ගමේ හා පේරාදෙනියේ සිදුවීම් තම කෘතහස්ථ සාහිත්‍යම හැකියාවෙන් ඔපමට්ටම් වී ලියවුණු විශිෂ්ඨ නිර්මාණ ලෙස සියල්ලෝ පිළිගනිති.  ඉන් පසු යුගයේ ලියැවුණු "මරණ මංචකයේ දුටු සිහිනය" ආදි කෘතීන් උදෙසා ලෙඛකයාගේ දේශපාලන දෘෂ්ඨිය නිර්මාණ වලට වඩාත් බලපෑවේය. එනම්, තම දේශපාලන දර්ශනයේ ආභාෂය වඩාත් දැක ගත හැකි වීමයි. එහෙත් අමරසේකරුන් තම දේශපාලන දර්ශනය පෙන්නුම් කලේ රටේ සිදුවීම් දැක තමන් තුල උපන් කලකිරීම ප්‍රකාශ කිරීම උදෙසා ය. උගත් ගැමි පරපුරක් ගැන බලාපොරොත්තුවක් තිබුණ ද  එය මස්තකප්‍රාක්ත උනේ නැත. වෙසෙසින් පිළිම ලොවයි-පියෙවි ලොවයි තුලිනුත්, තම මැද පංතියේ කථාන්දරය හරහා ත් දිගහැරුණේ මේ කළකිරීමයි. "කියනු මැන දිවි අරුත" කෘතිය මින් සුවිශේෂි වන්නේ අප රට බෙදුම්වාදි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව ඔහු පැතූ දේශපාලන දර්ශනය මත පිහිටා රට ඉදිරියට නොයන බව දැක, ඒ පිළිබඳ වූ කළකිරීම තම නිර්මාණකරනය හරහා ඉදිරිපත් කරන අවස්ථාවක් ලෙස ය.



කියනු මැන දිවි අරුත හි කෙටිකථා පහක් වෙයි. "මැයි දිනය" මින් මා වඩාත් සිත් ගත් කථාවයි, මියගිය කුලි සේවිකාවගේ දියණිය, රිය අනතුරට මුල් වූ රියදුරුගේ ඩෙංගි උණෙන්  රෝහලේ සිටි දියණිය සහ මහේස්ත්‍රාත්වරයාගේ දියණිය වශයෙන් දැරියන් තිදෙනෙකු භාවිත කොට, පාදඩකරණය වූ අර්ථක්‍රමයක්, දේශපාලන ව්‍යුහයක් තුල ජීවත්වීම කෙතෙරම් ගැටළුවක් දැයි ඔහු මැනවින් පෙන්වා දී ඇත.

"රැගෙන මා අත සමිද, කියනු මැන දිවි අරුත" කෙටිකථාව ද ඉතා සියුම් නිරීක්ෂණයකින්, උපේක්ෂාවෙන් නිර්මාණය කෙරුණු කෙටිකථාවක් ලෙස දකිමි, මෙහි එන දැරණියගල දේශපාලඥ්ඥයා බලගතු, උද්දච්ච අයෙක්ව සිටිය ද, වස්තුව රැස් කිරීමේ හා දූෂණයේ නිරත වූවෙකු නොවේ. අමරසේකර මේ හරහා එවක සිටි නායකයන්ට ටොක්කක් අනින්නාක් සේ ය.
"ඒ ඉදිමුම තිබුණාට ඒ මිනිහා කිසි දවසක පහත් වැඩක් කරා ද? හොර මැර වංචා මොකවත් කරා ද? ඒ අතින් බැලුවම කොතරම් උදාර චරිතයක් ද?" (78 පිටුව )

අමරසේකර මීට පෙර යුගයක විසූ එක්තරා දේශපාලන පැලැන්තියක් ඉදිරිපත් කරන්නේ වර්තමාන දේශපාලඥ්ඥයින් ගෙන ක්‍රියාව දැක සංවේගයෙනි.

