Tuesday 28 March 2017

වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් '48/'15 - නදී වාසලමුදලිආරච්චි

වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් '48/'15 - නදී වාසලමුදලිආරච්චි
=================================
***

   2016 වසරේ, ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට තේරුණු නදී වාසලමුදලිආරච්චිගේ වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් ('48/'15) කෘතීය මහත් කාලයක් සහ පරීශ්‍රමයක් යොදා කියවුවෙමි. පිටු 557ක් පුරා දිවෙන මේ කෘතිය, ඇත්තෙන්ම වැඩිමනක් අය නොකියවීම බලාපොරොත්තු විය යුත්තක්ම ය. ඇත්තෙන්ම මම මේ පොත අවසන වෙනකම් කියවූවේ මන්දැයි මමත් තවම මගෙන් ප්‍රශ්ණ කරමි. ඒ ඒ වසරේ පළ වූ තෝරා ගත් නවකතා යම් කිසි සංඛ්‍යාවක් කියවන පුරුද්ද නිසා මිස, හා ඒ සියල්ල කියවා හමාර කිරීමේ ආත්මීය සතුට මිස, මේ පොත කියවීම මගදි නවතිනු ඇත. ඒ අන් කිසිවක් නිසා නොව, ප්‍රබන්ධ කෘතියක් ලෙස පාඨකයකු වශයෙන් මට ලැබුනු දෑ ඉතා අල්ප නිසා ය. ඒ කර්කශ වදන් කීවා වාගෙම මේ ටිකත් කිව යුතුය. ලේඛිකාව මේ කෘතිය ලිවීමට යෙදූ පරීශ්‍රමය කිසිසේත් සුළු පටු නොවෙන්නට ඇත. ලාංකීය කියවන්නා හඳුනන්නියක් ලෙස සැලකිය හැකි ලේඛිකාව,  පුද්ගලයින් අතලොස්සක් පමණක් කියවන, ඔවුන්ගෙන් ද පැසසුම් ලැබීම අවිශ්වාසි බවත් බලාපොරොත්තු විය හැකි වටපිටාවක, මෙවන් යෝධ සාහිත්‍යමය ව්‍යායාමයක යෙදීම ම, ඈ කෙරෙහි යම් ගෞරවයක් ඇති කරවන සුළුය. 

 ඉතින් නදී ලියන්න උත්සාහ කොට ඇත්තේ කුමක් ද? ඇය යත්න දරා ඇත්තේ 1948-2015 කාල පරාසය අලලා සිංහලින් "The House of Spirits" ආරේ පොතක් ලිවීමට ය. ඇත්තෙන්ම සමහර චරිත හරහා පවා මේ සමාන්තර බව දැකිය හැකිය. නිදසුන් KC, සොෆියා ගානට්, ඇල්ෆ්‍රඩ් රිවඩ්, ඉසබෙලා ඉලංගකෝන් ආදින්. ඊට මාකේස්ගේ ආභාෂය ද නොඅඩුව ලැබී ඇත (දීප්ති කුමර ගුණරත්න සහ කේ.කේ. සමන් කුමර ගේ ආභාෂයන් ද පරෙස්සමෙන් කියවන්නෙකුට දැකිය හැකිය. ). ඇය ලිවීමට තෝරා ගෙන ඇත්තේ බොහෝ විට ද්විත්ව නිෂේධනය හරහා එකඟ වීමේ ශෛලියකි. එහි අලංකාරයක් නැතුවා නොවේ. ඊට එකතු වන්නේ ඇගේ තෝරා ගත් වදන් පෙළය ( ආත්මීය, මරණීය ආදි ).එය ට ද එකතු වන්නේ විටෙක පේළි දහයක්-පහළොවක් පමණ වන තනි වැකිය.
මම මෙහි එන සාමාන්‍ය දිගැති එක් වාක්‍යයක් පමණක් දක්වන්නෙමි.

"සැබැවින්ම සොෆියා ගාන්ට් ද සේරම්ගේ සම්පූර්ණ අවධානය තම පැවැත්ම කෙරෙහි නොව ඊට එරෙහිව තම සිහිනවල ඝෝෂාව කෙරෙහි යොමු වී තිබූ බැවින් ඕ තම භෞතිකය, අභෞතිකය ලෝකයේ සිද්ධීන් සමඟ පටලවා ගනිමින් 'ඔහු' තමා නරඹමින් සිටිතැයි යන සිතිවිල්ල නිසා පමණක් තමා නියැළෙමින් සිටින කාර්‍යයෙහි අත්වැරදීම්වලින් තොරව වඩාත් නිවැරදිව බුහුටිව යෙදෙන්නටත්, ඒවා වඩාත් සූක්ෂම හසුරුවන්නටත් වූ විට ඇගේ පිළිවෙත වරදවා වටහාගත් ඉලංගකෝන් ආර්යාව ඈ තම වැඩිහිටි වියට සරිලන හැදියාවන් ප්‍රගුණ කරමින් සිටිනු ඇතැයි සිතා ප්‍රශංසාත්මකව ඇය අගය කළාය." ( 159 පිටුව)

 මේ සියල්ලේ සම්ප්‍රයුක්තය පාඨකයා මහත් සේ වෙහෙසට පත් කරවයි. ඉතින් මේ දෑ පාඨකයා ඉවසීමට නම් නිර්මාණය හරහා මහත් ප්‍රතිලාභයක් ලැබිය යුතුය. නිදසුනක් වශයෙන් වෙඩිවර්ධනගේ "මගේ ආදර්ණීය යක්ෂණි" ගනිමි. මේ පොතේ ලේඛන ශෛලිය ගැන බොහෝ අය වෙඩ්ඩාට දොස්  නැගුවද, එය ඇත්තෙන් ම "වැඩකි". එහි නොසැලකිය නොහැකි ආරකින් මිලාන් කුන්දේරාගේ ආභාෂයක් තිබුන ද, වෙඩ්ඩා ලියා ඇත්තේ (සිංහල විරෝධි වුව ) සිංහල පොතකි. ඉතින් එවන් ඉහළ අභිලාෂයන් තිබීමත්, ඊට කුරුමාණම් ඇල්ලීමත් පැසසිය යුතුය. එහෙත්, නදී තම ඉහළ අභිලාෂයෙන් වෙත 50% ක පමණ දුරක් හෝ ආවාදැයි මට නම් සැකය. 1948-2015 දක්වා කතාව ගලා යයි. පාඨකයා එකඟ වූවා හෝ නොවූවා හෝ, ඊට අර්තකතන ද සැපයෙයි. විකෘති ද නැතුව නොවේ ( අමිර්තලිංගම් මැතිණිය උතුරේ අවසන් සිහළ සමින් සපත්තු මසන බව කී බවට අප අසා ඇත්තේ; මෙහි, එය සිහළුන්ගේ ගොඩට දමා ඇත.) '71 කැරැල්ල පිළිබඳ වෙසෙසින් සිත් ඇදගන්නා සුළු අයුරින් විස්තර ලියැවී ඇත.  පශ්චාත් සුනාමි පරිසරය මායාකාරි ලෙස හැඩගන්වා ඇත. ඇත්තෙන්ම '48-'15 අතර කාලය තුල වූ බොහෝ සිද්ධීන් අලලා ලියැවී ඇතත්, සමහර කොටස් ලියැවී ඇත්තේ දේශපාලන වාර්තා ස්වරූපයෙනි.


