Sunday, 10 August 2025

වාලම්පූරි (අධ්‍යක්ෂණය - ලක්මාල් ධර්මරත්න )


 ඊයේ හවස, මා බිරිඳ උපේක්ෂා සමඟ ගොස් 'වාලම්පූරි' නැරඹුවෙමි. ඔවු, එය නැරඹීම මට මෙතෙක් මගැරිනි.



මේ වන චිත්‍රපටිය ගැන බොහෝ දේ කිය වී ඇති නිසා, සහ චිත්‍රපටි විචාරයට තරම් ඒ පිළිබඳ දැනුමක් මා සතු නොවෙන නිසාත්, එක් කාරණයක් ගැන පමණක් යමක් කියා නවතිමි. ඒ මහත්තයලා සහ 'ගම් කබරයන්' ( පොලිසි නිලධාරී, සමන් ගේ හැඳින්වීම) අතර පරතරයයි. චිත්‍රපටියේ සැම පාත්‍රවර්ගයාම තමනට අයිති නැති දෙයකින් සල්ලි සොයාගැනීමට වෙහෙසෙන මුත්, ඒ අතර ද චරිත දෙකක් සුවිශේෂි ය. අයෙක් ප්‍රියංකරය - ඒ ඔහු තම නාට්‍ය කණ්ඩායමට මහත්තයෙකු වුවද, ඔහු හා එම කණ්ඩායම අතර වෙනස අවප්‍රමාණ කරලීමට ඔහු දරණ උත්සාහයයි. දෙවැන්නා සිඩ්නී ය. සැබැවින් ම අන් අය රවටා, අන්දවා මුදල් හම්බකරන ගමේ මිනිසෙකු වුව ඔහු හා නිමලසිරි, චින්තක, සහ ඇන්ජෙලෝ අතර වෙනසක් තිබීමයි. ඒ තම වටපිටාව කියවීම,  තමනට හුරු පරිසරයෙන් ඈත් කෙරුණු විට ද තම නැණ පමණින් උපරිමය කරලීම යන ගුණාංග අතිනි.  කිමද, සමන් නම් වූ පොලිස් නිලධාරියා සමාජෙට මහත්තයෙකු වුව ද, පෙර කී කපටිකමින් මුදල් සෙවීමට දඟලන ගැමියන් ට වඩා දරුණු මිනිසෙකි. ඒ ඔහු ට මුදලේ රස සිඩ්නිලා ට වඩා දැනී ඇති බැවිනි. ඔහුගේ බලය ද අහිමි වීමට ආසන්න නිසාය.  සිඩ්නි නිමලේ මාමා සහ අන් අය වාගේ බීගෙන පිහිණුම් තටාකයේ නටන්නේ නැත. සමන්, සිඩ්නිගේ පැලැන්තියට ගම් කබරයන් යැයි කීවද සිඩ්නි එතන සියයට සියයක් නැත. ප්‍රියංකර සමන් ට මහත්මයෙකු වුවද, ඇත්තෙන්ම වැඩිම මූල්‍යමය අලාභය අත්කරගත්ත ද, ඔහු සමන්ගේ පැලැන්තියේ ආත්මීයව නැත. සියල්ල අහිමි වූ විට ඔහුට අන් අය සමඟ ජහුටා නැටීමට ද පුළුවන. මෙම චරිත දෙක ඔස්සේ චිත්‍රපටියේ යටිපෙළක් කියවෙන බවකි අපගේ අදහස.


ශ්‍රේණිය: *****


Saturday, 9 August 2025

Roma (directed by Alfonso Cuarón )


 Movies which have minimum a plot, but is more a cinema verite has its own beauty to appreciate. Roma is one such. We enter the story at one point, with Antonio about to leave the family, and we leave the story at another point, as the wife and the children get ready to continue life without their father. In the meantime, Cleo, the family's live-in maid of an indigenous origin, has her own personal troubles, while at one point saving two of the children from drowning. It is upon saving the two children that Cleo has a confession to make, and possibly that motivated her to save the two children with no care for her own life. In the background, lots happen as the story is set in early 1970s in Mexico City - including the Mexican Dirty War.