මෙහි එන රෝහලේ ගින්න කෙටිකථාව අප රට සිංහල-දෙමල මිනිසුන් අතර ඇති සබැඳියාවත්, ඒ සබැඳියාව අතර ම එහි උඩු දිව යන සැකයත් හොඳින් ප්‍රතිමූර්තිමත් වන නිර්මාණයක් ලෙස දකිමි. එහෙත් අප රට ප්‍රවීණ විචාරකයෙකු වන සමන් වික්‍රමාරච්චි මේ කෙටිකථාව තුලින් අමරසේකර ගේ "පශ්චාත්තාපය (?)", "අවිඥ්ඥාණය" ප්‍රශ්ණ කිරීමට සරම කැසපොට බැඳ ඇත්තේ ප්‍රහර්ශයට ලක් වීමෙනි. කෙටිකථාවේ දිග හැරෙන පරිද්දෙන් වෛද්‍ය ධර්මලිංගම් හා සම්බන්ධ ගැටළුවක් විවෘතව ඇත. එය සමන් වික්‍රමාරච්චි නොදකි ( ඔවුන් එය කිසි දිනෙක නොදැක්කෝය , අර බොරුවට නිදි මිනිසා මොන විදිහෙන් හෝ අවදි කල නොහැකි සේ ). එහෙත් මෙහි එන වෛද්‍ය අතුකෝරාළ, වෛද්‍ය ධර්මලිංගම්ගේ අගතිගාමි ස්වරූපය විජේසිංහගේ අගතිගාමිත්වය මකා දැමීමට භාවිත නොකරයි. වෛද්‍ය අතුකෝරාල අයිවන් ප්‍රනාන්දු ට වෛද්‍ය ධර්මලිංගම්ගේ ප්‍රශ්ණය ප්‍රකාශ කිරීම  හරහා, මෙය තනිකරම විජේසිංහගේ ප්‍රශ්ණයක් යන පටු තැනට, පටු දෘෂ්ඨියට ගොණුකිරීමේ වික්‍රමාරච්චිගේ අන්තවාදි ප්‍රයත්නය හෙළි වෙයි. මට නම් පෙනි යන්නේ අපේ රටේ සිංහල ජාතිය හා දෙමළ ජන වර්ගය අතර ඇති අවිශ්වාසය හා පරතරය පෙන්නුම් කිරීමත්, එහෙත් සමස්තයක් වශයෙන් සාධාරණ ලෙස ක්‍රියා කිරීමට ඇති නැඹුරුවත් මෙහි පෙන්නුම් කරන්නේය. මේ අප රට සාමාන්‍ය සිදුවීම් හරහා හෝ නිරීක්ෂණය කල හැකිය. ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් ජනනායකයා ට ඕනෑම දෙයක් කරන්න බලපත්‍රයක් නොවන බව  2015 ජනවාරි 8දා පෙන්නුම් කිරීමට සිංහල ජනතාව පෙන්නුම් කලෝය. එහෙත් තිත්ත ඇත්ත නම්, පිරබාහරන් ජීවත් ව සිටි අවදියේ,  අපත් සමඟ අල්ලපු මේසයේ වාඩි වුනු දෙමළ සොහොයුරන්, බෝම්බ පිපිරෙමින් අප ඥාතීන් මිය යද්දි, පිරබාහරන් දෙමළ ජනතාවට යම් ආත්ම ගරුත්වයක් ගෙනදී ඇතැයි කීමට තරම් දිව නැමුණු උදවිය වීමය. ඔවුහු එසේ තෙපළා, පසු දින අප හා එකම මේසයේ වාඩි වී බත් මාළු බෙදං කෑවෝය. අමරසේකර, අතුකෝරාල හරහා පෙන්වන්නේ මේ ඉවසීම යැයි මම තරයේ විශ්වාස කරමි. එහෙත්, අහෝ, අප මහා සාහිත්‍ය විචාරකයින් ට මේවා පෙනෙන්නේ නැත. මේං අමරසේකරගේ අවිඥ්ඥාණය ඔහුට වද දෙනෝ කියා කෑ ගසන්නේය.

කෙටි කතා එකතුවේ පස්වන කෙටි කථාව "මහගෙදර සොයා ආ ගමන", පශ්චාත් යුධ සමයේ අප රට ගමන් කරනා දිශාව පිළිබඳ වූ සොවින් ලියැවුන්නක් යැයි පෙනී යයි. අමරසේකර කලක පටන් මහගෙදර සොයමින් සිටින්නේ ය. ඔහු සිතුවේ ත්‍රස්තවාදය පරාජයෙන් පසු, එම මහගෙදර ට යන නග පාදා ගත හැකි වනු ඇතැයි කියා ය. ඔහු නොපසුබටව එමග හරහා මහගෙදර නැවත සොයා ගත නොහැකි බැව් කියා පායි.