පොතේ පළමු පරිච්ඡේද දහයට සාපෙක්ෂව, එකොලොස්වැන්න වඩා රසවත් ය, පාඨකයා රඳවා තබා ගැනීමට සමත්ය. ඇත්තෙන්ම තරු දෙකහාමාරේ පොතක්, තරු තුනක් ලබා ගත්තේ ඒ අවසන් පරිච්ඡේදයෙනි. අවසන් වශයෙන් කිව හැක්කේ, උත්සහයට බොහෝ ලකුණු ද, සමස්ත නිර්මාණයට සාමාන්‍ය සමාර්ථයකුත් ලබා දිය හැකි පොතක් බවයි. ඇය මේ පිළිගැනීම අපේක්ෂා කල බවට විශ්වාස කරන අතර, ඒ තත්ත්වය මැද මේ පොත මෙසේ ලිවීම ගැන පෙර කීවාක් මෙන් ගෞරවයක් ද ඇත. මීළඟ ව්‍යායාම වඩා සාර්ථක වේවායි පතමි.

Friday 24 March 2017

ඇසිඩ් වැස්ස - දීප්ති කුමාර ගුණරත්න



ඇසිඩ් වැස්ස - දීප්ති කුමාර ගුණරත්න
==============================
****

දීප්ති කුමාර ගුණරත්නගේ ඇසිඩ් වැස්ස කාලයක් ගෙන කියවූවෙමි.  මේ පොත වරෙක, ලැකාන්, ජිජැක් යන අයගේ අදහස් ආශ්‍රයෙන් එහි ආභාෂයෙන් ලියූවකි; තවත් වරෙක පොල්ලෙන් ගැසූ ආරෙන් අපේ සිත ඇතුලේ අපෙන් ප්‍රශ්න කරන කාරණා කර්කශ ආකාරයෙන් අපේ මූණටම ගසා දමයි. ඒ වන විට ඔහු කවරෙකු හෝ ආරක්ෂා කරලීමට යත්න නො දරයි - පොත ලියන කතුවරයා වන තමා ව ද ඇතුලුව. ඇත්තෙන්ම මෙවන් පොතක් විචාරය අපහසුය.  එකක් ලේඛකයා මතුකරනා කාරණා විචාරයට මා යම් තරමක් හෝ එම න්‍යායන් ගැන දත යුතුය. ඉතින් ඒ අතින් මා නුසුදුසු බැවින් කල හැක්කේ මෙහි මා සිත් ගත් හෝ නොගත් හෝ අදහස් කිහිපයක් ගෙන හැර දක්වා ඒ පිළිබඳ මගේ අදහස් දැක්වීම පමණකි. ඒ ඔස්සේ මේ පොත කියවීම නොකියවීම ඔබ තිරණය කල යුතුය. සමස්ත කෘතිය පශ්චාත් නූතනවාදි/දාර්ශනික ශානරයට අයත් කල් හැකිය.

  පාඨකයකු ලෙස කියවීමේ අත්දැකීම් ගැන පවසන්නේ නම්, මෙහි එන සමහර සිංහල වදන් තේරුම් ගත නොහැකිය. ජංගම දුරකතනය අත ළඟ තිබෙන බැවින්, ඒ දුරාවබෝධ වචන maduraonline විමසූ සෑම විටම ඊට අදාළ තනි ඉංග්‍රීසි වදනක් තිබීමෙන් අරුත් ගියේ, කතුවරයා භාවිත කලේ අපට නුහුරු වුවද නිශ්චිත සිංහල වදන  බවයි. ඉතින් පොත කියවීම එතරම් පහසු නැත. ඇත්තෙන්ම මගේ මවු බසින් මෙය කියවීමට වඩා පර බසින් ජිජැක්ගේ "How to Read Lacan" කියවීම පහසු විය ( මා ඉංග්‍රීසියට වඩා සිංහලය භාවිතය පහසු අයෙක් මි )

 මෙහි න්‍යාය විමර්ශනයට භාවිත වන්නේ බොහෝ විට චිත්‍රපට සහ නාට‍ය හරහාය. ඒ එක් නිදසුනකි "Psycho" චිත්‍රපටිය.

* "නෝමන් බේට්ස්ගේ සියලු ක්‍රියාකාරිත්වයන් පාලනය වන්නේ මවගේ සුපිරි-අහමේ නියෝගයක් හරහා ය. මෙම නියෝග නම් වෙස් මුහුණට යට කිසිදු දෙයක් නැත. එතැන ඇත්තේ හිස් කබලක් පමණි. මේරියන් ක්‍රේන්ගේ ඝාතකයා වන නෝමන් බේට්ස් පසුපස 'හිස්බව' හැර අන් කිසිවක් නැත. යමක් දැනුමකින් තොරව විශ්වාස කිරීම මතීභ්‍රමවාදි-සයිකෝසියාව යි.... ඇමරිකාවේදි 'සයිකෝ' චිත්‍රපටියේ වීරයා විසින් දවසේ ජීවිතයේදී, සදාචාර ජීවිතයේදී වැරදි වැඩ සමුහයක් කරන ස්ත්‍රීයක් ඝාතනය කර යි. චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂක අප චිත්‍රපටයට අනන්‍ය වී සිටින්නේ  ද එහි වීරයාගේ ආත්මීය දෘෂ්තිකෝණයෙන් ය." ( 27 පිටුව )
මට ගැටළුව වූයේ, චිත්‍රපටය නැරඹූ මට නෝමන් බේට්ස් වීරයෙකු ලෙස පෙනුනි ද යන්න යි? පිලිතුර, නැත යන්නයි. මේරියන් මුදලක් වංචා කිරීම  ඈ සෙරක් බවට පත් කලද ඇගේ අන් කල්ක්‍රියාවන් චිත්‍රපටිය නැරඹීමට රුකුල්වූවා මිස ඇය "ඉවත් කල යුතු අයෙක්" තැනට පත් කලේ නැත. මට චිත්‍රපටියේ වඩාත් සිත්ගත් දෙබස් කොටස පහත උපුටා ඇත.