 The hustle and bustle of the city, the beautiful chaos that children bring to their home - and Cleo, who is more a parent to the kids, then their own, as their real parents try sort their own affairs, all make a beautiful, and an enjoyable cinematic experience.  At the time this movie tied in number for the most number of  Oscar nominations for a non-English movie (with Crouching Tiger, Hidden Dragon)


Rating: *****
Oscar Award Winner, 2019 for:
Best Foreign Language Film
Best Director (Cuarón  for Roma )
Best Cinematography 

The Gathering - Anne Enright


The novel starts with  Veronica, our narrator claiming that she has something to say about something that happened, or she thought happened, back at her grand mother's place when she was eight or nine. The narration happens in the aftermath of her brother Liam's death, by suicide. It makes her reflect back on her early life with her family - her grand parents, her parents, her siblings - and particularly everything which was wrong with them. The narrator is unsure of her self, although she almost never contradicts herself. Things which happened a long time back, which she believes may have had an impact to the life of Liam, her brother, whom she loved the most among her siblings - and also possibly the most troubled, is the essence of what troubles her. Our narrator also fights her own demons, testing her husband Tom, with inconsistent behaviour upon Liam's death. Tom, who to all appearances as revealed in the book,  is a patient man, a workaholic who appears to be highly dependent on his wife for sex, irrespective of the nature or the pleasure derived by his wife. It suggests a crisis in her life, as she suggests a couple of times that she may have had sex with Tom for the last time, but the book ends with a suggestion that she looks for a reparation on their relationship. For, although bitter, neither of them have taken any drastic actions, which prevent restoring of  their marriage. The narration takes on a matter of six months or so, immediate to the death of Liam. Veronica tries to recollect what took place when she 8 or 9, and at one point even uncovers which may have happened, realising where a family friend of her grand parents, was really no friend. 

But the whole narration is presented from the troubled mind of Veronica, and as such is interspersed with her love-hate relationship with her husband, anger against her grand mother, dissatisfaction with her siblings, and even a scorn for the relative success of her own family which she seems to have caught from her deceased brother. This mix, when presented to the reader doesn't add up to an enjoyable read, or even an engaging one. The book, although concise in length at a mere 261 pages, takes the effort of a much longer one given the style of writing. True, the style of writing which suggests the mind of a frustrated, troubled woman, trying to get back to her life with her husband and her two daughters, is possibly what convinced the judges of a convincing narration to give this book the Booker award. Yet, this conviction of the authors mayn't necessarily mean an enjoyable read for an average reader like me. This I suspect is the matter with this book. There have been more harrowing books which have been page turners, narrated by multiple characters, or even by an omniscient narrator. But a direct narration by the troubled mind itself, may sound like this - and that is a learning for the reader, I guess. For example, Humbert Humbert, although a villain to the core is so sure of what he wants, and convinced of a concocted righteousness of his ill formed desire, the resulting narration is pure pleasure for the reader, irrespective of the subject matter. But narration from a troubled mind is possibly, like this. However, given that I set myself the task of reviewing the book as a reader, I can do no more than rate the book as I have done, while also citing the possible conditions which may have influenced the Booker Award panel.

Booker Award - 2007
Rating: ***1/2

Wednesday, 30 July 2025

විජ්ජු - අනුරාධ මහසිංහ


අපූරූ ආඛ්‍යාන කාව්‍යයක් කියවුවෙමි. මීට පෙර මගේ ආඛ්‍යාන කාව්‍ය කියවීම, පරාක්‍රම කොඩිතුවක්කු ගේ 'දිවමන් ගජමන්', රත්න ශ්‍රී වික්‍රම ගේ 'තරු ලකුණ', මහගම සේකර ගේ 'නොමියෙමි' සහ 'ප්‍රබුද්ධ', සහ ගුණදාස අමරසේකර ගේ 'ගුරුළු වත'  වන් කාව්‍ය කෘති කිහිපයක ට සීමා වී ඇත. (කුමාර හෙට්ටිආරච්චි, දර්ශන රත්නායක වන් කවීන්ගේ ද ආඛ්‍යාන කවි පොත් කීපයක් කියවිමේ තැතක් ගෙන ඇතත්, විවිධ හේතූන් මත ඒවා මග නැවතිනි). එහෙත් මේ එකදු කෘතියකින් ලත් ආශ්වාදයක් අභිබවා යන ආශ්වාදයක් මහසිංහයන් ගේ 'විජ්ජු' කියවීමෙන් ලදිමි. මේ කෘතිය අනාගතයේ දිනෙක සිංහල කාව්‍ය සාහිත්‍යයේ විශිෂ්ඨතම කෘතියක් ලෙස පිළිගැනෙනු ඇත. ප්‍රකාශ ව වසර දෙකක් පමණ ගත වී ඇතත් තවම එය කාගෙත් නිසි අවදානයට ලක් ව නැති සේය. මහසිංහයන් ගේ 'බැමිණිතිකාලය' නම් වූ කෙටි නවකතාව මහත් සේ රස විඳි අප, නොපැකිලව 'විජ්ජු', ප්‍රකාශ වූ කල ම මිලට ගත්තෙමි.  පොත් මිලට ගන්නා වේගයෙන් කියවීමට අසමත් මා, හෙට දිනයේ (ජුලි 30 දා) මේ කෘතිය ගැන කෙරෙන පිළිසඳරකට පෙර කියවීමට සිතා ගත්තේ, මේ කෘතිය ගැන සාකච්ඡාව හර බර වෙවි යන බලාපොරොත්තුවෙනි. 