අමරසේකර නම් අප රට කෘතහස්ත ලේඛකයාගේ කියවිය යුතුම කෙටි කථා එකතුවක් ලෙස මා දකිමි. කතුවරයාගේ මෑත කාලින නිර්මාණ ගැන සැකයෙන් මා මේ කෘතිය මිලදී නොගෙන, පුස්තකාලයෙන් ගෙන කියවූවෙමි.  එසේ කියවා හමාර වීමෙන් පසුව කෘතිය මිලදී ගෙන ළඟ තබා ගත යුත්තක් යැයි තීරණය කලෙමි.


Sunday, 4 October 2015

මිණි හා හිස් පිරවුම් වල එක්කාසුවක් වූ "ආදරණීය වික්ටෝරියා"

මාගම් සෝළිය කියවා, මඩවලගේ අලෙවිකරණයේ ගොදුරක් වූ මුත්, 2013දී ප්‍රකාශ වූ ලොවිනා කෙතෙරම් මා සිත් දිනා ගත්තේ ද යත්, ඒ වසරේ මා කියවූ පොත් 11ක් අතරින් තුන්වැනි තැනට නම් කිරීමට එම කෘතිය මා පෙළඹවීය. මෙම වසරේ රාජ්‍ය සාහිත්‍ය, විද්‍යෝදය, ගොඩගේ සම්මාන උදෙසා අවසන් වටයටත්, ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයටත් ඒම හරහා ත්, "මේ අපේ රේන්ද කරුවන්ගේ කථාවයි" යැයි නන් තැනෙක කියවෙන කථා ඇසීමෙන්, 2014දී ප්‍රකාශ වූ, මා කියවීමට තෝරා ගත් කෘති දහතුනක් අතරට ආදරණීය වික්ටෝරියා පැකිළිමකින් තොරව තෝරා ගතිමි.  ඉතින් එසේ තෝරා ගත් කෘතිය කෙසේ ද ? බටහිර සංගීත ලෝකයේ, සමහර ඇල්බම තුල අග්‍රගණ්‍ය, විශිෂ්ඨ ගීත තුන - හතරකුත්, සාමාන්‍ය නැතහොත් ඊටත් පහත් ගණයේ ගී හය-හතකුත් සමඟ ගීත ඇතුලත්ය ( හොඳම ගීත ඇල්බම වල සමස්තයක් වශයෙන් 90% වඩා ඇත්තේ හොඳ ගී ය). විචාරයකයන් මෙවන් ගීත ඇල්බම වලට ෆිලර්  (filler) නොහොත් පිරවුම් මාධ්‍ය වලින් හෙබි ඇල්බම ලෙස නම් කරයි. මට මඩවල ගේ ආදරණීය වික්ටෝරියා ද මෙවන් හිස් පිරවුම් වලින් ගහණ, එහෙත් තැනින් නැත මිණි මුතු වන් කොටස් වලින් ද හෙබි කෘතියකි.