CHAMBERS:   (To Simon)
  And the forty thousand dollars?  Who 
  got that?

SIMON:  The swamp. These were murders of 
  passion, not profit.
 
 
 * එනුමුදු ඔහු "මී හරකා" චිත්‍රපටය" ඔස්සේ සාධාරණ ගවේෂණයක යෙදෙන බව පෙනේ. මී හරකා ගැන හේ මෙසේ පවසයි.

"චිත්‍රපටය අවසන් වන්නේ ගුණපාල විසින් පාසැල් ගුරුවරිය අතවරයකට ලක් කොට එකී පාපයෙන් ගැළවෙන්නට මෙන් ඔහු කාම සඟරා ආදිය එල්ලා තැබූ පෞද්ගලික කුටිය තුළ ම ගිනි තබාගෙන තමන් ද සියදිවි හානි කරගන්නා අන්දම පෙන්වමිනි. මෙය මුළුමනින්ම අතිෂයෝක්තියකි, අධ්‍යක්ෂවරයා මෙය ගෙන හැර දක්වනුයේ ආත්ම ඝාතනයක් ලෙසින් වුවද එය හිතලුවකි. මක්නිසාද යත් එබඳු ආත්ම ඝාතනයක යෙදිය හැක්කේ ද සංකීර්ණ මනසකින් යුත් යමක් කමක් සිතන්නට හැකි පුද්ගලයකුට පමණි. මෝඩයකු මෝඩකමට දිවි නසා ගැනීමත් මෙහිදී ගුණපාල දිවි නසා ගැනීමත් අතර විශාල වෙනසක් ඇත. මෙහිදී ගුණපාල දිවි නසා ගැනීමක් කරන්නේ මෝඩකම නිසා නොව තමා පාපයක් කළා ය යන තියුණු හැඟීමකින් ඔහු පෙළෙනු නිසා ය යන අදහසක් ප්‍රේක්ෂකයා තුළ ජනිත කරවමිනි. එහෙත් එබඳු හැඟීමක් ඇතිවන්නට තරම් සංවේදි සදාචාර මතයක් ගුණපාල වෙත තිබිණි ද ?" ( 82 පිටුව )

තම පියාණන්ට තම රහස් පෙදෙස පෙන්නා ඔහුව අපහසුතාවට පත් කරන ගුණයක් නැති ගුණපාල තුලින් එවන් තියුණු හැඟීමක්  ඇත්තෙන්ම බලාපොරොත්තු නොවිය හැකිය.  ඒ අයුරින් ම මේ චිත්‍රපටිය ගම දූෂණය වීම ( පෞද්ගලික බසය ගෙනෙන කාමසඟරා ) ආදියත් මෙහි නිරූපිතය. තැනෙක කතුවරයා මෙලෙස පවසයි. මෙහිත් යම් සත්‍යයක් දකිමි.

"ශ්‍රී ලංකාව යනු ගම-නගරය අතර භේදය විසඳා නොගත් රටකි. මේ නිසා සමාජ යථාර්ථයේ සෑම අතුරු මුහුණතකට ම අදාළ ප්‍රතිවිරෝධය අපට හමුවෙ යි. අධ්‍යාපනය, කලාව, ලිංග-භේදය, චින්තනය, ශ්‍රමය, මනුෂ්‍යත්වය ආදී මෙකී නොකී සියලු ප්‍රපංචවලට අදාළව අහසින් කඩා වැටුණාක් මෙන් හමුවන ප්‍රතිවිරෝධයන්, ප්‍රතිවාදයන් යනු ගම-නගරය භේදයේ විවිධ බාහිර ප්‍රකාශයන්ය." ( 71 පිටුව )

 ලේඛකයා තම න්‍යායන් විස්තර කරලීමට යම් යම් නාට්‍ය. චිත්‍රපට ( නිදසුන් - ධනංජය කරුණාරත්නගේ ඔබ සාපේක්ෂයි,  නිධානය, දඩයම, Funny Games) භාවිත කරන ගමන්, අප රට "ගොසිප් නිවුස්" ආකාර සිද්ධීන් ද උදාහරණයට  ගනී. ඉන් න්‍යාය ට අමතරව හාස්‍ය රසයක් ද ලැබේ. එනුමුදු අප ඒ හාස්‍ය රසය අමතක කොට එහි කතුවරයා මතු කරන්න තනන අදහස ගැන සිතුවොත්, අප ට තව මානයක් ගැන සිතෙනු ඇත. පහත නිදසුන බලන්න.

"ධනංජයගේ 'ඔබ සාපේක්ෂයි' (1995) නම් කෙටි නාට්‍යයේ තේමාව වන්නේ ස්ත්‍රීවාදය නොදන්නා මෝඩ පිරිමියෙකු සහ ස්ත්‍රී ලිංගයේ බලය ගැන මධ්‍යම-පාන්තික සාක්ෂරතාව සහිත ස්ත්‍රියක් (චමිලා පීරිස් ) අතර මනෝ දේශපාලන සම්බන්ධය යි.... නාට්‍ය ආරම්භ වන්නේ රමණයට පසු ඇතිවන සංසුන්තාවය මැදිකොට ගෙනය. අප දකින්නේ පිරිමියාගේ ශරීරය මත වැතිර සිටින සුදු පාට ගවුමක් හැඳගත් ස්ත්‍රීයකි. ඔවුන් අතර සංවාදවලින් අපට වැටහෙන්නේ ඔවුන්ගේ විගැලපීම් ය....
 මෙම පිරිමියා පාක්‍යසෝති සරවනමුත්තු වී මෙම ස්ත්‍රිය සුනේත්‍රා බණ්ඩාරනායක වූයේ නම් 'රමණයට' පසු කතා කරන්නේ කුමක් ද?"  ( 115-116 පිටු )

අන් තැනෙක ලංකාවේ නවකතාකරුවන් වර්ග කිරීමකට ( අමරකීර්ති, අමරසේකර, ශාන්ති දිසානායක, රාජකරුණානායක, වැලිසරගේ ) පෙළඹුනු කතුවරයා, කෆ්කා ගැන මෙවන් විචාරයක යෙදෙයි.
"ප්‍රාන්ස් කෆ්කාගේ දුරවබෝධ නීරස නවකතා මගින් ප්‍රකට වන්නේ ආශයන්ගේ ඔපයහරණය යි. කෆ්කා සුපිරි අහම න්‍යායගත කල පලමු නවකතාකරුවා ය. ඔහුගේ නවකතාවල තේමාව වන්නේ නීතිය සහ අශ්ලීල විනෝදය අතර අපෝහක සම්බන්ධයයි.  අප දන්නා තරමට නීතියට එහි හරය තුළ විනෝදය යනුවෙන් ප්‍රතිපක්ෂයක් නැත. නමුත් කෆ්කා විසින් නීතියේ පරිසමාප්ත බව විනෝදය නම් අශ්ලීල පැල්ලමෙන් කහට කරවයි. ලංකාවේ නම් සරත් සිල්වා එනතුරු නීතිය තුළ අප ශෘංගාරය දුටුවේ නැත." (176 පිටුව )