කාව්‍ය කෘතියක් හෙයින් 'spoiler' යන තර්කය එතෙරම් තදින් අදාළ නොවන යන සීමාවේ සිට මෙතැන් පටන් ලියමි. එම ස්ථාවරය පිළිනොගන්නහු, කෘතිය කියවන තෙක් මින් ඉදිරියට මෙම රචනය නොයවත්වා!

කෘතිය ඇරඹෙන්න මාර පරාජයෙන් පසු, තණ්හා, රතී, රාගා, යන දියණියන් සමඟ ඉන්පසු කුමක් කරන්නේ ද යන්න ගැන සිතමින් සිටිනා අවස්ථාවකය. ඇරඹුම ම ආකර්ශනීය ය.

"පැරැද ආ දා පටන් බෝධිමූලයෙහි දී
නො නැවතී මුණගැසෙන්නට යති,
සවුවන්ට කුමක් වෙත්දැයි සොයති,
දොම්නස් ව නැවත එති,"

කවියා එතැනින් සිට තම කාව්‍යමය කතා ගෙත්තම උදෙසා සූත්‍ර කොටස් ගලපා ගනිති. මාරයාගෙන් ගිලිහෙන වීණාව (ගෝධික සූත්‍රය), පංචසිඛට අතට පත් වන එම වීණාව (බෝධීවංශය), ඔහු වයන්නේ (සක්කපඤ්හ සූත්‍රයෙහි වැණෙන පරිදි),

"වෙණ හඬ ගී හඬ නො ඉක්මවා ලු.
ගී හඬත් වෙණ හඬ නො ඉක්මවා ලු
වෙණ හඬත් ගී හඬත් සැසඳේ ලු.
ගී හඬත් වෙණ හඬත් සැසඳේ ලු!"

මාර, මෙම 'සැසඳීම', පෘතග්ජන මිනිසාගේ රළු තත්වයට ගෝචර නොවන බව වටහා ගන්නේ,

"දුබල වූ ගඳඹ දෑතින් වැයෙන මා (පංචසිඛගේ) වෙණ
චණ්ඩ ඉඳුරන් සහිත
මිනිසා ව රසින් මත් නොකර යි...",

             තම දියණියන් හට අවරදෙස මිනිසාගේ බාහු බලය, අනලස් බව, සහ සටන්කාමී බව පෙන්වා, අතීතයේ ස්වයන්ජාත ඇල් සහලෙන් පෝෂිත ව සිටිනා කල මිනිසා ගේ ඇති වූ අතෘප්තකර සිතුවිල්ලකට තමන් අරක් ගත් බවත් එතැන් පටන් සහස්‍රයන් ඔස්සේ මිනිස් මනස ට කල බලපෑම්, ඒ ඔස්සේ මිනිසා කල නිර්මාණයන්, ඔහු මුහුණ දුන් හැලහැප්පීම්, රසවත් කවි බසින් අප ඉදිරියට ගෙන එයි. ඒ සියල්ල මෙහි විස්තර කිරීම මෙම පොත ට අවැඩක් කරනා හෙයින් ඉන් වැලකෙමි. එහෙත් මාර ගේ ක්‍රියාදාමයන් මට මතක් කලේ සුප්‍රසිද්ධ මෙටැලිකා (Metallica) රොක් සංගීත කණ්ඩායමේ sad but true ගීතයයි.