සැබවින්ම කෘතියේ මුල් කොටස් වල මිංගල්ල බිංගේ, මොරගොල්ල බිංගේ ආශ්‍රිත කොටස් ගැන රසවත් කථාපුවත් කියවෙද්දි, මා ද මහත් බලාපොරොත්තු ඇතිව ඉදිරි කොටස වෙත යොමු වීමි. සත්‍ය වශයෙන් ම අන්දිරිස් "රේන්ද බංගල්ලාවක්" තනන තෙක්, පෙර කී පිරවුම්  වලින් සිදුවන හානිය අවමය. එතනින් එහාට, වෙසෙසින් කෘතියේ දෙවෙනි අර්ධයේ පිරවුම් වලින් ගහණය. ඒ කොටස් පාඨකයා වරෙක වෙහෙසටත්, ඊටත් එහාට ගොස් උදහසටත් පත් කරයි. මේ හිස් පිරවුම් සාධාරණීකරණය කරන්න, ඒ මායා යථාර්තවාදී රීතිය යැයි අයෙක් කියන්නේ නම්, ඔහුට හෝ ඇයට කිව යුත්තේ සුදුසු මාත්‍රාවෙන් මායා යථාර්තවාදි රීතීය භාවිත කිරීම හා හිස් පිරවුම් වලින් පිටු පිරවීම දෙකක් බවය. මඩවල ම වෙසෙසින් ම ලොවිනා වලත්, මෙහි සමහර තැනෙකත් වඩා උචිත ව මෙම රීතිය භාවිතා කර ඇත.  එහෙත් එක් නිදසුනක් ලෙස මෙය සලකන්න; (185 පිටුව ) "පෙරේත පිදේනියක් ළඟ ඉපදුනු වුණත් ඇල්ෆ්‍රඩ් වාසනාවන්ත දරුවෙක් විය. ඔහු ඉපදුණු  දවසට පහුවදාම අන්දිරිස් ලීනාගේ අත් උදව්වට ආයම්මලා දොළොස් දෙනෙකු වැඩට ගත්තේය...." මින් පටන් ගෙන 188 පිටුවේ, "කුඩා ඇල්ෆ්‍රඩ් ට තන කිරි අපුල වී තිබුණේ මේ කාලයේ ය. පැය විසි හතරම කිසිම නිදහසක් නැතිව ඔහුට සිද්ධ වුණේ මේ ආයම්මලාගේ තන කිරි බොන්න ය." ඉතින් මේ අතර පිටු දෙකහමාරක් පමණ තනිකරම පෙර මා හඳුන්වාදුන් හිස් පිරවුම් ය - පිදුරුය. ඔහුට කීමට තිබූ දේ කීමට ඇත්ත වශයෙන් ම එක් ඡේදයක් ප්‍රමාණවත් ය. මෙවන් අවස්ථා බහුලය. බිළිඳි වයසැති වික්ටෝරියාගේ අඳුම් දහස් ගණණ රැස් කිරීමේ තතු, ලීනා බටහිර පන්නයේ ඇඳුම් වලට ඇති කෑදර කම හා ඒවා රැස් කල අයුරු, සෙලිනා නම් බැල්ල පිළිබඳ විස්තර හා ඇල්ෆ්‍රඩ් එංගලන්තයට ගොස් සපත්තු එක්කාසු කිරීම ආදි වශයෙන් මෙවන් හිස් තැන් වලට නිදසුන් බොහෝය.

සමහර අයෙක් මෙහි ඉතා රසවත් තැන් හෝ තමන්ගේ න්‍යායට හෝ න්‍යාය පත්‍රයට ගෝචර කොටස උකහා මේ  කොටස් කිහිපය මත පිහිටා කෘතිය වර්ණනා කරයි. මා සතුව ඇති පස්වෙනි මුද්‍රණයේ පසු පිටු වෙන් කොට ඇත්තේ "විචාරක ඇසට" ය. එහි අනුර කුමාර දිසානායක හා අශෝක හඳගම තම න්‍යාය පත්‍රයන් මත ප්‍රහර්ශයට පත් ව, යම් යම් උද්‍රිත සිද්ධින් මතු කර කෘතිය පසසා ඇත. එහෙත්  පාඨකයන් වන අප හට සමස්ත කෘතිය දෙස බලා එවන් සතුටකට පත් විය නොහැක.

අනෙක් කාරණාව වන්නේ මේ ආශ්‍රිත විෂයානුබද්ධ, එහෙත් මීට වඩා බොහෝ ඉහළ තත්ත්වයෙන් යුතු නිර්මාණ අප ට මීට පෙර හමු වී තිබීම ය. කඩුල්ලේ කුරුතේරිස් ට අන්දිරිස් ට අලගු තිබීමට හෝ නොහැක. එතරම් ම ඉහළ ගණයේ නිර්මාණයක් නොවුන ද, මෑත දී නිකුත් වූ පොතක (කාල නදී ගලා බසී ) "වීරයෙකු" වූ සාදිරිස් හා අන්දිරිස් අතර යම් සමානකම් ද දැකිය හැකි ය - එය නම් හුදෙක්ම අහම්බයක් ලෙස සහතික ලෙස විශ්වාස කල හැකි වුව ද, ඒ හා සමගම ප්‍රකාශ වූ ආදරණීය වික්ටෝරියා හී අන්දිරිස්ගේ අගය අඩු කිරීමට හේතු වුවා දෝ යැයි සැකයක් මට සිතේ - එක් අතකින් මේ දෙවෙනි කාරණාව නොසැලකිය හැකි තරමක දෙයක් ද විය හැක්කේ, එය ලේඛක දොසක් නොවන බැවිනි.

සමස්තයක් ලෙස කිව හැක්කේ මඩවල "ලොවිනා" ඔස්සේ කල නිර්මාණාත්මක වික්‍රමයන් පෑමේ ගමනේ තාවකාලික පසුබෑමක් ලෙස, පාඨකයකු වශයෙන් මා "ආදරණීය වික්ටෝරියා" දකිනා බවකි.