කෆ්කාගේ නවකතා වලින් මතු කරනුයේ  නීතිය හේතුවෙන් ඇති වන වාතාශ්‍රයක් නැති, ඉඩ නැති, කරදාසි වලින් පිරුණු, ඇත්තෙන්ම මිනිසා ට සේවය කිරීමට වඩා නීතීයේ ප්‍රභූත්වය එය ක්‍රියාත්මක කරන්නන් ඔස්සේ මතු කිරීමට තනන ආරය; එය ඔහුට ආවේණිකය  දීප්ති කෆ්කාගේ නවකතා විස්තර කිරීමට "නීරස" යන පදය භාවිත කොට ඇත.  කෆ්කා ගේ නවකතා කියවීමේදි පාඨකයකු හට "වාතාශ්‍රයක් මද කමක්" වන් හැඟීමක් ඇති නොවන්නේ නොවේ. එහෙත් එය මට වැටහෙන්නේ කතුවරයාගේ සමත්කමක් ලෙසට ය.

"සුපිරි අහම යනු විනෝද වීමට මිනිසාට අණ කරන විඥ්ඥානයේ විමර්ශක අඩවියයි". (206 පිටුව )
කෘතියේ අවසන් රචනාව "ඇසිඩ් වැස්ස" නම් වූ නාට්‍යය මුල් කොට ගෙනය. ඇසිඩ් වැස්ස ත් ලිංගික අතෘප්තිය මුල් කොට ගත් නාට්‍යයකි. එහෙත් ඔහු රචනාව එතනට ලඝු නොකරයි. අන් රචනා වලදී මෙන්ම, තම අවදානය බොහෝ සීමාවන් ඔස්සේ දුවවයි. ඒ අනුව ඔහු පවසන්නේ "මහින්ද රාජපක්ෂට පසු ලංකාවේ මිනිසුන්ට මහා අනෙකා (දෙවියන්, දේශපාලන පක්ෂ, පරමාදර්ශ ) පිළිබඳ විශ්වාසය අතහරින්නට සිදුවිය. තම බාහිර පරිසරයට  තම අනෙක් මිනිසාට කෙසේ ප්‍රතික්‍රියා දැක්විය යුතු දැයි නොදන්නා මිනිසුන් බිහි වීම ආරම්භ වූයේ මහා අනෙකා පිළිබඳ විශ්වාසය පළුදු වූ පසුවය." (192 පිටුව ) මෙම කතාව මට අනුව නම් "පිස්සු මරගාතයක්",  අමු කෙප්පයක් වුව ද, මාතර බාස් උන්නැහේ කෙනෙකුන් කී දෙයක් මට මතක් කරවයි. ඔහු කීවේ, "සර්, '89න් පසුව,  කට්ටඩියන් ට තිබ්බ බලය අඩු උනා. මොකද, අපේ ගම් වල මළ මිනි කොච්චර හැම තැනම තිබ්බද කිව්වොත්, අච්චර අමාරුවෙන්, හොරෙන් ලබා ගත්ත මිනි අළු වල වටිනාකම අඩු උනා. ඒක හැම තැනම තියෙන දෙයක් උනා" කියාය. මට නම් හැඟෙන්නේ මගේ ගෙදර ඉදිකිරීමට ආපු බාස් කියපු දේ යම් සත්‍යයක් ඇති බවකි. මට ඒ දේ ම මේ කාරණාවේ දී  දීප්ති කුමාර ගුණරත්න ගැන කීමට නොහැකි වීම, එක්කො මගේ අඩුවකි, එහෙම් නැතිනම් දීප්ති ගේ ගැලපීමේ දෝෂයක් බවකි.  කෙසේ වෙතත් දාර්ශනික කාරණා, චින්තකයන් පවසද්දි ඊට නැති වාස්තවික යථාර්ථවාදි හඬක් ආරෝපනය කරගනිමින් කියයි. නලින් ද සිල්වා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියද්දි, ඔහුගේ විරුද්ධවාදීන් ඔහුව පිස්සෙකුට ඇන්දවීමට යත්න දරයි. එහෙත් යම් යම් සීමා ඔස්සේ ඔහු කියන කාරණා වල සත්‍යයක් ඇත. දීප්ති ද තැනෙක පවසන්නේ "...සුසංගතභාවය නැති කරන්නේ දෙමළා යැයි අපට පැවසිය හැක. එවිට 'දෙමළා නොමැති සමාජය සුසංගත වේ' යැයි පවසන ෆැන්ටසිය අපට ආරෝපනය වෙයි." (12-13 පිටු ) කියා ය. මෙය ද එවන් වාස්තවික ඇඳුම් ඇන්දවීමට තනන කථාවකි. කිම ද ලැකාන් ලා, ජිජැක් ලා ( සහ ඒ අනුව දීප්ති ලා ) ට අනුව අනෙකා ඉවසීම යනු ම නො ඉවසීමකි. ඔහු අන් තැනෙක Hackersලා ගැන කියන දේ බලන්න. "ඔහු හෝ ඇය ( hacker ) තමන් සේවය කරන ස්ථානයේ ජීවත් වන්නේ තමන්ට අවශ්‍ය ආකාරයට අත්තනෝමතිකව ය. එහිදි ඔවුන් සමාජය විසින් ඉල්ලා සිටින සියලුම ප්‍රමිතීන් හෙළා දැක ඉවතට විසි කරයි. ඔවුන් සියලුදෙනා ව ඉවසන බව ප්‍රකට කළත් ඔවුන් නොඉවසන්නේ ම අනෙකාගේ සමීප පැවැත්මයි." මීට ළඟින් යන අදහසක් ජිජැක් ගේ "How to Read Lacan" කෘතියේ ද දිටිමි. "Tolerance coincides with its opposite: my duty to be tolerant towards the other effectively means that I should not get too close to him, not intrude into his/her space - in short, that I should respect his / her intolerance towards my over-proximity. This is what is more and more emerging as the central 'human right' in late-capitalist society". ඒ අනුව පෙර කී කාරණාව පිළිබඳ දීප්ති වෙත කෙතරම් විවේචන තිබුන ද, ඔහු ලියන දේ කියවීමට වටින බව පිළිගනිමි. ඉතින් ආරම්භයේදී කීවාක් මෙන්, මේ පොත දාර්ශනික සන්දර්භයක් තුල ලියවූවකි. එහි වර්තමානයේ අප දන්නා චරිත ඇත. එහි යම් වින්දනයක් ඇත. මොකද නූතන මිනිසා ගේ පරම වගකීම විනෝදය සෙවීමය. මෙහි එන කාරණාකාරණා වලින් අර්ධයක් සමඟ පමණ එකඟ නොවීමට පුළුවන. ඒත් මේ පොත කියවීම වටින බව සිතමි. ඔහු භාවිත කල වදන් මාලව තව පහසු කලා නම් හෝ ගැට පද විවරණයක් තිබුනේ තවත් වටනේය.