"I'm your dream, make you real
I'm your eyes when you must steal
I'm your pain when you can't feel
Sad but true
I'm your dream, mind astray
I'm your eyes while you're away
I'm your pain while you repay
You know it's sad but true"

එකම වෙනස මෙහි අප ට මාර තුල පසුතැවිල්ලක ඡායාවක් හෝ නොපෙනීමයි. මාර තුල ඇත්තේ ජයග්‍රාහී ලීලාවකි,

මහාදේවයා රවටා ප්‍රොමිතියස් මනුෂ්‍යයාට අග්නි ධාතුව ලබා දීම - ක්ෂණයක් පමණක් පෙනී අතුරුදන් වන විජ්ජු ධාතුව මිනිස් භාවිතයට ගන්නා ආකාරයට වර්ධනය - විදුලිය මිනිසා ට පාලනය කල හැකි දෙයක් වී ටික කලකින් ගිටාරය ද 'ඉලෙක්ට්‍රික්' වී, සංගීතය පෙර නොවූ ආකාරයකට  මිනිසා ගේ ස්වභාවික හැඟීම් තීව්‍ර කරනා දෙයක් වීම ඔස්සේ ය කාව්‍ය කෘතිය ඇදී යන්නේ.  බීට්ල්ස්, ජෝන් ලෙනන්, මයිකල් ජැක්සන් වැනි පසුගිය වසර පණහක හැටක කාලය වෙනස් කල පොප් සංගීතය ද කවි විස්තරයට ඇතුලත් ය. මේ වන විට මාර ගේ අභිලාෂය මුදුන්පත් වී ඇත. පංචසිඛ ගේ 'වෙණ හඬ නො ඉක්මවා ලු ගී හඬ - ගී හඬ නො ඉක්මවා ලු වෙණ හඬ' වෙනුවට මිනිස් ආශාවන් තීව්‍ර කරනා, සතුට ම අරමුණ කරගත් සංගීතයක් බිහි ව ඇත.

කෘතියේ මා ඉතා ම කැමති කොටසක් වන්නේ තුසිතය, නිර්මාණරතිය, පරිනිම්මිතිය, සහ ඊට ත් ඉහලින් මාර වැජඹෙන අයුරු කවියෙන් විස්තර වන ආකාරය ය.  ස්වයංජාත ඇල් සහලින් නොසෑහී අලුත් අලුත් දෑ ම සොයමින්, කරමින්, විඳිමින්, තමන් සතු ව ම ඇති අනේක වර්ගයේ බිය පරාජය කරමින්  මිනිසා ඉදිරියටම ඇදී ගිය මුත්,  ඒ සියල්ල ඔස්සේ 'මාර' තම අරමුණු ක්ෂාත් ක්ෂත් කර ගන්නා බවකි අපට පෙන්වා දෙන්නේ.  මාර වරෙක ලෙනන් ගේ මිනිමරුවා ය. වරෙක ජැක්සන් දරුවන් දැඩි පීඩනයට ලක් කල ඔවුන්ගේ පියා වූ ජෝ ය. එය ප්‍රගතශීලි ධාරාවේ යන කල්හි ගෙවන්න සිදු වන මිලකි.

කාව්‍ය සංග්‍රහය අවසන් වන්නේ, අලුත් ධාතුවක උවමනාවක, පිපාසයක, ගැන ඉඟියෙනි.

කාව්‍ය කෘතියේ අවසන වද්දී පාඨකයා ඇත්තෙන්ම ලෝක ශිෂ්ඨාචාර වර්ධනයේ කෙටි ගමනක් ඇවිත් ය. එය මාර පරාජය කොට බුදුන් සොයා ගත් මග නොවේ. බුදුන් ට 'මාර' පරාජය වුව ද, ඔහු පසු නොබා පෘතග්ජන මිනිසා හරහා සමස්ත යුද්ධය ජය ගෙන ඇත. කවියා වචනින් නොකීව ද මාර ගේ ක්‍රියාව ගැන සියුම් ගෞරවයක් පොත ඔස්සේ පාඨකයා ට ගලා එයි. 

පෙර කීවාක් මෙන් මෙය අපූරු ම ආඛ්‍යාන කාව්‍යයකි.  එක් අතකින් තේමාත්මක ව මෙය පැරඩයිස් ලොස්ට් ( Paradise Lost) වලට සමාන ද විය හැක (එම සමානකම හෝ එසේ නොවීම ගැන විස්තර කීමට, මම පැරඩයිස් ලොස්ට් කියවා නැත). 