Tuesday 14 March 2017

දිමියා - අනුරසිරි හෙට්ටිගේ




(හොඳම කෙටි කතා සංග්‍රහය - රාජ්‍ය සාහිත්‍ය සම්මානය 2016)

         අනුරසිරි හෙට්ටිගේ ලියූ දිමියා කෙටි කතා සංග්‍රහය කියවූවෙමි.  ඉතා හොඳ කෙටි කතා ලෙස මට හැඟුණු නිර්මාණ මෙන්ම, සාමාන්‍ය මට්ටමේ කෙටි කතා ද ඇතුලත් සංග්‍රහයකි. කතුවරයා තම නිර්මාණ උදෙසා භාවිතා පසුබිම් සමහරක් ඉතා හොඳින් ඉදිරිපත් කර ඇති අතර, සමහර පසුබිම් ඉදිරිපත් කර ඇති අයුරු පාඨකයකු ලෙස මා හට පූර්ණ විශ්වාසනීයත්වයක් ඇති නොකලේය. මේ මා කයිවූ ලේඛකයාගේ දෙවෙනි කෙටි කතා එකතුවයි ( පළමුවැන්න, සිංහබාහු එනකං ; ඔහුගේ නවකතා ද සතරක් කියවා ඇති මුත්, ඒ ගැන අන් දවසක කතා කරමි.)

 කඩියා කෙටි කතාව, රූපක භාවිතාශ්‍රයෙන් පැසසිය යුතු මට්ටමක ඇති මුත්,සමස්ත කෙටි කතාව තුල අඩුවක්, පරිසර නිර්මාණයේ සියුම් ව්‍යාජත්වයක් බඳු හැඟීමක් ඉතිරි කරයි.

 වැහි ලිහිණි කෙටි කතාව පශ්වාත් යුධ වටපිටාවක බිහි වන, තරමක් සාම්ප්‍රදායික කෙටිකතාවකි. එහෙත් ලේඛකයා "මිනිසා" ගේ හැසිරීම, ඔහුගේ හුදකලාව සාර්තකව නිරූපනය කොට ඇත. බලාපොරොත්තු විය හැකි අච්චුවක ට දැමිය හැකි කතාවක් වුවත්, ඒ මිනිසා පාඨක අපට ඉදිරිපත් කොට ඇති අයුරෙහි අපූරත්වයක් ඇති බව පිළිගත යුතුය.

 අනුරසිරි හෙට්ටිගේ තවමත් මා කියවීමට පෙළඹෙන්නේ "කළුවරයි පුරහඳ" නම් වූ අපූරු නවකතාව නිසා ය. එය ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨ කෘතියකි. "පොඩි තිලකේ" කෙටිකතාව, ඊට සමාන පරිසරයක් පාදක කොට ගෙන, පිය පුතු සම්බන්ධය, ධනවත් පංතිය පිඩීත පංතිය සැම දා තම පරිභොජනයට යොදා ගැනීම වැනි මාන ඔස්සේ අපූරු වියමනක් ගොතා ඇත. මා වඩාත් සිත් ගත් කෙටිකතාවකි.

 එවන් පරිසරයක් ම භාවිත කොට, ඊට වඩා කර්කශ සිදුවීම් මාලාවක් පාදක කොටගෙන,  ජීවිතයෙන් පැරදිච්චි මිනිසුන්, ජීවිතය ඉවතබලා ගන්නා මිනිසුන්  අනුසාරයෙන් නිමැවූවකි, "බෝ ගස පාමුල මරණ මංචකය". අවසානය නොගැලපෙන බව සිතුනද, සිත් ගත් කෙතිකතාවකි.
"මං දිහාත් බලපල්ලා...ලා...ලා..." ( 51 පිටුව )
"මේන් බලාපල්ලා... මාත් උඹලා වගේම මිනිහෙක්.." ( 53 පිටුව )
එම මිනිසාට දැනෙන අසරණබාවය සිතට තට්ටු  කර වද දෙන තරමින් ඉදිරිපත් කොට ඇත.

  අප ලේඛකයා වරෙක තම සිතින් නූතන මතවාද වලට කුරුමානම් කල ද, මගක් ඒ දෙස ගොස්, ආපසු හැරෙන බවකි මට සිතෙන්නේ ( මේ මගේ පෞද්ගලික මතයයි ). ඔහු බැඳමාරියේ නිර්මාණය කරන සමලිංගිකයා පශ්චාත් තාපයෙන් පෙළෙන තම තත්වය දුර්වලතාවක් ලෙස සලකන, ඉන් පළායන්නෙකි. ( අයෙකුට එවන් වටපිටාවක තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සමලිංගිකයකු සිටිය නොහැකි බව කිව හැක. එය ද සත්‍යයකි.) To Whom It May Concernහි මව, පවුලේ අන් අය ඇය වෙනුවෙන් කාලය මිඩංගු නොකිරීම හේතුවෙන්, වරදට යොමු වීමට ගොස් අවසන් මොහොතේ, එය මග හරී. බටහිර ලේඛකයකුගෙන් හෝ කෞශල්‍ය කුමාරසිංහගෙන් අප එවැන්නක් බලාපොරොත්තු නොවෙමු. ඇත්තෙන්ම ටෙනිසන් පෙරේරා වුව එම මව වරද මග හරවා නිවැරදි මගක යොමු කරතැයි සිතිය නොහැක. මාතෘත්වයට ගරු කරන අපි, සැනසුම් සුසුමක් හෙළමින් අනුරසිරිගේ  කෙටිකතාව කියවා හමාර කලෙමු.