කාලයත් සමඟ මෙය සිංහල සාහිත්‍යයේ අඛ්‍යාන කාව්‍ය අතර වැදගත් ස්ථානයක් දිනා ගනු ඇතැයි අපේ අදහසයි. බොහෝ ආශ්‍රේය පසු කතා (මෙහි එවන් කෙටි උපුටන කිහිපයක් ඇත්තේ, කවියේ පසුකතාව ගැන පාඨකයා දැනුවත් කරලීමටය)  එතරම් ප්‍රකට නොවූ ඒවා, සහ සමහර ආශ්‍රේය කාරණා සිංහල පාඨකයා ට ඇස ගැටීමට ඇති අවස්ථා මද නිසා, කෘතිය පාඨකයන් අතර ජනප්‍රිය වීමට තරමක් කල් ගත වීමට ඇත.  කතුවරයා නැවත මුද්‍රණයකට යන්නේ නම්, ඝන පිටකවරයක් සමඟ ඉහළ නිමාවකින් සහ, ආශ්‍රේය ලිපි වල ඇවැසි සංශෝධනයන් ද සමඟ එම මුද්‍රණය එළි දැක්වීම වටින්නේ, කෙනෙකු මේ කෘතිය නැවත නැවත කියවීමට යොමු විය හැකි නිසාය.

ශ්‍රේණිය: *****



 

 

 

 

Sunday, 27 July 2025

චමින්දයට හෙණගහල නෙමේ, චමින්දයම තමා හෙණේ - තරිඳු ශ්‍රී ලොකුගමගේ

 තරිඳුගේ ප්‍රබන්ධ ලේඛනයේ එක් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඔහු භාවිත කරනා භාෂාවයි. මීට පෙර ඔහුගේ 'ජීවිතයේ ඔයිල් පැල්ලම්' නම් නවකතාවට බෙහෙවින් බැඳිණි. මේ උක්ත කෙටිකතා පොත මෑතක නිකුත් වුවද, කියවීම ඉක්මන් වුවේ පොත කියවූවන්ගෙන් ලැබුනු නිර්දේශයන් හේතුවෙනි. ඇරත් මෑතක සිංහල පොත් කියවීම තරමක් මග ඇරී තිබූ නිසා,  'ඔයිල් පැල්ලමෙන්' පස්සේ තරිඳු ගේ  පොතක් කියවීමට රුකුල් දෙන්නක් ම බව ඇති විශ්වාසය මත පොත අතට ගත්තේය. 

ඉතින් කෙටි කතා අට කෙසේ ද ?


අපි වැහි කාලවල් කීයක් දරා ගත්තු මිනිස්සු ද ?
පෙර කි භාෂා භාවිතය, සහ කොළඹට ආසන්න නාගරික ප්‍රදේශ වලට සුවිශේෂි යැයි කිවහැකි ජීවන රටාවල් අලලා ලියූ කෙටි කතාවකි. මට නම් මෙම කෙටිකතාවේ සුවිශේෂි බව ඇත්තේ එම පසුබිමත්, තරිඳු එම මුසුව භාවිතා කරනා අපූරත්වයේත් ය. කතාන්දරයේ එතරම් විශේෂත්වයක් නොවූවද, කෙටිකතාවක කතාවේ විශේෂත්වයක් තිබීම අත්‍යාවශ්‍ය කාරණාවක් නොවේ යැයි මා මුලින් ම අඳුනාගත් හෙමිංවේ ගේ කෙටිකතා මතක් කරවීය.

'අඳුරේ දිලී අඳුරේ ගිලුණු තරුවක් - The Untold Story of Mathew Mendis' - මට නම් ඇත්තටම හිතෙන්නේ මේ කෙටිකතාවට පසු බිම් වුණු, ඇත්තටම ජනප්‍රිය ගායකයෙක් ද සම්බන්ධ, සත්‍යකතාවක් ද ඇතිය කියාය. තරිඳු මේ කෙටිකතා ආඛ්‍යායනය භාවිත කරන්නේ මෙහි එන 'මැතිව් මෙන්ඩිස්' නම් ජනප්‍රිය ගායකයාගේ සත්‍ය ජීවිතයේ අවලස්සන සහ අසාධාරණය පෙන්නුම් කරලීමට සහ, වෙසෙසින් තමන්ගේ සම බේරාගැනීමට හිරිකිතයක් නැතිව, පරම්පරා ගණනක් විඳනවන්නට ඉඩ ඇති ජාතිවාදය ඇවිස්සීමේ අපේ සමහරක් ගේ 'වැඩ කිඩ' පෙන්වීමටය. සාර්ථක නිර්මාණයක් යැයි සිතිණි.

හොල්මන්ද පොල්කොළ - තුන්වෙනි කෙටිකතාව වෙද්දි 'මුතුවෙරළ ස්කීම්' එකට සැම කෙටිකතාවක් ම වචනෙකින් හෝ සම්බන්ධ වෙන බව පෙනී යයි. ඒත් මේ වෙනතෙක් කෙටිකතා තුන එකින් එක සම්පූර්ණ වෙනස් - සමානකම් තියෙන්නේ, භාෂාව (සහ මුතුවෙරළ ස්කීම් එක ) විතරයි. තුන්වෙනි කෙටි කතාව මනංකල්පිත චරිත හා බැඳී නැවුම් ගෙත්තමක්. නිර්මාණාත්මක ලෙස මේ අත්භූත චරිත මවලා තියෙනවා. කතාව අග වෙද්දී ඒ චරිත මැවුවේ ඇයි කියලා තේරුම් ගනිද්දී 'හප්පා' ව මතක් වෙනවා.

කල්පගේ, ඕවර් ද විකට් -
මෙම කෙටිකතා ව කුඩාවෙකුගේ දෘෂ්ඨිකෝණයෙන් ලියැවුණු රසවත් කෙටිකතාවකි. වයස 9-15 පමණ වන තෙක් ක්‍රීඩාව යනු කොළුවකුගේ ජීවිතයේ ප්‍රධානතම, වැදගත් ම අංගයකි. එහි රසවිඳි තැන් මතක් කරනා තැන් මෙන්ම, මධ්‍යම පාංතික දරුවෙකුගේ ආශාවන් සහ, ඒවා සම්පූර්ණ වන තැන් මෙන්ම එසේ නොවෙනා තැන් උපේක්ෂාවෙන් විඳ දරා ගන්නා ආකාරයද විදහා දැක්වෙන ආකාරය අපූරුවට ගෙත්තම් කොට ඇති කෙටිකතාවකි.

"මට එකපාරටම ලොකු දුකක් හිතට ආවා.

සමහර විට ඒ මැච් එකේ කල්පගේ බෝල් කරන එකක් නෑ. ගොඩක් වෙලාවට ධර්මසේන බෝල් කරන එකකුත් නෑ.

ටීම් දෙකේම ගොඩක් අය එතන ඉන්න එකක් නෑ. එතකොට ඒක ඔස්ට්‍රේලියාවයි ශ්‍රී ලංකාවයි අතර මැච් එකක් වෙන එකක් නෑ. ඒක නිකං පන්ති දෙකක ළමයි කීප දෙනෙක් අතර මැච් එකක් වෙයි." (86 පිටුව) 


චමින්දයට හෙණගහල නෙමේ, චමින්දයම තමා හෙණේ
- චමින්ද නම් අතිශය සාමාන්‍ය, එහෙත් සුවිශේෂි චරිතයත්, ඔහු මුඛ්‍ය ඔහු වටා සමාජය ආශ්‍රයෙන් කියවෙන කෙටිකතවකි. සුමිත් ගේ චරිතයත්, ඔහු හා චමින්ද අතර ඇති අපූරු සබැඳියාවත් කියවන්නියට තේරුම් ගන්නට ඉඩහැර, දැන් වෙනකොට තරිඳුගේ සුපුරුදු වාග්මාලාවෙන් කියවෙන මහත් රසවිඳි කෙටිකතාවකි. ආ, තවෙකක්.... මේ කෙටිකතා පොතට, අර මංජුල ඔහුගේ කෙටිකතා පොතකට 'රත්මලානේ කතා' යන නම යෙදුවාක් මෙන්, 'මුතු වෙරළ ස්කීම් එකේ කතා' යන නම යන වඩා ඔබිනවා.

පර්ල් බීච් අපාර්ට්මන්ට් සිද්ධිය - මෙහි එන අනාගතයේ තරමක අසුබ නිස්සාර ලෝකයක සිදු වූ සිද්ධිමාලාවක් ආශ්‍රයෙන් නිමවුණු කෙටිකතාවකි. හොඳ ප්‍රයත්නයක් ලෙස නම් කල හැක.