නිදහස් දියණියගේ කතාන්දරය මට සිංහබාහු එනතුරු සිහිකලේය.මෙතන දී මා යමක් කිව යුතුය. අද වන විට රට වසර ගණණාවක් පසු පසට ගොස්ය. නිදහසින් පසුව බිහි වූ අසාර්ථකම, නොහැකියාවෙන් පෙළන, නායක කැල රට බංකොලොත්භාවය අබියස ට ම ගෙනවිත් ය. එවන් වටපිටාවක මේ වන් කඳුළු කතා ඇත්තෙන්ම විහිළු කතා ය. මේ කෙටි කතාවේ පුළුල් දේශපාලන ආනතිය හා නොගැලපෙන මගේ සිතුවිලි ධාරාව ඉදිරිපත් කිරීමකි (මේ මගේ පෞද්ගලික අදහස ය. ඒ හා නොපෑහෙන මෙම කෙටිකතාව මට නීරසය ). ජාතියේ පියා ට ජාතියේ අවාසනාවට නායකත්වයට පත්වූවෙකුගේ වදන් භාවිතයෙන් යම් සියුම් පණිවුඩයක් මෙන්ම හාස්‍යයක් ආරෝපනය කරන්න තැනුව ද, එය ද අසාර්ථක බවකි දැනුනේ.
"නෑහුණා වගේ උන්නට හිටං මට උඹ ඇහුණා කෙල්ලේ... මමයි කියලා හිටං මොනවා කරන්නද" (79 පිටුව )

ප්‍රේමය සහ වෙසෙසින් කාමය දෙපැත්ත ම කැපෙන අවියක් බව හඟින, යම් සියුම් හාස්‍ය රසයක් මෙන්ම උපහාස රසයක් ද සපිරි "ප්‍රේමය නම්" කෙටි කතාව ද බොහෝ දුරට සාර්තක කෙටිකතාවකි.

 අප රට රෝගි කරවන, රටේ සාපය වී ඇති දේශපාලඥ්ඥයින් හා ඔවුන්ගේ ක්‍රියා පිළිවෙල උකහා නිර්මාණය කර ඇති "අවසානයක් නැති කතාවක්" වූ කලි මෙහි ඉහළ ගණයේ නිර්මාණ දෙක ( හෝ තුන ) අතරින් එකකි.

මට හැඟෙන්නේ ලේඛකයා තම කෙටිකතා වලින් "something for everyone" ආරේ නිර්මාණ ඉදිරිපත් කිරීමට යත්න දරණ බවකි ( මා වැරදි වීමට පුළුවන ). ඔහුගේ සම්මානනීය කෙටි කතා සංග්‍රහ දෙකක් කියවා අවසානයේ, එය එතරම් සාර්තක වී ඇති බවක් නොහැඟේ. දැනට නම් "something for everyone" නිර්මාණ උත්සාහයෙන් ලැබී ඇත්තේ "a mixed bag" ප්‍රතිඵල ය.

Friday 10 March 2017

ලංකා ගමන - එරික් ඉලයප්ආරච්චි





    පළමු වර 2001 දි ප්‍රකාශ වූ, මා වඩාත් ප්‍රිය කරන සිංහල ලේඛකයකු වන එරික් ඉලයප්ආරච්චිගේ "ලංකා ගමන" කෙටි කතා සංග්‍රහය කියවූවෙමි. මේ වන විට ලේඛකයා ප්‍රකාශ කොට ඇති සියළු නවකතාත්, කාව්‍ය සංග්‍රහ තුනකුත් කියවා ඇතත්, මේ මා කියවූ ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහයයි. මේ සංග්‍රහය මහත් ලෙස සිත ට දැනුණු කතා පෙළකි. කොතෙක් ද යත්, මහජන පුස්තකාලයෙන් ගෙන  මින් පිටපතක් කියවා, 2015 ප්‍රකාශ වූ දෙවෙනි මුද්‍රණයේ පිටපතක් මිලට ගත්තෙමි. ඊට ප්‍රධාන හේතු කතුවරයාගේ බොහෝ නවකතා වල මූලයන් මේ කෙටි කතා ඔස්සේ ඉව කර ගත හැකි නිසාය.

  "ජපන් තෑග්ග" නම් වූ කතාවෙන් ආරම්භ වන කෘතිය,  වැඩිහිටියන් ගේ රැවටිලි පොඩි එවුන්ට හැඟෙනා අයුරු, මෙහෙකරු දැරිවියක් සහ සම වයස් දැරිවියක් අතර බැඳීම,  සුදුසු වෙලාවේදි ළමයකු ට පවා සමහර දෑ තමන්ගෙන් වසන් කිරීම හරහා ලොවින් වසන් කිරීම ආදී භාවයන් ඔස්සේ  ඇදී යයි.

  "පටාචාරා" නම් කෙටි කතාව ජයවර්ධනපුර සරසවියේ ජ.වි.පෙ ක්‍රියාකාරීන් සහ සැකකරුවන් පුනරුත්තාපන කඳවුරක සිදුවීමක් ඔස්සේ දිගැරේ. මෙහි ඔහුගේ බගන්දරා නව කතාවේ යම් මූලයන් ඇතැයි සිතේ. එහි එන චරිත අපට බගන්දරා නවකතාවේ එන පුනරුත්තාපන කඳවුරේ සමහර චරිත මතක් කරවන සුළුය. පිරිමින් පමණක් වසන කඳවුරක, ස්ත්‍රී රුවක් කෙරෙහි ඇති බලාපොරොත්තුව කෙටිකතාවේ ගැබ්ව ඇත.

 "නගර දෙකක කතාවක්" මෙහි එන ඉහළම තලයේ කෙටිකතාව ලෙස හඟිමි. ඒ සමගම  එහි බගන්දරා-විතණ්ඩ සමය-ආදරයේ සිමෙන්ති හි හමු වන මීගමුව, එහි එන පැරණි නගරය  චිත්‍රපටියක ආකාරයෙන් අප ඉදිරියෙන් ධාවනය වේ.ඉහත කී නවකතා කියවූවෙකු හට මෙම කෙටි කතාව හා පෙමින් බැඳීම නොවැළක්විය හැකි යැයි සිතමි. ඒ ඔහු මූලයන් භාවිත කරන මුත්, එම නවකතා වල නොපෙන්වූ "මීගමුවේ නාගරික හරස්කඩක්" අප හට ඉදිරිපත් කරන බැවිනි. අප අතර පැරණි මීගමු නගරය හඳුනන අය ඇත්නම් ඔවුන් මේ කෙටි කතාවට බැඳෙනු ඇතැයි සිතේ.  ( පිටගම්කාරයෝ ඔස්සේ රත්තනපිටිය, බෙල්ලන්විල ඔස්සේ මනෝ චිත්‍ර මවනාකාරයෙනි ).
"ටවුමේ කඩසාප්පුවලින් හරි අඩකටත් වඩා පිහිටා ඇත්තේ ස්ටේෂම ළඟ වටරවුමේ සිට තලෛමගල් අච්චු කන්තෝරුව දක්වා සැතපුම් භාහයක් තරම් දුරට විහිදෙන පාර දෙපසිනි. තනි කඩ, කඩ පේලි, තට්ටු කඩ, දෙබුක්කු, පේමන්ට් ආදි වශයෙන් ගොඩනැගී ඇති ඒ වටපිටාවේ ඇත්තේ පරණ පන්නයේ නාගරික පෙනුමකි. රත්‍රන් බඩු කඩවල පවා ඇත්තේ දීප්තියෙන් තොර කනස්සලු  ගතියකි... මුඩු බිම්  පෙදෙසක්  වූ ස්ටේසම පැත්තේ සිට දූවිළි සුළඟ හමා එන වාරයක් වාරයක් පාසා ටවුමේ ප්‍රාචින  පෙනුම දියුණු වෙයි. අන්තිම රත්‍රන් බඩු සාප්පුව  වූ ගෝල්ඩ් හවුසියට පසුව ඇත්තේ යකඩ බඩු කඩ පෙළකි. කඩවලින් එළියට ගන්නා වානේ දඟර කම්බි, වීදුරු, පීවීසී පයිප්ප, ඇස්බැස්ටස් තහඩු, සිමෙන්ති කොට්ට ආදී ගොඩනැඟිලි ද්‍රව්‍ය නිසා පාරේ ගමන ද අවහිර වෙයි. රැස් කකා බලා සිටින සෙනඟ  වට කර ගත් බොස්කෝ නැමැති වීථි මහාචාර්යවරයා, පිඹුරන් නටවන්නා, තෙල් බෙහෙත් වෙළෙන්දා වැනි චරිත නිසා ඇති වන අවුල් ජාලය සාන්ත පේදුරු පල්ලිය හමු වන තුරු ද පවතියි. මේ තදබදයේ කූඨප්‍රාප්තිය සිදුවන්නේ සිකුරාදා සවස් භාගයේ දී ය. ඊට හේතුව ටවුම මැද පවත්වන සිකුරාදා පොළ හා ඉංග්‍රීසි ටියුටරිය යි." ( 34-35 පිටුව )
  