රෙබල් විතවුට් අ කෝස් - මෙහි එන දීර්ඝතම කෙටිකතාවයි. සමරිසි යැයි ඇඟවෙන තරුණයෙක්, ඔහුගේ එතෙක් ඛේදවාචකයක් ව තිබූ ජීවිතයත්, දේශපාලනයට සැබැඳි අසංවේදී පියෙකුත්, ජේම්ස් ඩීන් ගේ කෙටි එහෙත් අති ශුර නළු කම, කඩවසම්කම,  සහ ඔහුගේ අවාසනාවන්ත මරණයත්, ආදී මාතෘකා රැසක් ඔස්සෙ ඇදී යන කෙටිකතාවකි. එක් තැනක තරුණයා ගේ ධනවත් පියා ඔහු ට රෝස වර්ණ මාච් රථයක් ත්‍යාගයක් ලෙස දීමට තර්ජනය කරයි. මට මතකය ට නැගුනේ බ්‍රොන්ස්කි බීට් ( Bronski Beat ) ගායක කණ්ඩායමේ Small Town Boy නම් මා ඉතා ප්‍රිය කරන ගීතය, සහ එහි විඩියෝවයි. එහි තම සම රිසි පුතුට යම් මුදලක් දී නිවසෙන් පිට කරන පියා, ඔහු ට අතට අත දිම ප්‍රතික්ෂේප කරයි. ඒ එංගලන්තය තමන් එතෙක් කල් සිතූ පටු ආකාරය වෙනස් කල යුගයකි. Bronski Beat හී එම ගීතය රැගත් ඇල්බමය ම නම් කර තිබුනේ The Age of Consent යනුවෙනි.

ඇත්තටම ඇයි උඹලට බැරි කාක්කො මැරෙන එක නවත්තන්න ? - සිංහල මනසට ආමන්ත්‍රණය කරන කෙටිකතාවකි. සැම දෙනාම තම තමන්ගේ පටු මානසිකත්වයෙන් බලනා ප්‍රශ්ණයක් තුල සැඟවී ඇති මහා ඛේදජනක ඉතිහාසය පෙන්නුම් කරනා අපූරු ගෙත්තමකි. මට නම් මෙය විශිෂ්ඨ කෙටිකතාවකි.

අයෙකුට තරිඳු සාමාන්‍යයෙන් cliche ( වර්තමානයේ නිතර කතාවෙන මාතෘකා යන අර්ථයෙන් ) මාතෘකා රැසක් තම නිර්මාණ වලට පාදා කොට ඇතැයි කිව හැක. එහි යම් සත්‍යයක් ඇත. එහෙත් එම මාතෘකා සුලභ, ජනප්‍රිය, හෝ විවාදසම්පන්න වූවාට, ඔහු එම මාතෘකා වලට තම නිර්මාණය තුල කරන සාධාරණය ම, මා මෙහි අගය කරන්නේය. 

මෙහි එන කෙටිකතා අටෙන් අතක් ම රස වින්දෙමි. සමහරක් ව සුවිශේෂිය. පර්ල් බීච් අපාර්ට්මන්ට් සිද්ධිය කියවීම අනෙක් හත තරම් ම උද්‍යෝගයෙන් නොකලද, ලේඛකයකු වශයෙන් තරිඳු එතැන වෙනස් දෙයක් කිරීමට ගත් උත්සාහය පසසමි. 

කෙටිකතා කියවන්නන් පමණක් නොව, සිංහල ප්‍රබන්ධ රසිකයින ට ඉහළින් ම නිර්දේශ කරමි.

ශ්‍රේණිය: ****1/2



Saturday, 19 July 2025

The Irishman (directed by Martin Scorsese)

 

 

Watching the movie a second time around, it cannot be stressed enough what skill de Nero Possess in stressing so much  through his facial expressions. Upon being burdened with the task of dealing with Hoffa, the agony he went through in keeping to the task, and that it is expressed only through his facial expressions, especially while having breakfast with Rus has gotta be one of the main parts of the movie for me.

Another episode that I really enjoyed was Frank's chat with his other daughter, Dolores  (Marlin Ireland) upon repeated failures in talking to his eldest daughter, Peggy. The look of "oh, give me a break dad", given by Dolores, to me was excellent acting, and should've totally destroyed Frank.

Frank's remorse is best captured in his statement, "how can a man make a phone call like that?", during his attempt to absolve him of his sins, with a priest.

The only relative weak part for me was de Nero as a young man in his 20s in the army, or as a truck driver. I read somewhere that Scorsese was aware of this shortcoming. In a way I guess he was confident of the strength of the overall composition making the viewers disregard this minor point.

Tuesday, 8 July 2025

A Little Life - Hanya Yanagihara




"I've used hammers made out of wood
I have played games with pieces and rules
I've deciphered tricks at the bar
But now you're gone
I haven't figured out why,
I've come up with riddles
And jokes about war
I've figured out numbers and what they're for
I've understood feelings
And I've understood words
But how could you be taken away

And wherever you've goneAnd wherever we might goIt don't seem fairToday just disappearedYour lights reflected nowReflected from a farWe were but stonesYour light made us stars"
                   ( from "Light Years" - Pearl Jam )

“'I know my life's meaningful because' - and here he stopped, and looked shy, and was silent for a moment before he continued - 'because I'm a good friend. I love my friends, and I care about them, and I think I make them happy.'”

The lyrics from the song by Pearl Jam, which aches for the loss of a much loved dear one, and the above quote, in which such a "dear one" shyly, but confidently reads his own purpose in life, resonates for me loudly across these 700 odd pages of this book. And this book has everything - harrowing despair, scenes so hard to read without your fingers going into your mouth unknowingly to stop a gasp, actually tearing up helplessly - Plus, how a friend can heal one's deepest wounds when one was convinced that one didn't deserve happiness, love, comfort, a sense of belonging. There is a part in this book called "The Happy Years" which, while doesn't come in the first youth of the protagonist, surely come.  There were happy years, and a person was able to stand tall above all the unspeakable filth that had almost destroyed and left that person, because of an unconditional love, stemming from that friendship. The above for me is the summary of this book, what is amazing about this book. All the harrowing details suggested above measure up against this power of having 'a little life', against all odds.

But this book is much much more, as it spans across 700 odd pages. I don't recall a single paragraph which weighted me down with boredom - weighted me, almost drowned me with sorrow, it clearly did. Besides that heavy weight, there is unmistakable culture as the book spans across near forty years in the lives of four friends. Their ups, their downs, their world wide recognition, their journey from rags to riches, and at times their subsequent falls. The book is rich with phrases that can be cited as excellent quotes - and the subject matter is so wide it spans from Pure Mathematics, to Sculpture, to Architecture, to Law, to Painting, to Music - hell, what was not there in this gem ? It is difficult to speak too much of this book without revealing its  game - hence I will resort to say this: "Remains of the Day", "The Secret History", "The Overstory", I believe are the best books that I have read, published, this side of the late 1980s. A Little Life is joins that elite few, and is in a tussle to become my favourite modern novel.

This write up has to include at least a few quotes (which has zero spoilers), to illustrate the richness that it carries in these pages. Although I have thick hard cover copy, I depended almost solely on my kindle device, and where appropriate, maybe less than 5% on the Kindle application on my phone to read this book. But this is the kind of book that a book lover has to have in physical format, to love, to cherish, and maybe many years from now to open into (who knows the then electronic device may not be operable to my then fading mind  - that is if I could afford it - we have but a little life).


“It is also then that I wish I believed in some sort of life after life, that in another universe, maybe on a small red planet where we have not legs but tails, where we paddle through the atmosphere like seals, where the air itself is sustenance, composed of trillions of molecules of protein and sugar and all one has to do is open one's mouth and inhale in order to remain alive and healthy, maybe you two are there together, floating through the climate. Or maybe he is closer still: maybe he is that gray cat that has begun to sit outside our neighbor's house, purring when I reach out my hand to it; maybe he is that new puppy I see tugging at the end of my other neighbor's leash; maybe he is that toddler I saw running through the square a few months ago, shrieking with joy, his parents huffing after him; maybe he is that flower that suddenly bloomed on the rhododendron bush I thought had died long ago; maybe he is that cloud, that wave, that rain, that mist. It isn't only that he died, or how he died; it is what he died believing. And so I try to be kind to everything I see, and in everything I see, I see him.”

                    *                                  *                           *

“If I were a different kind of person, I might say that this whole incident is a metaphor for life in general: things get broken, and sometimes they get repaired, and in most cases, you realize that no matter what gets damaged, life rearranges itself to compensate for your loss, sometimes wonderfully.”

                            *                                    *                        * 

“Everyone thought they would be friends for decades, forever. But for most people, of course, that hadn't happened. As you got older, you realized that the qualities you valued in the people you slept with or dated weren't necessarily the ones you wanted to live with, or be with, or plod through your days with. If you were smart, and if you were lucky, you learned this and accepted this. You figured out what was most important to you and you looked for it, and you learned to be realistic.”

                                 *                                     *                           * 

A Little Life - MAGNIFICENT !!! What Pity, to the eyes of readers who read books of this genre, but who still skip this masterpiece !

Rating - *****