මට නම් මේ විස්තරය ඉතා රසවත් ය. එලෙසම කෙටි කතාව මීගමුවේ පැවති එල්.ටී.ටී.ඊ සබඳතා දක්වා ඇදී යයි.

"සුනඛ සංහාරය" නම් කෙටිකතාව ඔස්සේ කොළඹ ධනවත් හා පහළ පාංතික නිවැසියන් ගේ වාසස්ථාන බොහෝ විට එක් වැටකින් වෙන් වන අයුරුත්,ඔවුන් අතර ඇති බැඳීම් සහ ගැටීම් පාදක කොට ගෙන  නිර්මාණය වූවකි. මේ කෙටි කතාව තුල ලලිත සමයේ ඉතා දුරස්ථ මූලයන් නැත්තේ නොවේ යැයි සිතුන ද ඒවා, අර පෙර කී අවස්ථා තරම් ශක්තිමත් නැත. ඉහළ පාංතිකයින් වෙනුවෙන් පරිසරය ශුද්ධ කරද්දි පාරේ වෙසෙන සුනඛයින් පමණක් නොව, අඩු ආදායම් ලාභි අසල්වැසියන් වෙත ද යොමු වන්නෙ වපර ඇස් ය.

  "මරණය ලුහුබැඳ" කෙටිකතාව මෙහි එන තරමක් වෙනස් ආකාර එහෙත්  එරික්ගේ "සළකුණු" සහිත කෙටිකතාවකි. පසුගිය වසර 30-40 අතර අප රට තිබූ ජීවිත රටා බෙහෙවින් වෙනස් වී ඇත. එම වෙනස්වීම ගණණකට නොගෙන පෙර ආකාරයෙන් වෙසෙන්නන් තවම අප තුල ඇත. ඊට අමතරව කතුවරයා, අප රට බොහෝ ක්ෂේත්‍රයන් හී සිදු වූ සිද්ධීන් පිළිබඳ දත් අයෙකි. මෙහි ඔහුගේ අවදානය යොමු වූ ඇත්තේ වැසී ගිය ඒරොෆ්ලොට් ගුවන් සේවයේ සේවය කල අති දක්ෂ, ඉංග්‍රීසි නොදත්, හිතුවක්කාර ගුවන් නියමුවන් වෙතට ය.

"ලංකා ගමන" කෙටි කතාව ද පහසුවෙන් අවදානය යොමු නොවෙන ඉසව්වක් වෙත කතුවරයා අවදානය යොමු කල අවස්ථාවකි. ඒ සමගම කතුවරයා ගේ අභ්‍යාන්තරයේ ඇති නොසිඳිය හැකි සමාජවාදි මූලයන් ද, ඒ පිළිබඳ ව ඔහු තුල තිබූ  සිතුවිලි වන වෙනස් වීමක් ද ඉඟි කරයි. අප රට පවුල් වශයෙන් කොමියුනිස්ට් වාදීව සිටි අය, අද වන විට දේශපාලනික වශයෙන් විවිධ මතවාද වලට එළඹ සිටියත්, කලෙක ඔවුන්ගේ කොමියුනිස්ට්වාදි කම ඔවුන්ට මහත් පුරාජේරුවකි. එලෙසම, යුරෝපීයාන් අපට වඩා පහසුවෙන් තමන් එළඹ සිටි මත වෙනස් කර ගැනීමට තරම් ගමනක මේ වන විට ඇවිත් සිටින බවත්, ඒ අතින් අප තවම මාන්නය කරපින්නා ගෙන සිටින්නෝ බවත් මෙම කෙටිකතාවෙන් නිරූපිතය.

 "සුදු කොඩිය"  මහිම ගොඩැල්ලේ ම ලියැවුණු, බගන්දරා ට සමාන්තර කෙටිකතාවක් ලෙස ය හැඟෙන්නේ. එලෙසම එහි චරිත, බගන්දරා හි එන සමහර චරිතයන ට සමානකම් පවත්වයි.

  "හොරු දෙන්නෙක්" මෙහි එන වෙනස් ආරක කෙටි කතාවකි. තරමක ත්‍රාසජනක ස්වරූපයක් හොබවන මෙය, අන් කෙටි කතා වල රසයනට තරමක් වෙනස් ආරක රසයක් පාඨකයා තුල ජනිත කරයි.

  "එක්තරා රටක වෙසෙන්නෙක්" කෙටිකතාව කියවාගෙන යද්දි, පරදේසි සිහියට නැගීම වැලැක්විය නොහැක. පරදේසි හි ජාත්‍යන්තර පරිසරය අපට හවානාහි හමු වේ; මේ ඊට ආසන්න එහෙත් වෙනත් අත්දැකීමක් ජපානයේ සිට ය. නවකතාකරුවෙකුගේ මනසේ වසර දහය-පහළොව ගැවසෙන, පෝෂණය වන නිර්මාණ මූලයන්, පසුව වැඩිවියට පත්ව, පරිපූර්ණත්වයට ලක්ව පූර්ණ ජන්මයක ලබයි. එවන් විටෙක එම නවකතා වල මුල් සිතුවිලි දැකින්නට ලැබීම සිත සතුටු කරවයි.

  රතනපාල නම් තරුණයකුගේ වස්තුව ද  රාත්‍රි අවන්හල් සංස්කෘතිය හා බැඳි අපූරු නිර්මාණයකි. මෙයත්, ජපන් තෑග්ග, මරණය ලුහුබැඳීම සහ හොරු දෙන්නෙක් යන කෙටි කතා, එරික් ගේ නිර්මාණ වල මීට කලින් අත්දුටු පරිසර මත ගොඩ නොනැගූ ඒවාය. අනෙක් වා කතුවරයාගේ වැඩිවියට පත් දරුවන් හඳුනන අයෙකු, කාලය ඔස්සේ අතීතයට ගොස් ඔවුන් කුඩාවුන් කල දැකබලා ගන්නා අයුරු ය.

  මේ කෙටි කතා සංග්‍රහය, එරික් ගේ අනෙක් කෙටි කතා සංග්‍රහ කියවීමට සිත් ජනිත කරයි.

ශ්‍රේණිය: ****

Saturday 4 March 2017

Interpreter of Maladies - Jhumpa Lahiri






Interpreter of Maladies is the first book by Jhumpa Lahiri, that I’ve read of her’s  and as I later discovered, her first book. Despite the repeat nudges by like minded readers that I should read Lahiri ASAP, I somehow kept postponing reading her, like I have been doing with Nadine Gordimer. Nowadays, I make it a point to read at least one Alice Munro book per year. I am tempted to give the same "annual read" status to Ms. Lahiri too. But am digressing; to get to the meat of the book...






This is a nine story, collection of short stories and a perfect one at that. It had won the Pulitzer award in 1999, and it deserves  whatever recognition which had come its way. Lahiri, whose roots are from West Bengal, has traces of it in all her nine stories. In fact, it can safely be guessed that most of the accounts found here, have some roots in the experiences of her family.




The short story, "The Third and Final Continent", has supposedly taken shape with  her father, as a basis. The dilemmas, the doubts, that a new arrival to a new land ( here, from Bengal, India, to London, and then to the U.S.) faces are captured in all its pristine. While the emotions are never spelled out, her style carries the reader along the mood of the narration. When a twist occurs, she (i.e. the reader ) almost feels that she was party to this experience. Here, the rawness that the immigrant feels is complimented, when the wife, an even  bigger alien to the setting joins the just settling husband. The wife, is usually a stranger to the husband as their cultural background usually insists, "Breaking of  the ice",  is usually over a chance, and at first glance trivial ( not so, from that point onwards undoubtedly ) but a double layer - that of the uneasiness of the husband, and  the strange cultural setting. The reader, in spite of herself is almost glad, that things work out, for the prospect of the union to succeed was starting to look bleak, just half a page ago. For, it doesn't work out all the time (e.g. "Mrs. Sen's" ). In Mrs. Sen’s there is a subtle portraying of how a typical American single mother, treats her daughter, and it is from the point of view of the daughter which makes the tale that much more convincing.




It is not only recent immigrants that the tales are about. There are at least two stories of the second generation of the immigrants, at home in their setting, bursting with confidence and success. Here too, the conservative nature of one party - a trait that can usually be attributed  to their cultural upbringing - and the relative outgoing nature of the other, requires one party conceding to the other and accepting the other for who he or she is. "This Blessed House", is a wonderful narrative on this line. Yet, there are times when things don't work out, despite the fact that in the outside world everything is going right for them. The story "A Temporary Matter", easily the most touching story in this collection, is proof of how a person whom you love so much, could be hurt out of spite, simply because the other person has hurt you too.
"... and he promised himself that day that he would never tell Shoba, because he still loved her then, and it was the one thing in her life that she had wanted to be a secret.


...


They wept together, for the things they now knew."






Politics in India is one thing that Jhumpa appears to have a lesser interest in. It features in the short story "When Mr. Pirzada Came to Dine", but the politics serve only as a background. It is the personal feelings that are always in focus, in these short stories, and it is that which makes the reader love this book, short story after short story.


"Though I had not seen him for months, it was only then that I felt Mr. Pirzada's absence. It was only then, raising my water glass in his name, that I knew what it meant to miss someone who was so many miles and hours away, just as he had missed his wife and daughters for so many months."






The short story titled "Interpreter of Maladies" is a tale that of an Indian in India, and a family with Indian roots holidaying in India. While the root of Mrs. Das' pain could be attributed to an inability that her husband had of understanding her feelings, Mr. Kapasi  “the interpreter” had his bubble burst as all his day dreams come to an insulting end. Jhumpa has successfully presented the concealed lack of respect someone could have for the other, while he or she leads the other person up for his or her, temporary usefulness. This is possibly a trait common in tourists, as the locals go out of their way to win their hearts.


"She turned to him and glared, mustard oil thick on her frosty pink lips. She opened her mouth to say something, but as she glared at Mr. Kapasi some certain knowledge seemed to pass before her eyes, and she stopped. It crushed him; he knew at that moment that he was not even important enough to be properly insulted."






“Sexy” is possibly the most different story here, as an American girl becomes a mistress of an Indian man, as he manages his fling, while being careful to safeguard his marriage. Here the girl, Miranda,  sees light in the unintended definition of "sexy" - "It means loving someone you don't know" ; without intending the "unknown" that the child talks about is possibly what attracts Miranda to Das, and vice versa.






The rest of the stories are based in India proper, usually portraying the pitiable state of some downtrodden individuals. Both Boori Ma ( i.e. "A Real Durwan ) and  ( i.e. "The Treatment o Bibi Haldar ), are individuals, with no close relations, or with relations  for whom they are burdens. In one way, it could be said that it shows the cruelness of the human heart; yet in another way, one fears to think of the fate that would meet these kind of helpless individuals in a western country. It is said that this book was not as warmly received in India, as it was the USA. But then neither was White Tiger. It is only these two short stories which show the real India, on how the lower income and lower classes get by. And if the circumstances are against you in such a climate, if you are without next of kin, it is indeed a sad plight. Having said that both Boori Ma and Bibi were not without friends, genuine friends who didn't mind spending time with them, in contrast to availing a few materialistic needs, in a climate of pure isolation.




This book is easily a masterpiece, an obvious one that doesn't need to be argued upon to prove why it is one. It is an easy read, and there is not an instance that the reader feels, that the author had to labour to write this down ( although am sure she had to put in a lot of effort to write something with so much finesse ), and all her narrations are totally convincing. Am not competent enough to point out as to what makes a work of art “convincing” or otherwise – but it is easily detectable to the reader. I brought up this subject since am reading another collection of Sinhala short stories, and there the author when taken out from his strengths ( where he does excel no doubt ), doesn’t quite convince me as a reader.